expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Monday, September 19, 2011

පොත් ගත්තෙමු...

             ලංකාවෙ කවුරුත් පාහේ දන්නවා නේ ඉතිං සාහිත්‍ය මාසය වෙනුවෙන් BMICH එකේ පවත්වන පොත් ප්‍රදර්ශනය ගැන.දැන් අවුරුදු කීපයක ඉදන් මාත් ඕකට නොවැරදීම යනවා.යනවා විතරක් නම් මදෑ අතේ තියන සල්ලි ටික හිදෙනකල් පොත් ගන්නවා.:)))) මට විතරක් නෙවෙයි අපරාදෙ කියන්න බෑ අපේ නංගිටත් පොත් පිස්සුව ඉහටත් උඩින් තියෙනවා.අපි දෙන්නටම මේ පොත් පිස්සුව හදන්න මූලික වුනේ අපේ තාත්තායි, කන්තලේ තාත්තයි (තාත්තාගේ තාත්තා). 

                පුංචි කාලෙ ඉදන් පොත් අරන් දීලා ඒවා කියවන්න හුරු කලාට ඒ ගොල්ලන්ට දහස් වාරයක් පින්.ඒත් අපි පොළොන්නරුවෙ ඉදන් පාදුක්කට එනකොට හුඟක් පොත් වැස්සට අහු වෙලා විනාස වුනා.බඩු ඔක්කොම බාගෙට හදපු ගෙදර තියන්න බැරි නිසා පොත් තිබුනෙත් නෑදෑ ගෙදරක.කට්ටිය පොත් කියවන්න කියලා අරගෙන පස්සෙ ඉතිං ඒවත් මිසින්...:((( මේ පාර ගියාම ඒ දවස් වල ආසාවෙන් කියවපු  පොතක් ගත්තා, දැන් මං ලඟ නැති නිසා. අලි පාර , Elephant Walk කියන පොතේ පරිවර්තනය.

                පටන් ගන්නකොටම ඇතුල් වෙන්න හිතාගෙන 9.30 වෙද්දි අපි ඒ කිව්වෙ මම,අපේ නංගි,මාධවයි,එයාගෙ නංගියි,උදිතයි,එයාගෙ මල්ලියි BMICH එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා පොකුන ගාවට ඇවිදගෙන යන අතරෙ ඔන්න බොලේ මාධවට එනවා කෝල් එකක්. මාධව කියනවා "ඔව් බං අපි ඇවිල්ලා ඉන්නෙ." කියලා. මට ඉතිං නිකමට වගේ හිතුනා මේ නම් ශුවර් එකටම මාලුවා තමා කතා කලේ කියලා.

                මට සාපේක්ෂව බැලුවොත් කෙට්ටු, සුදු ( දන්නෝ දනිති..;)  )  කොල්ලෙක් ඉන්නවා තව කෙනෙක් එක්ක පොකුනට කිට්ටුව.මාධවත් එක්ක කතා කරන අස්සෙම මං ඇහුවා මාව අදුර ගත්තාද කියලා.මොන ෆොටෝ එකකින්වත් දැකලා නැති ගානට අහපි මේ කවුද කියලා.හපොයි......බුකියෙන් මාත් එක්ක චැට් කරලාත් මූට මගෙ මූන මතක නැති හැටි.ඕක කිව්වාම නම් "ආහ්..මේ නිසුපා ද? "කියලා අහන්න මතක් වුනා.

            කට්ටිය 10ට එනවා කිව්වට කීය වෙයිද දන්නෙ නැති නිසා ඔන්න ඔහේ ඇතුලටම කස්ටියට එන්න කියමු කියලා හිතාගෙන ඇතුලට.ඔය වෙනකොටත් අපේ පිණිබිඳු නම් මග.එයා එන්න තව විනාඩි 45ක් විතර යයි කියපු නිසා Fහෝල් එකේ ඇවිද්දා.ඒකෙ ඇවිදලා එනකොට මාලුවා කියපි එයා කට්ටියව ඇතුලට එක්කන් එන්නම් ඔහොම ඉන්න කියලා.මාලුවා එක්ක ආපු අනික් එක්කෙනා මං හිතුවෙ මල්ලි කෙනෙක් කියලා.අනේ කතා කරලා බැලින්නම්  අවුරුදු 2ක් විතර වැඩිමල්අයියා කෙනෙක් නෙ. :O චානක ජයවර්ධන අයියා.බ්ලොග් එකක්නම් නෑලු.කමෙන්ට් කරනවා විතරලු.


