expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, September 15, 2011

පම්ප් එකක් දාමුද?

          ඊයෙ තවත් මීටින් දවසක්.මළ මගුල් ට්‍රැෆික් එකක් නිසා මං යනකොට අපේ ක්ලයන්ට් වෙන කස්ටිය ඇවිල්ලා ප්‍රොජෙක්ට් මැනේජර්ත් එක්ක රවුම දානවා.මාත් දඩි බිඩි ගාලා උදේට කියලා ගෙනාපු පාන් කෑලි ටිකත් කාලා දිව්වා සයිට් එකට.වෙලාවට ජයන්ති කුමාර සර්යි,නිශ්ශංක සර්යි ආවෙ ඒ වෙලාවෙමයි.වෙලාවට කිවාට  මං පරක්කු වුනා කියලා වැඩි අවුලක් දාන්නෙත් නෑ ඒ ගොල්ලො.

            මේ සයිට් එකේ ප්‍රධානම ඩිරෙක්ට කෙනෙක් වෙන්නෙ අපේ කැම්පස් එකේ ඩිපියුටි වයිස් චාන්ස්ලර් වෙන ප්‍රොෆෙසර් කෙනෙක්.ඒ නිසා කන්සල්ටන්, ආකිටෙක්ච්ර් අර ගොල්ලො මේ ගොල්ලො කවුරු හිටියත් මෙයා කියන විදිහට තමා වැඩ යන්නෙ.මේ කස්ටිය ම සෙට් වුනාම රස ආකරයක් එතන.

           ඊයෙත් ඉතිං සුපුරුදු ලෙස කස්ටිය එක තැනකට වෙලා ඉන්නකොට අපේ ප්‍රොෆෙසර් කියනවා ඇහෙනවා. "බලන්නකො ගාමිණි හරියට තෝරගන්න එකක් කියන්නෙ නෑ නෙ.එක්කො කියනවා ගෑනි කලුයි කියලා,නැත්නම් කියනවා කොන්ඩෙ දිග නෑ කියලා.මට ඉතිං මෙහෙම ගියොත් නොබැඳම තමා ඉන්න වෙන්නෙ."



                මේ මොන කුණුහරුපයක්ද..කසාද බැදලා ලමයිනුත් ඉන්න මේ වයසට ගිය ප්‍රොෆෙසර් ආයෙත් බඳින්න...:O.ඔන්න බොලේ ඊට පස්සෙ කියනවා "මට වෙන කරන්න දෙයක් නෑ.ඉතිං ගාමිණි මොනව කිව්වත් මට මේක කරන්නම වෙනවා.නැත්නම් මගෙ වැඩ පරක්කු වෙනවා.වෙන ඒවා වගේ නෙවෙයි අපේ රටේ දේ නිසා විස්වාසයි එක්කනෙ.අනික රිපෙයාර් එකකට වුනත් බඩු තියෙන නිසා බයත් නෑ.රිපෙයාර් කලාට පස්සෙ ආයෙත් මොනවද අලුත් වගේ තමයි."කියලා.

            වටේ හිටිය කස්ටියත් කියනවා "ඒකත් එහෙම තමයි කැඩුන බවක් මතකත් නෑ ජිවිත කාලෙටම." කියලා.මාව ඩිම් වුනා.මේ මොන හුට්ටපර කතාවක්ද මේ කියන්නෙ."ඒකනෙ එහෙනම් මම ජිනසේන පොම්ප ගන්න කොටේශන් එක දෙන්නම් එහෙනම්." මෙච්චර වෙලා ගෑනියෙක් ගැන කතා කරපු අය මෙන්න ඒ පාර පොම්පයක් ගැන කතාව.

            අප්පේ දැන් නෙ ටියුබ් ලයිට් එක පත්තු වුනේ.ඇත්තටම මේ කස්ටිය මෙච්චර වෙලා කතා කරලා තියෙන්නෙ සයිට් එකට ඕනෙ කරන පොම්පය මොන ජාතිය වෙන්න ඕනෙද කියන එක ගැන.ඔන්න එතකොටම මට අපේ සර්  (ගාමිණි සර්)  ගිය සතියෙ කියපු පොම්ප  කතාවත් මතක් වුනා.

