expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, September 28, 2011

පැන්නා නේද?....

             කොහෙන්ද අප්පේ දැන් මං කතාව පටන් ගන්නෙ....මාර ප්‍රශ්නයක්නෙ ඒක. :O එක එක විදි වලින් පටන් ගන්න බැලුවා.හරි ගියේම නෑ නෙ.ඔන්න ඔහේ ඕන එකක් කියලා පටාන් ගත්තා විකාර විදිහකට.දැන් මේ මොකෙන්ද මං පනින්න කතා කරන්නෙ.කියමු බලන්න කට්ටිය.....ගහකින්...??  පන්තියකින්...?? නෑ නෑ අනේ මේ බස් එකකින්.හික්ස්....ඔව් ඔව් මේ මං තමා පැන්නෙ...:D. 




               හා හා පුරා කියලා ගමනේ යන බස් එකකින් මං එලියට පැන්නෙ දහය වසරේ ඉන්න කොට.මගේ සිංහල දැනුම මදියි කියලා හිතපු අපෙ අම්මා මාව මං බෑ කියද්දි දැම්මා නොවෑ සිංහල පන්තියකට.අඟහරුවාදා  හවස තමයි පන්තිය.මිස්නම් සිංහල වලට දෙයියා.ඒත් අපිට ඉතිං ඕවා අදාල නෑ නෙ.පන්තිය පටන් අරන් පැය බාගයක් විතර යද්දි පන්තියෙන් භාගයක් විතර නිදි.මාත් ඔය ගොඩේම තමයි.නින්ද යනවට ඇස් වල වතුර ගාන එක තමයි නිදි මතට ප්‍රතිකර්මය වුනේ.මොන ඒත් නිදි.....

               පන්තිය තිබුනේ පාදුක්කෙ.ගෙදර එන්න තව බස් එකක එන්න ඕනෙ.වැඩි දුරක්නම් නෑ.ඒත් ඉතිං පයින් එන්නත් බෑ.වෙලාව හවස හයට  විතර ඇති.බස් එකේ සෙනඟ සූ....ගාලා.පොල් පටවලා වගේ.මොනවා කරන්නද යන්නත් එපැයි.තනි දොරේ බස් එකට නැගලා දොර ගාවටම වෙලා හිටියා.පිටිපස්සටම ගියානම් බහින්න එනකොට මිනිසුන්ව පෙරලගෙන, ලස්සනම ලස්සන වචන ටිකකුත් අහන්න වෙනවා.ඊටත් වඩා බහින්න පරක්කු වුනාම කොන්දාගෙනුත් ලුනු ඇඹුල් සහිතව අහගන්න වෙන එක ෂුවර්.

             ඔය දහසකුත් එකක් දේවල් මැද්දෙ තැලී පොඩි වී මං යනවා කියමුකො.ටික දුරක් එද්දි මට දැනෙනවා පිටිපස්සෙන් කොල්ලෙක් මට හේත්තු වෙන්න එනවා.ජැක් කාරයෙක් වගේ.නංගිට තරම් මට ගටක් නැති නිසා පිටිපස්ස හැරිලා පුලුවන් තරම් උපරිමයෙන්  රැවුවා.ම්හ්....ගනන් ගන්නෙවත් නෑ.පුලුවන් තරම් දොර ලගටම වුනා.ඒ හරියෙ තමයි ටිකක් හරි ඉඩ තිබුනේ.ඒත් නෑ මේකත් එනවා ඇගටම.

             මේ වෙනකොටනම් ඉවසීම කියන එකේ සීමාවක් හොයන්නවත් නෑ.ඇයි යකෝ මුන්ට ගෑණියෙක් හොයාගන්න බැරිද?බස් එකත් මේ වෙනකොට මීපෙට ඇවිත් නවත්තන්න කියලා හිතාගෙන ස්ලෝ කරනවා.ආයෙ මොනවද දෙපාරක් හිතුවෙ නෑ පැන්නා බස් එකෙන් එලියට..:D.කොන්දා කෑ ගහන්න ගත්තා.මම මට නෙවෙයි වගේ පාරත් පැනලා ගෙදර ගියා.


