expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, September 29, 2011

ඔය පැන්න හැටිද?

                    ඔන්න මගේ ඊයෙ කතාව ගමන් කරන  බස් එකකින් හරියට කොහොමද බිමට පනින්නෙ කියලානෙ.ඇත්තම කිව්වොත් ඒ කතාව ලිව්වෙ තවත් කතාවකට පිවිසුමක් වගේ එකක් ගන්න.හික්ස්..නැත්නම් ගහින් ගෙඩි එනවා වගේ මේ කතාව කියන්න පුලුවනෑ..

                  මං ඊයෙ කතාවෙ මාරයා අයියාට උත්තරේ දෙද්දි කිව්ව වගේ  පූරුවෙ වාසනාවකට වගේ අපිට තිබුනා නොවෑ ගෙදර ලග ඉදලම ඉස්කෝලෙට යන්න පුලුවන් සීටීබී බස් එකක්.බස් එක ගැන නම් මං මෙතන වැඩි විස්තර කියන්නනේ නෑ මෙතන.මොකද ඒකෙ වුන ඒවා ලියන්න වෙනම පෝස්ට් එකක් දාන්න ඕනෙ.




                 ඔය බස් එක තමයි ඒ පැත්තෙ ඉදන් ඉස්කෝලෙට යන අපි බොහෝ දෙනාගෙ උදේට ස්කූල් බස් එක වුනේ.අපේ උදිත,මාධව,සිරීපාද කතාවෙ හිටපු සාලිකා වගේම මෙකී නොකී අය රාසියක් ඕකෙ හිටියා.සමහර දවස් වලට බස් එකල කෙල වෙනවා.එතකොට කොහොම හරි වග පැත්තෙ කස්ටියව මීපෙට ගෙනත් දානව බැරි බැරි ගාතෙ හරි.එහෙම කලේ නැත්නම් ඉතිං එහේ අය ඉස්කෝලෙ ගිහින් හමාරයි.මටනම් පයින් මීපෙට එන්න පුලුවන්.

               ඔන්න මේ හුටස්පරය වුන දවසෙත් බස් රාජයා මීපෙට විතරයි ආවෙ.අපි කස්ටිය දොලහ වසරට යන ලොකු ලමයි.වැඩට යන අක්කලා,අයියලා,අන්කල්ලා,ඇන්ටිලා,ඉස්කෝලෙ යන මල්ලිලා,නංගිලා කියන සනුහරේම මීපෙට වෙලා බලා ඉන්නවා පිටකොටුවක් එනකල්.වාසනාවටද අවාසනාවටද මන්දා එකම ඉස්කෝලෙට එකටම යන සාලිකා එදා ඇබ්සන්ට්.නැත්නම් එයත් මේකට පැටලෙනවා.

              මාත් එක්ක හිටියෙ අපේ ඉස්කෝලේට O/L වලින් ආපු අපේ පැත්තෙම ගෑණු ලමයෙක්.මේ ලමය ටිකක් මහත දෙහතට හිටියා.මං ඉතිං ඒ දවස් වල කෝටුකිතයි ටයිප් නේ.මාත් එක්ක බලද්දි ඉතිං යෝදයා මාක් තමයි.ඔන්න අවිස්සාවේල්ල පැත්තෙ ඉදලා විදුලි වේගෙන් වගේ ආවා...මොකක්ද.....?"නදී". නෑ නෑ ගෑණු ලමයෙක් නෙවෙයි බොලල්ලා.තවත් අපේ ප්‍රියතම බසයක් වුන රත්නපුරේ ඉදන් එන බසයක්.ඔය බස් එකේ නම.:D


              ලගින්ම ඉස්කෝලෙ තියෙන අපි දෙන්නට මාර හදිසියක් ආවා යන්න.දෙන්නත් එක්කම බස් එකට නැග්ගට මොකද දෙන්නම ෆුට් බෝඩ්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමා ෆුට් බෝඩ් කිව්වෙ.මං අන්තිම පඩියෙ,යාලුවා ඊට උඩ එකේ.දැන් බස් එක යන්න අද්දනවා.ඒත් යාලුවට ඇල්ලුවෙ නෑ මේ වැඩේ. "නිසුපා මොකද කියන්නෙ අපි බහිමුද?".මටත් හදිසියක් තිබුන නැති නිසා හා කියලා උත්තරේ දුන්නා.


