අපේ කන්තලේ තාත්තයි,අම්මයි දෙන්න පදිංචි වෙලා හිටියේ කන්තලේ.දැන් ඉතිං කස්ටිය බලයි ඈ යකෝ මේ කෙල්ලට අම්මලා,තාත්තලා දෙන්නෙක්ද කියලා.ඒ වගේ තමයි මටනම්.ඒ මගේ තාත්තගෙ අම්මයි තාත්තයි.කන්තලේ හිටි නිසා කන්තලේ අම්මයි,තාත්තයි වුනා.මගෙන් පස්සෙ ඉපදුන අපේ නංගියි,බාප්පලාගෙ පොඩි උන් සෙට් එකයි ඔය නම් දෙකම ඒ දෙන්නට රෙජිස්ටර් කලා.මං පොඩි කාලෙ හිටියෙ පොළොන්නරුවේ නිසා ඒ කාලෙ අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතර අපි එහේ යනවා.ඒත් සිස්සත්තෙ පාස් වෙලා කොලොම්පුරේ ඉස්කෝලෙකට මංගච්චන්න ගත්තට පස්සෙ එහේ යන එක හොදටම අඩු වුනා.
පුංචි කාලෙ කන්තලේ ගියාට මොකද කවදාවත් කන්තලෙන් එහාට,ඒ කිව්වෙ තිරිකුනාමලේ පැත්තට ගිහිල්ලාම තිබුනේ නෑ.කාලෙකට ඉස්සෙල්ලා මුලු ලංකාවෙම නිකන් පිස්සුවක් වගේ තිබුනානෙ තිරිකුනාමලේ බලන්න යන්න.ඉතිං මටයි,නගාටයිත් පිස්සුව බෝ වුනා.කනු කුනු ගාලා ගාලා කොහොම අම්මවයි තාත්තවයිත් කැමති කරගත්තා.ඒ වෙනකොට කන්තලේ අම්මයි තාත්තයි දෙන්නම මේ ලෝකෙ දාලා ගිහිල්ලා.එහේ ගෙදර හිටියේ පොඩි කාලෙ ඉදලා එහේ හැදුන වැඩුන නෑයෙක් නොවිච්ච නිහාල් මාමා සහ එයාගෙ පවුලේ කස්ටිය.
එහෙමයි කිව්වට නිහාල් මාමා නෑයෙක් තරම්ම අපිට සමීපයි.ගමන ප්ලෑන් කරගත්තෙ කන්තලේ ගෙදර ගිහින් නතර වෙලා පහුවදා උදේ ඉදන් තිරිකුනාමලේ රවුම දාන්න.රවුම යන්නෙ වාරිමාර්ගෙ වාහනේකින්.පහලින් තියෙන පින්තූර වල තැන් වලට තමා ගියේ.
පේනවානෙ තිරිකුණාමලේ මුහුදෙ ලස්සන.අම්මේ නිල් කැටේට වතුර පේනකොට බහින්නෙ නැතුව ඉන්න හිතෙන්නෙ මොන එකාටද...මායි,නගායිත් කොහොමහරි වතුරට බහින්න ඕනෙ කියලා අදිෂ්ඨාන කොලා.අදිෂ්ඨාන කොරලා විතරක් මදි නොවැ ඇදුම් මාරු කරගන්න තැනක් තියෙන්නත් එපැයි.බස් වලින් ආපු අයනම් ඒකට වෙලා මාරු කරනවා.අපේ වාහනේ නවත්තලා තිබුනේත් ගොඩක් ඈත. අම්මයි,මායි,නංගියි එකතු වෙලා වට තිර ඇද්දා.එක්කෙනෙක් ඇදුම් මාරු කරගන්න කල් අනික් දෙන්නා අල්ලගෙන ඉන්නවා.කොහොම හරි ඒ ආසාවත් සංසිදව ගත්තා.
සාමාන්‍යයෙන් අපි දුර ගමන් බිමන් යන්නෙ එන්නෙ දෙකම කෝච්චියෙන්.මේකත් එහෙමම තමා.රෑ කෝච්චියේ ආපහු යන්නයි කතා වුනේ.එතකොට එලි වෙනකොට කොටුවේ.අපේ අම්මට වොරන්ට් ලැබෙන නිසා වියදමකුත් නෑනෙ.අම්ම ගුරු සේවයෙ ඉන්න තත්වය හැටියට දැන් අපිට අර ඇදන් එහෙම දාලා තියෙන චූටි කාමරයක් වගේ එකේ තමා යන්න හම්බ වෙන්නෙ.මොකක්ද අප්පා ඒකට කියන නම.මතක් වෙන්නෙ නෑනෙ....:O චන්දික අයියේ හෙල්ප් එකක් දෙන්නටකෝ...
මොකක් හරි... ඕකෙ ඇදන් දෙකක් තියෙනවා. එකක් යට අනික ඊට උඩ. අම්මයි,තාත්තයි යට අපි දෙන්නා උඩ.දෙන්නටම ඉන්නනම් අමාරුයි තමයි.ඒත් කොහොමහරි නිදා ගන්නත් එපැයි.මේ කාමරේටම අල්ලලා පොඩි බාත් රූම් කෑල්ලකුත් තියෙන නිසා,හුචක්කුවකුත් ඇදගෙනම තමා නිදා ගන්නෙ ගෙදර වගේ....:D මරදානෙට ලං වෙනකොට තමා තාත්තා අපිව නැගිට්ටවන්නෙ.ඇයි අප්පා දත කට මැදලා මනුස්ස වේසෙන් ඉන්න එපැයි.
