expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, August 3, 2011

අනේ මෙහෙමත් විශ්ව විද්‍යාල...

        මේක අපේ අම්මාගේ ගුරු මණ්ඩලේම ඉන්න තවත් ගුරුතුමියක් කියපු කතාවක්. ඒ ගුරුතුමිය දවස් දෙකක්ම පිට පිට ස්කොලේ ආපු නැති නිසා අම්මා අහලා "ඇයි ආවේ නැත්තේ?" කියලා. ඒ සරල ප්‍රශ්නෙට දීපු සංකීර්ණ උත්තරේ තමා මේ.

        ඒ ගුරුතුමියගේ දුවගේ යෙහෙළියකට සිද්ද වුන සිද්දියක් මේක. ඒ ගෑණු ළමයට පවුලේ කට්ටිය වැඩිය සලකන්නෙ නෑ ලු. ඒකට හේතුව තමයි ඒ ළමයගේ අම්මා දෙවෙනි කසාදයක් කරගෙන. මෙයා ඉන්නෙත් ඒ කට්ටියත් එක්ක. ළමයගේ තාත්තා මෙයාට සල්ලි බැංකු පොතක දාල ඉතිරි කරලා තියෙන නිසා සල්ලි වලින්නම් අඩුපාඩුවක් නෑ.

       ඒත් ඉතින් ජීවිතේ ගෙවනකොට වැඩිහිටියෙක්ගේ ‍රැකවරණය ඕනේ වෙලාවල් එනවානේ. මේ වෙලාවල් වලවට දුවල පැනල ඕනේ වැඩ කටයුතු කරල දෙන්නෙ අර ගුරුතුමියලු. අනේ මන්දා ඒ ළමයගේ අම්මා මේ ලමය ගැන හොයල බලන්නේ නැද්ද කියලා. කොහොම හරි මීට සති කීපෙකට ඉස්සෙල්ල ඔය කියපු ගුරුතුමිය අපේ අම්මට කියලා තියෙනවා ඒ ළමයා රට යනවා, එයාව ගිහින් දාන්න airport  යනව කියලා


       මේ
ළමයා රට යන්නෙ එයාගෙ හීනයක් හැබෑ කරගන්න. කවදා හරි වෛද්‍යවරියෙක් වීමේ සිහිනය. තුන් පාරම A/L කලත් මෙහෙ විශ්ව විද්‍යලයකට යන්න Z score එක මදි වෙලා.

        ඔය කිව්වෙ ප්‍රශ්නෙට දීපු උත්තරේට පසුබිම් වුන කතාව. ඒ ගුරුතුමිය ඇවිත් නැත්තේ අර ළමයා ආපහු ලංකාවට ඇවිත් එයාව ගේන්න ආයෙත් airport ගිහින්. ගිය ගමන් ආපහු හැරිල එන්නනම් මොකක් හරි ලොකු දෙයක් වෙන්න එපැයි. මෙන්න මේකයි වෙලා තියෙන්නේ.


        එයා ගිය විශ්ව විද්‍යලයේ හොස්ටල් එකේ එක කාමරයකට දාන්නෙ ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයිලු. ඒ ලමයි කාමර වල ඉන්නෙත් අඹුසැමියො වගේලු. පිරිමි මයට සල්ලි අඟ හිඟයක් තියෙනවනම් කරන්නෙ එයා රෑට කොහේහරි නතර වෙලා කාමරය වෙන පිට පිරිමි කෙනෙක්ට දෙනවලු. උදේට අර කාමරෙ අයිති මයට කල්ල මරේලු. මං ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මොකක්ද එතන වෙන්නේ කියලා.
        ඔය අතරේ අලුතෙන් ආපු මයින්ව චාරිකාවක් එක්ක ගිහින්. ඒ රටේ තියෙන කැලයකට. කැලේ මැද්දේ තියෙනවලු හොඳ නිල් කැටේට වතුර පිරුනු විලක්.කට්ටිය ඇඳුම් ඔක්කොම ගලවල විලට පැන්නලු. අනේ අර මය හොඳටම බය වෙලා අඬාගෙන බස් එකට ඇවිත්. පහුවදාම course එකට දෙන්න ගෙනාපු සල්ලි වලින් ටිකට් එක අරන් හීනෙත් අමතක කරල ලංකාවට ඇවිත්.

