expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, August 11, 2011

19ක් ම වුනා එහෙනම්...

        අද මගේ එකම නඟාගෙ උපන්දිනේ.මධුරංග මලයට ඉන්නෙත් එකයි වගේම මටත් දුකට සැපට ඉන්නෙ මෙච්චරයි. මොන වැඩ තිබුනත් ඒකට සුභ පතන්නෙ නැතුව ඉන්නේ කොහොමැයි.මේ එයා වෙනුවෙන් මගේ හිතේ පහළ වුන දේවල්.

 .....................................................................................................................

දයාබර නැගණියේ........
 
        අම්ම මගෙන් අහනකොට "දුවට ඕනේ නංගියෙක්ද මල්ලියෙක්ද?" කියල, මං කිව්වා මල්ලියෙක් කියලා.ඒත් ආවෙනම් නංගියෙක්. නුඹ බඩ ඇතුලට වෙලා ඉන්නකොට අම්මත් එක්ක එකතු වෙලා එන එකා මොකා වුනත් කමක් නෑ කියලා නම් තේරුවා. එන්න ඉන්නෙ මොකෙක් වුනත් මහම මහ දඟ මල්ලක් කියල තේරුනේ බඩ ඇතුලෙ ඉඳගෙනම දඟලන්න ගිහින් පෙකෙනි වැල බෙල්ලෙ ඔතාගෙන තව පොඩ්ඩෙන් මට පෙන්
නෙම නැතුව යන්න හදනකොටයි.
වාසනාවකට මේ ලොකේ එලිය බලන්න නුඹට ඉඩ ලැබුනා.ඒ අද වගේ දවසකයි.




        එදා ඉඳන් මේ අක්කා  හිටියෙ මාරම සන්
‍තෝසෙකින්. උකුලෙ තියාගෙන නලවන්න, අම්මා නැති වෙලාවට බලාගන්න,  නොකා ඉතිරි කරන අල තම්බපුව එහෙම කන්න වැඩත් ගොඩයි.බාප්පා "අඟුරු කැටේ" කිය කිය නොතේරෙන නුඹට විහිලු කරනකොට තරහ ගියේ මටයි. පොඩි කාලේ බේත් පොවන්න යනකොට  බෑගිරි දිදී අඬන හැටි නොපෙනෙන්න මං යනවා වත්තෙ කොනටම, නැත්නම් නුඹටත් වඩා හයියෙන් මට ඇඬෙන බව මං දන්න නිසයි.

        ඔය මොනව වුනත් පොඩි ඉරිසියාවකුත් නොතිබ්බම නෙවෙයි. අවුරුදු 7ක්ම තනි බුක්තියට සින්න වෙලා තිබුන අම්මාගෙයි, තාත්තගෙයි ආදරේ දෙකට බෙදුනනෙ. උපරිමයට තද වුන වෙලාවටනම් අනේ මේකා එපෝ..කියලත් නොහිතුනම නෙවෙයි.ඒත් ඉතින් ටිකකින් ඒවා ඉවරයි. අම්ම බත් කවනවාට වඩා සමහර වෙලාවට මං බත් කවනවට නුඹ ආස වුනා. එතොකොට මං ඒක කොච්චර කරදර වැඩක් වුනත් හරි ආසාවෙන් කවනවා.

        කාලය ගෙවිලා ගිහින් අද නුඹ මටත් වඩා උස මහත කෙල්ලෙක් වෙලා. ඒත් මට නුඹ තමාත් අර පුංචි දඟකාර, කටකාර නැගණියමයි. සමහර වෙලාවට මටත් වඩා නුඹේ හිත හයිය බව මට දැනුනා. ඒ වෙලාවට මට නුඹ ශක්තියක් වුනා.

        මේ ගෙවන්නේ නුඹේ ජීවිතේ එක් කඩඉම් කාලයක්. උසස් පෙළ විභාගය. ඉතිං ඒ කඩඉම පසු කර සාර්ථක ඉදිරි ජීවිතයක් ලබන්න නුඹට හැකි වේවා. සුභ උපන්දිනයක් වේවා.....

