expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Saturday, January 5, 2013

෴බනියාගේ පැතුම ඉටු වූ වගයි.෴

ඉස්සෙල්ලාම................... හැමෝමටම සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ ඉංග්‍රිසි අලුත් අවුරුද්දක් වේවා.දවස් පහයි තාම පරණ වෙලා තියෙන්නෙ.කකානම් විශ් කරලත් ගිහින් තිබුනා.අද තමයි ඒකත් දැක්කෙ. :D




               අම්මෝ.........කොච්චර කාලෙකින්ද මේ පැත්තට ආවෙ. මකුළු දැලුත් බැදිලා. කාලයක් යනකල් හරිහමන් විදිහට පෝස්ට් එකක් ලියන්න තියා කියවන්නවත් මැශිමක් හම්බ වුනේ නෑනෙ. :( ලගපාත තිබුන ඒවගෙත් සිංහල නෑ.දැන් නම් මැශිමක් තිබේ.වෙලාව නහී හේ... :( එහෙම කියලා හරියන්නෙ නෑ නෙ ඉතිං. කොහොම හරි ලියන්නත් එපෑ මාරයා අයියත් කෝ මුං කියලා අහලා තිබුන එකේ....:))) මොනවා වුනත් ලියලා නැත්තෙ මාස තුනයි නේ. ඒත් මට නම් නිකන් දැනෙන්නෙ මාස හයක් හතක් ලිව්වෙ නැති ගානට.අඩු ගානෙ කියවන්නවත් ලැබුනානම් මෙච්චර දැනෙන්නෙ නෑ.සෑහෙන්න පෝස්ට් මිස් වෙලත් ඇති.

                 මේ මාස තුනේ මගෙ ජීවිතේ ලොකු ලොකු වෙනස් කම් වලට භාජනය වුනා.සයිට් යන එක නතරම වෙලා ඔෆිස් එකටම යන්න එන්න ගත්තා.ඔෆිස් එකට ගියාම එක එක  වැඩ.පෝස්ට් ලිය ලිය ඉන්න බෑ.අනික ඒ මැශින් එක පුදුම තරම් ස්පීඩ්..... :))) තව ත්ව වෙනස්කමුත් වුනා.හ්ම්......

             අපෙ නගාත් නායකත්ව පුහුණුවට බූස්සට ගියා.ගිහින් තාම නම් සති එකහමාරයි.ඒත් නිකන් මාස එකහමාරක් වගේ දැනෙන්නෙ.එයා ඉන්නකල් ගෙදර කම්පුටරේ බදු අරගෙන නෙ හිටියෙ. දැන් එයත් නෑ මට ගෙදර කොම්පුටරෙනුත් වැඩක් නෑ. ඔන්න දැන් තමා මාතෘකාවෙ කතාව. :D

ලැප්ටොප් සිහිනය සැබැවෙන සුභ නව වසරක් වේවා :D

(පොඩ්ඩක් ඉවසලා ඉන්ට ලැප්ටොප් ලාබෙට ලැබෙන ක්‍රමයක් එන්න යෝජිතයි;)

                 මේ තමයි 2012 ලැබුවට පස්සෙ ලියපු මුල්ම පෝස්ට් එකේ අපේ බනියා මට කරපු ප්‍රාර්තනාව.ඉතිං බනියා කියපු විදිහට ඉවසුවා ඉවසුවා.අවුරුද්ද ඉවර වෙන්න ලං වෙනකල් ඉවසුවා.ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියන එක සහතික ඇත්ත ඕන්.(කියමන අපේ එකෙක්ගෙන් උස්සම ලදී.)ඇත්තටම බනියො නරකද සාස්තර කියන්න ගත්තොත්. ලාබෙටම මට ලැප්ටොප් එකක් ලැබුනා නොවැ.ලාබයි කියන්නෙ පුදුම ලාබයි.මට කීයක්වත් ගියෙ නෑ. ;) මෙන්න භාණ්ඩෙ.