                 අපි බලාගෙන ඉන්නවා ඉන්නවා මාලුවා නෑ.කාලය ඉතිං රන් හා සමානයිලු නෙ.වෙලාව යනකොට සෙනඟත් වැඩි වෙනවානෙ.උදිත නම් කලින්ම ගියා කස්ටිය ඇතුලට ආවාම සෙට් වෙන්න බැරියෑ කියලා.ටික වෙලාවක් ඉදලා මාධවත් Expographic එකට ගියා.අපි (මායි,නංගියි,චානක අයියයි) ඉස්සෙල්ලාම බෞද්ධ පොත් ටිකකුත් බලලා සිරිමාවො එකේ හෝල්B එකට ගියේ බලාගෙන ඉදලා බැරිම තැන.


              මාලුවාට කෝල් කලාම කියනවා මේ ඇතුලට එන ගමන් කියලා.කොහෙද ඉතිං ඒ කියන්න ඇත්තෙ එන්ට්‍රන්ස් එකේ පෝලිමේ කෙලවරේ ඉදලා වෙන්න ඇති..:D.ඕන එකක් කියලා මායි,නගායි විජේසූරිය එකට රින්ගුවා.අනේ අම්මේ ඒකෙ හිටපු සෙනඟ.හොද පොත් තියෙනවා වගේම ඩිස්කවුන් එක 30% වෙන නිසා සෙන්ග සූ ගාලා.පොතක් තෝර ගන්නවත් විදිහක් නෑ.:( කැශියර් එකට පෝලිම ස්ටෝල් එක ඇතුලෙ දරණ ගහලා.එන පොට හොද නෑ කියලා තේරුන නිසා ගන්න ඕනෙම කියලා හිතුන පොත් ටික අරගෙන මං පෝලිමට ගිහිල්ලා නගාට කිව්වා තව හොද පොත් හොයන්න කියලා.


               ඔය ජරමර අස්සෙ පිනිබිඳුවා කෝල් කරලා අහනවා "කොහේද බං?" කියලා.මං ඉන්න තැන කියලා ඉක්මනට කට් කලා.තල්ලු කරගෙන කට්ටිය ඉස්සරහට යන්න හදන නිසා මට බැලන්ස් නැතුව ගිහින් හිටියෙ.ඔන්න තව ටිකකින් ආයෙත් කෝල් එකක්."මං ස්ටෝල් එකෙන් එලියෙ ඉන්නෙ. කෝ බං පේන්නෙ නෑ නෙ උඹව." "ඔහොම ටිකක් හිටපන්" කියලා ආයෙත් තිබ්බා.කොහොමහරි පොත් ටිකත් අරගෙන එලියට එනකොට ඩබලගෙම ඇස් උඩ.ඩබල කිව්වෙ පිනිබිඳුයි,වෙන්ට හබියයි....


                  "ඔයාලා පොත් අරන් ඉවරද?"මං කිව්වා නෑ තව ගන්න ඕනෙ කියලා.පුදුම වෙන්ට දෙයක් නේන්නම් අපි එතනින් පොත් 10ක් අරන්නෙ.අද තමයි බිල බැලුවාම තේරුනෙ.අපේ නගා තමා පොත් වල වැඩි බර ඇද්දෙ.පින්ම සිද්ද වෙනවා නගාට.ඕක දැක්ක වෙන්ට හබිය (පිනිබිඳුගෙ) කියනවා "අනේ ඕවා මෙයාටනම් පුරුදු කරන්න එපා.මට තමා උස්සගෙන යන්න වෙන්නෙ." කියලා.


