expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

Tuesday, October 2, 2012

නඩුත් හාමුදුරුවන්ගෙ,බඩුත් හාමුදුරුවන්ගෙ

    හෝව්ව්ව්ව්ව්ව්ව්.........................මේ කියන්න යන්නෙ පහුගිය දවස්වල ප්‍රසිද්ද අර ඇමති පුත්තරයගෙ කතාව එහෙම නෙවෙයි.ඕවා කතා කරන්න තරම්වත් හිතෙන්නෙ නෑ.අනේ මන්දා රටට මොනවා වෙයිද කියලා..හ්ම්....

   මේ මගෙ හොරු කතාවෙ ඉතුරු ටික. රවී අයියා මාව බය කරන්න හැදුවට පොලීසිය ගැන මේකෙ වැඩි කතාවක් නැහැ ඔන්න. :D


Friday, September 14, 2012

මෙන්න හොරු..

         අප්පේ මට බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද? අමතකම වෙලා ගියානෙ.දැන් සතියෙ දවස් දෙකක් ඔෆිසියේ.ඒ දවස් දෙකේ නෝ ඉන්ට නෙට්.අනික් දවස් ටිකෙත් බ්ලොග් කියවලා.සයිට් එකේ වටයක් දෙකක් ගිහිල්ලා,කාලා බීලා එනකොට වෙලාව හරි.ඒත් ඉතිං එහෙමයි කියලා මේක අමතක කරලත් බෑ නෙ.මේ ඉවරයක් කරන්න යන්නෙ කාලයක් තිස්සෙ ලිය ලියා පරණ කරපු පෝස්ට් එකක්.

මං සෑහෙන කාලෙකට කලින් හොරු ගැන පෝස්ට් එකක් දැම්මනෙ. මේත් ඉතිං තවත් එක හොරු කතාවක්.

දිනය - 9.7.2012
වෙලාව - පස්වරු 2.30

         රීන් ගාලා මගෙ ෆෝන් එක රින්ග් වෙනවා.මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්.කවදාවත් නැතුව මොකද මේ.

මම - හෙලෝ අම්මේ.....
අම්මා - මේ ඔයාගෙ වටිනා කියන දේවල් මොනවද ගෙදර තිබුනෙ.? (කලබලෙන් වගේ කතා කලේ)
මම - එහෙමකට කියලා දෙයක් නෑ.(මගේ ඉතිං එහෙමටයි කියලා දෙයක් නෑ නෙ වටිනා කියන.කනේ කරේ දාන්නෙත් ප්ලාස්ටික් කෑලිනෙ). ඇයි මොකෝ වෙලා තියෙන්නෙ.
අම්මා - ගෙදරට හොරු පැනලා.....
මම - මොකක්....???????
අම්මා - ඔව් ඔව්. මේ මං දැන් තාත්තට කතා කරන්න ඕනෙ.තියනවා.

             අපොයි පස්සෙනෙ මතක් වුනේ යාලුවො මට අරගෙන දුන්න පොඩි පෙන්ඩන්ට් එකක් තියෙනවා කියලා අල්මාරියෙ.අනේ ඒක ගෙනිහින්ද දන්නෙ නෑ.ආයෙ අම්මට කෝල් කරන්න හැදුවට හැම වෙලේම එන්ගේජ්.තාත්තට කතා කලා.අඩේ පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්න කිව්වා.තාත්තාත් පිටත් වෙනවලු දැන්.අල්මාරි වල රෙදි ඔක්කොම බිමලු.අයියෝ අස් කරපල්ලකො ඉතිං.මදෑ රෙදි හෝදලා,වේලලා,නමලා ලස්සනට තියලා ආවා.දැන් අස් කරපල්ලාකො මුල ඉදලා ආයෙත්.:((((.





       හොරු ආවා කියපු ගමන් මගෙත් හිතත් යකාගෙ කම්මල වගේ වෙලා.ගෙනියන්න තරම් දෙයක් නැති වුනත් එක පාර බය හිතෙන ටිකක් සාදාරණයිනෙ නේද?දඩි බිඩි ගාලා ගත්තා බෑග් එක ලඟ හිටිය එකාට සිද්දිය කිව්වා.මැරතන් දුවන්න වගේ දුවන්න ගත්තා.හෆොයි.... සයිට් එක ඇතුලෙ ටිකක් දුර ගියාම තමා මතක් වුනේ යන්න මාරු සල්ලි නෑ කියලා.සයිට් එකේ කැන්ටින් එකෙන් ඇහුවත් නෑ කියපි.අන්තිමට වෙන කෙනෙක්ගෙන් අත මාරුවට සල්ලි ඉල්ලගෙන තමා යන්න වුනේ.


