expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, September 1, 2011

....SLS....

        ටික දවසක් මේ පැත්තේ එන්න බැරි වුනාට කස්ටිය සමා වන සේක්වා. සතිඅන්තයේ ට්‍රිප් එකකුත් ගියා.ඒ අස්සේ සයිට් එකේ වැඩත් වැඩි වෙලා.ගින්දරෙන් පරිස්සම් වෙන්න කරන වැඩ කටයුතුයි, හොඳට සීතලට කාමර වල ඉන්න කරන වැඩයි,කාමර වලට රෑට එලිය කරන්න,කොම්පීතරේ දාන්න ඕනෙ වෙන වැඩයි,තව ගීතකගෙ වගේ වල වැසිකිලි නැතුව දියුනු වුනැයි කියන අපි උඩ ඉඳලම වැඩ කටයුතු කලාම ඒවා පිරිසිදු කරලා දාපුවත් එක්කම පල්ලෙහාට ගෙනත් වෙනම තැනකට එකතු කරන වැඩයි කියන සේවා ඔක්කොම එක පාරට වැඩ පටන් අරං .


           හපොයි සමහර උන්ගෙ වැඩ දැක්කම හිතා ගන්න බෑ යකෝ මේ ලංකා දීපයේ වග කිව යුතු ආයතන වලින්ද මේ වැඩ කරන්නෙ කියලා.ඒ තරමට සමහර ඒවාගෙ වැඩ සවුත්තුයි.මං ඉන්නෙ ඉතිං ඕවගෙ ඇද කුද හොයන්නමනේ.මං ඉතින් මේවා මෙහෙම කරන්න ඕනෙ කියලා ඉහලින් එන නියෝග පිලිපැදලා එහෙම නැති ඒවා මාක් කොරලා වැඩ කරන එවුන්ට කියනවා මේවා අලුතෙන් හදන්න කියලා. 

          අපේ ඉතිං ඉහ නිකට පැහිලා නැති හින්දද මන්දා සමහරු කැමති නෑ මං කියන විදිහට වැඩ කරන්න."අනේ මිස් මෙහෙම කලාට ප්‍රශ්නයක් නෑනෙ" කියනවා.සමහරුන්නම් මං සයිට් එකේ ඇවිදිනකොට මං දිහා බලන්නෙ මං නිකන් මිනියක් මරලා හංගපු එකෙක් ගානට.(ආහ්.....වැරදුනා මිනියක මොනවා ආයෙත් මරන්නද...මිනිහෙක් මරලා කියලා නිවැරදි කරගත්තානම් හොඳයි වගේ කට්ටිය.) ඇයි වදේ මං මක් කොරන්නද, මං කොරන්නෙත් මගේ රස්සාවනෙ.

          අපොයි අපොයි මං මේ වෙන වල් භූත කියවනවානෙ කියන්න ආපු කතාවත් කියන්නෙ නැතුව.මේ කතාවත් මගේ මේ වැඩ කටයුතු නිසාම අහගන්න පුලුවන් වුන කතවක්.මාතෘකාව තේරෙනවා ඇතිනෙ.මේක ඔය පොඩි කාලෙ කියපු ඩබල් මීනින් එකට සම්බන්ද කතාවක් එහෙම නෙවෙයි ඕන්....:D එහෙමයි කියලා හිතාගෙන ඇවිත් කියවන්න ඇවිත් බලාපොරොත්තු නැති කරගන්න එපා හරිද....:D

          මං වැඩ කරන්නෙ බිල්ඩින් වලට අවශ්‍ය කරන සේවා වල තත්වය චෙක් කොරන එක.මෙහෙම සටරලව කිව්වට එතන වැඩ ගොඩයි.ඒවත් දැන ගන්න ආස කස්ටිය ඉන්නවානම් මට කියන්න පස්සෙ වෙලාවක ඒවත් කියන්නම්.මොන ලොකු කොම්පනියක් වුනත් වැඩ කරන්න කලින් වැඩේ කරන්නෙ මෙන්න මේ ජාතියෙ බඩු වලින් කියලා කලින් කන්සල්ටන්ට පෙන්නලා, ඒවයින් වැඩ කලාට අවුලක් නෑ කියලා සහතිකයක් එහෙම ගන්න ඕනේ.නැත්නම් ඉතිං බඩුම තමයි.කේස් ගොඩයි.ගෙවන ගාන අඩු වෙන්නත් පුලුවන්.

