කොච්චියේ නුවරට ඇවිත් නිදහසේ වෙනද වගේම යන්න හිටපු සිරීපාද ගමන, බොයිල් වුන කෝච්චියක් නිසා මහ කට්ටක් කන්න සිද්ද වුන ගමනක් වුනා. නුවරට කලින් බැහැලා නුවන්ගෙ කාර් එකේ යන්න ගියාම ඒකත් ලෙඩ කාර් එකක් වුනා. කොහොමින් කොහොම හරි තව කෝච්චියකින් හැටන් වලට ඇවිත් බස් එකේ නල්ලතන්නියට එනකොට ට්‍රැෆික් එකකටත් සෙට් වුනා...
අද ඊට පස්සේ.....
....................................................................................................................
අපොයි..ඔක්කොම යන්නේ සිරීපාදෙට නේන්නම්. කොහොමින් කොහොම හරි ට්‍රැෆික් අස්සෙම නල්ලතන්නියටත් ආවා. දැන් නම් ඇත්තටම සිරීපාදෙ පේනවා...:)වෙලාව රෑ එකොළහ විතර වෙලා. හොඳටම සීතලයිත් එක්ක.කට්ටියම ජර්සි, ග්ලවුස්, අයිස් කැප් එහෙම දාගෙන තමා ගමන පටන්ගත්තේ. මුලින්ම නාග විහාරෙට ගිහින් වැඳලා පුදලා එහෙම ප්‍රාර්තනා කලා අපිට පරිස්සමින් සිරීපාදය වන්දනාමාන කරගෙන එන්න ලැබේවා කියලා.
අද ඊට පස්සේ.....
....................................................................................................................
අපොයි..ඔක්කොම යන්නේ සිරීපාදෙට නේන්නම්. කොහොමින් කොහොම හරි ට්‍රැෆික් අස්සෙම නල්ලතන්නියටත් ආවා. දැන් නම් ඇත්තටම සිරීපාදෙ පේනවා...:)වෙලාව රෑ එකොළහ විතර වෙලා. හොඳටම සීතලයිත් එක්ක.කට්ටියම ජර්සි, ග්ලවුස්, අයිස් කැප් එහෙම දාගෙන තමා ගමන පටන්ගත්තේ. මුලින්ම නාග විහාරෙට ගිහින් වැඳලා පුදලා එහෙම ප්‍රාර්තනා කලා අපිට පරිස්සමින් සිරීපාදය වන්දනාමාන කරගෙන එන්න ලැබේවා කියලා.
සිරීපාදෙ වදින්න යද්දි හොඳට පිරිසිදු වෙලා යන්න එපැයි.නාග විහාරෙට එහා ලයිෆ් බෝයි එකෙන් නාන්න පොඩි පොඩි බොක්ස් හදලා තිබුන තැනට ගියා වොශ් එකක් දාන්න හිතාගෙන. (හික්ස්.... නාන්න තැන් හරිද) කෝ..යකෝ ඒව බහිරයවය අරන් ගිහින්ද කොහෙද..
එක අතකට ඒවා තිබුනත් වැඩක් නෑ වගේ.ඒවා හදලා තිබුනේ සීත ගඟුල ලඟ බැම්මකින් පහලට වෙන්න.වටෙන් වහල තිබුනට බැම්ම උඩ ඉන්න එකාට යස අගේට ඇතුල පේනව...:D ඒ හින්දා වෙන්න ඇති ඒවා අයින් කරන්න ඇත්තෙ. සීත ගඟුලටම බැහැලා ඇඟ පත හෝද ගෙන අලුත් ඇඳුම් ඇඳගෙන නුවන්ලගෙ අම්මා දුන්නා කෑම කෑවා. එච්චර රෑ වෙලත් වෙලාවට මුකුත් වෙලා තිබුනෙ නෑ. නැත්නම් පාන් වලින් විතරක් සැනසෙන්න වෙන්නෙ.
