අපොයි..අද නම් කතාව ලියලා ඉවරයක් කරනවාමයි කියලා තමා ලියන්න ගත්තේ.ලියන්න කීවට ලියන්නම නෙවෙයි ටයිප් කරන්න.අපේ හරිම අපූරු සිරීපාද ගමනක් ගැන තමා මං මේ දැන් සති ගානක ඉඳන් ලියන්නේ.කස්ටියට එපා වෙලාදත් මන්දා දැන් නම්.
මෙන්න මෙහෙමයි කතාව වුනේ
මෙන්න මෙහෙමයි කතාව වුනේ
සිරි පාදේ සමනළ කන්ද පෙනේ 5......
සිරි පාදේ සමනළ කන්ද පෙනේ 6......
අද ආපහු ගමනෙදි මොකද වුනේ කියලා බලමු නේද...???
......................................................................................................................
නුවන් නම් නල්ලතන්නියෙන්ම නුවරට යන්න පිටත් වුනා.දැන් අපේ සෙට් එකේ ගාන 6යි.කෙල්ලො 3යි,කොල්ලො3යි.බස් එක දැන් ඉදිරිය බලා ගමන් කරනවා.ඉස්සරහිනුයි පස්සෙනුයි වාහන පෝලිමයි.ඇයි අර ආපු වාහන කන්දරාව ආපහු යන්නත් එපැයි.වාහන විතරක් නම් මදැයි.මහා ජන ගංගාවකුත් ඉදිරියටම ඇදෙනවා.චුට්ටක් ඉස්සරහට යනවා, නතර වෙනවා,ආයෙත් යනවා, නතර වෙනවා.මක් කරන්නද.අපි කැලේ පැනලා ට්‍රැෆික් මඟ ඇරියට බස් එකට එහෙම කරන්න පුලුවනෑ මහ පාරෙම යනවා මිසක.
කකුල් දැන් නම් ඩබල් ටින් ගානවා.හිටගෙන ඉන්න මාරම ගේමක් දෙන්න වෙනවා.අප්පේ....තව පැය පහක් විතර හිටගෙනම ඉන්න වුනොත්...මාධවනම් ඒ වෙන කොට හිටගෙනම නිදි.බස් එක යන්නෙත් නෑ.මඟුල් ට්‍රැෆික් එක.ඕනෙ එකක් කියලා මං ගත්ත තීරණයක්.මෙහෙම හිටගෙන ඉන්න ඇහැකියෑ වින්ද වද වල හැටියට.කලිසම යකාට ගියාවෙ (මේ කිව්වේ කලිසම ගලවලා යකාට කලිසම දෙන එකක් ගැන එහෙම නෙවෙයි.හරිද :D) කියල අර කුණු,දූවිලි,ජරාව පිරිච්ච බස් එකේ බිම තප්පලන් දාලා වාඩි වුනා.පිට හේත්තු කරගත්තා සීට් එකකට,කකුල් දෙක ඉස්සරහ සීට් එක අස්සෙ.
අපේ සෙට් එකටනම් ඉතිං මේ වැඩ පුරුදුයිනෙ.ඒකටත් එක්ක බස් එකේ අනික් මනුස්ස පරාණ ටික කටවල් එහෙම ඇරගෙන බලාගෙන ඉන්නවා.ආයේ නිකන් ජීවිතේ කවදාවත් බස් එකක බිම ඉඳ ගත්ත කෙල්ලෙක්ව දැකලා නෑ වගේ.ටික වෙලාවකින් අපේ සෙට් එකම බිම ඉඳගෙන.බස් එකත් හෙමින් ගාටනවා. තව ටික වෙලාවක් ගත වුනා.බස් එකේ උඩ හරියෙන් පෙනුන මිනිස්සුන්ගෙ ඔළුගෙඩි ටික දැන් පේන්නේ යට හරියෙන්.ඇහ්...යකෝ මෙන්න අනික් උන් ටිකත් ඉඳගෙන.මං පූර්වාදර්ශී චරිතයක් වෙලානෙ..
කට්ටියම බිම ඉඳගෙන නිසා දැන් නම් කකුල් හිරි වැටුනාම එහාට මෙහාට කරන්නවත් බෑ.ඇයි එහා පැත්තෙ ඉන්න එවුන්ගේ ඇඟේ වදිනවානේ.බඩත් දෙකට නවාගෙන (නැත්නම් දන්නවානෙ) නින්දත් නොනින්දත් අතර කොහොම හරි ගිනිගත්හේනටම ආවා.ඉස්සරහින් තියෙන වාහන හෙලවෙන්නෙම නෑ.මොන එකක්ද ඒ පාර....