          ඉතින් දවසක් මීටින් තියෙන දවසක අපේ ජල නල වැඩ කරන කස්ටියට ඕනෙ වුනා පාවිච්චි කරන ජාතියට අමතරව ජාතියක උපාංග වගයක් අපේ සර්ට කියලා අනුමත කර ගන්න.ඒක ලංකාවෙ ජාතියක් නිසා සර් අහනවා "මේකට SLS වත් ඇති නේද?" කියලා.එතකොට ජයන්තිකුමාර සර් කියනවා."අපෝ ගාමිණි SLS තිබුනයි කියලා දෙයකට හොඳ ප්‍රමිතියක් තියෙනවා කියලා කියන්න බෑ."කියලා.හත්ඉලව්වයි කිව්වලු...ඒ මොකද අප්පා එහෙම කියන්නේ..රටටම සහතික දෙන තැන නේ.

          ඔන්න ජයන්තිකුමාර සර් කතාව කියාගෙන යනවා."මගේ මේ එක ප්‍රොජෙක්ට් එකකට යකඩ වගයක් ඕනෙ වෙලා මං ඒවා රටින් ගෙන්නුවා.ඒවට ඉතිං SLS සහතිකෙත් හම්බවුනා.(සමහර බඩු අපේ රටට ගේන්න නම් SLS සහතිකේ ඕනෙමයි.නැත්නම් ඉතිං හබක්) මං ඉතිං ගිහින් ඇහුවා සහතිකේ හම්බ වුනා කියන්නෙ මේවගේ ප්‍රොපටීස් අවුලක් නැතුව තියෙන්න ඕනෙ විදිහටම තියෙනවා කියන එකද කියලා."

          මෙන්න ඒකට SLS එකේ වග කිවයුතු නිලධාරියෙක්ගෙන් ලැබුන උත්තරය.

"අපෝයි නෑ.අපි සහතිකේ දෙන්නෙ වරායෙන් කිලියර් කරගන්න විතරයි."


ඔන්න ඕකයි රටේ තත්වය.මාකට් එකේ තියෙන්න සිමෙන්ති වලට අපි වග කියන්නේ නෑ කියලා SLS එකෙන් කියන්නෙත් ඒකයි.SLS සහතිකේ තිබුන පලියට බඩු කොලිටි කියලා කියන්න බෑ හරිද.....
         
         

55 comments:

  1. මොකට පුදුම වෙන්නද මේක ශ්‍රී ලංකාවනේ :D

    ReplyDelete
  2. ඇහ් එහෙමත් එකක්ද?අප්පේ අපි හිතාන හිටියෙ ඔය ලාංඡනේ ගහපුවා බඩු කොලිටී කියලානේ.

    ReplyDelete
  3. අනේ මන්දා මේවා කාට කියන්නද කියලා...

    ReplyDelete
  4. එහෙනම් අද ඉදන් ISO සහතිකය ලත් භාණ්ඩ ගන්න ඔනේ.. එවත් එහෙමද මන්දා.. :D :O

    ReplyDelete
  5. ඇත්ත. SLS, ISO තිබ්බ කියල බඩුවක් හොදයි කියන්න බෑ. කවුරුත් දන්නෙ නෑ හරියට SLS සහතිකය, ISO 9001 සහතිකය කියන එකේ තේරුමත්.

    SLS සහතිකයින් භාණ්ඩයක තත්වය ගැන යම් දෙයක් දෙනවා. නමුත් එහිදී වෙන්නේ භාණ්ඩයක් පාරිභෝගික භාවිතය සඳහා උචිතයි, ඒ භාණ්ඩය අදාල සමාගම නියම කරගත් ක්‍රියාවලියට (Procedure) අනුව නිෂ්පාදනය කරනවා කියන එකයි. උචිතයි කීව පලියටම හොඳමයි කියන්නත් බෑ. මොකද දන්නවනෙ ලංකාවෙ කට්ටියගෙ වැඩ. (මේක හැමෝටම අදාල නම් නෑ.)

    ISO 9001 කියල කියන්නෙ Quality Management System එකක්. ඒ කියන්නෙ තත්ව පාලන ක්‍රමයක්. කවුරුහරි කියනව නම් තම සමාගමට ISO 9001 තියෙනවා, ඒ නිසා එයාලගෙ බඩු හොඳයි කියල, කෙලින්ම ඒක පාරිභෝගිකයා නොමඟ යැවීමක්. මොකද ISO 9001 සහතිකය දෙන්නෙ, අර ඉස්සෙල්ල කිව්ව වගේ සමාගම, තමුන් නියම කරගත් නිෂ්පාදන ක්‍රියාවලියට අනුව වැඩ කරනවා කියන එක විතරයි, ඒක නරක උනත් හොඳ උනත්.