                        ආයෙත් කොහොමහරි මාලුවාවයි,චානක අයියාවයි සෙට් වුනා, පිනිබිඳුව හැලුනා.මේ දෙන්නත් එක්ක සරසවි එකේ ස්ටෝල් එක පැත්තට යනකොට මෙන්න ඉන්නවා සෙට් එක පඩි පෙලක වාඩි වෙලා.කවුද....????කවුද ඉතිං අපේ බ්ලොග් කාරයො ටිකක්.හරිම සන්තෝසයෙන් කට්ටියව අදුනගත්තා.මගෙ පොත් මල්ල දැකලානම් කස්ටිය බය වුනාදත් මන්දා.


               ටිකකින් කට්ටියම ඇතුලෙ AC එකක් ගාවටම සෙට් වුනා.අපේ කචබචයයි දැගලිල්ලටයි අපිව තව ඩිංගෙන් ඒ හරියෙ තිබුන ස්ටෝල් එකේ උන් අපිට නෙලනවා අම්බානකට.ආයෙත් පඩි පෙලටම සෙට් වුනා. විසිරිලා හිටිය දන්න කියන අය ටිකත් එකතු කරගෙන වටේ ඉන්න අනික් මිනිස්සුන්ට ඇණ වෙවී පොටෝ දෙක තුනකුත් ගත්තා.ඔය වෙද්දි වෙලාව එකත් පහු වෙන්න ඇවිත්.ඒත් එකෙක්ටවත් බඩගිනි පාටක් නම් නෑ.හිතේ සතුටටද කොහෙද....






                       හ්ම්....ඒත් කන්නත් එපැයි.මායි,මධුරංග මල්ලියි බඩඉරිඟු කද්දි අනික් අය මැගී කෑවා.ඔතනදිම තමයි අර මාලුව කියන  "පොටෑපෝටෙලෝ" සිද්දියත් වුනේ...හික්ස්...ඒවා පසුවට.....ආහ්...තව ටිකෙන් අමතක වෙනවා. ඔය ෆොටෝ එකේ නැති වුනාට අපිට රන්දිල් අක්කයි, සිංහයාවයි හම්බ වුනා නෙව.රන්දිල් අක්කාට මාව මතක තිබුනා.ඒකටනම් මාරම සතුටුයි....:)))


                     යන්න කියලා එලියට යන්න හදනකොටම නීනුව හම්බ වුනානෙ.හම්බ වුනාමත් නෙවෙයි.එයා අපි පස්සෙන් දුවගෙන ඇවිත් අපිව නතර කරගත්තා.හික්ස්..ඊට පස්සෙ ඉතිං එයා වචන 20ක් විතර කියද්දි අපි වචන 1ක් විතර කතා කර කර හිටියා.එක පාරටම මෙයා මාධවගෙ නංගිව පෙන්නලා "ඔයා නිසුපා ද?"කියලා ඇහුවෙ නැතැයි.හපොයි......ඊට නෑ මෙයා කිව්වාම කියපි "ඔයා කලු වෙලා" කියලා.හික්ස්..ඒ ඉතිං ෆොටෝ වල හැටිනේ.අක්කන්ඩිත් ඒ වෙලාවෙ නීනුත් එක්ක හිටියා.


                      නොමිලේ ප්‍රවාහන සේවයේ බොරැල්ලට ඇවිත්.එතනින් කොට්ටාවට ඇවිත් ගෙදර එනකොට හවස 6.30ත් පහු වෙලා ඕන්..


       කොච්චර මහන්සි වුනත් හිතේ සතුටනම් අඩු නෑ.පොත් ප්‍රදර්ශනේට ගිය ගමන් වලින් ජොලිම ගමන වුනේ මේක තමයි.ස්තූතියි ආපු යාලුවො හැමෝටම.


