හයියෝ මට සදුදා වෙච්ච දෙයක්.මගේ සදාදරණීය ඩොන්ගලේ ගෙදර දාලා ආවානෙ.මොනවා කරන්නද දුක තමයි. :(( ඒ වැඩෙන් වුනේ සති අන්තෙ ලියලා තියෙන බ්ලොග් කියවලා කමෙන්ට් කරන්න තිබුන වෙලාව ටිකක් අඩු වුන එක.කමක් නෑ වුන දෙයින් කියලා මං කොලේ ඒ වෙලාව පෝස්ට් එකක් ටයිප් කරපු එක.ඒත් ඒ වැඩෙත් ටිකක් ස්ලෝ වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.මෙච්චර කාලයක් නිදහසේ හිටපු මට දැන් හවස් වරුවෙ ඔෆීසියට ගාටන්න වෙලානෙ හෆොයි…ගිනි ගහන අවුව දැක්කාම එලියට බැහැලා යන්න හිතෙන්නෙත් නෑ.සදුදයි,අගහරුවාදයි දෙකේම හවසකොරේ ඔෆිසිය පැත්තෙ ගියා.බදාදා මීටින් දවස නිසා ගියේ නෑ.කරන්න ඕනෙ වැඩේ සයිට් එකට උස්සගෙන ආව නිසා ඊයෙයි,අදයි මං සයිට් එකේම හිටියා.ඉතිං කොහොමහරි කතාවක් කියන්න හිතුවා.
....................................................................................................................................................
10 වසරට වෙනකල් වෑන් එකක ඉස්කෝලෙට මංගච්චපු මම 10 වසරෙ මැදක ඉදන් බස් එකේ යන්න තීරණය වුනා.ඒ වෙනකොට වෑන් දෙක තුනක්ම මාරු කරලා තිබුනේ.තවත් වෑන් එකකට යනවාට වඩා බස් එකේ යන එක හොදයි කියලා හිතුවට ඒකත් මලම ඇණයක් වුනා. අපේ ස්කූල් බස් එක පටන් ගත්තෙ පාදුක්කෙන්.පාදුක්කට එන්නෙ නැති දාට ගොඩගමින්.ගොඩගමට එන්නෙ නැති දවසට හෝමාගමින්.වැඩේ කියන්නෙ බස් එක පටන් ගන්නෙ කොහෙන්ද කියලා කලින් දවසෙ කියන්නෙ නැති එක.
ඔය දවස් වල බටු ඇටේ වගේ හිටපු නිසා තාත්තා තමයි උදේට පාදුක්කට බයිසිකලේ ගිහින් දාන්නෙ.ඔතනට ගියාම තමයි දැන ගන්නෙ බස් එක පාදුක්කෙ නෑ කියලා.යනවා ගොඩගමට, එතනැත් නැති වුනාම හෝමාගමට.මරු කට්ටක් තමයි.ඔන්න එක දවසක් ගොඩගමට ඇරලා යනකොට සීටීබී බස් එකක් යනවා .තාත්තා පුලුවන් උපරිම හයියෙන් ගිහිල්ලා බස් එක ඉස්සර කරන ගමන් හෝන් එක ගැහුවා.අනේ පිංවත් ඩ්‍රයිවර් අන්කල් බස් එක නැවැත්තුවා.මාත් බසිකලෙන් බැස්සා නැග්ගා බස් එකට.
බස් එකේ සීට් ගානට වගේ සෙනග.වටපිට බැලින්නම් බස් එකේ කොන්දොස්තර අපේ ස්කූල් බස් එකේ මෙච්චර කාලයක් හිටපු කොන්දොස්තර අන්කල්ම තමා.මේ බස් එක අලුතෙන් දාලා තියෙන්නේ.වග ඉදලා පිකොටුව තමා යන්නෙ.අලේ ඒ කියන්නෙ මට ගේ ගාවින්ම නැග්ග හැකිනේ.සංතෝසේ බැරුවා :)).බස් එකේ ඩිපෝවෙන් දෙන අංකය තමයි HG 176.ඔන්න ඔහොම තමයි මං අපේ පසු කාලීනව දිනපතා බස් රථය බවට පත් කරගත් බස් මුලින්ම ගියේ.
පස්සෙ පස්සෙ කස්ටිය සෙට් වෙන්න ගත්තා බස් එකට.ඉස්කෝලෙ ලමයි තමයි වැඩි හරියක්. ඒකෙනුත් වැඩි හරිය අපේ වයසෙ අපි දන්න කියන අපේම යාලුවො.හැමදාම ඉස්කෝලෙ යන එක නිකන් ට්‍රිප් එකක් වගේ.බස් එක දෙවනත් වෙන්න කෑගහනවා අපි.අනේ අනික් බස් මගියන්ගේ කන් ගැන සාතිශය සංවේගය.ඒත් අපිටනම් ඒ ගැන වගේ වගක් නෑ ඒ දවස් වල.දැන් තමා මටත් හිතෙන්නෙ ඒ අයට අපි කොච්චර වදයක් වෙන්න ඇතිද කියලා.අදටත් මං වැඩට එන්නෙ ඒ බස් එකේ.නංගිලා සෙට් එකක් බෙරිහන් දෙනවා.අන්න එතකොට තමා මට හිතෙන්නෙ අපි පහලොස් දෙනෙක් විතර කෑ ගහන කොට මොන ආතල් එකක් තියෙන්න ඇත්ද කියලා.
