expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Showing posts with label සංවේදී. Show all posts
Showing posts with label සංවේදී. Show all posts

Tuesday, November 15, 2011

අනේ එපා.....

                  සිකුරාදා රෑ මට මහ බයානක ආරංචියක් ආවා අපේ පැණි දොඩම්ගෙන්.මගේ බ්ලොගේ නැති වෙලා කියලා.මගේ හදවත සීතල වෙලා ගියා.ඇයි දෙයියනේ බොහොම අමාරුවෙන් හදාගත්ත එක නොවැ.නිකන් ඉන්න බැරුවට කවුරු හරි හැක් කරලාද කොහෙද?

Wednesday, November 9, 2011

෴මින්නේරි දෙවියෝ෴

                     මං පොඩි එකා කාලෙ මාව වැඩි පුරම බලාගත්තෙ අම්මගෙ මල්ලිලා.ඔය එක මාමෙක් කරපු දෙයක් මං කලිනුත් කිව්වානෙ.මං මේ කියන්න යන සිද්දිය වෙනකොට අපි පොළොන්නරුවෙ පදිංචියට ඇවිත් අපේ නගා පොඩියි එතකොට.මං තුන්වෙනි වසරෙ වගේ.අම්මයි,තාත්තයි වැඩට ගියාම අපිව බලාගන්න කාන්ති අක්කා කියලා කෙනෙක් ආවට මාමලා එක්කෙනෙක් හරි අපේ ගෙදර හිටියා අපි නවනගරෙට යනකල්.අම්මගෙ පොඩිම මල්ලි විතරයි අපිව බලන්න හිටියෙ නැත්තෙ.අනික් පස්දෙනාම මාරුවෙන් මාරුවට හිටියා.

Friday, September 23, 2011

...අක්කා...

               මේ කතාව අපේ අම්මට අහන්න ලැබිලා අම්මාගෙන් මට අහන්න ලැබිලා දැන් සතියකටත් වැඩියි. එදා කතාව අහපු ගමන් ඇති වුන කම්පනයට මේක ඉක්මනට ලියන්න ඕනෙ කියලා හිතුවත් බැරි වුනා.ඊට පස්සෙ ඉතිං  පොත් පිස්සුව ඔලුවට ගහපු නිසා ලියන එක පොඩ්ඩක් පහු වුනා.

.................................................................................................................................................................................

               මේ අනුවේදනීය සිදුවීම සිද්ද වෙලා තියෙන්නෙ අම්මගෙ ඉස්කෝලෙ ගුරුතුමියෙක්ගෙ ගෙවල් ගාව.

Thursday, August 11, 2011

19ක් ම වුනා එහෙනම්...

        අද මගේ එකම නඟාගෙ උපන්දිනේ.මධුරංග මලයට ඉන්නෙත් එකයි වගේම මටත් දුකට සැපට ඉන්නෙ මෙච්චරයි. මොන වැඩ තිබුනත් ඒකට සුභ පතන්නෙ නැතුව ඉන්නේ කොහොමැයි.මේ එයා වෙනුවෙන් මගේ හිතේ පහළ වුන දේවල්.

 .....................................................................................................................

දයාබර නැගණියේ........
 
        අම්ම මගෙන් අහනකොට "දුවට ඕනේ නංගියෙක්ද මල්ලියෙක්ද?" කියල, මං කිව්වා මල්ලියෙක් කියලා.ඒත් ආවෙනම් නංගියෙක්. නුඹ බඩ ඇතුලට වෙලා ඉන්නකොට අම්මත් එක්ක එකතු වෙලා එන එකා මොකා වුනත් කමක් නෑ කියලා නම් තේරුවා. එන්න ඉන්නෙ මොකෙක් වුනත් මහම මහ දඟ මල්ලක් කියල තේරුනේ බඩ ඇතුලෙ ඉඳගෙනම දඟලන්න ගිහින් පෙකෙනි වැල බෙල්ලෙ ඔතාගෙන තව පොඩ්ඩෙන් මට පෙන්
නෙම නැතුව යන්න හදනකොටයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...