expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Tuesday, August 9, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1......

        අපේ සෙට් එකේ කතා දෙකක් දැනටමත් මං කියල තියෙනවානේ.මේ තවත් එකක්. ඇත්තම කිව්වොත් අපේ සෙට් එකේ මෙච්චරක් ඉන්නවාය කියලා හරියට ගානක් මිම්මක් කියන්න බෑ. දන්නවානෙ ඉතිං ඉස්කෝලෙ යාලුවෝ, ගමේ යාලුවො, පංති වල යාලුවො, කැම්පස් යාලුවෝ ආදී එකී මෙකී නොකී යාලුවො සෙට් ගොඩක් එක්කෙනෙක්ට ඉන්නවනෙ. ඔය සෙට් අතර සම්බන්දතා හැදුනාම වෙන්නේ ඉන්න සෙට් එක තවත් විශාල වෙන එක.

----------------------------------------------------------------------------------------
         දැන් මේ කියන්න යන කතාවේ කෙල්ලො 3යි, කොල්ලො 4යි තමා හිටියේ. ගමනාරම්භයේදි නම් කොල්ලො 3යි, කෙල්ලො 2යි.  අනික් දෙන්නව මඟින් තමා සෙට් කරගන්න හිටියෙ.කතාවෙන් කතාවෙන් ගමන මොකක්ද කියල කිව්වේ නෑ නේ. හික්ස්....:))
සිරී පාදේ වැඳ පුදා ගන්න තමයි අපි කට්ටිය මේ සෙට් වෙන්නේ.  සහන් මල්ලි, උදිත,මාධව,නුවන්, සාලිකා, මනෝ අක්කා, මම ඔන්න සෙට් එක. මෙතනින් මනෝ අක්කයි, නුවනුයි තමයි අපි මඟින් collect කර ගත්තේ. මෙතන නුවන් කියන්නේ කැම්පස් යාලුවෙක්. සාලිකා තමා එකම කොඩුකාරි.

          ගමන පටන් ගත්තේ කො‍ටුව දුම්රිය ස්ථානයෙන්. වෙනදත් ගියේ එහෙම තමයි. plan කරගෙන තිබූනෙ කොච්චියෙන් නුවරට ගිහින් ,මනෝවත් එතනදි සෙට් කරගෙන කඩේකින් කාල බීලා ,නුවන්ලගෙ ගෙදර ගිහින්, එයත් එක්ක නල්ලතන්නියට කෝච්චියකම යන්න. එතනින් එහාට ඉතිං බස් සරණං ගච්චාම.අපරාදෙ කියන්න බෑ අපිට plan  කොර ගත්ත විදිහටම යන්න දුන්න අපේ ඉෂ්ට දේවතාවෝ...ආයෙ මොකට කියනවද........

මේ photo එක ගත්තේ මෙතනින්  http://www.imagelanka.com/

          කො‍ටුව station එකේ "ව"යන්න යටට කස්ටිය සෙට් වුනේ සීත කබා,කන බොන දේවල් එහෙම පොදි බැඳගෙන. මමනම් ඉතිං බෙහෙත් එහෙමත් අරන් ගියා. වමනයට, බඩේ අමාරුවට, උනට, වේදනාවට.....කවුද අප්පා දන්නේ මොනවා වෙයිද කියලා.අපේ සහන් මලයා අරන් ඇවිත් තිබුනේ නියම කෑමක්..ම්ම්ම්...රසම රස වෙරලු අච්චාරුවක්. දැනුත් මතක් වෙද්දි කටට කෙල උනනවා.

           station එකේ එලියෙ කඩයකින් උදේට ආහාර භක්ශනය කරලා කෝච්චිය එනකල් හිටියා. වෙන පාරවල් වල හොඳට ඉඳගෙන යන්න වාසනාව තිබුනට මේ පාරනම් ඒක තිබුනෙ නෑ. සෙනඟ සූ..ගාලා. එකෙක්ටවත් ඉඳගන්න තිබුනෙ නෑ නේ. අපි සැලෙයි ඕවට. කට්ටියත් එක්කම කෝච්චියෙ ෆුට් බොඩ් එක හරියට සෙට් වුනා. ඉන්නව ඉන්නවා බලාගෙන. කෝ..පුදන කොටම කාපි යකා කියලා 7ට යන්න තිබුන කෝච්චිය තාමත් යන්න ලෑස්ති පාටක් නෑ. දැන් ඉතින් plan ඔක්කොම චකබලාස් වෙන්න යන්නේ.කමක් නෑ මගට බැස්ස එකේ අපහු හැරිලා යන්නෙ නැතුව ගමන යමු කියල හිතුව.කොහොම හරි කෝච්චිය යන කොට 8ත් පහු වෙලා. අපේ මලයා නම් වඳුරා සේ එලියෙන් තියෙන පොලු දෙකේ එල්ලිලා. අවදානම් තමා කෝ මේකා ඉතිං කියන දෙයක් අහනව කියලැයි. 

