expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Tuesday, September 6, 2011

හොරු...????

            අපොයි ඊයෙයි,අදයි ඉඩ තියෙන හැම වෙලේම ගත කලේ සති අන්තයේ කස්ටිය ලියපු කතා කියවන්නයි, කමෙන්ට් කරන්නයි.ඒවා කරලා බලනකොට පෝස්ටුවක් ලියන්න වෙලාව නෑ.ඒත් ඉතින් පුලුවන් තරම ලියනවා කියලා පටාන් ගත්තා වැඩේ.

..................................................................................................................................................................................

           මේ වැඩේ සිද්ද වෙන්න මට මතක විදිහට 2004 මුල භාගෙ.එතකොට මං පලවෙනි පාර A\L කරන්න සිංදුවක් එහෙම අහගෙන,නිදි මරාගෙන,පාඩම් කරන කාලේ.ඒ කාලේනම් මොන හෙනයක් ගහලද මන්දා පාඩම් කරන එකේ මාරම ආතල් එකක් තමයි දැනුනේ.දැන්නම් ලේසියෙන් ඒක කොරන්න බෑ,වස කම්මැලියි පාඩම් කරන්න.නැන්නම් ඉතිං MSc එකක් වත් කොරන්න තිබුනා.හ්ම්.....


           ඔය කාලෙ අපේ තාත්තා ලෙඩ ඇඳේ.පිළිකාවක් හැදිලා හිටියා නෙව.කොන්ද ඇතුලෙ තිබුන පිළිකාව තාත්තගෙ සුසුම්නාවත් තද කරගෙන හිටපු නිසා තාත්තට  ඇවිදින්න,නැගිටින්න එහෙමත් බැරුව හිටියෙ.පිළිකාවට බෙහෙත් කලත් නැගිටින්න සිංහල බෙහෙත් කරන්න වුනා.කොහොමින් හරි අපේ ගේත් තිබුනේ බාගෙට.(ඒ කාලේ)කාමර ටික විතරක් වෙනම තිබුනා.පිටින් එන කෙනෙකුට ඕනෙ කාමරේකට වෙන වෙනම ගිය හැකි.

             කුස්සියයි, තාත්තා හිටපු කාමරෙයි තිබුනෙ එකට.මං පාඩම් කරන්නෙ කුස්සියෙ.ඔන්න දවසක් ඉතිං සුපුරුදු පරිදි මං පාඩම් කරනවා.වෙලාව රෑ 1ට විතර ඇති.ආහ්...වැරදුනා පාන්දර එකයි නොවැ...:)).අපේ ගෙදර කස්ටියම නිදි.කොටින්ම කිව්වොත් බලු පොව්වත් හීන බල බලම බුදි.මං විතරයි ඇහැරලා.මහ සද්දෙන් රේඩියෝව දාගෙන කන් දෙකේ ඉයර් ෆෝන් එකත් ගහගෙන, දෙයියනේ කියල ගානක් හදාගෙන හිටියා.ඔන්න බොලේ එක පාරටම අර හීන බල බල හිටපු බලු පොව්වා ගිරිය කඩා ගෙන කෑ ගහනව සින්දුව අස්සෙන් මට ඇහෙනවා.ඒ පාර මොකක්ද?

             ඈහ්...මක්කැයි වෙලා තියෙන්නෙ...හත්වලාමයි හොරෙක්වත් ඇවිත්ද?කොයි එකටත් කියලා කුස්සියෙ තිබුන මන්න පිහිය ගත්තා අතට.වහල කඩා ගෙනවත් ආවොත් එහෙම.මොකක් කරන්නද වෙන දීලා අදිනවා කියල හිතුව ඔලු ගෙඩියටම.අලි මදිවට හරක් කිව්වලු ......කොස් ගහ පැත්තෙන් බරාස් ගාලා සද්දයකුත් එක්ක කරන්ට් ගියා.හරි වැඩේ හරි හොරුම තමයි.උන් ටික කරන්ට් ලයින් එකත් කැපුවද කොහෙද?


