expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, August 24, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 6......

         ඔන්න ඉස්සෙල්ල කතාවෙන් කිව්වානෙ අපි සිරීපාදේ නගින්න ගිහින් කාපු කට්ට ගැන. ඊට පස්සෙ වුන දේවල් තමයි අද කතාව..

          මෙන්න ඉස්සෙල්ලා කොටස් ටික...බැලුවේ නැත්නම් ඒවත් බලලා එන්නකෝ.....


........................................................................................................................

          සහන් මලයා ඉස්සරට එනවා.නතර වෙන පාටක් නම් නෑ. ආයේ ඉතිං මඟ ඇරගන්න ගන්න බෑ නේ. කට්ටිය එයාගෙ පිටිපස්සටම පෝලිමට එකතු වුනා.මොනවා වුනත් ගමන හෙමින් තමා.තාම ට්‍රැ‍ෆික් එක ඉවරෙටම ඉවර නෑ නේ.කට්ටියට හොඳ ගණනුත් එක්ක නේ.හයියෙන් යනව තියා හරියට ඇවිදින්නත් බෑ.

         ටිකක් දුරක් යනකොට ට්‍රැ‍ෆික් එක කොහෙන් ගියාද නෑ.කට්ටිය විසිරිලා ගිහිල්ලා.අපේ කට්ටියත් ආයේ විසිරිලා.සහන්ට කොහොමත් හෙමින් ගමන් බෑ නෙ.බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියනවනේ.ටික වෙලාවක් යද්දි පේන්නවත් නෑ.ඊලට මනෝයි,නුවනුයි ගියා. පිටිපස්සෙම සාලිකයි,මාධවයි.සාලිකාට කොහොමත් ඉක්මනට බහින්න අමාරුයි.කෝඩු පිට ගියා මදිවට වුන අකරතැබ්බවලින් එයා හොඳටම හෙම්බත් වෙලා හිටියෙ.කොටින්ම කිව්වොත් එයාගේ බෑග් එක උස්සගෙන ආවෙත් මාධව.



         මමත් මෙහෙම කිව්වට මටත් ඔය සෙතේම තමයි.ඔයිට වඩා ටිකයි හොඳ..:))ටික දුරක් ගියාම හති වැටෙනවා..නතර වෙනවා.ටික වෙලාවක් ඉන්නවා.ආයෙත් යනවා.බහින එකනම් ටිකක් විතර ලේසියි.අප්පා...එක දිගට නගින්න ගියාම තමා එලොව පොල් පේන්නේ. හුස්ම හිර වෙන්න එනවා.ඉස්සෙල්ල පාරවල් වල නම් ග්ලුකෝසුත් අරන් ගියා කකුල් දෙක ටින් ටින් ගානකොට පවර් එක දෙන්න.මේ පාරවල් වල නම් කැලේ පැනලානේ ගියේ.ඒ නිසා වැඩි මහන්සියක් දැනුනේ නෑ.

          ඒත් ඉතිං එහෙමයි කියලා එක දිගට බහින්න තරම් මං වැඩර් කෙනෙකුත් නෙවෙයි.ඉතිං මාත් මාධවයි,සාලිකයි එනකල් කියලා නතර වෙලා හොඳ රෙස්ට් එකක් ගත්තා..:D.අපි හතර දෙනාම හිමිහිට පල්ලම් බැස්සා.සාම චෛත්‍ය හරියට එනකොට කඩා ගෙන බිඳ ගෙන බැස්ස අනික් තුන්දෙනාත් අපි එනකල් බලාගෙන ඉන්නවා.ඔන්න කට්ටියම දැන් සෙට් වෙලා එකට පල්ලම් බහිනවා.

          ඔය වෙලාවෙ තමා බඩේ පණුවො ටිකක් ඉන්න බව තේරුනේ.උන් ටික හෝ ගාලා දගලනවා.කොච්චර දඟලනවාද කිව්වොත් එලියට සද්දෙත් ඇහෙන තරම්.ඇයි දෙයියනේ රෑට කාපු ගමන් නේ තාම.සාම චෛත්‍ය ගාවම හොඳටම මෝරපු බඩ ඉරිඟු විකුනනවා.ආයේ මොනවද මෝරපු ඒවා වුනත් කන්න තියෙනවානම් මට නම් බත් ඕනෙ
නෑ.මායි,මාධවයි,මනෝයි බඩ ඉරිඟු ටිකකට වැඩේ දුන්නා.වෙන මල ජරාව කාල පත්තියම් වුනේ නැත්නම් හදාගනිල්ලාකෝ බඩේ අමාරු.මොනවා වුනත් බහිනකල්ම දත් වලට වැඩ තිබුනා.අච්චර මෝරච්ච බඩ ඉරිඟු අඹරලා කරලා එපැයි බඩට යවන්න..:D