ඔන්න මෙදත් තාත්ත නැගිට්ටවනවා මරදානට ලගයි ලෑස්ති වෙන්න කියලා.මං නැගිටලා බාත් රූම් එකට ගිහින් මූලික අවශ්‍යතා ටික ඉටු කරගෙන ආවා විතරයි කෝච්චිය නතර වුනා.ආහ්....මරදානට ඇවිත් වගේ.ඒත් යකඩ කටින් කෑ ගහන එක යන්තම් කනට වැටුනාම හිතුනෙ මේ කොටුවයි කියලා.කොහෙද අපිත් කෑ ගහ ගහ බඩු මුට්ටු හොයන කොට ඕවා ඇහෙන එකක් කියලයෑ.
අම්මා කියනවා "ඒයි කොටුවට ඇවිත්ද කොහෙද?" කියලා.මොන...තාත්තට හොදටම සුවර් මේ මරදාන කියලා.ඉතිං තාත්තාත් ගේම අතරින්නෙම නෑ."නෑ නෑ තාම මේ මරදාන".ඒත් කොයි කටත් කියලා කාමරේ දොර ඇරලා බැලුවා.කස්ටියම බහිනවා.පොඩ්ඩක් ඔලුව පාත් කොලාම ස්ටේශන් එක කොටුවෙ එක වගේමයි.සහ සුද්දෙන්ම දැන ගන්න කියලා මැදිරිය බාරව ඉන්න නිලදාරියාගෙනුත් ඇහුවා මේ කොටුවද කියලා.උත්තරේ ඇහුවාමනම් සිහි නැති වුනේ නැති එක විතරයි.."ඔව් ඔව් මේ කොටුව.ඉක්මනට බහින්න දැන් ඇන්ජිම ගලවයි.""
හුටස්පරයයි කිව්වලු.අපි කාන්තා පාර්ශවය නයිටි පිටින් තාත්තා සරම පිටින්.ඇන්ජිම ගැලෙව්වොත් කලුවරේ මක් කොරන්න කියලැයි.තාත්තා ශර්ට් එක පටල ගත්තා.අපිත් අර හවුස් කෝට් කියන එක ඇඳ ගත්තා.විවේකාගාරවලට ගිහිල්ලාවත් ඇදුම් මාරු කොර ගන්නවා කියලා හිතාගෙන මලු ටිකත් කරේ එල්ලගෙන බිමට බැස්සා.වටේ පිටේ ඉන්න මිනිස්සු ස්ටේශන් එකට පිටසක්වල ජීවියො ගොඩ බැස්ස ගානට අපි දිහා බලනවා.අනේ අපිත් අපිට නෙවෙයි වගේ හිතාගෙන ප්ලැට් ෆෝම් එක දිගේ ඇවිදගෙන එන ගමන් විවේකාගාර දිහා බැලුවා.
අනේ අම්මේ......ඒවත් වහලා කියහල්ලකෝ.දැන් මක්ක කරන්නද.වෙලාවට උදේ පාන්දර නිසා සෙනඟ අඩුයි.නැත්නම් චාටර් කෝටියයි.හෙමින් සීරුවෙ ස්ටේශන් එකේ කෙලවරට ගියා.කෙලවරේ ප්ලැට් ෆෝම් දෙකක් අතරේ පොඩියට කාමරයක් තියෙනවා දොර රේල් පීලි පැත්තට සෙට් කරලා.එතන චූටිත්තක් අදුරුයි.ඕන එකෙක්ට පෙනියන් කියලා මෙතන බිම බඩු මලු ටික තියලා කස්ටිය ඇදුම් අදින්න සෙට් වුනා.
අනික් තුන් දෙනා කෙසේ වෙතත් මං එදා කැම්පස් යන්නයි හිටියෙ ඉතිං මනුස්ස පාටට යන්න එපැයි.එතන ඉදගෙනම දත් මැදලා,මූන හෝදලා බොහොම අමාරුවෙන් ආයෙත් වට තිර ඇදලා කස්ටියම කොහොමින් හරි ඇදුම් ඇදගෙන එතනින් අයින් වෙලා එන්න හදනකොටම ඔන්න බොලේ අර දොර ඇරුනා.නිදි ගැට ඇර ඇර මිනිහෙක් එලියට බැස්සා.අනූ නමයෙන් බේරුනා..:D
එහෙමයි කිව්වට නිහාල් මාමා නෑයෙක් තරම්ම අපිට සමීපයි.ගමන ප්ලෑන් කරගත්තෙ කන්තලේ ගෙදර ගිහින් නතර වෙලා පහුවදා උදේ ඉදන් තිරිකුනාමලේ රවුම දාන්න.රවුම යන්නෙ වාරිමාර්ගෙ වාහනේකින්.පහලින් තියෙන පින්තූර වල තැන් වලට තමා ගියේ.
![]() |
නිලාවැලි |
![]() |
උණු වතුර ලිං |
![]() |
නිල්ම නිල් පාට තිරිකුණාමලේ මුහුද |
![]() |
කෝනේශ්වරම් දේවාලය |
![]() |
කෝනේශ්වරම් දේවාලෙ ඉදන් පහල මුහුද පේන හැටි |
සාමාන්‍යයෙන් අපි දුර ගමන් බිමන් යන්නෙ එන්නෙ දෙකම කෝච්චියෙන්.මේකත් එහෙමම තමා.රෑ කෝච්චියේ ආපහු යන්නයි කතා වුනේ.එතකොට එලි වෙනකොට කොටුවේ.අපේ අම්මට වොරන්ට් ලැබෙන නිසා වියදමකුත් නෑනෙ.අම්ම ගුරු සේවයෙ ඉන්න තත්වය හැටියට දැන් අපිට අර ඇදන් එහෙම දාලා තියෙන චූටි කාමරයක් වගේ එකේ තමා යන්න හම්බ වෙන්නෙ.මොකක්ද අප්පා ඒකට කියන නම.මතක් වෙන්නෙ නෑනෙ....:O චන්දික අයියේ හෙල්ප් එකක් දෙන්නටකෝ...
