සිකුරාදාම ආපහු බ්ලොග් පොස්‍ටුවක් දාන්න හිටියට මොකද එදා වැඩට යන්න බැරි වුනානේ. මේ කොහෙදෝ යන සෙම්ප්‍රතිශාවක් හැදිල වැඩි දියුනු වෙලා අමාරු වුනා නෙව.
හා......චෝස්......
අම්මේ....නහයට දැනෙන සනීපෙ...:)
බලාගෙන මේ පැත්තට එනකොට පස්සේ ලෙඩේ වැලදුනොත් මට එහෙම සෝලි තියෙනව නෙවෙයි ඔන්....:(
හා......චෝස්......
අම්මේ....නහයට දැනෙන සනීපෙ...:)
බලාගෙන මේ පැත්තට එනකොට පස්සේ ලෙඩේ වැලදුනොත් මට එහෙම සෝලි තියෙනව නෙවෙයි ඔන්....:(
..........................................................................................................................................................................
මේ දවස් වල මේ ලෙඩේ නිසා මට අපේ නංගිගෙන් හරියට බැනුම්. ලඟින් යන්න දෙන්නේ නෑ. වෙනදට මගේ කාමරේ පාඩම් කරන්න එන කෙල්ල ඒ පැත්ත පළාතෙවත් එන්නෙ නෑ විෂබීජ ලු. මොනව කරන්නද මේ දවස් වල එයා පරිස්සම් වෙන්න එපැයි.එයා මේ අගෝස්තු වල A/L විභාගෙ කරනවානේ.ඉතිං මේ දවස් වල ගජරාමෙට වැඩ. එහෙම හිතෙනව ඇති නේද කට්ටියට. ඒත් මොන...
උදේ 7ට විතර නැගිටිනව,මුන එහෙම හොදලා කාල බීලා පොඩ්ඩක් වැඩ කරනවා. අයෙත් 10 වෙන කොට තේ හදල ඕනේ. ඔන්න ඊට පස්සෙ ගේ ඇතුලෙ හැම තැනම විනාඩි 15ක් විතර ඇවිදිනව.
සමහර දවස් වල එයාට එයාගෙ ප්‍රියතම පාඩම් කරන තැනම නින්ද යනවා. ඒ කියන්නේ ඇඳ තමා. :) දවල්ට කාල ආයෙත් පොඩ්ඩක් නිදියනවා. ආයේ ඇහැරෙන්නෙ හවස් වෙලා අම්මා කෑ ගහන කොට තමා.
සමහර දවස් වල එයාට එයාගෙ ප්‍රියතම පාඩම් කරන තැනම නින්ද යනවා. ඒ කියන්නේ ඇඳ තමා. :) දවල්ට කාල ආයෙත් පොඩ්ඩක් නිදියනවා. ආයේ ඇහැරෙන්නෙ හවස් වෙලා අම්මා කෑ ගහන කොට තමා.
හැබැයි මේ දින චර්යාව පවතින්නේ නංගි ගෙදර ඉන්න දවසට විතරයි. නැත්නම් ඉතින් උදේ 5.20ට ගිය ගමන් හුඟක් වෙලාවට එන්නෙ රෑ 8 ට විතර.
එක අතකට chemistry ඇරෙන්න අනික් හැම විශයටම පන්ති දෙකකට ගියා. ඒ පන්ති වලම revision කියලත් කලා. ප්‍රශ්න පත්තරත් සෑහෙන්න කියල කලා. තව මොනව කරන්නද නේද?ගෙදර ඉන්නවනම් නංගිට දවසට 4-5 වතාවක්වත් call එනවා. අර ගාන හැදුවද? මේ ගානට උත්තරේ මොකක්ද?විනාඩි 15ක් විතර කතාව.
අපි A/L කරන කලේ ඔච්චර සෙල්ලම් තිබුනේ නෑ. ඒ දවස් වල අපිට ටෙලිෆෝන් එකක් තිබුනෙත් නෑ. ඉතින් අපි යාලුවෝ කට්ටිය යාලුවෙක්ගෙ ගෙදරට සෙට් වෙනවා. උදේ ඉඳන් හවස් වෙනකල් වැඩ තමා. වැඩ කීවට ඕපාදූපත්, රස කතාත් කෝටියයි. :) ඒවා මතක් වෙනකොට නම් ආයෙත් A/L කරන්න හිතෙනවා.....හික්ස්....මේකිට පිස්සුද මන්දා නේද....