              කලින් කියන්න බැරි වුනානෙ.අපි ඒ කාලෙ කරන්ට් එක අරන් තිබුනෙ අපේ බාප්පාලගෙ ගෙදරින්.ඔය ලයින් එක ආවෙ කොස් ගහ පැත්තෙන්.කොහෙම හරි මේ වෙනකොට මං මන්නෙත් එක්කම කලුවරේම තාත්තගෙ  ඇද ගාවට ගිහින්.තාත්තත් බය වෙලා.ඇයි ඉතිං එයාටත් මුකුත් කරගන්න බෑනෙ ඒ වෙනකොට.

            තාත්තා හිටපු කාමරේ දොර ගාවට ගිහින් කෑ ගහල කෑ ගහලා අම්මව ඇහැරෝගත්තා.ඊට පස්සෙ අම්මට කිව්ව මොනම හේතුවකටවත් උදේ වෙනකල් කාමරෙන් එලියට එහෙම එන්න එපා කියලා.අඩුම ගානෙ ටොයිලට් එකටවත් යන්න එන්න එපා කිව්වා.හිකිස්...යන්න එහෙම ඕනෙ වුනානම් බඩුම තමයි...:D

            වෙලාවට තාත්තට අසනීප නිසා හදිසියක් වුනොත් කතා කරන්න කියලා ගඩොල් බාගයක් ගෙනත් තියලා තිබුනා බාප්පා.ඒකෙන්ම බාප්පට කතා කරලා කිව්වා වෙච්ච සංගදිය.බොලේ බැලින්නම් එහේට කරන්ට් තියෙනවා කියන්නෙ.දැන්නම් ෂුවර් එකටම  හිතුනා හොරු තමා ගේම දීලා තියෙන්නෙ කියලා.ලඟ පාත කියලා  ගෙන්න ගන්න පුලුවන් පිරිමි පුලුටකට ඉන්නෙත් බාප්පා විතරනෙ.එයාටම කිව්වා අපේ ගෙදරට හොරු ඇටෑක් එකක් දෙන්න වගේ පොඩ්ඩක් ඇවිත් බලනවද කියලා.


                බාප්පටත් ඉතිං බය ඇති නොවෑ තනියම ඇවිත් කන්න තමයි වෙන්නෙ කියලා.එයත් මගට ඇවිත් බලලා ගිහින් කෝල් කරනවා මුකුත් පේන්නනම් නෑ කියලා.අපොයි පේන්න නෑ කියලා බය නොවී ඉන්න යැයි.බලු පොව්වත් තාම බෑගිරි දීලා කෑ ගහනවා.මං කරපු වැඩේ මන්නෙත් අරන් තාත්තාගෙ ඇඳට ගොඩ වුනා.දැන් ඉතිං හොරා එනකල් මන්නෙත් අමෝරගෙන ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා.


               මොන එන පාටක් නෑ.ෂුවර් එකටම ඌට ආරංචි වෙන්න ඇති මං මන්නෙත් තියාගෙන ඉන්නවා කියලා.උදේ වෙනකල් බලාන්න හිටියා.මොන ආවෙම නෑ නෙ.අනේ මං බලාගෙන හිටියා..:((


                උදේම බාප්පත් ආවා මොකෝ වෙලා තියෙන්නෙ බලන්න.බැලින්නම් කරන්ට් වයර් එක පටලපු කොස් අත්ත කැඩිලා.ඒක දිරලා තිබිලා තියෙන්නෙ.ඒකත් එක්කම වයර් එකත් කැඩිලා.දැන් කොහොමද අත්ත කැඩෙන්න ඇත්තෙ....? කස්ටිය දන්නවා ඇතිනෙ උගුඩුවො ගැන එහෙම.අපේ පැත්තෙ ඉන්නවා උන් මදි නොකියන්න.උන්ගෙන් එකෙක් අර අත්ත උඩ ජෝගි නටලා.ඌටම තමා අපේ බලු පොව්වත් සද්දෙ දාලා තියෙන්නෙ.


හික්ස්....ඔන්න ඔහොමයි අපේ ගෙදරට හොරු ආවේ......:))))))
             

44 comments:

  1. අහ් මම් හිතුව ඇත්තටම හොරෙක් ඇවිත් කියල.අම්මෝ උගුඩුව කරල තියන විනාසයක්.

