expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Monday, August 1, 2011

ඇත....නැත....

         අපේ සෙට් එකේ තවත් කතාවක් තමා මේ. අපි දෙවෙනි පාර A/L කරන්න පුස්තකාලේ පදිංචි වෙච්ච කාලේ වුන දෙයක්.

        අපේ සෙට් එක ගැන පොඩි විස්තරයකුත් කියලම ඉන්නම්කෝ. හ්ම්....හිතුවට වඩා ඒක අමාරුයි වගේ. 
        
           අපි කට්ටිය ගියේ එක ස්කෝල වලටත් නෙවෙයි. O/L කාලෙත් එක පන්ති වලට ගියේ නෑ. A/L කරන්න පන්ති යනකොටයි, ස්කොලේ ගිය බස් එකේදියි තමා අපි හමු වුනේ.
ඒත් කොහොම හරි අපි අතරේ ලොකු බැදීමක් ඇති වෙන්න වැඩි කාලයක්නම් ගියේ නෑ. අපි අතර ඒ බැදීම තාමත් තියෙනවා. වැඩ රාජකාරී අතරේ හමුවෙන එකනම් පොඩ්ඩක් විතර අඩු වුනත් තාම අපි හොඳම යාලුවෝ. තවත් ආඩම්බරෙන් කියන්න පුලුවන් දෙයක් තමයි අපි කවුරුවත් අධ්‍යාපනය අතින් මඟ නතර වුනේ නෑ කියන එක. :))) ඇත්තටම ඒක ආඩම්බර වෙන්න පුලුවන් දෙයක් නේද..??



        අපේ සෙට් එකේ හොඳ හිතක් සහ ධෛර්යයක් තියෙන කෙනෙක් තමා දිමුතු. අපිට ගාන හදන්න බෑ කියල හිතුනොත් කොහොමහරි කරමු කියන ජාතියේ පොරක්. දිමුතුව මං අඳුරගත්තේ දහම් පාසලේ එක පන්තියේ හිටපු නිසයි. ඔන්න සුපුරුදු ලෙස දවසක් අපි පුස්තකාලේ පාඩම් කරනකොට ( මොකට කියනවද ඒකනම් නේද....) දිමුතුගේ ස්කෝලේ යාලුවෙක් ආව මිනිහව හම්බ වෙන්න. මිනිහ අපිට කිව්ව "මචං මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්" කියලා. ඒ කිව්වේ පුස්තකාලෙන් එලියට හරිද.

        ඔන්න ඉතිං කාලය ගත වෙලා ගිහින් දවල් කෑම වෙලාවත් ආවා. ඒත්  දිමුතු තාම ඇතුලට ආවේ නෑ. අපි ඒ දවස් වල කෑම කෑවේ පුස්තකාලෙට එහා පැත්තේ තියෙන ප්‍රජා ශාලාවේ. ඒකේ පොඩි stage එකක් තියෙනවා. ගෙනාපු බත් මුල් එක බැගින් පිලිවෙලින්  ලිහාගෙන කට්ටියක් stage එකේ උඩ ඉඳගෙන, කට්ටියක් බිම හිටගෙන තමා බත් මුල් වලට වග කියන්නේ. 

         අපි බත් මුල් ටිකත් අරගෙන එලියට ආවේ දිමුතු එලියේ ඇති කියලා හිතා ගෙන. මොන පුස්තකාලේ වටේම බැලුවත් මේකා නෑ. අපිට දැන් මාරම ප්‍රශ්නේ ඇයි යකෝ එලියට ගිහින් එන්නම් කියපු එකා එලියෙ නෑ නේ. මොනව වුනත් ඉතිං ඒකා නැතුව කන්නත් බෑ නේ. කට්ටියම සෙට් වෙලා මේකව හොයන්න ගියා.

         පාදුක්ක වටේම ඇවිද්දත් පේන තෙක් මානෙක මේ යකා නැහැ. ආපහු යනවද නැද්ද කිය කියා හිත හිතා ඉන්නකොට අපේ මාධවගේ තාත්තා මොටෝ සයිකලේ නැවැත්තුවා අපි කට්ටිය ඉස්සරහින්.

" මොකෝ මේ කට්ටිය මේ රවුම් ගහන්නේ". 