              මට මේ භාණ්ඩෙට කීයක්වත් වියදම් වුනේ නැත්තෙ මේක මට ලැබුනෙ අපේ ඔෆිස් එකෙන් නිසා.අපේ සර්ගෙ විශේෂ අදහසක් නිසා අපේ කොම්පැණියෙ හැමෝටම ලැප්ටොප් අරරන් දෙනවා.දෙසැම්බර් මාසෙ හම්බ වුනේ මට.ඉතිං අපේ බනියාගෙ පැතුම අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා හරි ඉටු වුනා.අනේ බනියෝ මේ පාරත් මට විශ් කරලා යන්න හොදේ.... :D

             ඉතිං ලැප්ටොප් රාජයෙකුත් (රාජයෙක්ම තමයි.සෑහෙන බරයි මේක) හම්බ වුනේ සතියට එක ගානෙවත් පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.නිසුපා බැක් ටු වර්ක්.....




87 comments:

  1. ඇති යංතං බ්ලොග් එකක් තියනවා කියලා මතක්වෙලා

    ReplyDelete
    Replies
    1. හික්ස්.... ඒ වගේ තමා අප්පා. ලියන්නෙ නැතුව දිගටම හිටියාම කම්මැලි වෙනවා.

      Delete
  2. ඔය තියෙන්නෙ... දැන් ඉතින් පටාන් ගමු ලියන්න..
    මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. පටා....න් ගන්නම් කොහොම හරි ඈ....
      ස්තූතියි ළිහිණි

      Delete
  3. //...අපේ බනියා මට කරපු ප්‍රාර්තනාව...//

    බනියා කියන වචනේ දැන් හුඟක් බ්ලොග්වල තියෙනවා නොවැ. බින්දි අක්කාගේ නෙලුම් විලේ වගේම කෝරලේ මහත්තයාගේ වලව්වේත් මේ බනියා කියන එක මම කලින් දැක්කා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. මම නම් මේ බනියා කිවෙ බ්ලොග් ලියන බනියා හොදේ.

      නෙලුම් විලේ ඉන්නෙ බින්දි අක්කගෙ දුව, කෝරලෙ මහත්තයාගෙ වයිෆ් තමා බනියා.

      Delete
  4. එල එල! පට්ට ලැපක්? නේ හම්බ වෙලා තියෙන්නේ! සුභම සුභ ඉංගිරිසි එකක් වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කූ තැන්කූ.... සර් හැමෝටම දුන්නෙ ඕව තමා.

      Delete
  5. නිසු ගේ ආගමනය ..... හරිම සතුටුයි හලෝ. මම බ්ලොග් ලියන්න ගත් මුල්ම කාලේ හදුන ගත් කෙනෙක් ඔබ.දැන් ඉතින් ලැප් රාජයෙන් ඉන්න එකේ දිගටම රසවත් දේවල් පෙර සේම ලියමු නේද.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. පුනරාගමනය..... :D පුලු පුලුවන් විදිහට ලියන්න ඕනෙ.අත ඇරුනොත් කම්මැලි වෙනවා.

      Delete
    2. කම්මැලියා හොර අලියා

      Delete
    3. අලියෙක් වගේ වීගෙන එනවා තමා. :(

      Delete
  6. හික් හික්. හොඳා හොඳා. :)

    ReplyDelete
    Replies
    1. ඔයානම් ඉතිං ලැපීව දැක්කානෙ

      Delete
  7. අපිටත් ඔයවගේ බෝසාලා ඉන්නවනම් ...

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑ හැම තැනම නෑ.

      Delete
  8. එල එල වෙල් කං බැක් කිව්වා එහෙනං :)

    ReplyDelete
  9. ටිප් ටොප් තෑග්ගක්....!

    ReplyDelete
  10. හප්පට සිලි.. මේ මගේ ලැප වගේමයි නේ... මගේ ලැප්ටොප් රාජයත් ලෙනෝවෝ ම තමා... දැනට නම් අවු 2 තිස්සේ කචල් නැතිව වැඩ.. කොහේද ඉතින් අපේ ආණ්ඩු කොම්පැණියේ ලොක්කන්ට ඒවගේ උතුම් අදහස් හීනෙකින්වත් පහල නොවෙන බව දන්නා නිසා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකරලා තමා ඒකාලේ මේක ගත්තේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්.... මං අපේ සර්ගෙන් ඇහුවා ඕමාන් වලින් එකක් ගෙන්න ගන්න.මං එතකොට සයිට්.බැලින්නම් ඒ වෙනකොටත් ලැප් දීමෙ ව්‍යාපාරය පටන් අරගෙන. :) හදිසි නෑ නේද ඇහුවා.නෑ කිව්වා.එහෙම මාස ගානක් ගිහින් තමා ලැබුනෙ.මේකත් අවුලක් නැතුව දුවයි කියලා හිතනවා. :D