    ReplyDelete
  2. මේ කතාවෙන් ගන්න සෑහෙන් දෙවල් තියෙනවා
    1. මෙයා හරිම චන්ඩියෙක්
    2. තල් අත්තට බෙලි වැටුනාම දුවපු හාවා ඔයාගෙ නෑයෙක්
    3. සෑහෙන්න දුක් විඳලා ඉගෙනගෙන තියෙන්නෙ(වඩාත්ම අගය කරන දේ)
    තව ඇති.
    මොනා වුණත් වැඩකරල තියෙන විදියනම් හරිම නුවණක්කාරයි ඕන්!!
    :D :D

    ReplyDelete
  3. උගුඩුවෝ කවද්ද කිය කිය වැඩ කරන්නේ නේද?
    ඔන්න අද තමයි මේ පැත්තට ගොඩ උනේ.. දිගටම එනවා සහෝ...

    ReplyDelete
  4. උගුඩුවෙක් කල හදියක්..හිකිස්‌..

    ReplyDelete
  5. චන්ඩි හාවියක්. හාවා හිටපු තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු කතාව තමයි මටත් මතක් උනේ . 2004 A / L බලන් යනකොට නිසුපයි මමයි එක පන්තියෙනේ ඉදල තියෙන්නේ.

    ReplyDelete
  6. උගුඩුවාත් මාරම වැඩක්නේ කරලා තියෙන්නේ !!!!
    මේක කියවන හොරෙක් උනත් ආයේ නම් එන එකක් නෑ. මොකද අක්කා අතට ගත්තේ මන්න පිහියනේ. අහු උනොත් ඉතින් ඒකගේ ඔලුව වට්ටක්කයක් කැපුවා වගේ කපා දායි. හික්ස් :)

    ReplyDelete
  7. හොද වෙලාවට වැරදිලා හරි උගුඩුවාවත් ගෙට ආවේ නැත්තේ.. නැත්නම් ඒ සතාට තමයි මන්න පාර... :)

    ReplyDelete
  8. පවු අහිංසක උගුඩුව, ඌට එහෙම කියන්නෙපා.
    අපේ නිසුප ගැන දන්න කෙනෙක් නම් හොරකමේ නම් එන්නෙ නෑ එයාලගෙ ගෙදරට. :D :D :D

    ReplyDelete
  9. නිසූ, උගුඩුවෙක්ද නෑත්නම් දෙන්නෙක්ද ජෝගි නටලා තියෙන්නේ. ඒ ගෑනයි ඔයාට පශ්චාත් පරීක්ශනයක් තියන්න තිබ්බේ.

    ReplyDelete
  10. වැඩේ කලේ උගුඩුවෝ වුනත් නඟා වැඩකරලා තියෙන්නෙ නං බොහෝම නිර්භීත විදියට ඕං!!!
    නඟා ඉගෙනගන්න කාලෙ සෑහෙන කට්ටක් කාලා තියෙන බවකුත් පේනවා... අවුලක් නෑනෙ ඒවයෙ ප්‍රථිඵල ලැබුනනෙ නේද?

    ReplyDelete
  11. හහ් හා..මාත් 2004 තමා ලිව්වෙ...
    හික්.. මේ බ්ලොග් කියවන හොරෙක් නම් ඔයාලගෙ ගේ පැත්ත පළාතෙ එන එකක් නෑ..
    ගීතක අයිය කිව්ව වගේ ඒ කාලෙ මහන්සිවෙලා ඉගෙන ගත්ත හින්දනේ දැන් ප්‍රතිථල විඳින්නේ. ජය වේවා!

    ReplyDelete
  12. හිකිස්.. නිසුපා අක්කත් මරු වැඩ තමයි කරන්නේ,, අර කිව්වත් වගේ චණ්ඩි කෙල්ලෙක් නෙව,. මම වගේ නම් පණ බයේ ගැහෙනවා,.. පව් වැඩේ බාප්පත්,. ඔයත් මාර පරිප්පු නේ දෙන්නේ ගෙදර අයට,.

    ReplyDelete
  13. @මගේ බ්ලොග් අවකාශය - ඇයි අනේ මං පව් නැද්ද අප්පා..

