මේ දවස් වල බුකියෙ "බ්ලොග් අවකාශයේ මිතුරෝ"ගෲප් එකේ
කස්ටිය බස් පදිනවානෙ.දැන් ඉතිං දවල් වරුවෙම පැද පැද තමයි ඉන්නෙ.හික්ස්....අනේ කස්ටිය මගෙ නමට
දෙන වදයක්. මේ අගේට සිංහල,බෞද්ධකමට ඉන්න මාව මුස්ලිම්
කරනවා නොවැ මේ කස්ටිය.හපොයි...බැරිම තැන මං කිව්වා
"හිටු ඔහොම, නම ගැන පෝස්ට් එකක්
දාන කල්" කියලා.ඇයි අප්පා මෙච්චර ලස්සන ස්වීට් නමකට අපහාස කරනවා අහන්
ඉන්න පුලුවන් මොකාටද.
මගේ නම තියෙන
පුග්ගලයො මං දන්න විදිහට මේ පුංචි සිරි ලංකා දීපෙටම ඉන්නෙ මං විතරයි. නිසූ කෙනෙක්නම් බුකියෙ ඉන්නවා.තව නිසුපා කියලා
තුන්දෙනෙක් වෙන රටවල් ඉන්නවා.උන්ට නම වැටුනෙ කොහොමද කියලා නම් මං දන්නෙ
නෑ:D.මේ මගෙ නම
හැදිච්ච විදිහ.
..............................................................................................................................................
ඔන්න එකෝමත් එක
කාලෙක අයියා මලෝ තුන් දෙනෙක් හිටියලු.මේ තුන් දෙනා ලොකු මහත්තැන් වුනාට පස්සෙ හිතුනාලු ෆොටෝ ගහන්න ඉගෙන ගන්න ඕනෙය කියලා.ඉගෙන ගෙන විතරක් අල කන්නයෑ,ප්‍රයෝජනයක් කාරිය ගන්නත් එපායැ.දාමු
කියලා දැම්මා..මොකක්ද..??ස්ටූඩියෝවක්..
ස්ටූඩියෝවත් දැම්මා වගේයැ
ඉතිං දාපල්ලකො මේකට නමකුත් .තුන්දෙනාම එකතු වෙලා දාපු එකේ
එකෙක්ගෙ නමක් විතරක් දාන එක හරි නැහැ නොවැ.කල්පනා කොරල
කොරලා එපා වෙනකල්ම කල්පනා කෙරුවලු.ම්හ්...හරියන නමක් ඔලු ගෙඩි තුනෙන් එකකටවත් එන්නෙ නෑ ලු.
ඔහොම යද්දි
එක්කෙනෙක්ට හිතනලු අඩේ තුන්දෙනාගෙනෙ නම් වල මුල් අකුරු ටික වැඩිහිටි පිලිවෙලටම එකතු කලානම් පට්ට නමක් හැදෙනවා නේද
කියලා.
1. නිමල් (අපේ
තාත්තා) - නි
2. සුනිල් ( සූ බාප්පා)
- සු
3. පාලිත ( පා බාප්පා) - පා
------------> නිසුපා
ඔන්න
ඔයාකාරයෙන් තමයි මෙච්චර ලස්සන නම පහල වුනේ....:D
දැන් ඉතිං
පුලුවන් නම් කියපල්ලා තුන් දෙනාට දාන්න තිබුනෙ සපත්තු කඩයක්
කියලා.
