expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Monday, August 1, 2011

ක‍ටුවක්ද????

         මං මේ අත්දැකීම ලබන කොට  පළවෙනි පාර  A/L ලියලාවත් නෑ. තාත්තාට පිළිකාවක් හැදිලා ඇවිදගන්න බැරුව ඉන්න කාලේ, නංගිව උදේ පාන්දර පන්ති ගෙනිහින් දාන වැඩේ කලේ මම. එදත් නංගිට මහරගම ඉංග්‍රීසි පන්ති තිබ්බ දවසක්.ඉර පායන්නත් කලින් තමයි පන්තියට යන්නේ seat එකක් අල්ලගන්න ඕනේ නිසා. 

         අපේ ගෙදර තියෙන්නේ චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය ගාවමයි. ගෙදරට එන්න තියෙන නියම පාර චුට්ටක් විතර දුරයි.
ඉතිං අපි පාවිච්චි කරන්නේ අපේ ගෙදරට පල්ලෙහායින් තියෙන මුස්ලිම් ගෙදරට එන පාර. ඒ පාර දිගේ ඇවිත් මුස්ලිම් ගෙදර පිටි පස්සෙන් අපේ ගෙදරට යනවා. මුස්ලිම් ගෙදරට එන පාර චන්ද්‍රිකා මධ්‍යස්ථානය අයින දිගේ වැටිච්ච පුංචි වල් වැවිච්ච අඩි පාරක්. ඒත් අපි ඒ පාරේ යන්න බය වුනේ නැත්තේ ඒ පාරට චන්ද්‍රිකාවේ ලයිට් එළිය වැටෙන නිසායි.

        ඔන්න මේ කියන දවසෙත් නංගියි, මායි පිටත් වුනා. අඩි පාර දිගේ ඇවිත් දැන් තාර පාර ලඟටම ආවා. එතකොටම මගෙ දකුණු කකුලේ ඇස් වටේ ගාව ( ඇහැ ගාව එහෙම නෙවෙයි හරිද...) ක‍ටුවක් ඇනුන වගේ දැනුනා. මං ඒක පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැතුව ඉස්සරහට යන්න හදනකොටම අපේ නඟා ගිරියටින් කෑ ගැහුවා. මට තදත් වුනා. ඇයි අප්පා චන්ද්‍රිකාවේ ආරක්ෂක අයියලා ටිකට ඇහුනනම් ඔක්කොම ටික ඔතනට එනවනෙ. මං නංගිට බැන්න "පිස්සුද ඕයි කෑ ගහන්නේ. අර මනුස්සයො ටික මෙතනට ආවොත් ලැජ්ජාවෙ බෑ නේ කියල." ඒ පාර නංගි කියනව එයා පාරෙ මොකක්ද ගුලියක් වගේ දෙයක් දැක්ක ඒත් එක්කම එයාගේ කකුලටත් ක‍ටුවක් වගේ දෙයක් ඇනෙනවා දැනුන කියල.

         කොහොම හරි අපි තාර පාරට ආව කියමුකෝ. එතන ලයිට් කනුවෙ  එළියෙන් අපි දෙන්න කකුල් දෙක පොඩ්ඩක් search කරල බැලුවා. නංගි ඉතින් මට වඩා සුදු නිසා එයාගේ මුකුත් සලකුණක් පේන්න තිබුනේ නෑ. :)). මගේ නම් ලාවට තිත් දෙකක් තිබුනා. ඉතින් මං හිතුව නංගිට මුකුත් වෙලා නැතුව ඇති ඔන්න ඔහේ එයාව බස් එකට දාලම එනවා කියලා. දෙන්නත් එක්ක දැන් මීපේට පයින් එනවා. ඒත් මටනම් දැන් යන්න අමාරුයි වගේ. 

         අර ක‍ටුවක් ඇනුනයි කියල හිතපු කකුල හිරි වැටිල යා ගන්න බෑ. නංගිටනම් එහෙම අවුලක් නෑ. කොහොම හරි මීපෙටම ආවා.නංගිනම් දැන් බය වෙලා. එයා කෑ ගහනව ආපහු ගෙදර යං කියලා. තව පොඩ්ඩෙන් එයාව බස් එකටත් නග්ගනවා. ඒත් අන්තිමට මටත් හිතුන ඔන්න ඔහේ ගෙදර ගියොත් හොඳා කියලා.    

       නංගි මාව වත්තන් කරගෙන ගෙදර එක්කන් ආවා. short cut එකෙන් ආපහු න්න බය නිසා නියම පාරෙන්ම ආවා. ගෙදර ආවාම අම්මා අහනවා ඇයි ආපහු ආවේ කියලා. නංගි කීවා විතරයි මොකෙක්ද කෑවා කියලා බය වුන පාර අම්මට කෑ ගැස්සුනා.


        තාත්තාට කකුල් පණ නැති වුනාට අත් වලට පණ තිබුන නිසා කකුල උඩින් තිරිංගයක් එහෙම දාල  අර  යන්තම් පේන්න තිබුන තුවාල මුඛය මිරිකල දැම්මා. පස්සේ තමා දෙන්න දැන ගත්තේ නංගිටත් ඒකම වෙලා කියලා.

