expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, January 4, 2012

2012ත් ආවලු නේද???

                                  අප්පේ.....ඔන්න 2011ත් ගෙවිලා ඉවරලු.මාර ගෙවිල්ලක්නෙ ගෙවිලා තියෙන්නෙ.කාටවත් එහෙම දැනුනද මාස දොලහක් ගියා කියලා.බොරු කියන්නෙ මොකටද මටනම් දැනුනෙ නෑ.මං දන්නවා ගොඩක් අයට එහෙම තමා කියලා.මට නම් මේ අවුරුද්ද සතුටෙන් පටන් අරන් සතුටෙන් ඉවර වුනා.හැබැයි මැදනම් සැප දුක සමබර වේ වගේ තමා.ගොඩක් දේවල් වුනා.2012ත් ලැබුවා.දැන් ඉතිං ඉවසිල්ලක් නැතුව බලා ඉමු දෙසැම්බර් වෙනකල්.ඇයි අප්පා ලෝකෙ විනාස වෙනවලු නේ.


                        ගිය අවුරුද්දෙ ජනවාරි පලවෙනිදා මගෙ පරණ ඔෆීසියෙ කෑම මේසෙ වැඩ කටයුතු ටිකත් සංවිදානය කරලා පොඩි කතා පුංචකුත් පැවැත්තුවා.ඊට පස්සෙ ඔෆීසියෙන් පවත්වපු ක්‍රිකට් මැච් එකත් බලාගෙන ඉදලා ගෙදර ආවා.ජනවාරි දෙවෙනිදා කැම්පස් එකේ එකට හිටපු අතිජාතයො ටිකක් එක්ක සෙට් වෙලා ෆිල්ම් එකක් කාරිය බලලා,කාලා,බීලා, රවුමක් දාලා ෆන් එකක් ගත්තා.අනේ මේ පාරනම් පලවෙනිදා ගෙදරට වෙලා ඉදලා,දෙවෙනිදා වැඩට ගියා.සයිට් එකෙත් වැඩ නැති තරම්.ඒකට පරණ තැන පලවෙනිදාම සේවකයො ටිකක් එකෙක්ට ගහලා තුන් වෙනිදා යනකොට නඩු ගොඩයි.හරි ආතල්. හික්ස්... :)))

                  මැයි මාසෙ හිටි හැටියෙ රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා මාස දෙකක් විතර හිටියා.රස්සාවෙන් අයින් වෙන්න කලින් බ්ලොගේ හැදුවට ගෙදර ඉන්නකොට ලියන්න හිතුනෙම නෑ නොවැ.අලුත් ජොබත් හොයා ගත්තටත් පස්සෙ තමා බ්ලොග් ලියන්න ගත්තෙ.ඒකත් ඔයා ඕක ලියන්නෙ නෑ කියලා උදිත කියපු නිසයි,මාධව ලියන්න ලියන්න කියපු එකට පිං සිද්ද වෙන්න තමයි.දැන් මේ සයිට් එක ඉවර වෙන්නත් ලගයි.ඊට පස්සෙනම් මෙච්චර නිදහසේ ලියන්න වෙන්නෙ නෑ.කියවන්න වෙන්නෙත්.හයියො...... :(( ලැපියෙක්වත් හිටියානම් රෑ වෙලාවත් ලියන්න තිබුනා.කොහෙද අපේ නගා මේ දවස් වල කොම් එක බදු අරගෙනනෙ.ලැපියෙක්වත් තිබුනානම් ගොඩ.

               බ්ලොග් කරන කස්ටියගෙන් චුට්ටක් විතර අදුර ගන්නත් පුලුවන් වුනා පොත් ප්‍රදර්ශනේට ගිහිල්ලා.ඔහොම ගිහින් ඔන්න කට්ටිය ගාල්ලටත් සෙට් වෙනවලු ජනවාරි 7 වෙනිදා.මමත් උපරිම ට්‍රයි එකක් දෙනවා එන්න.ඒත් ඉතිං පුලුවන් වෙයිද මන්දා. බැරි ලයින් එකක් ත්මා තියෙන්නෙ.:(((( බලමුකෝ එහෙම වුනොත් සයිබර් සැනකෙලියටවත් එන්න ඕනෙ.

