expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Sunday, September 11, 2011

පරණ බොසා....

             බදාදා දවස තමයි මරු දවස.අපේ සයිට් එකේ මීටින් දවස තමා එදා.උදේ පටන් ගත්තාම දවල් වෙනකල් සයිට් එක පුරාම ඇවිදින්න ඕනෙ.කස්ටියගෙ තීරණ සුටුස් ගලා වෙනස් වෙන නිසා එහාට මෙහාට දුව දුව බලන්න ඕනෙ තැන් බලනවා.මෙතන මෙහෙම කරමු,අතනට අරහෙම කරමු,කතා ගොඩයි.සමහර වෙලාවට කියන දේවල් අදාල නැති වුනත් මීටින් එකට ආපු හැමෝම වටේ යනවා.නියම වියායාමයක් තමා ඒක.

             ඔය මළ මඟුල් ඔක්කොම ඉවර වුනාම තමා මීටින් එකක් කියලා හරියටම පටන් ගන්නෙ.වෙනදට දහය වෙනකොට බොන තේ එක වෙනුවට පැටිස්, රෝල්ස්, කේක් එක්ක හම්බ වෙනකොට එකොලහ විතර වෙනවා.ඊට පස්සෙ කොහෙද ඉතිං දොලහට බතුත් කන්නෙ.බත් කන්නෙ ඉතිං දෙකහමාරට  විතර.ආයෙත් තුනට ටී ටයිම් එක.කාපුවාගෙනුත් වැඩක් නෑ එතකොට..ෂික් අපරාදේ පෝෂ පදාර්ථ ටික....

              මං SLS කතාවෙ කිව්වා වගේ මේ මීටින් වලට එනවානෙ බිල්ඩින් වලට සේවා සපයන අය.ඔය අතරින් මං ඉස්සෙල්ල වැඩ කරපු තැන කස්ටිය තමා මෙතන පයිප්ප වැඩ කරන්නෙ.ඒ කියන්නෙ පරණ බොසාත් එනවා.මට හිතාගන්න බැරුව හිටියෙ බොසා ඇවිත් මගෙන් මොනවා අහයිද කියලා.ඇයි ඉතිං මං ගහෙන් ගෙඩි එන්න වගේ අස් වුනානෙ එපා වෙච්ච පාර.හික්ස්....


       ඔන්න දැන් මාසෙකට විතර ඉස්සර මෙයා ආවා මීටින්.බොසා බොහොම කලාතුරකින් තමා එන්නෙ .හුගක් වෙලාවට මීටින් එකේ මෙයාගෙ වැරදි වලට බැනුම් අහන්නෙ අසරණ මදුසංක.නියම ලොක්කෙක් තමයි.වෙලාවට මෙතන ඉන්න අයත් ඒක දන්නවා.ඉතිං කියන්න ඕනෙ ඔක්කොම ටික කියලා කියනවා "මං දන්නවා උඹේ වැරද්දක් නෑ කියලා.මේ බනින්නෙ උඹේ ලොක්කට" කියලා.ඒ වුනාට ඉතිං අහගෙන ඉන්නෙ මෙයානෙ.






                ඔන්න ඔය කියන දවසෙ අපි බිල්ඩිම පුරාම දුවලා ඉවර වෙලා එනකොට මෙයා ඉන්නවා මීටින් එක තියෙන තැනට වෙලා.උදෙන්ම එන්ඩ නැතුව ඇත්තෙත් කට්ට කමට.ඇයි ඉතිං ඇත්නම් හති දාගෙන බඩ ගෙඩියත් උස්සගෙන වටේ දුවන්න වෙනවනෙ :D.මාත් පඩි බැහැගෙන එනකොටම මෑන්ස්ව දැක්කා.දැන් මක්කැයි කරන්නෙ.මෙයාගෙ කටේ හැටියට මොනවා කියයිද දන්නෙ නෑ නෙ ඔතන.වෙලාවට මං කාමරේ ඇතුලට රිංගන්න යනකොටම දොරකඩට වෙලා හිටපු බොසා ෆෝන් එකත් කනේ ගහගෙන ටිකක් එහාට මාරු වුනා. එයාටත් මොකක්දෝ වගේ ඇති මට මූන දෙන්න.ඇයි ඉතිං මං අයින් වෙනවා කෝල් කරලා කියපු දවසෙ මූනට දමල ගහනවා වගේනෙ අන්තිමට කතා කලේ.