    ඔයා මුලින් කීව කතාව ගැන, මාත් ඔයා ඔය සයිට් වලට ගිහිල්ල කරන දේට සමාන වැඩ කොටසක් කරනවානෙ. ඇත්තෙන්ම සයිට් වල ඉන්න කට්ටිය එක්ක ඩීල් කරන්න හරිම අමාරුයි, මොකද අපි අලුත්, එයාල අත්දැකීම් බහුල අය. ඉතින් එයාල අපි කියන දේවල් පිළිගන්න ටිකක් අකමැතී, නමුත් අපි අපේ රස්සව කරන්නත් ඕනෙනෙ. ඉතින් අපි එක්ක වලි කට්ටිය. (මම වැඩ කරන්නෙ Quality Assurance Department එකේනෙ. අනිත් අය අපේ department එක දිහා බලන්නෙ හරිම වපර ඇසකින්, ඇයි අපි කරන්නෙ එයාලගෙ වැරදි හොයන එකනෙ.)

    ReplyDelete
  6. @චතුමිතු: අන්න ඔබ හොදටම වරද්දගෙන. :(

    ReplyDelete
  7. දැන් බලාගෙන ගියහම එස් එල් එස් කියලා ගහලා තිබ්බට ඒවායේ කිසිම ප්‍රමිතියක් නැහැනේ.
    ලංකාවට එන බදුවල විතරක්ම වෙන්න ඔහොම තියෙන්නේ. අනිත් රටවල් වලට එන බදුවල එහෙම නැතුව ඇති. ඇයි ඉතින් පිටින් එන ඕන දෙයක් බෑ නොකියා බාර ගන්න රටක් නේ. හික්ස් :)

    ReplyDelete
  8. ISO සහතිකයක් කිසිම විටෙක භාණ්ඩයක ගුණාත්මකභාවය ගැන කතා කරන්නෙ නෑ. ඒ නිසා ISO තිබ්බ කියල භාණ්ඩයක් හොඳයි කියල කිසිම විටක කියන්න බෑ. අන්න ඒක හැමෝම දැනගන්න ඕනෙ.
    විවිධ සමාගම් වලින් ඔවුන්ට ISO 9001 තත්ව සහතිකය තිබෙනවා කියල ලොකුවට කියනව, නමුත් එයින් පාරිභෝගිකයාට කිසිම වාසියක් නෑ. ඒ නිසා රැවටෙන්න එපා.

    ReplyDelete
  9. අනිත් එක, දැන් තිබෙන්නේ ISO 9001:2008 සහතිකය. 2000 වසරේ සහතිකය දැන් වලංගු නෑ. කවුරුහරි කියනව නම් ඔවුන්ට ISO 9001:2000 තත්ව සහතිකය තිබෙනවා කියල ඒක බොරුවක්. මොකද ඒක 2010 වසරෙන් පසු වලංගු නෑ.

    ReplyDelete
  10. මෙන්න මේකයි මල්කාන්ති අක්කෙ එහෙනම් පුලුමුඩේ තත්වේ ඈ

    ReplyDelete
  11. මේක ලංකාවනේ අක්කේ ගණන් ගන්න එපා. ඊයේ පෙරිදා සිමින්ති ගෙනාවේ පොල්ගේනාවේ පෙට්‍රල් ගෙනාවේ. මේක දැන් ආසියාවේ කුණුගොඩ ගොඩ ගහන තැන වෙන ලගයි අහ්...... නැ නැ වෙලා ඉවරයි....

    ReplyDelete
  12. මම දන්න ඔය ඔක්කොම ISO , SLS , සහතික තියන ආහාර වර්ග නිෂ්පාදනය කරන කොම්පැනියක වැඩිපුරම ඉන්නේ මියොයි කැරපොත්තෝයි. බොසා ගානක් දෙනවා උන් සහතිකේ දෙනවා. වැඩ කරන අය නම් කියන්නේ එහෙම. මේක ලංකාවෙනෙ.........

    ReplyDelete
  13. අහන්න දෙයක් නෑ,මටත් එපාවෙලා හිටියේ.කොහොම උනත් SLS එකෙත් ඉන්නවා අවංක අය හැබය් මුකුත් කරගන්න බැහැ දේශපාලකයෝ වැහිවහල වටේටම-ඔක්කොම බිස්නස් කරයෝනේ.

    ReplyDelete
  14. නඟා රසායන ඉංජිනේරුවෙක් වුනාට, ‍රැකියාව ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ වගේ! මට මතක් වෙනවා දැං ඉන්න තැනට එන්න කලින් මමත් ඔය ක්ෂේත්‍රයෙම වැඩ කල හැටි. හැබැයි මම හිටියේ කන්සල්ටන්ට්ගෙ පැත්තෙ නෙවෙයි, M&E කොන්ත්‍රාත්කාරයගෙ පැත්තෙ...

    ලංකාවෙ වැඩවල, බඩුවල ප්‍රමිතිය ගැන කතාකරනවා නම්, කතාකරලා වැඩක් නෑ... හැබැයි හොඳ බඩු නෑ කියන්නත් බෑ...