මොකක් හරි... ඕකෙ ඇදන් දෙකක් තියෙනවා. එකක් යට අනික ඊට උඩ. අම්මයි,තාත්තයි යට අපි දෙන්නා උඩ.දෙන්නටම ඉන්නනම් අමාරුයි තමයි.ඒත් කොහොමහරි නිදා ගන්නත් එපැයි.මේ කාමරේටම අල්ලලා පොඩි බාත් රූම් කෑල්ලකුත් තියෙන නිසා,හුචක්කුවකුත් ඇදගෙනම තමා නිදා ගන්නෙ ගෙදර වගේ....:D මරදානෙට ලං වෙනකොට තමා තාත්තා අපිව නැගිට්ටවන්නෙ.ඇයි අප්පා දත කට මැදලා මනුස්ස වේසෙන් ඉන්න එපැයි.
ඔන්න මෙදත් තාත්ත නැගිට්ටවනවා මරදානට ලගයි ලෑස්ති වෙන්න කියලා.මං නැගිටලා බාත් රූම් එකට ගිහින් මූලික අවශ්‍යතා ටික ඉටු කරගෙන ආවා විතරයි කෝච්චිය නතර වුනා.ආහ්....මරදානට ඇවිත් වගේ.ඒත් යකඩ කටින් කෑ ගහන එක යන්තම් කනට වැටුනාම හිතුනෙ මේ කොටුවයි කියලා.කොහෙද අපිත් කෑ ගහ ගහ බඩු මුට්ටු හොයන කොට ඕවා ඇහෙන එකක් කියලයෑ.
අම්මා කියනවා "ඒයි කොටුවට ඇවිත්ද කොහෙද?" කියලා.මොන...තාත්තට හොදටම සුවර් මේ මරදාන කියලා.ඉතිං තාත්තාත් ගේම අතරින්නෙම නෑ."නෑ නෑ තාම මේ මරදාන".ඒත් කොයි කටත් කියලා කාමරේ දොර ඇරලා බැලුවා.කස්ටියම බහිනවා.පොඩ්ඩක් ඔලුව පාත් කොලාම ස්ටේශන් එක කොටුවෙ එක වගේමයි.සහ සුද්දෙන්ම දැන ගන්න කියලා මැදිරිය බාරව ඉන්න නිලදාරියාගෙනුත් ඇහුවා මේ කොටුවද කියලා.උත්තරේ ඇහුවාමනම් සිහි නැති වුනේ නැති එක විතරයි.."ඔව් ඔව් මේ කොටුව.ඉක්මනට බහින්න දැන් ඇන්ජිම ගලවයි.""
හුටස්පරයයි කිව්වලු.අපි කාන්තා පාර්ශවය නයිටි පිටින් තාත්තා සරම පිටින්.ඇන්ජිම ගැලෙව්වොත් කලුවරේ මක් කොරන්න කියලැයි.තාත්තා ශර්ට් එක පටල ගත්තා.අපිත් අර හවුස් කෝට් කියන එක ඇඳ ගත්තා.විවේකාගාරවලට ගිහිල්ලාවත් ඇදුම් මාරු කොර ගන්නවා කියලා හිතාගෙන මලු ටිකත් කරේ එල්ලගෙන බිමට බැස්සා.වටේ පිටේ ඉන්න මිනිස්සු ස්ටේශන් එකට පිටසක්වල ජීවියො ගොඩ බැස්ස ගානට අපි දිහා බලනවා.අනේ අපිත් අපිට නෙවෙයි වගේ හිතාගෙන ප්ලැට් ෆෝම් එක දිගේ ඇවිදගෙන එන ගමන් විවේකාගාර දිහා බැලුවා.
අනේ අම්මේ......ඒවත් වහලා කියහල්ලකෝ.දැන් මක්ක කරන්නද.වෙලාවට උදේ පාන්දර නිසා සෙනඟ අඩුයි.නැත්නම් චාටර් කෝටියයි.හෙමින් සීරුවෙ ස්ටේශන් එකේ කෙලවරට ගියා.කෙලවරේ ප්ලැට් ෆෝම් දෙකක් අතරේ පොඩියට කාමරයක් තියෙනවා දොර රේල් පීලි පැත්තට සෙට් කරලා.එතන චූටිත්තක් අදුරුයි.ඕන එකෙක්ට පෙනියන් කියලා මෙතන බිම බඩු මලු ටික තියලා කස්ටිය ඇදුම් අදින්න සෙට් වුනා.
අනික් තුන් දෙනා කෙසේ වෙතත් මං එදා කැම්පස් යන්නයි හිටියෙ ඉතිං මනුස්ස පාටට යන්න එපැයි.එතන ඉදගෙනම දත් මැදලා,මූන හෝදලා බොහොම අමාරුවෙන් ආයෙත් වට තිර ඇදලා කස්ටියම කොහොමින් හරි ඇදුම් ඇදගෙන එතනින් අයින් වෙලා එන්න හදනකොටම ඔන්න බොලේ අර දොර ඇරුනා.නිදි ගැට ඇර ඇර මිනිහෙක් එලියට බැස්සා.අනූ නමයෙන් බේරුනා..:D
හෙහ්... මදැයි ත්‍රිකුණාමලේ ගිහින් වෙච්ච හදිය..