           ඔහොම ටික දුරක් ගියාම කෙල්ලො දෙන්නට නම් හිටගෙන ඉඳලා ඇති වුනා. ආයෙත් මොනවද ඉතිං ගෙනල්ල තිබුන පත්තර කොල ටික බිම එලා ගෙන වාඩි වුනා ෆුට් බොඩ් එක කියලා බලන්නෙ නැතුව. කිසිම ආරෝවක් නැතුව ,තමුන්ගෙ රෙදි හෝදන  ගමන් අනුන්ගෙ රෙදිත් හෝද හෝද ගියා කඩුගන්නාව හරියට එනකල්. 

        ඔන්න බොලේ එක පාරටම කෝච්චිය කන්දෙ ඉස්සරහට යන්නෙ නැතුව පස්ස ගහනවා. අපි අංඤ්ඤ කොරොස් වුනා මොකො මේ වෙන්නෙ කියලා.ඒ අස්සෙ මලය කෑ ගහනව "අක්කේ අක්කේ අර බලන්න" කියලා. යකෝ මු මහ දවාලේ හොල්මනක්වත් දැකලද මේ කෑගහන්නෙ. කමක් නෑ කවද දැකපු හොල්මන්ද කියල ඔලුව දාල බැලුව.

          කොච්චියේ ඇන්ජිමෙන් ලස්සනම ලස්සන වතුර මලක් හට ගැනිල. ලස්සනේ බෑ. ඇහ්....මේ කොයින් අප්පේ වතුර මලක් කෝච්චියෙ ?????

ප.ලි.
ඉතිරු ටික පස්සෙ කියන්නම්.දිග වැඩි වුනා වගේ මේක. තාම ගමන යනවානේ තව තියෙනව ඉස්සරහට. දැන ගන්න කැමතිනම් එන්න මේ පැත්තේ .හෙට නම් බැරි වේවි. බලමු try එකක් දීලා. :)))...එතකල් වතුර මල මොකක්ද කියල හිතන්නකෝ...බැරි වෙන්න එකක් නෑ....:))

28 comments:

  1. ඒයි මේ.. මේක නම් මාරයි. අපි ට්‍රිප් යන්න සෙට්වෙන්නෙත් 'ව' යන්න යටට නේ.
    'ව' යන්නට කතා කරන්න පුළුවන් නම් කියයි එතනට සෙට් වෙලා ට්‍රිප් ගිය කට්ටිය ගැන සහ එතන ඉඳන් පරක්කුවෙන එවුනගෙ හත්මුතු පරමිපරා වල විස්තරත් මතක් කරපු හැටිත්.

    ReplyDelete
  2. එංජිමෙන් ඩීසල් විදිනවා වෙන්ටෑ. අම්මෝ මම් එකපාරක් උඩරට මැණිකේ කෝච්චියෙන් නුවර එනකොට දැක්කා කෝච්චියේ එංජිමෙන් ගිණි මලක් වගේ විහිදෙනවා. අම්මෝ අපි බය වෙච්ච තරමක් !!!!

    ඉක්මනට ඉතුරු ටිකත් ලීවොත් තමයි හොද !!!!

    ප.ලි. - මාධව හබරකඩ අයියත් ඔයාලගේ සෙට් එකේ ද ?

    ReplyDelete
  3. මම් සිරීපාදේ ගිහින් නෑ නෙව.කෝච්චි ගමන නම් නියම ඇති.

    ReplyDelete
  4. නියමයි සහෝ ඔයා හොද ට ලියනවා .good luck

    ReplyDelete
  5. මමත් ගිහින් නෑ නෙව සිරීපාදේ.... යන්න හරිම ආසාවෙන් තමා ඉන්නේ...
    හැබෑටම ඔය සෙට් එක හැම අවුරුද්දෙම යනවැයි... ?

    ReplyDelete
  6. මාත් හතර පාරක් විතර ගියා...කොච්චියේ ගියාට ඔය වතුර මල මීටර් නැහැනේ....

    ReplyDelete
  7. ඔය මගෙ 5 වෙනි හරි 6 වෙනි හරි ගමන. අන්තිමට ඒක කොහොම ගමනක් උනාද කියල, කියවලම බලන්න. :)
    නිසුපට එකක් අමතක වෙලා, ඒක දාන්න.