බස් එකට කාලෙන් කාලෙට නම් ගොඩක් වැටුනා.මුලින්ම ඕකෙ නම නිකම්ම නිකම් HG 176.ඒත් ඩ්‍රයිවර් වෙනස් වුන ගමන් බස් එකට ලස්සන ලස්සන දේවල් එකතු වෙන්න ගත්තා.මල් වැල්, පාට පාට වචන බස් එකේ එල්ලුනා.කොච්චරද කියනවානම් ඔරලෝසුවකුත් එල්ලුනා.වැදගත්ම වුනේ හැබැයි ඉස්සරහ වීදුරුවෙ අල්ලපු "දළදා සමිඳු පිහිටයි" කියන වචන ටිකයි.අන්තිමට අපි බස් එකෙන් බහිනකොට අපිට පස්සෙ බහින්න ඉන්න කස්ටියට "දළදා සමිඳු පිහිටයි" කියාගෙන තමයි බැස්සෙ.
තව ටික කාලෙකින් රතු පාටට දිලිසි දිලිසි තිබුන බස් එකේ ඇඩ් එකක් ගැහුවා නෙව.අපිට කේන්ති ගියේ නිකන් අපේ ඇගේ ඇඩ් එක ගැහුවා වගෙයි.ඇයි අප්පා ලස්සනට තිබුන බස් එක නොවැ.ඇඩ් එක මොකක්ද දන්නවාද. "රංජනාස්" සාරි ඇඩ් එක.:)))) කොල්ලොන්ට නම් ලැජ්ජත් හිතුනලු සාරි පොරවගෙන ඉන්න ගෑණු ටිකක් වටේ ගහගෙන යන බස් එකක යන්න.ඒත් ඉතිං මේක අත ඇරලා කොහොමද?
මේ වෙනකොට දිනපතා බස් එකේ යන කට්ටියම නිකං එකම සෙට් එකක් වෙලා.සෙට් එකේ කට්ටියව කොච්චර සෙනග හිටියත් කොහොම හරි නග්ග ගන්නවා.අපිටත් බස් එක ගැන කොච්චර ඇම්මක් ආවද කියනවානම්.මායි,අපේ සාලිකයි,තව ගෑණු ලමයි දෙන්නෙකුයි එකතු වෙලා දයාන් විතාරණගෙ පීස් එකකුත් අරන් දුන්නා බස් එකට අපිට අහ අහා යන්න කියලා.වෙන පීස් එකක් දැම්මොත් සෙනග පීර ගෙන ඩයියා අන්කල් ගාවට ගිහින් කියනවා ඒක දාන්න කියලා.:D
අවුරුද්දක් අලුතෙන් පටන් ගන්නකොට මුලු බස් එකෙන්ම කලෙක්ශන් පාරක් දානවා.කොන්දාටයි,ඩයියටයි තෑගි දෙනවා.ඉතිරි ඒවයි කේක්,බිස්කට්,බීම ගෙනත් ජනවාරි පලවෙනිදට පාටි.බස් එකේ සාම්ප්‍රදායික සෙට් එකට අමතරව නගින අයටත් වෙනසක් නෑ කෑම දෙනවා.බස් එක කොහේ හරි ඇන ගත්තයි කියලා හිතමුකෝ.බස් එකේ සෙට් එකම බැහැලා යනවා නිකන් ගේමට වගේ.අනේ ඉතිං එතකොට අපේ බස් එකේ වැරැද්දක් තිබුනත් අනිත් එකා යන්න දෙනවා.පව් අප්පා.....
A/L කරලා ඉවර වුන නිසා බස් එකෙන් අපි සෙට් එක අයින් වුනා.බස් එකත් නිකන්ම අභාවයට ගියා.රංජනාස් ඇඩ් එකත් නැතුව ගිහින් වෙනම බස් එකක් ආවා.දැන් බස් එකේ නම "ලස්සන දවසක්".බස් එකේ පිටිපස්සෙ තමයි එහෙම තියෙන්නෙ.
ප.ලි.
මේක මෙලෝ රහක් නැති වෙන්න පුලුවන්. ඒත් ඒක ගැන නොලියා ඉන්න මට හිතුනෙම නෑ නොවැ.මොකද මේ බස් එකේ අපේ සමරුම් ගොඩක් තියෙනවා.එහෙම නේද උදිත,මාධව? තව කස්ටියනම් හිටියා ඔක්කොම කියන්න ගියොත් මෙතන නම් ලිස්ට් එකක් වෙයි.බස් එකේ වුන රස කතා පසුවට කියන්නම්.
සමා වෙන්න ඉස්සෙල්ලා පෝස්ට් එකේ කමෙන්ට්ස් වලට තාම උත්තර දුන්නෙ නැතුවට.පුලු පුලුවන් විදිහට උත්තර දෙන්නම් ඒවටත්.
බස් එකේ සීට් ගානට වගේ සෙනග.වටපිට බැලින්නම් බස් එකේ කොන්දොස්තර අපේ ස්කූල් බස් එකේ මෙච්චර කාලයක් හිටපු කොන්දොස්තර අන්කල්ම තමා.මේ බස් එක අලුතෙන් දාලා තියෙන්නේ.වග ඉදලා පිකොටුව තමා යන්නෙ.අලේ ඒ කියන්නෙ මට ගේ ගාවින්ම නැග්ග හැකිනේ.සංතෝසේ බැරුවා :)).බස් එකේ ඩිපෝවෙන් දෙන අංකය තමයි HG 176.ඔන්න ඔහොම තමයි මං අපේ පසු කාලීනව දිනපතා බස් රථය බවට පත් කරගත් බස් මුලින්ම ගියේ.