ප.ලි.
                  අතුරු කතානම් බොහොමයි.ඒවා ලිව්වොත් මේක මාගලක් වෙයි.ඒ නිසා ඒවා ඕනෙ නෑ...:D

46 comments:

  1. ඇයි බං අපි අර පොකුණ ගාව ඉන්නකොට අර ශානිකා කියල එක්කෙනෙක් කතා කරල කිව්වෙ තාම රාජගිරියෙ කියල. උන් ටික ඇතුළට එනකොට කීයද මන්ද උනා. :) (10.30-11 විතර මම හිතන්නෙ. :D )
    තව කට්ටියක් අපිව හොයල එහෙම තියෙනව, කොහෙද ඉතින් අපිත් මිසිං, උනුත් මිසිං. :(
    මම කිව්ව ඔය කවුරු කවුරු හරි පෝං නොම්බරයක් හරි දීපියව් කියල, කොහෙද, මුංගෙ ලොකු එක. එකෙක් දුන්නද :( දුන්න නම් මේ ෆොටෝ එක ගහන්න මෙතන ඉඩ මදි වෙනව. පැනොරාමා එකක් ගහන්න වෙනව ඔක්කොමල්ලව ගන්න. :D
    කොහොම කොහොම හරි, ගිය හොඳම බුක් ෆෙයා ට්‍රිප් එක. :)

    ReplyDelete
  2. අප්පා.. මරුනේ... පාදුක්කේ බ්ලොග් සංගමේම මෙතන... ලංකාවේ හිටියනම් අනිවා සෙට් වෙනව ... :(

    ReplyDelete
  3. අපි එනකොට ඔයාලා පොත් අරගෙන ගිහින් නේද ? 3.30 ට අපි ආවෙ, එතකොට හිටියෙ ශිරෝශි නඟා , චාපා වැප්, අහින්සකී, සෝරෝ, සිහින සහ තව සෙට් එකක් හිටිය. නඟා ෆොටෝ ටික බලන්න

    ReplyDelete
  4. සන්තොසයි නේන්නම්.. හැමදාම නොදකින යාලුවො නිස මේ යාලුකමේ අගේ වැඩි නේ...

    ජය...

    ReplyDelete
  5. ඇත්තමයි අක්කේ මෙහෙම වචන වලින් විතරක් හමුවෙන අපි ඇත්තටම හමුවෙන්කොට ඒ සතුට ගොඩක් වැඩියි.. ලංකාවේ හිටියනම් මාත් ඉතින් ඊයේ ඔතනනේ....

    ReplyDelete
  6. කෑම කන වෙලාවෙදි එක්කෙනෙකුට පොඩි වැඩක් වුණානේ. කාල ඉවර උණාට පස්සෙ එයා පෝටෙලෝ එකක් ඉවර වෙනකල්ම බීල අන්තිමට කියනව මෙන්න මෙහෙම....
    "මේක නම් හරිම සවුත්තුයි... ගෑසුත් නැහැ. ඒ මදිවට කොකාකෝල රහක් ගෑවිලාවත් නැහැ....".

    ReplyDelete
  7. මම අද මධු ටත් බැන්න නම්බර් එකත් තියාගෙන නිකමටවත් කිවේ නැ කියලා... අපිත් ආසයිනේ කට්ටිය දැක ගන්න..

    මොනවා කරන්නද දුක තමයි

    ReplyDelete
  8. අයේ ඔහොම සෙට් වෙනවා නම් කියන්න... මමත් එනවා අනිවාර්යයෙන්ම ..........

    ReplyDelete
  9. ඔය පින්තූරේ ඉන්න අයගේ නම් දාන්ටකෝ....:D

    ReplyDelete
  10. පොත් කන්දක්ම අරන් තියෙන්නෙ නිසූ. හොඳා . . හොඳා. . " කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි " කියනවනෙ නේද? තාම මට යන්න බෑරිඋනා. එන සෙනසුරාදා යන්න තමයි හිතන් ඉන්නෙ.

    ReplyDelete
  11. පොත් කන්දක්ම අරන් තියෙන්නෙ නිසූ. හොඳා . . හොඳා. . " කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි " කියනවනෙ නේද? තාම මට යන්න බෑරිඋනා. එන සෙනසුරාදා යන්න තමයි හිතන් ඉන්නෙ.