    ReplyDelete
  15. මමත් දන්න දෙයක් තමා ඔය අයි. එස්. ඕ. සහතික නම් ගොඩක් දෙන්නෙ හොරට කියල... බලන්න එන ඔඩිට(ර්) ට ගානක් දීල ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන් කියල ගොඩ දෙනෙක් කියනව.. අනිත් එක ඔය ඔඩිට් වලට එන්න ඉස්සෙල්ල මෙයාල දැනගන්නව කවද්ද එන්නේ කියල... එතකොට අර වැරදියට කරපු දේවල් ඔක්කොම වහන්න ගොඩක් සමාගම් වලට පුලුවන්.. හොඳ තේමාවකින් ලියපු ලිපියක්...

    ReplyDelete
  16. කතාව හරි. External Auditing වල තිබෙන රීතියක් තමා ඔඩිට් එකට එන්න මාස 6කට කලින් prior Notice එකක් දෙන්න ඕනෙ. Internal Audit එකක් නම් මාසෙකට කලින් කියන්න ඕනෙ. ඉතින් ඔබ කියන්නා වගේ කැට්ටියට වැරදි හදාගන්න, වැරදි වහගන්න ඒ කාලය හොඳටම ප්‍රමාණවත්.

    ReplyDelete
  17. මාර සන්තෑසියක් නොවැ ඒක. කවුද හිතුවේ සිද්ද වෙන්නේ මේක කියලා.මිනිස්සු කොච්චර නම් ඔය ලාංඡනේ පස්සේ පන්නනවද බඩුවක් ගනිද්දි. හැබැයි ඔන්න මම නම් ඕව බල බල ඉන්නේ නෑ හිතුනොත් හොදා කියලා ගන්න ඕන දෙයක් නම් ගන්නවා.

    ReplyDelete
  18. @..ChAnDiKa..- හ්ම්.ඒකත් ඇත්තතමයි බලාගෙන යනකොට.

    @නදී - අපොයි කොලිටිම කියන්න බෑ.සමහර ඔය ලාංඡනේ තියෙන බඩු වලින් හරියට වැඩක් කරගන්නවත් බෑ.

    @අභීත - ඔව් අප්පා..අපේ රටට හෙන ගහලා තියෙන්නෙ ඔය වගේ වැඩ නිසා තමයි.

    @චතුමිතු - ඔන්න ඔයාට හොඳ පැහැදිහි කිරීමක් හම්බ වෙලා...:)) අපිටත් දැන ගන්න දේවල් ගොඩක් එතන තියෙනවා.

    @මාධව - බොහෝම ස්තූතියි මාධව මං දන්නෙ නැති දේවල් ටිකක් කස්ටයට කියලා දුන්නට....:D

    ReplyDelete
  19. @මධුරංග - ඒක ඇත්ත මල්ලි.ඒත් හැම එකම රටට ගන්නෙත් නෑ. කොච්චර හොඳ බඩුවක් වුනත් මෙහෙ ඒ බඩුවම හදන ලොකු අත්තක් කිව්වොත් ඕක ගේන්න දෙන්න එපා කියලා එතකොට ඉතිං ගෙනත් හමාරයි.

    ReplyDelete
  20. @වාලක්කඩියා - මල්කාන්ති...කවුද බොලේ ඒ...:O මොකක් වුනත් කමක් නෑ තත්වය ඕක තමයි....:D

    ReplyDelete
  21. @N N K - ඔව් මල්ලි ගනන් ගන්න දෙයක් වැඩියම නෑ තමයි.මං ඔය ආයතනයට ගිහිල්ලත් තියෙනවා.එතන ලොක්කෝ සමහර වෙලාවට එතන වෙන්නෙ මොනවද කියලා දන්නෙත් නෑ.

    ReplyDelete
  22. @අම්බලම - අපොයි ඔව් ගානක් දුන්නම ඔක්කොම ගොඩ. ඒත් කෑම වලට ඔය වගේ වැඩ කරන එක මහ පවක් නේද? මිනිස්සු කොච්චර විස්වාසෙකින්ද එහෙම කෑම ගන්නෙ..:(

    ReplyDelete
  23. @Tharinduhw122 - ඔයා වැඩ කලේ SLS එකේද? එහෙනම් හොඳ අත්දැකීම් ඇති මේවගෙ දේවල් ගැන. කොහෙත් ඔහොමනේ රජයේ තැන් වල. අවංක මිනිහෙක්ට වැඩ කරන්න දෙන්නෙ නෑනෙ හරියට.