      Delete
  11. හප්පා..... සුභම සුභ නව වසරක් වෙලා තියෙන්නේ... නියමයි... හි හි.... මං ඒත් කල්පනා කර කර හිටියේ.. කවදා ඉවර වෙයිද කියලා ඔය සුනාමිය... හි හි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. සුනාමිය මොකක්ද බං හිරුවො ඒ කතාව.... o_O

      Delete
  12. නිසූට සුබ අලුත් අවුරුද්දක්!!!

    රසවත් කතා ගොඩක් ඔය ලැපෙන් ලියවේවා...:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....

      එහෙම වේවා කියල හිතමු. :D

      Delete
  13. ආ එහෙනම් අපිට ආයිමත් සතියට එක බැගින් වත් කියවන්න ලැබෙයිනෙ..නියමයි ..වෙල්කම් ෆොර් කමින්ග් බැක් !

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිතාගෙන ඉන්නෙ. තැන්කූ කිව්වා. :D

      Delete
  14. කාලෙකින් ඇවිත්... එහෙනම් දැන් ලියන්න පටන් ගමු...:D

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.කියෙව්වෙත් නෑ අප්පා. :(

      Delete
  15. ඔව් පින්වතුනි ඒ ඔබ දුටුවේ අපේ නිසුවාගේ ලැප් ටොප් නාග දමනයයි.. මෙයින් පසු බලාපොරොත්තු වන්න... ආයෙමත් මාස දෙක තුනක දිග නිහැඩියාවක්... :D:D:D

    ReplyDelete
    Replies
    1. අපොයි.... ඔහොමත් කියනවද මාරයා අයියෙ. හිටුකො මං ලබන සතියෙම එකක් දාන්න. (ඔය වැඩේ කරගන්නම නේද මෙහෙම කිවෙ. ;) )

      Delete
    2. මෙතැන ඉදලා මාස තුනක් යනකල් සතියකට එක ගානෙවත් දාන්නේ නැතිවට මොනවද ඔට්ටු..? :D

      Delete
    3. මං ඔට්ටු අල්ලන්නෙ නෑ. :P

      Delete
    4. හූ හූ... ඒ කියන්නේ මේක ලැප්ටොප් නාග දමනයම තමා...නේහ්..?

      :D

      Delete
    5. ආහ් බලාගෙන ඉන්නකො අයියා. හිතෙන්නෙ නැද්ද කමෙන්ට් වලට රිප්ලයි එන ස්පීඩ් එකට සතියකට එක ගානෙ ලියයි කියලා.

      Delete
  16. එහෙනම් දැන් ඒකත් හරි, ලියමුකෝ බලන්න.

    පරක්කු වෙලා හරි සුබ පතනව 2013 අවුරුද්දට, මේ අවුරුද්දත් සියළු පැතුම් ඉටුවෙන වාසනාවන්ත වසරක් වෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ලියන්න.

      ස්තූතියි.වැඩි පරක්කුවක් නෑ නෙ. ස්තූතියි... මේ අවුරුද්දෙ මොනවා වෙයිද කිය කිය තමා මාත් බලා ඉන්නෙ.

      Delete
  17. අක්කගෙ ලොක්ක නියම මානව හිතවාදියෙක්නෙ! :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒකනම්. අපේ සර් හරි හොදයි.