මේ
නුඹේ එකම අක්කණ්ඩි..

40 comments:

  1. නිසුගේ නංගිට සුබ උපන්දිනයක් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. කේක් එක කපන වෙලාවට කියනකෝ.තැගිත් අරන්ම එන්නම්....!!!
    නිසුට වගේම මටත් ඉන්නේ එකම එක නංගියෙක් තමා. එත් එයාට නංගි කියනවට වඩා මගේ නැන්දම්මා කියන එක තමා හරි..:D

    ReplyDelete
  2. වාසනාවන් ... මෙහෙම අක්කියෙක් ලැබීම.
    සුබ උපන්දිනයකට අපිත් ආසිරි පැතුවා කියල කියන්ටකො එහෙනම් ..

    ReplyDelete
  3. @Waruna M Ritigahapola - කපනවානම් කේක් කපන්න වෙන්නෙ ඉතිං විභාගෙ ඉවර වෙලාම තමා. කියන්නම්කො කැපුවොත්.
    හික්ස් අපේ එක්කෙනත් ටිකක් ඒ වගේ තමා හරි නීති...:)))

    ReplyDelete
  4. @මහසෙන් - බොහොම ස්තූතියි. මං කියන්නම්කො එහෙනම්..

    ReplyDelete
  5. නංගියට සුබ උපන්දිනයකට ආසිරි!

    මටත් ඉන්නෙ අක්ක කෙනෙක්,එයා මම් හම්බවෙලා ඉද්දි බලන්න ඇවිත් අඩේ තවත් එකෙක්! කියල උඩ පැන්නලු.අක්කලා ඉන්න එක වාසී ගොඩක්.

    ReplyDelete
  6. @Waruna M Ritigahapola සහ මහසෙන් / - ඔය දෙන්නා මේ පැත්තට ආවමයි නේද? ආවට ස්තූතියි...

    ReplyDelete
  7. @නදී - බොහොම ස්තූතියි අක්කේ. හ්ම්..මට අක්කෙක් නෑ නෙ. මට ඒක නිසා ඒක තෙරෙන්නෙ නෑ. :(

    ReplyDelete
  8. නංගීට සුභ ම සුභ උපන් දිනයක් වේවා . .. !

    ReplyDelete
  9. නිසූ අක්කගේ නංගිට මුලින්ම සුබ උපන්දිනයක් වේවා කියලා පතන්නම් !!!! අර මොකෑ නංගා පොඩි කාලේ පෙකනිවැල බෙල්ලේ ඔතන් ආවයි කියන්නේ. ඔන්න ඕකම තමයි මටත් පොඩි කාලේ උනැයි කියලා කියන්නේ. මාත් ඔහොම කෝලමක් පොඩි කාලේ දාලා ඉපදුන ගමන්ම අයිසියූ එකේ හිටියයි කියලා අපේ අම්මා මට කියලා තියෙනවා.

    අක්කා මේ කතාව කිව්වම මට මගේ ඒ කතාව මතක් උනා.

    ReplyDelete
  10. @ නිසුපා - මම නම් comment කරෙ පලවෙනි වතවට තමා. follow කරෙත් මිට ටික දවසකට කලින් තමා. ඒත් ඉස්සරලම ඔයාගෙ බ්ලොගියට ආවෙ "ආයෙත් අවෝ" පොස්ට් එක බලන්න. කොහොම උනත් හරි අවදානයකින් නේද ඉන්නේ බ්ලොගියට එන්නේ යන්නේ කවුද කියලා...:D

    ReplyDelete
  11. සුභ අනාගතයක් පතනවා...

    ReplyDelete
  12. නගාට සුබ උපන් දිනයක් මම ත් පවතනවා ....!!!

    අක්කා සහ නගාට මම තවත් වාසනාවන්ත අනාගතයකුත් පතනවා ..........