    @නදී - හික්ස් එහෙම හිතෙන්න තමා ලියුවේ අක්කේ.නැත්නම් කුතුහලය නෑ නෙ.

    @..ChAnDiKa.. - 1.මහ ලොකු චන්ඩියෙක්නම් නෙවෙයි අනේ...:D
    2.නෑයෙක් වෙන්ඩෑ.:D
    3.හ්ම්.... ඔව් සෑහෙන්නම නැතත් ටිකක් දුක් වින්දා තාත්තගෙ අසනීපය නිසා.
    තැන්කූ වේවා අන්තිමට කියලා තියෙන එකට.

    @Gimhani - ඒකනම් ඇත්ත.මහා කරදරක් උන් නම්. අපේ ගෙදර සිවිලිම තමා උන්ගෙ ගෙදර. ඒත් උන්ව දැක්කාම නම් හරි ආදරේ හිතෙනවා.
    සාදරයෙන් පිලිගන්නවා.ස්තූතියි ආවට. මං ඔයාව මේ බ්ලොග් අවකාශයේ කමෙන්ට් අතර සෑහෙන්න දකිනවා.

    ReplyDelete
  14. @ChammA - ඒක නේන්නම්...:D

    ReplyDelete
  15. උගුඩුවා දකින්න ඇති නිසුපා මන්නෙත් අරං බලා ඉන්නවා..ඒකයි එන්න නැත්තෙ..

    ReplyDelete
  16. වයර් මාරූ කේස් එකක්නේ..
    අද නම් අනිවා.. ග්‍රීස් යකා...

    ReplyDelete
  17. මාත් ඉතින් අති බිහිසුනු කතාවක් කියවන්න කියලා තමයි මුල ඉදන් ලැස්ති උනේ අක්කා....

    කමක් නැ ඉතින් බ්ලොග් කියවන හොරෙක් නම් ඔය පලාතේ ආයේ එනවා තියා ඔය පැත්ත දිහා බලාන බත් කන එකක් වත් නැ ඉතින්

    ReplyDelete
  18. මේක පුලුවන් තරම් ප්‍රසිද්ධ කරානම් ආයේ නිසූලෑ දිහාට එන්න හොරු හීනෙකින්වත් හිතන්නෑ

    ReplyDelete
  19. හොරු පැන්නොත් කාවද හොයාගන එන්ට ඕනි කියලා දැන් දන්නවා...:D

    කරුනාකරලා ඔය තියන ගඩොල් අංක ටික ඔක්කොම බ්ලොගේ දැම්මානම්....:)

    ReplyDelete
  20. තාම මන්න පිහිය අතේද. බයේ බෑ..

    ReplyDelete
  21. මදෑ උගුඩුවා කල හදිය.....කෙල්ල ගේමට රේඩි එහෙනම්

    ReplyDelete
  22. @අම්බලම - චන්ඩිමනම් නෑ.මං පලවෙනි පාරට A/L කලේ 2004...:))

    @මධුරංග - ඔව් කියෙව්වොත්නම් එන එකක් නෑ තමයි.ඒත් ඉතිං මන්න පිහිය අතේ තියාගෙනම වෙවුලුවොත් තමා වැඩේ චකබලාස් වෙන්නෙ...:D

    @Dinesh - ඔව් ඉතින් කලුවරේ පේන්නෙත් නැති එකේ එහෙම වෙන්නත් ඉඩ තිබුනා තමා.

    @Madhawa Habarakada - හප්පේ දැන් උගුඩුවාද පව්. ඌ මාව බය කරපු තරමක්.
    හපොයි...දැන් කට්ටිය හිතයි දන්නෙ නෑ මං මහ වසවර්තියෙක් කියලා...:D

    ReplyDelete
  23. @නවින්ද්‍ර අල්පෝන්සු - ඔන්න අයියටත් හිතෙන දේවල් ඉතිං....:P ඒක ගැන නම් හොයලා බලන්න බැරි වුනා.

    @ගීතක - හි හී බොහොම ස්තූතියි අයියා.
    හ්ම්.ඔව් ඒකනම් ඇත්ත ඒ ගැනත් ලියන්න ඕනෙ.කට්ටියට දැන ගන්න දේවල් තියෙයි ඒ කතාවේ.