අනේ අම්මේ ඔන්න තවත් මරාලයක්.දෙන දෙවියො පන්න පන්න දෙනවද කොහෙද....?ඉස්සරහ පාර බ්ලොක් වෙලා.ගහක් කඩා ගෙන වැටිලාද කොහෙද.ඇයි දෙයියෙනේ අපිටම මෙහෙම වෙන්නෙ.අපි ඔක්කොටම හිතුනෙ ඒක.දැන් ඉතිං බ්ලොක් එක අයින් කරනකල් ලැගහල්ලකො මෙතන.එතකල් බස් එක ඇතුලෙ ඉන්නයෑ.ඒක පාන් පෝරණුවක් වගේ රත් වෙලානෙ.බස් එකේ මිනිස්සු ඔක්කොම බැස්ස බිමට.
වතුර බීලා,ගෙනාපු බිස්කට් ටිකටත් වැඩේ දුන්නා.මොනවා වුනත් කරදරේකදි මිනිස්සු එකතු වෙනවානෙ.හැමෝම කතා කර කර පාරෙ අයි නට වෙන්න තිබුන ගස් කොටන් වගයක ඉඳගෙන හිටියා.සැරින් සැරේ ඉඳගන්න ටර්න් එක මාරු කරනවා.මොනව වුනත් හොඳට අවුව පායලා.ඉර දෙවියොත් අපි බැට දෙනවා.හෙවනට වෙලා හිටියත් රස්නෙට මුනු පුපුරු ගහනවා වගේ.වෙලාවට පාරෙන් එහා පැත්තෙ ගෙදරක එලියෙ ටැප් එකක් තිබුනා.නැත්නම් වේලිලා කරවල වගේ වෙනවා.ඒ අස්සෙ ගෙදරින් කතා කරලා අහනවා කොහෙද ඉන්නෙ කියලා.වුන දේ කිව්වාම කියනවා එහෙනම් රෑ දොළහ විතර වෙයි කියලා ගෙදර එනකොට.බණ කතා කරනවද මන්දා.හාමත් වෙලා මැරෙන්න වෙන්නේ.
තවත් පැය දෙකක් තුනක් ගියා බස් එකට තිබුන තැනින් හෙලවෙන්න.දෙවියන්ගේ පිහිටයි ඊට පස්සෙනම් විද්ද විදිල්ලක් බඩේ ඒවා එලියට එන්න තරමට.බඩේ වැඩිය මුකුත් නැති නිසාම බේරුනා.:Dමොන ජරමර අස්සේ වුනත් මට හොඳට නින්ද යනවා.නෙබිම ඉඳගෙනම මං ගජරාමෙට නිදි.සීට් එකක් හිස් වුනාම අපේ එකෙක් මාව නැගිට්ටෙව්වා.ඊට පස්සෙ ඉතිං සීට් එකේ දොයි.පස්සෙ තමා මං දැනගත්තෙ බස් එකේ ඩ්‍රයිවර්, ඒ වෙනකොටත් නැගලා හිටපු සෙනඟ බස්සන්න මිසක අලුතෙන් සෙනඟ නග්ග ගන්න බස් එක නතර කරලා නැති වග.කොච්චර හොඳ ඩ්‍රයිවර් අන්කල් කෙනෙක්ද නේද...??
ඒ වැඩේ නිසාම අපිට 8.30 විතර වෙනකොට අවිස්සාවේල්ලට එන්න පුලුවන් වුනා.අම්මෝ..දැන්වත් මොනව හරි බඩට දා ගන්න ඕනේ කියල හිතලා කට්ටියම කඩ හොයාගෙන බඩ ගෑවා.අච්චර ෆිට් එකේ හිටපු සහන් මලයාටත් මේ වෙනකොට මංඤං වගේ බඩගින්න වැඩි වෙලා.වැඩි කතාවකුත් නෑ.