මේ වැඩෙන් පස්සෙ ඉතිං තාත්තා අම්මට පෙම් හසුන් යවලා තියෙන්නෙත් නිසුපා කියන නමින්.ඉතිං තාත්තගෙ පෙට් නේම් එක ඒක වුනා.ඔහොම
ගිහින් ප්‍රේම කතාව කූටප්රාප්තියට පත් වෙලා දෙන්නා
දෙමහල්ලො එක වහලක් යටට ඇවිල්ලා, බෑගිරි ගහන ,කිරිවත් බොන්න දන්නෙ නැති, කැහැටු කෙලි පොඩ්ඩක් ඉපදුනා
කියමුකො.දැන් ඉතිං මේකිට නමක් දාන්නත් එපැයි.අම්මෝ....ළමයි හම්බ වුනාම
තියෙන අමාරුම වැඩේ
වෙලාවට වෙලාව
බැලුවාම "න"යන්නක් තිබ්බලු.තව මොකටද වෙන නම්.දාමුකො නිසුපා කියලාම කියලා අපේ තාත්තා කීවම අම්මත් මොකට අකමැති වෙන්නද
කියලා හා කීවලු.නමේ ඉතුරු කෑල්ලනම් දාලා තියෙන්නෙ අපේ ආච්චි වෙන
නෙනෙක්ලු. "ඩිලානි"
මොන එහෙකට ඒ
නම් දැම්මද මන්දා.නිකන් ඉන්ගිරීසි වගේ... :O
ඔය ඉතිං මට නම්
වැටුනු හැටිනෙ.මේ අවුරුදු 25ක කාලයෙ මට
වෙන නම් ගොඩක් වැටිලා තියෙනවා.තව සමහරු වෙනස්ම නමක් මතක
තියාගෙන ඉන්නවා.හප්පුච්චේ..මිනිස්සුන්ට මෙච්චරම අමාරුද අප්පා මගෙ
නම මතක තියාගන්න.
1.
නිසුපමා
2.
නිපුසා
3.
සුපුනිකා
4.
මීපූසා
5.
නිසූපා
6.
නිෂුපා
7.
නිෂුෆා
8.
නිසු පා
ඔය හත්වෙනි නම
කියන්නෙ අපේ බ්ලොග් කරුවො ටිකක්.මාව මුස්ලිම් කරලා.හැබැයි ඔහොම නොකිව්වත් නියම නම
ඇහුන ගමන් සමහරු අහන්නෙ
"ඔයා මුස්ලිම්ද?" කියලා. "නෑ නෑ සිංහල "කීවම නමේ තේරුම අහනවා.ඉතිං මුල ඉදන් කතාව කියනවා.හයියෝ......මේ ටික කාලෙට මං කොච්චර කියලා ඇද්ද ඔය කතාව.ඔන්න අද ප්‍රසිද්දියේම කියලා
දැම්මා.(දන්න අය සමා වෙන සේක්වා)
ඔන්න එක පාරක්
අපේ සර් කෙනෙක් (A/L වලට පොඩි ගෲප් ක්ලාස් එකක් කරපු සර් කෙනෙක්.අපි තුන්දෙනෙක් තමා හිටියේ) තේරුම ඇහුවාම මං
තේරුමක් නෑ කියපු පාරට
සර් හැදුවනෙ
තේරුමක්.එදා ඉදලා මං හරි තේරුම හැමෝටම කියනවා.
"
නිර්මල සුගන්දවත් ප්‍රාණය"
මේ විදිහට තේරුම දුන්නානම් නිසුප්රා
වෙනවානෙ.ඕකට එන්න ඕනෙ "පා" යන්නෙන් පටන් ගන්න නමක්නෙ. ඒ වෙලාවෙම උදිතනම් ඕකට (ප්‍රා යන්න වෙනුවට) වෙන එකක් කීවා.මං මටම
මඩ ගහ ගන්න එකත් හරි නෑ නෙ.ඒ නිසා ඒක නම් මං කියන්නෙ නෑ.පුලුවන් නම් කස්ටිය කියන්න
බලන්න එහෙනම්........:D
හිකිස් බිකිස්
ReplyDeleteහෙහ්... මාර සිස්ටම් එකකටනේ නම වැටිල තියෙනනෙ... අර උදිත කියල කෙනෙක් දීපු තේරුම නම් මෙහෙම වෙන්න ඇති නිර්මල සුගන්දවත්... එක්කො ඕන නෑ නේද?... මොකටද කාගෙවත් නමක් කැත කොරන්නෙ... ;)
ReplyDeleteහ්ම් හ්ම් හ්ම් ...අක්කි මම හිතන්නේ.....