              වෙනදටනම් ඔහොම එකක් වුනොත් ගෙදර ගිය ගමන් අම්මාගෙ කනේ තියනවා.ඒත් ඉතිං මේක කිව්වොත් බස් එකෙන් පැන්නා කියලත් කියන්න වෙනවානෙ.එතකොට ඉතිං ලෝස් නැතුව බැනුම් රාශියකට ලක් වෙන්න සිද්ද වෙනවානෙ.රෑ වෙලා අපේ තාත්තන්ඩි ආවා.ගෙට අඩිය තිබ්බා විතරයි මෙන්න බොලේ අහනවා "චූටි දුව අද බස් එකෙන් පැන්නද?" කියලා.හුටස්පරයයි තාත්තට දිවැස් තිබිලාද?

              ඔන්න එතකොට අම්මා පටන් ගත්තා දේශනාව වැටිලා අන්ඩක්වත් කඩා ගත්තානම් එහෙම කියලා.ඒ වුනාට වෙලාවට කැඩුනෙ නෑ නෙ.:D.තාත්තට විස්තරේ කියලා තියෙන මීපෙ ත්‍රීවීල් පාර්ක් එකේ කට්ටිය.කවුද දන්නෙ ඉතිං තාත්තාව වගේම මාවත් දන්නවා කියලා ඒ කට්ටිය.



              තාත්තානම් බනින්නෙ නැතුව ආයෙත් පාරක් බස් එකකින් පනිද්දි හරියාකාරව පනින්නෙ කොහොමද කියලා කියල දුන්නා.අපේ කට්ටියටනම් ඉතිං මේකෙ උගන්නන්න දෙයක් නැතුව ඇති.විසේසයෙන් අපේ කොල්ලො ටිකට නේද...? ඒත් ඇයි ඇත්තටම එහෙම කරන්න ඕනෙ.භෞතික විද්ද්‍යාව කල අයනම් දන්නවා ඇති නේ.


              බස් එකක් ඉස්සරහට යනකොට බස් එක ඇතුලෙ අපි ගමන් කරන්නෙ නැතුව ඉන්නවා කියලා පෙනුනට බිම ඉදන් බලන කෙනෙක්ට බස් එක යන පැත්තටම අපේ වේගයක් තියෙනවානෙ(මේකට කියන්නෙ සාපේක්ෂ ප්‍රවේගය කියලානෙ).ඉතිං බස් එක නවත්තන්න කලින් බිමට පනින්න යනකොට අපිටත් ඒ වේගෙම ඉස්සහරට තියෙනවා.එතකොට අපි බහින්න ඕනෙ මුන ඉස්සරට හරවගෙන.එතකොට අර අපිට තියෙන වේගෙත් එක්ක ටිකක් ඉස්සරට දුවලා නතර වෙන්න පුලුවන්.





               හරි අපි හිතමු අපි වෙන පැත්තකට පැන්නා කියලා.උදාහරනෙකට පිටිපස්සට පැන්නා කියලා හිතමු.අපේ කකුල හදන්නෙ පිටිපස්සට යන්න ඇඟ හදන්නෙ ඉස්සරහට යන්න.මොකද වෙන්නෙ ඉතිං දඩින් බිඩින් දොඩන් තමයි.:D.නිකම් වැටිලා බේරුනොත් එකක් බැරි වෙලාවත් පොඩ්ඩක් එහා මෙහා වෙලා රෝදයක් ඔලුව උඩින් ගියොත් ආයෙ ඉතිං එතනම තමයි..:((

                  මාත් ඔය පලවෙනි පැනීමෙදි ඕක දැනගෙන හිටියෙ නෑ නොවැ තාත්තණ්ඩි කියනකල්ම.මං එදා පැනලා තිබුනෙ මෙහෙමයි.



                           මගේ වෙලාවට බස් නවත්තන හරියෙ වෙන මුකුත් නෑ.නැත්නම් මාත් බිම ඩොයි.කින්ඩිත් ගොඩයි...:)))
ප.ලි.
දැන්නම් යම් තාක් දුරකට ගමන් කරන බස් එකකින් පැන්න හැකි.ඒත් ඉතිං පිරිමි ලමයි වගේ නම් බෑ.තවත් බස් පැනිල්ලක් සහ ඒ නිසා වෙච්ච හුටස්පරයක් එක්ක හමු වෙමු...:D

47 comments:

