expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, August 12, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 3......

හ්ම්....කස්ටියට කතාව ඉක්මනටම කියවන්න හිතිල වගේ. ඒත් ඉතිං මොනව කරන්නද? පුලු පුලුවන් විදිහට ලියලා දාන්නම්කෝ...

............................................................................................................

         දැන් මක්කැයි කරන්නේ...?? මේ විදිහටනම් මේ ඇන්ජිමට මේ කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන්න බෑ. ඒත් ඉතිං මෙතන ඉඳන් අල තම්බන්නයෑ. ලඟ පාත අල තිබ්බනම් මේ වෙන කොට තම්බගෙන කන තත්වයක් තමා තිබුනේ.
ඇයි හත් ඉලවුවෙ මේ වෙච්ච හුටස්පරේ හින්දා මේ වෙලාව වෙනකොට දවල් කෑම වෙලාවත් ලං වෙලා.  මොනව කරන්නද..? සිරීපාදේ කරුණා කරනකොට වළදන්න ගෙනා විස්කෝතු පැකට් එකක් එලියට ගත්තා. ඒත් මොන....කන්නෙ කොහොමද..අපි තුන්දෙනාම අර නිරුවත් වුන ඇන්ජිම බලන්න ගිහින් අත් දෙකම තාර පාටයි නෙ. අනේ මේ අහිංසකයෝ පව් කියල හිතපු අපේ සාලිකයි, මාධවයි අපිට කැවුවා හොඳ වෙලාවට.

මේ photo එක ගත්තෙ මෙතනින් http://cruises.about.com/od/alaskacruises/ig/Alaska-Railroad-Train/Alaska-Railroad-Train-Engine.htm


              දැන් කෝච්චියට මොකෑ වෙන්නේ...ඔන්න ඉස්සරහින් ආරංචියක් ආවා වෙන ඇන්ජිමක් පේරා වලින් ගෙන්නලා මේකට පූට්‍ටු කරලා ඇදන් යනවා කියල. පේරාවලට පණිවිඩෙ කියන්න ඔන්න එකෙක් රේල් පාර දිගේ යන්න පිටත් වුනා. කාල වරෙන්කො..දැන් මේකා ගිහින් ඇන්ජිමක් ගේනකල් අවු කූට්ටකේ ලගින්න එපැයි..:(( අව්වේ කර වෙන්නයෑ. ගෙනල්ලා තිබුන පත්තර පි‍ටු ටිකෙන් හිස සෙවනක් හදා ගෙන ෆුට් බෝඩ් එකේ ඉඳගත්ත කට්ටිය.

          ඔන්න ඒ අස්සේ අපි නුවරින් සෙට් කරගන්න හිටපු මනෝ කෝල් කරනවා. "මේ ඔයාලා කොහේද ඉන්නේ? මං මේ නුවර ස්ටෙශන් එකේ ඉන්නේ".අපිත් බොහෝම දුක සේ අපේ කතාව කිව්වා.අනේ ඉතිං අපි එනකල් ඒ කෙල්ල තනියෙන් එතන ඉන්න බෑ නොවැ. නුවන්ට කෝල් එකක් අරගෙන අපිට වෙලා තියෙන අකරතැබ්බයත් කියලා, පුලුවන් නම් අපි එනකල් එයාව  ඒගොල්ලන්ගෙ ගෙදරට එක්කන් යන්න කිවා. එතකොට මේකා කියනව "මං එයාව අදුරගන්නෙ කොහොමද?" කියලා. අපි කිව්වා තුනී ලෑලි සංස්ථාවෙන් ගෙනාපු කෙනෙක් ඇති ඒ එයා තමයි කියලා.:))))) (මනෝ තරහ වෙන්නනම් එපෝ...)