              හරි ක්‍රමයට ඉස්සරහට හැරුනා,පැන්නා,දිව්වා.මොන අඩි දෙකක්වත් දුවන්න වුනේ නෑ.මොනවද මන්දා කකුල් දෙකේ පැටලෙනවා දැනුනා.ඊලග මොහෙතෙ මම බිම.හැබැයි හීරීම් තුවාලයක් වත් නෑ.ඇයි අප්පා වැටුනෙ හොද කුෂන් මෙට්ටෙයක් උඩනේ.හන්දිය මැද්දෙ කුෂන් කරලා එහෙම හිතන්න එපා හරිද.මං පත බෑවුනේ මගෙ යාලුවගෙ ඇග උඩට.මට ඉතිං කිසිම තුවාලයක් නෑ.බැලින්නම් එයා රෝන්ග් මෙතඩ් එකකට පැනලා.එයාගෙ කකුල් වල පැටලිලා මාත් පෙරලුනා.




                දිඩිබිඩියෙ නැගිටලා වටපිට බලනකොට මුලු මීපෙම කස්ටිය අපි දිහා බලාගෙන.අපොයි ලැජ්ජාවක මහත.වෙලාවට බිම පෙරලුන අපි දෙන්නා දැකලා "නදී" නැවත්තුවා.නැත්නම් ඉතිං දිරවන්න බැරි තරම් චාටර් ගොඩක් කන්න වෙනවා.යාලුවගෙනම් දනිස් දෙකම හම ගිහින් ලේත් එනවා.ඒ මදිවට අඩනවාත් එක්ක.හපොයි..දෙන්නවම නග්ගගත්තා බස් එකට සීටුත් හම්බ වුනා.ඔන්න බොලේ බේත් දාගන්න කියලා සල්ලිත් දෙන්න හදනවා.මොනවා වුනත් ගුණ යහපත් ඩ්‍රයිවර් කෙනෙකුයි,කොන්දෙකුයි නේද..?


                අපි සල්ලි ගත්තෙ නෑ.ඇයි ඉතිං ඉස්කෝලෙන් නොමිලේම බේත් දාගන්න පුලුවන් කම තියෙද්දි තව මොකටද සල්ලි.විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බේත් දානකොටත් මෙයා කෑ ගහලා අඩන්න ගත්තෙ නැතැයි.සික් රූම් එකේ ඇන්ට්ය් හිනා වෙනවා "ඔයා පොඩි එකෙක් වගේනෙ" කියලා.හම්මේ...ඔයින් ගියා මදැයි.හවස් වෙනකොට උදේ මීපෙ හන්දියෙ හිටපු නැති අයත් සීන් එක දන්නවා.කොහොමහද ඕපා දූප කවරේජ් එක.


                 මොනවා වුනත් දැන්නම් මට සාමාන්‍යෙන් හොදට බස් එකකින් පැන ගන්න පුලුවන්.ලගදි දවසක අම්මලත් එක්ක කතරගම යන්න යන කොට තඩි බෑග් එකත් කරේ දාගෙන බස් එකෙන් පැනපු හැටි දැකලා බස් එකේ කොන්දා මට පැනීම පිලිබඳ සහතිකයකුත් දුන්නා නෙව?["මෙයාටනම් බස් වලින් බැහැලා හොද පුරුද්දක් තියෙනවා වගේ.බැස්සා නෙවෙයි පැන්නානෙ"කිව්වා.ඔය ටික කිව්වෙත් අපේ අම්මට.අම්මා හිනා වෙලා නිකන් හිටියා].කාටද ආඩම්බර...

               

34 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හප්පට සිරි අක්කේ. ඔයාට මාරම මාර සීන්නේ වෙලා තියෙන්නේ.
    තව ඔය වගේ එවා තිබුනොත් අද හෙටම දාන්න.

