ඉස්සෙල්ලාම................... හැමෝමටම සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ ඉංග්‍රිසි අලුත් අවුරුද්දක් වේවා.දවස් පහයි තාම පරණ වෙලා තියෙන්නෙ.කකානම් විශ් කරලත් ගිහින් තිබුනා.අද තමයි ඒකත් දැක්කෙ. :D
මෙන්න මගේ කතා බලන්න එන අය
Showing posts with label වල් පල්. Show all posts
Showing posts with label වල් පල්. Show all posts
Saturday, January 5, 2013
෴බනියාගේ පැතුම ඉටු වූ වගයි.෴
Tuesday, March 13, 2012
කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2 -රීඩර් වල නැද්ද???
ඊයෙ රෑ පබ්ලිශ් කරපු පෝස්ට් එක රීඩර් වල අප්ඩේට් වෙලා නෑ වගේ නේද??? මගේ බ්ලොග් ලිස්ට් එකේවත් නෑ. මං ඒත් බැලුවා මොකද මේ කමෙන්ට් එහෙම අඩු කියලා.පෝස්ට් එකක් දැම්මා කියලා දැන ගන්න විදිහක් නෑ නෙ නේද? ඒ මදිවට ෆේස් බුක් එකේ ලින්ක් එක පේස්ට් කලාම පේජ් නොට් ෆවුන්ඩ් කියනවා මොකක් වෙලාද මන්දා.ඒ නිසා ඔබා මාමා කලා වගේ ලින්ක් එක දාලා තව පෝස්ට් එකක් දාන්න හිතුවා.කරදරයක් නම් සමාව බජනය කරන සේක්වා.......
කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2
Friday, March 9, 2012
කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2
බ්ලොග්
කියවන්න ගියාම ලියන්න වෙලාව මදි.ඒ මදිවට මේ මැෂින් එකත් පිස්සු නටනවා.ටයිප් කරන්න
ගියාම අකුරු එකට සෙට් වෙලා විකාරයක් වෙනවා.හයියෙන් ටයිප් කරන්න බෑ.ඒත් ඉතිං මේක
අත් ඇරලා දාන්නයෑ..කොහොම හරි ලියන්නත් එපැයි.ඒ අස්සෙ සේව් වෙනුවට පබිලිස් බටන් එක එබිලා විකාරයක් වුනා.සමා වෙන්ට ඕනෙ ඒකට.ඔන්න දැන් කතාවට.මං දැන් කාලෙකට කලින් බිත්තර කතාවක්
කීවානෙ. මේ තවත් බිත්තර කතාවක්.....
Thursday, February 2, 2012
නිසුපා බිසී අප්පා.......
සති තුනකින් විතර පෝස්ට් එකක් දැම්මෙ නෑ.මාලුවයි, කසුන් මල්ලියි අහලත් තිබුනා කෝ පෝස්ට් කියලා.අද සෑමයි,අපේ සෙට් එකේ මලයෙකුයි පුරස්න කලා කෝ පෝස්ට් කියලා.මොන පෝස්ට් ද අප්පා.කලින් පෝස්ට් එකේ කමෙන්ට් ටිකට උත්තර දුන්නෙත් නෑ නොවැ. :((((( සොරි වෙන්ට ඕනෙ.මේ දවස් වල හොදටම බිසී.බිල්ඩිම ඉවර වේගනයි යන්නේ.ඉතිං මට වැඩ ගොඩයි.බිල්ඩිමේ හැම තැනම ඇවිද ඇවිද වැරදි අඩුපාඩු හොයන්න ඕනෙ.ඒවා ලිස්ට් හදලා වැඩ කරන සෙට් එකටම යවන්න ඕනෙ.පොතක් පිරෙන්න අඩුපාඩු ලිව්වා වගේ නෙවේ ඒවා ටයිප් කරන්නත් එපැයි.එකම අදහස වාක්‍ය දෙකකින් දෙන්නත් බෑ නෙ.හයියෝ......
