expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, August 18, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 4......

    ඔන්න මට මේක ලියන්න පොඩි හෙල්ප් එකක් හම්බ වුනා.මාධව අපේ ගමන ගැන ලියපු කොල ටික. දැන් මතක් කර කර දගලන්න ඕනේ නෑ. සමහර ඒවා මෙතනත් නෑ.ඒත් ඒවා මට මතකයි නේ.තව අමතක වුන තැන් උදිතත් මතක් කරනවා..:))

................................................................................................................

        හපොයි...මොකක්ද මේ දුම. ඔන්න කට්ටියගෙ සිහියෙ තරම. අනික් හැම පෙට්ටියෙම බ්‍රේක් බුරුල් කලාට  නැරඹුම් මැදිරියේ බ්‍රේක් බුරුල් කරලා නෑ නේ.මෙච්චර දුරක් ඒක ඇවිත් තියෙන්නෙ ඇදී ගෙන.ඝර්ෂණේ බලේට රෝද රත් වෙලා දුම් දානවා.ඔයින් ගියාමදැයි.අපි ඒකෙන් දැන් නිදහස් නේ..:)




        අපි කට්ටිය ඒ කිව්වේ උදිත, මාධව, සහන්, සාලිකා, මම, නුවන් එක්ක කාර් එක ලඟට ආවා.මෙන්න බොලේ නුවන් කියනව "මචං මේක ස්ටාර්ට් වෙන්න ටිකක් හොරයි. හුඟක් වෙලා යනවා ස්ටාර්ට් වෙන්න. ඒ වගේම ස්ටාර්ට් කලාම නවත්තන්න බෑ ඇන්ජිම ඔෆ් කරන්නේ නැතුව කියලා." හපොයි...වුනොත් වෙන්නෙ ඔහොම එකක්මයි. කමක් නෑ ඕනේ එකක් කියලා කට්ටියම නැග්ගා.ඔන්න ඒ පාර අලි මදිවට හරක් කියලා මේකා කියනවා  කාර් එකේ ෆස්ට්, සෙකන්ඩ් ගියර් වැඩ කරන්නෙ නෑ ලු. තර්ඩ් එකෙන් තමයි පටන්ගන්න වෙන්නෙ කියලා.ෆුල් ට්‍රයි එක දුන්නත් මේක ස්ටාර්ට් වෙන පාටක් නෑ.ඔන්න අපේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නා ඉස්සරට ආවා.සහන් මල්ලි, "මචං මන් බැහැලා තල්ලුවක් දාන්නම්". නුවන් අහනවා "උඹ කොහොමද බං නගින්නේ. මේක නවත්තන්න බෑ නේ.""කමක් නෑ බං මං දුවගෙන ඇවිත් නගින්නම්".

       ඔන්න මලයා දැන් තනියම තල්ලුව දෙනවා.හොඳ වෙලාවට කාර් එක නවත්තලා තිබුනේ වැඩිය සෙනඟ නැති පාරක්.නැත්නම් කින්ඩි ගෝනියයි.කාර් එකක් ඇතුලෙ හතර දෙනෙක් ඉන්නවා.එකෙක් බිම ඉඳගෙන තල්ලු දානවා.හික්ස්...:))අප්පොච්චියෙ...ඔන්න ස්ටාර්ට් වුනා. කාර් එක දැන් හි‍ටු කියලා යනවා.සහන් පස්සෙන් දුවගෙන එනවා.අපි පිටිපස්සේ දොර පුලුවන් තරම් ඇරලා අල්ලගෙන ඉන්නවා.වැඩ කාරයා නිසාම සහන් කාර් එකට පැන ගත්තා.නියම ‍ෆිල්ම් එකක් වගේ.හැබැයි ලයිව් ශෝ එකක්. 