ReplyDeleteනිර්මල සුගන්දවත් පානය.....
හික් හික් හික් ...... සොරිවෙන්න ඕන ......
කොහොම උනත් මරු නම හැදුනු විදිය
නිර්මල සුගන්ධවත් පානය.....හපොයි ඒ මොනවද ?
ReplyDeleteචතු මධුර
Deleteනිය නැති
ReplyDeleteසුමට
පා
හරියට තිස්ස නාගොඩවිතාන (ති. නා.) වගේ නේ. මාරම නම් දැමිල්ලක්.
ReplyDeleteමට නම් හිතෙන්නේ නමේ තේරුම නිර්මල සුගන්ධවත් පානය කියන එක වෙන්ටෑ.
බුකියේ කට්ටිය කියනවා වගේ සෙරෙප්පු හදන්න ගත්ත නම් හරි.
@Luckey :
ඔය කියන්නේ කසිප්පු වෙන්ටෑ.
හක හක හක...
ReplyDeleteනිසාපා ඩිලානි....
අපි ඩිලානි කියලා කථා කරන්නම් ඔයා අකමැති නම්.... :D
එල එල...
පා යන්නෙන් එන්නේ මොකද්ද කියලා මං දන්නවා...
ReplyDeleteනිර්මල සුගන්දවත් පාං.... හරිනේ...
හරියට තිස්ස නාගොඩවිතාන (ති. නා.) වගේ නේ. මාරම නම් දැමිල්ලක්.
ReplyDeleteමට නම් හිතෙන්නේ නමේ තේරුම නිර්මල සුගන්ධවත් පානය කියන එක වෙන්ටෑ.
බුකියේ කට්ටිය කියනවා වගේ සෙරෙප්පු හදන්න ගත්ත නම් හරි.
@Luckey :
ඔය කියන්නේ කසිප්පු වෙන්ටෑ.
පාං බට්ටා
ReplyDeleteපාචනය
පාසිකුඩා
පාප්ප වහන්සෙ
එල එල. මේක ඉතින් අපි නම් අතීතයේ සිට දන්නවනෙ. අපි නම් කියන්නෙ ඉතින් නිසුපො, නැත්තම් නිපුසා කියලනෙ. :D
ReplyDeleteඅර පා.... ගැන මම මොකුත් කියන්නෙ නෑ. ;)
අර තුන්දෙනාට තිබුනේ සෙරෙප්පු කොම්පැණියක් දාන්න "නිසු පා" කියලා...
ReplyDeleteනැත්තං ඔයා හරි දැං දාන්න කොම්පැණියක්...
කොහොමද බ්‍රෑන්ඩ් නේම් එක... නැගල යයි නේ....
නිසුගේ කකුල් ...
ReplyDeleteනමේ ඉතිහාස කතාව මරු... කොහොම උනත් ලස්සන නමක් නිසූපා කියන්නේ අක්කේ.. මම දන්න කවුරුවත්ම නෑ ඒ නමින්.. අක්කා විතරමයි....
ReplyDeleteෂික් , මට කියන්න දෙයක් නැහැ නේ , හැමෝම කියන්න ඕන ටික කියලනේ :D
ReplyDeleteහිකිස්... නිර්මල සුගන්ධවත් පානය වෙන්න ඇතිනේ..
ReplyDeleteහෙ හෙ හෙ.. මරු නම දාපු විදිය නම්.. මම නම් නිසුපා අක්කගේ නමට මාර ආසයි. මාත් හැමදාම ඔයාගේ නම දකින් දකින පාරට හිතනවා කවුරු දාන්න ඇත්ද මේ නම කියලා.. හෙ හෙ,..
මාර ස්ටෝරිය.
ReplyDeleteහිංදි ෆිල්ම් එකක් බැලුව වගේ.
අක්කි ෂෝයි කතාවක්නෙ තියෙන්නෙ ඔයාගෙ නමට.. මටනම් නමේ කැතක් පේන්නෙ නෑ.. කොහොමත් කාටවත් නැති නමක් තියන එක හොදයිනෙ...:) මමනම් අඅසයි....