    ReplyDelete
  3. බස් රථ වලින් පැනීමේ සූරිය නිසූපා!

    අහලා තියෙනවද ඇමරිකාවේ හිටපු ප්‍රසිද්ධ මංකොල්ලකරු ජෙසී ජේම්ස් ගැන? එයා නම් ධාවනය වන දුම්රිය වලට නැගීමේ සූරයෙක්. නිසූපා අක්කත් දැන් පනින එක නවත්තලා ධාවනය වන බස් රථ වලට නගින්න ට්‍රයි කරලා බලන්න.

    ReplyDelete
  4. පුදුම පැනිලි තොගයක් නෙව මේ ලමය පනින්නේ. :D අර කාලයක් ලංකාවේ හිටපු ඇමති තුමෙක් රොනි උන්නැහැ. රොනීද මැල් පනීද පිල් කිවුව වගේ නිසූ පා පැන දූ පා.. වෙයිද දන්නෙ නැහැ මේ පැනිලි නිසා :D

    ReplyDelete
  5. යාලුව හින්ද බේරුනා නේ! :D

    ReplyDelete
  6. ඕක තමා කියන්නෙ හරියට පනින්න දන්න යාලුවෙක්ව ආස්‍රය කරන්න කියල :)

    ReplyDelete
  7. මන් හිතන්නේ තාම පරක්කු නැ උත්සහ කලොත් සවුත් එශියන් ගේම් වල මලකඩ පදක්කමක්නම් සුවර්.පොඩි සැකයක් පි‍ටුම්පේ නෙමෙයි නේ ගම.මම පි‍ටුම්පේ,

    ReplyDelete
  8. පොඩි අවුලක් තියනවා අක්කේ... ඔයාට උඩ පඩියේ හිටපු කෙනාගේ ඇග උඩට ඔයාව වැ‍ටුනේ කොහොමද???? ඔයාගේ ඇග උඩටනේ එයාව වැටෙන්න ඕනේ..

    කොහොමහරි ඔයාට තුවාල නැනේ

    ReplyDelete
  9. එලියට විසිවුණ හින්ද හොදයි ... රෝද අස්සට එහෙම විසිවුනනම් ... බලාගන්න තිබුන වෙනදේ ...

    ReplyDelete
  10. අනේ හොම්බ කට නොකැඩී බේරුනා ඇති.. මේ මැඩම්ටත් හරි යාළුවොනේ ඉදලා තියෙන්නේ

    ReplyDelete
  11. මේ පැනිල්ලේ හැටියට ඔලිම්පික් යවන්න ඕන... අර කුෂන් එක උඩට වැටුනේ නැත්නම් බලන්න තිබුනා අක්කත් කෑ ගහලා අඩන හැටි...

    ReplyDelete
  12. ශේහ්.. යාළුවා ඔයාගේ උඩට වැටෙන විදිහට පැන්න නම් මරේ මරු.. එහෙනම් අද නිසුපා කෙනෙක් නැහැ... LOLzzzz ....

    ReplyDelete
  13. අක්කට දැන් මාරම හැකියාවක් තියෙනවනේ බස් වලින් පනින්න. හොද වෙලාවට අක්කා කෙට්ටුවට හිටියේ නැත්නම් යාළුවා තැලිලා මැරෙනවා.

    ReplyDelete
  14. ඔව් ඉතින්, ඔයා පෑනල තියන පෑනිලිවල හෑටියට ඕකත් මහ ලොකු පෑනිල්ලක් නෙමෙයිනෙ. ඒවා ඉතින් අපිත් නොදන්නවා නෙමෙයි හොඳඳ නිසූ.

    ReplyDelete
  15. එකනේ හරියට පනින්න දන්න කෙනෙක් එක්ක පැන්නනම් හරි........!

    ReplyDelete
  16. දැන් පුළුවන් පුළුවන් කිව්වට ඔය වැඩ කරන්න යන්න එපා. පොඩ්ඩක් හිතන්න වයස ගැන...