      පිටරවල් අපේ රට වගෙ නෑ කියල දන්නවා වුනාට මේක ඇහුවාමනම් මටත් හරි පුදුම හිතුනා..:O පටන් ගන්නකොටම ඔහොමනම් පහුවෙනකොට මොනව වෙයිද???? හ්ම්ම්ම්ම්ම්.....

33 comments:

  1. ඔන්න දැන් අපේ කට්ටිය පෝලිමට එයි මේකට ඇප්ලයි කරන්නෙ කොහොමද කියල අහගෙන. හික්ස්.

    ReplyDelete
  2. අම්මෝ මොකද්ද අප්පා ඔය කියන කම්පස් එක !!!!
    බලාගෙන ගියාම ලංකාව හොදයි නේ. ඒ රටවල් වල සංස්කෘතියේ හැටිනේ ඔය !!!!

    ReplyDelete
  3. දෙවි හාමුදුරුවනේ. මම නම් මෙහෙම කථාවක් ඇහුවමයි. මට නම් පිලිගන්නත් අමාරුයි වගේ. නංගි තරහා නැතුව ඔය විශ්ව විද්‍යාලේ ගැන අපිව දැනුවත් කරන්න මොනවා හරි කරමු මේකට. අපේ තව අය මෙතනට යන්න කලින්. අඩු ගානේ විස්ත්‍රයවත් දාමු. නැත්නම් අපි යූ. ජී.සී. එක දැනුවත් කරමු. මට ඒක පුළුවන්. විස්තර අහලා ලියන්න. අපි තව එක්කෙනෙක්ටවත් අනතුරක් නොවී බේර ගමු.

    ReplyDelete
  4. අඩේ බොලේ මොකද්ද ඒ කැම්පස් එක?

    ReplyDelete
  5. කෝ කැම්පස් එක ගැන විස්තරයක් නෑනෙ :D

    ReplyDelete
  6. නිසූපා අක්කා ලියනවා කියලා මම අදනේ දන්නේ... :) :)

    ReplyDelete
  7. //පිටරවල් අපේ රට වගෙ නෑ කියල දන්නවා වුනාට මේක ඇහුවාමනම් මටත් හරි පුදුම හිතුනා..:O පටන් ගන්නකොටම ඔහොමනම් පහුවෙනකොට මොනව වෙයිද???? හ්ම්ම්ම්ම්ම්.....//
    mmmmmmm

    ReplyDelete
  8. @පිණිබිඳු - ඒක තමා අනේ....

    ReplyDelete
  9. @මාධව - මටත් ඕක ඇහුවාම ඔලුවට අත ගියා..

    ReplyDelete
  10. @මධුරංග- කැම්පස් එක මොකක්ද කියලා නම් දන්නේ නෑ මල්ලි. ලංකාව තාම නම් හොඳයි. ඒත් මේ යන විදිහට මොනවා වෙයිද කවුද දන්නේ..:(

    ReplyDelete
  11. @වෙද ගෙදර මහ වෙදනා - මාත් ඇහුවමයි අයියේ මෙහෙම දෙයක්. මමත් පිලිගන්නවද නැද්ද කිය කිය හිටියේ. විශ්ව විද්‍යාලේ මොකක්ද කියල කියලා නෑ. හැබැයි රටනම් බෙල් රුසියාව කිව්වා. මං දැන් search කරල බැලුවා. බෙල් රුසියාව කියන්නේ රටක් නෙවෙයි රුසියාවේ කොටසක්ද කොහෙද බෙල් කියන්නේ. Bel', Demidovskiy rayon, Smolensk Oblast, Russia මෙන්න මෙහෙමයි තියෙන්නේ.

    ReplyDelete
  12. @නදී - අනේ මාත් දන්නේ නෑ අනේ...:(

    ReplyDelete
  13. @කණියා - විස්තර දැන ගත්තොත් කියන්නම් කෝ. :D

    ReplyDelete
  14. @thilinamees - ලඟදි ලියන්න ගත්තේ මල්ලි...:)

    ReplyDelete
  15. @රිෂාන් - හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  16. @Chanaka Aruna Munasinghe - බොරුවක්ද දන්නෙ නෑ අනේ. මාත් අහපු කතාවක් නෙ.