          අන්කල්ට හිතෙන්න ඇති ගෙදරින් පාඩම් කරනවා කියලා ඇවිත් තැන තැන රවුම් ගහනව මේකට ආයෙත් එන්න දෙන්න හොඳ නෑ කියලා. අපි ඉතින් කිව්ව 

"නෑ අන්කල් මේ දිමුතු යාලුවෙක් හම්බ වෙන්න කියල එලියට ආවා. දැන් ආගිය අතක් නෑ" කියලා.

ඊට පස්සේ අන්කල් කියපු දේ තේරුම් ගන්නනම් අපිට ටික වෙලාවක් ගියා.

"ආහ්...එහෙනම් අතුරුදන් වී නැත කියලා board  එකක් දාන්න. ඇත කියලා දැම්මොත් නේ ප්‍රශ්නේ.."


ප.ලි.

දිමුතු ගැන කිව්වොත් නම් අපි බලා ඉඳලා බැරිම තැන කෑවටත් පස්සේ මෙන්න එනවා. බැලින්නම් මිනිහා අර යාලුවගෙ ගෙදර ගිහිල්ලා. :S


12 comments:

  1. සමහර වෙලාවට අපේ කැම්පස් එකෙත් ඔයවගේ මොනාහරි නැති උනාම නැතිවී ඇත කියලා කියලා බෝඩ් දානවා. එතකොට අපිත් ගනන් ගන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
  2. ලනු ලනු ......හොදටම තද ලනු....

    ReplyDelete
  3. ඇත්තනෙ. ඇත කියල දැම්මොත්නෙ ප්‍රශ්නෙ.

    ReplyDelete
  4. ගෙදරින් පාඩම් කරනවා කියලා ඇවිත් තැන තැන රවුම් ගහනව මදිවට තව බොරුත් කියනව කියල අංකල්ට හිතෙන්නම ඇති. නැත්තන් මනුස්සයෙක් අතුරුදහන් කිවුවම අරෙහෙම කතාවක් කියන්නෙ නැහැනෙ

    ReplyDelete
  5. මේ අපේ තාත්තට තිබ්බෙ චැලියක් නෙමෙයි හලෝ. Honda CD90යක්.
    දිමුතුව අතුරුදන් උනු කතාව නම් මතකයි. අපේ තාත්තව හම්බුනු කතාව නම් මතක නෑ.

    ReplyDelete
  6. @මධුරංග - ඔව් ඔව් ඒවා ගනන් ගන්න හොඳ නෑ. නැත්නම් අපියි මෝඩයෝ වෙන්නේ..:D

    ReplyDelete
  7. @වේලාව ලඟයි - කෝ අනේ කොහේද ලණු..???

    ReplyDelete
  8. @පිණිබිඳු - ඒකනේ මාධවලගේ තාත්තාටත් ඒක තේරුනානේ..

    ReplyDelete
  9. @ Chanaka Aruna Munasinghe - හ්ම්.....අන්කල් ඇත්තටම හිතුවේ මොනවද කියලානම් දන්නේ නෑ. ඇත්තටම එහෙම හිතුවද දන්නෑ.:O

    ReplyDelete
  10. @මාධව - අයියෝ ගනන් ගන්න එපා අනේ. ඔන්න මං ඒක වෙනස් කරනවා.
    ඔයාට මතක නැද්ද? Central Pharmacy එක ඉස්සරහදි තමා හම්බ වුනේ.

    ReplyDelete
  11. යාලුවව අර කනිෂ්ටෙ ලඟ නාගස් තියන හරියේ හොයල බැලුවෙ නැද්ද?
    මොකද හිටි ගමන් මිසින් වෙන කට්ටිය ගොඩක් මතුවෙන්නේ ඔතනින් තමා.... :P

    පාදුක්කේ බණ්ඩාරණායක පුස්තකාලය බලපුවහම ගොඩක් සමාජ මෙහෙවරක් කරනවනේ.... ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ ලමයි ඔතනට ගිහින් පාඩම් කරනව කියල... :)

    ReplyDelete
    Replies
    1. මං නම් ඒ විස්තර නොදනී.මෙයා එහෙම කෙනෙක් නෙවෙයි අයියෝ...

      අප්පෝ..ඔයා දන්න තරම.සෑහෙන දෙනෙක් එනවා එතනට පාඩම් කරන්න. එක විභාග වලට පාඩම් කරන්න එනවා.කාලයක් ගියාම ඉඩ මදි වෙන සීන් එකකුත් ආවා.

      Delete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...