       කොහොමින් කොහොමහරි නල්ලතන්නියට දොළහ විතර වෙනකොට ඒගන්න පුලුවන් වුනා.අප්පච්චියේ....බස් පෝලිම දැක්කාම තරු විසික් වුනා.කොහොමද අප්පෙ බස් එකකට රිංග ගන්නේ.රිංග ගත්තත් මේ ආත්මෙදි ඒකේ ඉඳගැනිල්ලනම් බොරු.ඔන්න කට්ටියම අපිට තියෙන ඔප්ශන්ස් (අපිට යන්න පුලුවන් පාරවල්) ගැන පොඩි ටෝකක් දැම්මා.ඔප්ශන්ස් තුනයි.එක නල්ලතන්නියෙන් කෙලින්ම අවිස්සාවේල්ලට යන එක.දෙක හැටන් ගිහින් එතනින් බස් එකක හරි කෝච්චියක හරි යන එක.තුන මස්කෙළියට ගිහිල්ලා එතනින් හැටන් ගිහින් එතනින් ආයෙත් අවිස්සාවේල්ලට යන එක.හැටන් වලටනම් කොහොමවත් යන්න බෑ.ඒ තරම් සෙනඟ ගොඩක් හිටියා එතන බස් එකට නගින්න.තුන් වෙනි ඔප්ශන් එකත් කැන්සල් කොරන්න වුනා.මස්කෙළියට බස් තිබුනේ නෑති නිසා.හ්ම්...සෙනඟ කියලා බලන්නෙ නැතුව ෆස්ට් ඔප්ශන්ම තමා ක්‍රියාත්මක කොරන්න වෙන්නෙ.

        අවුරුදු ගානක් බස් වල හිටගෙන, ඉඳගෙන, ෆුට් බෝඩ් එකේ එල්ලීගෙන ගිහින් වගේම, බස් වලින් පැනලත් පුරුදු නිසා සෙනඟ පෙරලගෙන ඊළඟට ආපු බස් එකට නැග්ගා.අනේ අපොයි...අපරාදෙ පෙරලගෙන නැග්ගටත් පාඩුයි අපි එකෙක්ටවත් සීට් එකක් හම්බ වුනේ නෑ නොවැ.නහින්නයෑ සීට් නෑ කියලා.ඊළඟ බස් එකේ යන්න ගියත් ඔය සෙතේම තමා.මේක වුනත් අවිස්සාවේල්ලට යන්න තව පැය හතරක්වත් යයි.ඒ කියන්නෙ පහවත් වෙයි.ඒ මදිවට තමා දවල්ට කාලත් නෑ.කන්න ගියොත් නම් අපිට යන්න වෙන එකක් නෑ පහුවදා එලි වෙනකල්.ඉතිං මාධවයි,මායි ගිහිල්ල නල්ලතන්නියේ හෝටලෙන් බිස්ක‍ටුයි,බෝතල් වලට වතුරයි පුරවගෙන ආවා. ඒ වැඩේ කොච්චර වැදගත්ද කියලා තේරුනේ පස්සෙ තමා.

බස් එක ගමන පටාන්...ගත්තා.බුදු සරණයි,අතුරු ආන්තරාවක් නැතුව යන්ට පුලුවන් වේවා කියලා හිතින් හිතා ගත්ත අපිත් එක්කම..

8 comments:

  1. බලමු ඊලඟට මොකද වෙන්නෙ කියල. :)

    ReplyDelete
  2. api bus eke giye kohomada kiyala kiyanne nadda?
    Ekko ilanga ekema kiwama hari. :)

    ReplyDelete
  3. පෙනේ නොපෙනේ 6යි කමෝන්......

    ReplyDelete
  4. @ මාධව - මචං මේ නිසූ කියන්නේ උඹ තව බෑග් එකක් එල්ලං ආවයි කියලා... ඇත්තද බං?

    අනේ නිසූ මේකෙ තව කොටස් කීයක් තියේද...?

    ReplyDelete
  5. දැන් ආපහු ගමන නේද. හප්පා මටත් මහන්සියි වගේ.

    ReplyDelete
  6. @මාධව - ඔන්න ඊළග එකත් දැම්මෝ...

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක], ගෝල්ඩ්fish - 7යි...ඉවරයි......................:)))))))))))))

    @පිණිබිඳු - ඊළඟ එකේම rest එකක් දාමු...:))

    ReplyDelete
  7. @prasanna86k: ඔව් බං, ඒ පාර බෑග් එකක් විතරයි. ඒත් ඉස්සෙල්ල පාර නම් බෑග් එකකුයි, තව එකෙකුත් ඇදගෙන ආවෙ. :D
    ඇයි තව කොටස් කීයද අහන්නෙ, එපා වෙලාද??? :D

    ReplyDelete
  8. අක්කලාත් පුදුම කට්ටක්නේ කාලා තියෙන්නේ.
    කොච්චර දුකක් විඳලා හරි ගියේ බුදුන් දකින්න නේ. ආහ්... නෑ සිරිපතුල දකින්න නේ.
    සාදු සාදු සා.............

    විභාගෙට පාඩම් කරපු නිසයි කියවන්න එන්න පමා උනේ.

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...