  1. අනේ බලන්න අපේ නිසුපා අක්කත් ඒ කාලේ කරලා තියෙන දේවල් :D
    ඔය බස් එකෙන් පනිනකොට ඉස්සරහට විසිවෙන්නේ ඇයි කියන එක ඔ'ලෙවල් විභාගේ විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීමට තිබ්බා..හිකිස්‌ , ඒවා අද වගේ මතකයි :D

    ReplyDelete
  2. බස් එකේ යද්දි කොල්ලො පනිනවනෙ ඔය විදියටම.මටත් මාර ආසාවක් තිබ්බෙ බස් එකකින් පනින්න.දවසක් පැන්න ටිකක් ස්ලෝ වෙද්දිම.එච්චරම අවුලක් උනේ නෑ.පස්ස නොබලා යන එකයි තියෙන්නෙ පැන්නට පස්සෙ.

    ReplyDelete
  3. [[ නංගිට තරම් මට ගටක් නැති නිසා පිටිපස්ස හැරිලා පුලුවන් තරම් උපරිමයෙන් රැවුවා.]]

    ඇත්තනෙ , සිංහල දැනුම මදි තමා. සිංහල හොඳට දැනන් හිටියනම් හොඳවයින් දෙකක් කියන්න තිබ්බනෙ

    ReplyDelete
  4. බස් එකෙන් පනින එකනං ඊ්සි ගේමක්.. අවුරුදු ගානක් ඉස්කූල් බස්වල ගිය සීසන් කාරයෝ වෙච්ච අපිව කවදාවත් නවත්තලා නග්ග ගන්නෙ නැහැනේ.. ඒ හින්දා නගින්නෙත් හයියෙන් යන ඒවාට..බහින්නෙත් ඒ විදියටම තමා.. හැබැයි ඒ පුරුද්ද අපතේ ගියේ නැහැ.. ගුවන් හමුදා පුහුනුවේදී පැයට කිලෝ මීටර හතළිහකට ආසන්න වේගයකින් ධාවනය වන ලොරියකට ගොඩ වෙන්නයි.. ආයෙම ඒකෙන් පනින්නයි තියෙන කොටස මං අනිත් උංට වඩා බොහෝම පහසුවෙන් ගොඩ දාගත්තේ ඔය හැකියාවට පිං සිද්ධ වෙන්න...

    ReplyDelete
  5. මෙහෙම නේ බස් එකේන් පනින කොට බස් එක යන පැත්තටම දුවන්න ඕනා. එලියට පැන්නා බස් එක යන පැත්තට ටිකක් දිව්වා. ඔහොමයි බස් පැනිලි. බස් එකට එල්ලෙනකොට ඕකේ අනිත් පැත්ත. බෑ එකේ වේගට ආසන්න වේගයක් එනකන් දිව්වා බස් එක අල්ලගත්තා ඉස්සුනා.

    කෝච්චියෙන් පනින හැටි නම් දන්නේ නෑ. මම් අන්ඩකුත් කඩා ගත්තා පනින්න ගිහින්.

    ReplyDelete
  6. අඩේ එතකොට නිසූ පැනලා තියෙන්නේ ෆිසික්ස් වලට අනුව. හිහි... මං තුන වසරෙදි ෆිසික්ස් දන්නේ නෑනේ... ඒක නිසා අම්මටයි මල්ලිටයි සීට් එකක් අල්ලන්න හිතාගෙන ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නගින්න ගිහිං අනිත් පැත්තට වැටුනානේ... වෙලාවට පිටේ ලොකු පොත් බෑග් එකක් තිබුනේ... නැත්තං මගේ ඔළුව...

    ReplyDelete
  7. මගෙ අයිති කාරයාගේ උරහිසේ ලොකු කැළලක් තියෙනවා..දවසක් මම ඔය ගැන අහද්දි මහා ලොකු හපන් කමක් කොරලා වගෙ කියෙව්වෙ බස් එකෙන් පනිද්දී කලුක පැටලිලා වැටිලා...පේනවනෙ පැනිල්ලෙ තරම...

    අනේ නිසුවො...දිල් නම් පැනිල්ලෙන් තොරයි...බෙල් එක කැඩෙනකම් හරි ගහනවා බස් එක නවත්තනකල්...බැන්නොත් කොන්දටත් බැනලම බහිනවා....