            මං ඇතුලට ගිහින් ඉද ගත්තට පස්සෙ හොර පූස වගේ බොසත් ඇතුලට ආවා.හොදට හරි බරි ගැහිලා ඉදගෙන අපේ සර් ලට ගුඩ් මෝනින් පාරක් දැම්මා.ඊට පස්සෙ මෙන්න බෝලෙ මගෙ පැත්ත්ටත් හැරිලා හොඳ හිනාවක් එහෙම දාලා මටත් ගුඩ් මෝනින් කිව්වා.ඈහ්....මේ මොකෝ යකෝ වුනේ.පස්සෙ තමා හිතුනෙ මාව දැන් ශේප් එකේ තියා ගත්තෙ නැත්නම් සොරි තමයි කියලා එයාට තේරෙනව ඇති කියලා. හහ්...අපි අහු වෙයි ඕවට.


             සුපුරුදු දෝශාරෝපන ටික එහෙම ඉවර වුනාම නවීන්ද්‍ර අයියා කියනවා වගේ නවන්න පටන් ගත්තා අපේ පරණ බොසා.ඒත් ඉතිං හැමදාම නවන්න ගියාම මේකා කරන්නෙ බොරු බව කට්ටියට තේරෙනවනෙ.ජයන්තිකුමාර සර් ඉතිං මේ දිහා බලා හිටියෙ ඔලු තුනේ හරකෙක් දිහා බලන් ඉන්න විදිහට.මක් කරන්නද දැන් ඉතිං ආපහු ප්‍රොජෙක්ට් එක ගන්නයෑ මෙයාගෙන් මේ අන්තිමටම හිර වෙලා දගලන වෙලාවෙ.


             මොන විකාරයකට මන්දා මීටින් ඉවර වෙලා ආයෙත් සයිට් එකට බඩ ගාන්න වුනානෙ.ඔය වෙලාවෙ මං පුලුවන් තරම් මෙයාගෙන් ඈත් වෙලා ගියේ.මොනව අහයිද දන්නෙ නෑ නෙ.ඔහොම යන අතරෙ එකපාරටම මගෙ උරහිසට තට්ටුවක් වැටුනා.මං බැලුවා මොකාද යකෝ මේ මට තට්ටු දාන්න එන්නෙ කියලා.හත්ඉලව්වයි කිව්වලු මේකනෙ මේ මට තට්ටු දාලා තියෙන්නෙ.මදෑ මෙච්චර වෙලා මග ඇරල හිටියා.


හැබැයි ඔන්න ඊට පස්සෙ මගෙන් ඇහුවෙ නම් මං කිසි සේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.


"මේ දැන් කවදද ඔයා බදින්නෙ?""


@$%$&^%&$^%&*%^ මට ඉතිං...................මල උපරිමයි....ඇයි යකෝ වෙන අහන්න දෙයක් තිබ්බෙම නැද්ද.මං කිව්වා "අපෝ ඒවට තව කල් තියෙනවා සර්" කියලා.(මොනවා වුනත් ඉස්සර බොසානෙ).ඒ පාර මෙන්න උපදෙස් දෙනවා " අපෝ ගොඩක් කල් ඉන්න එපා.දැන් හොදම කාලෙ"  කියලා.


             මටම තේරුනා මගෙ මූන කජු ලෙල්ලක් වගේ වෙනස් වෙනවා කේන්තිය වැඩි කමට.බොසා සයිලන්ස් වුන පාර එතනින් එහෙමම මාරු වුනා.ආයෙත් මං දිහා බැලුවෙ යන්නම් කියන්න විතරයි....හික්ස්....:D
                

37 comments:

  1. ඒ වැඩේ නම් මට එච්චර ඇල්ලුවේ නෑ අක්කේ..:Oබොසාලා උනත් පරිස්සමින් ඉන්න වෙයි වගේ...:D :D :D පැණි හැලියක් ද කොහේදෝ ඔය බොසා.. :P :P

    ReplyDelete
  2. මේක හරියන්නේ නැහැ..කොනක ඉඳින් කියවලා කොමෙන්ට් කොරන්න හිටියොත් මේ කපේට මට මේක කොරන්න වෙන්නේ නැහැ..ඒ හින්දා ඔන්න පැන්නා මැද්දෙන්...