    ReplyDelete
  17. ආදරයක් නැතුව මෙහේ හීන ටික බොචවෙලා ගියත් ඔය වගේ කැම්පස් එකකට නම් කවුද යන්නේ?

    ReplyDelete
  18. මේක මේවිදියටම වෙන්න ඇති කියලා මම නම් හිතන්නේ නෑ... ඔය වගෙ කතාවලට සාමාන්යෙන් අතිශොක්තියක් එකතු වෙනවා...

    දුවගෙන් දුවගෙ අම්මට -> අම්මගෙන් නිසුපාගෙ අම්මට -> නිසුපාගෙ අම්මගෙන් නිසුපට -> නිසුපගෙන් අපිට :D

    පුලුවන් නම් ඒ යෙහෙළියගෙන්ම මේ ගෑන හාර හාර අහන්න, සමහරවිට මුලින් කියපු දේවල් ටිකක් වෙනස් වෙන්නත් ඉඩ තියේවි... :)

    ReplyDelete
  19. @batti - ඔව් නංගියො. ඒක නම් ඇත්ත.

    ReplyDelete
  20. @Beetle - එහෙම වෙන්නත් පුලුවන්. ඔයා හරියට පොස්ට් එකේ මුල හරිය කියවල නෑ වගේ.
    ඒ ගෑණු ළමයගෙ අම්මගෙන් නෙවෙයි අපේ අම්මා කතාව දැන ගත්තේ. අම්මාගෙන් මට ආපු විදිහටම මම නම් කිව්වා.

    මං ඒ ගෑණු ළමයව දන්නේ නෑ අනේ. නැත්නම් අහන්න තිබුනා. ඇත්තටම මේකත් කපු‍ටු පිහා‍ටු කතාව වගේ එකක්ද දන්නෙත් නෑ.:))

    ReplyDelete
  21. අපිට කොහොන්ද ඉතිං දේව වරම්...

    ඔයා බොරු නෙමේනේ කියන්නේ නේද....
    අනික් ඔය ඈමරිකන් පයි වගේ සීරිස් වලත් ඔය වගේ දේවල් ගැන තියෙන නිසා ඉතිං එච්චරම පුදුම වෙන්න දේකුත් නෑ,..

    ReplyDelete
  22. අම්මෝ... බයත් හිතෙනව.. දුකත් හිතෙනව,....

    ඔය වගේ කතාවක් නම් ඇහුවෙ පලවෙනි වතාවට... හැබැයි දහසක් බලාපොරොත්තු තියාගෙන රට යන අපේ ලමයි පිට රටදි ගොඩක් කටු කනව කියලනම් අහල තියනව.. මෙ ලඟදි රිවිර පත්තරේත් ලොකු ලිපියක් ගියා ඔය ගැන..

    එක පලාතේ වෙලත්, එකම සරසවියට ගිහිල්ලත් නිසූගේ කතා බලන්න අද තමයි ආවේ... :)

    ReplyDelete
  23. @ ගොල්ඩ් fish -මාත් අහපු කතාවක් තමා මේක. ඔව් ඒකත් ඇත්ත. ඒත් මගේ කනට මෙහෙම දෙයක් ඇහුනමයි අප්පා....:))

    ReplyDelete
  24. @ නදුන් උයන - ඔව් ඔතන තියෙන්නේ සංස්කෘති දෙකක ගැටීමක්. ඒවා දරාගන්න බැරි අය එහෙම ගියාම මානසිකව කඩා වැටෙනවා.

    ඒකනේන්නම්. කමක් නෑ දැන් ආව නේ. තව ඔහොම අය බ්ලොග් අවකාශයේ ඉන්නවා. මගේ පොස්ට් වල කියල තියෙන මාධවත් අපේ පැත්තේ තමයි. :))

    ReplyDelete
  25. හ්ම්ම්. මෙහෙම ඒව නම් තියෙන්න ඉඩ තියෙනව. සමහර රටවල් වල සංස්කෘතිය අනුව ඔය වගේ දේවල් සාමාන්‍ය වෙන්න ඉඩ තිබෙනව. :)
    සමහර රටවල් වල පවුලෙ කට්ටිය ඇඳුම් නැතිව එකට නානව. සමහර රටවල වෙරළවල් තිබෙනවලු, එතන හැමෝම කිසිම ඇඳුමක් නැතිවලු අව්ව තපින්නෙ, නාන්නෙ.