      Delete
  18. ලැපක්නේ... මගේ එකත් එක්ක මාරුවක් දාමුද ?
    මගේ ඩෙක්ස්ටොප් එක ඔයිට වඩා ගොඩාක් ලොකුයි... ලොකු ඩෙක්ස්ටොප් එක අරන් ඔය පොඩි ලැප්ටොප් කෑල්ල මට දෙන්න. එකට දෙකක් ලාබයිනේ :P

    ReplyDelete
    Replies
    1. අපොයි... එතකොට ගෙදර තියෙන ඩෙක්ස්ටොප් එකට මොකෝ කරන්නෙ.අනික ඕක තැන තැන උස්සන් ගිය හැකෑ.. :P

      Delete
  19. Welcome back, Nisu.
    මට බ්ලොග් රෝලෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ දැකලා ඇතිවෙලා තිබ්බෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

    ReplyDelete
    Replies
    1. Thank u Dude.
      හී හි...සමාවෙන්න. දැන් ලියන්නම්කො.අඩු ගානෙ සිකුරාදා රෑට හරි. :D

      Delete
  20. අන්න දැක්කද බොස්ටම වැටහෙන්න ඇති මේ දරැවා ලියන කියන කෙනෙක් ඉක්මනින් මේක අරන් නොදුන්නොත් මේ ළමයගේ හැකියාව වතුරේ යනවා කියලා.

    ඒ කොහොම වුනත් ඕං දැං ඉතින් වැඩේ පටන්ගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ බොස් දන්නෙ නෑ මං ලියනවා කියලා. දන්නවානම් එහෙම මොනවා කියයිද දන්නෙ නෑ. සංගීතය කරපු බව දැනගෙන ඉදලා හිටලා සින්දු කියන්න කියනවා.තාමනම් එකක්වත් කිව්වෙ නෑ.

      ආයෙත් අහලා කම්මැලි හිතුනෙ නැත්නම් ගොඩ..

      Delete
  21. කන්තෝරුවෙ ලැප් දෙන්නෙ වැඩ කරල ඉතුරුටික ගෙදර ගිහින් කරන්න මිස බ්ලොග් කොටන්න නෙමෙයි. ඒ නිසා පරිස්සමින්, ඔය දීල තියෙන්නෙ ලෙඩක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්... වෙලාවට අපේ කන්තෝරුවෙ වැඩි වැඩ නෑ. ගෙදර ගිහින් කරන්න බැරි කමකුත් නෑ හැබැයි. :D

      Delete
  22. සයිට් එකේ කොල්ලන්ට කියලා ලැපිය තියපු මෙසේ ගාව පුටුව උඩ වාඩිවෙලා හොඳට රේන්ෆෝර්ස් කරපු කොන්ක්‍රීට් එකක්වත් දාගත්තොත්.....

    වෙල්කම් බැක්....

    ReplyDelete
    Replies
    1. හි හී... දැන් සයිට් ගිහින් ඉවරයි අනේ.දැන් ඔෆිස්.

      තැන්කෝ....

      Delete
  23. 2013 සුභ වේවා.... තමන්ට බ්ලොගක් තියෙන වග අමතක නොවේවා.

    ReplyDelete
  24. බොසාට පිං සිද්ධ වේවා....

    ReplyDelete
  25. කාලෙකින් මෙන්න නිසූපා අක්කිට බ්ලොග් එක මතක් ව්එලා... ආව්ව්ව්ව්ව්... ඔය තියෙන්නෙ අලුත් අවුරුද්දෙ අපූරු තෑග්ගක්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නංගිය්ප්.... අලුත් අවුරුද්ද ලබන්න කලින් ලැබුනෙ.ඇත්තටම මේක මට ගොඩක් වටිනවා.. :)))

      Delete
  26. ෂෙහ්!!!!

    ලැපට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  27. ගිය අවුරුද්ද ඉවර වෙලා තියෙන්නේ වාසියකුත් එක්ක නේ? එළ එළ!

    2013 අවුරුද්දත් සුබම සුබ වේවා අක්කා!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මල්ලි...
      ඔව් 2013 මට තීරණාත්මක අවුරුද්දක් වේවි.

      Delete
  28. එහෙනම් ඉතින් වැඩි වැඩියෙන් ලියවෙන සුබම සුබ 2013 ක් වේවා !! මේ වගේ එකලට එහෙම ලියනවා නෙමෙයි ආපහු ඔන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා... එසේම වේවා ඈ.... කම්මැලිකම අඩු කර ගත්තානම් හරි....