           ජිනසේන පොම්ප අපේ රටේ සාඩම්බර නිෂ්පාදනයක්. ඉස්සෙල්ලා කියපු කාරනා ටික සහ පිරිසැකසුම ( fabricate කියන වචනෙට මධුර දුන්නෙ ඔය තේරුම.පුලුවන් නම්  ඔයිට වඩා සරල තේරුමක් කියනවද?) හොඳ නිසාම ලොකු බිල්ඩින් හදනකොට වතුර පොම්ප කරන්න මේවා යොදා ගන්න නිසි බලදාරියො හරිම කැමතියි.ඒත් ඉතිං කොහෙන්හරි කොස්සක් එනවාමනෙ.මේකෙත් තියෙනවා එහෙම එකක්.

           එක එක සයිට් වලට ඕනෙ වෙන්නෙ වෙනස් වෙනස් ෆ්ලො රේට් තියෙන ඒවානෙ.ඇයි ඉතිං වතුර ටැංකියේ ප්‍රමානය එහෙම වෙනස් නෙ.අපිට ඕනෙ ෆ්ලෝ රේට් එක මොකක් වුනත් ජිනසේන අය දෙන්නෙ එයාලා ගාව තියෙන ඒවාලු.ආයෙ ඉතිං අපිට ඕනෙ මේ තරම් කීවට ඕනෙ නම් ගනින් නැත්නම් නිකන් හිටපන් කියලා වෙනසක් නොකරම දීලා දානවලු.

පොම්ප වක්‍රයක්

             කස්ටිය සමහරු දන්නවා ඇතිනෙ පොම්ප වලට වක්‍රයක් කියලා තියෙනවා.පොම්පෙ තියන රවුම් තැන් ගැන නෙවෙයි කියන්නෙ හොඳේ.අර ගණිතයේ එහෙම තියෙන වක්‍ර හරිද.ඒවට අනුව එක ෆ්ලෝ රේට් එකකදි තමයි හොදම කාර්යක්ශමතාවය පොම්පෙ තියෙන්නෙ.ඒ කිව්වෙ ලබා ගන්න කරන්ට් එකෙන් වැඩි හරිය වතුර පොම්ප කරන්න ගන්නවා.
           
             ඒත් ඉතිං ජිනසේනලගෙ වැඩ නිසා සමහර වෙලාවට ඕනෙ ෆ්ලෝ රේට් එක ගන්න කොට කාර්යක්ශමතාවය 40% එන වෙලාවලුත් තියෙනවාලු.එතකොට 60% අපතේ.කොහොමද එතකොට කරන්ට් බිල....හිතා ගන්න කෝ.......
 

ප.ලි.

ගෙදරට ජිනසේන පොම්ප නම් දාලා තියෙන්නෙ බය වෙන්න එහෙම එපා. හරිය....මේවා ඉතිං වැඩිය අදාල වෙන්නෙ ලොකු,තට්ටු ගනන් තියෙන බිල්ඩින් වලට නෙව...

56 comments:

  1. මටත් නිකං ටියුබ් ලයිට් වගේ.. :D

    ReplyDelete
  2. කාලයේ අවශ්‍යතාවයට වෙනස් නොවුනොත් ව්‍යාපාර බංකොලොත් නේද . එයාලටත් එහෙම වෙයිද . ඔයාගෙන් අපි මේ ගොඩනැගිලි කර්මාන්තය ගැනත් මොනවා හරි ඉගෙන ගන්නවා නිසුපා

    ReplyDelete
  3. තේරුනේ න්ඇද්ද මන්දා

    ReplyDelete
  4. හික් හික් හී. මම හිතුවෙ මේ වෙන පම්පයක් ගැන. :D
    අපේ ගෙදරත් තියෙන්නෙ ඔය ජාතියෙ එකක්ද මන්ද, මතකත් නෑ. දැන් ඒක අවුරුද්දක විතර ඉඳල වැඩ කරන්නෙත් නෑ නෙ. :D

    ReplyDelete
  5. හිහ් පොම්ප චකක්කරයක් ගැන මේ ඇහුවමයි:)

    ReplyDelete
  6. චිකේ අපිට තියෙන්නෙ මහ කැත හිත් අප්පා. මාත් හිතුවෙ වෙන එකක්. අපේ ගෙදරත් තියෙන්නෙ ජිනසේන පම්ප් එකක් තමා.

    ReplyDelete
  7. මටත් නම් ඉතින් අර කවුද කීවා වගේ ටියුබ් ලයිට්....:D:D:D

    ReplyDelete
  8. මුලදි මාව කරකවලා අත ඇරියා වගේ. අන්තිමට නේ වැඩේ තෙරුණේ...... හිකිස්ස්ස්ස්...... :D :D

    ReplyDelete
  9. ටොපික් එක දැක්කාම මං හිතුවේ වෙන එකක්... මේකනම් තේරුණේ නෑ නෑ වගේ...