   අපිට වුන අලකලංචිය මුල සිට අගට සරලව කිය කිය කෑ ගහ ගහ කට්ටිය එනවා.චරාස්.....හප්පෙ ඒ පාර කාර් එක ඉස්සරහ බස් එකට කිස් එකක් දුන්නා නේද..තවත් මඟ ලැගීමක්ද එතකොට සෙට් වෙන්න යන්නේ.හොඳ වෙලාවට බස් එකෙ ඩ්‍රයිවරයා කිස් එක එච්චර ගනන් ගත්තේ නෑ,නැත්නම් මිනිහට ඒක තේරුනේ නෑ.වෙලාවට... නැත්නම් අපචාරයක් කලා කියලා පොලෝසි ගානේ රස්තියාදු වෙන්න වෙනව.. ;)

     එතනිනුත් ශේප් වෙලා අපි නුවන්ලගෙ ගෙදරට ආවා. අති සාර්තක ලෙස නුවන් කාර් එක පාර්ක් කලා නුවන්ගෙ අක්කාගෙ මල් පාත්තියක් උඩ.පස්සෙ වෙලාවක හොඳ දෙහි කැපිල්ලක් සෙට් වෙන්න ඇති. අපි හිටිය නිසා ඒ වෙලේ නම් බේරුනා. :)) නිදාගෙන හිටපු මනෝ අක්කත් නිදි ගැට කඩ කඩා ඇවිත් අපිව පිළිගත්තා.ඔය වෙනකොට වෙලාව හතරට වගේ ඇති.බඩේ හිටපු පනුවො ටිකත් හාමත් වෙලා හොඳටම. අපරාදෙ කියන්න බෑ නුවන්ලගෙ අම්මා අපි ඔක්කොටම කෑම හදලා. කෑම විතරක් නම් මදෑ අතුරුපසත් තියෙනවා.කෑම දැක්කා විතරයි ආයෙත් බඩ පනුවො දඟලනවා.ඒත් ඉතිං දැලි නාගෙන අපත පැටවු වගේ කන්න බෑ නෙ.පුලු පුලුවන් විදිහට වොශ් එකකුත් දාලා,සවල් පාරවල් දෙක තුනකින් කෑවා.නැත්නම් හැටන් යන කෝච්චිය අල්ලගන්න වෙන්නෙ නෑ. 

      ඔන්න දැන් නුවන්ලගෙ අම්මයි තාත්තායි දෙන්නම කියනවා ඔය බාධා වෙවී ගමන යන්නෙ නැතුව අද රෑ මෙහෙ ඉඳලා හෙට උදේට යන්න කියලා.හපොයි..එතකොට ගෙදර යනකොට හෙට රෑ වෙයි.අපි බෑ කීවා.කිව්ව නාහන ගුරු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කියල නුවන්ලගෙ අම්මයි අක්කයි එකතු වෙලා අපිට රෑට බත් බැඳලා දුන්නා.තව සීනිසම්බෝල පාන් එක්ක.ඒක නම් ඇත්තටම පිං සිද්ද වෙන වැඩක්...:Dදැනටමත් පරක්කු වුන ලයින් එකක් තමා පේන්නේ.බස් එකක යන්නත් එපැයි ස්ටෙෂන් එකට යන්න. 

    ආපු රෝසා බස් එකක කට්ටියම එල්ලුනා.වැඩි දුරක් නැත්තෙ වෙලාවට.බහින තැන කිට්‍ටු වෙනකොට ඔන්න බොලේ ඡන්ද  ‍රැස්වීමක්.කාල වරෙන්කො...බස් එක ඉබි ගමනින් යනවා.පොලොසියෙ අයියලා හැම තැනම.ඕන එකක් කියලා බැහැලා දිව්වා.අම්මේ දෙවි පිහිටයි කෝච්චිය ගිහින් නෑ. 

        අනික් කෝච්චිය වගේ නෙවෙයි මේකනම් අපිට වද දුන්නේ නෑ. අපි හැමෝටම ඉඳගන්නත් හම්බ වුනා.ඔය වෙලාවෙ තමයි අපි වෙරලු ටිකට වැඩේ දුන්නෙ.ම්ම්...මතක් වෙද්දිත් කටට කෙල උනනවා.නමය විතර වෙනකොට කෝච්චිය හැටන් බලා ආවා.දැන් ඉතිං නල්ලතන්නියට බස් එකේ යන්න එපැයි.අප්පා....ස්ටෙෂන් එකෙන් එලියට ආවාම තමයි තරු පෙනුනේ.බස් එකක් තියෙනවා ෆුල් ලෝඩ්.තව හෙන පෝලිමක් ඊලඟ එකට නගින්න.  