         ඔන්න ඒ ප්‍රශ්නෙ නම් විසඳුවා කියමුකෝ. ඒත් කෝ අපිට විසඳුමක්.... අලි මදිවට හරක් කියලා ඔන්න අපේ එකට පස්සෙන් එන කෝච්චියත් ඇවිල්ලා. හපොයි...දැන් කෝච්චි දෙකක් එකට නවත්තලා. අපිව චිත්ත ප්‍රීතියට පත් කරන ගමන් තව පැය බාගයක් විතර යනකොට පේරා පැත්තෙ ඉඳලා ඇන්ජිමක් ආවා. හම්මේ..ඇති යන්තම් මෙතනින් ගිය හැකි දැන්....ඔන්න කට්ටියම ගමනට සූදානම් වුනා කොච්චි දෙකයි, ඇන්ජින් තුනයි. කොහොමද වැඩේ. පිටිපස්සෙ ඇන්ජිම තල්ලු කරනවා. ඉස්සරහ එක අදිනවා. ඒත් කෝච්චිය හෙල්ලෙන්නෙවත් නෑ.

         මළ කෙලියයි කිව්වලු. කෝ එකෙක්ටවත් මතක් වෙලා නෑ නෙ යන්න කලින් බ්‍රේක් බුරුල් කරන්න. කොහොම හරි ඒකත් කොරගෙන කර කර සද්දෙකුත් එක්ක පේරා station එකට ආවා. නාවර පෙරා ගත්ත වීදි දරුවො ටික වගේ ඉන්න එක හරි නැති නිසා අපි ටික ඉතිං වතුර ටිකක් හොයාගෙන ගියා ටිකක් මනුස්ස පාටට එන්න. ඔන්න බොලේ එතකොට පේනව ඇදගෙන ආපු ඇන්ජිම ගිහින් වෙන කෝච්චියකට සෙට් කරනවා. මේ මොකෝ මේ වෙන්නෙ...??? 

         අනේ බැලින්නම් අර ඇන්ජිමට අයිති වාසිකම් කියන්න අපේ කෝච්චියට බැරිලු. ඒක අයිති ඒ වෙලාවෙ කොළඹ බලා යන උඩරට මැණිකෙටලු.ඒකෙන් ගලවලා තමයි ගෙනල්ලා තියෙන්නෙ.මදැයි:(( අපිටම කියලා ඇන්ජිමක් එනකල් බලාගෙන ඉදිල්ලක් තමා ආපහු සෙට් වෙන්න යන්නේ. හ්ම්.....හිටහල්ලකො බඩගින්නෙ..

          දැන් නම් බඩගින්න කුරුවල් වෙලා. ආයෙත් නුවන්ට කතා කරලා මේ සීන් එකත් කීවා. " එහෙනම් ඔය ගොල්ලො නුවරටම එන්නෙ  නැතුව ඊට කලින් station එකේ බහින්න. මං එන්නම් කාර් එකේ ඔයාලව අරන් යන්න. නැත්නම් පරක්කු වේවී. ඔයාලට මෙහේ කෑම හැදුවා. " අපේ මනෝ ගැන ඇහුවාම කියනවා," ආහ්..එයාද. එයා කාලා බීලා හොඳ නින්දක් දානවා." යකෝ මේකිට තියෙන සැපක්..ඉරිසියාවේ බැරුවා අපිටනම්.ඇන්ජිමක් ගෙනල්ල පූට්‍ටු කරනකල් එතනත් තව පැයක් වගේ ඉන්න වුනා. 

         දැන් වෙලාව තුන විතර වෙලා. කොහොමද වැඩේ. දවල් කෑම නුවරින් ගන්න හිටිය අපිට වෙච්චි දේ.තව ටික වෙලාවකින් අපි නුවන් කියපු station එකෙන් බැහැ ගත්තා.අම්මෝ ඒ ගමන ඉවරයි කියල හිතා ගෙන වටපිට බලනකොට මෙන්න බොලේ නැරඹුම් මැදිරිය එකම දුම් ගොඩක්. ඒකෙ මිනිස්සු බොහොම අමාරුවෙන් නහයවල් හකුලගෙන බහිනව...ඒ පාර මොකක්ද..???? දුම් බෝම්බයක්වත්ද???? :O

ප.ලි.

