expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, August 9, 2012

෴අනතුරු෴

       ලියන්න හිතාගෙන හිටියෙ එකක්.දැන් ලියන්න යන්නෙ වෙන එකක්.මේකට වග කියන්න ඕනෙ මගෙ නින්ද. වෙනදට බස් එකට නැගලා ටිකට් අරගත්තාට පස්සෙ ශටර් එකට ඔලුව තියාගත්තා.හොදට දොයි.සැරින් සැරේ ඇහැ ඇරලා බලනවා ආයෙ දොයි ඊළඟට නැගිටින්නෙ බහින්න හෝල්ට් දෙකකට විතර  කලින් තමා.ඒත් මොකක්දෝ කරුමෙකට මට ඊයෙ නින්ද ගියේ නෑ නොවැ.ඒකෙන් වුනේ අතර මගදි මාර්ග අනතුරු දෙකක්ම දැක බලා ගැනීමෙ වාසනාව උදා වුන එක.

   පළවෙනි අනතුර ඕවර්ටේක් කරන්න ගිහින්. ත්‍රීවීල් එකක් මොකක් හරි වාහනයක් ඉස්සර කරන්න ගිහින්.අර වාහනෙයි ත්‍රීවීල් එකයි දෙකම ඉස්සර කරන්න ගිහින් හදිසි වුන බස් කාරයෙක්.සයිඩ් කන්නාඩිය වද්දගෙන එහා පැත්තෙ කඩේක.ත්‍රීවීල් එකෙත් ලාවට ගාවගෙන.ඉතිං පාරෙ අනික් පැත්ත බ්ලොක් කරගෙන දෙකම නවත්තලා.

     තව ටික දුරක් යනකොට තව එකක්.බයිසිකලයක් පෙරලගෙන.පාර අයිනෙ සෙනග වට වෙලා.මං බැලුවා කාටද හානි වෙලා තියෙන්නෙ කියෙන්නෙ කියලා. අනේ ජැකට් එකත් දාගෙන කෙල්ලෙක් ඉන්නවා පොඩි ස්ටූල් එකක ඉන්දවලා.අඩනවා හෝ ගාලා.කොල්ලට වෙච්ච දෙයක් නෑ. හැබැයි කෙල්ලද දන්නෙත් නෑ එලවගෙන ඇවිත් තියෙන්නෙ.ඔය සීන් දෙක දැක්කට පස්සෙ සයිට් එකේ කට්ටිය කතා වුන අනතුරු කතා ටිකක් මතක් වුනා.

-------------------------------------------------------------------------------------------------------

           ඔන්න එක ගමක පාර දෙපැත්තෙ කඩවල් දෙකක් තිබුනලු.කඩවල දෙක තරහලු.දවසක් ඒ පාරෙ යන බස් එක කෙනෙක්ට බහින්න එක කඩයක් ගාව නතර කරලා. එතකොට බහින්න මොකාද කියලා අනික් කඩේට පේන්නෙ නෑනෙ.බැහැලා තියෙන්නෙ ගෑනූ කෙනෙක්.බැස්ස ගමන්ම මූණ සමතලා වෙන්නම වැටිලාලු.බස් එක ගිහින්.මූණෙ ලේ වැක්කෙරෙන නිසා මෙහා පැත්තෙ කඩේ අයට වැටුනෙ කවුද කියලා හිතා ගන්නත් බැරි වෙලා.අනික් කඩේ මුදලාලියි,මුදලාලිගෙ දුවයි අයියෝ අයියෝ ගගා ඉන්නවා මිසක් එලියට ඇවිත් මේ ගෑනිට වුනේ මොකද කියලා බලන පාටක් නෑලු.ඉතිං තරහකාර අනික් කඩේ කට්ටිය දුවලා ගිහින් මේ ගෑනු මනුස්සයාව එක්ක ඇවිත් කඩේ එලියෙ තිබුන පුටුවක ඉන්දලා.ඔන්න එතකොට තමා එහා පැත්තෙ මුදලාලියි දුවයි  ඇවිත් තියෙන්නෙ. බැලින්නම් ඒ වැටිලා ඉදලා තියෙන්නෙ එහා පැත්තෙ කඩේ මුදලාලිගෙ පවුල.