    ReplyDelete
  10. නිසූ අක්කා ටියුබ් ලයිට් වුණත් තේරෙණ කල් කට වරද්ද ගන්නෙ නැතුව හිටපු එක හොඳයි!

    ReplyDelete
  11. ඔයා කියනවා වගේ මේක ගෙදරකටනම් ඒ තරම් බලපාන දෙයක් නෙවෙයි, එහෙම වුනත් කරන්න දෙයක් නැහැ.( දේශීය කර්මාන්ත වැටෙන්න දෙන්න හොඳ නැහැනේ ).
    අපි ගෙදරකට බල්බ් එකක් ගන්න කොට කවදාවත් අපිට අවශ්‍යය වොට් ගාන ගනනය කරන්නෙ නැහැනෙ...අපේ අවශ්‍යයතාවයට ආසන්නම වොට් ගාන තියන බල්බය තෝර ගන්නව මිසක්. කාරෙකක් ගත්තත් අදාල සිලින්ඩර් ධාරිතාව තියන කාර් එකක් ගන්නවා මිසක් අපේ ගෙදර ඉන්න අයගෙ බරට හරියන විදියෙ බරක් අදින්න පුලුවන් කස්ටම් මේඩ් කාර් හොයන්නෙ නැහැනෙ...
    විශාල පරිමාණයේ ව්‍යාපෘති වලදි නම් මේ විදියට තමන්ට අවශ්‍ය ධාරිතාවෙන් කස්ටම් මේඩ් පොම්ප හදනවා තමයි. ඒත් බොහෝවිට ලංකාව වගේ රටක ඒ වගෙ දේවල් වලට තියන් ඉල්ලුමත් එක්ක ඒක මොන තරම් ගැලපෙනවාද කියන එක ප්‍රශ්ණයක්.
    පොම්පේ කාර්යක්ෂමතාවය 40 % ක් වුනොත් 60% ක් ම අපතේ යනවා කියන්න බැහැ නේද ? කිසිම උපකරණයක් 100 % ක් කාර්යක්ෂම නැහැනෙ...
    (මෙතන බාල්දි පෙරලනව කියලා ආයෙ මාව මේ පැත්තට වද්ද ගන්න එකක් නැද්ද මන්දා )

    ReplyDelete
  12. කොච්චරවත් වල් හාවා වල් හාවා කිවාට මිනිස්සු මට ඔය ටොපික් එක ගානක් ගියේ නැනෙ.. එහෙම නම් මං දාන්නෙ..

    මං හිතුවේ මේක මේ චූ බරත් එක්ක සම්බන්න දෙයක්දෝ කියලා :P

    ReplyDelete
  13. මමත් කැමති නෑ දිග කොන්ඩේට.. කලු උනටනම් වරදක් නෑ... ඕන එකක් කියල ජිනසේන පොම්පයක්ම ගන්නවා...

    ReplyDelete
  14. අපේ ගෙදරට ඔය කියන පොම්ප දාලා නෑනේ.
    හික්ස් :)
    පොම්ප පස්තාරේ !!!!!

    ReplyDelete
  15. පොම්ප කිව්වහම මතක් උනේ.
    ඔන්න මම training ඉන්න කාලෙ අපේ super senior බැච් එකේ අයියා කෙනෙක් මම හිටපු company එකට වැඩට එන්න interview ඇවිල්ල තියනව. එයාව interview කරන ගමන් අහල තියනව ගෙදර තියන වතුර පොම්පෙ power consumption එක කීයද කියල. මේ අයියා කියල තියනව 6 MW කියල. (මේ ඉලක්කම් පිළිබඳ අවබෝධයක් නැති අය උදෙසා :6 MW කියන්නෙ හෝස් පවර් 8000 කට වැඩියි. අපේ ගෙදරක තියෙන්නෙ සාමාන්‍යයෙන් හෝස් පවර් 1/2, 3/4 වගේ වතුර පොම්ප තමයි)ඉතින් ඇහුවලු ඒ පොම්පෙන් හඳට වතුර පොම්ප කරන්න පුලුවන්ද කියල.
    ඉතින් ඔය කතාව කොහොමහරි campus එකටත් ආව. නිසූපා නංගිගෙ department එකේ proffessor කෙනෙක් ඊට පස්සෙ rule of thumbs ගැන කතාකරනකොට ඕක නිතරම කියන්න ගත්තා.
    සමහරවිට ඔයාලටත් ඔය උදාහරණෙම කියල ඇති. මොකද ඒ sir ඕක මතක්වෙන මතක්වෙන සැරේට කියනව.