පස්සෙ පස්සෙ කස්ටිය සෙට් වෙන්න ගත්තා බස් එකට.ඉස්කෝලෙ ලමයි තමයි වැඩි හරියක්. ඒකෙනුත් වැඩි හරිය අපේ වයසෙ අපි දන්න කියන අපේම යාලුවො.හැමදාම ඉස්කෝලෙ යන එක නිකන් ට්‍රිප් එකක් වගේ.බස් එක දෙවනත් වෙන්න කෑගහනවා අපි.අනේ අනික් බස් මගියන්ගේ කන් ගැන සාතිශය සංවේගය.ඒත් අපිටනම් ඒ ගැන වගේ වගක් නෑ ඒ දවස් වල.දැන් තමා මටත් හිතෙන්නෙ ඒ අයට අපි කොච්චර වදයක් වෙන්න ඇතිද කියලා.අදටත් මං වැඩට එන්නෙ ඒ බස් එකේ.නංගිලා සෙට් එකක් බෙරිහන් දෙනවා.අන්න එතකොට තමා මට හිතෙන්නෙ අපි පහලොස් දෙනෙක් විතර කෑ ගහන කොට මොන ආතල් එකක් තියෙන්න ඇත්ද කියලා.
බස් එකට කාලෙන් කාලෙට නම් ගොඩක් වැටුනා.මුලින්ම ඕකෙ නම නිකම්ම නිකම් HG 176.ඒත් ඩ්‍රයිවර් වෙනස් වුන ගමන් බස් එකට ලස්සන ලස්සන දේවල් එකතු වෙන්න ගත්තා.මල් වැල්, පාට පාට වචන බස් එකේ එල්ලුනා.කොච්චරද කියනවානම් ඔරලෝසුවකුත් එල්ලුනා.වැදගත්ම වුනේ හැබැයි ඉස්සරහ වීදුරුවෙ අල්ලපු "දළදා සමිඳු පිහිටයි" කියන වචන ටිකයි.අන්තිමට අපි බස් එකෙන් බහිනකොට අපිට පස්සෙ බහින්න ඉන්න කස්ටියට "දළදා සමිඳු පිහිටයි" කියාගෙන තමයි බැස්සෙ.
තව ටික කාලෙකින් රතු පාටට දිලිසි දිලිසි තිබුන බස් එකේ ඇඩ් එකක් ගැහුවා නෙව.අපිට කේන්ති ගියේ නිකන් අපේ ඇගේ ඇඩ් එක ගැහුවා වගෙයි.ඇයි අප්පා ලස්සනට තිබුන බස් එක නොවැ.ඇඩ් එක මොකක්ද දන්නවාද. "රංජනාස්" සාරි ඇඩ් එක.:)))) කොල්ලොන්ට නම් ලැජ්ජත් හිතුනලු සාරි පොරවගෙන ඉන්න ගෑණු ටිකක් වටේ ගහගෙන යන බස් එකක යන්න.ඒත් ඉතිං මේක අත ඇරලා කොහොමද?
මේ වෙනකොට දිනපතා බස් එකේ යන කට්ටියම නිකං එකම සෙට් එකක් වෙලා.සෙට් එකේ කට්ටියව කොච්චර සෙනග හිටියත් කොහොම හරි නග්ග ගන්නවා.අපිටත් බස් එක ගැන කොච්චර ඇම්මක් ආවද කියනවානම්.මායි,අපේ සාලිකයි,තව ගෑණු ලමයි දෙන්නෙකුයි එකතු වෙලා දයාන් විතාරණගෙ පීස් එකකුත් අරන් දුන්නා බස් එකට අපිට අහ අහා යන්න කියලා.වෙන පීස් එකක් දැම්මොත් සෙනග පීර ගෙන ඩයියා අන්කල් ගාවට ගිහින් කියනවා ඒක දාන්න කියලා.:D
අවුරුද්දක් අලුතෙන් පටන් ගන්නකොට මුලු බස් එකෙන්ම කලෙක්ශන් පාරක් දානවා.කොන්දාටයි,ඩයියටයි තෑගි දෙනවා.ඉතිරි ඒවයි කේක්,බිස්කට්,බීම ගෙනත් ජනවාරි පලවෙනිදට පාටි.බස් එකේ සාම්ප්‍රදායික සෙට් එකට අමතරව නගින අයටත් වෙනසක් නෑ කෑම දෙනවා.බස් එක කොහේ හරි ඇන ගත්තයි කියලා හිතමුකෝ.බස් එකේ සෙට් එකම බැහැලා යනවා නිකන් ගේමට වගේ.අනේ ඉතිං එතකොට අපේ බස් එකේ වැරැද්දක් තිබුනත් අනිත් එකා යන්න දෙනවා.පව් අප්පා.....
A/L කරලා ඉවර වුන නිසා බස් එකෙන් අපි සෙට් එක අයින් වුනා.බස් එකත් නිකන්ම අභාවයට ගියා.රංජනාස් ඇඩ් එකත් නැතුව ගිහින් වෙනම බස් එකක් ආවා.දැන් බස් එකේ නම "ලස්සන දවසක්".බස් එකේ පිටිපස්සෙ තමයි එහෙම තියෙන්නෙ.
ප.ලි.
මේක මෙලෝ රහක් නැති වෙන්න පුලුවන්. ඒත් ඒක ගැන නොලියා ඉන්න මට හිතුනෙම නෑ නොවැ.මොකද මේ බස් එකේ අපේ සමරුම් ගොඩක් තියෙනවා.එහෙම නේද උදිත,මාධව? තව කස්ටියනම් හිටියා ඔක්කොම කියන්න ගියොත් මෙතන නම් ලිස්ට් එකක් වෙයි.බස් එකේ වුන රස කතා පසුවට කියන්නම්.
සමා වෙන්න ඉස්සෙල්ලා පෝස්ට් එකේ කමෙන්ට්ස් වලට තාම උත්තර දුන්නෙ නැතුවට.පුලු පුලුවන් විදිහට උත්තර දෙන්නම් ඒවටත්.
බස් රස බස්.. මේ තියෙන්නෙ...අපිත් කාලයක් ඔය හෝමාගමින් පටන් ගන්න කැම්පස් බස් එකේ යාවජීව සාමාජිකයො වෙලා හිටියා.. අපි බස් එකට නැග්ගෙ පන්නිපිටියෙන් උනත්..හොඳ ෆන් එකක් ගත්තා..