කට්ටියට පළවෙනි පාර හිතුව මට්ටමට එන්න බැරි වුන නිසා දෙවන රවුමකුත් ගියා දෙවෙනි රවුමෙදි කට්ටිය සෙට් වුනේ අපේ පැත්තේ පුස්තකාලයට. උදේම පුස්තකාලයට යන අපි කරන්නේ අපේ සෙට් එකටම එක මේසෙක පුටු ටික බුක් කරල තියා ගන්න එක. බැරි වෙලාවත් කවුරු හරි ඇවිත් ඉඳගන්න හැදුවොත් අපි කියනවා " ඔතන ඉන්නවා" කියල. හොඳ වෙලාවට කවුරුත් ඇහුවේ නෑ "ඇයි එයා භූතයෙක්ද පේන්න නැත්තේ" කියලා..:)
පුස්තකාලයේදි වුනත් අපේ කතා නතර වුනේ නෑ. හිතන්නකෝ කොල්ලො කෙල්ලො 7-8 දෙනෙක් කැකිරි පල පලා කියවනකොට සද්දේ කොහොම වෙන්න ඇතිද කියලා. පුස්තකාලාධිපතිනියට අපිත් එක්ක මල පනිනවා. ඉවසාගෙන ඉන්න බැරිම තැන කෑ ගහනව "නිශ්ශබ්ද වෙන්න කියලා". එතකොට අපි නිශ්ශබ්ද වෙනවා. හරීම හොඳ ලමයි වගේ ටික වෙලාවක් ඉන්නවා. ආයෙත් ටිකකින් සද්දේ වැඩි වෙනවා.
ටික කාලයක් යද්දි අපි උදෙන් එනකොට board එකක් ගහල " නිශ්ශබ්ද වෙන්න" කියලා.
හැබැයි එයාට පස්සෙ හිතෙන්න ඇති අනේ අපරාදෙ මගේ කාඩ්බොඩ් කෑල්ලයි, ලියන්න ගිය තීන්ත ටිකයි, ලියන්න වුන මහන්සියයි කියලා....:))

හික්ස්. යාලුවො සෙට් උනාම මොන නිශ්ශබ්දද. සක්‍රයාටත් නවත්තන්න පුලුවන්ද ඒ සද්දෙ. අනිත් එක නිසූ.... ඔයාගෙ හිනාව මම දන්නවනේ.....
ReplyDeleteඅපෝ මතක් කරන්නවත් එපා ඔය පාඩම් කරන කාලේ. ඒ කාලේ මට හරියකට නින්ද යන්නෙත් නෑ. බයවෙලා ඇහැරෙනවා. අම්මෝ විභාගේ ඉවර උනාම තියෙන සනීපේ !!!
ReplyDeleteමට නම් යාලුවෝත් එක්ක එකතුවෙලා පාඩම් කලාට මතක හිටින්නේ නෑ. තනියම කරන දෙයක් තමයි මතක හිටින්නේ.
ප.ලි. - අක්කත් අපේ ෆීල්ඩ් එකේ නේ. ඒ කියන්නේ ඉංජිනේරු අංශයේ කෙනෙක්. මම නම් පේරා කොම් කරන එකෙක් !!!
අක්කව අදුන ගන්න ලැබීම සතුටක්. යන ගමන් ෆලෝ කරලා යන්නම්. ආයේම එන්න පුලුවන් නේ. :)
ඔහොම තමයි යාලුවෝ එකතුවුනාම ...කතාව,ඔප තමයි....
ReplyDeleteහ්ම් මමත් මේ පැත්තේ ආවේ අදයි වැඩ්ය වල් පල් නැතිව කාටත් කියවන්න පුලුවන් ව්දිහට ලියලා තියෙනවා..... මම ඉතින් ඔය ම්නිසුන්ට ප්‍රයෝජනවත් දේවල් ලියන කෙනෙක්...... ඔන්න මම ෆලෝ පාරකුත් දාලා යනවා ආයේ එන්නම්කෝ........