කට්ටියම කඩ වන්දනාව පටන් ගත්තා.ඉස්සෙලාම ගොඩ වැදුන කඩේ කෑම ඉවරයි කිව්වා.ඇවිදලා ගිහින් රිංගපු අනික් කඩේ නම් කෑම තිබුනා.සහන් බත් කෑවා.උදිත කොත්තුවක් ගත්තා.කෙල්ලො අපි ආප්ප කෑවා.මාධව, කොල්ලො දෙන්නගෙන්ම පොඩ්ඩ පොඩ්ඩ කෑවා.බඩගින්නෙ ඉඳලාම අපිට කන්න බෑ.ඒත් උදිතනම් ඔක්කොම කෑවා සුපුරුදු ලෙසම.ආයෙ මොනවද මිනිහා බත් කෑවත් අන්තිමට පිගානෙ ඉතුරු වෙන්නෙ කරපිංචා,රම්පේ වගේ ඒවා විතරයි.බත් ඇටයක්වත් හොයගන්න බෑ.ආයෙ හොදලා වගේ තමා.හෝව්..හෝව්...කතාව කතාව මඩ ගහන්නත් යනවනෙ මං ඒපාර.
අවිස්සාවේල්ලේ බස් ස්ටෑන්ඩ් එකට ගියේ ඉඳගෙනම එන්න පිටකොටුව බස් එකක් තියෙයිද බලන්න.මොන එකක්වත් නෑ.ඉතිං ආපහු හයිලෙවල් එකටම ඇවිත් බදුල්ල බස් එකක එල්ලුනා.මීපෙට එනකොට 9.30ට විතර ඇති.මේ වෙලාවට සාලිකාලගෙ ගෙවල් පැත්තට යන්න බස් නැ.ගෙදරට පනිවිඩේ දීලා එයාත් අපේ ගෙදරම නතර වෙන්න සෙට් වුනා.වෙලාවට උදිතලගේ කාර් එක ඇවිත් තිබුනා මීපෙට.ගෙදරට යා ගන්න පුලුවන් වුනා ඒකෙන්.ගෙදර ගියාම කියන්න කතා ගොඩයි.මුල සිට අගටම කියන්න මරු කතාවක්නෙ ඉතිං අපි වුනේ.කතා කියන්න ගියාම මං ඉතින් වැල් වටාරම් දාලා එහෙමනෙ කියන්නේ.ඒ නිසා තිබුන දෙයක් කාලා බීලා නිදියනකොට දහය විතර වුනා.
ඔන්න ඔහොමයි අපේ ගමන ඉවර වුනේ
ප.ලි.
ගමන ගිහින් ආපු ගමන් හිතුනේ ඇයි අපිටම මෙච්චර කරදර සිද්ද වුනේ කියලා.ඒත් දැන් නම් මතක් කරනකොට ආතල් එකකුත් දැනෙනවා.ඒ සිද්ද වුන දේවල් අත්දැකීමක් හැටියට සෑහෙන වටිනවා.
ඒත් අදටත් එක දුකක් තියෙනවා කෝඩු කාරයෙක් හැටියට ගිය සාලිකාව ආයෙත් පාරක් සිරීපාදේ එක්ක යන්න බැරි වුන එකට.ඊටත් වඩා දුක හිතුනෙ එයා එදා වුන හැම දේම සාලිකා, එයාගෙ වරදින් වුනා කියලා හිතපු එක.කෝඩු කාරයෙක් සිරීපාදෙ යනකොට කට පරිස්සමින් යන්න කියනවානේ.එයා හිතුවෙ එයාගෙ වරදක් නිසා අපි ඔක්කොටම යන්න බැරි වුනා කියලා.:(

.....සමාප්තයි.....

මොනවා උනත් අපුරු චාරිකාවක් අක්කේ..:) ඔහොම චාටර් කාගෙන ගියේ නැත්තම් ඉතින් ගමනක් ගියා කියලවත් දැනෙන එකක් නෑ.. හරියට ඔය සෙට් එකේ මාත් හිටියා වගේ..:D අක්කි කතාව එච්චර දැනෙන විදිහට ලියලා තිබුණා...:)
ReplyDeleteමාත් සිරිපාදේ මුල පටන්ම කියෙව්වා ඔගොලන්ගේ මේ චාරිකාවේ අත්දැකීම් , විනෝදය , ඉගෙන ගත්තුවා එහෙම මම ආසාවෙන් අවසානයට තෙක් කියෙව්වා මම අක්කාට මේ වගේ රසමුසු චාරිකාවක් නැවත අප අතරට ගෙන්න අපි දිගටම කියනවා ....
ReplyDeleteමරු චාරිකාව! ගමන කෙසේ වෙතත් හොඳ කට්ටක් නම් අනුභව කරලා තියෙනවා...
ReplyDeleteඅවුලක් නෑ... ඔය වයසට ඔය කටු ටික කන්නම ඕනෑ. ඔය වීරකම් කරන්න බැරි කාලෙක වුනත් මතක් කරලා හිනාවෙන්න පුලුවන්... :)
මේක ලියන්නත් මාර කට්ටක්නේ කෑවේ!