        හොඳ වෙලාවට අපේ බාප්පා ඒ වෙනකල් වැඩට ගිහින් තිබුනේ නෑ. එයා ඇවිත් අපි දෙන්නම විෂ වෙදෙක් ගාවට අරන් ගියා. එයා වෙද නෝනෙක්. ගිය ගමන් ඇහුවෙ ඔයාල බය වුනාද කියලා. මං කිව්ව මංනම්  හිතුවෙ ක‍ටුවක් කියල නංගිනම් කෑ ගැහුව කියලා. බය වුනේ නැති එකනම් හොඳයිලු. එයානම් කියයි බැරි වෙලාවත් හුඟක් විස සතෙක් වුනානම් මීපෙට ගිහින් එන ටිකට මං මලා තමයි.
        මොකාද කෑවේ කියලවත් දැක්කේ නෑ. දැක්කත් මොන ජාතියකද කියල දන්නෙ නෑ නේ. වෙද නෝන කුණකට්ටෙක් වෙන්න ඇති කියලා බෙහෙත් කලා. මේ වෙන කොට මගේ කකුල ඉදිමිලා. නංගිගෙනම් එච්චර නෑ. ඇයි ඉතින් මටනේ විස මුලින් දුන්නේ. පස්සේ නම් නංගිගෙත් කකුල ඉදිමුනා.

අපි දෙන්නත් එක්කම එක ඇඳක් උඩ බෙර කොට වගේ ඉදිමිච්ච කකුල්වලට බෙහෙත් පත්තු බැඳගෙන දවස් ගානක් හිටියා....

ඒකෙත් වැඩේ කියන්නෙ ආපහු ගෙදර එන්න හැරෙන කල්ම මට ඒ දශ්ට කලේ සර්පයෙක් කියලා හිතුනෙ නැති එකනෙ....:D
අර කුණකට්ටා අපිට දශ්ට කරපු තැනම මැරිලා ඉඳලා හම්බ වුනා. ඌව චප්ප වෙලා. මොකක් හරි වාහෙනේකට අහු වෙච්ච එකෙක් ඒ පාරට විසි කරලා. ඒකෙන් කොට උඩ ගියේ අපි දෙන්නා..:((( 


34 comments:

  1. අම්මෝ !!!!
    හොද වෙලාවට ඔයින් බේරුනේ. වෙන මොකෙක් හරි නම් ඉදලා හමාරයිනේ. අක්කටත් වෙන්නේ පුදුම වැඩනේ !!!

    ReplyDelete
  2. හොඳ වෙලාවට මැරිච්ච එකෙක් වුණේ. පණ තියෙන එකෙක් එහෙමනම් පන්න පන්න හපනවා

    සර්පයාගෙ පිටින් දාල නංගි සුදුයි කියලත් කිවුවා නේද ? (අර නයි කතාවෙ වගේ )

    ReplyDelete
  3. කුන කට්ටා පව්.....

    යන අහක පාර බලන් කල්පනාවෙන් යන්න එපැයි.... නයෙක් පොළඟෙක් හෙම ෂොට් එක දුන්නං...?

    ReplyDelete
  4. හපෝ. මට මතකයි අපි ඕක ගැන කිය කියා ගොඩක් දවස් එක එක ඒව කිව්ව. :D
    බාගෙට මැරිල හිටි එකා මැරෙන්ඩ ඇත්තෙ මෙයාගෙ නංගිගෙ කෑගැහිල්ලට වෙන්නැති. :)

    ReplyDelete
  5. @මි හරක් පිඩියා - අම්මියෝ....

    ReplyDelete
  6. @මධුරංග - ඔව් අනේ හොඳ වෙලාවට බේරුනේ. මට වෙන්නේ ඔහොම වැඩ තමයි. තව ඔය වගේ ඒවා තියෙනවා ඒවත් දාන්නම්

    ReplyDelete
  7. @ Chanaka Aruna Munasinghe - දශ්ට කරන වෙලේ පණ තිබුනා. පස්සේ තමයි මැරිල තියෙන්නේ.

    අනේ නංගි සුදු නෑ හලෝ. ඒකේ අනික් පැත්ත..:))

    ReplyDelete
  8. @gold fish - කුණකට්ටා පව් තමා. ඒත් ඉතින් අපි මක් කරන්නද?
    හ්ම්..ඔව් අනේ ටෝච් එකක්වත් අතේ තිබුනෙ නෑ නේ. නයෙක් පොළ‍ඟෙක් වුනානම් මෙලහකට සෙට්ට පොච්චි තමා.

    ReplyDelete
  9. @මාධව - අපොයි....ඔයගොල්ලෝ බලා ඉන්නේ ඉතින් කොහොන් හරි පොටක් පාද ගන්න නේ.
    ඒකත් කියයන්නම් බෑ. අපෙ නංගිගේ කටේ සද්දෙ ඔයා දන්නවනේ.