ReplyDeleteඔන්න මම අද කවදාවත් නැතුව එකට ආවා....
ඒක නේන්නම් මල්ලි...:))
ReplyDeleteඔව් ඉතිං මේ මහ පාnදර අපේ රටේ අය හොදට දොයි ඇතිනෙ මං මේ ඇහැරගෙන හිටියට..:D
හප්පේ...නිසූ ට වෙලා තියන වැඩ...මදැයි ඔයිං ගියා...
ReplyDeleteඅනේ මටත් හරි ආසයි ත්‍රිකුණාමලේ, යාපනේ පැත්තේ එහෙම යන්න. තාම බැරි උනා නේ...
හෆොයි.. ජංජාලේ....මාර කේස් එක තමයි...
ReplyDeleteඉතාමත්ම සරල දෙයක් කරන්න මෙච්චර අමාරු වෙන එක නං මාර පවක් තමයි.
ReplyDeleteමම දකිනකොට (1975) උණු වතුර ලින් බිම තිබුන වලවල් ටිකක් විතරය්.
ReplyDeleteකොනේස්වාරම් කෝවිල නම් වෙනස් වෙලා නැහැ, ඒ වගේ තැන කොහොමත් වෙනස් වෙන් නැහැ නේ.
"කෝනේශ්වරම් දේවාලෙ ඉදන් පහල මුහුද පේන හැටි" කැප්ෂන් එක තියෙන පින්තුරෙන් පෙන්නන්නේ "ලවර්ස් ලීප්" කියන තැනමද?
ප.ලි.
කන්තලේ අම්මය් තාත්තය් කීවම මතක් වුන දෙයක්.
අපේ අම්ම, තාත්තට කතා කලේ ' ඩියර් ' කියල.
අක්කගෙ, මල්ලිගෙ සහ මගෙ දරුවො සෙට් එකම, අපේ තාත්තා ට කිව්වෙ ' ඩියර් තාත්තා '
ඔබා මාමා හරි. ඔතනට තමයි " ලවර් සිලිප්' කියන්නේ...
Deleteනිදන මැදිරිය නේද?
ReplyDeleteඅනේ මමත් එකමෙක සැරයක් තිරිකුනාමලේ ගිහින් තියෙනවා, සුනාමියට කලින්....ඒ නිල් කැටේ වගේ මුහුදෙ ලස්සන දැක්කාම මට ඇත්තටම ඇඬුනා... අපි නිලාවේලි මුහුදෙ නෑවත් එක්ක... පුදුම ලස්සනයි... සුනාමියට පස්සෙ ඒ පලාත වෙනස් වෙලා ඇති කියලා හිතෙනවා....
ReplyDeleteමදැයි බේරිච්චි බේරිල්ල.... පුහ්...
නැහැ...මියුරු නිලාවෙලි වෙරල එදා වගේම අදත් ලස්සනයි. එකම වෙනස බලන්න එන මිනිස්සු ඉවක් බවක් නැතුව වෙරල කැත කරන එකයි
Deleteහිකිස්.... මෙච්චරම කට්ට්ටක් කන්න උනාද අප්පා.. මම නම් දැන් දෙතුන් ගමනක්ම ට්‍රින්කෝ ගියා.... ශා කොල්ලෙක් වෙන එක මාර පිනක් අප්පා,,විනාඩියෙන් රෙඩිනේ...
ReplyDeleteඅක්කා මේ දවස් වල බිසි ද??
මාර වැඩනේ ත්‍රිකුණාමලයේ ගිහින් වෙලා තියෙන්නේ. කන්තලේ අම්මයි තාත්තයි ඉන්නේ ටවුන් එක කිට්ටුවේමද නැත්නම් ගන්තලාව හරියෙද.
ReplyDeleteමම නම් දෙපාරක්ම ත්‍රිකුණාමලේ ගිහින් තියෙනවා. මරු ගමනක්. නිලාවැලිත් ගිහින් තියෙනවා.
ඒ උනාට ඔයාලා ආවා වගේ නිදන මැදිරියක එන්න ලැබිලා නෑ.
හික් හික්. කතාව අපිට කියල තියෙනවනෙ. :D මිනිස්සුත් බය වෙන්න්ටැති මෙයාල ගොඩ බැහැපු විදිහට. :D
ReplyDeleteඒක නෙමේ, ඔයාල එදා ගියෙ නැත්ද පරෙවි දූපතට? මුස්ලිම් ජනපදයට?
නිලාවේලි වලට වඩා ලස්සනයි පරෙවි දූපත වටේ මුහුද. ගල් පර එහෙම තියෙනව, මාර ලස්සනයි. ගල් පර එහෙම තියෙනව.
මමත් එක පාරක් පාසිකුඩා වෙනකම් ගිහිං ආපහු ආවනේ....
ReplyDeleteඔය ලඟ තිවුන ෆෝන් වල එලාම් කියලා ඔප්ෂන් එකක් එහෙම නැද්ද...?
හොඳ වැඩේ......
ReplyDeleteඔහොම වෙලා මදි....:D
මගේ අම්මේ අපිත් ත්‍රිකුනාමලේ යන්න ගිහින් ඔහොම කට්ටක් කෑවනේ. අපි කොලඹින් පිටත් වෙන්නෙ හිටියේ පාන්දර 2.30 විතර. ඒත් ඇහැරුනේ නැතුව පිටත් වුනේ උදේ 5ට කාපල්ලකෝ. අපි ත්රිකුනාමලේට එත්දි හවස් වෙලා. මල බඩගින්නේ කාපු කට්ටක්.