ඔය ඔක්කොම කරගෙන කල්ප වෘක්ෂ විහාරෙන් ආශිර්වාදයත් අරගෙන නගින්න පටන් ගන්නකොට වෙලාව දොලහ විතර වෙලා. යක්කු ගස් නගින වෙලාව..:)) තැන් තැන් වල නතර වෙවී හරි ඉක්මනට ඉර සේවය බලන්න නැග ගන්න එක තමා අපේ ටාර්ගට් එක වුනේ. ඇයි ඉතිං සාලිකා දැකලම නෑ නේ. ටික ටික උඩට නගිනකොට ඔන්න බොලේ සෙනඟ වැඩි වෙනවා. ඒත් ගනන් ගන්නෙ නැතුව අපි උඩට යනවා. අපේ සහන්ට හෙමින් ගමන් බෑ. අපිව දාල ෆෝන් එකත් කනේ ගහගෙන මිනිහගෙ දඬු කකුල් තිය තියා නැගල ටික වෙලාවකින් පෙන්නවත් නෑ.
ඔහොම ටික දුරක් යනකොට ඉස්සරහින් මහා ඔලු ගොඩක් පේනවා.හෙලවෙන්නෙත් නෑ වගේ. හෙමින් උඩට යන්නේ. ආයෙ මොනවද උඩ ඉඳන් එන අයට බහින්නවත් ඉඩක් නෑ.නගින අය සාඩින් පැක් කරලා වගේ පාර පැක් කරලා.බහින අය කෑගහනවා " බහින්න ඉඩ දෙන්න , අපි බැස්සොත් තමයි ඔයාලට යන්න පුලුවන් වෙන්නෙ." ඕක තේරුන කෙනෙක් ඒ වෙලාවෙනම් හොයාගන්න බැරි වුනා.
සිරීපාදෙට නගින්න පඩි පෙල් හදලා තිබුනට ගිය අය දන්නව ඇති පඩිපෙල දෙපැත්තෙ වැස්සට හේදිලා ගිහින් අඩි තුනක් විතර ගැඹුරට කානු එහෙම හැදිලා තියෙන බව. කට්ටිය කොච්චරද කියනවානම් ඔය කානුවෙනුත් සෙනඟ යනව දැන්.අපිනම් වෙලාවට සපත්තු දාගෙන හිටියේ නැත්නම් කකුලුත් ඉවරයි පෑගිලාම. ඔය අස්සෙ මනෝ අක්කයි, නුවනුයි දිය බරියෝ දෙන්නෙක් වගේ රිංගල ඉස්සරහට යනවා අපිටත් එන්න කියාගෙන. මොන අපිට රිංගන්න හම්බ වුනේ නෑ. අනේ අම්මේ...ඔය අස්සෙන් රිංගන්න ගිහින් බැනුම් අහන්න වුනොත් එහෙම.
හරියට එලියක්වත් තියෙන එකක්යෑ මේ මහ රෑ.හිතේ හෝදිසියට පය ගහලා තමා කානුවෙන් උඩට යන්නේ. ඔය අස්සෙ මල්ලිල ටිකක් හුරේ දානවා."කමෝන් අක්කේ ඔහොම යං කියල":D..යන ගමන් ම පොඩ්ඩක් වට පිට බලනකොට දැක්ක දෙයින් මාව ජර්සිය අස්සෙනුත් හීතල වෙලා ගියා.හරහට වඩා ගත්තු කෙලි පැටික්කියක් එක්ක අයියා කෙනෙක් කානුවේ බඩ ගානවා..අනේ අම්මෝ....පොඩ්ඩක් හරි එහා මෙහා වුනානම් අර පොඩි එකා බිම. ඊට පස්සෙ.....අම්මෝ...හිතන්නවත් හිතුනෙ නෑ ඒකනම්. තව ටික වෙලාවකින් වෙන පොඩි එකෙක් බෑගිරි ගහනව ඇහෙනවා. ඒකාගෙ අම්මා මිස් ප්ලෙස් වෙලා.හපොයි....හොයපල්ලකෝ ඉතිං.....
