expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, August 5, 2011

නංගිගේ ගට....

          අද පොස්ට්1ක් දානවද නැත්ද කියල හිත හිත ඉඳලා.දැන් හිතුනා එකක් දාන්න ඕනෙ කියලා. මේක අපේ නංගි පංති යනකොට වුන දෙයක්.

             මං කලින් පොස්ට් එකක කිව්වනේ අපෙ නංගි පන්ති යන්නේ පාන්දර කියලා. නඟාගෙ chemistry පන්තිය තියෙන තැනට යන්න දෙල්කඳින් බැහැලා හරස් පාරක ටික දුරක් යන්න ඕනේ. ඔන්න දවසක් නංගිගාට ගාට පන්තියට යනවලු. පාරෙන් එහා පැත්තේ තවත් පිරිමි පරාණයක් එන බව ඇස් කොනින් වගේ නංඟි දැක්කලා .
මෙයා දිහා බල බලා හිනා වෙන බවත් දැක්ක නිසා එන පොටනම් හොඳ නැති වග තේරුන නංඟි පොඩ්ඩක් කල්පනාවෙන් යනවලු. වෙන බලු බල්ලෙක්වත් පාරේ ඉඳලා නෑ.

          එක පාරටම " නංඟි  ඔයා පාදුක්කෙද?". අපේ එකා හොඳට රවල බලලා. " නෑ මේ මාත් ආවේ ඔයා ආපු බස් එකේමයි. ඒකයි ඇහුවෙ". ඒ බස් එක පාදුක්ක එකක් වුනාට. උදේට එන්නේ අපේ පැත්තේ ඉඳලා. ඒ කිව්වේ වග පැත්තේ ඉඳලා මීපේ හරහා.



         ඊලඟට " පන්තිද යන්නේ?". නෝ උත්තර. ඒත් මනුස්සයා වැඩේ අතාරින්නේ නෑ. " මොනවද පන්ති? ලඟද පන්තිය තියෙන්නේ"?. මේ වෙනකොට ගාට ගාට හිටපු අපේ එකා speed කරන්න අරගෙන. මෙච්චර වෙලා පාරෙන් අනික් පැත්තට වෙලා හිටපු කෙනාත් මේ වෙලාවේ නංගි හිටපු පැත්තට ඇවිත්. නංගි දැන් තවත් speed කරලා. " මේ නංගි මොබයිල් එකක් තියෙනවානම් නම්බර් එක දෙනවද?".  මේක අහපු නංගිට ඌරු ජුවල් නැඟලා. මට හිතා ගත්තෑකි අපේ එකාගෙ මූනේ පෙනුම ඒ වෙලාවෙ...:))). හොඳ වෙලාවට අර යකා එන්නෙ පස්සෙන්. නැත්නම් ඉතුරු ටික වෙන්නෙ නෑනේ. :)) 

           කොහොමින් කොහොම හරි දැන් දෙන්නම පන්තිය ගාවටම ඇවිත්. දැන් තමා කතාවේ climax එක. මෙහෙම පස්සෙන් ආපු එකා අන්තිමට අහලා. " නංගි, මොකද කියන්නේ මට කැමතිද?". කොහොමද කට්ටියගේ fast forward වැඩ. දැකල මිනිත්තු ගානට යාලු වෙන්නත් අහන size කට්ටිය දැන් ඉන්නේ.

          මේ වෙනකොට පන්තිය ලඟ නිසා නංගිගෙ බය ඇරිලා . එක පාරටම නංගි අර මනුස්සයා දිහාට හැරිලා. " මේ, ලැජ්ජා නැද්ද මනුස්සයෝ පාරේ තනියෙන් යන කෙල්ලො පස්සේ එන්න. තමුසෙට අම්මලා, අක්කලා නැද්ද?@#^%&^&*^#!#$^*&".

නංගිගෙ පලවෙනි වචන ටික ඇහෙනකොටම "ඇහ්" කියවෙච්ච මනුස්සයා අන්තිම හරිය කියනකොට පේන්නවත් නෑලු.....:))))

37 comments:

  1. නංගිට ජයවේවා... එලzzzz. මේ පැත්තෙ අදමයි ආවේ. මරු කතාව. හික්zz.
    \
    ජය..

    ReplyDelete
  2. මරු නංගියක්.