ReplyDeleteහික්ස්ස්ස්ස්..... නියමයි
මොනව උනත් නම ලස්සනයි.. වෙනසක් තියෙනවා, ඒකත් හොඳයි :)
ReplyDeleteනිර්මල සුගන්ධවත් පාන්කඩ
ReplyDeleteනිර්මල සුගන්ධවත් පාපිස්ස
නිර්මල සුගන්ධවත් පාලිකාව
නිල්වන්
ReplyDeleteසුනාමියේ
පාවෙයි
නිසුපා කියන නම අමුතුයි කියලා දැනුනනට අදනේ හරි තේරුම දැන ගත්තේ....
ReplyDeleteනි - නිකන්ම
සු - සුලගටත්
පා - පාවෙයි
දැක්කහම නම් එහෙම හිතෙන්නේ නැ වගේ
@Buddhika Krishanha - හිකිස් බිකිස් බකිස් කුකිස් පකිස් සකිස්....
ReplyDelete@සාතන් - ඔව් අනේ නියමම විදිහක් තමයි.උදිතව ඔයාලා දන්නවා ඇති.එයාත් බ්ලොග් ලියපු කෙනෙක්.උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය..මේක ලියන්නෙ එයා.
කමක් නෑ හිතුන දේ කිව්වානම් බලන්න...:D
@N N K - ඈහ්...මාව බොන්නද හදන්නෙ ඒ පාර..හපොයි...:O
@Luckey - මොනවද මන්ද අනේ...
@Gimhani - අනේ මගෙ පා වලනම් නිය තියෙනවා සහෝ..සුමටත් නෑ..ස්තූතියි හැබැයි සුමටයි කිව්වට...:D
@ මධුරංග - අපොයි නෑ මල්ලි ඒක නෙවෙයි තව හිතන්න බලන්න.
ReplyDeleteසෙරෙප්පු ..හ්ම්...මං මේ බලන්නෙ ආපහු ෆොටෝ පැත්තට ගෙනියන්න.
@Weni - අපොයි ඔය එකක්වත් නෙවෙයි....තව හිතන්න බලන්න..
@සෝරෝ - අපොයි ඩිලානි නම් කියන්න එපා.මං තරහයි හරිද..
හ්ම්....සෙරෙප්පු වලටනම් බ්‍රෑන්ඩ් නේම් එක නැගලා යයි නම් තමයි.
@Prasanna - පාං කවදද හලෝ නිර්මල වුනේ...:P
@Madhawa Habarakada - අපොයි කියන්න එපෝ...මං ඉවරෝ....
@
@දේවාගේ අඩවිය: පාවෙන්ඩ, නිසුප???? හඳට ගිහිල්ලත් බැරි වෙයි.:D
ReplyDeleteමගේ නම තියන අය නම් මේ ලංකාවෙ මම දන්නතරමින් 42271 ක් ඉන්නව. :ඩී
ReplyDeleteනියමෙට දෙන
ReplyDeleteසුකොමල
පානිය....
මට මේ නම ඇහුනු ගමන් මතක් වුනේ හම් සෙරෙප්පු කුට්ටමක් සහ සුප් එකක්, අනේ මන්ද හේතුවක් නං හිතා ගන්න බැහැ...
ReplyDeleteමීපූසා තමයි නියම නම... හිනාවෙලා මැරෙනවා..
ReplyDeleteමම නම් ඔය නම හැදිච්ච හැටි දැන ගත්තෙ තුන වසරෙදිද කොහෙද. හී හී. හෙට්ටිවත්ත නමට අපි ඉස්සර කියන්නෙ හට්ටි මුට්ටි කියලා. තරහ අවසර ඈ..
ReplyDeleteඒත් ඒ තුන්දෙනා අකුරු ටික ඔය පිලිවෙලටම එකතුකරේ ඇයි...?
