expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, August 10, 2011

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 2......

          කෝ...කට්ටිය උත්තර දෙන්නේ නෑ වගේ හරියට..කස්ටිය උත්තර දෙන කල් හිටියොත් මේක ලියන්නත් බැරි වේවි. කතාව දිග වැඩි වුන නිසා කොටස්  කෙරුවනේ. අදම මේ පැත්තට ආපු අය ඒක බලලම එන්නකො...

සිරි පාදේ සමනළ කන්ද පෙනේ 1.....

...................................................................................................................

          මාර වැඩේ වතුර මලක්? කෝච්චියේ? හත්දෙයියනේ...මොකක් වෙලාද?????

කොච්චි ඇන්ජිම  boil වෙලා. ඉස්සරහට යන්න බෑ. කෝච්චිය පස්ස ගහනවා.ඉස්සරහින් අංකල් කෙනෙක් බැහලා කොච්චියෙ බ්‍රෙක් රො කරකවනවා.පිටිපස්සෙ ඒවා කරකවන්න එකෙක්වත් නෑ. ආත්ම ගානකින් ඒවා  පාවිච්චි කරලා නැති නිසා අම්බානකට තදයි.මලයා පැන්න බිමට.අපේ පෙට්ටියේ ඉඳලා පිටිපස්සට තියෙන පෙට්ටි ඔක්කොගෙම බ්‍රෙක් රෝද ටික කැරකෙව්වා. හපොයි ඒවා ඉතිං සුද් කරන ජාතියක් යැයි. මලයාගෙ අත් දෙකම තාර ගෑව වගේ කලුයි.
         
මේ photo එක ගත්තෙ මෙතනින් http://www.dreamstime.com/stock-images-train-brake-image11494344

         දැන් මොනව වෙයිද කියල හිත හිතා බල බලා ඉන්නකොට වටේ පිටේ ගෙවල් තියෙන කට්ටිය ලොකු  බාල්දි, පොඩි බාල්දි, බෝතල් ආදී වතුර එකතු කර ගන්න පුලුවන් හැම එකේම වතුර පුරවගෙන එනවා. මොකෙන්ද දැන් මේ වතුර ගන්නේ. අනේ අහල පහල තියෙන පුන්චිම පුන්චි දොල  පාරකින්. එකෙත් වතුර පොඩ්ඩයි.කොහොමින් කොහොම හරි  වතුරත් පුරවගත්ත කියමුකො. දැන් ආයෙත් අර හිර කරපු බ්‍රේක් බුරුල් කරන්න එපැයි. අපේ මලයා ආයෙත් බැස්ස වැඩට. ඔන්න දැන් ආයෙත් හිමින් හිමින් ගමන් ආරම්භ කලා. අපි ත් අනේදෙවි පිහිටයි කියලා අපේ චිත්ත සන්තානය සනසගත්තා.

      හපෝ....යි.....මොකට සනස ගත්තද මන්දා.ඔන්න ආයෙත් පස්ස ගහනවා. අනේ දෙවියනේ මේ මල මඟුල ආයෙත් boil වෙලා කියහල්ලකෝ.

       වැඩේ හරියන්නෙම නෑ වගේ. ආයෙත් රෝද කරවන්න මලයා සෙට් වුනා. මිනිහත් ඉතිං ඉංජිනේරු සයිඩ් එකේනෙ. ටික වෙලාවකින් බලද්දි ඔන්න බොලේ එන්ජිම නිරුවත් වෙලා...හික්ස්...ඇන්ජිමේ රස්නෙ බස්සනයි හදන්නෙ.සහන් මලයා ගියා ඉස්සරහට. එයා දැන් ඇන්ජිම චෙක් කොරනවා. හරියට මෙයාට හදන්න පුලුවන් වගේ. අපිත් අර මොක්කුද වගේ බෙලි (පළතුරු එහෙම නෙමෙයි හරිද) දික් කරගෙන බලා ගෙන ඉන්නව. 

         ආයෙත් මෙයා ආවා අපි ඉන්න තැනට. දැන් මට කතා කරනවා ඇන්ජිම බලන්න යන්න. ආයෙ ඉතිං හිත හිත ඉන්නේ නැතුව මායි, උදිතයි ගියා ඕක බලන්න.  platform එකක් කියල තියෙනවායැ ඉතිං බිම ඉඳන් බොහොම අමාරුවෙන් නැගලා නිරිවත් වෙච්ච ඇන්ජිම බලා කියා ගත්තා ආයෙත් කවදා දකින්නද.....

       මක් කරලවත් මේකට යන්නනම් බෑ මේ පෙට්ටි ටිකත් ඇඳගෙන. දැන් මක්කැයි කරන්නෙ...

ප.ලි. - මක්කැයි කරන්නෙ කියල ඊලඟට බලමු ඇහ්... මං ඉතින් මේ ජොබත් කරගෙන නෙ මේව ලියන්නේ. එක දිගට ලියන්න බෑ ඒක නිසා. ගෙදර ගිහිනුත් මේක ඉස්සරහ ඉඳ ගත්තොත් අපේ අම්ම දුම්මල වරම අතට ගනියි...:)) අනේ කට්ටිය සමාව බජනය කරන සේක්වා!!!


26 comments:

  1. ටිකයිනෙ අලෝ තියෙන්නේ සමාව බාජනේට දාලා ඒකෙන්ම එකක් දෙන්න හිතයි :D

    ReplyDelete
  2. හික්ස්. බලමු ඊළඟට මොකද උනේ කියල. හැබැයි එන්ජිම බයිල් වෙනකොට වතුර වටේට ගිය හැටි බලන්න ලස්සනයි.