    මම් නම් ඉතින් බැරිම අවස්ථාවක ඇරෙන්න සද්ද නැතුව බිම් බලාගන බීරා,ගොලුවා වගේ යන එක තමා කරන්නෙ.හැබැයි ඕනවට වඩා ආවොත් නංගි කරාටත් වඩා හපන් වැඩත් කරල තියනව.

    ReplyDelete
  3. හුටා. ෆාස්ට් ෆෝවඩ් එකෙත් ෆාස්ට්ම එකනෙ. :D
    නංගිගෙ කට ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. ඒකෙ සද්දෙට සර් එහෙමත් දුවන් ආවද දන්නෙ නෑ. :D

    ReplyDelete
  4. හැබැයි ඒ ගටේ ගෑනු ගතිය තියෙනව නේද ලෙසටම.. ඒකනෙ ක්ලාස් එක ගාවට ඇවිත් බැන්නෙ... හැල හැක... අදයි ආවෙ මේ පැත්තෙ... ඉස්සරහට දිගටම එන්නම්කො...

    ReplyDelete
  5. මම නන්ගිත් අක්කගෙ නන්ගි වගේම වෑඩක් කරා.හොද වෑඩේ ඔහොම අයට කියන්නෙ ඕන සෑරෙන් තමයි

    ReplyDelete
  6. හෆෝ මේ බ්ලොග් එක කියවන කොල්ලෙක්නම් නංගිගෙන් යාලු වෙන්න අහන්නෙ නෑ. එක දවසක් නංගි කලුයි කිවුවා. අද කියනවා නංගි සැරයිලු.

    ReplyDelete
  7. නංගිට ජය වේවා !!!
    නියම නංගියෙක් නේ. පාරේ යන කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැති උන්ට ඔහොම තමයි කරන්නෝන. මූත් පුදුම ෆාස්ට් කොල්ලෙක් නේ. දැක්කා කැමැත්ත ඇහුවා. නියම වැඩේ.

    ReplyDelete
  8. මෑන්ස් ගෙ අනිත් වැඩත් fast forward ද දන්නෙ නෑ නේද.
    ඔය කියන විදියට පොර වයස 10 දි ඒ ලෙවල් කරල මේ වෙනකොට පී එච් ඩී 3 ක් වත් ඇති.
    අපරාදෙ කොහොමහරි ආපහු හොයාගන්න තියෙන්නෙ.

    ReplyDelete
  9. එල නංගි නියමයි.. ස්පීඩ් කොල්ලට හිතෙන්න නැතුව ඇති... නංගිගේ කට ස්පීඩ් වුණොත්..දුවාගන්න ස්පීඩ් එකක් නැති වෙන වග.. :D

    ReplyDelete
  10. බුදු අම්මේ වෙලාවට පන්තිය ළඟ තිබ්බෙ. තව දුර තිබ්බ නම් මේ ගියපු ස්පීඩ් එකේ හැටියට මොනා වෙයිද දන්නෙ නෑ. හබැයි නංගි විතරක් නෙමෙයි අක්කත් ඔහොමයි කියල මම දන්නවා. අරහෙ ඉස්කෝලෙ ගියපු කාලෙ කට මට මතකයිනේ....

    ReplyDelete
  11. අහ් මරු වැඩේ කරලා තියෙන්නේ නංගිට ජය වේවා.... දැක්ක ගමන් ඔහොම අහන එක ලව් නෙවේ ලස්ට්....

    ReplyDelete
  12. නියමයි.. මරු වැඩේ !

    ReplyDelete
  13. මගේ යාළුවෙක්ගේ නංගිකෙනෙකුටත් ඔහොම දෙයක් වෙලා.. එයා අර යකාට කියපුවෑ හැටියට.. අනේ මන්දා පොර යහතින් ඉන්නවද කියලා...

    ReplyDelete
  14. සිරාවටම ඔය තරම් ෆාස්ට් කොල්ලෙක් ගැන නම් අහුවාමයි...... නංගා ඒ වෙලාවේ දාගෙන ඉදලා තියෙන්නේ ඩි එස් අයි නෙමේද?????

    අක්කා වගේම ඇතිනේ නංගාත්.... (අක්කා කොහොමද දන්නේ කොහොමද මන්.. අදමනේ ආවේ...)

    ඔන්න ෆලොත් කලා මම නම්..... වෙලාවක ඇවිත් යන්නකෝ

    ReplyDelete
  15. එල එල මොනව උනත් නංගිට මීටරේ තියෙනව වගේ...