    ReplyDelete
  17. හ්ම්ම්. මට නම් මතක ඔයිට වඩා වෙනස් විදිහකට.
    දන්නෙ නෑ ඉතින් ඔයාල බහින්න කතා උනාද කියල, මම හිටියෙ හෝල්ට් එකේනෙ.
    මම නම් දැක්කෙ. දෙන්න නැග්ග, බස් එක ඇද්දුව, ඔයාල හරියට අල්ලන් හිටියෙ නෑ, දඩිං බිඩිං ඩෝං.....
    ඔයාල පනින්න හදනව නම් මම දැක්කෙ නෑ. දඩිං ගාල වැටෙනව තමා දැක්කෙ.

    ReplyDelete
  18. මටනම් දුක ඔයාගේ යාළුවා ගැන :)

    ReplyDelete
  19. අම්මේ ෆුට් බෝඩ් ගිහින් අපේ එකෙක් ට උණු කෙලියක් මම දාල ඇති බ්ලොග් එකේ. නියමයි. ඔන්න ඔහොම රෙදි පිට ඉන්න ඕනේ.. හැම එකටම.. ඒ අතින් නිසුඋප අක්කගේ තාත්තා නියමයි...

    ජය..

    ReplyDelete
  20. අපොයි දෙයියනේ වාසනාවට අතක් පයක් බස් එකට අහු නොවී බේරුණේ. පැන්න වගේ නෙමෙයි පරිස්සමින්.

    ReplyDelete
  21. "මං ඉතිං ඒ දවස් වල කෝටුකිතයි ටයිප් නේ."

    දැන් එතකොට නිසූපා හිතං ඉන්නේ එහෙම නැහැ කියලද..?

    ReplyDelete
  22. ෂා..... අක්කත් මරුනෙ... කාටද ආඩම්බර??? ;)
    හොඳ හොඳ පැනිලි නේ පැනලා තියෙන්නෙ. හික්ස්ස්ස්ස්..... මරු නෙ..:D

    ReplyDelete
  23. ආච්චිගෙයි මිණිබිරීගෙයි ජම්ප් එකේ කතාව මතක් උනා!

    ReplyDelete
  24. හප්පා, මම අපේ ස්කොලේ ළඟ වැරදි විදියට පාර මාරු වෙන්න ගිහින් ඔය නදී එකේ හැප්පෙන්න ගිහින් නොහැපි බේරුනේ අනු නවයෙන්. ඔය කොන්දද වෙන කෙනෙක්ද දන්නේ නැහැ, මට කිව්වා "මල්ලී කේන්දරේ බලාගන්නවා" කියලා. (පදිංචිය රත්නපුරේ)

    ReplyDelete
  25. පනින්න පෙර සිතා බැලුවේ නැද්ද?...හිකිස්...

    ReplyDelete
  26. හිහ් හිහ්.. මදෑයි ඔයින් ගියා.

    ReplyDelete
  27. හිකිස්.. මටත් බස් වලින් පැනීමට වඩා කෝච්චි වලට නැගීමේ හොඳ පළපුරුද්දක් තියෙනවා.. මිටි නිසා සුටුස් ගාලා අස්සෙන් රිංගන්න පුළුවන්.. හී හී.. අක්ක නම් මරු හැබැයි. පව් අප්පා අර යාළුවා

    ReplyDelete
  28. @විරාජ් බුවා - ඔහොම ඉන්න අනේ. හොද හොද සෙල්ලම් ඉස්සරහට බලන්නකෝ.

    @විසිතුරු | visituru - ඔව් ඔව් සූරියක් තමයි..
    ඒකත් ට්‍රයි එකක් දීලා බලන්න ඕනෙ.ඉස්සරනම් ධාවනය වෙන බස් වලට තාත්තා මාව උස්සලා තියලා එයත් නගිනවා.ඒත් මං තනියෙන් නම් නැගලා නෑ.

    @Tharinduhw122 - ලොලේ ලොල්...

    @Chandika - ඔව් අනේ ක්‍රීඩාවක් විදිහට විතරයි පැනලා නැත්තෙ. :D
    ඒ නමත් නරකම නෑ.