@චතුමිතු: අපූරු??? මම කියන්නෙ නෑ ඉතින්. වින්ද දුක දන්නෙ අපි නෙව.
ReplyDelete@වෙලාව ලඟයි: අනේ මේවගේ චාරිකා නම් ආපහු යන්න නොලැබේවා!!!
@හිතක - ඇත්ත කතා: කට්ට කියන්නෙ, කට්ටෙත් ලොකු එක. :D
@නිසුපා: හ්ම්ම්. ඔය ගමනෙන් පස්සෙ යන්න බැරි උනානෙ සිරීපාදෙ, කට්ටිය දැන් විසිරිලා ගිහිල්ලනෙ. :( ලඟ හිටියත්, කට්ටියටම එකට ෆ්‍රී වෙලාවක් හොයාගන්න එක මාරම අමාරු වැඩක් වෙලානෙ දැන්.
ආපහු යන්න ආසයි. රත්නපුර පාරෙන් ගිහිල්ලම නෑනෙ, ඒ පැත්තෙන් යන්න ඕනෙ. එරත්න, හැටන් දෙපැත්තෙන්ම ගිහිල්ල තියෙනවනෙ.
සාලිකා එහෙම හිතපු එක නම් මටත් ගොඩක් දුකයි, ඒත් එහෙම නෙමෙයි උනේ, අපේම වැරැද්දෙන්. අපි තෝරගත්තු දවසෙ වැරැද්ද. වෙන කිසිම අවුලක් නෙමෙයි.
ඒක නෙමෙයි, ඊළඟට තවත් රසබර කතාවකින් එනකම් බලාගෙන ඉන්නවා. :)
ReplyDeleteමොකද වෙන්නේ මේ ගමන ගැන පොතක් ලිව්වොත්.... තව මගඇරිච්චි තියෙනවනේ.. ඒවා පසු වදන විදියට ලියන්න...
ReplyDelete...
@චතුමිතූ - ඔව් නංගි.මේක නම් මැරෙනකල්ම අමතක වෙන ජාතියේ චාරිකාවක්නම් නෙවෙයි.:D.ඒත් ඉතිං අපිට මලුවට යා ගන්න බැරි වුන එකට දුකයි.කටු නම් ඉතිං ඇති වෙනකල් කෑවා.බොහෝම ස්තූතියි නංගි.ඔය වගේ අදහස් දෙනකොට දිගටම ලියන්න මාර ගටක් එනවා..
ReplyDelete@@වෙලාව ලඟයි - හිකිස්..තව කතා තියෙනවා.චාරිකාත් තියෙනවා.ඒවා ලියනවට ඒවට ගිය අය කැමති වෙයිද දන්නේ නෑ.ස්තූතියි මල්ලි කියවන්න එනවට.
ReplyDelete@ ගීතක - කියල වැඩක් නෑ අයියා.නියම කට්ටක් තමා කෑවේ.ගමන් එපා වුනා ඒ දවස් වල.
ReplyDeleteඇත්ත ඇත්ත..දැන් නම් මේවට හිනා වෙන්න පුලුවන්.අපි හැබැයි ඔය වගේ වීරකම් වලට ආස නැත්තෙමත් නෑ...:)))ඔව් අප්පා ලියන්නත් මාරම කට්ටක් කෑවා.හොඳ වෙලාවට මට සප් එකට දෙන්නෙක්ම හිටියා...
@මාධව - ඉස්සෙල්ලම ඔයාට ගොඩක් ස්තූතියි අර කොල ටික දුන්නට නැත්නම් මතක් කර කර එපැයි ලියන්න.ඔව් ඊළඟ පාරවත් අපි යමු.දිමුතුත් ඉන්නවානේ දැන්.රත්නපුර පැත්තෙන් යන්න මාත් හරි ආසයි..
ReplyDeleteකලින් කොමෙන්‍ටුවක් දැම්මේ නැති උනාට මම කතා සීරීස් එකම කියෙව්වා. අම්මප මට හිතෙන්නෙ ආයෙත් පාරක් සිරීපාදේ ගියා වගේ. එදා මළුවට යා ගන්න බැරි වෙච්ච එක නම් දුකයි තමයි. හැබැයි ඒ කාපු කට්ට දැන් මතක් කරනකොටනම් පුංචි පහේ ෆන් එකක් හිතට දැනෙනවා. මොනවවුනත් කාපු කට්ට වැඩි වුන තරමට පහු කාලෙකදි ඒක මතක් කරල සතුටු වෙන්න පුළුවන්.... පුළුවන්නම් අපි සෙට් එක ගහපු තව සවාරියක් ගැනත් ලියන්න බලන්න...