තාම කතාව ඉවර නෑ. මට පේන විදිහට මේක මෙගා සීරිස් එකක් වෙයි වගේ...:D ඒත් මොනව කරන්නද.??කොට කරන්න ගිහින් කතා රසය නැති වුනොත්. පුලුවන් ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්.

14 comments:

  1. අම්මෝ මේව කියවනකොට ලංකාවේ කෝච්චි වල යන්නත් බය හිතෙනවා.
    ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  2. අහ් කෝච්චියක් ගැන දැක්කට බැලුවේ. ඔං එහෙනම් බුක්මාර්ක් කර ගත්තා ඈ.. :)

    ReplyDelete
  3. ඉක්මනටම ඉතුරු ටික ලියන්න කියලා කියන්නේ නෑ මම්. අම්මෝ කෝච්චි ගැන මතක් කරන්න එපා. කවද්ද ලංකාවේ කෝච්චියක් වෙලාවට ගියේ.

    තාම කඩුගන්නාවේ කියන්නේ හැටන් වලින් බහිනකොට රෑ වෙන්න ඇති නේ. අක්කත් යන්නේ පුදුම ට්‍රිප් නේ. කොහොමහරි අර කොල්ලන්ට කියලා මෙයාලා කවා ගෙන !!!!1 අනේ බොල !!!!

    ReplyDelete
  4. නිසූ ඔයා ඇයි මේ විදියට දුම්රිය දෙපාර්තමේන්තුවට මඩ ගහන්නේ...? ලංකාවේ කෝච්චි ඔහොම වෙන්න ​නෑ... ඔයා ඔය කියනවා ඇත්තේ ඉන්දියාවේ හරි බංග්ලාදේෂ් වල හරි කෝච්චියක් ගැන...

    ReplyDelete
  5. මේකත් නිකං කෝච්චියක් වාගේ!!!

    ReplyDelete
  6. @Praසන්ன අයියෝ බය වෙන්න එපා . පොඩ්ඩක් පරක්කු වුන එක තමා වුනේ..

    ReplyDelete
  7. @..ChAnDiKa.. - බොහෝම ස්තූතියි මේ පැත්තෙ ආවට..:D

    ReplyDelete
  8. @මධුරංග - හැටන් වලට කෙලින්ම යන කෝච්චියක නෙවෙයි මල්ලි ගියේ...

    එතන කොල්ලෙක් විතරක් නෙවෙයි කෙල්ලෙකුත් ඉන්නවා..:D

    ReplyDelete
  9. @Prasanna - අපෝ නැ‍තෝ...ඔය කියන්නේ ලංකාවේ කෝච්චියක් ගැන තමයි.

    ReplyDelete
  10. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඔව් අනේ මටත් දැන් හිතෙනවා මේක දිග වැඩි වුනාද කියලා. තව කොටස දෙකකින් ඉවර කරන්න බලන්නම්කෝ...

    ReplyDelete
  11. හික්ස්. එල එල. ඔහොම යං. කතාව නම් මෙගා එකක් වෙයි තමා.
    මාත් ටික ටික මතක් කරනව. මම මේ ගමන ගැන ලිව්ව එක හොයාගන්න ඕනෙ, කොහෙද දැම්මෙ කියල මතක නෑ නොවෑ. :(

    ReplyDelete
  12. අම්මෝ..තවම නුවරටවත් ඇවිත් නෑ නේ..ඔහොම යං ඔහොම යං.අපි එනවා පිටි පස්සෙන්....

    ReplyDelete
  13. ඔන්න ඔයාගේ කතා අහන්න මම ඔය පැත්තට ගොඩවුනා ...

    ReplyDelete
  14. @ මි හරක් පිඩියා - එන්න එන්න. ඔන්න ඊලඟ එකෙන් සිරීපාදෙටම ගියා..:)

    @සන්ජය සිතුවිලි - බොහෝම ස්තූතියි මේ පැත්තෙ ආවට..

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...