  බස් එකට නැගලා නගාට කෝල් එකක් ගත්තා.එයා ගියානෙ යාලුවෙක්ගෙ ගෙදර.ඒකත් වෙලාව.නැත්නම් මූ මොනවා කරගනියිද දන්නෙ නෑ.අනේ ඒකා මුකුත් දන්නෙ නෑ.ඌටත් ඉක්මනට ගෙදර යන්න කිව්වා.පවුලක් ලෙස  එකට ඉන්න එපෑ කරදරේකදි නැද්ද.

      මේ මල මගුල් බස් එකත් ගාටනවා.ඒ මදිවට ආමර් වීදියෙත් නවත්තගෙන ඉන්නවානෙ විනාඩි 10ක් විතර.එතකොට ඉතිං අවිස්සාවේල්ල බස් දෙකක් තුනක් ගිහින් තියෙයි.තවත් පරක්කුවක්.හප්පේ අර තියෙන්නෙ මීට කලින් ගිය බස් එක තාම නවත්තලා කලර් ලයිට් වල.බැස්සා ආපු එකෙන්.අනේ ඔන්න අර බස් එක යනවා.පුලුවන් උපරිමෙන් දුවලා පැන්නා යන බස් එකට.මදෑ ඉස්සුනා මදිනෙ. "දඩාස්".............................................

          නෑ නෑ වැටුනෙ නෑ වෙලාව හොඳ නිසා. :D කකුල ෆුට් බෝඩ් එකේ වැදුනා විතරයි.ඊළඟ පිම්මෙන් ඔන්න බස් එක ඇතුලෙ.පිටිපස්සෙ සීට් එකේ මිනිස්සු කන්න වගේ බලාගෙන ඉන්නවා.ඕන් මං නම් එයාලව දැක්කෙ නෑ ලු. ;) කකුල හීරිලා තිබුනා බලද්දි.ඕවානම් මොනවද.

    ඔහොම බාදා මැද්දෙ ගෙදර යනකොට මඟදි තාත්තා යනවා අපේ මාමා කෙනෙක් එක්ක පොලීසි.කෝල් කරලා කිව්වට මොකෙක්වත් ඇවිත් නෑ.ඔක්කොටම හපන් මං මේ දෙමෝලෙන් පිටි කොටන්නා වගේ ගැහි ගැහී යද්දි අපේ තාත්තා වෙනද වගේම ෆුල් සොමියෙ.නැති වුනේ මොනවද කියලා දන්නෙත් නෑ"බලන්නකො චූටි දූ මේ හොරා ගේ ඇතුලෙ රවුම් ගහලා තියෙන්නෙ කඩලා තිබුන රඹුටන් ටිකටත් වැඩේ දිදීනෙ.ඌ අපිට පින් දිදී කන්න ඇති. හෙ හෙ හෙ..... මේ අපි යනවා එහෙනම්.පොලීසිය එනකොට මං කෝල් කරන්නම්"




   ගෙදර යනකොට බාප්පගෙ භාර්යාවයි,පුතණ්ඩියයි අපේ ගෙදර. අම්මයි,නංගියි ත් එයාලා එක්ක කයිය.අලේ ඒ දෙන්නත් අර ඉන්නෙ සොමියෙ.කවුරු හරි දැක්කානම් හිතයි හොරු පැනලා තියෙන්නෙ අපේ අල්ලපු ගෙදරට කියලා.:)))) බැලින්නම් රත්තරන් බඩු ටික බැංකුවේ,ගෙදර සල්ලි තිබිලා නෑ.හැබැයි මගේ යාලුවො දීපු පෙන්ඩන්ඩ් එකයි,තව තෝඩු දෙකකුයි නම් මිසින්.

  ගේ පුරා පොඩි සර්ච් පාරක් දැම්මා.හපෝ රෙදි ටික කඳු කඳු ගහලා බිම.මගේ පරණ ලැප් කට්ටත් එලියට ඇදලා.හොරාටත් තේරිලා ඒක වැඩක් නෑ කියලා.තාත්තගෙ පරණම පරණ කැමරා වගයක් ලස්සනට වගේ එලියෙ තියලා තිබුනා.ඒවත් එහෙමම.වෙන එකක් තියා ඩිජි කැම් එකත් යස අගේට තියෙනවා.ගේ පුරාම රඹුටන් ලෙලි.වැස්සට ඉහලගෙන ආපු කුඩේ කඩාගෙන ආපු ජනේල ගාව.ජනේලෙන් ඇතුල පැනපු තැන මඩ අඩියක්. එලියෙ ටැංකිය ගාව ලිස්සපු අඩි පාරක්.ශුවර් එකටම අම්මා අපු පාර බය වෙලා දුවලා.