හරියට එලියක්වත් තියෙන එකක්යෑ මේ මහ රෑ.හිතේ හෝදිසියට පය ගහලා තමා කානුවෙන් උඩට යන්නේ. ඔය අස්සෙ මල්ලිල ටිකක් හුරේ දානවා."කමෝන් අක්කේ ඔහොම යං කියල":D..යන ගමන් ම පොඩ්ඩක් වට පිට බලනකොට දැක්ක දෙයින් මාව ජර්සිය අස්සෙනුත් හීතල වෙලා ගියා.හරහට වඩා ගත්තු කෙලි පැටික්කියක් එක්ක අයියා කෙනෙක් කානුවේ බඩ ගානවා..අනේ අම්මෝ....පොඩ්ඩක් හරි එහා මෙහා වුනානම් අර පොඩි එකා බිම. ඊට පස්සෙ.....අම්මෝ...හිතන්නවත් හිතුනෙ නෑ ඒකනම්. තව ටික වෙලාවකින් වෙන පොඩි එකෙක් බෑගිරි ගහනව ඇහෙනවා. ඒකාගෙ අම්මා මිස් ප්ලෙස් වෙලා.හපොයි....හොයපල්ලකෝ ඉතිං.....
වටේ පිටේ අය කියනවා"පුතා අඬන්න එපා.අම්මා මේ ලඟම ඉන්නවා.අම්මාගෙ නම කියන්නකෝ". අනේ අවුරුදු තුනක විතර පොඩි එකෙක් අම්මගෙ සම්පූර්න නම දන්නවද...අන්තිමට එකෙක් පොඩි එකාව උස්සගත්තා."මේ පුතාගෙ අම්මා මෙතන ඉන්නවද?" ඔන්න එතකොට තමයි අම්මා ලඟම ඉඳලා කෑගහනවා "අනේ පුතේ අම්මා මේ ඉන්නවා කියලා"පුතා ලඟ නැති බව අම්මාට තේරිලා තියෙන්නෙ ඒ වෙලාවෙද මන්ද..ඇයි දෙයියනේ මෙච්චර වෙලාවක් කෑ ගහලා අඩනකොටවත් තමුන්ගෙ පොඩි එකා ලඟ ඉන්නවද කියල බලන්න තිබුනානෙ.මොකෝ ගුත්තිල මෙතනට ආපු එකක්යෑ "නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා" වෙන්න.
හ්ම්....දැන් නම් නියම පාරේ යන්න බෑ වගේ.පාරවල් හදාගෙන තමා යන්න වෙන්නෙ. අපිට ඉස්සරහ හිටපු ආමි එකේද කොහෙද අයියලා ටිකක් පටන්ගත්තා කැලේ කඩා ගෙන යන්න. අපිත් නිකන් ඉඳියි. කැලේ ගස් වැල් අල්ලගෙන බඩ ගාගෙන නගිනවා කට්ටියම. හරියට කොමාන්ඩෝ පුහුණුවක් වගේ.අම්මෝ...දැන් තමා හිතෙන්නෙ ඔය පඳුරු අස්සෙ සර්පයෝ එහෙම හිටියනම් ඉවරයි නේද කියලා.අනිත් එක පොඩ්ඩක් තව එහාට ගියානම් එහෙම කන්දෙන් පහලට කුන්ඩුම් පෝ තමා.පේන්නෙත් නෑ නෙ.ඒ වෙලාවෙ හිතුනේ කොහොමහරි උඩට නගින එක ගැන විතරයි. කොහොමින් කොහොම හරි ඔය වගේ තව ටික දුරක් ආවා. අපොයි ඉස්සරහ හිටපු කඩ කාරයෝ ටිකක් කැලේ ගිය හැමෝම පාරට එලෙව්වා නේ. ආයෙත් කට්ටිය ස්ටක් වෙලා දැන්.