ReplyDeleteමමත් නිලාවැලි ගිහිල්ල තියෙනව ඒ උනාට මම කැමතිම අර හමුදාවේ කට්ටියට විතරක් අවසර අරගෙන යන්න පුලුවන් "මාබල් බීච්" එකට කියල වැඩක් නෑ.. දවසම හරි ඉන්න පුලුවන් ඒ තරමට ලස්සනයි..පිරිසිදුයි..
ReplyDeleteඔය නාලා තියෙන්නෙ නියම නෑමක්
මමනම් ත්‍රිකුණාමලේ මදි නොවෙන්න ඉඳල තියනවා. මොකද මගේ ලොකු තාත්ත යුධ හමුදාවේ නිලධාරියෙක් නිසා ගොඩාක් අවස්ථාව ලැබුනා එහි යන්නට. ඒවගේම හමුදා කඳවුරු වලත් එහි නිළ නිවාස වලත් ඉඳල තියනවා.. හරි ලස්සන දේවල් තියනවා නරඹන්න .. කෝච්චියේ තමයි යන්න ඕන ලස්සන බලන්න. ඔයා කියල තියෙන්නෙ නිසූ sleeping berth ගැන නේද?
ReplyDeleteඅඩේ බොලේ මරු වැඩ තමා කරල තියෙන්නෙ. ඉතින් ටිකක් ලං වෙනකොට ඇදුම් මාරුකර ගන්න තිබ්බනේ.මට නිකන් මැවිලාපේනව.කට්ටියම හවුස්කෝට් ඇදන් පේලියට යන හැටි. හික්z බිකිz.
ReplyDeleteමාර කට්ටක්නේ අක්කා කාලා තියෙන්නේ
ReplyDeleteහික් හික්.. බඩක් නෑ හිනා වෙලා ඈ... මම නම් ට්‍රින්කෝ ගිහින් නෑ තාම.... හික් ආයේ ට්‍රින්කෝ ගිහින් එන්නේ බලාගෙන හොදේ,,
ReplyDeleteජය...
අපාරදෙ කියන්න බෑ නිසුවො මතක හිටින චාරිකාවක්නෙ ගිහින් ආවට පස්සෙ වෙලා තියෙන්නෙ...අර ගියපු දුරට වඩා ලස්සන අවසාන හරියනෙ....
ReplyDeleteමමත් ත්‍රිකුණාමලේ ගිහින් තියෙන්නේ එක පාරයි..හැබැයි සතියක් එහෙට වෙලා හිටියා... ඒත් කොහේවත් බලන්න යන්න උනේ නැහැ.. අපි දෙන්නෙක් ගියේ කොළඹ ඉඳන් අළුත් වෙපන් වගයක් අරගෙන ඒකට ස්කොඩ් එකට.. ඉතිං දවස් හතම බඩු ටික පිළීවෙලකට හෑන්ඩ් ඕවර් කරනකල්ම එහෙට වෙලා කනවා බොනවා බුදියනවා.. චීන වරාය කෑම්ප් එක ඇතුලේ විතරක් ටිකක් එහාට මෙහාට ඇවිද්දා... ඒත් දැන්නං යන්න කාලේ හරි...
ReplyDeleteමටත් මතකයි එක පාරක් පත්තරවල ගියා කොටුවේ ස්ටේෂන් එකට වැදි ගෑණු ළමයි වගයක් සාම්ප්‍රධායික විදියට ඇවිත් ආ ගිය අතක් නැති උනා කියලා කතාවක් ගියා...කොයි කාලෙද නිසූ ඔහේ ගියේ..?
හිකිස්.. මරේ මරු.. මට එහෙම ඔහොම වුනා නම් කීයටවත් මම නම් කෝච්චියෙන් බහින්නේ නෑ.. හොඳ වෙලාවට උදේ පාන්දර වුනේ, නැත්නම් නෝන්ඩි කෝටියයි..
ReplyDeleteberth ද කොහෙද කියන්නෙ ඔය නිදියන මැදිරියට ! හැබැයි ඕක birth එක්ක පටලවා ගන්න නරකයි..
ReplyDeleteහෆ්ෆේ ඔයින් ගියා මදැයි !
//අම්මයි,මායි,නංගියි එකතු වෙලා වට තිර ඇද්දා.//
ReplyDeleteබලාගෙන යනකොට මහාමායා දේවිටත් ඔයවගේ වැඩක් උනාද දන්නෙත් නෑ කියලා හිතුනා.
ලස්සනම් කෑල්ල කතාවේ අන්තිම හරිය....:D:D:D
Sleeping Berth
ReplyDeleteඅපි ත්‍රිකුණාමලේ ගියේ 2004 සුනාමියෙන් පස්සේ විස්තර එකතු කරන්න.කන්තලේට ගිහින්, එතනින් ත්රිකුණාමලේට ගිහින්, පස්සේ ගියා මුතූර් වලට.ඒ කාලේ නම් වෙරලේ දැක්කේ සුනාමියේ දුක්බර නටඹුන් විතරයි..
ReplyDeleteඔයාල පාලම් පාරුවක ගියෙ නැද්ද? මම නම් පලවෙනි වතාවට පාලම් පාරු අත්දැකීමක් ලැබුවේ මේ ගමනෙදි තමයි.
ඔයා ට්‍රිප් එකක් ගියොත් ඉතින් මොකක් හරි කට්ටක් කනවමයි නේද නංගි.. !!! අර "නිසූප සිරීපාදේ ගියා වගේ" කියන එක "නිසූපට කෝච්චියේ නින්ද ගියා වගේ" කියල වෙනස් කරන්න වෙයිද මන්ද?