    ReplyDelete
  8. නඟා මේ පාර දෛශික පාඩමක් වගේ.........

    ReplyDelete
  9. හෙහේ අපිට නං ඕක සෑහෙන්න පුරුදුයි.. ඒ වගේම ෆුට්බෝඩ් යන්න හෙන උණක් තිබ්බේ...
    පොලිස් මාමලාගේ සුවීට් වේවැල් පාර එහෙම කාලා කියෙනවා පස්ස පැත්ත දෙක වෙන්න...
    කෙල්ලො නම් බහින්නෙම ඔහොම තමා. වලකට බහිනව වගේ.. හික්ස්.

    ReplyDelete
  10. වේගෙන් යන බස්වලින් නොවුණත් මමත් අද්දන බස්වලින්නම් පැනලා තියනවා.
    හොඳ තාත්තා කෙනෙක්. ජීවිතේට නියමෙට මුහුණ දෙන්න උගන්නලා

    ReplyDelete
  11. පැනලා තිබේ . බැනුම්ද අසා තිබේ . ඔය වෙලාවට ෆිසික්ස් මතක් වෙන්නේ නැහැනේ . දැන් නම් ඔව්වා කරන්න බයයි. අන්ඩක් කැඩුනොත් ළමයින්ට කරදරේ නිසාය . පාර පනින්නේත් නිත්යානුකුලාවය

    ReplyDelete
  12. @ChammA - ඒකනේන්නම් මල්ලියෝ...තව වැඩක් ඊලගට ලියන්නම් බලන්නකෝ.
    එහෙම මතක තියෙන එක කොච්චර හොදද?

    @නදී - හරියට හරි මං නෙවෙයි වගේ යන්නයි තියෙන්නෙ.මටත් දැන් ටිකක් විතර පුරුද්දට ගිහින් ඕක.හැබැයි හීල්ස් දාගෙන පනින එකනම් බයානකයි.

    @Chanaka Aruna Munasinghe - අනේ අම්මේ.... සිංහල බැරුව නෙවෙයි අයියේ.බය තම තියෙන්නෙ.

    @මාරයාගේ හෝරාව - ඔයාලටනම් ඉතිං ඊසි කියලා අහන්නත් දෙයක්ද..ඒත් ඉතිං අපි පැන්නොත් කතා ගොඩයි නෙ.අපිත් සීසන් කාරයෝ තමයි.වෙලාවට අපේ ගෙවල් පැත්තෙන් යන CTB එකේ අපි නිත්‍ය සාමාජිකයො.ඉතිං කොච්චර සෙනඟ හිටියත් ඩ්‍රවර්ගෙ සීට් එක ලග දොරෙන් හරි ඇතුලට ගන්නවා.හවසට ස්කූල් බස් තමයි.

    @මධුරංග - ආන්න හරි ඒක තමයි ටෙක්නීක් එක.
    අනේ අම්මෙ.................මලයෝ කෝච්චි වලින් නම් පනින්න එපෝ....බැරි වෙලා අඩිය මිස් වෙලා යට ගියොත් ඉවරනෙ...:((

    ReplyDelete
  13. හප්පා මමනම් අනන්තවත් බස් එකෙන් පැනලා ඇති.. 8-9 පන්ති වල කාලෙද කොහේද මුලින්ම බස් එකෙන් පැන්නේ...

    තනි දොර බස් කචල්.. ඒ නිසා මම නම් කවදාවත් තනිදොර නගින්නේ නෑ... අනික 138 තනිදොර බස් කොහොමත් නෑනේ....

    ReplyDelete
  14. @Prasanna - අලේ නෑ අනේ.ඒ දවස් වල මොන පිසික්ස්ද?පස්සෙ ඉගෙන ගත්තාම තමා තේරුනේ මේකයි සීන් කෝන් එක කියලා.
    අන්න පොත් බෑග් වල ප්‍රයෝජන..:D.වෙලාවට හැබෑට ඒක තිබුනෙ.

    @දිල් - කියලා වැඩක් නෑ අක්කෙ නියම පැනිල්ලක් වෙන්න ඇති ඒක.

    ඔව් මාත් හදිසියක් නැත්නම් පනින්නෙ නෑ.ඒත් හුගක් වෙලාවට ඊලගට යන්න තියෙන බස් එක ඉස්සරහ තියෙනව දැක්කොත් ඉබේම පැන්නෙනවා.