    ඔන්න දැන් තමා අම්මගෙන් කතාව අහගන්න පුලුවන් වුනේ.අම්මා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඔනකොට අපේ බලු තඩියා එලියෙ ඉදලා.අම්මා ඉතිං ඌත් එක්ක කතා කරලා එහෙම යතුර හොයා ගෙන දොර ඇරලා.දොර ඇරපු ගමන් අපේ කෑම කාමරේ පේනවා.අම්මට හිතිලා තියෙන්න කලින් දවසෙ ඇරපු ජනේලෙ වහලා නෑ කියලයි.ටිකකින් තමා තේරිලා තියෙන්නෙ යකෝ කෝ ග්‍රිල් එක කියලා.ඔන්න එතකොට තමා මීටරේ වැඩ කරලා තියෙන්නෙ හෙට හොරු පැනලා කියලා.පිලිවෙලින් කාමර ටික බලාගෙන ගිහින් කුස්සියෙන් ගෙයින් එලියට බැහැලා කඩපු ජනේල ගාවට ආපු අම්මා අපේ පල්ලෙහා ගෙදර අයට කතා කරලා.

  ඊට පස්සෙ ඉතිං අහළපහළ අයත් ඇවිත් පශ්චාත් පරීක්ෂණ එහෙම පවත්වලා තමා තාත්තට නිවුස් දීලා තියෙන්නෙ.මං එනකොටනම් ගම මැද්දෙ ඉන්න නෑයොත් ඇවිත් ගිහින්.ඕපා දූප ටික මට මිස් වෙලානෙ. :D අන්තිම නිගමනේ තමා අම්මා ගෙට එන සද්දෙ ඇහිලා බය වුන හොරා

  ඔන්න තාත්තත් එක්කම පොලීසිය ආවා.සිවිල් පිට හයදෙනෙක් විතර ආවා.ඔන්න එතැන් සිට කතාව දෙබසින්.

පොලීසිය - කෝ කොහෙන්ද ගෙට ඇවිත් තියෙන්න?
අම්මා - අර තියෙන්නෙ අර ජනේලෙන් තමා ඇවිත් තියෙන්නෙ.
පොලීසිය - ග්‍රිල් එකත් ගලවගෙන ඇවිත් තියෙන්නෙ.මොනවද ගෙනිහින් තියෙන්නෙ.(ගේ ඇතුලෙ රවුමක් යන ගමන්)
තාත්තා - ලොකු දුවගෙ පෙන්ඩන්ට් එකකුයි,තව පොඩි තෝඩු දෙකකුයි.
පොලීසිය - පවුම් කීයද පෙන්ඩන්ට් එක.
මම - දන්නෙ නෑ යාලුවො ගෙනත් දුන්නෙ.
පොලීසිය - බලමු ගිහින් ජනේලෙ ගාව. (ජනේල ගාවට ගේ වටෙන් ගිහින් රඹුටන් ගස් දැක) කෝ මේ කෙක්ක? ආහ් මේ තියෙන්නෙ.
පොලිසීයෙ ලොක්කා - අන්න අර ගෙඩිය කඩා දෙන්න.ඒක හොදට ඉදිලා.(ජනේලෙ දිහාත් සුට්ටක් විතර බලලා)මෙහෙ තීන්ත ගාන්න එහෙම කවුරුත් ආවද?
තාත්තා - අනේ නෑ අපිමනෙ තීන්ත ගෑවෙ.
පොලීසිය - හ්ම්... එතකොට රඹුටන් කඩන්න කවුරුත් ආවද?
නංගි මට හෙමින් - ඇයි අර මංජු මාමා ආවෙ. (මංජු මාමා කියන්නෙ අපේ ගෙදර වඩු වැඩ කරන්න එන අපට හිතවත් වඩු මහතෙක්.ගෙදර කවුරුත් නැහැ කියලා හිතලා දවල් වරුවක ඇවිත් රඹුටන් කඩාගෙන ගිහින්.නංගී ගේ ඇතුලෙ ඉදන් බලන් ඉදලා.තව ටිකෙන් පොලීසියෙන් හොද සංග්‍රහයක් හම්බ වෙනවා.:D )
මම - පිස්සුද මංජු මාමා එහෙම කරනවයෑ.
පොලීසිය - කවුද ඒ???? (මදෑ ඇහිලා)
තාත්තා - නෑ නෑ ඒ අපි දන්න කෙනෙක්. එයා එහෙම කෙනෙක් නෙවේ.(වෙලාවට ඒක පිළිගත්තා)

      මේ වෙනකොට අපේ රඹුටන් ගස් වලින් ගෙඩි පනහක් හැටක් පොලිසි අන්කල්ලගෙ බඩේ(හෝව් වැරදුනා අයියලත් හිටියනෙ) මදෑ වුන දේ ගේ ඇතුලෙ තිබුන ඒවට හොරා වැඩේ දුන්නා.ගහේ තිබ්බ ඒවට පොලීසිය වැඩේ දුන්නා.කාට කියන්නද මේ දුක.

පොලීසියෙ ලොක්කා - මේ, මේ මහත්තයලව පොලීසියෙ රස්තියාදු නොකර මෙහේදිම පැමිණිල්ල ලියාගෙන යමු නේද? (කොහොමද රඹුටන් වල බලේ)

   ඔය වෙනකොට අම්මාතාත්තාගෙයි,නංගිගෙයි,මගෙයි විස්තර පස් පාරක් විතර අහලා.