මේ පෝස්ට් එකටත් දැන් දවස් ගානක් වයසයි.මොන දවස්ද හරියට කීවොත් සති ගා...නක් වයසයි... :))මොනවා වුනත් රාජකාරී වෙලාවෙදි රාජකාරිය කරන්න එපැයි.ඒත් ටික ටික ටයිප් කරලා මේ ටික ලියා ගත්තා.ගෙදර ගිහිනුත් ටයිප් කරලා ඉවරයක් කරගන්න බැලුවා.ඒත් දවස් ගානක් ගියානෙ.මේක අද (මේ අද කියන එක ටයිප් කරලත් සති ගානක්....හිකිස්.....) නම් කොහොම හරි පබිලිස් කරන්න ඕනෙ ෆොටෝ කෑලි දෙක තුනකුත් අමුනලා.ෆොටෝ කීවට වැඩියත් නෑ.වැඩ කරන තැනම ෆොටෝ ටිකක්.
මේ සයිට් එක ප්‍රයිවෙට් කැම්පස් එකක් නේ.අම්මෝ.... මේ දවස් වල කියන්නත් බය හිතෙන වචනයක් ඒක.ජනවාරි 15 වෙනිදා භාගෙට වැඩ ඉවර කරපු සයිට් එක විවෘත කලා.එදා පොංගල් දවසනෙ.පස්සෙ තමා මටත් හිතුනෙ විවෘත කිරීමක් කෙසේ වෙතත් තියන්න ඇත්තෙ පොංගල් උත්සවේ කියලා.මොකද මේ සයිට් එක හදන්න බර පැන දරන්න දෙමළ, නෑදෑ කම මස්සිනාලා වුන දෙන්නෙක්.හැබැයි සල්ලි ගලන්නෙ ඩුබායි පැත්තෙන්.සල්ලිවල අගයක් නෑ වගේමේ අයටනම්.මේ බිත්තියක් බදිනවා ඔන්න හෙට දිහෑ කඩලා දානවා.අනේ අපොයි...... ඔය වගේ වැඩ ගොඩයි.ඒ නාස්ති කරපු සල්ලි වලින් කාට හරි හොද ගෙයක් හදන්න තිබුනා.මොනවා කරන්නද......
14 වෙනිදා රෑ ලොකු පූජාවක්.මොන දේ පටන්ගන්නත් කලින් මෙහේ පූජානම් තියනවා.ඉතිං පූසාරි කෙනෙකුත් ගෙන්නලා ලොකුවට ගිනි මැල එහෙම ගහලා ගජ රාමෙට වැඩේ ගිහින් තියෙනවා.අනේ ඕවා බලන්න අපි පින් කරලා නැතුවා.රෑට ඇවිත් යන්න විදිහක් තියෙන්නත් එපැයි.පූජාව කෙරීගෙන යන අතරතුරේ හෙන මහත කිරි එළදෙනක් ගෙනත් බිල්ඩිම ඇතුලට.ඌව දැන් කොරිඩෝ දිගේ එක්කන් යනවාලු.(හින්දු අයගෙ චාරිත්‍රයක්ලු.මං වැඩිය මේ දේවල් දන්නෙ නෑ.දන්න ඉන්නවානම් කියලාම යන්න).
ටික වෙලාවකින් මූ කඹෙත් ඇදගෙන දුවනවාලු කොරිඩෝ එක දිගේ මහ හයියෙන් කෑ ගහගෙන.මේ කැම්පස් එකේ ටොයිලට් හා පිවිසුම් ලොබිය ඇරුනාම අනික් හැම තැනම පොලව ටෙරාසෝ කරලා හොදට පොලිශ් කරලා තියෙන්නෙ.විවෘත කිරීම නිසා පලවෙනි තට්ටුව මූන පේන තරම් දිලිසෙන්න පොලිශ් කරලා.ඉතිං මේ දුවගෙන ගිය එළදෙන හතර පය හතර කොනේ දාගෙන බිම වැටිලා ,දුවපු වේගෙට ලිස්සලා.අනේ බැලින්නම් මූ දුවලා තියෙන්නෙ මුගෙ පැටියා එලියෙ ඉදලා කෑ ගහන සද්දෙ ඇහිලා.පැටියව එලියෙනෙ තියලා තියෙන්නෙ.පස්සෙ වැඩේ හරි යන්නෙම නැති තැන පැටියත් ඇතුලෙම ගැට ගහලා.