    @පැණි දොඩම් - ආහ්...2004 A/L කට්ටියක්ම ඉන්නවා නේද.බ්ලොග් කියවන එකෙක් කොහොමත් හොරකම් කරන්න එන එකක් නෑ තමයි.සර්පයෝ ගැනත් ලියලා තියෙනවානෙ.
    ඇත්ත ඒ දවස් වල මහන්සි වුනේ නැත්නම් අද මං සමහර විට බ්ලොග් ලියන්නෙත් නැති වෙයි.

    @ප්‍රාර්ථනා - ඔව් නංගි ටිකක් විතර චන්ඩියි තමා...:))මොනවා කරන්නද වෙන කියන්න කෙනෙකුත් නෑ නෙ. අපේ ගෙදර වටේම ලගපාත කෝල් කරල කියන්න තරම් වෙන කවුරුත් හිටියේ නෑ.

    ReplyDelete
  24. @Weni - ඒක තමයි වෙන්න ඇත්තෙ මාමේ...:)))

    @මාතලන් - අපොයි...ග්‍රීස් යක්කුනම් එපෝ.... o_O

    @දේවා ගේ අඩවිය - හික්ස්. එහෙම හිතෙන්න තමයි ලිව්වේ.නැත්නම් හරි නෑ නෙ.කොහොමත් මට ඒ වෙලාවෙ හිතුන විදිහටක් ලිව්වා.

    ReplyDelete
  25. @හිස් අහස - එහෙනම් මේක ප්‍රසිද්ද කරන්න පුලුවන් විදිහක් කියන්නකෝ..

    ReplyDelete
  26. @Podi Kumarihami - දැන් නම් ගඩොල් බාගෙකට වඩා දෙයක් තියෙනවා අක්කේ.නම්බර් එකනම් වෙලාවක දෙන්නම්කෝ.

    @පිණිබිඳු - අපොයි නෑ.ඒක අතේ නම් ගෙදර පොල් බිදින්න එකක් නැති වෙනවානෙ...:D

    @දිල් - ආයෙත් අහලා අක්කා කරන්න පුලුවන් ඕනෙ වැඩකට එවරෙඩි...:D

    ReplyDelete
  27. ෂිකේ, මර්ඩර් කේස් එකක් බලාගන්න තිබිච්ච චෑන්ස් එකත් නැති උනා.....! ඊලඟ පාරවත් බලමු නේද ?

    නගෝ, ඔය පාඩම් කරන කාලේ එක ඇහෙන් පාඩම් කරන හැටි දන්නවද ?

    නිදි මත හැදුනම එක ඇහැක් නිදි කරවලා අනිත් ඇහෙන් පාඩම් කරනවා. ඒ ඇහැට මහන්සි උනහම අර කලින් නිදා ගත්ත ඇහැ ඇහැරවගේන අනිත් ඇහැ නිදි කරවනවා....!

    ReplyDelete
  28. මරැනේ මමත් ඔහොම තමයි අගපත නැතිවුනත් යකාටවත් බය නෑ. හැබැයි ඉතින් අර ඉස්සර කතන්ද පොතේ හිටිය හාවි වගේ නම් නෙවෙයි. මේක කියවද්දි මට හිතුනේ ඒ හාවි ආයේ ඉපදිලා කියලා.(විහුළුවට හොදේ)

    ReplyDelete
  29. ඔන්න මම අද තමයි මුලින්ම මේ පැත්තට ගොඩ වැදුනේ අක්කේ (හිට් කවුන්ටරේ හරියටම 3333 වෙනියට ) හික්ස් :D උගුඩුවානම් කස්ටියවම බය කරලා හොද එකක් ගන්න ඇති

    ReplyDelete
  30. FUN එකක් කියන කෑල්ල කලින් කමෙන්ට් එකේ මිස් වෙලා නොවැ :-)

    ReplyDelete
  31. @දුමී - අම්මේ..දුමී අයියත් මේ පැත්තෙ ඇවිත්නෙ.සන්තෝසෙ බැරුවා.මං බ්ලොග් ලියන්න කලින් ඉදලම අයියාගෙ බ්ලොග් එක කියවනවා.අභීත අයියත් මේ පැත්තේ ඇවිත් තිබුනා ගිය පෝස්ට් එකේ.