    යන්න හදනකොට තමයි පොලිස් මාමලට කුඩේ මතක් වෙන්නෙ."ආහ් අපි කුඩේ අරන් යන්නම්. ඔය ෂුවර් එකට කුඩු කාරයෙක් වෙන්න ඇති.අපිට දවස් දෙක තුනක් දෙන්නකෝ."

අනේ මන්දා ඒ දවස් දෙක තුන තාම ගෙවෙනවා..... :D

කතාව දිග වැඩි වුනා.මේ කතාවෙන් කියන්න ඕනෙ වුන ටික කියන්න තව පෝස්ට් එකක් දාන්න වෙයි වගේ.කමක් නෑ එතකල් පසුබිම් කතාව කියවලා අදහසක් ගන්නකෝ.පුලුවන් ඉක්මනට ඒකත් දාන්නම්.



Friday, March 23, 2012

නීලා මිස් සමඟ මගේ මතක....

            අභීත අයියගෙ මේ පෝස්ට් එක දැක්කාම මගෙ හිත අතීතයට ඇදිලා ගියා.පුංචි කාලෙ පෝලියෝ ඇඩ් එක ටී.වී.එකේ දකිනකොට හිතුනෙ "අනේ මෙච්චර ලස්සන කටහඩක් තියෙන,ලස්සන කෙනෙකුට ඇයි මෙහෙම දෙයක් වුනේ" කියලා.හරි දුකක් ඒ වෙලාවෙ හිතට දැනුනත් නීලා කියන ගායිකාව මනසින් වැටිලා නෑ කියලා ඒ කාලෙත් තේරුන නිසා හිත ටිකක් හැදුනා.සංගීත ප්‍රසංගයකදි වුනත් අනික් හැම ගායක ගායිකාවක්ම වේදිකාවට නගින හැටි පෙන්නුවත් කවදාවත් නීලා වික්‍රමසිංහ ගායිකාව වේදිකාවට නගින හැටි පෙන්නලා නෑ.




          ඒත් නීලා වික්‍රමසිංහ කියන ගායිකාවගෙ,කාන්තාවගෙ පෞර්ෂත්වය හරියටම දකින්න පුලුවන් වුනේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා අගනුවර ප්‍රසිද්දම බාලිකා පාසලකට ඇතුලත් වෙන්න හම්බ වුනාට පස්සෙ.හය වසරෙ ටික දවසක් යද්දි ඒ කාලෙ විදිහට අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය තෝර ගන්න.පොළොන්නරුවෙ හිටපු කාලෙ ඉදලා සංගීතය ජීවිතේ කොටසක් කර ගත්ත මට ආයෙ හිතන්න දෙයක් තිබුනේ නෑ.පෙරදිග සංගීතය කරන්න ඉස්කෝලෙ ඒ වෙනකොට මිස්ලා දෙන්නෙක් හිටියා;උදේනි මිස් හා නීලා වික්‍රමසිංහ ගායිකාව,අපිටනම් නීලා මිස්.මං හරිම ආඩම්බර වුනා ඒ ගැන.

                     මොනවා වුනත් මට මිස් යටතේ ඉගෙන ගන්න වාසනාව නැති වුනා.ඒත් සමහර පාසල නියෝජනය කරන සංගීත වැඩ කටයුතු වල පුහුණුවීම් කරන්න නීලා මිස් යටතේ වැඩ කරන්න මට අවස්තාව ලැබුනා.ඒකත් වාසනාවක් මටනම්.

                         තමුන්ම කාර් එක එලවගෙන පාසලට එන නීලා මිස් හැම කෙනාටම ප්‍රිය උපදවනවා.පිළිවෙලට අදින ඔසරිය,දේදුනු වගේ දෙබැම,පාට කරපු දෙතොල් වෙන ඕනෙ ගෑණු කෙනෙක් වගේ හැඩට නීලා මිස් ඇන්දා පැලැන්දා.ගායිකාවක් කියලා ලොකුකමක්නම් ගෑවිලා තිබුනෙවත් නෑ.පාසලේ ලොකුම සංගීත කාමර වෙන් වෙලා තිබුනෙ නීලා මිස්ට.ඒත් ඒ කාමරයට යාබදව වැසිකිලි පහසුකම් තිබුනෙ නෑ.


                  ඉතිං හැදාම විවේක කාය ර වුන න්ම න පීරිඩ් ක නීලා මිස්ට ෆ් ක්ම් මිස් කෙලින්ම න්නෙ පේ දේනි මිස්ගෙ කාට.ට යාද වැසිකිලික් තිබුනා. ය ගේ කොට හුක් වෙලාවට අපිට මිස්ව හම්බ වෙනවා. මොද හුක් වෙලාට පි  සංගීය තිබුනෙ විවේය ර වුන න්ම.හොද හිනාක්  දාගෙන පේ මිස්ත් විහිලුක් ගෙන මා මිස් න්නෙ.දේ ගා ගෙන පුවා පු පාක් ලුත් ගෙන මේ දැන් ගෙරින් ලිට බැස්සා ගේ මා මිස් ලිට න්නෙ.