    ReplyDelete
  12. මුන්දල ගිහින් පොතුත් අරන් අපිට ෆොටෝත් පෙන්නන එක බොහොම වැරදිය . මගේ අවංක ඉරිසියාව . DD

    ඔතන තියන පොලියාන පොත් තුනයි තව කිපෙකුයි දැනටමත් තියන හින්ද යාන්තම් සැනසීමක් ඇති වුනා .

    ReplyDelete
  13. හයියෝ.. ආපහු ඔයවගේ සෙට් වෙනවනම් කලින් කියන්න හොඳේ..
    මට තාම යන්න බැරි වුණා.. අද හරි හෙට හරි හවස්වෙලා තමයි එන්න ඉන්නේ. රෑ වෙනකොට සෙනඟ අඩුවෙයි නෙහ්..

    ReplyDelete
  14. හරිම සතුටු දවසක්. නිසූපා අක්කාට මාව අදුන්නලා දෙන්නත් කලින්ම අක්කා මාව අදුන ගත්තා. ආහ් අර බෑග් එක ගැන ටිකක් කියන්න එපැයි. ඕක අපි ලඟ දාලා අක්කා පොත් තොරන්න ගියා නේ. මම බෑග් එක උස්සගෙන ඇතුලට යන්න ගිහින් බෑග් එක බර නිසාම හිරු එළියට බෑග් එක දීලා මාරු උනා.

    කාගේ ෆොටෝ තිබ්බත් මාළුවාගේ ෆොටෝ නෑ.

    ReplyDelete
  15. දුකේ බෑ අක්කෝ ඔයා කට්ටිය සෙට් වෙච්ච එක රස කර කර කියද්දි. අපරාදේ මට එන්න බැරි වුනා. ඔයාලා එනබව මම දැනගෙන හිටිය නම් අනිවා එනව මයි. මොකද ඉතින් මමත් ඉන්නේ ඔය කිට්ටුවම නේ. හැම අවුරද්දෙම පොත් ගන්න යනවා. ඒත් ඉතිං අක්කට වගේ පොත් කදු ගන්න තරම් නම් සල්ලි නැති නිසා බලලා බලලා හිතට හරියනම පොත් දෙක තුනක් අරන් එනවා. ආපහු ආවහම ගෙදරින් හැමදාම අහන්නේ දවසක්ම ගියාද උඹට මේ පොත් 2ක ගන්න කියලා.

    ReplyDelete
  16. ඔයාලා පොත් ගොඩක්ම අරන් නේ නියමයි.

    ReplyDelete
  17. @Podi Kumarihami:
    නිසූ අක්කා ෆොටෝ එකේ කට්ටියව පොඩ්ඩි අක්කට අදුන්නලා දෙන්න මට අවසර.....

    ඉදිරි පෙළ වමේ සිට - පිණිබිඳුගේ වෙන්ඩ හබී, පිණිබිඳු , නඟා , හිරු එළිය , සී. ජේ ගයාන්, ශානු

    පසු පෙළ වමේ සිට - මාධව හබරකඩ, නිසූපා, නිසුපා අක්කගේ නංගි බබා, සෙල්ලිපියේ උදිත,උදිත අයියගේ මලයා, සිරි කොලුවා, මම, බ්ලොග් නොලියන නොකියවන මල්ලි කෙනෙක්.

    ReplyDelete
  18. අර අතුරැ කතා ටිකත් පුලුවන් වෙලාවක දැම්මා නම් හොඳයි.. ඔයාලව හොයන්න ගිහින් මම තව පොඩ්ඩෙන් මාව විජේසුරිය එකෙ අතරම්ං වෙනවා....

    ReplyDelete
  19. @මධුරංග,

    ගොඩාක් ස්තූතියි පින්තූරේ ඉන්න කට්ටිය අඳුන්නලා දුන්නට. හිරු එලිය, පිනි බිංදු ඔක්කොම එක තැන ඉඳලානේ. මාර ලස්සන ෆොටෝ එක. ඔන්න මගේ ඇල්බම් එකට දාගත්තා 'බ්ලොග් යාලුවෝ' කියලා...:D:D:D

    ReplyDelete
  20. මට මේ පාර යන්න බැරි උනානේ අක්කි! මට දුකයි! ඒත් කරන්න දෙයක් නෑ! ම්ම්ම්! මං හැම පාරම එනවා! ඒත් මේ පාර බැරි උනා! ම්ම්ම්!