    ReplyDelete
  24. @ගීතක - ඔව් අයියෙ මං රසායන ඉංජිනේරු වැඩ ඉගෙන ගෙන දැන් ඉන්නෙ ඉදිකිරීම් අංශයේ තමයි.මාත් මෙතනට එන්න කලින් හිටියෙ M&E පැත්තෙ හිටියා.මට තිබුනෙ quotation කරන්න.මට එපා වුනා.දැන් නම් කැමැත්තෙන් රස්සාව කරනවා.

    හොඳ බඩුත් තියෙනවා තමයි.ඒත් ඉතිං හොඳට හොයලා බලලා ගන්න ඕනෙ.

    ReplyDelete
  25. @නදුන් උයන - ඔයාගෙ කතාව හරි.ඔය වැඩේ වෙනවා අපිත් දැකලා තියෙනවා.

    බොහොම් ස්තූතියි. මේ කතාව සිද්ද වුන ගමන් මට හිතුනෙ මේකනම් ලියන්නම ඕනෙයි කියලා.රටේ සාමාන්‍ය ජනතාව කොච්චර ඒක ගැන විස්වාස කරනවද. පුලුවන් උපරිමයෙන් කෙනෙක්ව දැනුවත් කරන එක හොඳයි නේ.

    ReplyDelete
  26. @ batti - ඔව් නඟේ කියලා වැඩක් නෑ ඒ ගැනනම්.මොනව කරන්නද ඉතිං තියෙන විදිහට කාලා ඇදලා ඉන්න තමයි තියෙන්නේ..:D

    නඟේ මේ දවස් වල මොකෝ වැඩිය සද්දයක් නැත්තේ.වැඩ වැඩිද?

    ReplyDelete
  27. අපේ කොම්පැනියෙත් ISO කෝඩිනේටර් මමලු. අනේ මන්දා...

    ReplyDelete
  28. ගොඩක් ස්තුතියි.. අපිව දැනුවත් කරන්න මේ පොස්ට් එක දැම්ම නිසු අක්කිටත්.. මගේ වරද නිවැරදි කර දුන් මාධව ටත්.. :)))

    ReplyDelete
  29. මමත් වැඩ කරල තියනව ලංකාවෙ තියන එක්තරා අංක එකේ ගොඩනැඟිලි ද්‍රව්‍ය වර්ගයක් හදන ආයතනයක. ඒකටත් SLS තියනව. හැබැයි හදන භාණ්ඩෙ quality එක නම් පට්ටම සිරා. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ SLSI එකෙන් Product එක අරගෙන ගිහිල්ල check කරන්නෙ අවුරුද්දකට සැරයයි. ඒත් අවුරුද්දකට 3-4 සැරයක් audit නම් කරනව. හැබැයි එතන product එකේ එක property එකක් check කරන්නෙ standard එකේ තියන විදියට නෙමෙයි. එන auditors ලට කවදාවත් ඒක check වෙලා නෑ. මම හිතන්නෙ ඒගොල්ලොත් දන්නෙ නැද්ද කොහෙද. කිව්වට විශ්වාස කරන එකක් නෑ එකම හේතුවකට පිට පිට අවුරුදු 3 ක් major NCR වැටිල තියෙද්දිත් certificate එක cancel කරන්න legal point එකක් නෑ. තිබුණත් ඒක මෙච්චර කාලෙකට ප්‍රශ්නයක් වෙලා නෑ.
    ISO 9001 කියන්නෙ අර කිව්ව වගේ management system එකට දෙන certificate එකක්. ගොඩක් company මේක පාවිච්චි කරන්නෙ marketing tool එකක් විදියට. හැබැයි ඒකෙන් product එකේ quality එකට කොච්චර effect එකක් වෙනවද කියල මට තේරුණේ මම ISO 9001 නැති company එකකට ගියාට පස්සෙ තමයි. ISO 9001, ISO 14001, OHSAS 18001 කියන standard තුනේ තියන document control, record control, data analysis, measuring instrument calibration, training කියන දේවල් වලින් අපිට නොදැනුවත්වම product quality එක improve වෙනව.
    හැබැයි මේ මොකුත් නැතුව තමන්ම හදාගත්තු system වලට වැඩ කරල සාර්ථක වෙච්ච ආයතනත් ඕන තරම් තියනව.

    ReplyDelete
  30. මගේ අදහස නම් ලංකාවෙ බොහොමයක් දේවලට ප්‍රමිතියක් නැත.
    මොනා කරන්නද ඉතින්...