    @Enemy - ඒ වගේ තමයි නේද අයියේ..:)))

    @පැණි දොඩම් - කොල්ලෝ ගැන කවර කතාද. අපිටත් ෆුට්බෝඩ් පිස්සුව තිබුනා.ඒත් ඉතිං ඕවා අපිට තහනම් වැඩනෙ.ඒ නිසා ගියේ දර ගාවම පොලු දෙක අල්ලගෙන.ඒ ගැන කතාවකුත් දාන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ale na ale? aah nangi monawa karanna gihinda diwa kapa gaththe? kallal la bollal mola hullak kalallala ale mal lal la dha?

      Delete
  15. @නලිනි චන්දිමා - ඊලග කතාව අද්දන බස් එකකින් පැනලා වුන එකක් ගැන අක්කෙ.
    ඔව් අක්කෙ අපේ තාත්තා එහෙම තමයි.තාත්තට කියන්න පුලුවන් "මං මලක් මෙන් නුඹ නොහැදුවේ පෙති හැලී පොඩි වෙන නිසාම්යි" කියලා.

    @Bindi - මං නම් වැඩිය බැනුම් අසා නැත.මටත් ඒ වෙලේනම් මතක් වෙන්න දැන ගෙන හිටියෙත් නෑ අක්කෙ.පස්සෙ තමයි ඕව හිතුනෙ.
    ඔව් ඔව් ලමයි හමබ වෙන්න කලින් තමයි ඕව කරන්න ඕනෙ.නැත්නම් ලමයි පව්.

    @Dinesh - ඔයත් ඉතිං කොල්ලෙක්නේ.:D

    මක් කරන්නද අනේ වග පාදුක්ක බස් වැඩි හරියක් තනි දොරනේ. :(

    ReplyDelete
  16. කොල්ලන්ට බස් වලින් පනින්න උගන්නන ඕනි නැති බව හැබෑව..ඒත් මගෙ යාළුවෙක් අපි සෙට් එකම මියුසිකල් ශෝ එකක් බලලා උදේ පාන්දරම එනකොට අපේ වෙලාවට නැවත්තුවා කොළඹ බදුල්ල එළවළු ගෙනාපු ලොරියක් රත්නපුරේදි..අපි ලොරිය පිටිපස්සෙ ආවෙ. අපේ හෝල්ට් එකෙ නවත්තන්න ස්ලෝ කරද්දි අපෙ යාළුවෙක් පැන්නෙ නැද්ද අපි එපා කියද්දි..අනේ වැටුනා ගෙම්බා පොලවෙ ගැහුවා වගේ..සැහෙන කාලයක් තුවාලවලට බෙහෙත් දැම්මා..

    ReplyDelete
  17. අම්මෝ ඇඟ හිරිවැටෙනවා. එකපාරක් ඉස්සරහ පුට්බෝඩ් එකෙන් පැන්න පාර විසිවෙලා ගිහිල්ලා ලයිට්කණුවහ හැපිල බේරුණා. දෙවනි පාර අපි බලා ඉදිද්දිම පිටිපස්සෙ දොරෙන් පැනමු මනුස්සයෙක් බස් එක යටට විසි වුනා. බස් එක ගියා ඇඟ උඩින්. ඉතිරි ටික කියන්න ඕන නැහැනෙ. පනිනවනම් කල්පනාවෙන්.

    අනික ඉතින් ඔයාල මොකටද බස්වලින් පනින්නේ :P

    ReplyDelete
  18. බස් වලින්නම් පනිනව අඩුයි ඒත් කෝච්චියෙන්නම් නිතරම පනිනව ඔතනදි තව වැදගත් දෙයක් තමයි බස් එක පැත්තෙ තියන කකුල ඉස්සෙල්ලම බිම තියන්න ඔන නැත්නම් කකුල පැටලිලා වැටෙන්න තියන ඉඩකඩ වැඩීයි.