ඊළඟට මහ අමුතු වැඩක් තමා කරලා තියෙන්නෙ.පිදුරු වලින් පඹයෙක් හදලා.නියම මිනිහෙක් වගේ පේන්නම හදලා තිබුනා.අත් දෙක,කකුල් දෙක, ඔලුව එහෙමත් හදලා.(මං අපේ සර්ගෙ ෆෝන් එකේ තිබුන පින්තූර දැක්කා.)ඔන්න ඊට පස්සෙ පඹයගෙ බෙල්ලට දැම්මලු තොන්ඩුවක්,තිබ්බට ඔලුවට ගිනි.ඊට පස්සෙ අර කඹෙන් ඇදගෙන මුලු බිල්ඩිම පුරාම ඇදගෙන ගියාලු.හේතුව මක්කදැයි මට හිතා ගන්නවත් බැරි වුනා.ඇස්වහ කටවහ සීන් එකක් වෙන්න ඇති කියලා තමා සර් කීවෙ.
පහුවදා කිරි උතුරුවලා එහෙම කිරි බත් දෙනවා කිව්වා.මාත් අනේ උදේටවත් කන්නෙ නැතුව (පෙරේත කමට) ගියා කිරි බත් කන්න බලාගෙන.සාමාන්‍යයෙන් කිරි උතුරුවන්නෙ උදේටනෙ.මං උදෙන්ම ගියා.අනේ මොන.... සයිට් එකම පාලුයි.වැඩ කරන අය දෙතුන් දෙනෙකුයි, ප්‍රොජෙක්ට් මැනේජරුයි හිටියා.ටික වෙලාවකින් අපේ සර්ලා ටිකත් ආවා.එයාලට කියලා තිබුනෙ 8.30ට වැඩේ පටන් ගන්නවා කියලා.ඒත් පටන් ගන්න ලකුනක්වත් නෑ.කොටින්ම සයිට් එකේ අයිතිකාරයො ටිකවත් ඇවිත් නෑ.බඩේ පනුවො බොක්සින් ගහනවා.මොනවා කරන්නද ටික වෙලාවක් ඉදලා මාලු පාන් එකක් ගෙන්න ගෙන කෑවා.
සර්ලා ටිකටත් දැන් ඇති වෙලා.වෙන වැඩත් තියාගෙන මේකට ආවාම 10 විතර වෙනකල් මුකුත්ම කලේ නැතිකොට.බැලින්නම් ඉතිං ඒ කට්ටියගෙ ගෙවල් වල චාරිත්‍ර ටිකත් කරලා එපැයි එන්න.බලන්නකො ඉතිං අපිට ඕක හාංකවිසියක්වත් මතක් වුනේ නෑ නෙ.බොස්ලා ටික ආවා වාහන පෙලකින්.පස්සෙ ආවා හොද ලස්සනට දිලිසෙන කලු පාට කාර් එකක්. ඒකෙ ආවෙ ලොකුම ලොක්කා.ඒත් එක්කම සරස්වතී දේවියගෙයි,ලක්ෂ්මී දේවියගෙයි,ගණ දෙවියොගෙයි ලස්සන පින්තූර ටිකක්,ඉටි රූප වගේ කෙල්ලො ටිකක් අතේ බිල්ඩින් එක ඇතුලට ආවා.ඒ පින්තූර ටික ඊට පස්සෙ කෙලින්ම ගිහින් ඇල්ලුවා එළදෙනගෙ මූන ඉස්සරහින්.ඌ ඒක දිහා බලනකල් ඒක අල්ලගෙන හිටියා. ඌත් රත්තරං පාටට දිලිසුන පින්තූර දිහා හොදට බලල අහක බලා ගත්තා.