    ReplyDelete
  21. ඔන්න අපි නම් වෙලාවට ආවලු

    ReplyDelete
  22. පොත් ගත්ත වගේ නෙමෙයි දැන් ඉතින් කොනක ඉඳන් කියවන්න පටන් ගන්න ඕනෙ. දැන් ඉතින් කාලයක් තිස්සෙ කරන්න වැඩක් තියෙනවා. ඒ ගෙවිච්ච දවස නම් අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
  23. අම්මෝ අයේ නම් පොත් ප්‍රදර්ශන වලට මේ අවුරුද්දේ නොයන්නයි හිතාගෙන ඉන්නේ. මොකද දැනට මාස 2කට විතර කලින් නුවර තිබ්බ පොත් ප්‍රදර්ශනේට ගිහින් බර ගාණක පොත් අරගෙන මාර අමාරුවක වැටුනේ. හොදවෙලාවට නෝනා දන්නේ නැහැ පොත් කොච්චර ගත්තද කියලා‍‍‍...

    ReplyDelete
  24. @Madhawa Habarakada- හික්ස්..ඔය ඉන්නෙ අතුරු කතා කියන්න අය...

    @නදුන් උයන - ඒකනේ..ලංකාවට ආවාම කියන්න අයියේ..සෙට් වෙන්න බැරියෑ.

    @Gayan Rupasinghe - ඒකනම් ඇත්ත මල්ලි...

    @Weni - ඒකනේ අයියා.අපි ඉතිං උදේ ඉදන් හිටියානෙ.ෆොටො ටික දැක්කා.පොත් කෙසේ වෙතත් හොදට කාලා වගේ...:)))

    ReplyDelete
  25. @Dinesh - ආවාම කියන්න මල්ලි.එතකොට කට්ටියම ආයෙත් කොහේට හරි සෙට් වෙන්න බැරියෑ.මීට කලින් හමු වෙලා නැති වුනත් වචන හරඹ කරලා තියෙන නිසා ඉස්සර ඉදන් දන්න අය වගේ දැනෙන්නෙ.

    @උදිත සේනාරත්න - ඔන්න මඩ ගහන්න හදනවා.ඔයාම ඕනෙ නම් ඔය කතාව කියන්න.:P

    @දේවා ගේ අඩවිය - මේ මේ ඔයා විභාගෙ කරගෙන ඉන්නවාද ඔක්කොටම කලින්. පස්සෙ සෙට් වෙන්න බැරියෑ.

    @විසිතුරු | visituru - ඇයි ගෙට්ටුවක් තියෙනවා කිව්වා නේද?

    ReplyDelete
  26. @Podi Kumarihami - මං වෙනුවෙන් මධුරංග මල්ලි වැඩේ කරලා තියෙන්නෙ අක්කා..:)

    @නවින්ද්‍ර අල්පෝන්සු - ඒකනෙ අයියා.වෙන්ට වයිෆ්වත් අක්කන් යන්න. ;)

    @Bindi - හික්ස් මක් කොරන්නද අක්කා.ඔයාත් මෙහේට ආවම ගිහින් ගන්නකො.නැත්නම් කාට හරි පොත් අරන් කූරියර් කරන්න කියන්න.

    @පැණි දොඩම් - යන්න යන්න.වැඩ කරන දවස් නිසා කොහොමත් දවල්ටත් සෙනග අඩු ඇති.රෑට තවත් අඩු ඇති.නැත්නම් කියවලා බලලානම් පොත් තෝරන්ට අමාරුයි.