    මට කියන්න තියෙන්නෙත් පරණ බොසා කිව්ව ටිකම තමා ඕං...:D:D:D

    ReplyDelete
  3. මට පේන්නේ පොර එන්නේ වෙන පොටකට වගේ.. කෝකටත් පරිස්සමින් අක්කේ.......

    ReplyDelete
  4. හික් හික්. මට කිව්වනෙ කතාව. ඔව් ඔව් ඕක ෂුවර් නැති එකෙක් තමයි. :)

    ReplyDelete
  5. හික්ස් මරු වැඩ තමයි ඔයාටත් වෙන්නේ නේද?

    ReplyDelete
  6. සැක්... පරණ වුනත් ඒ බොසෙක් නේ... අන්තිම කැතයි සලකපු විදිය..
    අනිත් එක කවු කැමති කජු ලෙල්ලක් වගේ අජූව මූනක් දිහා බලන්න.. ෂුවර් එකටම පොරගේ දවසම අජූව වෙයි කියලා වෙන්නැති මාරු වෙන්නැත්තේ..

    හක හක හක.... :D

    ReplyDelete
  7. හිකිස්ස්ස්ස්ස්ස්ස්.... මරු වැඩනේ අක්කිට වෙන්නෙ... මරු...
    හික් හික්... මට පේන්නෙත් එන පොට හොද නෑ....පරිසමින්..

    ReplyDelete
  8. කපටි ලොක්කො හැමෝම ඔහොම තමයි නංගි..සමහර වෙලාව ට හිතෙනව මුන් මැරිලා ඉපදිලාද කියල කරපු වැඩ සේරම අමතක කරලා ඒ වෙලාවෙ තියෙන වාසියට විතරක් හොඳ මූන පෙන්නන වෙලාවට ..

    ReplyDelete
  9. නොබැඳපු ගෑනු ලමයි තරහා ගස්සන්ට අහන්ට තියන හොඳම ප්‍රශ්නයක් තමා ඒ අහලා තියෙන්නේ....:D

    ReplyDelete
  10. මටත් බොසා උනත් ආපු පොට නම් දිරෙව්වේ නැහැ..හිකිස්‌
    අදාළ නැති ප්‍රශ්නනේ

    ReplyDelete
  11. බොසාට පිළිබඳ සිතක් පහල වෙලාවත්ද.... ඔන්න මමත් ගොඩ වැදුනා... පරණ ලිපි වෙලාවක් තියෙන විදියට බලන්න ඕනි....

    ReplyDelete
  12. මට බොසාගෙ මේල් ඇඩ්‍රස් එක දෙනවද මේක මේල් කරන්න... හිකිස්.. (ඇත්තටම බොසා බලන්නෙ නැද්ද මේවා?)

    හරක හැරෙන්නෙ පොල් පැලේ පැත්තටද මන්දා නිසූ....

    ReplyDelete
  13. " අපෝ ගොඩක් කල් ඉන්න එපා.දැන් හොදම කාලෙ"
    ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට! මට පේන්නෙ පරණ බොසා නිසූ අක්කාට හිත් ලාලා වගේ

    ReplyDelete
  14. මමත් කතන්දර එක්ක එකඟයි.
    මගේ පළවෙනි ලොක්ක කියපු දෙයක් මතක් උනා. පරණ කතා නැවත කතා නොකර ඉන්න පුරුදු වෙන්න කියන එක තමයි ඒක. අද්දැකීම් තියන බොසාල එහෙම පරණ දේවල් අදින්නෙ නෑ.
    ඒව ගැන හිත හිත ඔයා අවුලෙන් ඉන්නව කියල හිතල ටිකක් close වෙන්න වෙන්න ඇති එහෙම ඇහුවෙ.

    ReplyDelete
  15. පරණ බොසා පොල් පැලේ කන්න හැරුන කියල හිතුනට මාරයා හැරුනේ මොන පැලේ කන්නද කියල තමය් තේරුනේ නැත්තේ ...

    ReplyDelete
  16. බොසා එන පොට හරි නෑ අක්කේ...