    ReplyDelete
  26. යකෝ මාර කැම්පස් එකක්නේ ඒක.
    මට නම් හරියටම ෂුවර් නෑ කැම්පස් එකක්ද නැත්නම් අර වෙන මොකද්ද ප්ලේස් එකක්ද කියල. ලොල්.

    ReplyDelete
  27. Meka dekkahama mata wechchi deyak mathak una. mawa russian campus ekaka medicine walata select unu welawe ape amma giya danna kiyana yaluwangen e gena visthara ahanna. E welawe ape ammage yalu teacher kenekuth oya kathawa kiyala thibuna....e kiyanne genu lamai pirimi lamai ekata kamarawala inne kiyala...etheninma mage gamanata full stop.... Pahu kalekadi mata muna gehuna russian degrees thiyena kihipa denek lankawe weda karaddi.... E genu lamainge kriya patipatiya dekkahama hithuna ewa eththa wenna puluwan kiyala....hebai eka janma gathiyada dannenam nehe...:) Mama nam me kathawa kiyawanakam hithan hitiye ape ammage yaluwa irisiyawata kiwwada danne nehe kiyala...

    Mata kiyanna thiyena anith eka thamai, Australia wage ratawal wala 'student villages' thiyenawa. ewaye gewal thiyenawa okkoma facilities ekka. Eka geyaka rooms 6-8 withara thiyenawa. Eka room ekaka eka lamayai. Dennekuta inna thiya herennawath ida madi. E eka gedaraka girls-boys degolloma innawa. Bathroom 2-3 thiyenawa. Friendsla genna puluwan, hebei reta inna nam behe. Time ekata ethulata enna one. Security innawa.

    Living-together kiyana eka me ratawala amuthu deyak newei. Mehe inna ape kattiyath ithin nikam inne nam ne.... Unta ehema innath behe mehe wena ewa bala bala, mokada unuth manussayone...

    ReplyDelete
  28. @Anonymous - ඒකත් ඇත්ත. ඒත් ඒ ලමයට දරා ගන්න බැරි වෙන්න ඇති. ලංකාවෙ ලමයෙක් නෙ..:))

    @පැණි දොඩම් - නෑ නෑ කැම්පස් එකක් ලු...(ලු හොදේ)

    @Observer - ඒක නේන්නම්..:O

    @Anonymous - අනේ මන්දා අනේ මේවට මොනවා කියන්නද කියලා. වරද කාගෙද කියලා හිතාගන්න බෑ. අපේද, ඒ අයගෙද, නැත්නම් ලෝක දර්මතාවයෙද??

    ReplyDelete
  29. බුදු අම්මෝ.....!!! අපෙ ඇදුරුතුමාත් කියනව ඔහොම තැං තියෙනව කියල ඔය රටවල. ප්‍රංශෙත් හොස්ටල් ගැනු පිරිමි බෙදයක් නැහැ. නමුත් එක කාමරයෙ ඉන්නෙ එක්කෙනයි. ඒ නිසා අවුලක් නැහැ.

    ReplyDelete
  30. I am a BSc(eng) holder in Pera - efac and MSc holder in AIT- Thailand. Also, my lots of friends are studding in Ausi, singa, UK, USA, Canada, Finland, Maleysia, Japan..etc.. All countries really respect to foreigners normally and they have an idea about their cultures. So if u like to live together, u can. But they will not force to do it. This is the first time I heard this types of story. Better U find the uni and country and come up with the details, since there are lots of people who are willing to continue their studies in out side. This post will make them so scary. Don't ask details from outsiders before u join to uni, if they are not really helpful. When I want to go to Thailand, people try to implies it is not a good place to live. But really, it is more secure than SL.

    True is far away from the gossip in all the time. Cultures are cultures. Customs and all depend o that. We cannot argue on that. If it is good get it, else just forget it.. :) :) BTW, When ever u wanna join foreign universities, U can get the accommodation details and other facilities from them. They are not like our government ppl. They are so helpful and let you know all the detail.

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...