ReplyDeleteමමත් උසස් පෙළ කරන කාලේ ස්කෝලෙ ගියේ ස්කූල් බස් එකේ! ආයෙ ලොවෙත් ෆන් ලෝකයක් තමයි! ඒ කාලෙ කරපු කියපුවා ආයෙත් මතක් වුණා!
ReplyDeleteහා...හා පොඩි කාලේ මතක් වුනා. මම සාමන්‍ය පෙළ කරනකන්ම ගියේ වැන් එකේ. ප්‍රදානම හේතුව එකේ හිටපු ගැනු ළමයි සෙට් එක. (ඔක්කොම වගේ අක්කලා හැබැයි)
ReplyDeleteස්කුල් බස් එකේ උසස් පෙළ කාලේ ඉදල හිටලා ගියා.. කවදාවත් එක වෙලාවක් නැති මට ඉතින් අහුවෙන බස් එකක යනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැනේ ඉතින්.
අද තමා මුලිම මේ බ්ලොග් එකට අවේ. හොදට ලියලා තියෙනවා.. සුබ පතනවා!!
ස්තූතියි නිසූ කතා මාලාවක්ම මතක් කරලා දුන්නට....
ReplyDeleteමට ඔය ස්කූල් බස් ගැන තියෙන්නේ කාටවත්ම නැති අත්දැකීමක්.. මං ඒක වතාවක් බ්ලොග් එකේ ලිව්වා.. මේක දැක්කම මතක් උනේ ඒක...
ReplyDeleteආසාවෙන් කියෙව්වා...
හ්ම්ම්ම්... මම නම් ඉතිං ඉස්කෝල හතකටම ගිහින් තිබුනත් ස්කූල් බස් එකක ගිහින් නෑ නොවැ!
ReplyDeleteහැබැයි 1 වසරේ ඉඳන්ම බස් එකේම තමා ගියේ, ගාල්ලෙ මහින්දෙට ගිය අවුරුද්ද ඇරෙන්න...
ඒ නිසා මේ වගේ මිහිරි අත්දැකීම් නෑ :(
අපිත් ඉස්ස්කෝලේ යද්දී බස් එකක යාවජීව සාමාජිකයෝ තමයි.. ඒක මග කැඩිලා එන්න පරක්කු උනත් අපි ඉන්නවා ඒක එනකම්ම... ගොඩ ගන්න බැරි ලෙඩක් වැටුන දවසකට තමයි වෙන බස් එකක යන්නේ....
ReplyDeleteඅය්යෝ..මටත් අපේ ස්කුල් බස් එක මතක් උනා. ඒකටනම් නග්ග ගන්නේ ඉස්කෝලේ ළමයි විතරයි..ඇගිල්ලක් ගහන්න ඉඩ නැති උනත් අපිත් යන්නෙම ඒකෙ තමයි..
ReplyDeleteහි.. හි.. නිසූත් නියම කතාවක් තමයි මතක් කලේ.. කොන් අන්කලුයි ඩැයිවර් අන්කලුයි මාර ලකීනේ එහෙම තෑගි ගන්න..
ReplyDeleteහික් හික්. ඒ බස් එක නම් කතා සාගරයක් තමයි. :) මට ගොඩක්ම අත්දැකීම් නෑ, මොකද මම ගියෙ ඕකෙ එක අවුරුද්දයිනෙ. (13 වසරෙදි, 2004දි)
ReplyDeleteඒත් හැබැයි ඕක නවත්තන්නෙ නැතිව ගියාම නම් මල පැනල කැඩියන් කියල හිතලත් තියෙනව. :D ඇයි දෙය්යනේ සීසන් ගත්තෙ ප්‍රයිවට් වල යන්නය. ඕකට ටිකක් ඉස්සෙල්ල යන අවිස්සාවෙල්ලෙ ඉඳල එක සීටිබී එකට වෙලාවක් කලාවක් නෑනෙ. අනික, මේ බස් එකේනෙ යාළුවො සෙට් එක ඉන්නෙ. :) බස් එක ශුවර් නැති උනාම උදිත නිසුපා මීපෙට එනව, ඊට පස්සෙ අපි තුන්දෙනා සෙට් වෙලා වෙන බස් එකක හරි නගිනව. අන්න එහෙම දවසකනෙ නිසුපා අර බස් එකකින් පිම්මක් පැන්නෙ. :D
ඇයි අනේ chemistry පංති තිබ්බ දවස් වලට හවසත් ඕකෙම එන්න සෙට් වෙන්නෙ. ඒක අමතක උනාද?
ReplyDeleteඅපි නම් ඉතින් කලේ හැමදාම හවසට ටවුමෙදි බස් එකේ ඩ්රැවා යි කොන්ද යි එක්ක වලි දා ගන්න එක තමයි මොකද උන් උදේට බස් එක නවත්තන්නෙ නෑ නෙ.
ReplyDeleteමං හිතුවේ HG 176 කියන්නේ අළුතෙන් හොයාගත්ත තරුවක් වත් වෙන්න ඈති කියලා. බලාගෙන යද්දී මේක මේ ඇඹිටිල්ලන් කෙල්ලෝ ටිකක් ඉක්කෝලේ ගිය බස් හුචක්කුවක්නේ...
ReplyDeleteමාත් 10 වසරේ ඉඳන් ගියේ බස් එකේ. ගොඩක්ම නෙත්මා එකේ, නැත්තං සේරුපිට. දෙකම පරක්කු දාට මතුගම CTB එකේ හරි වලල්ලාවිට එකේ හරි... තාමත් ගමන ඔය හතරේ තමා.