ReplyDelete"සුපානි" කියල දැම්මනම් පිටරටවත් ඉන්න් එකක් නෑ ඔය නම තියෙන කවුරුවත්
මාරයිනෙ. පවුලෙම සහෝදරත්වය, සමගිය මෙයා අරන්නෙ. එතකොට බාප්පාගේ දූ 'සුපානි'ද?
ReplyDeleteවෙනස් නමක් ඇත්තෙන්ම . . .
ReplyDeleteඒත් හරිම ලස්සන නමක් . .
හොඳයි නම හැදුනු හැටි ලියපු එක නම් . . .
අර පුණ්යායි කස්තුරුරත්නයි එකතු වෙලා ගත්තු ලොරියට නම දාපු හැටි මතක් උනා . . . හික්ස්
දුකා, මේ නමේ සීන් එක දැක්කම මටත් මතක් උනේ පුන්ණෙගෙයි කමලගෙයි සීන් එකම තමයි!
ReplyDeleteනිසුපා කියන්නෙ ඇත්තටම වෙනස් ලස්සන නමක්. අහුබුදු පස්සෙ නොගියට හොඳ නම් හොයා ගන්න වෙන ක්‍රම තීනවනෙ බැළුවම!
@Tanikada - හික්ස් ඇයි අනේ මගෙ කකුල් මතක් කරන්නෙ...
ReplyDelete@Dinesh - මරුදත් අහනවා.ස්තූතියි නම ලස්සනයි කිව්වට මල්ලි.මටත් තාම කවුරුත් හම්බවෙලා නෑ මගේ නම අහලා තියෙනවා කියපු.
@ප්‍රාර්ථනා - නෑ නෑ නංගි පානය නෙවෙයි.ඒක පණ තියෙන දෙයක නමක්.හ්ම්..මාත් මගේ නමට මාරම ආසයි වගේම ආදරෙයි.ඔන්න දැන් දන්නවනෙ නම හැදුන හැටි..:))
@පිසාචයා - හින්දි ෆිල්ම් වගේ බොරු නම් නෙවෙයි.මේ ඇත්තම ඇත්තක් හොදේ..
@හිතුවක්කාරි - ඒකනේ නංගි.මාත් මගෙ නමට වගේම නම් හැදුන විදිහටත් ආසයි.හැමෝටම නැති නමක් ලැබුනාම මතක තියා ගත්තාම ආයෙත් අමතක වෙන්නෙත් නෑ නෙ.
ReplyDelete@ගීතක - ආයෙත් අහලා.සංගීත ස්වර වගේ නේද අයියා...
@virajith - ඈහ් විරෝ වෙන මුකුත් සිහියට ආවෙම නැතෙයි...O_o
@blog gadol - අපොයි බයේ බෑ.මට තාම හරියට පීනන්න බෑනෙ අනේ..:((
@දේවා ගේ අඩවිය - ඒකනේ අමුතු මුතු නමක්.
ReplyDeleteමාව පාවෙන්න...!! මේ ලෝකෙනම් නෙවෙයි...:D
@Madhawa Habarakada - හඳේදිනම් පුලුවන් වෙයි...
@Enemy - කියමුකො බලන්න එහෙනම් නම.මේ බොරු එකක්නෙ.
@අභීත - ඈහ් අභීත අයියෙ දැන් මං කාටද පානි දැම්මෙ...:O
@Observer - හික්ස් කමක් නෑ අයියෙ..සුපා කියන නිසා වෙන්න ඇති සුප් මතක් වෙන්න ඇත්තෙ.
ReplyDelete@පැණි දොඩම් - ඕක කිව්වෙ අපේ ස්කෝලෙ යාලුවො ටිකක්..:)
@පිණිබිඳු - අනේ යකෝ තව මඩ ගහනවානෙ ඒ පාර.
@පොඩි මෑන් - මං කිව්වෙ අනේ වැඩිහිටි අනුපිලිවෙලට එකතු කලේ කියලා. සුපානි කියනවට වඩා නිසුපා ලස්සන නැද්ද අනේ.
@මන්තරකාරි - සූ බාප්පට දුවලා නෑ.පා බාප්පට එක්කෙනෙක් ඉන්නවා.එයාට නම දැම්මෙ අහුබුදු ශූරීන්.