    ReplyDelete
  27. @මධුරංග - හ්ම්....බුකියෙ ඔයාව දැකලා තියෙනවානෙ අනේ.ඉතිං අදුරගන්න අමාරු වුනේ නෑ.:))
    බෑග් එකනම් ගොඩක් බරයි තමයි.ඇයි අප්පා එතන පොත් 20ක් විතර තියෙන්න ඇතිනේ.ඔයාට ඒක උස්සගන්න බැරි වුනාද? :O

    බොහෝම ස්තූතියි මල්ලි මට කරන්න බැරි වුන වැඩේ කෙරුවට.කට්ටියව අදුන්නලා දුන්නට.:))

    @batti - අපරාදෙ නංගෝ සමහරු යන්න කලිනුත් යනවා කියලා දාලා තිබුනානෙ.ඔයා දකින්න නැතුව ඇති.හ්ම්...මටත් හිතේ හැටියට පොත් ගන්න පුලුවන් වුනේ මේ පාර තමයි.රස්සාවක් කරන්න ගත්තට පස්සෙ ආපු පලවෙනි ප්‍රදර්ශනේ නෙ.

    @නදී - ඔව් නෙ.තව පොත් හයක් ඔතන ඇත්තෙත් නෑ.ඒවා ගත්තෙ අම්මටයි තව අදුනන ඇන්ටි කෙනෙක්ටයි.

    @cjgayan - හ්ම්...බලමුකො වෙලාවක් ලැබුනොත්.ස්තූතියි අයියේ මාලුවා එනකල් අපිත් එක්ක හිටියට.නැත්නම් ආයෙත් එයව හොයගන්න වෙන්නෙ නෑ මටනම්.මොකද නොම්මරයක්වත් තියෙනවා කියලැයි.

    ReplyDelete
  28. @මාධව - மாதவ - Madhawa - තව කල් තියෙනවානෙ මල්ලි ඉවර වෙන්න.පස්සෙ ගිහින් ගන්න.

    @ශානු - ඈහ්....එහෙම වුනාද?? කීයටද එනවා කිව්වෙ...?? :o

    @පිණිබිඳු - මං නම් ගිය ගමන් පටන් ගත්තා.මහන්සියට එදා නින්ද ගියානෙ.ඊයෙනම් කියවලා ඉවර කලා එක පොතක්.:) එහෙමත් අමතක වෙනවද නේද?

    @දිනේශ් දීපාල් - කොච්චර විතර බරද? පොත් ඉතිං අහක යන්නෙ නෑ නෙ.නෝනා මේක දකින එකක් නෑ නේද?නැත්නම් ඒත් ඉවරයි නෙ..:D

    @

    ReplyDelete
  29. නිසූපලගෙ ගෙදර මාසයක් විතර නවාතැන් ගන්න බැරි වෙයිද ? පොත් වලට කවර දාන වැඩේ කරල දෙන්නම්

    ReplyDelete
  30. @Chanaka Aruna Munasinghe - අප්පේ ලොකුම ලොකු උදව්වක් ඒකනම්.මං අම්මාගෙන් අහලා කියන්නම්කො...:)))

    ReplyDelete
  31. ෂා..... කට්ටියම සෙට් ව්එලා නේද?? හි හි.... හලිම ෂෝයි...:)
    අක්කා පොත් තොගයක්ම අරගෙන.. නියමයි නියමයි.. බ්ලොග් ලියන අයගෙන් දන්න් අකියන මූණූ කීපයක්ම තියනවානෙ ඔතන..:)

    ReplyDelete
  32. කුරියර් ..ඒ සල්ලි වලින් පොත් දහයක් ගන්න හැකිවෙයි. මගේ යාලුවෙක් මට පොත් ටික අරගෙන . දෙසම්බරේ ගන්න පුළුවන්

    ReplyDelete
  33. පෙරේදා එක පොතක් දැක්කනේ. ඒක අද බ්ලොග් පෝස්ට් එකේ පළවෙනියට තියෙන පොත (අවසන් විසදුම). දුව අතට ගන්නකොට අයියෝ ඕක රු.600/= ක් කියලා කියවුනා. ඉතින් ඊට පස්සේ නෝනගෙන් අහගන්නවුන දේවල් කියන්න ඕනද?