@Weni - කැම්පස් බස් එකක් හෝමාගමින් පටන් ගන්නවා කියලා දන්නෙ නෑ නෙ අයියා. අපි හැමෝටම බස් කතානම් ඇති නේද?
ReplyDelete@විසිතුරු | visituru - ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඒ වගේ ෆන් නම්. ස්කූල් බස් එකේ කතාත් තියෙනවා.ඒවා පසුවට.
@Grey - පොඩි කාලෙ කිව්වෙ දැන් සෑහෙන වයසයිද?
අක්කලටත් ලයින් දැම්මද..;)
අපිටනම් ගානට 6 වෙනකොට බස් එක එනවා.එච්චර ට්‍රැෆික් තිබුනෙ නැති නිසා 7.15 විතර වෙනකොට ඉස්කෝලෙ.
ආවට ස්තූතියි. :))
@අභීත - යූ ආ(ර්) මෝස්ට්ල්ය් වෙල්කම් කිවා අයියා..:D
බස් වල ඉස්කෝලෙ ගියාට නිසුවො හැමදාම යන්න උනේ ස්කූල් බස් එකේ නිසා නෝ ෆන්..වැඩේ කියන්නෙ ඒ ස්කූල් බස් එකම ඉස්කෝලෙ ටීචර්ස්ල දෙන්නෙකුත් එනවා...අපි ඉතින් සාන්ත දාන්ත චරිත....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපිට නෑ නේ ඔහොම ආතල්..:(( @මාධව-: මොක්කක් ද බස් එකකින් පිම්මක් පැන්න කතාව.. ? :P
ReplyDelete@මාරයාගේ හෝරාව - හ්ම්...මං මේ දවස් වල අයියාගෙ පරණ පෝස්ට් ටික කියවමින් යනවා.තාම හම්බ වුනේ නෑ.හම්බ වෙයි නෙ ඒක.
ReplyDeleteස්තූතියි අයියේ.මං හිතුවෙ නෑ මේක කියවන්න ආස හිතෙයි කියලා.:)
@ගීතක - අයියෝ අයියේ ස්කූල් බස් එකක යන එක කොච්චර ආතල් වැඩක්ද.කෙල්ලනට වඩා කොල්ලනට.කෙල්ලන්ගෙ ස්කූල් බස් වලට කෑ ගහන්න.වලි දාන්න.ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන්න.නිවාඩු දෙන දවසට කෙල්ලන්ට වතුර බිත්තර ගහන්න.කොච්චර වැඩද අප්පා.අපරාදෙ...:((
@Dinesh - හුගක් අය වැඩට යන්නෙත් ඔහොම යාවජීව බස් වල තමයි.ඉස්කෝලෙ යන කාලෙ අපිත් ඔය වගේ තමයි.බස් එක එනකල්ම ඉන්නවා
@සයුරි - මේක නම් ස්කූල් බස් එකක් නෙවෙයි අක්කේ.සාමාන්‍ය සීටීබී බස් එකක්. ඒත් අපි ටික ඒක ස්ජකූල් බස් එකක් මට්ටමටම ගෙනාවා.:)). උදේ වරුවෙ කොන්දාට වැඩි ගානක් අතට එන්න නැතුව ඇති ඒ කාලෙ.
@සුදු හංසි - ඔව් අනේ හැම අවුරුද්දෙම මොනව හරි කට්ටිය දුන්නා.ඒ ඉතිං ඒ ගොල්ලො නොකඩවා කරපු සේවයට.රස්සාව වුනත් හරියට වෙලාවට රස්සාවට යන අය, අපි වගේ අය වෙලාවට ගෙනිච්චානෙ.
ReplyDelete@Madhawa Habarakada - ඒකනෙ අපි නම් 10 ඉදන් ඕකෙ තමා උදේ ජීවිතේ.
අනේ අනේ බස් එක කැඩුනොත් අපි යන්නෙ කොහොමද?මං පිම්ම පැනපු දවසෙ උදිත හිටියෙ නෑ නෙ.
chemistry පන්ති ගිහින් එන්නත් හැමදාම සෙට් වුනේ නෑ නෙ.
@Enemy - ඉතිං වලි දැම්මාම උන් නවත්තයි යෑ තරහටම..:D
@prasanna86k - තරුවක් වගේ තමයි බොල දිලිසි දිලිසි තිබුනා ඉස්සර.හොද ඇඹිටිල්ලන්.ඒක හුචක්කුවක් නෙවෙයි මාලුවෝ.හොද වේගෙන් ගිය බස් රාජයෙක්.
@දිල් - අපොයි දිල් අපිනම් ස්කූල් බස් එකෙත් කට පියාගෙන නම් හිටියෙ නෑ. අපේ ස්කූල් බස් එකේ ටීචර්ලා ගොඩක් හිටියා.මේ කියලා තියෙන්නෙ නම් ස්කූල් බස් එකක් ගැන නෙවෙයි නේ.
@චතුමිතු - අයියෝ...
ReplyDeleteමාධව කියලා තියෙන්නෙ මගෙ ඉස්සෙල්ල කතාවෙ කියලා තියෙන සිද්දිය ගැන නංගි.
ඒක ඇත්තේ බස් පළු කතාවල අන්තිම එකේ වගේ...
ReplyDeleteඅතීතයට ගියා.. ගොඩාක්... "HG 176" කියන්නේ අර ධර්මපාල පාසැල් බස් එකද?