    ReplyDelete
  17. බොසා බැඳලද? මොකද හප්පා ඔයි වගේ ඇහුවේ... කිව්ව දේවල් වල හැටියටනම් බොසා නොබැන්දත් අක්කට හරියන්නේ නෑ... වැඩක් නෑ අනේ.. හික් හික් බොසාට හොඳ දෙකක් කියන්න තිවුන වෑන්ස් එක අෆරාදේ

    ReplyDelete
  18. හරි වැඩේ... හරි එහෙනම්... කවදද මගුල... අපිට කියනවද? මොනාද ඇඳන් එන්න ඕනේ...?

    පරන බොසාගේ හිත හොරකම් කරගෙන තමා මේකි අයින් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  19. කවුරු කිව්වම මොකද නගේ? කියලා තියෙන කතාව ඇත්තනේ.... ලොල්ය!

    ReplyDelete
  20. අක්කේ ඔය බොසාට ඔයාගේ බ්ලොග් එක ලියවන්න ලින්ක් එක දෙන්න. විශේශයෙනම අර හොරු ඇවිත් කියන එක ස්පෙශල් කරලම බලන්න කියන්න... ආයේ කවදා මිටින් වලට ආවත් ඔවා නම් අහන එකක් නැ


    හොරෙන් අහන්නේ දැන් ඉන්නේ අක්කා ඔය බොසා අහුවා වගේ බදින වයසේද??

    ReplyDelete
  21. "මේ දැන් කවදද ඔයා බදින්නෙ?"

    අහන්ඩ එපැයි ඇයි කෙනෙක් හොයල දෙන්නද කියල.බොසාට ඕනේ නැති "මගුලක්" නෑ.

    ReplyDelete
  22. @චතුමිතු - ආයෙත් අහලා.මටත් ඒ වැඩේ එච්චර ඇල්ලුවෙ නෑ.එයා හරි ආසයි ඔය වගේ උපදෙස් දෙන්න.වෙලාවට මං දැන් එතන නෑ...:D

    @මාරයාගේ හෝරාව - ඒකනේ අයියෙ.කමක් නෑ මගින් පැන්නට.:D.කමෙන්ට් එකක් දැම්මා නෙ...:)))
    අපොයි තව කල් තියෙනවා අයියෙ ඕවට.

    @Dinesh - වෙලාවට මං දැන් එතන නෑ මල්ලි.බොසා බැදලා හැබැයි.

    @Madhawa Habarakada - ඒකනෙ මාධව මං ඔයාට කියලා තියෙනවානෙ.

    @Gimhani - ඔව් අනේ.මේ පාර මීටිමට ඇවිත් ඔයිට වඩා විකාරයක් කලා. ඒකත් ලියන්නම්කෝ

    ReplyDelete
  23. @සෝරෝ - ඇත්තටම එහෙමද දන්නෙ නෑ..:D ඒත් ඉතිං එහෙම වුනේ නැත්නම් මට තව උපදෙස් ටිකක් දෙයි එපා වෙන්නම.

    @කතන්දර Kathandara - No I don't think so Mr. Kathandhara. He is very fond of giving such instructions.

    @හිතුවක්කාරි - හික්ස්...වෙලාවට මං දැන් එතන නෑ නංගි....

    ReplyDelete
  24. දැන් එතකොට කවද්ද උඹ බඳින්නෙ? හික්ස්.

    ReplyDelete
  25. @Weni - අම්මෝ ඔව් අයියේ.මෙයා කපටියගෙත් කපටියා.මෙයාගෙ වැඩ ගැන කියන්න ගියොත් පෝස්ට් දෙක තුනක්ම දාන්නෙ වෙයි..

    @Podi Kumarihami - හික්ස්... කියලා වැඩක් නෑ අක්කේ.මට ඕය ප්‍රශ්නෙ කවුරු ඇහුවත් තද වෙනවා.

    @ChammA - ඔව් ඔව් කිසිම අදාලත්වයක් නැති ප්‍රශ්නයක්. එයා හරි ආසයි කට්ටියගෙ ප්‍රයිවට් දේවල් අවුස්සලලා බලන්න.

    ReplyDelete
  26. @පිස්සා පලාමල්ල - අපොයි නෑ. එයා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ස්තූතියි මේ පැත්තට ආවට.

    @පැණි දොඩම් - බොසාට මේවා කියවන්න වෙලාවක් නෑ අනේ.හැරුනට වැඩක් නෑ.හරකව හොදට ලගට එන්න බැරි වෙන්න ලණුවකින් බැදලා තියෙන්නෙ..:D

    @විසිතුරු | visituru - අපොයි නෑ මලේ...එයාට මට හිත් ලාලා වැඩක් නෑ.අම්මෝ ඕනෙත් නෑ.