| මේ තියෙන්නෙ ඇදලා තිබුන කෝලම් රටාවක්.ලස්සනයි නේද??? |
| ඇතුල් වීමේ තැන තුබුන සැරසිල්ල |
| ඔය පිටසක්වල අය කුඹුරකට ගොඩ බැහැලා වගේ පේන්නෙ මේ කැම්පස් එකේ රෝස මල් වගාව.ෆොටෝව ගහන කොට මල් නැති වුනාට දැන් මල් යායයි. |
පහුවදා කිරි උතුරුවලා එහෙම කිරි බත් දෙනවා කිව්වා.මාත් අනේ උදේටවත් කන්නෙ නැතුව (පෙරේත කමට) ගියා කිරි බත් කන්න බලාගෙන.සාමාන්‍යයෙන් කිරි උතුරුවන්නෙ උදේටනෙ.මං උදෙන්ම ගියා.අනේ මොන.... සයිට් එකම පාලුයි.වැඩ කරන අය දෙතුන් දෙනෙකුයි, ප්‍රොජෙක්ට් මැනේජරුයි හිටියා.ටික වෙලාවකින් අපේ සර්ලා ටිකත් ආවා.එයාලට කියලා තිබුනෙ 8.30ට වැඩේ පටන් ගන්නවා කියලා.ඒත් පටන් ගන්න ලකුනක්වත් නෑ.කොටින්ම සයිට් එකේ අයිතිකාරයො ටිකවත් ඇවිත් නෑ.බඩේ පනුවො බොක්සින් ගහනවා.මොනවා කරන්නද ටික වෙලාවක් ඉදලා මාලු පාන් එකක් ගෙන්න ගෙන කෑවා.
සර්ලා ටිකටත් දැන් ඇති වෙලා.වෙන වැඩත් තියාගෙන මේකට ආවාම 10 විතර වෙනකල් මුකුත්ම කලේ නැතිකොට.බැලින්නම් ඉතිං ඒ කට්ටියගෙ ගෙවල් වල චාරිත්‍ර ටිකත් කරලා එපැයි එන්න.බලන්නකො ඉතිං අපිට ඕක හාංකවිසියක්වත් මතක් වුනේ නෑ නෙ.බොස්ලා ටික ආවා වාහන පෙලකින්.පස්සෙ ආවා හොද ලස්සනට දිලිසෙන කලු පාට කාර් එකක්. ඒකෙ ආවෙ ලොකුම ලොක්කා.ඒත් එක්කම සරස්වතී දේවියගෙයි,ලක්ෂ්මී දේවියගෙයි,ගණ දෙවියොගෙයි ලස්සන පින්තූර ටිකක්,ඉටි රූප වගේ කෙල්ලො ටිකක් අතේ බිල්ඩින් එක ඇතුලට ආවා.ඒ පින්තූර ටික ඊට පස්සෙ කෙලින්ම ගිහින් ඇල්ලුවා එළදෙනගෙ මූන ඉස්සරහින්.ඌ ඒක දිහා බලනකල් ඒක අල්ලගෙන හිටියා. ඌත් රත්තරං පාටට දිලිසුන පින්තූර දිහා හොදට බලල අහක බලා ගත්තා.
| මේ ඉන්නෙ පින්තූර උස්සගෙන ආව කස්ටිය සහ පූජාව කෙරෙන් විදිහ |
| කිරි උතුරවන්නයි ලෑස්ති වෙන්නෙ. |
ඉතිං වුනේ මොකක්ද....??? කිරි ටික රත් වේගෙන එනකොට කිරි මදි වෙලා උතුරන්නෙ නැති වෙයි කියලා හිතපු ලොකු මහත්තැන්ලා ටික කඩේ තියෙන අර ලොකු කිරි පැකට් ගෙනල්ලා දාපු එක.ඒ මදිවට ඒවා ඩිෆ්‍රිසර් එකක දාලාද කොහෙද අයිස් කැට වෙලා.හලේ.....තවත් වෙලා ගියා උතුරන්න ඉතිං.උතුරපු ගමන් උස්සගෙන ගියා මුට්ටිය.මං ඉතිං හිතුවෙ අපේ කට්ටිය කිරි උතුරවපු ගමන් ගේ වටේ ඉහිනවානෙ.ඒක කොරන්ට තමා යන්නෙ කියලා.අනේ බැලින්නම් කිරිබත් උයන්නෙ ඒකෙන්ලු නෙ.අනේ මදෑ කිරිබත් කන්න හිටියා....:(((
දවාලටත් කන්න දෙන්නෙ පොංගල් බත්ලු.මං ඒක කන්ටත් මනාපයක් නෑ නොවැ.බිස්කට් ටිකකුයි,කිරි තේ කෝප්පෙකෙනුයි,රස කරපු එළකිරි කෝප්පෙකෙනුයි මගෙ බඩ සන්තර්පනය කොරගෙන බාගෙට හාමතේ ගෙදර ගියා...:((( පහුවදා එනකොට පොංගල් බත් මහ ගොඩක් මුට්ටියෙම නරක් වෙලා තිබුනා.