ReplyDeleteඒ කාලේ සී.ටී.බී. බස් වල යන්න විඳපු දුකක්.. අප්පා... නිසූප අහල තියනවද? කහවල බස් එක කියල එකක්.. පාදුක්ක හරහා යන.. ඕකේ යන්න අපි ඉස්සර පාන්දර පාදුක්ක පුරා දුවනව. ඒකේ රියදුරු මාමයි, කොන්ද මාමයි අපිට කොච්චර ආදරේද කියනව නම් එක දවසකට බස් එක නවත්තන්නේ තැපැල් කන්තෝරුව ළඟ. තව දවසක ස්ටෑන්ඩ් එකේ. තව දවසක කණිශ්ටේ ගාව. මේ යකා හදන්නේම අපිව දාල යන්නමයි, මොකෝ අපි සීසන් හන්ද... ඔය කාලේ ගිය බස් තාමත් පුරුදුයි.
උදේම ගියා මට්ටක්කුලිය ඩිපෝවේ බස් එකක්... ඒකෙ ගියොත් පැයෙන් කොළඹ, තව... කුඩා උඩුව(සමහරු කියන්නේ කුඩා බඩුව කියල ) , තෙල් සංස්ථාව, ඇක්රොන් බස් එක, පියල් අය්යගෙ බස් එක... ඒ වගේම තමයි චතුරංග ලක්මාල් බස් එක, ලක්ශාන් තරංග බස් එක, ( මේ ඔක්කොම බසුත් එච් . ජී තමයි ).
ඔන්න ඉතින් මේ බස් ඔක්කොම එපා කියල අපිටත් හම්බ උනා ස්කූල් බස් එකක්... ඔන්න අපිත් පලවෙනි දවසෙ ක්‍රේප් කොල ඇදල, බැලුම් එල්ලල එහෙම බස් එක සරසල ගත්ත. සුමානෙකින් ගැහුව, "රෝයල් රයිඩර්" කියලත්.. අනේ අවාසනාවක මහත... ඉගෙන ගන්න නොව, ගහගන්න පාසැල් ආපු අපේ පාසැලට අසල්වැසි පාසැලක කට්ටියකට මේක දරාගන්න බැරුව, අපේ බස් එකේ වීදුරු ඔක්කොම කැඩුව. බස් එකේ හිටපු පුංචි ළමයින්ට පවා හෝස් වලින් තමයි එදා ගැහුවේ.. ඒ ගැටුමට හේතුවක් අපි තවමත් දන්නේ නෑ.. මම ජීවිතේ වඩාත්ම දුකට පත්වෙච්ච දවසක්...( මොකද පාදුක්කේ ළමයිම මහන්සි වෙලා ඇමති වරයාගෙන් ඉල්ලීමක් කරල ඉල්ලගත්ත බස් එක, මේ අහක ඉන්න මිනිස්සු ටිකක් අතින් විනාස වෙනව දකින්න කවුද කැමති.... )
එදායින් පස්සේ ආයේ පාසැල් බස් නෑ අපිට... මේ බස් එක නම් අපිට කොහොමත් අමතක නොවෙන බස් එකක්... ඒ තමයි... HG 119 .
බස් ගැන නම් ගොඩක් දේවල් තියනව ලියන්න... වෙලාවක මගෙම පෝස්ට් එකක ලියන්නත් තරම් දේවල්... :)
පොඩි කාලේ මතක් වුනා කිව්වම නාකියි කියන්න බැනේ. 18 පැන්නම පොඩි කාලේ ඉවරයිනේ කොහොමත්. නාකියි කියන්නේ 35 පැන්නම. එකට තව ගොඩක් කල් තියෙනවා. දන්නැද්ද ඒ කාලේ කරන වැඩ ඉතින් කොල්ලෝ සෙට් එකතු වෙලා. දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.
ReplyDeleteමට වෙන්නේ කවදාවත් වෙලාවට නැගිටින්න බැරි එක..එක එක වෙලාවට නැගිට්ටම ඉතින් එක එක බස් තමා. අද උනත් එහෙමයි..දෙයියනේ කියල විනාඩි දෙකෙන් දෙකට වගේ ටියුබ් එක තියෙන එක නිසායි ගෙදර ඉදන් ඔෆිස් එකට විනාඩි 10 නිසයි තමා වෙලාවට ඔෆිස් යන්නේ. නැත්නම් ඉතින් 7.30 ට නැගිටලා 8.30 ට ඔෆිස් ඉන්න ඉතින් සක්රයාගේ අසප කරත්තේ එක්ක මාතලිව අරන් එන්න ඕනේ.
කුරුනෑගල-මාතලේ දිව්ව "සුරංගනී" කියල බස් එකක්,එකේ ඩ්‍රයිවර් කෙල්ලෙක් එක්ක පැනල ගියා. (පැනල ගියාට, කසාද බැඳල එහෙම ඇවිල්ල දිගටම බස් එකේ වැඩ කලා) හැබය් ඊට පස්සේ බස් එකට කියන්නේ "අරං පනී" කියල.
ReplyDeleteපානදුරේ පැත්තේ ඉදන් කොලඹට ආපු බස් එක තමයි අපේ සමරු සටහන..අපේ සිංහයා එහෙම හොදට දන්නවා ඒක ගැන..
ReplyDeleteඒ කාලේ තමයි මරේ මරු..
පාසැල් කාලේ සොඳුරු මතකයන් .... හුඟක් වෙලාවට ඉස්කෝලේ මිස්ලා නගින නිසා අපි බස් වල ගියේ බොහොම බයෙන්. වැරදිලාවත් හයියෙන් කෑ ගැහුවොත් එවෙලෙම රැවුම් ගෙරවුම් එන නිසා.
ReplyDeleteහ්ම්ම්. බස් කතා ගොඩයිනෙ. :D
ReplyDelete@නිසු: ඔව් chemistry class එකේදි හවසට කලාතුරකින් තමා සෙට් උනේ. ඒ වෙලාවට වෙන සීටීබී එකක් ආවනෙ. ඒක නම් මහම ජරාවක්. ලටෙක් එකක්නෙ. :( එපා වෙනව ඒ වෙලාවට බස් වල යන එක නම්, මතකද අර රෝස කොට වල යනකොට වින්ද දුක. :(
122 වැලිකන්න-කොළඹ, කියල දුවපු TATA bus එක නේද මේ?