@දුකා - ස්තූතියි අයියෙ.
ReplyDeleteනම හැදුන හැටි ලියන්නෙ නැතුව ඉන්න බැරි වුනා.කට්ටිය මට එක එක නම් කියන්න ගත්තානෙ..:))
අම්මෝ ඒ වගේ අකුරු තිබුනෙ නැත්තෙ වාසනාවට.
@ඉන්දික උපශාන්ත - ස්තූතියි අයියේ. ඒත් අපේ බාප්පගෙ ලමයි ඔක්කොටම නම් දැම්මෙ අහුබුදු ශූරීන්..
මී පූසා නම් මරු හලෝ:)
ReplyDeleteපොඩි hint එකක් දෙන්නම්. 'පා' අකුරට මම දීපු අර්ථකථනෙට අකුරු හතරක් තියෙනවා. ඒ අකුරු හතරෙන් කියවෙන වචනෙන් හඳුන්වන්නෙ පණ තියෙන කෙනෙක්ව.... පුළුවන්නම් හොයගන්න බලන්න
ReplyDeleteඇත්තටම වෙනස් නමක්. මමත් ඔය නම නම් අහුවේ ඔයාගෙන්ම විතරයි.
ReplyDeleteඉට්ටුඩියෝ එකෙන් උපන් බබා....
ReplyDelete@නදී - හික්ස්...ඒක ඇහුවාම මටත් හරි අමුතුයි...:))
ReplyDelete@උදිත සේනාරත්න - ඔයා hints දීලා කට්ටිය හරි නම කියයිද කියලා බලමු.ඔට්ටුයි බැරුවට..:)))
@batti - ඒකනෙ නංගි...:))
@prasanna86k - නෑ නෑ මාලුවො ඉස්ටූඩියෝවෙන් නෙවෙයි ඉපදුනේ...හික්ස්....
වෙලාවට අයියා මල්ලි තුන්දෙනාගේ නම් ඔහොම වුනේ. නම් මාරු වෙලා වැඩිහිටි පිළිවෙලට ස්ටූඩියෝවට නමක් හැදුවා නං,
ReplyDeleteසුපානි
සුනිපා
පානිසු
පාසුනි
නිපාසු
අන්තිමට ඔයාටත් මේ නමක් තමයි වැටෙන්නේ..... :)
කෝ මේ උදිතය.. බ්ලොග් කියවන්න එන්නේ නැත්ද හැබෑටම ...
ReplyDelete@RanDil - අම්මෝ එහෙම නොවුන එක කුඩ් දෙයක් අක්කේ..මේ නම් ඕවට වඩා කොච්චර හොදද.
ReplyDelete@Tanikada - ඔය ඇවිත් තියෙන්නෙ අනේ.හින්ට් එකකුත් දීලා තියෙන්නෙ.ඔන්න එයත් ඉදලා ඉදලා පෝස්ට් එකක් දාලා එයාගෙ බ්ලොග් එකේ.
නිසුපාවහන් :D
ReplyDelete@..ChAnDiKa.. - සෙරෙප්පු කඩයක් දැම්මා නම් සිරාවටම නැගලා යයි නේද?
ReplyDeleteනිසුපාට නම් හදන්නෙ නෑ පවු හින්දා. ඒත් තාත්තටයි බාප්පල දෙන්නටයි එක එක නම් දදා බලන්න ඕනෙ
ReplyDeleteමීපූසා කිව්වේ කවුද හැබෑට අපේ සුදු පුසා හේම නෙවෙයිනේ..
ReplyDeleteහිහි ඔයාගේ නම ලස්සනයි හරිම අන්කොමන්.. :)
@Chanaka Aruna Munasinghe - අනේ ස්තූතියි.හැබැයි ඉතිං ඒ කට්ටිය නම් වෙනස් වුනොත් මගෙත් නම වෙනස් වෙන්න තිබුනා.