    ReplyDelete
  8. @ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - හික්ස්...ඒකනම් ඇත්ත. අපරාදේ "ව" යන්නට කතා කරන්න බැරි වුනේ. නැත්නම් අපිට පොතක් පල කරන්න තිබුනා....:D

    ReplyDelete
  9. @මධුරංග - නෑ නෑ ඩීසල් නෙවෙයි. මං කිව්වේ වතුර කියලා. ලියන්නම් ඉක්මනට අද අපේ මීටින් තියෙන දවස. ඉවර වෙනකොට 12 විතර වෙනවා. බලමුකෝ try එකක් දීලා.

    ප.ලි. - නැතුව නැතුව එයත් අපේ සෙට් එකේ තමයි....

    ReplyDelete
  10. @ නදී - ඔව් ඔව් නුවර ඉඳන් නල්ලතන්නියට යන ගමන තමා හොඳම.2012වත් යන්න. ලෝක විනාසෙට කලින්...:))))

    ReplyDelete
  11. @rawana - බොහෝම ස්තූතියි. දිගටම මේ පැත්තේ එන්න...:)))

    ReplyDelete
  12. @නදුන් උයන - ඉක්මනට යන්න...හ්ම්...මේ අවුරුද්දෙනම් යන්න බැරි වුනා. ඔය ගියේ මගේ තුන්වෙනි පාර..

    ReplyDelete
  13. @prasanna86k - අයියෝ...හිතලා බලන්නකො අප්පා. කෝච්චියත් වාහනයක්නෙ....

    ReplyDelete
  14. @මාධව - thank you මාධව මතක් කලාට. ඔන්න ඒක හැදුවා...:)))

    ReplyDelete
  15. අහ් මෙයාලගෙ සෙට් එකේ බර වැඩි නිසා කෝච්චිය බොයිල් කරල වගේ :P

    ReplyDelete
  16. හිකිස්..බොයිල් කලා නේන්නම්...:D

    ReplyDelete
  17. ඒක නෙවෙයි...හිතන්නකො ට්‍රිප් යන සෙට් දෙකක්ම ''ව'' යන්න යටදි එකතු වෙන්න කත කරගත්තා කියලා...ඒතකොට කොහොමද ඔය දෙගොල්ලොම ''ව''යන්න යට පැක් කරන්නෙ...හිකිස්....මාර ජංජාලයක්නෙ එතකොට... :D

    ReplyDelete
  18. @මකුළු පැංචි - කරන්න දෙයක් නෑ පැංචි අනික් අය එනකල් පැක් වෙන්න වෙනවා..නැත්නම් ආපු නැති එවුන්ට කෝල් කරල කියන්න ඕනේ වෙන අකුරක් යටට එන්න කියලා