    ReplyDelete
  34. @Bindi - එහෙනම් හරි නෙ අක්කේ..:))

    @දිනේශ් දීපාල් - අපොයි මටත් ඔය වගේ වැඩක් වුනා නෙ ඊයෙ.අපේ අම්මා ඊයෙ තමයි ඇහුවෙ කීයක පොත් ගත්තාද කියලා.ගාන කිව්වාම අම්මගෙ ඇස් දෙක උඩ ගියා.තාත්තාටනම් ගානක් වුනේ නෑ.

    ReplyDelete
  35. හ්ම්ම්. ඇයි බොලව්, උඹල එකෙක්ටවත් හඳුන්වල දෙන්න බැරිද ෆොටෝ එකේ ඉන්න මගෙ සහෝදරීව. :(

    ReplyDelete
  36. අයියෝ මට මිස් වුණානේ වැඩේ.................. :(((((((((((((((((

    ReplyDelete
  37. ෂා...මරු පොත් ටික...අනේ දෙවියනේ මට නිදහසේ කතා පොතක් කියවන්න වෙන්නේ කවද්දෝ????

    ReplyDelete
  38. මමත් ඉතින් මේකට හොට දාලා ආවා. හැබැයි ඔයාලා ගිය දවසේ නෙමෙයි. අපරාදේ එදා එන්න පුලුවන් උනානම් කට්ටියව බැහැ දකින්න තිබුනනේ...

    ReplyDelete
  39. ඊරිසියාවෙ බැහැ... ආයේ නං පොත් ප්‍රදර්ශනේ ගැන දාන එක පෝස්ට් එකක් වත් කියවන්නෙ නෑ..නෑ මය්

    ReplyDelete
  40. නිසූ මේ බලන්න මධුරංගයා....

    //පසු පෙළ වමේ සිට - මාධව හබරකඩ, නිසූපා,**** නිසුපා අක්කගේ නංගි #බබා#***,///

    මං හිතන්නේ ඇස් ටී ඇප් එකෙන් දාන්න වෙයි ....

    ReplyDelete
  41. ඔබ්සර්වර් මමා කියපු එකට 100% එකඟ වෙමි....;)

    ReplyDelete
  42. @හිතුවක්කාරි - ඔව් අනේ පොත් ගොඩාක් ගත්තා...සමහර අයව දැක ගන්න හම්බවුනේ නෑ නෙ නංගි..:((

    @Madhawa Habarakada - අනේ සොරි මාධව.ඉතිං ඔයාම අදුන්නලා දෙන්නකෝ.

    @මහි - ඒකනේ...:(((

    @BLOG ගඩොල් - මමනම් කියවන්න පටන් ගත්තා.වැඩ ඇරිලා ගෙදර ගිහින් පොතක් කියවලා ඉවර කරනවා.ඔයාට විභාගයක්ලු නේද?

    @කින්නරාවි - ඒකනේ ටික දෙනෙක් හරි බලා ගන්න තිබුනානෙ.

    ReplyDelete
  43. @Observer - අයියෝ ඉරිසියා නොකර සතුටු වෙන්න අනේ.තව ටික කාලෙකින් කට්ටිය ඔය පොත් ගැන විචාර ලියයි නේ.

    @Prasanna - ඒකනම් ඇත්ත මාලුවෝ.උදිතගෙ මල්ලිට මලයා කියලා දාලා.අපේ එකාට විතරක් බබා...හික්ස්...:D

    @සුදු හංසි - ඔයත් ගිහින් ටිකක් අරන් එන්නකෝ...

    ReplyDelete
  44. මේ පාර නම් කිසිම කතා පොතක් ගත්තේ නැහැ ගත්තු ඔක්කොම අධ්‍යාපන පොත පත විතරයි. ලබන පාර බලන්න ඕනේ.......

    ReplyDelete
  45. @Hasitha - අප්පේ..හොද ලමයෙක් නෙ.මං නම් ගත්තෙම කතා පොත්.A/L කාලෙත් අධ්‍යාපන පොත් ගත්තෙ හරිම අඩුවෙන්.කැම්පස් කාලෙත් එහෙමයි.

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...