ReplyDelete@සුදු හංසි - හී හී...නෑ අනේ අපේ ඉස්කෝලෙ යාලුවො තමා එහෙම කිව්වෙ.අන්කොමන් කියන්නෙ නිසුපා කියලා අපේ රටේ වෙන කෙනෙක්ව මම අහලානම් නෑ.:))
ලස්සන නමක්, ඒ වගේම හැදිච්ච විදිහත් මාරම මාරයි....
ReplyDelete@ලොකු පුතා - ස්තූතියි අනේ...:))
ReplyDeleteඔය මුල් නම්වලින් අකුරු අරන් නම් දාන එකනම් හරි භයානක වැඩක්. සමහර නම්වලින් මහ විකාර නම් හැදෙනවා. වෙලාවට ඔයින් ගියේ.
ReplyDelete@readmyeye - ඔව් වෙලාවට ලස්සන එකක් වුනේ..
ReplyDeleteහික්ස් :)
ReplyDeleteගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත්, මේ අලුත් මූණ ( සාපේක්ෂව ) කාගෙද කියල බලන්න ආවා:)
හරිම රසවත් ඔයාගෙ කතා. ඔයාගෙ බ්ලොග් එක කියවන්න ගියොත් අද මම නිවාඩු දාල ගෙදර හිටපු වැඩ ටික කරගන්න බැරි වෙනවා. ඉතින් අමාරුවෙන් හරි හිත හදාගෙන අයින් වෙන්න වෙනවා :)
සුබ පැතුම්... පිස්සු කතා ගොන්නකට :)
@ස්වප්නා - ස්තූතියි ගොඩක්. :)
ReplyDeleteඅම්මේ ගෙදර හිටපු වැඩේ කරගෙන ඉන්න. නැත්නම් ඒ පව මගෙ කර පිටට තමා එන්නෙ.. :D
පස්සෙ කියවන්න බැරියෑ.තව කතා ගොඩක් හිතේ තියෙනවා.
ප්‍රා කියලා කොහේ හරි රටක ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා කියලා වගේ මතකයි. අක්කගේ නමේ නිසූ කියන එකට තේරුමක් ගන්න මට තේරුණේ නැතත් "පා" කියන එකෙනේ පාලකයා වගේ තේරුමක් ගන්න පුලුවන් කියලා හිතුණා. "මිහිපා, භූපා" වගේ වදන් එක්ක එන "පා" එකෙන් පාලකයා වගේ තේරුමක්නේ එන්නේ.....
ReplyDeleteඅනේ අම්මෝ.... මං නම් එහෙමට පාලකයෙක් නෙවෙයි.කැම්පස් එකේ රෙපියෙක් හැටියටයි, සංගමේක ලේකම් කමයි කලා.එච්චර තමා...:D
Deleteඅඩේ ෆට්ට නම් දැමිල්ලක් නේ!!
ReplyDeleteඑහෙම තමා සුවිශේෂ පුද්ගලයන්ට....:D
Deleteහිකිස්, එලම තමා. තනියම හිනා ගියා :D :D :D :D :D
ReplyDeleteමට මතක් වෙනවා අපේ නැන්දා ඔය විදිහට එයාගේ ගෙදරට දාන්න ගිය නම. හපොයි, අක්කගේ වෙලාවට ඔය අකුරු ටික තිබ්බේ :O :O :O :O :O
ReplyDeleteතනියම හිනා වෙලා කට්ටිය පිස්සු කියලා හිතුවෙ නෑ නේද?? :)))
Deleteමොකද අනේ නැන්දා තියන්න ගියපු නම??
මේක දැක්කෙ අදනෙ! නමක් පිටිපස්සෙ තියන අපූරුම කතන්දරය මේක වෙන්න ඇති.
ReplyDeleteහි හී වෙන්න ඇති...:D
Deleteමාත් දවසක් අක්කිට කිව්වා නේද අමුතු නමක් කියලා!
ReplyDeleteනි - ඕනි නෑ
සූ - ඒකත් ඕනි නෑ
පා - ඒ නිසා මේකත් ඕනි නෑ!