    ReplyDelete
  13. නංගිට (මටනං අක්කට) සුභම සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  14. අප්පටසිරි. මට මේක අමතක වෙලානෙ. හය්යෝ, සොරි හොඳේ. ඔන්න මමත් විෂ් කලා කියන්න.

    ReplyDelete
  15. නංගියට සුබ උපන්දිනයකa වේවා

    ReplyDelete
  16. සුභ උපන් දිනයක් වේවා නංගෝ.
    ඔයා හරි වාසනාවන්තයි මේ තරම් ආදරේ තියෙන අක්කියෙක් ලබන්න.

    ReplyDelete
  17. නිසුපා අක්කේ නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා. ඇත්තටම නංගියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් හොදයි කියල මට හිතෙන වාර අනන්තයි. කොහොම හරි මට ඉන්නේ අක්කලයි අයියයි විතරයි. ඉතින් ඒ කාගේත් මල්ලි මම තමයි. කොහොම උනත් එකත් හොදයි.

    ReplyDelete
  18. ඔන්න මගෙනුත් සුභ පැතුම්.
    කෙල්ලො වයස කියන්න අකමැතී කිව්වට ඔය කියල දාල තියෙන්නෙ අක්ක නඟෝ දෙන්නම. හි හී..

    ReplyDelete
  19. නංගිට මාත් සුභපැතුවා කියන්න නිසූ. මටත් ඉතින් මරා ගන්න හරි ඉන්නෙ එක අක්කයි. එයත් තව ටික දවසකින් වෙන කැදැල්ලකට යනවා. සහෝදරකම කියන දේ නම් හරිම පුදුමයි.

    ReplyDelete
  20. නිසූ අක්කගේ නගාට ඔන්න මමත් සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරා කියන්න. :)

    ReplyDelete
  21. බොහොම හෘදයාංගම ලියමනක්...
    ජය

    ReplyDelete
  22. අක්කා නංගිට බොහෝම ආදරේ වාගෙ! හොඳයි හොඳයි...
    කොහොමත් ඔයා වගේ වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ඉන්න එක නංගි කෙනෙකුට ලොකු වාසනාවක්...

    ඔන්න නංගිට සුභ පැතුවා කියන්නකෝ!

    ReplyDelete
  23. @දුකා - බොහෝම ස්තූතියි අයියේ....

    ReplyDelete
  24. @බොහෝම ස්තූතියි මල්ලි.
    ඔව් ඔව් එයා පෙකනිවැල බෙල්ලෙ ඔතාගෙන තමා ආවේ. හැබැයි හොඳ වෙලාවට අයි.සී. යූ. නම් හිටියෙ නෑ.

    ReplyDelete
  25. @Waruna M Ritigahapola - ඔව් ඉතිං පොඩ්ඩක් අවදානයකින් ඉන්නේ. තාම අලුත් නේ බ්ලොග් කෙරුවාවට....:))

    ReplyDelete
  26. @ගෝල්ඩ්fish ,වේලාව ලගයි , කිඩෝ - බොහෝම ස්තූතියි..

    ReplyDelete
  27. @මාධව - ඔන්න නංගි කියන්න කිව්ව පහු පහු වෙනකොට කොහු කොහු වෙනව නේද කියලා..:D

    ReplyDelete
  28. @සුදු හංසි - බොහෝම ස්තූතියි නංගි..

    ReplyDelete
  29. @ batti - බොහෝම ස්තූතියි නංගි..
    ඔව් එයත් ඒක දන්නවා...:))

    @ NNK - බොහෝම ස්තූතියි මල්ලි. ඔව් ඒකත් හොඳයි තමයි. එතකොට හැමෝම අනේ පොඩි මල්ලි කියල හරි ආදරෙන් ඉන්නවානෙ.