    ReplyDelete
  19. නිසූපා, මම ඉස්සරවෙලාම ශ්‍රීපාද වන්දනාවේ ගියේ 1968 දී. ඒ කියන්නේ මම ඔයාගේ තාත්තගේ වයසේ නේද? 1968 දී තමයි මම 'ඕ ලෙවල්' කරේ. 1968 දී මගේ ලොකු අක්ක විවාහ වුනා. මට තවම මතකයි මගුල් ගෙදරට මම ඇඳපු කොට කලිසමයි කමිසෙයි. කමිසේ රු 5.50 යි කියලා අම්ම කිව්වා හම ගහනවා කියලා කුණු ගාගත්තොත්. ඉන්දියාවෙන් ගෙනාපු මනමාලිගේ සාරිය රු 150 යි. සාරිය බලන්ඩ ගමේ ගෑනු අපේ ගෙදරට පිරුනා. කෑගල්ලේ සිට කොළඹට මනමාලිව කැන්දාගෙන ගිය කාර් පෙරහරේ කාර් 10 ක් 12 ක් තිබුනා. කාර් කුලිය රු 80 යි. ඒ කතා මෙතනින් නවත්තලා, සිරීපාදේ කතාව කියන්නම්. අක්කා විවාහ වුන මස්සිනාගේ පවුලේ අයත් සමග 1969 මාර්තු මාසේදී සිරිපා වන්දනාවට යන්ඩ මටත් අවස්තාව ලැබුනා. ඔබ දන්නවාද ශ්‍රීපාද වන්දනාව සඳහා කොළඹ ප්‍රදේශයෙන් වැඩිම පිරිසක් එන්නේ වසරේ මාර්තු මාසයේ තිබෙන පසළොස්වක පෝය දවසෙයි. ඒ පෝය, ශ්‍රී පාදේ යන අය ඒ කාලේ හැඳින්වූවේ, 'කොළඹ පෝය' කියලා. ඔන්න ඉතින් අපිත් කොටුව දුම්රිය පොලෙන් රාත්‍රී දුම්රියෙන් පිටත් වුනා. අපේ නඩේ ගුරා මගේ මස්සිනාගේ පියා. එයා බොහොම සම්ප්‍රදාය ගරු කරන කෙනෙක්. සීත ගඟුලෙන් නෑම අනිවාර්ය කරා. මම හිතෙන් බැන බැන ඒ අයිස් වතුර නෑවා. ඒ මදිවට ශ්‍රීපාද පද්මයේ මගේ ඔලුව ඇන්නා මම 'කිරිකෝඩු' නිසා. ඒ වෙලාවෙනම් . . . . . හ්ම්. ඔබේ පියාගෙන් හෝ වැඩිහිටියන්ගෙන් අහලා බලන්ඩ, ඒ කාලයේ අපේ රටට ගෙන්නුවා පිටරටවල පාවිච්චි කල ඇඳුම්. මේවා හැඳින්වූවේ 'බේල්' කියලා. (රෙදි මිටියකට බේල් කියනවා නේද?) මේ බේල් බොහෝවිට ඇන්දේ, මධ්‍යම සහ පහල පන්තියේ අය. මමත් ඇඳලා තියනවා. බොහොමයක් අවේ සීත රටවලට ඔරොත්තු දෙන ඇඳුම්. මේවා කොතරම් දුරට සෞඛයාරක්ෂකද කියලා ඒ කාලයේ අපි දැනසිටියෙත් නැහැ. තැකීමක් කලෙත් නැහැ. රජයෙන් අවවාද කලෙත් නැහැ. හැබැයි සමහර අයට ඇඟ කසන රෝගයක් (බේල් කසානා) හැදුන බවට පුවත්පත් (අනේ ඉතින් එතකොට කොහෙද බ්ලොග්) වාර්තා පළවුනා. ඔන්න ඉතින් අපි හැටන් නගරයෙන් කෝච්චියෙන් බැහැලා, නල්ලතන්නියට යන්ඩ ලංගම (ඒ කාලේ ලංගම විතරයි) බස් එකකට නැග්ගා.

    ඒ බස් එකටම නැග්ගා කොළඹ ඉඳලා කෝච්චියෙන් ආපු අපේ අයියගේ වයසේ කොල්ලෝ ටිකක් ( දැන් පරපුරේ අයට තේරෙන්ඩ අවශ්‍ය නිසා මෙහෙම කියන්නම්. පට්ටම පට්ට, ආතල් කොල්ලෝ සෙට් එකක්) (අපිනම් අදටත් පට්ට කියන්නේ ගැරහිය යුතු, පහත්, කල් ඉකුත් වූ කියන අදහසිනුයි. පට්ට බැල්ලී, පට්ට වේ. . , පට්ට ගහපු ඇඳුම්,) ඉතින් මේ කොල්ලෝ ටික සින්දු කියමින් විනෝදයෙන් බස් එකේ යන අතර දැක්කා, බස් එකේ රියදුරා ඇඳලා ඉන්නේ බේල් ජර්සියක් කියලා. කොල්ලෝ ටික ලස්සනට පදවැලක් ගොතලා කිව්වා 'ඩ්‍රයිවර් බේල්' කියලා. රියදුරා එකවරම මහා ප්‍රපාතයක් ළඟ බස් එක නැවැත්තුවා, ගියර් පොල්ල ගලවලා අතට ගත්තා, බැහැපියවූ . . . . . (දන්නවනේ) කියලා අර කොල්ලන්ට අභියෝග කරා. නමුත් බස් එකේ හිටිය අම්මලා දුවලා ආදී සියලු දෙනා ඉතාම අපහසුතාවයට පත්වුනා රියදුරාගේ වචන නිසා. යන්තම් අර අපේ මාමන්ඩිගේ වයසේ අය දෙපාර්ශවය සමාදාන කරගෙන ගමනේ ඉතුරු ටික ගියා. මෙන්න ඒ කාලේ වැඩිහිටියන්ට හොරෙන් සිරීපාදේ යනකොට අපි කියපු තුන්සරණේ කවි. "වැඳලා බහින මේ නඩේට - තුන්සරණේ සරොන් දෙකයි" (උපාසකම්මලා රවනවා අපිව පුච්චලා දාන්ඩ වගේ) සමහර නඩ වෙහෙස නිසා සද්ද නැතුව කරුණා කරනවා. ඒ වගේ නඩ වලට අපි කියනවා "බැටරි බැහැපු මේ නඩේට - ලක්ෂපාන කෑලි දෙකයි" (ලක්ෂපාන ටෝච් බැටරි දන්නවා නේද?)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ කමෙන්ටුවට. සමා වෙන්න මෙයට ප්‍රති උත්තර දීමට පමා වුනාට.බොහෝ වෙලා අරගෙන මේ වගේ රසවත් කමෙන්ටුවක් දැම්මට ස්තූතියි.