ඔන්න ඔහොමයි විවෘත කිරීම සිද්ද වුනේ.......
මේ දැන් ලැබුන ආරංචියේ විදිහට මාර්තු 10 තවත් විවෘත කිරීමක්....... :D
Wednesday, January 4, 2012
2012ත් ආවලු නේද???
අප්පේ.....ඔන්න 2011ත් ගෙවිලා ඉවරලු.මාර ගෙවිල්ලක්නෙ ගෙවිලා තියෙන්නෙ.කාටවත් එහෙම දැනුනද මාස දොලහක් ගියා කියලා.බොරු කියන්නෙ මොකටද මටනම් දැනුනෙ නෑ.මං දන්නවා ගොඩක් අයට එහෙම තමා කියලා.මට නම් මේ අවුරුද්ද සතුටෙන් පටන් අරන් සතුටෙන් ඉවර වුනා.හැබැයි මැදනම් සැප දුක සමබර වේ වගේ තමා.ගොඩක් දේවල් වුනා.2012ත් ලැබුවා.දැන් ඉතිං ඉවසිල්ලක් නැතුව බලා ඉමු දෙසැම්බර් වෙනකල්.ඇයි අප්පා ලෝකෙ විනාස වෙනවලු නේ.
Saturday, November 5, 2011
කාපිය මේක...
මේ දවස් වල උපරිමයට බිසී.මේ බිල්ඩින් එක කොහෝම හරි ඉවරයි වගේ පෙනෙන තරමට ඉවර කරලා දෙන්නලු 10 වෙනිදට කලින්. අනේ අම්මෝ.... කොහොම ඉවර කරන්නද මන්දා.අනිවා ඩෙෆා දුටුගැමුණු රජතුමාට රුවන්වැලි සෑය පෙන්නුවා වගේ තමා පෙන්නන්න වෙන්නෙ.තාම වැඩ බාගෙට නෙවෙයි ඒකෙනුත් බාගෙට වගේ.අනේ මන්දා කොහොම ඉවර කරන්නද කියලා.
.............................................................................................................................................
.............................................................................................................................................
Saturday, October 29, 2011
අපොයි...මොකද දැන් කරන්නෙ...
අපේ කන්තලේ තාත්තයි,අම්මයි දෙන්න පදිංචි වෙලා හිටියේ කන්තලේ.දැන් ඉතිං කස්ටිය බලයි ඈ යකෝ මේ කෙල්ලට අම්මලා,තාත්තලා දෙන්නෙක්ද කියලා.ඒ වගේ තමයි මටනම්.ඒ මගේ තාත්තගෙ අම්මයි තාත්තයි.කන්තලේ හිටි නිසා කන්තලේ අම්මයි,තාත්තයි වුනා.මගෙන් පස්සෙ ඉපදුන අපේ නංගියි,බාප්පලාගෙ පොඩි උන් සෙට් එකයි ඔය නම් දෙකම ඒ දෙන්නට රෙජිස්ටර් කලා.මං පොඩි කාලෙ හිටියෙ පොළොන්නරුවේ නිසා ඒ කාලෙ අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතර අපි එහේ යනවා.ඒත් සිස්සත්තෙ පාස් වෙලා කොලොම්පුරේ ඉස්කෝලෙකට මංගච්චන්න ගත්තට පස්සෙ එහේ යන එක හොදටම අඩු වුනා.