    ReplyDelete
  29. @තනි අලියා - යාලුවා නිසා බේරුනා කියන්නත් බෑ.එයා නිසා තමයි එයාගෙ ඇග උඩම හරි මාව වැටුනේ.

    @Chanaka Aruna Munasinghe - මොනවා කරන්නද අනේ එහෙම අය හැම තිස්සෙම හොයන්නත් බෑ නෙ.

    @දේවා ගේ අඩවිය - මේකනෙ මල්ලි මං සිස්ටම් එකට පනින්න හරි බරි ගැහෙන කොට එයා උඩ ඉදන් පැනලා ඉවරයි.ඒකයි වැටුනේ.:D

    මට තුවාල වෙන්නෙ කොහොමද මල්ලි කුශන් එකක් උඩට වැටුනාම.:))

    @Sanjaya සිතුවිලි - එහෙම වුනානම් ඔයාල මාව දන්නෙ නෑ.මගේ යාලුවො ටික බ්ලොග් වල මං ගැන ලියාවි.ඔයාලත් ඇවිත් සංවේගය පල කරලා යාවි.:)

    @Dinesh - අපොයි එපා.ඔලිම්පික් වල බස් වලින් පනින තරග නෑ නෙ.
    නෑ මල්ලි මං සාමාන්‍යයෙන් ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි.

    ReplyDelete
  30. @$මරුමූස් $ - ඒක නේන්නම් එහෙනම් චප්ප වෙලා මැරෙනවා.

    @මධුරංග - නෑ නෑ ඒත් එහෙම වෙන එකක් නෑ.තාම මං එයා තරමට මහත් වෙලා නෑ.:))

    @නවින්ද්‍ර අල්පෝන්සු - ඔන්න කිව්වා ඉතිං .:P

    @රහස් පරික්ෂකයා - ඒකනේ...:)))

    ReplyDelete
  31. @Prasanna - ඈ මාලුවො මං නාකියි කියලා හිතුවද බොල....

    @Madhawa Habarakada - ඔයාලට ඉතිං ඒවා ඇහෙන්න නැතුව ඇති නෙ. හොදට අල්ලගෙන අනේ හිටියෙ. වැරදි වැටහීම් වල ඉදලානෙ තියෙන්නෙ...:(

    @Sayuri - දුක් වෙන්න එපා අක්කා.එයාට ටිකයි තුවාල වුනේ.

    @Gayan Rupasinghe - මං ඒක කියෙව්ව මල්ලි.ඇග හීතල වුනා ඒක කියවලා.ඔව් අනේ අපේ තාත්තාගෙ හැටි එහෙමයි. "මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පොඩි වෙන නිසාමයි" කියන්නෙ නිකන් නෙවෙයි නේ.

    ReplyDelete
  32. හානේ අක්කණ්ඩි....
    ඹාලු ෆිටි එකත් හිතං ඉන්ටේ කෙමිකෙල් ඉන්ජිනේරැවෙක් වන්නටය.
    මරේ මරු නෙවෙද?
    ඹාලු ෆිටි එකේ පළවෙනි කිරි කජු කමෙන්ටුව මෙය වන්ටේය.
    කථාව නං මරුය.
    ඒත් බස් වලිං පනින්ට ගොස් අඬු පඬු කඩා ගන්න එකටනමි ඹාලුවා විරුද්ධය.
    හේතුව අන්තිමට වන්දි ගෙවන්ටේ අඬු කඩා ගන්නා අයම නිසාය.
    ( සහෝදරියගේ යෙහෙලි තෙම සනීපෙන් සිටිදැයි දැන ගැනීමට ඹාලුවා කැමැත්තේය.)
    ඹාලු යාලුවා නමි කවදාවත් බසයකින් පනින්ටේ නැත.අපේ ගමි පළාතේ යන ඉස්පීඩි එක හැටියට , සුපර් සොනික් එකකින් බහින හැටියට බසයෙන් බැසිය යුත්තේය. ...එම නිසා එය හැදින්වෙන්නේ “ සෙනසුරැ මාරුව “ කියාය..

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...