    ReplyDelete
  16. හික්..අයියෝ ,...මං හිතුවෙ ප්‍රොෆෙසර් ආයෙත් බදින්නයි හදන්නේ කියල..

    ReplyDelete
  17. අක්කා එකපාරම අපිවත් ටියුබ් ලයිටි කොලානේ... පොම්ප චක්කකරේ.... මටනම් තේරුනේ නෑ ඔන්න...

    ReplyDelete
  18. මුලින්ම ටියුබ් ලයිට් වෙලා පස්සේ හරිගියා ...

    ReplyDelete
  19. @Bunny,ශානු,Podi Kumarihami - අයියෝ...තේරුනේ නැද්ද අප්පා :((.මෙතන කියාදෙන්න ගියොත් තව පෝස්ට් එකක් වෙනවා මේක.මට මේල් එක එවුවොත් කියලා එවන්නම්.

    @Bindi - ස්තූතියි අක්කෙ. මං දන්න පොඩ්ඩ හරි කියලා දෙන එක මට සතුටක්.වැටෙන එකක්නම් නෑ.අපේ සර්ලා කිව්වා ඒ ගොල්ලන්ව හදලා ගන්න ඕනෙ කියලා.

    @Madhawa Habarakada - ඕන් බලන්නකො ඔයත් හිතපු දේවල්...:D

    @නදී -ඔය පින්තූරෙ වගේ ඒව විතරක් නෙවෙයි ඔයිට වඩා සංකීර්ණ ඒවත් තියෙනවා.

    ReplyDelete
  20. @Gimhani - හික්ස්. ඔන්න බලන්නකෝ ඉතිං.ගෙවල් වල ඒවටනම් අවුලක් නෑ මං හිතන්නෙ. :D

    @මහි - තේරුනානම් හොදයි අනේ....:)))

    @මන්තරකාරි - එහෙම හිතෙයි කියලා හිතාගෙනමයි දැම්මෙ.අයියෝ ඔයාටත් කියන්න වෙන්නෙ Bunnyට,ශානුට,Podi Kumarihamiට කියපු දේමයි.

    @විසිතුරු | visituru - මං එතන වැඩිය කියවන්නෙ නෑ අනේ...:)) මගෙන් දෙයක් ඇහුවොත් තමයි මොනව හරි කියන්නෙ..

    ReplyDelete
  21. අපේ රටේ ගෙවල් බොහොමයක නම් තියෙන්නේ ජිනසේන පොම්ප තමා. කොහොමත් ඉතින් ගෙවල්වල අවශ්‍යතාවය සරලයි, අනික Rules of Thumb වලින් ‍තෝරගන්නවා මිසක ගණන් හදන එකක්යැ...

    මම ඉස්සර හිටපු කන්ස්ට්‍රක්ෂන් කොම්පැණිය ජපන් එකක්නේ... ජපන්නු හරි අකමැතියි බාල බඩු දාල වැඩ කරන්න! ජිනසේන පොම්ප බාලයි කියනවා නෙවෙයි, මම හිටපු වැඩබිම් වල පාවිච්චි කලේ Grundfos කියන හොඳම පොම්ප වර්ගය තමා...

    ReplyDelete
  22. මේක කියවල නිකන් මාව කරකෝලා අත ඇරියා වගේ.. මොකද ඔය පිළිබඳව දැනුමනම් අල්පයි...

    ReplyDelete
  23. හෙහ්.. මං හිතුවා නිසූපා චූ කතාවක්වත් කියන්න යනවද කියල...