පාරේ හිටගෙනම ඉර සේවයනම් බැලුවා...හික්ස්...මොනව කරන්නද?උඩට යන්න හම්බවුන එකක් යෑ...අපේ අනික් තුන්දෙනා හොයා ගන්නත් නෑ. සහන් ගේ නම් ෆෝන් එකත් ඕෆ් වෙලා.ඌ නම් උඩටම ගිහින් ඇති කියල තමා කට්ටිය කතා වුනේ . අනික් දෙන්නත් තව තැනක.ඔහොම වෙලාව ගිහින් උදේ අටත් වුනා. අපොයි...වෙනදට මේ වෙලාව වෙනකොට බැහැලත් ඇවිත්.අද තාමත් බාගෙට නගිනවා. අපි හතර දෙනා එක පඩියක තව පැය දෙකක් විතර හිටියා. දැන්නම් හොඳ ගනන්.ඇයි අප්පා...ඊයෙ ඉඳලම කරදර ගොඩයි නෙ...සමහරු බිම ඉඳගෙන (අපි හතර දෙනා නෙවෙයි) එතකොට අනික් අයට හිටගෙන ඉන්න ඉඩ මදි.කෑගහලා ඒ අයව ආයෙත් නැගිට්ටෙව්වා.
පාරේ හිටගෙනම ඉර සේවයනම් බැලුවා...හික්ස්...මොනව කරන්නද?උඩට යන්න හම්බවුන එකක් යෑ...අපේ අනික් තුන්දෙනා හොයා ගන්නත් නෑ. සහන් ගේ නම් ෆෝන් එකත් ඕෆ් වෙලා.ඌ නම් උඩටම ගිහින් ඇති කියල තමා කට්ටිය කතා වුනේ . අනික් දෙන්නත් තව තැනක.ඔහොම වෙලාව ගිහින් උදේ අටත් වුනා. අපොයි...වෙනදට මේ වෙලාව වෙනකොට බැහැලත් ඇවිත්.අද තාමත් බාගෙට නගිනවා. අපි හතර දෙනා එක පඩියක තව පැය දෙකක් විතර හිටියා. දැන්නම් හොඳ ගනන්.ඇයි අප්පා...ඊයෙ ඉඳලම කරදර ගොඩයි නෙ...සමහරු බිම ඉඳගෙන (අපි හතර දෙනා නෙවෙයි) එතකොට අනික් අයට හිටගෙන ඉන්න ඉඩ මදි.කෑගහලා ඒ අයව ආයෙත් නැගිට්ටෙව්වා.
වෙලාව දහයත් වෙලා.උදේට කෑමත් නෑ.සෙනඟ නම් හිමින් හිමින් නගින්න ගත්තා .දැන් නගින්න ගියොත් කීයට බහින්න වෙයිද දන්නෙ නෑ නෙ.නගින එක පැත්තක දාල බහිමු කියල කතාවුනා. අරුන් දෙන්නට කතා කලාම උන් දෙන්න ඒ වෙනකොට ඉඳිකටු පාන ලගටම ගිහින්.මලුවෙ ඉන්න කට්ටියව පොලෝසියෙන් එලවනවාලු.සහන් නම් පේන තෙක් මානෙක නෑ කීවා.අපි කිව්වා උඩ නගින්න බෑ දැන්, බැහැලා එන්න කියලා.සහන්ට කෝල් කරගන්න පුලුවන් වුනා බොහොම අමාරුවෙන්. ඌටත් එන්න කිව්වා.කොරේ පිටට මරේ කියලා සාලිකාට කලන්තයකුත් දැම්මා.