   මොනව කරන්නද කොහොමහරි යා ගන්නත් එපැයි.බස් එක ආවා.පොර කාල නැගගත්තට සීට් හම්බ වුනේ හතරයි. උදිතයි,මනොයි,සාලිකයි,මායි ඉඳගෙන අනික් දෙන්නා හිටගෙන.කොහොමත් මටනම් ඉඳගන්නම ඕනෙ.ඉඳගෙන බඩ නැවෙන විදිහට නැවිලා නිදා ගත්තෙ නැත්නම් බස් එක දඟර ද දා යන විදිහට මගේ බඩේ තියෙන ඒවා මුඛ මාර්ගයෙන් එලියට එන්න දගලනවනෙ.මං දැන් අමාරුවෙන් ඉඳගෙන යනවා.

    ටික වෙලාවකින් දඩ..දඩ..ගාල බස් එකට ගහන සද්දයක් ඇහෙනවා. මේ මොන මඟුලක්ද..?? මක් වෙලාද..?? බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා බැලුවම බස් එක ෆුල් ලෝඩ්.ඒ අස්සෙ බිම ඉන්න කට්ටියක් නගින්න ට්‍රයි එක. බස් එක නතර වෙලා. ශටර් එකෙන් ඔලුව එලියට දාල බැලුවාම හෙන වාහන පෝලිමක් හත් දෙයියනේ මේ ඔක්කොම සිරීපාදේ යන්නද???


ප.ලි.

මේක තව පෝස්ට් දෙකකින් ඉවර කරන්න හිටියට බැරි වෙයි වගෙ..බලමුකො ලියලම නේද..:))

17 comments:

  1. ෂෝක් කාරෙක.. ඔන්න ගන්නවනම් කාර්..

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ...:)))

    ReplyDelete
  3. මට නංගිගෙ කතාව කියවනකොට මතක් වෙනවා, මමත් වන් ඇන්ඩ් ඔන්ලි ටයිම් සිරීපාදේ ගිය හැටි! ඒ අපි පේරා EFac ඉන්න කාලේ බෝඩිමේ කොල්ලො සෙට් එකත් එක්ක... ඔයගොල්ලො ගිය මාර්ගයෙමයි, හැබැයි රෑ කෝච්චියේ ගිහින් මහ රාත්‍රියෙ තමයි නැග්ගේ...

    කතාවෙ අනිත් කොටස් ටිකත් එනකම් බලන් ඉන්නවා ඔන්න :)

    ReplyDelete
  4. මරේ මරු ගමනක් !!!!
    මේ පෝස්ට් එකෙනුත් කන්ද පෙනුනේ නෑ. කමක් නෑ අක්කා ලස්සනට ලියලා තියෙනවා.අම්මෝ නිසූ අක්කටත් තියෙන ලෙඩ. බඩ නමාගෙන නිදියන්න ඕනේ. හික්ස් :)

    කොහොමද කට කපලා යන බස් එක ඇතුලේ බුවෑ..ක් (වචනේ නදී අක්කගෙන් ඉස්සුවේ) ගෑවා නම් !!! කටිය පන එපා කියලා දුවයි !!!

    ReplyDelete
  5. ඔය කාරෙක විකුණන්නෙ නැද්ද ......

    ReplyDelete
  6. මොන ගමනක් උනත් පිස්සු යාලුවො සෙට් එකක් එක්ක යන්න තියෙනවා නම් මොන මහන්සියක්ද.