    ReplyDelete
  24. @Luckey - අලුතෙන් වැඩිදෙයක් කරන්න නෑ වෙනස් කරන්න.සර්ලා කියන විදිහට නම් කරන්න තියෙන්නෙ ශාෆ්ට් එක පොඩ්ඩක් කම්මලකින් ගාලා ගන්න එක ඕනෙ ගානට.
    කිසිම යන්තරයක් 100% කාර්යක්ෂම නෑ තමයි.ඒත් ඒ එවල තිබුන දත්ත හැටියට 25% විතර කාර්යක්ෂමතාව තිබුන ඒවත් තිබුනා.
    අදහස් දැක්වුවාට ස්තූතියි.එහෙම පන්නන්නෙ නෑ අනේ..:)

    @Bunny- අයියෝ බනියො මං හිතුවෙ කස්ටිය එහෙමම හිතාගනියි කියලා....:)))))

    @Enemy - අප්පේ ඉන්ටර්වීව් එක කරපු එකාට බඩ අල්ලගෙන හිනා යන්න ඇති නේද අයියේ.
    හ්ම්.... අපේ dep එකේ ඉන්න ප්‍රොෆෙසර්ගෙන් මටනම් ලෙක් එකකට ඉන්න වාසනාව තිබුනෙ නෑ අයියේ.ඔහොම කතාවක් වෙන කවුරුත් කිව්වද කියලත් මතක නෑ.:(

    @ චතූ...... - අපොයි නෑ...හික්ස්.එතකොට බැදලා ඉන්න කෙනාට මොකද කරන්නෙ...?

    ReplyDelete
  25. මාත් එක පාට්ට ටියුබ් ලයිට් වුනා ටයිට්ල් එක දැක්ක ගමන්... බලාගෙන යද්දි කියල තියෙන්නේ වෙන පොම්පයක් ගැනනේ

    ReplyDelete
  26. හ්ම් දැන්නම් පම්ප් එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා :D

    ReplyDelete
  27. @Dinesh - හ්ම්...මොකද කරන්නෙ ඒකට ගොඩක් අයට තේරිලා නෑ වගේ.:(

    @Sanjaya සිතුවිලි - පත්තු වුනා නම් ගොඩම තමා...:))

    @ගීතක - ඇත්ත අයියා Grundfos පොම්පෙ හොදයි කියලා කට්ටියම කතා වුනා.ඒත් මෙතන වැඩ දැන් තද වෙලා.ඕර්ඩර් කර කර ගේන්න වෙන්නෙ නෑ.

    @කින්නරාවි - හ්ම්.....මොනවා කරන්නද නංගි ලියන්න හිතුන නිසා ලිව්වා.තේරුනේ නැති වුනත් කමෙන්ට් එකට ස්තූතියි.

    ReplyDelete
  28. @ පැණි දොඩම් - හික්ස් ...නෑ නෑ මේ රියල් පොම්පයක්..;)

    @ prasanna86k - කතාව පටන් ගෙන කියවන් යද්දි මාතෘකාවයි කතාවයි ගැලපෙන්නෙ නෑ කියලා හිතුනද..?වෙන පොම්පයක් නේන්නම්

    @ ..ChAnDiKa.. - නැතුව නැතුව හොදට හිතලා බලලා දාන්න ඕනෙ..:D

    ReplyDelete
  29. දරුවා කම්මැලි කම හින්දා හරියට විස්තර කොරලා මදි වගේ.. එහෙම උනාම පොම්ප හා පොම්ප හයිකරන වැඩ ගැන නොදන්න අයට ප්‍රශ්න මතු වෙනවා.. එහෙම කරන්ට එපා.. කම්මැලි නැතිව ලියන්ට ඕන.. නැත්තං පොම්ප හයි කොරන්න දන්නෙ නැති අය නොමඟ යන්ට පුළුවන්..

    පොම්ප හයි කොරන්ට සහ පොම්ප ගැන දන්න අයටනං ඕක ගැටළුක් නෙවෙයි තමා..ඒත් නොදන්න අය කොච්චර ඉන්නවද..?

    මටනං ඉතිං යන්තං යන්තං තේරුනා...
    ඒ ඉතිං ඔය වගු හා චක්‍ර ඇසුරෙන් නෙවෙයි.. ඔය පොම්ප හයි කොරන අයට උදව් කිරීමෙන් ලත් දැනුමෙන් හා ඉඳ හිට පොම්ප හයිකොරලත් තියෙන හින්දා..

    දන්න කියන ළමයි හැටියට මෙව්වා මීට වඩා පැහැදිලි කොරලා ලියන්ට ඕන..ඒක ලොකු සේවයක්..ඕං කිව්වා...

    ReplyDelete
  30. @ මාරයාගේ හෝරාව - අනේ කම්මැලිකමට නෙය්ය් අයියෙ ලිව්වෙ නැත්තෙ.මං පුලුවන් තරම් උත්සාහ කලේ වැඩිය තාක්ශනික තොරතුරු නැතුව සරලව ලියන්න. එතකොට කට්ටියට තේරෙයි කියලයි හිව්වෙ.දැන් තමා තේරෙන්නෙ ඔක්කොම මුල ඉදන් කියලා දුන්නානම් හොදයි කියලා.