                           මිස් නිසා මං ලබපු අමතක නොවෙනම අත්දැකීම ලැබුවෙ 1997 සමස්ත ලංකා තරඟ නිසා.වැඩිපුර දක්ෂ කම නොතිබුනත් සංගීතය කිව්වාම පැනලා ඕනෙ දේකට යන නිසාම සමූහ ගායනා,වාදන අවස්තා දෙකටම මට සහභාගී වෙන්න අවස්තාව ලැබුනා.ම වාදනය කලේ තාලම්පට.තාලය ඇඟේ තියෙනවානම් ඕක වාදනය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ ඉති.අපි වාදනය කලේ එක එක ජනගී ගොඩක් එකතු කරලා.මට තියෙන්නෙ ඉක්මනටම ඒ ඒ තාලය සපයන එකයි.සුපුරුදු පරිදි දවසක් හවස පුරුදුවීම් තියෙන දවසක්.වාදනය ගලා ගෙන යනවා.ම වෙන සිහියක.වෙන සිහියක හිටියත් හිමීට තාල් මාරු කරන්න පුලුවන් මට.ඔහොම ගිහින් වාදනේ එක පාර ඉවර වුනා.වෙන සිහියක හිටපු මං තාම තාලම්පට ගහනවා.එදානම් මදි නොකියන්න මිස්ගෙන් අහගත්තා :)).අම්මෝ..... මිස්ගෙ සැර.ඊට පස්සෙනම් මං අසිහියෙන් වාදනය කරලා නෑ.


              තරඟෙ දවසෙ අපේ සහෝදර බාලිකා පාසලක් පොල් ගෙඩියකුත් අතට අරගෙන නැටුම් අංගයක් ඉදිරිපත් කලා.නැටුම ඉවර වුනාට පස්සෙ අර පොල් ගෙඩි ටික ගල් වල ගහලා බිදලා එයාලම කෑවා.ඒ වෙලාවෙ ඒකට අප්‍රසාදය දක්වපු මිස් කිව්වෙ ඒ වැඩේ වස් වදින වැඩක් බවයි.ඒත් ඒ අය තමා නැටුම් අංග වලින් එදා පළවෙනියො වුනේ.


                               ඊලඟට මිස් එක්ක මතක හිටින වැඩකට සහභාගී වුනේ "සාගර දිනය" ට.ධීවර අමාත්‍යාංශය බාර දීපු වැඩක් තමා ඒක.හරිම අඩු දවස් ගණනක් තමා අපිට පුහුණුවීම් කරන්න වුනේ.ඒත් මට නම් තාම අපි කියපු ධීවර ගීතය මතකයි.


ධීර ධීවර ශක්තියයි අපි
දේශයේ නව ජීවයි අපි
සාර සාගර දියඹ දිය බිඳ
ඉසුරු සම්පත රැගෙන එන අපි


                        ඔන්න ඔහොමයි ගීතය පටන් ගත්තෙ.අපි ගායනා කරනවා බලන්න ආපු  ධීවර අමාත්‍යාංශයෙ නිලදාරියානම් අපේ ගායනය ගැන සෑහීමකට පත් වුනේ නෑ.ඒ වෙලාවෙ තරහ ගිය මිස් කිව්වෙ "මෙච්චර අඩු කාලෙකින් පුරුදු වෙලා මේ ලමයි ඔහොම කියනවා මදැයි" කියන එකයි.අපිත් එක්කම  සංගීත වැඩ වලට මිස්ගෙ අක්කගෙ දුවත්  සම්බන්ද වුනා.අපේ පන්ති වලම උන්නු එයාටයි අපිටයි වෙනස් විදිහට සලකන්න මිස් කවදාවත් පෙලඹුනේ නෑ.


ඉතිං ආදරණීය ගුරු මවුනි මගේ ප්‍රාර්ථනය ඔබට නිදුක්,නිරෝගී සුවයයි. දීර්ඝායු වේවා......

Tuesday, March 13, 2012

කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2 -රීඩර් වල නැද්ද???

               ඊයෙ රෑ පබ්ලිශ් කරපු පෝස්ට් එක රීඩර් වල අප්ඩේට් වෙලා නෑ වගේ නේද??? මගේ බ්ලොග් ලිස්ට් එකේවත් නෑ. මං ඒත් බැලුවා මොකද මේ කමෙන්ට් එහෙම අඩු කියලා.පෝස්ට් එකක් දැම්මා කියලා දැන ගන්න විදිහක් නෑ නෙ නේද? ඒ මදිවට ෆේස් බුක් එකේ ලින්ක් එක පේස්ට් කලාම පේජ් නොට් ෆවුන්ඩ් කියනවා මොකක් වෙලාද මන්දා.ඒ නිසා ඔබා මාමා කලා වගේ ලින්ක් එක දාලා තව පෝස්ට් එකක් දාන්න හිතුවා.කරදරයක් නම් සමාව බජනය කරන සේක්වා.......

කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2

 

 

 

 

 

 

 

 

Friday, March 9, 2012

කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2



             බ්ලොග් කියවන්න ගියාම ලියන්න වෙලාව මදි.ඒ මදිවට මේ මැෂින් එකත් පිස්සු නටනවා.ටයිප් කරන්න ගියාම අකුරු එකට සෙට් වෙලා විකාරයක් වෙනවා.හයියෙන් ටයිප් කරන්න බෑ.ඒත් ඉතිං මේක අත් ඇරලා දාන්න‍යෑ..කොහොම හරි ලියන්නත් එපැයි.ඒ අස්සෙ සේව් වෙනුවට පබිලිස් බටන් එක එබිලා විකාරයක් වුනා.සමා වෙන්ට ඕනෙ ඒකට.ඔන්න දැන් කතාවට.මං දැන් කාලෙකට කලින් බිත්තර කතාවක් කීවානෙ. මේ තවත් බිත්තර කතාවක්.....

Saturday, January 7, 2012

බිත්තර තියෙන්නෙ කන්න විතරද???-බිත්තර කතා1

                          මුලින්ම බිත්තර යනු මොනවාද??සමහරු හොදට මේවා ගැන දන්නවා ඇති.සමහරුනම් වැඩිය දන්නෙත් නැතුව ඇති.මමත් ඔය කිව්වට වැඩිය ඕක ගැන දන්නෙ නම් නෑ.හැබැයි ඉතිං මොනවා වුනත් ඩිම්බයක් කියන්න දන්නවා ඕං.රස කර කර කන්නෙ ඩිම්බය නොවැ. :D.හුගක් අය බිත්තර කන්නෙත් නැත්තෙ ඒ කන බිත්තරේ රැක්කෙවුවොත් පැටියෙක් හම්බ වෙනවා,ඒ නිසා කනවා කියන්නෙ ප්‍රාණයක් නැති වෙනවානෙ කියලා හිතලානෙ..ඒත් මේ කඩවල් වල විකුනන කිකිළි බිත්තර වලින් මොන පැටවුද?කිකිලියෝ ඉන්නෙ තනියමනෙ.කුකුලෙක් පෙන්නවත් නෑ.ඉතිං සංසේචනය නොවුන ඩිම්බෙකින් කොහෙද පැටියෙක්.

Friday, November 18, 2011

මාරු සල්ලි කමුද???

                  පිට පිට දුක හිතෙන කතා දෙකක් ලියපු නිසා ටිකක් විතර හිනා යන කතාවක් ලියන්න හිතුනා.දේවා මල්ලිගෙ මෙන්න මේ පෝස්ට් එක නිසා මේක ලියන්න ඕනෙ කියලා හිතුනා.මේ සීන් එක සිද්ද වුනේ නංගිගෙ විභාගය ඉවර වූ ප්‍රීතිය නිමිත්තෙන් පවුලේ කස්ටිය එකතු වෙලා වැවුරුකන්නල,වෙහෙර හේන,කතරගම වන්දනා මාන කරගෙන එන්න ගියපු වෙලාවෙ.ඔය ගමන යන්න කෝච්චියට නගින්න මරදානෙන් බස් එකෙන් බහින්න යද්දි තමයි මං කොන්දොස්තරගෙන් අර සහතිකේ ලබා ගත්තේ.

Saturday, October 29, 2011

අපොයි...මොකද දැන් කරන්නෙ...

             අපේ කන්තලේ තාත්තයි,අම්මයි දෙන්න පදිංචි වෙලා හිටියේ කන්තලේ.දැන් ඉතිං කස්ටිය බලයි ඈ යකෝ මේ කෙල්ලට අම්මලා,තාත්තලා දෙන්නෙක්ද කියලා.ඒ වගේ තමයි මටනම්.ඒ මගේ තාත්තගෙ අම්මයි තාත්තයි.කන්තලේ හිටි නිසා කන්තලේ අම්මයි,තාත්තයි වුනා.මගෙන් පස්සෙ ඉපදුන අපේ නංගියි,බාප්පලාගෙ පොඩි උන් සෙට් එකයි ඔය නම් දෙකම ඒ දෙන්නට රෙජිස්ටර් කලා.මං පොඩි කාලෙ හිටියෙ පොළොන්නරුවේ නිසා ඒ කාලෙ අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතර අපි එහේ යනවා.ඒත් සිස්සත්තෙ පාස් වෙලා කොලොම්පුරේ ඉස්කෝලෙකට මංගච්චන්න ගත්තට පස්සෙ එහේ යන එක හොදටම අඩු වුනා.