ReplyDeleteෂා... බස් කතා කොච්ච්රක්නම් තියෙනවද අක්කි??? මටත් මතක් වුනේ අපේ ඉස්කෝලෙ ගිය බස් එක. හම්මා... නියම ෆන් වැඅඩ අපි කලේ.. ඒක සුන්ද්‍ර ලෝකයක්..
ReplyDeleteටිකක් පරක්කුද මන්දා.... බස් කථා නම් ගොඩාක් තියනවා.. පොස්ට් එකකින් ලියලා ඉවර කරන්න බැරි තරම්... පස්සේ ලියලා දාන්න ඕනා.. මතක් කරලා දුන්නු එකට අක්කාට තැන්ක්ස් හොදේ....
ReplyDeleteසුන්දර මතකයක්...මම නං ඉස්කොලේ ගියේ පයිං...බස් එකක යන්නත් ආසයි ඒ දවස් වල...
ReplyDeleteඅපි ඒ ලෙවල් කරනකොට ඉස්කෝලේ ගිය බස් එකනම් හැමදාම උදේ අටහමාර වෙනකොට අපිව දෙයියනේ කියලා ඉස්කෝලේ ලගට ගෙනත් දානවා. ඉස්කෝලේ උදේ 8 ට පටන් ගන්න නිසා අපිට නම් තාප්පේ පිහිට තමා.
ReplyDeleteබස් රස බස්...!
ReplyDeleteඅනේ නිසූ!හරිම අපූරුයි,අදයි මේ පැත්තේ ආවෙ.හරිම කැමතියි මම මේ ලියන විදිහට.දිගටම එන්නයි අදහස..
ReplyDeleteඅක්කට මාරම බස් කතා ගොඩක් තියෙනවානේ. බස් බස් බස් !!!
ReplyDeleteඅපේ ගෙවල් පැත්තේ බස් එකක් තියෙනවා "අත හිත නන්දම්මගෙන්" කියලා.
@මාරයාගේ හෝරාව - කියවලා බලන්නම් අයියා.
ReplyDelete@නදුන් උයන - නෑ නෑ ධර්මපාලෙ ස්කූල් බස් එක නෙවෙයි.ඇත්තටම මේක ස්කූල් බස් එකක් නෙවෙයි.
කහවල බස් එක මතකයි,ඇක්රෝන් එකත් මතකයි.අනික් බස් දිහාත් ආසාවෙන් බලන්න ඇති ඒ දවස් වල.දැන් මතක නෑ නෙ. :((
මට තව මතය්යි ඉංගිරිය බස් එකක් නම ගහලා තිබුනෙ පාට පාටින්.චික් නම මතක් වෙන්නෙ නැති හැටි.ඔය අනික් HG ටිකත් ඒදවස් වල පාඩම් වෙලා තියෙන්න ඇති.මොකද ඒ දවස් අපේ ස්කූල් බස් එකේ සෙට් එකට තිබුනානෙ ඕවා මතක තියාගන්න පිස්සුවක්. :D
රෝයල් රයිඩර් එකනම් හොදටම මතකයි.ඕවා ගැන අපි ඇහැ ගහගෙනනෙ හිටියේ.:))
අපිත් ඔය වගේම මීපෙන් බස් එකක් ස්ටාට් කලා.වැඩක් වුනේ නෑ ඒක ඉස්කෝල දෙකකට ගියා.:(
ඔයාත් ලියන්නකො ඉතින්.
@Grey - මං නම් හිතාගෙන ඉන්නෙ මං තාම පොඩියි කියලානෙ. ඒකයි..:D හික්ස්...
ReplyDeleteඅනේ අපිට කොහෙන්ද අනේ ඔයාට වගේ වාසනාවක්.හයේ ඉදලා අටහමාර වෙනකල්ම බස් වල ගාටනවා.එපා වෙනවා වෙලාවකට.මොනවා කරන්නද මේ ට්‍රැෆික් එක්ක. :(
@Observer - අපොයි ඔබා මාමෙ....බි.පෙ.සි...:D
@ChammA - කවුරු මොනවා කිව්වත් ඉස්කෝලෙ කාලෙ තරම ආතල කාලයක් තවත් නෑ නෙ.
@AnithKona - අනේ අපිනම් බය වෙයි ඕවට...හික්ස්...:D
@Madhawa Habarakada - අපොයි රෝසා කොට ගැන නම් මතක් කරන්න එප..:S
ReplyDeleteකොහෙද ඉතිං ඉහලබෝපෙ බස් හුගක් ඒවා ඉස්සර රෝසා බස් නෙ.ඔය වෙලාවට අවිස්සාවේල්ල ඒවට ඇගිල්ලක් ගහන්නවත් බෑ නෙ.
@LPS - ම්ම්.....122 නම් තමයි.ඒත් බස් එක ගියේ වග ඉදන්.
@හිතුවක්කාරි - ඔයත් ලියන්නකො නංගා බස් කතා ටිකක්.
@දේවා ගේ අඩවිය - නෑ මල්ලි පරක්කු නෑ.ඔයත් ලියන්න බස් කතා සීරීස් එකක්. අර පඩ රැල්ල වගේ බස් රැල්ලක් දාමු.:))
@ඔබ නොදුටු ලොවක්..... - පයින් යනවා වගේ නෙවෙයි අනේ කට්ටිය සෙට් වෙලා බස් එකක යනකොට.
ReplyDelete@අම්බලම - හොද ලමයි ටිකක් කියලා වැඩක් නෑ.අපිනම් කලින්ම ඉස්කෝලෙ ගියා.
@ඉන්දික උපශාන්ත - තව බස් කතා තියෙනවා.