    ආයෙත් දවසක නිවවාඩු පාඩුව මුල ඉදලාම කියලා දෙන්න ඕනෙ රූප සටහන් එක්කම.

    අයියට් ගොඩක් ස්තූතියි අඩු පාඩු පෙන්නලා දෙනවාට...:))

    ReplyDelete
  31. මේකනේ නගේ වැඩේ.. ඔයා ලියපු දේ නියම වටිනාකම එන්නේ ඒක හරහා කියන දේ හැමෝටම තේරෙන තරමටයි. එතනදී තාක්ෂනික දේවල් ටිකක් පැහැදිලි කලාට කමක් නැහැ. ඒහෙම දෙයක් කියවන්නත් කම්මැලි නැහැ.. මොකද කතාවක් එක්ක යන හින්දා...

    එහෙම නැතිව ඔන්න එක පාරටම පෝස්ට් එකක් දැම්මොත් පොම්ප සම්බන්ධව.. ඒවායේ ක්‍රියාකාරීත්වය හා ධාරිතාවයන්.. ගැන වගේ එතකොටනං කම්මැලි කමට කියවන එක මග ඇරෙන්ටත් පුළුවන්..ඒත් මෙතනදී ඔයා කියන කතාව තේරුම් ගන්න අර කරුණු වැදගත් වෙන හින්දා අනිවාර්යයෙන්ම ඒ ටිකත් පැහැදිලිව දාන එකයි හොඳම දේ.

    එතකොට කතාව තේරුම් ගන්න ඒ ටික කායවනවා වගේම ටික දවසකින් කතාව අමතක උනත් ඔයා කියා දෙන පාඩම අනිත් අයට මතක හිටිනවා..කවදා හරි දවසක ඒ මතකය කාට හරි ප්‍රායෝගිකව පිහිටක් උන දවසට කාටද ආඩම්බර..?

    ReplyDelete
  32. හෆ්ෆා....... මටත් මුලින් ටියුබ් ලයිට්..:D :D D පස්සෙ හරි ගියා

    ReplyDelete
  33. මම හිතන්නේ KSB පොම්ප හොදයි කියලා.
    කොහොම වුනත් අක්කගේ විස්තරය තව තිබුණානම් හොදයි කියලා මත් හිතනවා..

    ReplyDelete
  34. කොහොම හරි කතාවක් වගේ ජිනසේන කොම්පැනියේ ඇඩ් එකකුත් දැම්මා නේ

    ReplyDelete
  35. කොච්චර ඩිසයින් කලත් අන්තිමේදි තියෙන රේන්ජ් එකක් තමා දාන්න වෙන්නේ නේද? ඒක නිසා තියෙන දේට ඩිසයින් කරන එක තමා හොද

    ReplyDelete
  36. අප්පොච්චියේ අක්කෙ මාතෘකාව දැකල සෑහෙන බය වුනා. පස්සේ බැලින්නම් වෙන සීන් එකක් නේ. :)

    ReplyDelete
  37. සික්.... // පම්ප් එකක් දාමුද‍ \\ කියල ඇහුවම මට ආවේ කුප්ප අදහසක්... :D

    ReplyDelete
  38. අය්යෝ මේ ඉංජිනේරු නෝනගේ පොම්ප කතායි,පොම්පෙ තියන රවුන් වෙච්ච තැන් ගැනයි ලියල තියන කතාව හරියටම තේරුනේ නෑ..
    මොකෝ අපේ පොම්පේ කාර්යක්ශමතාවය තාම හරියටම මැනල නෑනේ... :D :D :D

    මීට පස්සේ අපිට තේරෙන විදිහට ලියන්නකෝ.....