හැමදාමත් වගේ මතකය අලුත් කලා...
අම්මෝ අක්කට වෙලා තියන වැඩ.
ReplyDeleteලස්සන පෑත්තක චාරිකාවක්. පින්තුර ටිකත් ලස්සනයි. මමත් උතුරු නෑගෙනහිර ව්තරක් නෙමෙයි, පොළොන්නරුව වත් තාම කවර් කරලා නෑහෑ. මේවා දෑක්කම යන්න ආසා හිතෙනවා.
ReplyDeleteඔයාට හොඳටම ෂුවර්ද, අර මෑන් නෑගිටලා ආවේ පස්සෙ කියලා? :P
මරු මරු සිද්ධි තමයි වෙලා තියෙන්නේ. මේ වගේ සිද්ධි වෙලත් තාම යහතින් ජීවත් වෙනවා කියන්නෙත් ඉහල ගනයේ වැඩක් නොවැ
ReplyDeleteඅම්මෝ ඔයාට මේ චාරිකාව නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ නේ.
ReplyDeleteලස්සන ෆොටෝ ටික .......
ReplyDeleteඔයින් ගියා මදෑ .....
මූදු වෙරල දැක්කාම නං ඇත්තටම යන්න ආස හිතෙනවා .....
කතන්දර කියපු ටිකම තමයි කියන තියෙන්නෙ... ගැහැනු ප්‍රාන උනාම කොච්චර කරදරද අප්පා.. ගාලෙ ස්ටෑන්ඩ් එක මැද්දෙ ස්කූල් යුනිෆෝන් ගලවල කලඩ් ඇදල තියෙනවා මම .. ඔවු කලිසමත් ගලවල මාරුකරා තමයි.. :D
ReplyDeleteහිකිස්ස්ස්ස්ස්ස්ස්ස්... මටනම් මැවිලා පෙනුනා කට්ටිය පිටසක්වලින් බැහැලා වගේ.. ස්ටේෂමේ කැරකෙද්දි...:D
ReplyDeleteයන්තම් බේඍනානෙ.. ඔයින් ගියා ඇති... ත්‍රීකුණාමලේ නම් මතක් වෙද්දි මට බය හිතෙනවා. ඔය හා බැඳුනු මටත් අමතක නොවෙන අත්දැකීම් තියන්වා ඒකයි
"යන්තම් බේරුනා නෙ " කියලා වෙනස් වෙන්න ඕනෙ කමෙන්ට් එකේ... ප්‍රින්ටින්ග් මිස්ටේක් එමටයි ගනන් ගන්නෙපා අක්කියෝ
ReplyDeleteඔන්න මම ගොඩ වැදුණා..මං පස්සෙනුත් පන්නනවා අද ඉඳලා....
ReplyDeleteහෙහ් හොඳ වැඩක්නේ වෙලා තියෙන්නේ තිරිකුණාමලේ ගිහිං...හිකිස්
මමත් ඔය තිරිකුණාමලේ මේ ළඟදී ගියා..මරු තමයි..අක්කගේ සුවීට් පොටෝ කෑලි ටික දැක්කම මැවිලා පෙනුනා ගමන..හරිම ලස්සන බීච් එක නිලාවේලි..අපි ඒකෙ දවසම නෑවා..
හැබැයි ඔය සුන්දර කෝච්චි අත්දැකීම නම් නෑ...කැම්පස් ගියාම ඒකත් ගන්න ඕන...
ඔයාට ජය..!
ඔන්න ඔහොම පලවෙනි කොමෙන්ටුවත් දැම්මා..
හප්පේ මාර සින්කෝන් ගොඩකටනේ පැටලිලා තියෙන්නේ ......
ReplyDeleteහික්... හික්.. හික්ස්ය....
ReplyDeleteඕක මොකක්ද අපි එක පාරක් ට්‍රිප් එකක් ගිය වෙලාවක අපි එක්ක ගිය අක්ක කෙනෙකුට බඩේ මාරුවක් හැදිලා සිගිරි ගල මුදුනේදී වැසිකිළි යන්න ඕනේ වෙලා
ඉතින් අනිත් ගෑනු උදවිය එයාව කවර් කරගෙන වැඩිය සෙනග නැති මුල්ලකට එක්කගෙන ගිහින් ඒ වැඩේ කර ගන්න අවස්ථාව උදා කරලා දීල තියෙනවා
ගමන ගිහින් එනකන් පිරිමි කවුරුවත් ඒක දැනගෙන උන්නේ නැහැ
@සයුරි - තව කතා තියෙනවා අක්කා..ඒවා ඉස්සරහට.
ReplyDeleteමාත් යාපනේනම් ගිහින් නෑ අක්කා.තිරිකුණාමලේ නම් ආයෙත් යන්න ආසයි.අපේ නඟානම් නේවි බේස් එකටත් ගිහින් තිබුනා.
@බස්සා - කියලා වැඩක් නෑ අප්පා..ඔයින් ගියා මදැයි..
@කතන්දර - මොනවා කරන්නද අයියා.ගෑණු වුනාම තියෙන අවුල ඕක නේ.
@Observer - අනෙ අම්මේ...ඒ දවස් වල මං හිටියෙ ගිය ආත්මෙද කොහෙද...දැන් නම් ඒවා බලන්න යන්න සල්ලිත් ගන්නවා.
ඔව් ඔව් ඔය "ලවර්ස් ලීප්" එක තමයි.එතන වටේට වැටක් තියෙනවා දැන්.