Friday, October 7, 2011
HG 176
හයියෝ මට සදුදා වෙච්ච දෙයක්.මගේ සදාදරණීය ඩොන්ගලේ ගෙදර දාලා ආවානෙ.මොනවා කරන්නද දුක තමයි. :(( ඒ වැඩෙන් වුනේ සති අන්තෙ ලියලා තියෙන බ්ලොග් කියවලා කමෙන්ට් කරන්න තිබුන වෙලාව ටිකක් අඩු වුන එක.කමක් නෑ වුන දෙයින් කියලා මං කොලේ ඒ වෙලාව පෝස්ට් එකක් ටයිප් කරපු එක.ඒත් ඒ වැඩෙත් ටිකක් ස්ලෝ වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.මෙච්චර කාලයක් නිදහසේ හිටපු මට දැන් හවස් වරුවෙ ඔෆීසියට ගාටන්න වෙලානෙ හෆොයි…ගිනි ගහන අවුව දැක්කාම එලියට බැහැලා යන්න හිතෙන්නෙත් නෑ.සදුදයි,අගහරුවාදයි දෙකේම හවසකොරේ ඔෆිසිය පැත්තෙ ගියා.බදාදා මීටින් දවස නිසා ගියේ නෑ.කරන්න ඕනෙ වැඩේ සයිට් එකට උස්සගෙන ආව නිසා ඊයෙයි,අදයි මං සයිට් එකේම හිටියා.ඉතිං කොහොමහරි කතාවක් කියන්න හිතුවා.
Tuesday, September 13, 2011
....නිසුපා....
මේ දවස් වල බුකියෙ "බ්ලොග් අවකාශයේ මිතුරෝ"ගෲප් එකේ
කස්ටිය බස් පදිනවානෙ.දැන් ඉතිං දවල් වරුවෙම පැද පැද තමයි ඉන්නෙ.හික්ස්....අනේ කස්ටිය මගෙ නමට
දෙන වදයක්. මේ අගේට සිංහල,බෞද්ධකමට ඉන්න මාව මුස්ලිම්
කරනවා නොවැ මේ කස්ටිය.හපොයි...බැරිම තැන මං කිව්වා
"හිටු ඔහොම, නම ගැන පෝස්ට් එකක්
දාන කල්" කියලා.ඇයි අප්පා මෙච්චර ලස්සන ස්වීට් නමකට අපහාස කරනවා අහන්
ඉන්න පුලුවන් මොකාටද.
Sunday, September 11, 2011
පරණ බොසා....
බදාදා දවස තමයි මරු දවස.අපේ සයිට් එකේ මීටින් දවස තමා එදා.උදේ පටන් ගත්තාම දවල් වෙනකල් සයිට් එක පුරාම ඇවිදින්න ඕනෙ.කස්ටියගෙ තීරණ සුටුස් ගලා වෙනස් වෙන නිසා එහාට මෙහාට දුව දුව බලන්න ඕනෙ තැන් බලනවා.මෙතන මෙහෙම කරමු,අතනට අරහෙම කරමු,කතා ගොඩයි.සමහර වෙලාවට කියන දේවල් අදාල නැති වුනත් මීටින් එකට ආපු හැමෝම වටේ යනවා.නියම වියායාමයක් තමා ඒක.
Wednesday, August 3, 2011
අනේ මෙහෙමත් විශ්ව විද්‍යාල...
මේක අපේ අම්මාගේ ගුරු මණ්ඩලේම ඉන්න තවත් ගුරුතුමියක් කියපු කතාවක්. ඒ ගුරුතුමිය දවස් දෙකක්ම පිට පිට ස්කොලේ ආපු නැති නිසා අම්මා අහලා "ඇයි ආවේ නැත්තේ?" කියලා. ඒ සරල ප්‍රශ්නෙට දීපු සංකීර්ණ උත්තරේ තමා මේ.
ඒ ගුරුතුමියගේ දුවගේ යෙහෙළියකට සිද්ද වුන සිද්දියක් මේක. ඒ ගෑණු ළමයට පවුලේ කට්ටිය වැඩිය සලකන්නෙ නෑ ලු. ඒකට හේතුව තමයි ඒ ළමයගේ අම්මා දෙවෙනි කසාදයක් කරගෙන. මෙයා ඉන්නෙත් ඒ කට්ටියත් එක්ක. ළමයගේ තාත්තා මෙයාට සල්ලි බැංකු පොතක දාල ඉතිරි කරලා තියෙන නිසා සල්ලි වලින්නම් අඩුපාඩුවක් නෑ.
Monday, August 1, 2011
කටුවක්ද????