                                    කොහොම හරි ඉතිං ගිය අවුරුද්දෙ හම්බ වුනාට පස්සෙ මේ අවුරුද්දෙ ඉස්ස ඉස්සෙල්ලාම හම්බ වුනාමයි නේද? කතාවක් දාන කල් ගොහින් එන්නම්.හෆොයි.....තව පොඩ්ඩෙන් මේක අමතක වෙනවා අප්පා....  

                              "2011 කල වැරදි හදාගෙන,ඒවගෙන් පාඩම් ඉගෙන ගෙන, බලාපොරොත්තු ඉටු වෙන, ලස්සන,ජොලිබර සුභ නව වසරක් වේවා කිව්වා එහෙනම් හැමෝටම"
















40 comments:

  1. හුඟ කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරි උනා . නිසූටත්
    …සුභ අලුත් අවුරුදක් ප්‍රාර්ථනා කරනවා . සියලු පැතුම් ඉටු වේවා !!

    ReplyDelete
  2. සුබ නව වසරක්වේවා ඔයාටත්!!!

    ReplyDelete
  3. එසේම වේවා අක්කටත්....!

    ReplyDelete
  4. නිසූටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  5. වේවා සුභ වසරක් නව


    ඔන්න හත එන්නඩ අප්පා....

    ReplyDelete
  6. 2012 අවුරුද්දේ සියළු පැතුම් ඉටු වෙලා අපිටත් වෙඩින් කේක් කෑල්ලක් කන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  7. එළ එළ ලැපක් අරන් වැඩේට බහිමු නිසූ එහෙනං.

    ReplyDelete
  8. ඔයාටත් සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  9. @Gimhani - ඒකනේන්නම්…. මාත් වැඩිය මේ පැත්තට ආවෙ නෑ පහුගිය දවස් ටිකේ ස්තූතියි…

    @න දී - ස්තූතියි නදී

    @Observer - තැන්කූ ඔබා මාමෙ.ඔන්න කිව්ව වැඩේ කලා

    @තාරක Dilsh@n ස්තූතියි මල්ලි…

    ReplyDelete
  10. @පූසා - ස්තූතියි පූසෝ….

    @සුදු හංසි - ස්තූතියි සුදු හංසි…


    @පොඩි මෑන් - ස්තූතියි…
    එන්ඩ නම් බැරි වෙයි අප්පා…. ((

    @වෙද ගෙදර මහ වෙදනා - ස්තූතියි වෙදනා අයියේ…

    ReplyDelete
  11. @Dinesh - ස්තූතියි මල්ලි…
    ඇයි ඔයා බදිනවාද????

    @පැණි දොඩම් - ඔයා මට සල්ලි දෙනවානම් අනිවා ලැපක් ගන්නවා… :D

    ReplyDelete
  12. අක්කටත් හැම ප්‍රර්ථනාවක්ම ඉටුවෙන ජොලිබර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  13. ලැපියෙක් අරගෙන ගොඩක් ලියන්න පුළුවන් වෙන සුබ වසරක් වේවා...!!!

    ReplyDelete
  14. අක්කටත් ලැපක් නැද්ද ? මටත් ලැපක් නෑනේ.අපි දෙන්නම සෙට් වෙලා හොද ගානක් එකතු කරලා ලැප් දෙකක් ගම්මු. හික්ස් :)

    ඇයි මේ සේරෝම ලැප් එක ස්ත්‍රී ලිංග පදයක් කරන්නේ. !


    අක්කටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
  15. සුබ නව වසරක් වේවා නිසූටත් ..

    ReplyDelete
  16. ලැපක් ගන්නවානම් පහසු ගෙවීමේ ක්‍රමයට දෙනවා. ඕනෙද? කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  17. නෑ මම කිවුවේ අක්කගේ වෙඩින් එකේ කේක් කෑල්ලක් කන්න ලැබෙන්න කියලා...

    ReplyDelete
  18. ඔයාටත් සුබ නව වසරක් වේවා...ෂා කට්ටිය ගාල්ලේදී හම්බ වෙනවලුද? මටනම් වැඩක් නෑ ඉතින් :(

    ReplyDelete
  19. පරක්කු උනා එන්න..සුභ නව වසරක්....ඒක නෙමේ මොකක්ද මේ සයිට් එක කිව්වේ...වෙබ් සයිට් එකක් ද...

    ReplyDelete
  20. ජිවිතේ පෙරලි ඇතිවෙන හිත සතුටෙන් පිරි ඉතිරෙන සුභම සුභ නව වසරක්ම වේවා අක්කට..