    ReplyDelete
  31. @Enemy: කතාව හරි. Major NCR වැටුනත් කොහොමහරි ඕව ශේප් කරගන්නවා. අනිත් එක ඔබ කිව්වා වගේ මම නම් අහල නෑ තමුන්ගෙ certification එක කැන්සල් උනු සමාගම් නම්. :) SLSI එකෙන් ඇවිල්ල කරන්නෙ සමාගම එයාල හදාගෙන තිබෙන සිස්ටම් එකට වැඩ කරනවද කියල විතරයි. ඉතින් ඒක මවල පෙන්නන්න බැරි කමක් නෑ. SLSI එකත් දන්නව හුඟක් වෙලාවට, මොවුන් කරන්නෙ මවාපෑමක් කියලත්.
    ඔබ කියන ආකාරයට QMS නිසා යම් තරමකට Product Quality එක වැඩි වෙනවා කියන එක හරි. නමුත් ඒ හුඟක්ම අඩු ප්‍රමාණයක් කියලයි මම දකින්නෙ. අර කිව්ව වගේ ඔය ISO නැතිව ඉතාම හොඳින් වැඩ කරන සමාගමුත් ඕනෙ තරම් තිබෙනවා.

    ReplyDelete
  32. ISO තිබ්බ පමණින් ඉදිකිරීම් ක්ෂෙත්‍රයෙදි තත්වය උසස් වීමක් නොවෙන තරම්! ඒත් නිෂ්පාදන ක්‍රියාවලියෙදි ISO නිවැරදිව ප්‍රැක්ටිස් කරන ආයතනවල නිමැවුම්වල ගුණාත්මක බව එහෙම නොවෙන ඒවට වඩා ගොඩක් ඉහලයි.ඒ නිසා පිළිගත් ආයතනයකින් ISO සහතිකයක් ලද භාන්ඩයක් හෝ කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම නරක දෙයක් නොවන බව මගේ අත්දැකීමයි.

    ReplyDelete
  33. හොඳ කාරණයක් . මමත් හිතන් හිටියේ ඔය බෝඩ් ලෑල්ල එල්ලුවම ටිකක් වත් විශ්වාස කරන්න හැකියි කියල

    ReplyDelete
  34. @Madawa QMS එකෙන් product quality එක විශාල වශයෙන් improve වෙන්නෙ නෑ තමයි. ඒත් somenting is better than nothing කියනවනෙ. මමත් ඒ ආයතනයේ ඉන්නකම් බැන බැන හිටියෙ ISO කියල රට බොරුවක් කරනව කියල.

    ඒත් මම ඊට පස්සෙ ගියපු වෙන තැනක (ඒකත් ISO 9001 certified) තිබුන තත්වෙ දැක්කහම තමයි මට තේරුණෙ අර මුල් company එකේ QMS එකෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන තිබුන කියල.
    මේ කියන දෙවනි ආයතනයේ ISO වැඩ කරන්න වෙනම team එකක් ඉන්නව. මම හිතන හැටියට ගොඩක් ආයතන වල කරන්නෙ ඔය ක්‍රමේ තමයි. ඒත් ඒකෙන් production & quality කියන department දෙකට කිසිම සෙතක් වෙන්නෙ නෑ. ඒකෙ production එකේ ඉන්න Engineers ලා එකෙක්වත් දන්නෙ නෑ ISO කියන්නෙ මොකක්ද කියල. production department එකේ objectives, targets, action plans හදන්නෙ අර කිව්ව team එක. සමහර වෙලාවට production engineer දන්නෙ නෑ තමන්ගෙ section එකේ QMS objective මොනවද කියල. ඉතින් මෙවන් වූ තත්වයකදී QMS එකෙන් ඇති ප්‍රයෝජනයක් නෑ marketing එකට හැර. උදාහරණයක් විදියට කියනව නම් ඒ ආයතනය හදන්නෙ ලොකු product එකක්, ඒක අපිට වඩා ලොකුයි ඉදිකට්ටක් අල්පෙනෙත්තක් වගේ නෙමෙයි. ඒත් කවදාවත් main assembly line එකෙන් assemble කරන quantity එක packing section එකෙන් එලියට එන්නෙ නෑ. අතර මඟදි ලිපි ලේඛ්ණ අනුව scrap කරපු ඒව අඩු කරත් balance නෑ. මේ වැ‍රැද්ද හොයාගන්න පුලුවන් වෙන්න documents හදන්න කියල අර team එකට කිව්වට වැඩක් නෑ. ඒ අයට production line එක ගැන අවබෝධයක් නෑ.

    එක section එකකට අලුතෙන් section head - Engineer කෙනෙක් ආවහම එයාට (මට) කියනව අර document එක හදන්න මේ document එක හදන්න කියල.මේ company එක ISO 9001 certified company එකක් නේද, ඉතින් ඕවට control documents නැද්ද කියල අහපුහම Operations Manager කියන්නෙ ISO අපේ වැඩක් නෙමෙයි ඒකට වෙනම කට්ටියක් ඉන්නව ඔයා මම කියපු වැඩේ කරන්න කියල. ඉතින් කාට කියන්නද මේව.
    අන්න ඒක තමයි මම කිව්වෙ අර මම කලින් හිටපු ආයතනය ISO වලින් ප්‍රයෝජනයක් අරගෙන තිබුනා කියල.