මං මේ අත්දැකීම ලබන කොට පළවෙනි පාර A/L ලියලාවත් නෑ. තාත්තාට පිළිකාවක් හැදිලා ඇවිදගන්න බැරුව ඉන්න කාලේ, නංගිව උදේ පාන්දර පන්ති ගෙනිහින් දාන වැඩේ කලේ මම. එදත් නංගිට මහරගම ඉංග්‍රීසි පන්ති තිබ්බ දවසක්.ඉර පායන්නත් කලින් තමයි පන්තියට යන්නේ seat එකක් අල්ලගන්න ඕනේ නිසා.
අපේ ගෙදර තියෙන්නේ චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය ගාවමයි. ගෙදරට එන්න තියෙන නියම පාර චුට්ටක් විතර දුරයි.
Tuesday, July 26, 2011
A/L Aaj Kal සහ අපේ A/L
සිකුරාදාම ආපහු බ්ලොග් පොස්‍ටුවක් දාන්න හිටියට මොකද එදා වැඩට යන්න බැරි වුනානේ. මේ කොහෙදෝ යන සෙම්ප්‍රතිශාවක් හැදිල වැඩි දියුනු වෙලා අමාරු වුනා නෙව.
හා......චෝස්......
අම්මේ....නහයට දැනෙන සනීපෙ...:)
බලාගෙන මේ පැත්තට එනකොට පස්සේ ලෙඩේ වැලදුනොත් මට එහෙම සෝලි තියෙනව නෙවෙයි ඔන්....:(
හා......චෝස්......
අම්මේ....නහයට දැනෙන සනීපෙ...:)
බලාගෙන මේ පැත්තට එනකොට පස්සේ ලෙඩේ වැලදුනොත් මට එහෙම සෝලි තියෙනව නෙවෙයි ඔන්....:(
Thursday, July 21, 2011
ආයෙත් ආවෝ.......
හ්ම්......ගොඩා...ක් කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තේ ආවෙ. තව ටික කාලයක් ගියානම් එහෙම බ්ලොග් එක වැහිලම යන්න තිබුන තරමට වල් වැවිලා. මෙ පැත්තට ආපු නැති මාස 2 ජීවිතේ ටිකක් වෙනස් වුනා. ඉස්සෙල්ලා වැඩ කර කර හිටපු තැනින් අයින් වෙලා මාස දෙකක්ම ගෙදරට වෙලා හරිම නිදහසේ හිටිය. එත් මේ 13 වෙනිදා ඉදන් අයෙත් වැඩට යන නිසා නිදහස පොඩ්ඩක් විතර අඩුයි. එත් මේක site එකක්. මං කරපු field එකට වැඩිය අදාලත්වයක් නැති වුනත් මෙතනින් මට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙයි කියලා හිතනවා. ඒ වගේම මෙතන හරි නිදහස්. කවුරුත් මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. site එකට යන ගමන නම් ටිකක් කරදරයි. මට්ටක්කුලියේ තමා තියෙන්නේ. බස් 3ක යන්න ඕනේ. ගෙදර යන කොට පාන් කියා ගන්න බෑ.
දැන් ඒ කතා ඇති.අද කතාවට බහිමුකෝ.
දැන් ඒ කතා ඇති.අද කතාවට බහිමුකෝ.
Friday, May 6, 2011
පොඩි එකාගේ මොළේ...
හ්ම්…..කොහොම පටන් ගන්නද කියල හිතාගන්නත් බෑ ලියන්න හැදුවට.මගෙන් යාලුවෙකුත් ඇහුව දැන් මොනවද blog එකේ ලියන්න හිතා ගෙන ඉන්නෙ කියලා.
අවුරුදු 25ක් වෙච්ච ජීවිතේ වුන දේවල් ගොඩක් මතකයට ආවත් පිලිවෙලක් ඇතුව ලියන්න හිතුව.
තාම blog කෙරුවාව පටන් ගත්ත ගමන්ම හින්දා ලියන එවා එච්චර කට්ටියට දිරවයිද දන්නේ නෑ.
පොඩි කාලෙන්ම පටන් ගමුකො එහෙනම්.
Subscribe to:
Posts (Atom)