ReplyDelete@ගෝල්ඩ්fish - අපොයි පොත් ලියන්න බැරියෝ...මේ ඇති හොඳටම මේක ගැන..:P
ReplyDelete@උදිත - මං දන්නවා ඔයා කියවනවා කියලා.ඔයාටත් පිං මට අමතක වුන ඒවා මතක් කලාට.මං ඔන්න ඔයාට පොඩි මඩකුත් ගැහුවා.හික්ස්...ඔව් දැන් නම් මතක් වෙන කොට පොඩි ආතල් එකක් එනවා.තව කතාවක් තියෙනවා.ඒක පෝස්ට් එකක් කරන්න සෑහෙන්න අදින්න වෙයි වගෙ.බලමුකෝ...
ReplyDeleteමාත් කලින් කමෙන්ට්ස් දැම්මේ නැතුවට කතාවනම් දිගටම කියෙව්වා. ඇත්තටම මම කතාව දැනගෙන හිටියත් කිසිම කම්මැලිකමක් නැතුව කියවන්න පුළුවන් වුනේ ලියන්න පාවිච්චි කරල තියන අපූරු භාෂා විලාසය හින්දමයි. දිගටම ලියන්න මොකද ඔයාට හොද හැකියාවක් තියෙනවා.
ReplyDeleteඅපි එක පාරක් තිස්සමහාරාමෙ මල ගෙදරක යන්න ගිහින් ඔය වගේ කට්ටක් කෑවා. මොනා උනත් ඕනෙ දේකට රෙඩි යාලුවො සෙට් එකක් ඉන්න කල් බයවෙන්න දෙයක් නෑ.
ReplyDeletehmm. Ow samaharak tan wala poddak panala gihilla tiyenawanam tama. Bt ara kiwwa wage dana samaharunta epa welada danne ane. So katawa maru karana eka honda. :D
ReplyDeleteනියමම ගමනක් තමයි... කොච්චර කරදර වුනත් ඔය වගේ ගමනක මතක හැමදාටම හිත් වල තියනව...
ReplyDeleteමීට පස්සේ අපිත් ඔය වගේ ගමනක් ගියොත් කියන්නම් කො "නිසූපා සිරී පාදේ ගියා වගේ කියල...."
නියම චාරිකාවක් අක්කේ. මාත් අක්කලා එක්කම සිරිපාදේ ගිහින් ආවා වගේ.
ReplyDeleteපරමාදර්ශි අක්කා කෙනෙක් !!!!
මොකටද ඉතින් ඒ හරිය. අනේද කියන්නේ.
@අංජන - ඔයා මේ පැත්තේ එන බව මම දැනගෙන හිටියෙ නෑ නෙ. බොහෝම ස්තූතුයි කොනමෙන්ටුවට.කොහොම හරි දිගටම ලියන්න තමයි ට්‍රයි එක..:))
ReplyDelete@පිණිබිඳු - ඒකනම් ඇත්ත. ඕන දේකට කට්ටිය රෙඩි නිසා ඔයින් ගියා. නැත්නම් මොනවා වෙයිද දන්නේ නෑ.:))
ReplyDelete@නදුන් උයන - ඔව් ඒකනෙ.මේ වගේ ගමන් නම් අමතක කරන්නම බෑ ලේසියකට.
හා හා එහෙම කියන්නකෝ.එතකොට මම ප්‍රස්තාව පිරුළකුත් හැදුවා වෙනවා නේ.කාටද ආඩම්බර...:))
@මධුරංග - නියමම ගමනක් තමා ඒක.ඔයා මේ දවස් වල busy ලු නේද?මං මේ බැලුවා සද්දයක් නැත්තෙ ඇයි කියලා.
ඇයි මට පරමාදර්ශී චරිතයක් වෙන්න බැරිද???
අපොයි පුලුවන් අක්කේ !!!!
ReplyDeleteබැරි මොකෝ. මට දුක අක්කව ආදර්ශයට ගන්න කට්ටිය ගැන. හික්ස් :)
විහිලුවට කීවේ හොදේ.
කවදාවත් සිරීපාදේ නොගිය මාවත් සිරීපාදේ එක්කන් ගියාට පින් හොදේ :)
ReplyDelete@mier - ලබන අවුරුද්දෙවත් යන්න බලන්න. මට ඉතිං ඔයාව උඩටම එක්කන් යන්න බැරි වුනා නෙ.
ReplyDelete