@වීතරාගී - එන්න එන්න..සාදරයෙන් පිලිගනිමි..:))
@මධුරංග - අපොයි තව බස් කතා පටන් ගත්තා විතරයි.තව තියෙනවා කියන්න.:)
හික්ස්..අත හිත නැන්දම්මගෙන්ද?
අපේ ගමට තිබුනේ එකම තනිදොරේ බස් එකයි. ඉතින් එක කොහොමත් අපේ ඉස්කෝලේ බස් එක උනා. වැඩේ කියන්නේ ඒක උදේ තිබ්බොත් හවස නැහැ හවස තිබොත් පස්සෙන්දා උදේ නැහැ. ඉතින් ගොඩක් දවස් වලට ප්‍රධාන පාරේ ඉඳල 4-5 කම් පයින් තමයි.
ReplyDeleteඋදේට බස් ඒක නැත්නම් බයිසිකලෙන් මේන් රෝඩ් එකට යනවා. උදේ තිබිල හවස නොතිබුණාම තමයි පයින් ඇවිත් එපා වෙන්නේ.
AL කරන කාලේදී ගමට එන බස් ඒක ගැන බලාපොරොත්තු අත ඇරගෙන හැමදාම අර කි. මි. 4-5 බයිසිකලේ එන්න පුරුදු වුණා. ප්‍රධාන පාරේ කිසි අවුලක් නැති school bus එකක් තිබ්බ. අලුත් යාලුවෝ ටිකකුත් සෙට් උනා. ඒ කාලෙ තමයි නියමම school bus කාලේ. Fun ඒක උපරිමයි.
ඒ කාලේ වෙච්ච දේවල් ටික දාල වෙනම බ්ලොග් එකක් කරන්න පුළුවන්. LOLzzz ...
මම නම් ගියේ ප්‍රයිවට් ස්කූල් බස් එකක. ඒක ඒ දවස්වල තිබුන ලොකුම එක නිසා CTB බස් වල යන අය කිවුවෙ නැව කියලා. ඉතින් වැරදිලා හරි ස්කූල් බස් එක මිස්වෙලා HG176 වගේ එකක යන්න සෙට් වුනොත් අපි ඉවරයි. හින්ට් පාස්වෙනවා මොකද නැවේ යන අය බෝට්ටුවට බැහැලා කියලා.
ReplyDeleteඒ ජොලි කාලෙ මතක් කරලා දුන්නට පින් නගේ.
Ru...
ReplyDeleteI think the Nawa (ship) was a private bus operated between Kurunagala and Wahara. Wonder you mention the same here.
අම්මේ මමත් කාලයක් ගියේ ඔය වගේම පානදුරේ ඉදන් මීගමුවට යන සෙමි ලක්ශරි සීටීබී එකේ,, එකෙත් ඔය වගේ තමා//
ReplyDeleteජය..
@$මරුමූස් $ - අප්පා හෙන කට්ටක් නෙ කාලා තියෙන්නෙ. ස්කූල් බස් කතා අපි හැමෝටම තියෙනවා වගේ නේද..:)))
ReplyDelete@රූ.. - මං නම් පොදු සේවයට තමා වැඩුය කැමති. ඒ දවස් වල HG කිව්වොත් සිහියක් නැති තරම්
ස්තූතියි අක්කා..(අක්කා නේද?)
@Gayan Rupasinghe - ඒක කාල සටහනකට යන බස් වලදි වෙන වැඩක් නේද?
ReplyDeleteඅම්මෝ ස්කූල් බස්වල ගියපු කාලේ නම් සුපිරි. ඒ කාලේ අපිට සීටීබි බස් ගැන නිබන්ධනයක් ලියන තරමටම දැනුමක් තිබුණා. බස් එක අයිති ඩිපෝව අඳුනගන්න, බස් වල අංකවලින් අපි දන්න ඒවා දුවන පාරවල්....
ReplyDeleteඒ කාලේ දැන් ඉතින් ගිහින් ඉවරයි. ඒත් තාමත් ඒ මතකයන්ගේ නෂ්ටාවශේෂ හිතේ තියෙන නිසා ඉදලා හිටලා හරි සීටීබී බස් එකක යන්න අමතක කරන්නේ නැහැ. අපිත් එක්ක බස්වල ගිය යාලුවෝ නැතත් ඒ බස්වල යද්දී තියෙන සුන්දරත්වය කියල නිම කරන්න බැහැ. දූවිලි පිරිලා, අතු ගාලා නැති බස් එහෙම තිබ්බ අර හැඟීම එහෙමම තමා :))
මමනම් මුලින්ම ස්කූල් බස් එකේ ඉස්කෝලෙ ගියේ ඒලෙවල් කරන කාලෙ. ඊට කලින් ගිටේ එක එක විදි වලට.
ReplyDeleteඅපිට යන්න සී. ටී. බී. තිබුනෙ නෑ. අපේ ස්කූල් බස් එක විදියට අවේ නදීක බස් එක. (බද්දෙගම පාරෙ ඉන්න අය මේ බස් එක ගැන දන්නව ඇති.) ජයන්ත අයිය තමයි බස් එකේ කොන්දා හිටියේ.
ඩ්‍රයිවර් කවුද කියලා අදටත් දන්නෙ නෑ. මොකද, අපි හැමදාම පිටිපස්සෙ දොරෙන් බස් එකට නගින නිසා.
බස් එකේ අපේ යාලුවො සෙට් එකක්ම හිටියා. අපේ ඉස්කෝලෙ සහ මහින්දෙ අය තමයි හැමෝම වගේ.
ජුන්ඩා, ජැකා, යසිත්, සමහරුන්ගෙ නම් මතකත් නෑ. ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සේ සමහරුන්ව ඇස් දෙකට දැක්කෙත් නෑ..