      ඔබතුමා මගේ තාත්තට වඩා වැඩිමහල් නිසා ඔය කියන ඇදුම් ගැන දන්නෙ නැති වෙන්න පුලුවන්.ලක්ෂපාන බැටරි ගැන නම් දන්නවා.මං මේ කමෙන්ටුව ෆේස් බුක් එකේ පබ්ලිශ් කලා.... :))

      ස්තූතියි නැවතත්...

      Delete
  20. කිව්වත් වගේ එන්ජින් එකේ වතුර විදින කේස් එක වගේ ...කොහෙද ඉතින් කෝච්චියේ ගියාට ඕව ගානක් නැ ..සිරි පාදේ අත්දැකීම් නම් කියල වැඩක් නැ මාත් දැන් හරියටම 16 වතාවක් ගිය නොවැ එක වතාවක්වත් මගින් බැහැලා ආවේ නැ ඕන්..කන්ද උඩටම නැගලයි ආවේ ඕන් ...එත් කෝච්චියේ නම් දේතුන්පාරකට වැඩ ගිහින් නැ. ..ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නැ ...ගමන ගිය විදියටම ලියල තියෙන්නේ ...නියමයි part 2 ඉක්මනට දාන්න..ජය වේවා ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ...16 පාරක්....

      මේ සීරිස් එක ලියලා ගොඩක් කල් සහෝ.බලන්න කොටස් හතක් තියෙනවා.බලන්නකෝ අපිට වුන සීන් ටික... :D

      Delete
    2. ගිය නැති එකත් මෝඩයා වැඩිපුර ගිය එකත් මෝඩයලු...ඔන්න මන් නම් මෝඩ නැ..කාලයක් මන් හිටිය නොවැ The Young Zoologists' Association of Sri Lanka එකේ අව්රුද්දට දෙපාරක් යනවා එකෙන් වෙන මොකටවත් නෙමේ කුණු ඇහිදින්න ..අපි ඉතින් පරිසර හිතකාමියෝනේ...එකනේ පස්සෙනේ දැක්කේ අහම්බෙන්නේ ආවේ...කවදා කොහේ ලියපු එකක්ද කියල බැලුවේ නැ..නොන්ඩිද මන්දා...:P

      Delete
    3. අන්න හොද ලමයි.ඇත්ත මං යන පාරවල් වලදි දැකලා තියෙනවා හරියට කුනු තියෙනවා සිරීපාදෙට යනපාරෙ.

      මං ආයෙ ලින්ක් එක දැම්මෙ අර ඇනෝ කමෙන්ට් එක හැමෝටම පෙන්නන්න ඕනෙ නිසයි.නෑ නෑ නෝන්ඩි නෑ.අපි අපිනෙ...:))

      Delete
  21. මම බය වෙලා සෙට් එක කියලා තියෙද්දී මම ආපහු ඇස් දෙක පිහ දාලත් බැලුවා වැරදිලාවත් මේ අපේ සෙට් එක ගැනද තියෙන්නේ කියලත් බැලින්නම් මේ නිසූපා අක්කගේ සෙට් එක ගැන. දැං තමා ඇගට ලේ ටිකක් ඉනුවේ ඔන්න

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ බය වුනේ...සිරීපාදෙනෙ ගිහින් තියෙන්නෙ....

      බය වුනේ මක්ක ටැයි..

      Delete
  22. ඇයි අප්පේ පොල් ගෙඩි අකුලෙන් ඔය දාලා තියෙන්නේ අපිත් ලියනවා අපේ සෙට් එක කියලා බ්ලොගයක් මම හිතුවේ නුසූපා අක්කා ඒක ගැනවත් ලියලද කියලා :P

    ReplyDelete
    Replies
    1. හරි හරි දැන්නෙ මීටර් වුනේ....මං පෝස්ට් එක පටන් අරගෙන තියෙන්නෙම අපේ සෙට් එක කියලානෙ නේද....??? :D

      සාදාරනයි....සාදාරනයි.... හැක හැක.... :))))))))))

      Delete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...