    ReplyDelete
  10. Chanaka සුදුයි කිව්වෙ ඔයාටද කොහෙද හලෝ. :)

    ReplyDelete
  11. සොයි.. ඇති නේ එහෙම ඇදේ ඉන්න කොට මාත් උණ කට්ටෙක් හොයාගන්න ඔනේ.. :P

    ReplyDelete
  12. කුණකට්ටා මැරුණේ ඔය දෙන්නව හපපු නිසාද දන්නේ නෑ :D

    ReplyDelete
  13. @මාධව - ආහ්...එහෙමද මං හිතුවෙ නංගි ගැන කිව්වා කියල..:)

    ReplyDelete
  14. @චතුමිතු - අනේ ඔව් හරී.....ම සොයි...මොකට කියනවද ඒ ගැන නම්
    හොයාගෙනම බලන්නකෝ..

    ReplyDelete
  15. @පුසා - අනේ දන්නේ නෑ පූසෝ. උගෙන් අහන්න යනකොට අපිව දාලා ගිහින් නේ...ලොල්
    ඔය කතාව කිය කිය තමයි කට්ටිය මට එක එක ඒව කිව්වේ කාලයක් යනකල් ම

    ReplyDelete
  16. @ Madhawa Habarakada

    නෑ නෑ , මේ නංගි නෙවෙයි එයාගෙ නංගි ගැන කිවුවෙ. මෙයාගෙ පින්තූරයක් තියෙනවනෙ.
    ======

    @Nisupa
    හා හා කුණ කට්ටා පිටින් දාලා, නංගි කලුයි. මම සුදුයි කිවුවා නේද ?

    ReplyDelete
  17. අම්මෝ මදැයි ඔයින් ගියා.

    ReplyDelete
  18. @Chanaka: අන්න එහෙම තේරෙන්න කියන්නකො. කවුද දන්නෙ.
    හැබැයි ඉතින් එහෙමයි කියල මෙයත් සුදු නෑ අනේ. මේ දවස් වල නම් ක්‍රීම් එකක් ගාල සුදුමැලි වෙලා. :D

    ReplyDelete
  19. මදැයි ඔයින් ගියා... කුණකට්ටා මැරිච්ච එක හොඳයි. නැත්නම් මේ පැත්තටත් එන්න පුළුවන්. අපි ඉන්නේ මොරගහහේන කිට්ටුව..වැඩි දුරක් නෑනේ..

    ReplyDelete
  20. @Chanaka Aruna Munasinghe - ඔය කිව්වට මාත් එච්චර සුදු නෑ අනේ. නංගිට වඩා ටිකක් විතර සුදුයි. වැඩිය නෑ. :))

    ReplyDelete
  21. @නදී -ඔව් අනේ. තව පොඩ්ඩෙන් ඉවරයි..

    ReplyDelete
  22. @පැණි දොඩම් - ඌ මැරුනට තව අය ඉන්නවා. හොඳ ලස්සන නයෙක් එහෙම ඉන්නවා.ඔය පැත්තේ එවන්නද??

    ReplyDelete
  23. හපෝ එපා.. මේ පැත්තෙ ඉන්නවා ඕනෙ තරම්.

    ReplyDelete
  24. අපේ ගෙදර නම් ඉන්නෙ ගරුඬොනෙ. :) (දන්නවනෙ ගරුඬා ? )
    දවසක් බලනකොට එකෙක් දොර රෙද්දෙ එල්ලිලා ඔන්චිලි පදිනව, දවසක් බලනකොට නානකාමරේට වෙලා නානව, දවසක් බලනකොට කාමරේට වෙලා හොඳට දොයි, දවසක් බලනකොට කිසි කිසි ගාල කුස්සියෙන් එලියට බහිනව මොනව හොරෙන් කෑවද දන්නෙ නෑ. :D :D :D

    ReplyDelete
  25. මටත් හිතෙන්නේ කුන කටුව මැරෙන්න ඇත්තේ මෙයාගේ තිබ්බ විස ටික උගේ සරීරෙට ගිහින්ද කොහෙද?
    පව් අහිංසක සතා...!!!

    ReplyDelete
  26. @නදුන් උයන - හික්ස් එහෙමද දන්නෙත් නෑ...:))))

    ReplyDelete
  27. කුණකට්ටා මෑරෙන්නෙ ඈත්තෙ ඔය දෙන්නගෙ විස ඌට ගිහින් වෙනෙන ඈති. නෑතුව මේ වාහනේකට අහුවෙලා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති සමහර විට....:)))

      Delete
  28. කුණකට්ටා මෑරෙන්නෙ ඈත්තෙ ඔය දෙන්නගෙ විස ඌට ගිහින් වෙනෙන ඈති. නෑතුව මේ වාහනේකට අහුවෙලා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති සමහර විට....:)))

      Delete
  29. Pudumayi.....
    Hypanale ?????????

    ReplyDelete
    Replies
    1. හ්ම්....තේරුනේ නෑ වගේ....:((

      Delete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...