ඇත්තමයි අක්කේ නියමෙටම ලියලා තියනවා..
ReplyDeleteමමත් A/L 2012 ලියන කෙනෙක්.
පාඩම් කිරිම..මම මේ ලෝකෙ අහන්න අකමැතිම වචන වලින් එකක් වෙලයි තියන්නෙ..
අපේ මලයත් මේ පාර A/L .මේ කතාවම තමා අපේ ගෙදරත්...
ReplyDelete@පිණිබිඳු - ආයෙත් අහල. ඔයා ඉතිං මාව දන්නෙ පොඩි කාලේ ඉඳලා නේ...
ReplyDelete@මධුරංග - මටනම් පාඩම් කරන කාලේ හරි fun :). නිදි මැරීමත් මට ජොලියක් වෙලා තිබුනෙ ඒ කාලේ. දැන් නම් එහෙම ඇහැරල ඉන්න බෑ..:(
මටනම් යාලුවොත් එක්ක කරන දේවල් තමා හොඳටම මතක හිටින්නෙ. uni ගියත් ඒකනම් වෙනස් වුනේ නෑ....බොහෝම ස්තූතියි මල්ලි fllow පාරක් දැම්මට.
මං ඔයාගේ blogඑක කාලෙක ඉඳලා කියවනවා.හැබැයි ලඟදි තමා fllow කරන්න ගත්තේ..
@වේලාව ලඟයි - බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවටත් ඒ වගේම ප්‍රශන්සාවටත්..:))) මාත් ඔන්න ඔයාගෙ බ්ලොග් 1 fllow කලා.
@මී හරක් පිඩියා - බොහෝම ස්තූතිය් මල්ලි. දැන්ම ටික ටික පාඩම් කරන්න. එතකොට විභාගෙ ලං වෙනකොට හිතට හරි නිදහස්.
@හපා - ඒකනේ.... මේ දවස් වල එයා වැඩ කරන හැටි දැක්කම මට බය හිතෙනවා. මං ඒක එයාට කිව්වාම එයා මගෙන් අහනවා දැන් ඔයාද මමද විභාගෙ කරන්නේ කියලා..:(
ReplyDeleteහපෝ, මේකිගෙ කට ගැන නම් කියල වැඩක් නෑ. මතකද නිසුපො අපි එකෙක්ව ඇන්දුව ඔයා DJ කරනව කියල. ඌ නම් සිරාවට ඇන්ද. :D :D :D
ReplyDeleteඇයි ඔය "නිශ්ශබ්ද වෙන්න" කියල අපිට තර්ජනේ කළාට පස්සෙ කොළේක ලිය ලියා පණිවිඩ හුවමාරු කරගත්තෙ? ඒ කොළේ තාම මා ගාව තියෙනව ප්‍රවේසම් කරල. අන්න ඒකෙන්නෙ ඔයාට අර DJ කතාව ආවෙ. කියන්න නම් කතා කෝටියයි. :D :D :D
හැබැයි පාඩම් කිරිල්ල කොච්චර අමාරු එපා වෙන වැඩක්ද කියල හැමෝම කිව්වට, ඒ කාලෙ නම් කවදාවත් එහෙම හිතිල නැ. මාරම ආතල් එකේනෙ අපි පාඩම් කළේ, පේපර්ස් කළේ, සාකච්ඡා කළේ.
අපොයි.....DJ කතාවනම් මතක් කරන්න එපා...
ReplyDeleteදෙයියනේ ඒවා අමතක වෙන්න මං මැරිල උපන්නේ නෑ. :)
හි හී.....ඒක ලගදි දවසක් ආයෙත් අපි බැලුවනෙ. ඔව් ඔව් කතා නම් කෝටියයි තමයි. ඇයි අර මගේ පිස්සු ටොපිය....:))))
ඒක ඇත්ත ඒ කාලේ ඒක වදයක් හැටියට දැනුනේම නෑ නේ....
අප්පටසිරි. ටොපි කතාව මට අමතක වෙලා තිබ්බෙ. :D :D :D
ReplyDeleteකතා කෝටිය ඔයා ලියන්නකො. අපිත් මතක් වෙන විදිහට සප් එක දෙන්නම්කො. :)