පවුලෙ ලොකු එකා කියන්න ගත්ත එක අනික් හැමෝටම යනවානෙ ඔබා මාමෙ..:))
@විසිතුරු | visituru - නෑ මල්ලි මං හිතන විදිහට නිදන මැදිරිය කියන්නෙ අර ඇල කරන්න පුලුවන් සීට් තියෙන එකට.
ReplyDelete@Miyuru - නිලාවැලි වල නම් මං එච්චර ලස්සනක් දැක්කෙ නෑ අක්කෙ.ඒකටත් එක්ක තිරිකුණාමලේ වෙරළ.නිල්ම නිල් පාටයි දැක්කාම ආසාවෙන් බෑ..
ඒක නේන්නම් අක්කා.
@දේවා ගේ අඩවිය- ඒකනෙ මල්ලි කොල්ලෙක් වුනාම විනාඩියෙන් රෙඩි විතරක් නෙවෙයි අවශ්‍යතාවක් ආවත් කොච්චර ලේසිද?
ටිකක් විතර බිසී මල්ලි..:))
@මධුරංග - හරියටම හරි ගන්තලාව හරියෙ තමයි.මල්ලි කොහොම හරියට කිව්වාද මන්දා...:))
මොනවා කරන්නද වෙච්ච දේට.
ඒකෙ එන එකෙත් ආතල් එකක් තියෙනවා.ඒත් ඉතිං අපිත් යන්නෙ අම්මට වොරන්ට් තියෙන නිසා.නැත්නම් කොහේ යන්නද..
@මාධව - කියලා වැඩක් නෑ.
ReplyDeleteගියේ නෑ නෙ අනේ.හරිම සීමිත තැන් ගානකට තමා යන්න ලැබුනේ.ආයෙත් පාරක් යන්න ඕනෙ ඔක්කොම කවර් කරගෙන එන්න.
@parasanna - ඔයාලටනම් මොකෝ රට වටේ යන්න මොන තහනමක්ද??
එලාර්ම් තිබ්බට වැඩක් නෑ නෙ.කොටුවට ලං වෙලා එපැයි ඇද ගන්න. අනික තාත්තයි අම්මයි ඒ වෙනකොටත් ඇහැරලා හිටියේ.
@Enemy - අනේ මං පව් නැද්ද අප්පා...:((
@වෙද ගෙදර මහ වෙදනා - අප්පා...අයියලා කොහොමද ගියේ වෑන් එකක් හයර් කරගෙනද.නැත්නම් කෝච්චියේමද?
වෙලාවට අපිට කෑම කන්තලේ ගෙදරින් හම්බ වුනේ.නැත්නම් තිරිකුණාමලේ කෑම කාලා මොනවා වෙයිද කවුද දන්නෙ.
@cjgayan - අපේ නංගිත් ගිහින් ආවා ඔහේ.ගෙදර ඇවිත් විස්තර කියනකොට ඉරිසියාවෙ බෑ.
ReplyDeleteදෙපාරක්ම නෑවා හොදට.:))))
@Gimhani - අපිට කොහෙන්ද අනේ එච්චර වාසනාවක්..:(((
අපි කෝච්චියේ ගියෙත් කන්තලේට විතරයි.
අන්න ඒක තමයි..:)))
@නදී - අපිට ඇහැරවන එකනෙ අමාරුව.ටිකක් ලං වෙනකොට කියලානෙ කතා කලේ.කොහෙද පහු කරලා ඇවිත්නෙ.:))
මක් කරන්නද වෙන්න තියෙන විදිහ වෙන්න ඇති.
@අකීකරු හිත - කියලා වැඩක් නෑ නංගි ඔය වගේ කටු නම් එමටයි.
අනේ අම්මපා...සිරා සීන් ඒක. :D
ReplyDelete@Gayan Rupasinghe - අප්පේ...ඉතුරු කරගන්න ඕක.නැත්නම් කන්නෙ කොහේටද??? ඉක්මනට ගිහින් එන්න අපේ මිනිස්සු එහේ ජරා කරන්න කලින්..
ReplyDelete@දිල් - කියලා වැඩක් නෑ.අමතක වෙන එකක් නම් නෑ ඔය ගමන ජීවිතේ තියෙන කල්. අන්තිම හරිය කියන්න ඕනෙ නිසාමයි මං ගමන් ගැනත් කිව්වෙ.
@මාරයාගේ හෝරාව - යන්න යන්න අයියා තව කල් යන්න කලින් යන්න.ගිහින් හොදට ඇවිදලා එන්න.
හික්ස්...අපි නම් නෙවෙයි අයියා ඒ. සාම්ප්‍රදායික වැදි ගෑණු ලමයි නයිටි,හවුස් කෝට් අදින්නෙ නෑ නෙ අයියා. අපි ගියේ 2009 අවුරුද්දෙ සැප්තැම්බර් වගේ..
@ප්‍රාර්ථනා - කෝච්චියෙන් බහින්නෙ නැතුව හිටියානම් තව ට්‍රිපක් යන්න තිබුනා.. :D
ඔව් අනේ දවල් වුනානම් ඉවරයි.හැබැයි එහෙම වුනානම් අර විවේකාගාර ඇරලා තියෙයි.
@Weni - හික්ස්.... ඒක නම් ඇත්ත.
ReplyDeleteberth වගේ ලාවට මතකයක් තිබුනා.ඒත් සුවර් නැති නිසා දැම්මේ නෑ.
@Podi Kumarihami - කියන්න බෑ තමයි... :D
ඒක කියන්න බලාගෙනම තමා කතාවෙ ඉතුරු ටිකත් කිව්වෙ.
