අද මගේ එකම නඟාගෙ උපන්දිනේ.මධුරංග මලයට ඉන්නෙත් එකයි වගේම මටත් දුකට සැපට ඉන්නෙ මෙච්චරයි. මොන වැඩ තිබුනත් ඒකට සුභ පතන්නෙ නැතුව ඉන්නේ කොහොමැයි.මේ එයා වෙනුවෙන් මගේ හිතේ පහළ වුන දේවල්.
.....................................................................................................................
දයාබර නැගණියේ........
අම්ම මගෙන් අහනකොට "දුවට ඕනේ නංගියෙක්ද මල්ලියෙක්ද?" කියල, මං කිව්වා මල්ලියෙක් කියලා.ඒත් ආවෙනම් නංගියෙක්. නුඹ බඩ ඇතුලට වෙලා ඉන්නකොට අම්මත් එක්ක එකතු වෙලා එන එකා මොකා වුනත් කමක් නෑ කියලා නම් තේරුවා. එන්න ඉන්නෙ මොකෙක් වුනත් මහම මහ දඟ මල්ලක් කියල තේරුනේ බඩ ඇතුලෙ ඉඳගෙනම දඟලන්න ගිහින් පෙකෙනි වැල බෙල්ලෙ ඔතාගෙන තව පොඩ්ඩෙන් මට පෙන්නෙම නැතුව යන්න හදනකොටයි.
වාසනාවකට මේ ලොකේ එලිය බලන්න නුඹට ඉඩ ලැබුනා.ඒ අද වගේ දවසකයි.
එදා ඉඳන් මේ අක්කා හිටියෙ මාරම සන්තෝසෙකින්. උකුලෙ තියාගෙන නලවන්න, අම්මා නැති වෙලාවට බලාගන්න, නොකා ඉතිරි කරන අල තම්බපුව එහෙම කන්න වැඩත් ගොඩයි.බාප්පා "අඟුරු කැටේ" කිය කිය නොතේරෙන නුඹට විහිලු කරනකොට තරහ ගියේ මටයි. පොඩි කාලේ බේත් පොවන්න යනකොට බෑගිරි දිදී අඬන හැටි නොපෙනෙන්න මං යනවා වත්තෙ කොනටම, නැත්නම් නුඹටත් වඩා හයියෙන් මට ඇඬෙන බව මං දන්න නිසයි.
ඔය මොනව වුනත් පොඩි ඉරිසියාවකුත් නොතිබ්බම නෙවෙයි. අවුරුදු 7ක්ම තනි බුක්තියට සින්න වෙලා තිබුන අම්මාගෙයි, තාත්තගෙයි ආදරේ දෙකට බෙදුනනෙ. උපරිමයට තද වුන වෙලාවටනම් අනේ මේකා එපෝ..කියලත් නොහිතුනම නෙවෙයි.ඒත් ඉතින් ටිකකින් ඒවා ඉවරයි. අම්ම බත් කවනවාට වඩා සමහර වෙලාවට මං බත් කවනවට නුඹ ආස වුනා. එතොකොට මං ඒක කොච්චර කරදර වැඩක් වුනත් හරි ආසාවෙන් කවනවා.
කාලය ගෙවිලා ගිහින් අද නුඹ මටත් වඩා උස මහත කෙල්ලෙක් වෙලා. ඒත් මට නුඹ තමාත් අර පුංචි දඟකාර, කටකාර නැගණියමයි. සමහර වෙලාවට මටත් වඩා නුඹේ හිත හයිය බව මට දැනුනා. ඒ වෙලාවට මට නුඹ ශක්තියක් වුනා.
මේ ගෙවන්නේ නුඹේ ජීවිතේ එක් කඩඉම් කාලයක්. උසස් පෙළ විභාගය. ඉතිං ඒ කඩඉම පසු කර සාර්ථක ඉදිරි ජීවිතයක් ලබන්න නුඹට හැකි වේවා. සුභ උපන්දිනයක් වේවා.....