    ReplyDelete
  19. හෙහ් හෙහ් මරු පැනිල්ල ........... :

    ReplyDelete
  20. පිසික්ස් දැනුම ඕනේ තරමටම අක්කා කියලා තියනවානේ... ඔවා කොච්චර දැනගෙන උන්නත් බස් එකකින් පැනලා නම් පොඩ්ඩක් තුවාලත් කරගත්තා... එත් දවසක් කොච්චියෙන් පැනලා නම් ඉතින් මුකුත්ම උනේ නැ ඔන්න මොකද ඒ තරම් වේගයක් ඒ වෙලාවේ කොච්චියට තිබුනේ නැ

    ReplyDelete
  21. ඕක කරලා බලනකන්ම හරි යන්නේ නැහැ...තියරිය ඇඟට දැනෙන්නනම් පැනලම බලන්න ඕන...:)

    ReplyDelete
  22. අපිත් ඔය බස් වලින් පැනීමේ හා ෆුට් බෝඩ් එකේ එල්ලිලා යාමේ සූරයෝ තමයි. මතක් වෙනකොටත් දුකයි ස්කෝලෙ කාලෙ... මොනවා උනත් නිසූ අක්කා අනතුරක් නොවී පැන්න එක වටිනවා....

    ReplyDelete
  23. ඇහ් පින්තාලිය හන්දිය කිට්‍ටුවෙන් පැන්නනම් වෙලේ තම්යි,මමනම් ඔය වග පාදුක්ක බස් එකෙන් පැනල තියනවා ඔනතරම් හැබැයි නැවෑත්තුවාම.............

    ReplyDelete
  24. අපෝ මටනම් හරි බයයි..ගස් නගින්නනම් පුළුවන්. බස් වලින පනින්නනම් බෑ...

    ReplyDelete
  25. අනෙ අම්මේ මම නම් ඔය බැරි වැඩ කරන්න යන්නෙ නෑ. නවත්තනකල් බෙල් එක කඩන්න හදනවා. බැරි උනොත් කටින් කෑ ගහලා බස් එක නවත්තගන්නවා.

    ReplyDelete
  26. හික් හික්. :D
    මමත් බස් වලින් පැනීම නම් කරල තියෙනව, නමුත් අනතුරක් වෙලා නෑ, නරකම පැනිල්ල තමයි එක දවසක් පොදු පාසල් බස් එකෙන් මීපෙදි පැන්න එක. බස් එකේ මොකද්ද ලෙඩක් කියල නැවැත්තුවොත් ආපහු අද්දගන්න අමාරුයි කියල, පැනගන්න කීව. ඉතින් 30 ට විතර ගිය වෙලේක තමා පැන්නෙ.
    හැබැයි ඔයිට ඉස්සර ඔය ඔය කිව්ව වගෙ අදාල දැනුම නැති කාලෙ බයික් එකේ පිටිපස්සෙ පැත්තට හැරිල ගිය වෙලාවක (ගෙදර මිදුලෙම තමා 10kmph වගේ වේගෙකින් යන්නත් ඇත්තෙ. :D ) පැනල පපුව හරිය හම ගහ ගත්ත. :D

    ඒක නෙමේ අර බස් එකකට නගින්න ගිහිල්ල උනු කතාවත් කියන්න එහෙනම්. අපි ඉතින් ඇසින් දුටු සාක්කි කාරයොනෙ. :D

    ReplyDelete
  27. බස් වලින් පැනීම නොමිලේ ප්‍රායෝගිකව උගන්වනු ලැබේ කියලා බෝඩ් එකක් ඉස්සරහ එල්ලුවොත් නරක් වෙලා තියෙයි

    ReplyDelete
  28. හොඳ ලිපියක් පොඩි උන්ට.. කොල්ලන්ටනම් ඕක ජන්මෙන් එනවනේ.... එහෙම එන්නෙ නැති කොල්ලොත් ඉන්නවා....

    තව තව හොඳ හොඳ පැනිලි තියෙනවා නිසූපා.. ඔය මාරයාගෙන් වගේ ඇහුවානම් කියයි....

    ReplyDelete
  29. අන්න පිසික්ස්........
    අක්කා සිංහල ටිකක් ඉගෙන ගන්න.... හදිස්සියට ඕන වෙනවා.. සිංහල සාහිත්‍ය තමයි හොදටම දැනගන්න ඔන..... හී හී.....

    ReplyDelete
  30. @Weni - අපොයි ඔයින් ගියා මදැයි.ලොරිය උසයි නෙ බස් එකට වඩා.ඉතිං වැටෙන එක ගැන අහන්නත් දෙයක්ද?