@Observer - තැන්කූ මාමෙ...:))
@නදුන් උයන - දැන් නම් සුනාමියෙ නටබුන් නෑ අයියේ.ලස්සනට තියෙනවා.අපිට වැඩිය රවුම් ගහන්න හම්බ වුනේ නෑ අයියේ.ඉක්මනට එන්න වුනා නෙ.පාරුවක යන්න වුනෙත් නෑ.
ඔව් ඔව් අපරාදේ කියන්න බෑ මොකක් හරි ලෙඩක් දා ගන්නවා. :))
@Pubudu Udawatta - ඒකනෙ මල්ලි..
@නවින්ද්‍ර අල්පෝන්සු - අපොයි...එහෙනම් ඉක්මනටම යන්න. එක අතකට පස්සෙම යන්න බැරියෑ... ;)
ReplyDeleteඔව් ඔව් හොදටම ශුවර්...
@ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - හප්පේ තව කියන්න දේවල් තියෙනවා.ඒවා ඇහුවට පස්සෙ මොනවා කියයිද දන්නෙ නෑ.
මට හිතාගන්න පුලුවන් අක්කලා දැක්කාම මිනිස්සු කොහොම ඉන්න ඇත්ද කියලා. කටවල් ඇරගෙන ඇස් එළියට පනින්න තරමට ඇස් ඇරගෙන බලාගෙන ඉන්න ඇති ලස්සනට.. අර දොර කලින් ඇරුණා නම් මූණ වහගෙන තමයි දුවන්න වෙන්නෙ.
ReplyDelete@batti - තව ඒවා තියෙනවා අමතක නොවන..:))
ReplyDelete@පන්සල් හන්දිය - අම්මෝ ඔව් ඔයින් ගියා මදැයි.
පේනවානෙ වතුරෙ නිල් පාට.
@පොඩි මෑන් - ඔව් ඉතිං ගෑණු අපිට කොච්චර කරදරද අප්පා...ඔයාලා නිසාම තමා ඒකත් ඉතිං..:D
@හිතුවක්කාරි - ඔව් නගෝ යන්තම් බේරුනා.
මොකෝ තිරිකූණාමලේ ගිහින් එච්චර බය හිතෙන දෙයක් වුනාද?
@ගලයා - ස්තූතියි මලේ මේ පැත්තට ආවට.මටනම් නිලාවැලි ලස්සනට පෙනුනේ නෑ.ඊට වඩා මං තිරිකුනාමලේ බීච් එකට ආසයි.
ReplyDeleteකැම්පස් ගියාම ඇවිදින්න බැරියෑ.කෝච්චිය තරම් ෆන් ගමනක් නෑ අප්පා මටනම්.
@ඔබ නොදුටු ලොවක් - ඒකනේන්නම්...
@ලොකු පුතා - හපොයි...එතකොට හෝදගෙන තියෙන්නෙ කොහොමද? අර වට කරගෙන හිටපු අයට නියමෙට සුවද දැන්නෙන්න ඇති නේද?
ඒත් ඒ වගෙ වෙලාවට මක් කරන්නද?
කාශ්‍යප රජ්ජුරුවන්ගෙ ටොයිලට් එක හොයා ගන්න බැරි වුනාද?
@Grey - ඒකනේ අනේ... :))
@හංසි - අනෙ අම්මේ දොර කලින් ඇරුනානම් මොකක් කොරන්නද කියලා හිතා ගන්න බෑ.නූලෙන් බේරුනේ...:))
හප්පා අර මනුස්සයා නූලෙන් නෙව බේරිලා තියෙන්නේ ඔයාලව දැක්කා එහෙම නම් ඒකට මොනවයිං මොනවා වේවිද කියලා මට හිතා ගන්නවත් බෑ .
ReplyDeleteඔයාට කියන්න නුසූ මම කෝච්චියේ ගිහින් තියෙන්නේ එකම එක පාරයි ඒත් වයස අවුරුදු දෙකේදී හෝ තුනේදී ලු මටනම් ඒ ගමන මතකවත් නෑ . ආසයි අප්පා කෝච්චියක යන්න
කියලා වැඩක් නෑ සඳරු.වෙලාවට බේරුනා.නැත්නම් ලැජ්ජාවෙ පණ යනවා.
ReplyDeleteකොහොම හරි කෝච්චියක ට්‍රිප් එකක් යන්න.රෑට යන එක තමා ආතල් වැඩිම.හැබැයි ඔය berth වලනම් ඉදලා හරි යන්නෙ නෑ.යන්න ඕනෙ සීට් තියෙන එකක.නැත්නම් වටපිට පේන්නෙ නෑ නෙ.කෝච්චියෙ තියෙන අර පාර්සල් කාමරේට ගිහින් ඒකෙ ගරාදි අල්ලගෙන හුලං වැදි වැදි යන්න තියෙනවානම් නියමයි
ඔය සිද්ධිය නිසා වෙන්නැති කොටුවෙි කාන්තා විවෙිකාගාරය දැන් පැය 24ම විවෘත කරලා තියෙන්නේ. ත්‍රිකුණාමලේ නමි බලන්න තැන් ගොඩාක් තියෙනවා. මාබල් බීචි, කින්නියා, පරෙවි දුපත, තිරියාය ඔය වගේ තැන් තියෙනවා.
ReplyDeleteඅනේ කොච්චර දෙයක්ද ඒ වැඩේනම්.අපි වගේ අමතක වෙන අය තව ඇති නොවෑ. :)
Deleteකාල වේලාව සීමත් වුන නිසා වැඩිය දේවල් බලන්න වුනේ නෑ නෙ.:((
ආයෙත් දවසක යන්න ඕනෙ ඔක්කොම ටික කවර් කරන්න.