    @Bindi - බැදලා බැදලා අක්කේ...:))

    ReplyDelete
  27. @Enemy - අපොයි නෑ එයා එහෙම හිතන කෙනෙක් නෙවෙයි.close වෙන්නනම් තමයි අහන්න ඇත්තෙ හැබැයි මං ගැන හිතලාම්ම් නෙවෙයි.එයා කට්ටිය අයින් වෙනකොට ඊළගට යන තැනට කතා කරලා අපිව ගන්න එපා කියන ජාතියෙ කෙක්ක්.

    @චීටා - අලේ..අහිංසක මාරයා අයියාට ඇයි ඔහොම කියන්නෙ..

    @ප්‍රාර්ථනා - හික්ස්....වෙලාවට මේ පරණ බොස් නංගි..

    @සුදු හංසි - අප්පේ එයාට වයස අවුරුදු 40ක් විතර ඇති.බැදලා ළය්යි දෙන්නෙකුත් ඉන්නවා.කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ..:)) අහන්න දෙයක් නැති කමට අහන්න ඇත්තෙ.

    ReplyDelete
  28. @prasanna86k - අනේ අම්මෝ...මාලුවො. එයාගෙ හිත අරන් මක් කරන්නද??? එයා බැදලා ඉන්නෙ. :P

    @ගීතක - අම්මෝ දැන්ම බෑ අයියේ..තව කල් තියෙනවෝ...

    @දේවා ගේ අඩවිය - හික්ස්....කොහොමත් මේ පාර මීටිමට ඇවිත් කියපු එකෙන් කතා කරන එක නවත්තයි මං හිතන්නෙ.
    ස්ස්ස්ස්....සද්ද කරන්න එපා අනේ.තව කල් තියෙනවා.

    @නදී - නෑ නෑ අක්කෙ හොයලා දෙන්නනම්න එකක් නෑ...:D

    ReplyDelete
  29. @පිණිබිඳු - අපොයි තව කල් තියෙනවා බං ඒවට...:))

    ReplyDelete
  30. මේ හැබෑටම කවදද බඳින්නෙ ඉතින් ?
    බොසාට කීවෙ නැතුවට කමක් නෑ , අපිට කියන්නකො ? :)

    ReplyDelete
  31. මටත් පේන්නෙ එතනින් අයින් වුනු එක හොදයි වගේ.. :D
    මෙහාට අදමයි ආවෙ.. ජය!!

    ReplyDelete
  32. ඔය බොසාව නම් මට එච්චර ඇල්ලුවේ නෑ. මට එච්චර ඇල්ලුවේ නෑ කියල ව්‍යංගාර්ථයෙන් කියන්නේ අක්කට පරිස්සම් වෙන්න කියලා. බොසා එන්නේ මොකාටද දන්නේ නෑ.

    අම්මෝ විභාග කරලා අදයි එන්න උනේ. ඒකයි කියවන්න පමා උනේ.

    ReplyDelete
  33. @Chanaka Aruna Munasinghe - හික්ස් තව කල් තියෙනවා අනේ....

    @හිම කුමාරි - බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට. ඒකනේ අයින් වුනේ..:)))

    @මධුරංග - ප්‍රශ්නයක් නෑ මල්ලි මං දැන් එතන නෑ.
    ඒකට කමක් නෑ.කොහොමද විභාගෙ?හොඳින් කර ගත්තාද?

    ReplyDelete
  34. @නිසු :
    හොදටම කලා අක්කා. ඇයි මම් අන්තිම පෝස්ට් එකේ කියලා තියෙන්නේ. අක්කා ඒකට කමෙන්ටුත් කලා. මතක නෑනේ.
    වැඩ වැඩි හන්දා වෙන්ටෑ. හික්ස් :)

    ReplyDelete
  35. හා හා බොසා මොකාටද දන්නේ නෑ අක්කියෝ එන්න හදන්නේ. කොහොම වුනත් බොස් කියලා තියෙන්නේ බොරැවක් නම් නෙවෙයි මගෙ හිතේ. ඔන්න ඉතින් මා එක්ක තරහා වෙලා මූණ කජු ලෙල්ලක් එහෙම කර ගන්න එපා.

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...