    ReplyDelete
  30. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - බොහෝම ස්තූතියි. හිකිස්..මං නම් වයස කිව්වා තමයි.. ඒත් නංගිගෙ වයස කිව්වෙත් මම ම නේ...:D

    @පිණිබිඳු... - බොහෝම ස්තූතියි ලකියෝ. අප්පා අක්කා බදිනවද. මාත් සුභ පැතුවා කියන්න. මට තාම මතකයි මගේ මුල්ම සමරු පොත දුන්නෙ ඔය දෙන්නා. මුලින්ම ඒකෙ ලිව්වෙත් ඔය දෙන්නා...

    ReplyDelete
  31. @ ප්‍රාර්ථනා - බොහෝම ස්තූතියි නංගි මන් කියන්නම්

    @ තිස්ස දොඩන්ගොඩ - බොහෝම ස්තූතියි අයියා මේ පැත්තෙ ආවට..

    @ ගීතක - බොහෝම ස්තූතියි අයියේ. හ්ම්...ඔව් ඉතිං මටයි කියලා ඉන්නෙ ඔච්චරයි නොවැ.

    ReplyDelete
  32. ගෑණු ළමයින්ගෙ වයස කියන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද ? හෆෝ මෙහෙමත් අක්කෙක්. එක දවසක් කලුයි කිවුවා. තව දවසක් සැරයි කිවුවා. දැන් Top Secret එකත් එළියට දාල

    ReplyDelete
  33. @Chanaka Aruna Munasinghe -හික්ස්...නඟා නම් මුකුත් කීවේ නෑ මට වයස කිව්වා කියලා...:D

    ReplyDelete
  34. අදට හරියටම මාසයක්... පරක්කු වෙලා හරි සුභ අනාගතයක් වේවා පතන්නම්... විභාග ප්‍රථිඵල හොඳ වෙන්නත් පතන්නම් ඒ අතරම...

    ඔයාගෙ හිතේ ඔය තියෙන කැක්කුම් ඔක්කොම මගෙ ලොකු දුවගෙ හිතෙත් තියෙනබව දන්නවා එයාගෙ නංගි ගැන.. ඉරිසියාවත් තියෙනවා.. ඒ එක්කම එයා ඉස්සරහට යනවට ලොකු කැමැත්තකුත් තියෙනවා... :)

    මගෙ බ්ලොග් එක පුරාවටම ඒ දෙන්නගෙ විකාර තමා ලියවෙන්නෙ.. මම ඉතින් වෙන මොනා ලියන්නද?

    ReplyDelete
  35. @තනෝජා රාජපක්‍ෂ - බොහෝම ස්තූතියි අක්කෙ සුභ පැතුවට.

    මමත් පුන්චි කාලේ හරිම ඉරිසියයි.ඇයි ඉතිං එයාටනෙ සැලකිලි වැඩි.මාත් ප්‍රාර්තනා කරන්නෙ එයා මට වඩා ඉදිරියට යන්න ඕනෙයි කියලා. ඒ වෙනුවෙන් පාර හදලා දෙන්නත් මං බලාගෙන ඉන්නෙ.

    මං අක්කගෙ බ්ලොග් එක පැත්තෙත් ආවා..:)

    ReplyDelete
  36. මාත් අෆේ අම්මාගෙන් ඉල්ලව්වෙ නංගියෙක්..ලැබුනෙ මල්ලියෙක්.. අවුලක් නැ තිං :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..... මටත් කිසිම අවුලක් නෑ...:D

      Delete
  37. මට නැහැනේ නංගියෙක් :((

    ReplyDelete
  38. සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! පරක්කු උනාට කමක් නෑනේ!

    ReplyDelete
  39. අක්ක පිටි පස්සෙ හැංඟිලා බලං ඉන්නෙ... හි හී.. අක්ක හරි චණ්ඩියෙක් කියල නංඟී හිතාගෙන ඇත්තෙ... ලොල්
    නංඟියගෙ 20 වෙනි උපන් දිනේට මං දැන්මම සුභ පතනවා ඔන්න... මං තමයි මුලින්ම ඒකට සුභ පැතුවේ :)

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...