    @..ChAnDiKa.. - අපොයි ඒ මොකෝ හරියට පැන්නෙ නැතෙයි.ඔව් ඉතිං රිස්ක් එකක් තියෙනවා තමයි.ඒකනෙ මාත් කියලා තියෙන්නෙ.

    ඉස්සරහින් ඊලගට යන්න තියෙන බස් එක යනවා දැක්කාම තව විනාඩි දහයක් විතර යනවනම් ඊලග බස් එකත් එන්න පනින්න හිතෙන්නෙ නැද්ද හලෝ..

    @චතුරංග ජයවර්ධන - එතකොට දොර අල්ලගෙන කොහොමද පනින්නේ? අමාරු නැද්ද?

    @The Lion - ඊලග එක ඊට වඩා මරු...:D

    ReplyDelete
  31. @දේවා ගේ අඩවිය - ඕවා දැනගෙන හිටියට ක්‍රියාවට යොදවනකොට එකපාර මතක් වෙනවයෑ නේද?මං නම් පැනලා වැටුනත් තුවාල වෙලානම් නෑ.ඊලග කතාව බලන්නකෝ.
    මං නම් කෝච්චිවලින් පනින්න බයයි.:( කකුල ගියොත් එහෙම ෆැලැට් ෆෝම් එක අස්සෙ ඉවරයි.ඒත් නවත්තන්න කලින් නැගලා නම් තියෙනවා සීට් අල්ලන්න.

    @Sayuri - හික්ස්...ඒකනම් ඇත්ත.ඒත් පනින්න ගිහින් වැටුනොත් එහෙම මාව අහු කරනවා එහෙම නෙවෙයි. හරිද..:)

    @විසිතුරු | visituru - කියලා වැඩක් නෑ ඉස්කෝලෙ කාලෙ නම්.පුදුම ආතල් කාලයක් ඒක.වෙලාවට තමයි මල්ලි ඉසසරහ මුකුත් තිබුනෙ නැත්තෙ.නැත්නම් බිම.:D

    @Nalinda Priyadarshana - ආහ්....අයියත් අපේ ගෙවල් පැත්තෙනෙ එහෙනම්.අදුරාගන්න ලැබීම සතුටක්.
    සහතික ඇත්ත පිංතාලිය හරියෙන් පැන්නානම් වෙල හාලා එන්න තිබුනා.:)

    ReplyDelete
  32. @Gimhani - මටනම් වැඩියම ගස් නගින්න බෑ.පනින එකත් එච්චරම බෑ.:D

    @පිණිබිඳු - අම්මෝ උබ පැන්නොත් බෝලයක් වගේ පෙරලෙයි. ඔය කිව්වට මාත් දැන් ඒ වගේ වෙලා නේද..? ;)

    @Madhawa Habarakada - ඉන්න ඉන්න ඒ කතාව ඔන් ද වේ. :D

    @cjgayan - කොහේ ඉස්සරහද අයියා?ගෙදර ඉස්සරහද...?

    ReplyDelete
  33. @අභීත - මාත් දන්න තරමට කොල්ලන්ට ඕක ජන්මෙන් එනවා.

    මං මාරයා අයියාගෙන් අහලා බලන්නම්.

    @රහස් පරික්ෂකයා - ඒක නේන්නම්.
    සිංහල සාහිත්‍යනම් අවශ්‍ය පමණට තියෙනවා.පුස්නෙ ඒවා එලියට දාන්න බැරි කමයි.:))

    ReplyDelete
  34. අම්මෝ මම නම් බයයි.බස්වලින් පනින්න නෙවෙයි සුනාමිය ආපු දවසේ කොල්ලෙක් මං හිටිය බස් එකේ ජනෙල්ලෙකින් පැනලා දුවපු හැටි මතක් වෙද්දී තාමත් ඇගේ හිරි ගඩු පිපෙනවා.

    ReplyDelete
  35. පලමු වෙනි රූපේ දැකලා මං හිතුවේ කොටු පණිනවා කියලයි.
    මතකනේ අර පුංචි කාලේ කළේ?