    ReplyDelete
  39. අම්මප අපේ ගෙදර මෝටරේ මොකක්ද ?? බලල එන්නම්

    ReplyDelete
  40. "ෆිට් ඇන්ඩ් ෆොගෙට්" කියල, ඉස්සර ජිනසේන පොම්පෙ ගැන ඩේලි නිවුස් එකේ ඇඩ් එක දාන්නෙ. අපේ මහ ගෙදර 1973 හය් කොරපු පොම්පෙ තාම දුවනවද මන්ද, මල්ලිගෙන් අහල බලන්න ඕනෙ ඒක.
    අපේ ගෙදර 1987 විතර හය් කොරපු ජිනසේන පොම්පෙ, පහු ගිය අප්‍රියෙල් වල ලංකාවට යන කොටත් වැඩ. මට වඩා අවරුදු කීපයක් වැඩිමල් ජිනසේන කෙනෙක් හැත්තා ගණන් වල කටුනායක, කටුකුරුන්දෙ සහ නුවර කාර් රේස් වලට ඉඳල සමහර රේස් දිනුව, එයාම මොඩිෆය් කරපු කාර් එකකින්. රේස් ධාවනය කල ජිනසේන ජර්මන් ටෙක් එකෙත් ආදී ශිෂ්‍යයෙක්

    ReplyDelete
  41. මරු මරු..මම අද තමයි මේ පැත්තට ගොඩවුණේ..බොහොම හොඳයි. දිගටම ලියමු

    ReplyDelete
  42. @හිතුවක්කාරි - හරි ගියාම්ම් කමක් නෑ...:))

    @virajith -අපේ සර්ලානම් කතා වුනේ Grundfos හොදයි කියලා තමා.බලමුකො ඊලග ඒවටවත් විසතර ලියන්න.

    @අම්බලම - අප්පේ මට නම් ඒකෙන් කිසිම ලාබයක් නෑ හරිද...:d

    @bckurera - තියෙන දේට ඩිසයින් කරන එකත් අමාරුයි නේද? බිල්ඩින් එකේ කොච්චර මිනිස්සු ඉන්නවාද,එයාලා කොච්චර පාවිච්චි කරයිද,ටැංකියේ සයිස් එක,කොච්චර කාලයකින් ඒක පිරෙන්නෝනෙද කියන ඒවා මත පොම්පෙ දත්ත වෙනස් වෙනවානෙ.

    @Kasun - වැරදියට හිතුවා නේද...ඔන්න බලන්නකො ඉතිං කට්ටියගෙ හැටි..:D

    @සෝරෝ - ඔන්න තවත් කෙනෙක් එහෙම හිතලා.අනේ අනේ...

    ReplyDelete
  43. @නදුන් උයන - බලමුකෝ ට්‍රයි එකක් දෙන්න තේරෙන විදිහට ලියන්න.:))

    @පොඩි මෑන් - බලාගෙන ආවද?

    @Observer - ඔව් අයියේ පොම්පෙ නම් අවුලක් නෑ.තියෙන්නෙ ඩිස්යින් කරපු ඒවටම ගන්න නැති ප්‍රශ්නෙ තමයි.මොකක්ද මේ කාර් රේස් කතාව.

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - ස්තූතියි ආවාට.ඇහුවට තරහ වෙන්න එපා.මේ ඔයාගෙ ඇත්තම නමද?

    ReplyDelete
  44. ඒක ජිනසේනල ගැන පොඩි ඉතිහාසයක්. මහ ජිනසේන බාස් උන්නැහේගෙන් පස්සෙ, අපේ විතර වයසේ ජිනසේන පුතාල කොම්පැනිය තව දියුණු කළා. ඉස්සර කාර් රේස් ගියෙ රිචර්ඩ් පීරිස් කොම්පැනිය වගේ ලොකුම කොම්පැනි වලට සම්භන්ද කට්ටිය. ජිනසේනලත් ඒ කාලෙම ඒ තත්වෙට ආව.

    ReplyDelete
  45. පස්සෙනේ වැඩේ තෙරුනේ.....
    අපරාදයක් නේ... 60%ක් අයියෝ...

    ReplyDelete
  46. ලගදීම නිසූපා පම්ප් කියල එකකුත් එයිද දන්නේ නෑ
    හික්ස්

    ReplyDelete
  47. @රහස් පරික්ෂකයා - ඒකනෙ කොච්චර අපතේද?

    @ස්කූබිගේ කෙරුවාව - හික්ස්...කියන්නත් බෑ තමයි ඒකනම්..;)

    ReplyDelete
  48. ටිකක් පහු වෙලා තමයි නගේ පෝස්ට් එක දැක්කේ
    මේ වගේ නොදන්නා අයව දැනුවත් කරන එක හොඳ දෙයක්... :)

    Copied:
    ...................................................
    ඒත් ඉතිං ජිනසේනලගෙ වැඩ නිසා සමහර වෙලාවට ඕනෙ ෆ්ලෝ රේට් එක ගන්න කොට කාර්යක්ශමතාවය 40% එන වෙලාවලුත් තියෙනවාලු.එතකොට 60% අපතේ.කොහොමද එතකොට කරන්ට් බිල....හිතා ගන්න කෝ.......
    ...................................................