      Delete
  29. නිසූගෙ ටයිප් පොස්ටු ගොඩක් වැටෙන සුභ 2013ක් වේවා..

    ReplyDelete
  30. සුභ අලුත් අවුරුද්දක් කියන ගමන්, ඔන්න ඔච්චර ලියනවාමයි කියලා දත කන එකේ ෆලෝ පාරකුත් දැම්මා. රිංග් ටෝන් එක අලුත් අවුරුද්දේ වෙනස් කරගෙන ඇතිය කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. හි හී තැන්කූ ෆලෝ පාරට... රිංග් ටෝන් එකේ කතාව මොකක්ද??? ආහ් මතක් වුනා. හපොයි... ඔයානම්...

      Delete
  31. අලුත් අවුරුද්දෙ හම්බ වෙච්ච තෑග්ග නම් මරු. දැන් ඉතින් ලියන්ට බැරියැ ඇති වෙන්න. වාසනාව සතුට පිරි නව වසරක් වේවා! නිසූ.

    ReplyDelete
    Replies
    1. හී හී ඒකනේ අක්කේ. කැම්මැලි නැත්නම් ලිව්ව හැකි. එසේම වේවා අක්කේ....

      Delete
  32. හෆ්ෆේ.. මෙන්න මෙයාට මේ පැත්ත මතක් වෙලා.. මම මේ බුකියෙන් වත් ඇවිත් සද්දයක් දාන්න හිත හිත හිටියේ ලියන්නේ නැද්ද කියලා.. කොහෙද මට ඒකටත් වෙලාවක් තිබ්බේ නෑනේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අමතකම වෙලා යන්න කලින් ආවා. අප්පේ එච්චරට බිසීද??? :O

      Delete
  33. එහෙනම් අළුත් අවුරුද්දේ හිතපු විදියටම වැඩ පටන් ගමු..

    ReplyDelete
  34. ඒක හොදයි අලුත් අවුරුද්දේම අලුත් වෙන්න.. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  35. අම්මෝ ඇති යාන්තන් මේයැයිට ලැපක් හම්බ වෙලා. මම නංගිගෙනුත් ඇහුවා අක්කා මොකෑ ලියන්නේ නැත්තේ කියලා. ;)

    එහෙනම් දැන් ඉතින් ලියන්න ගම්මු.

    ReplyDelete
  36. ඔය ෙබාසා මාසෙකට විතර අපිට ගන්න බැරිවෙයිද?

    ReplyDelete
  37. හරි හරි ළමයි දැං පිලිවෙලට පෝලිමෙ එන්න.. විසේසඤ්ඤ දෛවඤ් ද බනි මහතාට කියා පැතුම් ඉටු කරගන්න.. :D

    *රජයෙ බදු ගාස්තු ඇතුලත්..
    කොංදේසි සහිතයි!!

    ReplyDelete
  38. ම්ම්ම්....එහෙනම් අළුත් අවුරුද්ද සුභයි වගේ.....ලැපට මගෙනුත් සුභ පැතුම්...... :)

    ReplyDelete
  39. අදමයි ගොඩවුණේ.....
    සුභ පැතුමි

    ReplyDelete
  40. එල එල. එහෙනම් දැන් ඕකෙන් ලියමු පෝස්ට් සතියකට එක ගානේ. අපි කියවන්නම්..

    ReplyDelete
  41. කෝ ඉතින් පොස්ට්........... ලැප් ලැබුනහම ආඩම්බර වෙලාද මන්දා....... හ්ම්ම් කාලෙකින් මාත් මේ පැත්තේ ආවේ අක්කෝ...

    27 එනවනේ....

    ReplyDelete
  42. ලැබී ඇති නිසා නොමිලේම ලැප්
    ලියනවාමයි දිවුරා කියා ගිය නිසුප්
    ගියා ගියාමයි අනේ 'වට්ස් අප්'
    උත්සාහය වීද ලත් තැනම ලොප්?

    ReplyDelete
  43. කිරි කිරි ලැප් ටොප් එකක්නේ . අවුරුද්ද සුබ වුනානම් තව අසුබ ආරංචි අහන්න ලැබෙයි වගේ

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...