මේ ගෙවන්නේ නුඹේ ජීවිතේ එක් කඩඉම් කාලයක්. උසස් පෙළ විභාගය. ඉතිං ඒ කඩඉම පසු කර සාර්ථක ඉදිරි ජීවිතයක් ලබන්න නුඹට හැකි වේවා. සුභ උපන්දිනයක් වේවා.....
මේ
නුඹේ එකම අක්කණ්ඩි..
නුඹේ එකම අක්කණ්ඩි..
නිසුගේ නංගිට සුබ උපන්දිනයක් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. කේක් එක කපන වෙලාවට කියනකෝ.තැගිත් අරන්ම එන්නම්....!!!
ReplyDeleteනිසුට වගේම මටත් ඉන්නේ එකම එක නංගියෙක් තමා. එත් එයාට නංගි කියනවට වඩා මගේ නැන්දම්මා කියන එක තමා හරි..:D
වාසනාවන් ... මෙහෙම අක්කියෙක් ලැබීම.
ReplyDeleteසුබ උපන්දිනයකට අපිත් ආසිරි පැතුවා කියල කියන්ටකො එහෙනම් ..
@Waruna M Ritigahapola - කපනවානම් කේක් කපන්න වෙන්නෙ ඉතිං විභාගෙ ඉවර වෙලාම තමා. කියන්නම්කො කැපුවොත්.
ReplyDeleteහික්ස් අපේ එක්කෙනත් ටිකක් ඒ වගේ තමා හරි නීති...:)))
@මහසෙන් - බොහොම ස්තූතියි. මං කියන්නම්කො එහෙනම්..
ReplyDeleteනංගියට සුබ උපන්දිනයකට ආසිරි!
ReplyDeleteමටත් ඉන්නෙ අක්ක කෙනෙක්,එයා මම් හම්බවෙලා ඉද්දි බලන්න ඇවිත් අඩේ තවත් එකෙක්! කියල උඩ පැන්නලු.අක්කලා ඉන්න එක වාසී ගොඩක්.
@Waruna M Ritigahapola සහ මහසෙන් / - ඔය දෙන්නා මේ පැත්තට ආවමයි නේද? ආවට ස්තූතියි...
ReplyDelete@නදී - බොහොම ස්තූතියි අක්කේ. හ්ම්..මට අක්කෙක් නෑ නෙ. මට ඒක නිසා ඒක තෙරෙන්නෙ නෑ. :(
ReplyDeleteනංගීට සුභ ම සුභ උපන් දිනයක් වේවා . .. !
ReplyDeleteනිසූ අක්කගේ නංගිට මුලින්ම සුබ උපන්දිනයක් වේවා කියලා පතන්නම් !!!! අර මොකෑ නංගා පොඩි කාලේ පෙකනිවැල බෙල්ලේ ඔතන් ආවයි කියන්නේ. ඔන්න ඕකම තමයි මටත් පොඩි කාලේ උනැයි කියලා කියන්නේ. මාත් ඔහොම කෝලමක් පොඩි කාලේ දාලා ඉපදුන ගමන්ම අයිසියූ එකේ හිටියයි කියලා අපේ අම්මා මට කියලා තියෙනවා.
ReplyDeleteඅක්කා මේ කතාව කිව්වම මට මගේ ඒ කතාව මතක් උනා.
@ නිසුපා - මම නම් comment කරෙ පලවෙනි වතවට තමා. follow කරෙත් මිට ටික දවසකට කලින් තමා. ඒත් ඉස්සරලම ඔයාගෙ බ්ලොගියට ආවෙ "ආයෙත් අවෝ" පොස්ට් එක බලන්න. කොහොම උනත් හරි අවදානයකින් නේද ඉන්නේ බ්ලොගියට එන්නේ යන්නේ කවුද කියලා...:D
ReplyDeleteසුභ අනාගතයක් පතනවා...