    මට මේ 40% සහ 60% කියන එකනම් සරලව තේරුනා.
    ඒත් වතුර මෝටරේ Floe Rate එක සම්බන්ධව කියපු කතාව මට ටිකක් අවුල් වගේ.
    මට හිතෙන්නේ ඔයා මේ පාවිච්චි කරලා තියෙන වචන රටාව නිසා අපිට ඒක තේරුම් යන්නේ වෙනස් විදිහකටද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... මාත් පහු වුනා උත්තර දෙන්ට...

      ෆ්ලෝ රේට් එක ගැන කිව්වෙ.අපි හිතමුකෝ අපිට ලීටර් 1000ක ටැංකියක් විනාඩි 10කින් වගේ පිරෙන්න ඕනෙ කියලා.එතකොට ඊට අදාලව පොම්පෙ ගන්න එපැයි.එක එක්කෙනාට ඒක වෙනස් වෙනවානෙ.වැඩියම ලොකු බිල්ඩින් ගත්තාම.

      Delete
  49. කතාව නොතේරුණු නමුත් වතුර පොම්පයක් ගැන කතාව ගිය බව තේරුණි. අපේ ගෙදර වතුර පොම්පයක් ඇති බැවින්ද එය ජිනසේන අංකල්ගේ එකක් බවද පවසා නිහඬ වෙමි

    ReplyDelete
    Replies
    1. සමා වෙන්ට මල්ලි.මං වැඩිය විස්තර කරලා නෑ නෙ.ඒකයි තේරෙන්නෙ නැතුව ඇත්තෙ. :(((

      Delete
  50. නොදන්න කමට අහන්නෙ, මේක මට්ටකුලිය පැත්තෙ සයිට් එකක (NCBT වගේ නමක් තියෙන) වෙච්ච වැඩක් ද? :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ එහෙම එකක වෙච්ච වැඩක් තමා...:D

      මාත් මේ නොදන්න කමට අහන්නෙ, අහවලා මේ ගැන දන්න මාවත් පුද්ගලිකව දන්න කෙනෙක්ද? එහෙනම් කවුද කියලා කියන්ට බැරිද??

      Delete
  51. මම ඔබතුමීව නම් පුද්ගලිකව දන්නෙ නැහැ, බ්ලොග් වල තමයි දැකල තියෙන්නෙ... :)
    මොරටුවෙ කැම්පස් එකේ ඩිපියුටි වයිස් චාන්ස්ලර් වෙන ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රධානම ඩිරෙක්ට කෙනෙක් වෙන ප්‍රොජෙක්ට් එකම එකයි දන්න තරමින් තියෙන්නෙ...ජයන්තිකුමාර සර් ගෙ නමත් තිබුනු නිසා, දැන ගන්න ලේසි උනා... මම තමයි ඔය සයිට් එක පටන් ගනිද්දි client ගෙ පැත්තෙන් RE හිටියෙ... මං ඔතන හිටියෙ මාස 5ක් විතර... ප්‍රොෆෙසර් එක්ක කතාවට වැටුනම ඉතින් රස ආකරයක් තමයි... :D

    ReplyDelete
    Replies
    1. ආහ් ඒක මිසක්.. :))) ඒ කියන්නෙ ICC එකෙන්ද හිටියේ??

      ඔයා SLS පෝස්ට් එකේ දාපු කමෙන්ට් එක පබ්ලිශ් වෙලා නෑ.ඇයි දන්නෙ නෑ. ඇත්තටම ජයන්තිකුමාර සර් කියන්නෙ හරිම හොද පුද්ගලයෙක්.අද එහෙම මිනිස්සු හොයන්නත් ලේසි නෑ.ඕනෙ දෙයක් ඇහුවොත් කියලා දෙනවා.

      Delete
    2. ICC එකෙන් නෙවෙයි,එයාල contractor නෙ... ප්‍රොෆෙසර් එක්ක, එයාලගෙ company එකෙන්, ප්‍රොෆෙසර් තමයි මාව වැඩට ගත්තෙ... ... මමත් Mr. ජයන්තිකුමාර ගෙන් ගොඩක් දේවල් අහගත්ත හිටපු ටිකට... ප්‍රොෆෙසර් උනත්, වෙලා තිබුනොත් ඕනෙ දෙයක් කියල දෙනවා... :)

      Delete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...