    අපොයි මං තාමනම් මර්ඩර් කේස් වලට සම්බන්ද වෙලානම් නෑ.

    දන්නෙ නෑ නෙ අයියෙ එහෙම එකක්.මටනම් ඒක කරන්න බැරි වෙයි.මට එක ඇහැක් විතරක් වහන්න බෑනෙ...:D

    ReplyDelete
  32. @batti - හපොයි නගේ මං හාවියෙක් තරම් නම් අහිංසක නෑ..:))

    @විශ්ව - බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට මල්ලි.නියම නොම්මරේකින් ඇවිත් තියෙන්නෙ..:)
    අපොයි ඔව් ඌට මාරම ආතල් ඇති තමා.තව ආතල් වැඩ කරනවා සිවිලිමේ ඉදගෙන.එපා වෙනවා.

    ReplyDelete
  33. A/L කාලෙ වගේ දැන් පාඩම් කරන්න බෑ තමා. දැන් වයසයි නොවැ. බණක් දහමක් ගැන හිතන්න කාලෙ හරි.

    මන්න පිහිය තියෙන්නෙ කොස් කොටන්න මිසක උගුඩ්ඩො මරන්න නෙවෙයි.

    මොකක්ද මේ හා කතාව? කන් දිගාආයිද ?

    ReplyDelete
  34. ඒ මෙයත් හොරු ගැන ලියලා... පවු වැඩේ අර ඈඳ අප්පා... ඈඳ උඩට වෙලා පිහියත් අමෝරාගෙන ඉන්න හැටි මැවිලා පේනවා...

    ReplyDelete
  35. @Chanaka Aruna Munasinghe - ඈහ්....මං එච්චර වයසයි කියලා හිතුවද බොල.

    මන්න පිහිය අපේ ගෙදර වැඩි පුරම පාවිච්චි කරන්නෙ පොල් බිඳින්න...:D

    හා කතාව දන්නෙ නැද්ද හලෝ.අර ලෝකෙ පෙරලෙනවා කියලා දුවපු එකා.

    @ගෝල්ඩ් fish - හ්ම්....අපේ තාත්තත් හිටියේ ඒ ඇදේම තමා...

    ReplyDelete
  36. නෑ නෑ. මගේ වයස ගැන කිවුවෙ බොල :)

    ReplyDelete
  37. ආහ්... එහෙනම් කමක් නෑ...:)))

    ReplyDelete
  38. කාලෙකින් ගෙවල් පැත්තේ ගියෙ පහුගිය අප්‍රියෙල් මාසෙ. ඉස්සර හිටපු නැති කට්ටියක් දැන් ඒ පැත්තෙ බෝ වෙලා. රෑට වහලෙ දිගේ දුවන කොට ඇහෙන්නෙ මනුස්සයො වහලෙ දිගේ දුවනව වගේ. "කළවැද්දෝ" ලු, සද්දෙ හැටියට නං හිතෙන්නෙ උන් දුනු ඊතල වලිනුත් සන්නද්ද වෙලා එන්නෙ කියල.

    ReplyDelete
  39. මන් මේ "පරණ බොසා" කියන පෝස්ට් එක හොයනවා, එක හැන්ගිලානෙ.... ......

    ReplyDelete
  40. @Observer - හරියට හරි අයියා.උන් නිකන් මිනිස්සු යනවා වගේ තමා සද්ද දාන්නෙ.

    ඔන්න ඒක ආයෙත් දැම්මා.:)))

    ReplyDelete
  41. හොරු ආවා නම් බලන්න තිබුණා චණ්ඩියාගේ වැඩ :))

    ReplyDelete
  42. මං භයෙන් භයෙන් මේක කියෙවුවෙ.. !ඒත් මුකුත් නැහැනේ ! මාරු !!

    ReplyDelete
  43. ඔය චාසේ එක උගුඩුව දන්නවනම් උගුඩු හිමිකම් කඩකිරීම පිළිබඳව ඔයාට නඩුදානවා ලොල්

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...