ReplyDeleteනගාට සුබ උපන් දිනයක් මම ත් පවතනවා ....!!!
ReplyDeleteඅක්කා සහ නගාට මම තවත් වාසනාවන්ත අනාගතයකුත් පතනවා ..........
නංගිට (මටනං අක්කට) සුභම සුභ උපන්දිනයක් වේවා...
ReplyDeleteඅප්පටසිරි. මට මේක අමතක වෙලානෙ. හය්යෝ, සොරි හොඳේ. ඔන්න මමත් විෂ් කලා කියන්න.
ReplyDeleteනංගියට සුබ උපන්දිනයකa වේවා
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා නංගෝ.
ReplyDeleteඔයා හරි වාසනාවන්තයි මේ තරම් ආදරේ තියෙන අක්කියෙක් ලබන්න.
නිසුපා අක්කේ නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා. ඇත්තටම නංගියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් හොදයි කියල මට හිතෙන වාර අනන්තයි. කොහොම හරි මට ඉන්නේ අක්කලයි අයියයි විතරයි. ඉතින් ඒ කාගේත් මල්ලි මම තමයි. කොහොම උනත් එකත් හොදයි.
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්.
ReplyDeleteකෙල්ලො වයස කියන්න අකමැතී කිව්වට ඔය කියල දාල තියෙන්නෙ අක්ක නඟෝ දෙන්නම. හි හී..
නංගිට මාත් සුභපැතුවා කියන්න නිසූ. මටත් ඉතින් මරා ගන්න හරි ඉන්නෙ එක අක්කයි. එයත් තව ටික දවසකින් වෙන කැදැල්ලකට යනවා. සහෝදරකම කියන දේ නම් හරිම පුදුමයි.
ReplyDeleteනිසූ අක්කගේ නගාට ඔන්න මමත් සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරා කියන්න. :)
ReplyDeleteබොහොම හෘදයාංගම ලියමනක්...
ReplyDeleteජය
අක්කා නංගිට බොහෝම ආදරේ වාගෙ! හොඳයි හොඳයි...
ReplyDeleteකොහොමත් ඔයා වගේ වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ඉන්න එක නංගි කෙනෙකුට ලොකු වාසනාවක්...
ඔන්න නංගිට සුභ පැතුවා කියන්නකෝ!
@දුකා - බොහෝම ස්තූතියි අයියේ....
ReplyDelete@බොහෝම ස්තූතියි මල්ලි.
ReplyDeleteඔව් ඔව් එයා පෙකනිවැල බෙල්ලෙ ඔතාගෙන තමා ආවේ. හැබැයි හොඳ වෙලාවට අයි.සී. යූ. නම් හිටියෙ නෑ.
@Waruna M Ritigahapola - ඔව් ඉතිං පොඩ්ඩක් අවදානයකින් ඉන්නේ. තාම අලුත් නේ බ්ලොග් කෙරුවාවට....:))
ReplyDelete@ගෝල්ඩ්fish ,වේලාව ලගයි , කිඩෝ - බොහෝම ස්තූතියි..
ReplyDelete@මාධව - ඔන්න නංගි කියන්න කිව්ව පහු පහු වෙනකොට කොහු කොහු වෙනව නේද කියලා..:D
ReplyDelete@සුදු හංසි - බොහෝම ස්තූතියි නංගි..
ReplyDelete@ batti - බොහෝම ස්තූතියි නංගි..
ReplyDeleteඔව් එයත් ඒක දන්නවා...:))
@ NNK - බොහෝම ස්තූතියි මල්ලි. ඔව් ඒකත් හොඳයි තමයි. එතකොට හැමෝම අනේ පොඩි මල්ලි කියල හරි ආදරෙන් ඉන්නවානෙ.