    ReplyDelete
  21. ලැප්ටොප් සිහිනය සැබැවෙන සුභ නව වසරක් වේවා :D

    (පොඩ්ඩක් ඉවසලා ඉන්ට ලැප්ටොප් ලාබෙට ලැබෙන ක්‍රමයක් එන්න යෝජිතයි;)

    ReplyDelete
  22. නිසූටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!

    ReplyDelete
  23. සුභම සුභ වේවා!
    ඇත්තමයී කව්ද ඔයාට කිව්වේ 2012 ආවා කියලා.
    @ Bunny
    2012 අහපු සුභම ආරංචිය.

    ReplyDelete
  24. @තනි අලියා - ස්තූතියි මල්ලි…

    @prasanna86k - ස්තූතියි මාලුවෝ….. මේ වසරේ පුලුවන් වෙයිද බලමු…

    @මධුරංග - නෑ නේන්නම්. හොද ගානක් යන නිසා තමා ඉවසගෙන ඉන්නෙ.

    ලැපී කියනකොට ලස්සන නිසා වෙන්න ඇති.හික්ස්...

    ස්තූතියි මල්ලි…

    @හිස් අහස - ස්තූතියි සඳරු…

    ReplyDelete
  25. @රෙප් මහත්තයා - අප්පේ මොන ජාතියෙ එකක් ගැනද කියන්නෙ. විස්තර නැතුව ගන්නවා කියන්න බෑ නෙ. ස්තූතියි….

    @Dinesh - අනේ අම්මෝ… ඒකට තව කල් තියෙනවා

    @සයුරි - හම්බ වෙනවා නේන්නම් අක්කේ.. මටත් යන්න වෙන්නෙ නෑ :((. ස්තූතියි…

    @ඔබ නොදු‍ටු ලොවක් - නෑ නෑ පරක්කු නෑ. ස්තූතියි.
    මං මේක ලිව්වෙත් පරක්කු වෙලා.
    සයිට් එක කිව්වෙ වැඩ බිමකට අනේ. කැම්පස් එකක් හදනවා.

    ReplyDelete
  26. @දේවා ගේ අඩවිය - ස්තූතියි මල්ලි…

    @Bunny - ස්තූතියි බනියෝ….
    (අනේ හොදයි. දැන ගත්ත ගමන් කියන්න)

    @මාරයාගේ හෝරාව - හික්ස්….ස්තූතියි අයියා…

    @uwiniran - ස්තූතියි….

    @බට්ටි - කවුද කිව්වා අනේ…ස්තූතියි…

    ReplyDelete
  27. සුභ අලුත් අවුරැද්දක් කියාගෙන ඔන්න මමත් මේ පැත්තේ ආවෝ..

    ReplyDelete
  28. @සංජීව මලයා - ස්තූතියි මලයා මේ පැත්තෙ ආවට... :)))

    ReplyDelete
  29. සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සච්චිත්තපරියො දපනං
    එතෙන බුද්ධ සාසනං
    සුභම සුභ නව වසරක් වේවා..!!!

    ReplyDelete
  30. සිතේ ඇඳෙනා සිතුවිලි පහන් වී නිසූ ලියනා කතා තවත් වැඩිවේවා උදා වූ වසරේ.

    ReplyDelete
  31. ඔයාටත් සිතන, පතන, සියලුම දේ ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා...:D

    ReplyDelete
  32. පපරක්කු වුනෝ.............. සුභම සුභ අලුත් අවුරුද්දක් අක්කිටත්!!! අහ්හ් 7 වෙන්දා මටත් එන්න බැරි තත්වයක් තියෙන්නෙ..:( සයිබර් සැනකෙළියෙදි හම්බෙමුකො එහෙනම්...

    ReplyDelete
  33. ලෝකෙ විනාසෙ එනකම් බලන් ඉන්න පුළුවන් සුභම සුභ 2012 ක් වේවා නගේ..

    ReplyDelete
  34. මට නම් ජීවිතේ ගෙවිච්ච අවුරුදු වලින් දිගම අවුරුද්ද 2011... ඒක ඉතින් දැන් ඉවරයි. 2012 නිසූපාටත් සුභම වේවා..

    ReplyDelete
  35. හා..හා සුබ නව වසරක් වේවා....මම නම් අද තමයි මේ පැත්තට ආවේ

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...