සාලිකාවත් බිම ඉඳ ඉන්දවලා සත්කාරත් කරලා හතර දෙනා අයිනකට වෙලා හිටියා අනික් උන් ටික එනකල්.දැන් සෙනඟ ටිකක් වැඩි පුර බහිනවා පේනවා. හැබැයි කිසි චාරයක් නැති විදිහට.එයාලට ඕනෙ ඕනෙ විදිහට බහිනවා.නගින අයට නගින්නත් අමාරුයි.පරිසර කොල්ලො ටිකක් ආවා. නගින කට්ටියව එක පැත්තක පෝලිම් ගැස්සුවා. බහින අයට අනික් පැත්තෙන් යන්න කිව්වා. මනෝයි නුවනුයි ත් අපි ලඟට ආවා. දැන් කට්ටියම බලාගෙන ඉන්නවා සහන් එනකල්.ටික වෙලාවකින් බහින කට්ටිය පෝලිමක් හැදිලා එනවා පේනවා. පෝලිම ලීඩ් කරන්නෙ කවුද........ "අක්කෙ පොඩ්ඩක් එහට වෙන්න.අයියේ නගින අය අනික් පැත්තෙන් නගිනවද තරහ නැතුව.හරි ඔහොම යං....." ගගා උපදෙස් දිදී එන්නෙ කවුද.........අපේ සහන් මලයා..:))))
ප.ලි.
තවත් කොටසක් ලඟදීම බලාපොරොත්තු වන්න.
ප.ලි.
තවත් කොටසක් ලඟදීම බලාපොරොත්තු වන්න.
අක්කා කතාව කෙටි කරල දෝ කියලා හිතෙනව...දැන් නම් කන්ද පෙනේ නොපෙනේ වගේ....
ReplyDeleteප.ලි..අක්කේ අලුතින්ම කතාව පටන් ගන්න කලින් උඩින්ම කලින් කතාවේ අවසානය පොඩ්ඩක් සාරංශ කරල පොඩි ජේදයක් දැම්මනම් හොදයි නේද??...
අඩේ මාර පරිප්පු ටිකක් කාලනේ...
ReplyDeleteසහන් මල්ලි තමා ඩයල් එක.
ReplyDeleteමට මතකයි පාරෙන් අහකට පැනල එහෙන් මෙහෙන් රිංග රිංග, කැලෑව අස්සෙන් පීරගෙන ගිය හැටි. ඒත් සාලිකාට එහෙම ටිකක් අමාරු නිසා ආපහු ඉක්මනින්ම පාරෙන් මතු වෙනව. ආපහු බලනව, ආපහු කැලේ අස්සෙන් යනව. එක විකාරයයි.
නන්නාඳුනන කට්ටියටත් අපි ගිය පාරෙම එන්න හෙල්ප් එකත් දීගෙනම තමා ගියේ. :)
@කිඩෝ" ඕවට පරිප්පු කියල මදි මල්ලි. පරිප්පු තව හොඳයි. :D
ReplyDelete@ මි හරක් පිඩියා - ඔන්න මල්ලි කිව්ව විදිහට හැඩුව. ස්තූතියි හොඳේ...කෙටි කලේ නම් නෑ. මතක විදිහට ලිවුවා...:)))
ReplyDelete@ කිඩෝ -තව තියෙනවෝ....බලං ඉන්න ඉතිරි ටික ඔන් ද වේ...
@මාධව - මට දැන් හිතනකොටත් පුදුමයි මාධව අපි ගැන. කොහොමද අපිට එච්චර දේවල් වුනේ කියලා.
@ මි හරක් පිඩියා - කියන්න බැරි වුනා. දැන් කන්ද පෙනිලා තියෙන්නෙ....:)))
ReplyDeleteහෆෝයි!!! ඕගොල්ලො ගිහින් තියෙන්නෙ නරකම දවසක වගේ.... සොරිම තමා ඉතිං!