@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - බොහෝම ස්තූතියි. හිකිස්..මං නම් වයස කිව්වා තමයි.. ඒත් නංගිගෙ වයස කිව්වෙත් මම ම නේ...:D
ReplyDelete@පිණිබිඳු... - බොහෝම ස්තූතියි ලකියෝ. අප්පා අක්කා බදිනවද. මාත් සුභ පැතුවා කියන්න. මට තාම මතකයි මගේ මුල්ම සමරු පොත දුන්නෙ ඔය දෙන්නා. මුලින්ම ඒකෙ ලිව්වෙත් ඔය දෙන්නා...
@ ප්‍රාර්ථනා - බොහෝම ස්තූතියි නංගි මන් කියන්නම්
ReplyDelete@ තිස්ස දොඩන්ගොඩ - බොහෝම ස්තූතියි අයියා මේ පැත්තෙ ආවට..
@ ගීතක - බොහෝම ස්තූතියි අයියේ. හ්ම්...ඔව් ඉතිං මටයි කියලා ඉන්නෙ ඔච්චරයි නොවැ.
ගෑණු ළමයින්ගෙ වයස කියන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද ? හෆෝ මෙහෙමත් අක්කෙක්. එක දවසක් කලුයි කිවුවා. තව දවසක් සැරයි කිවුවා. දැන් Top Secret එකත් එළියට දාල
ReplyDelete@Chanaka Aruna Munasinghe -හික්ස්...නඟා නම් මුකුත් කීවේ නෑ මට වයස කිව්වා කියලා...:D
ReplyDeleteඅදට හරියටම මාසයක්... පරක්කු වෙලා හරි සුභ අනාගතයක් වේවා පතන්නම්... විභාග ප්‍රථිඵල හොඳ වෙන්නත් පතන්නම් ඒ අතරම...
ReplyDeleteඔයාගෙ හිතේ ඔය තියෙන කැක්කුම් ඔක්කොම මගෙ ලොකු දුවගෙ හිතෙත් තියෙනබව දන්නවා එයාගෙ නංගි ගැන.. ඉරිසියාවත් තියෙනවා.. ඒ එක්කම එයා ඉස්සරහට යනවට ලොකු කැමැත්තකුත් තියෙනවා... :)
මගෙ බ්ලොග් එක පුරාවටම ඒ දෙන්නගෙ විකාර තමා ලියවෙන්නෙ.. මම ඉතින් වෙන මොනා ලියන්නද?
@තනෝජා රාජපක්‍ෂ - බොහෝම ස්තූතියි අක්කෙ සුභ පැතුවට.
ReplyDeleteමමත් පුන්චි කාලේ හරිම ඉරිසියයි.ඇයි ඉතිං එයාටනෙ සැලකිලි වැඩි.මාත් ප්‍රාර්තනා කරන්නෙ එයා මට වඩා ඉදිරියට යන්න ඕනෙයි කියලා. ඒ වෙනුවෙන් පාර හදලා දෙන්නත් මං බලාගෙන ඉන්නෙ.
මං අක්කගෙ බ්ලොග් එක පැත්තෙත් ආවා..:)
මාත් අෆේ අම්මාගෙන් ඉල්ලව්වෙ නංගියෙක්..ලැබුනෙ මල්ලියෙක්.. අවුලක් නැ තිං :D
ReplyDeleteඒකනෙ..... මටත් කිසිම අවුලක් නෑ...:D
Deleteමට නැහැනේ නංගියෙක් :((
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! පරක්කු උනාට කමක් නෑනේ!
ReplyDeleteඅක්ක පිටි පස්සෙ හැංඟිලා බලං ඉන්නෙ... හි හී.. අක්ක හරි චණ්ඩියෙක් කියල නංඟී හිතාගෙන ඇත්තෙ... ලොල්
ReplyDeleteනංඟියගෙ 20 වෙනි උපන් දිනේට මං දැන්මම සුභ පතනවා ඔන්න... මං තමයි මුලින්ම ඒකට සුභ පැතුවේ :)