    ReplyDelete
  3. අයියෝ.. කතාවේ හොදම හරියෙන්ම අතාරිනවා නේ.. ඉක්මනටම ඊළග කොටසටත් යමු...:O

    ReplyDelete
  4. @ කිඩෝ - සොරි සොරි හලෝ...වට් ‍ටු ඩූ...:((

    ReplyDelete
  5. මම් ඔහොම ඒවා දැකලා නෑ.කෝච්චි බොයිල් වෙන හැටි.ඉතුරු ටිකත් ලියන්නකූ අලේ ඉක්මනට

    ReplyDelete
  6. කෝච්චියේ මම ගිහින් තියෙන්නේ දෙපාරයි එක සැරයක් අවුරුදු හතරේදී ගියාලු .. ඊටපස්සේ නම් ගිය අවුරුද්දේ එකපාරක් ගියා .

    බලමු ඉතිරියත් ..

    ReplyDelete
  7. ඔන්න මම් ඉතුරු ටික ලියන්න කියලා කියන්නේ නෑ. එතකොට ඒකෙන්ම මට ගහනවනේ. :)
    අම්මෝ කොහොමට හිටීද කෝච්චි එංජිමක් බොයිල් උනාම. තාම ඔයාලා ඉහල කෝට්ටේ හරියේ වෙන්ටෑ. එහෙ තමයි ගොඩක් වෙලාවට පුංචි පුංචි දියපාරවල් තියෙන්නේ.

    ReplyDelete
  8. බෑ අලෝ මේක නම් කරන්න. පටන් ගත්තා විතරයි ඉවරනේ. ලොල්..

    ReplyDelete
  9. නිසූ ඔය ගමනට වෙ එක කෙල්ලෙක් වත්ගියේ නැද්ද ඈ....?

    ReplyDelete
  10. මගුලයි.. අකුරක් අඩු වෙලා... මං අහන්නේ වෙන එක ගෑල්ලමයෙක්වත් ගියේ නැද්ද..?

    (මටත් සමාව භජනය කරන සේක්වා කලිං කමෙන්ට් එකට)

    ReplyDelete
  11. @මධුරංග: හය්යෝ, මේ කඩුගන්නාව හරියෙ. :)

    ReplyDelete
  12. ඉක්මනට ඉතුරු ටිකත් දැමිමනං.

    ReplyDelete
  13. @ චතුමිතූ - එහෙම තමයි නංඟා කුතුහලය දෙන තැනකින් නවත්තන්න එපැයි...;)

    ReplyDelete
  14. @බට්ටි - තැන්කූ නංගි...:))

    ReplyDelete
  15. @නදී - මාත් දැක්කේ එදාම තමා. කෝච්චි බොයිල් වෙනව කියල ඇහුවෙත් එදා තමා... හැබැයි හරි ලස්සන දර්ශනේ මාධව කිව්වා වගේ..

    ReplyDelete
  16. @හිස් අහස - අයියෝ හලෝ. ඒක හරි ෆන් වැඩක් නේ. රෑ වෙලාවක ගාර්ඩ් රූම් එකෙන් එලියෙ හුලං වැදි වැදි යන්න තියෙනවනම් තව බස් මොකටද...:D

    ReplyDelete
  17. @මධුරංග - හික්ස්...ඒකනේ..ඔයනම් ගෙදරට වෙල ශපාන් එකේ ඉන්නවානෙ. අපි ඉතිං වැඩට යන්නත් එපැයි...:((

    නැ නෑ මේ කඩුගන්නාව හරියෙ..

    ReplyDelete
  18. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - මොනව කරන්නද අලෝ වැඩනෙ.

    ReplyDelete
  19. @ගොල්ඩ් fish - හොඳා හොඳා ඔන්න සමාව දුන්න ගන්නො...පලවෙනි කොටස කියෙව්වෙ නැද්ද අනේ... එකේ පැහැදිලි කරලා ඇති ගිය කට්ටිය..

    ReplyDelete
  20. @Praසන්ன - ඉන්ට ඉන්ට දාන්නම්..

    ReplyDelete
  21. @නිසූ අක්කා :
    දන් කොහෙද අප්පා ශපාන් එකක්. අපට විභාග පටන් ගන්නවයි කියලා කියන්නේ. විභාගේ ඉවර වෙච්චි හැටියෙම රස්සාවකට යන්න එපැයි.

    ReplyDelete
  22. මරුවටම ලියල තියෙනවා. එදා ගිය ගමන මට ආයෙමත් මතක් වුණා. පොඩී අඩුපාඩුවක් පෙන්නලා දෙන්න ද...? මට මතක විදිහටනම් කෝච්චිය බොයිල් කරනකොට වතුර අරගෙන ආවේ අහල පහල අය නෙවෙයි. කෝච්චියෙම හිටපු වන්දනා නඩ වල කට්ටිය එයාලම අරගෙන ආපු හට්ටි,මුට්ටි,කල වලට තමයි ළඟ තිබුණු දොල පාරෙන් වතුර අරගෙන ආවේ.

    ReplyDelete
  23. @මධුරංග - හ්ම්....එතකොටනම් ඉතිං නිදහස ඉවරයි...:(((

    ReplyDelete
  24. මේ බ්ලොග්ගේ අහුවුනේ අද නොවැ :)

    ReplyDelete
  25. @..ChAnDiKa.. - ස්තූතියි මේ පැත්තේ ආවට..:))

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...