ReplyDeleteඅපි ගිය දවසෙනම් කිසි අවුලක් තිබ්බෙ නෑ. ඉර සේවෙ වෙලාවටම නැඟගත්තා, හැබැයි එදා ඉර සේවෙ පෙනුනෙ නම් නෑ... හික්ස්! ආපහු එක්ස්ප්‍රස් එකේම බැස්සා... හවස 2.00 වෙනකොට පේරාදෙණියෙ!
මේන් කන්දත් නැගලා. අම්මෝ මම් හිතුවේ මෙදාපාර නාවලපිටියට ගිහින් නවතියි කියලා. මෙච්චර ඉක්මනට කන්ද නගින්න බෑ අක්කෝ !!! මොකද ඉතින් මම් ඇගපතින් ටිකක් විතර තරබාරුයි නේ. ;)
ReplyDeleteමාරම කට්ටක්නේ කන්න වෙලා තියෙන්නේ. ඔන්න අක්කා ඉතුරු ටික හිමිහිට ලියමු හරිද. මෙච්චර ඉක්මනට කන්ද බහින්න බෑ.
සාදු සාදු සා....ආ.... !!!!!
(සිරීපාදේ කන්ද දැක්ක හන්දයි සාදු කීවේ)
@ගීතක - අපිටත් ඊට ඉස්සෙල්ල පාරවල් වලදි අවුලක් වුනේ නෑ. ඔය ගියපු පාර දවස් තුනක නිවාඩුවක් සෙට් වුනා.
ReplyDelete@මධුරංග - ඔව් මලේ කන්ද නැග්ගා නේන්නම්.හ්ම්...තරබාරු අයටනම් ටිකක් නගින්න අමාරුයි තමයි.හිමින් නගින්න එහෙනම්.:)
ReplyDeleteහ්ම්.....කියල වැඩක් නෑ.තව කතාව ඉවර නෑනෙ.කොහොමද කතාව අදින්නෙ කියලා මං මේ හිතුවෙ...:(
හික්ස්.
ReplyDeleteසවුත්තුම දවස් තමයි. සිකුරාද සෙනසුරාද ඉරිද, දවස් 3ක නිවාඩුවක්. අපි ගියෙ සිකුරාදනෙ.
නල්ලතන්නියට යනකම් බස් එකේ යනකොට පාර දෙපැත්තෙ නවත්තල තියෙන වාහන තොගේ දැක්කම මටයි උදිතටයි තරු පෙනුන. අපි දෙන්න හිටියෙ එන්ජිම ගාවට වෙලා හිටගෙනනෙ. ඒත් මෙච්චර අවුලක් වෙයි කියල හිතුනෙම නෑ. :(
ඈ බොල ඔච්චර කට්ටක් කාගෙන ගිහිං ආපහු හැරිල ආවද...?
ReplyDelete@ගෝල්ඩ්fish - කියලා වැඩක් නෑ. එහෙම කරන්න සිද්ද වුනා නෙව...:(
ReplyDeleteඅයියෝ නිසූ අපරාදෙනෙ කොහොම හරි උඩ මලුවට යන්නයි තිබුණෙ. මෙච්චර දුරක් ආපු එකේ.
ReplyDeleteමට මතක් වෙන්නෙ මං රෑ 12 ට සීත ගඟුලෙන් නාපු හැටි. කියල වැඩක්නෑ නෑවට පස්සෙ පුදුම සනීපයක් දැනුණෙ.
ReplyDeleteහී හී.. සිරීපාදෙ යනවනම් අවාරෙ තමා යන්න ඕනෙ.
@පිණිබිඳු - මොනවා කරන්නද අනේ.යන්න තිබුන උනන්දුව නැත්තටම නැති වෙලා ඒ වෙන කොට..:((
ReplyDelete@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - අම්මෝ ඒක තමා වචනයෙ පරිසමාර්ථයෙන්ම සීත ගඟුලම තමා.
ඔව් අපිත් සිරීපාද සමය ඉවර වෙන්න ලං වෙලා ගියා එක පාරක්.කිසි කරදරයක් නැතුව ගිහින් ආවා.