Sunday, October 23, 2011

රෑ ජාමෙ හොයා ගෙන එන්නයි හදන්නෙ - චාටරයක් කෑවෙමි

                     කැම්පස් ගිය ගමන් වගේ චූටි රැග් එකක් විදිහට සින්දුවක් කියන්න සිද්ධ වුන සීන් එක මං කලින් කිව්වානෙ.ඕක අස්සෙ කමෙන්ට් එකක් විදිහට මාධව කියලා තිබුනානෙ මං සිදුවක් කියන වීඩියොවක් එයා ගාව තියෙන බව.ඉතිං ඒ වැඩෙන් වුනේ ඒක පබිලිස් කොරන්නය කියලා කස්ටියගෙන් අසන්නන්ගේ ඉල්ලීම් ලැබිච්ච එක.

Wednesday, October 19, 2011

බසාට නම වැටුන හැටි

               සමා වෙන්ට ඕනේ කස්ටියට මාව මේ දවස් වල වැඩිය පේන්නෙ නෑ කියලා හිතුනානම්.මේ දවස් වල වැඩ රාජකාරී බොහොමයි අප්පා.රස්සාව කොරන්ටත් එපැයි.නැත්නම් ඩොන්ගට ගෙවන්න සල්ලි කොයින්ද.එතකොට ඉතිං බ්ලොග් කෙරුවාවත් හබක්.

              මං ඉතිං ගිය පාර පෝස්ට් එකෙන් කැම්පස් කෙරුවාවල් කියන්න පටන් ගත්තානෙ.මේ තියෙන්නෙ අපේ එකෙක්ට නමක් වැටුන හැටි.අපේ කස්ටියට ජේස්ට උතුමන්ගෙන් නම් වර ලබා ගන්න තරම් පිනක් තිබුනේ නෑ නොවැ.

Friday, October 14, 2011

෴ කියපිය සින්දුවක් ෴

              අවුරුදු හතරක් කියන්නෙ සුලු පටු කාලයක් එහෙම නෙවෙයි නේ.ඒ කාලෙ හිටියෙත් හෙනම ෆන් තැනකනේ.වෙන කොහේද ඉතිං අපේ කැම්පස් එක මිසක්..:)))) ෆන් ගත්ත,වලි දාපු,බැහැගෙන එක එක වැඩ කරපු තැන නොවැ ඉතිං කතා නම් තියෙනවා ටොන් එකක් විතර.හැම එකම ලියන්න බෑ නෙ.එහෙම වුනොත් වෙන්නෙ යාලුවො ටික තරහ වෙන එක.:)) කියන්න පුලුවන් ටික හෙමින් සැරේ කියන්න තමයි බැලුවෙ.

Thursday, September 29, 2011

ඔය පැන්න හැටිද?

                    ඔන්න මගේ ඊයෙ කතාව ගමන් කරන  බස් එකකින් හරියට කොහොමද බිමට පනින්නෙ කියලානෙ.ඇත්තම කිව්වොත් ඒ කතාව ලිව්වෙ තවත් කතාවකට පිවිසුමක් වගේ එකක් ගන්න.හික්ස්..නැත්නම් ගහින් ගෙඩි එනවා වගේ මේ කතාව කියන්න පුලුවනෑ..

Monday, September 19, 2011

පොත් ගත්තෙමු...

             ලංකාවෙ කවුරුත් පාහේ දන්නවා නේ ඉතිං සාහිත්‍ය මාසය වෙනුවෙන් BMICH එකේ පවත්වන පොත් ප්‍රදර්ශනය ගැන.දැන් අවුරුදු කීපයක ඉදන් මාත් ඕකට නොවැරදීම යනවා.යනවා විතරක් නම් මදෑ අතේ තියන සල්ලි ටික හිදෙනකල් පොත් ගන්නවා.:)))) මට විතරක් නෙවෙයි අපරාදෙ කියන්න බෑ අපේ නංගිටත් පොත් පිස්සුව ඉහටත් උඩින් තියෙනවා.අපි දෙන්නටම මේ පොත් පිස්සුව හදන්න මූලික වුනේ අපේ තාත්තායි, කන්තලේ තාත්තයි (තාත්තාගේ තාත්තා). 

Thursday, September 15, 2011

පම්ප් එකක් දාමුද?

          ඊයෙ තවත් මීටින් දවසක්.මළ මගුල් ට්‍රැෆික් එකක් නිසා මං යනකොට අපේ ක්ලයන්ට් වෙන කස්ටිය ඇවිල්ලා ප්‍රොජෙක්ට් මැනේජර්ත් එක්ක රවුම දානවා.මාත් දඩි බිඩි ගාලා උදේට කියලා ගෙනාපු පාන් කෑලි ටිකත් කාලා දිව්වා සයිට් එකට.වෙලාවට ජයන්ති කුමාර සර්යි,නිශ්ශංක සර්යි ආවෙ ඒ වෙලාවෙමයි.වෙලාවට කිවාට  මං පරක්කු වුනා කියලා වැඩි අවුලක් දාන්නෙත් නෑ ඒ ගොල්ලො.