    ReplyDelete
  36. @batti - මාවත් අත දරුවා කාලෙ ජනේලෙකින් එලියට අරන් තියෙනවාලු.අම්මා බැහැලා තියෙන්නෙත් ජනේලෙන්.මට ඉතිං ඒ කාලෙ ඕව තේරෙන්නෙ නෑ නෙ.
    අම්මෝ සුනාමි දවසෙනම් කට්ටිය පනපු තැන් හිතාගන්නත් බැරි වෙන්න ඇති.

    @කතන්දර Kathandara - සමහරුනම් තාමත් පනිනවා නේද...හික්ස්....

    ReplyDelete
  37. බස් වල පස්සෙ දොරෙන් පනින එක ඉස්සරහින් පනිනවට වඩා ආරස්සාවයි. පැනපු ගමන් ටිකක් දිව්වනං වැඩේ ගොඩ. අපි කොච්චරනං ටිකට් නොගෙන බස් වලින් පැනල දුවල ඇද්ද!
    ඒ ඒ කාලෙට ඕව නොකලොත් පස්සෙ කරන පොඩි උන්ට හූලනයි දෙස් දෙවොල් දෙන්නයි විතරයි ඉතුරුවෙන්නෙ.

    ReplyDelete
  38. නිසුපා, මෙතන තිබෙන ප්‍රශ්නෙ ලොරිය උස වීම නෙවෙයි. බස් එකේ දොරෙන් පැනලා බස් එක එක්කම සයිඩ් එකෙන් ටිකක් ඉස්සරහට දුවල බැලන්ස් කර ගත්තහැකි. නමුත් ස්ලෝ කරන ලොරියක පිටිපස්සෙන් පැන්නහම බලන්ස් කරන්න කොහෙටද දුවන්නෙ? සහ බිමට කකුල් දෙකම හිටිනව එකපාරටම..එතකොට ඇඟ බැලන්ස් වෙන්නෙ ගෙම්බා පොලවෙ ගැහුව වගේ ඇද ගෙන වැටිලා තමයි..ඔයාගෙ ප්‍රස්තාරෙකට දමල බලන්න ..මොකද වෙන්නෙ කියල..අපි ඕක දන්න නිසයි අර බූරුවට පනින්න එපා කියල කෑගැහුවෙ !

    ReplyDelete
  39. @Weni - ආහ්..පිටිපස්සෙනම් හිටියේ අයියා කියපු වෙන බව අහන්නත් දෙයක්ද.මං හිතුවෙ ඉස්සරහා හිටියෙ කියලා. :D

    ReplyDelete
  40. චිත්තරේ නම් එල අක්කේ

    ජය..

    ReplyDelete
  41. @ඉන්දික උපශාන්ත - හ්ම්.,..ස්තූතියි උපදෙසට.:)))
    ඒකනේ ආයෙත් මේවා නාකි වෙලා කරන්නයෑ.:D

    @Gayan Rupasinghe - ස්තූතියි මල්ලි...:D

    ReplyDelete
  42. මේ කොට්ටක් පෑනපු එකක් ගෑන නෙමෙයි නේද?

    ReplyDelete
  43. Anonymous - අපොයි නැතෝ....බස් එකකින් පැනපු එකක් ගැනනේ..

    ReplyDelete
  44. මම දන්න නංගි කෙනෙක්ට ඔහොම ජැක්සන් කෙනෙක් ජැක් ගහන්න ඇවිත් එයා අත හොඳට නවලා වැලමිටෙන් ජැක්සන්ගේ යට බඩට ඇන්නලු. මිනිහා ඒ වෙලේම දෙකට නැවිලා වගේ අමාරුවෙන් පස්සට වුණාලු.

    මාත් එකෝමත් එක කාලෙක ජැක්සන් කෙනෙක් ගැන කතාවක් ලිව්වා :))

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_02.html

    ReplyDelete
  45. සෑ... ජැකාට සද්දයක් දාන්න තිබ්බේ

    ReplyDelete
  46. @Hasitha - නියම නංගි කෙනෙක්නේ.මටනම් ඔහොම කරන්න හිතාගන්නත් බෑ. ඔයාගෙ ලිපි ඔක්කොම මං කියවලා තියෙනවා.ඒත් මේක මතක නෑ නෙ.ආයෙත් ගිහින් බලන්න ඕනෙ.

    @පිස්සා පලාමල්ල - එච්චර දෙයක් ඒ කාලෙ කරන්න හිතෙන්නෙ නෑ නෙ. අනික තනියමනේ.

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...