    දැං ඉන්න එකාලට පුදුම හදිස්සියක්නෙ අප්පා තියෙන්නෙ!!! බි.පෙ.සි.

    ReplyDelete
  16. @ Gayan Rupasinghe - මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි...:))))

    ReplyDelete
  17. @ නදී - ඔව් අනේ. මාත් එහෙමයි. සද්ද නැතුව පුලුවන් තරම් රව රවා යනවා.

    ReplyDelete
  18. @ මාධව - පුදුම fast forward එකක් තමයි. නෑ නෑ සර්ට ඇහිලා තිබුනේ නෑ..:))

    ReplyDelete
  19. @ පොඩි මෑන් - ඔව් ඉතින් ආරක්ෂාවක් නැති තැනක ඔහොම කතා කලානම් මොනව වෙයිද කවුද දන්නේ..
    බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට. ඉස්සරහටත් එන්නකෝ..

    ReplyDelete
  20. @හිම හංසි - ඔව් ඔය වගේ අයට හොඳ return එකක් දෙන්න ඕනේ..

    ReplyDelete
  21. @ Chanaka Aruna Munasinghe - ඔව් එයාගෙන් යාලු වෙන්න අහන කෙනාට ලේසි වෙන්නෙ නම් නෑ. නංගි මහ ලොකු කලුවක් නෑ..:))

    ReplyDelete
  22. @ මධුරංග - ඔව් මල්ලි මාත් ඔච්චර ෆාස්ට් කොල්ලෙක් ගැන ඇහුවමයි. සාමාන්යෙන් එක දවසක් දැකල පස්සෙ දවසක පස්සෙන් ගිහින් නෙ අහන්නේ..

    ReplyDelete
  23. @ පැණි දොඩම් - හික්ස්...ඒක නම් දන්නේ නෑ. කොහෙද අපේ නංගි මූන හරියට බලාගෙන නෑ නේ...

    ReplyDelete
  24. @ චතුමිතූ - ඔව්. ඒත් මිනිහත් ස්පීඩ් කරලම ගිහින් තිබුනා...:))

    ReplyDelete
  25. @ පිණිබිඳු - ඒකනම් ඇත්ත...හැබැයි ලකියො මං දන්නෙ නැති අයට තනියෙන් ඉන්න කොට සද්ද දාන්න බයයි.

    ReplyDelete
  26. @ කිඩෝ - ඒක ඇත්ත දැක්ක ගමන් දන්නෙත් නැතුව මොන ලව් ද??

    ReplyDelete
  27. @ කිඩෝ - ඒක ඇත්ත දැක්ක ගමන් දන්නෙත් නැතුව මොන ලව් ද??

    ReplyDelete
  28. @ කිඩෝ - ඒක ඇත්ත දැක්ක ගමන් දන්නෙත් නැතුව මොන ලව් ද??

    ReplyDelete
  29. @prasanna86k -ඔහොම තමයි ඔය වගේ අයට කරන්න ඕනේ..

    ReplyDelete
  30. @ දේවා ගේ අඩවිය - මාත් ඇහුවමයි. මේ රටට මොනව වෙන්න එනවද මන්ද. ම්ම්.....ඩී.එස්.අයි ද දන්නෙ නෑ...

    අක්කගෙත් කටනම් ටිකක් තියෙනවා තමා. ඒත් ඔච්චරම නෑ..බොහොම ස්තූතියි ෆ්ලෝ කලාට..

    ReplyDelete
  31. @ ගීතක (GeethakaJ) - ඔව් ඔව් නංගිට ඒ වගේ දේවල් වලට හොඳ මීටරයක් තියෙනවා.. උපරිම හදිසියක්. නංගි බැරිවෙලාවත් හා කිව්වානම් මොනව කරයිද දන්නේ නෑ..

    ReplyDelete
  32. නංගි රොක්ස් නෙ! අදමයි මේ පැත්තෙ ආවෙ.. ලස්සන කතා ටිකක් තියෙනව! :)

    ReplyDelete
  33. ඌ නම් ආලෝකයටත් වඩා ෆාස්ට්... තව සුට්ටක් දුර ගියානම් දරුවොත් 3 - 4 ක් හදනවා...

    නංගිට හැට්ස් ඕෆ්...

    ReplyDelete
  34. @කල් - හික්ස්..ඒකනේන්නම්..
    ස්තූතියි ආවට.

    @පිස්සා පලාමල්ල - ආයෙත් අහලා... :)))
    මං කියන්නම්කෝ..

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...