    ReplyDelete
  35. තත්ව සහතික, ප්‍රමිති සහතික ගැන උසස් පෙළ කරද්දි ඉගෙන ගත්තට සැබෑ අරුත දැනගෙන හිටියෙ නෑ. අද මේ ලිපිය සහ කමෙන්‍ටු කියවල තමයි ඕං හරියටම දැනගත්තේ!

    ReplyDelete
  36. මේක මෙහෙම නම් මෙහෙම ආයතන තියන එකෙන් වැඩක් තියනවද?? මේවා නඩත්තු කරන්න මුදල් වැය වෙන්නේ නැද්ද?? අනිත් එක අපි ගන්න ඕනේ එතකොට මොන බඩුද?? ඕවා මට හිතෙන ප්‍රශන්නේ... අනේ මන්දා කාගෙන්ද අහන්නේ මේවට උත්තර

    ReplyDelete
  37. ඔන්න නිසූපා මමත් බ්ලොග් එකක් පටන්ගත්තා. ඔයාගෙ බ්ලොග් එක දෑක්කෙ මෙ ඉයේ පෙරෙහිදනෙ. විරාජිත් තමයි ඒක
    පෙන්නුවෙ.

    http://navingedinapothen.blogspot.com/

    ReplyDelete
  38. @Enemy: හ්ම්ම් ඇත්ත. එහෙම තැනුත් තියෙනවා. ඇයි සමහරු හිතන්නෙ මේ ISO කියන්නෙ නිකම්ම කොල ගොඩක් කියල විතරයි.
    අවසාන භාණ්ඩයේ තත්වය හොඳ වෙන්න මේ හරහා යම් තරමක සහයක් වෙනවා තමා, ඒත් එක්කම සමාගමක් තුළ තිබෙන සියළුම ක්‍රියාවලීන් යම් තත්වයකට (standard එකකට) ගෙන ඒම මින් කරනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නෙ, ඒ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න කට්ටිය කම්මැළි වෙන එකයි. අන්න එතනයි වැරදෙන්නෙ. සමහරු හරිම අකමැතියි කොල පුරව පුරව ඉන්න, ඔබ කිව්ව වගේ සමහරු ඉන්නව, මේ ISO කියන එක එක කණ්ඩායමක් බලන්න ඕනෙ දෙයක් අනිත් අය ඒ ගැන කිසිවක් හොයන්න ඕනෙ නෑ කියල. එහෙම හිතන අය ඉන්නකොට කොහොමද ඉතින් සිස්ටම් එකක් implement කරන්නෙ. :(

    ReplyDelete
  39. හම්මේ.... අක්කාට තියන වැඩ ගොඩ...:(
    මොනා වුනත් මේක ලංකාව නිසා ඕවා ඉත්න් සාමාන්‍ය දේවල් වෙනවා මෙහෙ මිනිසුන්ට..:)

    ReplyDelete
  40. @ ගෝල්ඩ් fish - අපොයි කම්පනිය ඉවරයි එහෙනම්...(විහිලුවට හොදේ..:D)

    ReplyDelete
  41. @චතුමිතු - මේ පැත්තෙ එනවට ස්තූතියි නංගි.

    @Enemy - ISO තියෙනවානම් documentation මාරම ලේසියි කියලා මාත් අහලා තියෙනවා.තාම ඒ ගැන කිසිම අත්දැකීමක් නම් නෑ.

    @ඉන්දික උපශාන්ත - බොහෝම ස්තූතියි කමෙන්ටුවට.

    @Bindi - විශ්වාස කරන එක පොඩ්ඩක් අමාරුයි වගේ නේද අක්කෙ මේ වගෙ කතා ඇහුවාම.

    @දේවා ගේ අඩවිය - ඇත්ත මල්ලි කාගෙන් අහන්නද ඕවට උත්තර. අහන්න ඕනෙ තැනත් වෙන්නෙ මේ වගේ දේවල්නම්

    ReplyDelete
  42. @navindra - හොදයි හොදයි නවීන්ද්‍ර අයියේ.ලියා ගෙන යං. අපි එන්නම් බලන්න.

    @හිතුවක්කාරි - හ්ම්...ඔව් නංගි.ලංකාව කියලා කට පියාගෙන ඉන්න හිතෙන්නෙත් නෑනෙ මේවට.තාම මේ දේවල්වලට අපිට මුකුත් කරන්න බෑ. බලමුකො ඉදිරියට.