Tuesday, September 13, 2011

....නිසුපා....


          මේ දවස් වල බුකියෙ "බ්ලොග් අවකාශයේ මිතුරෝ"ගෲප් එකේ කස්ටිය බස් පදිනවානෙ.දැන් ඉතිං දවල් වරුවෙම පැද පැද තමයි ඉන්නෙ.හික්ස්....අනේ කස්ටිය මගෙ නමට දෙන වදයක්. මේ අගේට සිංහල,බෞද්ධකමට ඉන්න මාව මුස්ලිම් කරනවා නොවැ මේ කස්ටිය.හපොයි...බැරිම තැන මං කිව්වා "හිටු ඔහොම, නම ගැන පෝස්ට් එකක් දාන කල්" කියලා.ඇයි අප්පා මෙච්චර ලස්සන ස්වීට් නමකට අපහාස කරනවා අහන් ඉන්න පුලුවන් මොකාටද.

Sunday, September 11, 2011

පරණ බොසා....

             බදාදා දවස තමයි මරු දවස.අපේ සයිට් එකේ මීටින් දවස තමා එදා.උදේ පටන් ගත්තාම දවල් වෙනකල් සයිට් එක පුරාම ඇවිදින්න ඕනෙ.කස්ටියගෙ තීරණ සුටුස් ගලා වෙනස් වෙන නිසා එහාට මෙහාට දුව දුව බලන්න ඕනෙ තැන් බලනවා.මෙතන මෙහෙම කරමු,අතනට අරහෙම කරමු,කතා ගොඩයි.සමහර වෙලාවට කියන දේවල් අදාල නැති වුනත් මීටින් එකට ආපු හැමෝම වටේ යනවා.නියම වියායාමයක් තමා ඒක.

Tuesday, September 6, 2011

හොරු...????

            අපොයි ඊයෙයි,අදයි ඉඩ තියෙන හැම වෙලේම ගත කලේ සති අන්තයේ කස්ටිය ලියපු කතා කියවන්නයි, කමෙන්ට් කරන්නයි.ඒවා කරලා බලනකොට පෝස්ටුවක් ලියන්න වෙලාව නෑ.ඒත් ඉතින් පුලුවන් තරම ලියනවා කියලා පටාන් ගත්තා වැඩේ.

..................................................................................................................................................................................

           මේ වැඩේ සිද්ද වෙන්න මට මතක විදිහට 2004 මුල භාගෙ.එතකොට මං පලවෙනි පාර A\L කරන්න සිංදුවක් එහෙම අහගෙන,නිදි මරාගෙන,පාඩම් කරන කාලේ.

Thursday, August 25, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 7......(අවසාන ඇබැද්දිය)

      අපොයි..අද නම් කතාව ලියලා ඉවරක් කරනවාමයි කියලා තමා ලියන්න ගත්තේ.ලියන්න කීවට ලියන්නම නෙවෙයි ටයිප් කරන්න.අපේ හරිම අපූරු සිරීපාද ගමනක් ගැන තමා මං මේ දැන් සති ගානක ඉඳන් ලියන්නේ.කස්ටියට එපා වෙලාදත් මන්දා දැන් නම්.

මෙන්න මෙහෙමයි කතාව වුනේ


සිරි පාදේ සමනළ කන්ද පෙනේ 5......
සිරි පාදේ සමනළ කන්ද පෙනේ 6......

 අද ආපහු ගමනෙදි මොකද වුනේ කියලා බලමු නේද...???

Wednesday, August 24, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 6......

         ඔන්න ඉස්සෙල්ල කතාවෙන් කිව්වානෙ අපි සිරීපාදේ නගින්න ගිහින් කාපු කට්ට ගැන. ඊට පස්සෙ වුන දේවල් තමයි අද කතාව..

          මෙන්න ඉස්සෙල්ලා කොටස් ටික...බැලුවේ නැත්නම් ඒවත් බලලා එන්නකෝ.....


........................................................................................................................

          සහන් මලයා ඉස්සරට එනවා.නතර වෙන පාටක් නම් නෑ.

Friday, August 19, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 5......

      කොච්චියේ නුවරට ඇවිත් නිදහසේ වෙනද වගේම යන්න හිටපු සිරීපාද ගමන, බොයිල් වුන කෝච්චියක් නිසා මහ කට්ටක් කන්න සිද්ද වුන ගමනක් වුනා. නුවරට කලින් බැහැලා නුවන්ගෙ කාර් එකේ යන්න ගියාම ඒකත් ලෙඩ කාර් එකක් වුනා. කොහොමින් කොහොම හරි තව කෝච්චියකින් හැටන් වලට ඇවිත් බස් එකේ නල්ලතන්නියට එනකොට ට්‍රැ‍ෆික් එකකටත් සෙට් වුනා...

අද ඊට පස්සේ.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...