    ReplyDelete
  7. කොටස් දෙකෙන් ඉවර කරන්න???? ඒක නම් කොරන්ඩ බෑ හඳට ගිහිල්ල ආවත්. තවම කතාවෙන් බාගයයිනෙ. :) හෙමීට හෙමීට ලියන්ඩ. මේ ඉන්න කට්ටිය යන්නෙ නෑ නොවෑ. :)

    ReplyDelete
  8. @Madhawa Habarakada :
    අයියගේ කතාව හරි. අපි මේ බ්ලොග් එක දාලා කොහේ යන්නද. ඒ නිසා හිමිහිට ලියන්න.

    ReplyDelete
  9. හික්..කොහේන්ද දන්නේ නෑ නේ අක්කේ ඔය කාර් එකක් අපිටත් ගන්න...හික්

    ReplyDelete
  10. අරතරම් හෙමින් ආපු ගමන මෙන්න බොලේ ඒපාර විදලා යනවා!! හා හා යංකො යංකො!!
    ඒක නෙමේ මටත් අර ජාතියෙ කාර් එකක් ගන්න ඕනෙ!!! :D

    ReplyDelete
  11. Chathurika කියනවා වගේ කෙටි කරනකොට කතාවේ රසය නැති වෙනවනේ.හිමිට ලියන්න අක්කේ.අපි එනවා...

    ReplyDelete
  12. මං නම් මේ දැක්කමයි මෙච්චර දිග සිරීපදේ ගමනක්... නිසූ ඉක්මනට ඉතුරු ටික ලියන්නෝ...

    ReplyDelete
  13. @ගීතක - ඇත්ත කතා...!!!- අපිත් මහ රෑ තමයි ගියේ අයියේ. සීතලේ ගැහි ගැහි තමා නගින්නේ. ගියපු තුන් පාරම එහෙම තමයි..:))
    ඉන්න ඉන්න ඉක්මනට දාන්නම්

    @මධුරංග - මරුදත් අහනව. ඔක්කොම කියෙව්වට පස්සේ කියන්න ඕනෙ මොකක්ද කියල කියන්නකො...
    ඔව් අනේ ඒකනෙ මං පලවෙනි කොටහදිම කීවේ මං බෙහෙත් අරගෙන යන්නෙ කියලා..:D
    ස්තූතියි මලේ හිමිහිට ලියන්නම් කො එහෙනම්.

    @මාධව - හ්ම්...මං එකක් ආයෙත් ලියුවා. මේ කියල තියෙන ඒවා දැක්කම හිතෙනවා ඒක ස්පීඩ් වැඩි වුනාද කියලා. ඔව් දාල යන්නෙ නැති කට්ටියක් මේක වටා ඉන්නවා කියල තේරුනාම හරිම සන්තෝසයි අප්පා...

    @රත්ගමයා - දන්නෙ නෑ මලේ. තාම තියෙනවාද දන්නෙත් නෑ..:))

    ReplyDelete
  14. @..ChAnDiKa.. - සිද්දි වෙන විදිහට තමයි ලියන්නෙ..බලමුකො..ආයෙත් හෙමින් යන්න වෙයි...

    @මි හරක් පිඩියා - ස්තූතියි මලේ. ඔහොම කියනවානම් ලියන්නම්කො හිමින් ආරුලු බූරුලු දාලා..:))

    @prasanna86k - බලන්නකො තව කොච්චර දික් වෙයිද කියලා එහෙනම්.ලියන්නො.........ඉන්නෝ....

    ReplyDelete
  15. නියම සිරිපා කරුනාවක්නෙව.... !!!

    ඒක නෙවෙයි....
    මෙගා කතා රචකයො කීපදෙනෙක්ම පාදුක්කෙන් බිහි වෙලා තියනව.... ඔයාටත් ඒ හැකියාව නම් හොඳටම පිහිටල වගේ....

    ReplyDelete
  16. ඉස්සරහටත් බලන්නකෝ...

    එහෙමද...??තැන්කූ වේවා ඇහ්....:))

    ReplyDelete
  17. @නදුන් උයන: ඒ කවුද අප්ප පාදුක්කෙ අනිත් කස්ටිය?

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...