    ReplyDelete
  43. කතාව නම් සම්පූර්ණ ඇත්ත..ප්‍රමිතිය කෙසේ වෙතත් අපිට සල්ලි වලට මොනවහරි විකුනනව..ලංකාවෙ හරි රට හරි කියල..ගන්නෙ නැතුව අපිට අපෙ අවශ්‍යතාවය සම්පුර්න කර ගන්න බැහැනෙ..

    ReplyDelete
  44. හත්වලාමෙ කිව්වලු... එතකොට ඇස් ඇල් ඇස් එක වැඩක් නැතෙයි...

    ReplyDelete
  45. ISO, standards සහ ප්‍රමිති සහතික ගැන ලිව්වොත් පොතක් ලියන්න තරම් දේවල් තියනව. හොඳ නරක දෙකම. දැනට ඔය ඇති. දවසක blog එකක් ලියන්න පටන් ගත්තොත් බලමු... ඔන්න දැන් එනවලු EnMS (Energy Management System) කියල එකක්. මට මතක හැටියට ISO16000 (නැත්නම් BS EN 50000) ද කොහෙද. හරියට කළොත් tangible financial benifit එකක් තියනව කියල තමයි කියන්නෙ.

    ReplyDelete
  46. අපේ රට ගැන හිතනකොට කලකිරෙනවා. හැමදාම මිනිස්සු රැවටෙනවා. පාලකයො සැප විඳිනවා,නිකම්ම නෙමෙයි මිනිසුන්ගෙ සල්ලිවලින්... අපි ඒවා දැන දැන උන්ටම චන්දෙ දීල ආයිත් උන්ටම බනිනවා. එපා.....වෙනවා. කවදාවත් හැදෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
  47. @Weni - හ්ම්...අවශ්‍යතාවය නිසා අපි ගන්න බව දන්න නිසා ඕනෙ එකක් අපේ ඇගේ ගහනවා.අපිත් SLS තියෙනවානම් වැඩිය හිතන්නෙ නෑ නෙ.

    @සාතන් - වැඩක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ..:D

    @Enemy - බොහෝම ස්තූතියි මාව ඇතුලු මෙතනට ආපු හැමෝම දැනුවත් කලාට.බ්ලොග් එකක් ලියන්නකෝ ඔයාගෙ දැනුම අපිටත් දෙන්න.

    @uwiniran - ඒවා ගැන නම් කියලා වැඩක් නෑ.කවදා අපේ රට හැදෙයිද මන්දා...:((

    ReplyDelete
  48. @විසිතුරු - ඔයාගෙ දැනුමට දෙයක් එකතු වුනානම් සතුටුයි.

    ReplyDelete
  49. අපේ රටේ ප්‍රමිති පරීක්ෂන වලට යන්නේ හොදම වැඩර්නේ(පෑස්සුම් ) අනිත් ඒවත් එහෙම වෙන්ට ඇති. තව ලොකූ නැවු හදනකොටත් එහෙමයි. පෑස්සුම් පරීන්ෂණ කරන්නෙ වෙනම තැනක පාස්සනේ වෙන තැනක. එකම නැවෙන් ගේන සිමෙන්ති සමාගම් දෙකකින් විකුනන්නේ වෙන්ස් ගුන කියලා එහෙම බලනකොට ලංකාවේ හැමතනම කරන්නේ හොර වැඩ විතරයි

    ReplyDelete
  50. @ස්කූබිගේ කෙරුවාව - ඕවානම් කියලා වැඩක් නෑ අනේ.මේවා කවදා වෙනස් වෙයිද මන්දා.

    ReplyDelete
  51. කොල්ලෝ නම් ඔය SLS කියන එක භාවිතා කරන්නේ වෙන එකකට :D

    ReplyDelete
  52. @Hasitha - කොල්ලො විතරක් නෙවෙයි අපිත් එහෙම කියනවා... ;)

    ReplyDelete
  53. ටිකක් පරක්කුයි මේ comment එකට... :) ඔය ජයන්තිකුමාර සර් කියන්නෙ Strad එකේ බොස් ද? හරි හොඳ මනුස්සයා... :D

    ReplyDelete
  54. mama sinhala blogs walata aluth, me gana danagatthe, his ahasin. watina discussion ekak.mamath QC field eke weda karala thiyanawa, danata inne australia wala. mama ISO 9001:2000 gena tikak dannawa,katahari kiyanna puluwanda ISO 9001:2008 wala upgrations monawada kiyala 2000 wala nathi?Eka mata hari wedagath, mokada, mata notes mokuth genna bari una lankawen enakota.ISO 17025 thamai mama hariyata karala thiyenne...

    Nisupa- thank you very much for starting such a discussion....

    If some one can help me by giving more information it is very useful..
    thanks

    Wathsala

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...