-------------------------------------------------------------------------------------------------------




  ඊළග සිද්දිය වෙලා තියෙන්නෙ පාරක් හදන තැනක. පාර හදන වැඩ වලට ඇවිත් හිටියලු දෙමළ අම්මෙකුයි,දුවෙකුයි.දුවට වයස අවුරුදු 17යිලු. ඒ කියන්නෙ ඉතිං රස්සාවක් කරන්න බෑ නෙ.ඒත් ඉතිං අම්මත් හිටි නිසා මෙයාව වැඩට අරගෙන.හරිම හුරුබුහුටි කෙල්ලෙක්ලු.හැමෝම හරි ආදරෙන් ඉදලා තියෙනවා.අම්මට සිංහල බෑ.දුවනම් කට්ටිය එක්ක කතා කරලාම සිංහල ටිකක් පුලුවන් වෙලා.

       ඔන්න එක දවසක් උදේම අර දුව තව කෙනෙක් එක්ක ගල් උරයක් පාරෙන් අනික් පැත්තට ගෙනිහින්. එතකොටම එතනින් යන්න ආපු මෝටර් බයිසිකල් එකක හැප්පිලා.කෙල්ල බිම සුලු සුලු තුවාල සහිතව.මේක දැකපු අම්මා කරලා තියෙන්නෙ මරු වැඩක්.පැනපු ගමන් තුවාල වෙලා බිම වැටිලා ඉන්න දුවගෙ අතකින් ඇදලා අරගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා.හයියෝ ..... වටේ පිටේ කට්ටිය තමා මැදිහත් වෙලා බේරලා තියෙන්නෙ.බැලින්නම් අම්මා හිතලා තියෙන්නෙ තනියෙන් නිකමට පාරට පැනලා හැප්පිලා කියලා.

         ඊළඟට හැප්පුන බයිසිකල් කාරයා දිහාට හැරෙමුකො.බැලින්නම් ඒ කම්කරු දෙපාර්තමේන්තුවෙ වැඩ කරන මහත්තයෙකුයි,ඒකෙම වැඩ කරන එයාගෙ නෝනයි.මේක දැන ගත්තාම වැඩ බිම් පරීක්ෂක වරයට දෙලෝ රත් වෙලා.ඇයි දෙයියනේ මේ කෙල්ලට වයස 18ට අඩුයිනෙ රස්සාවක් කලාට. අනේ ඒ මහත්තයා ඒ මුකුත් අහලා නෑ.බයිසිකලේටත් ඩැමේජ්ලු."බයිසිකලේ මට හදා ගත්තැකි.ළමයා ගැන බලමු."
කියලා කෙල්ලව හොස්පිටල් ගෙනිහින්.ඉස්පිරිතාලෙ ඉන්න කල් කෑම බීමත් ගෙනිහින් දුන්නලු.අන්තිමට ඇක්සිඩන් එකෙන් වුන හානි හොද වෙලා.ඒත් අම්මා ඇදපු අතට සෑහෙන්න බෙහෙත් කරන්න වුනාලු.

තව ඇක්සිඩන්ඩ් සිද්දියක් තියෙනවා.ඒක ටිකක් දිග කතාවක්.ඒක පසුවට.

බුදු අම්මෝ...... මේකට දාන්න පින්තූර හොයන්න ගිහින් ඇඟ කිලි පොලා ගියා ආපු පින්තූර දැකලා. බලන්න පුලුවන් එකක් හොයලා දැම්මා ඔන්න.

86 comments:

  1. //බැලින්නම් ඒ වැටිලා ඉදලා තියෙන්නෙ එහා පැත්තෙ කඩේ මුදලාලිගෙ පවුල//

    අනතුරක් උනත් හිනාත් ආව.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ තරහ කාරයා ගාවට තමා අන්තිමට යන්න වුනේ. :))

      Delete
  2. මුදලාලිගේ කතාවට හිනත් යනවා..

    අවධානයක් නැතිව අවිනීතව යන එක තමා වරද..

    //ඉතිං පාරෙ අනික් පැත්ත බ්ලොග් කරගෙන දෙකම නවත්තලා.//

    දැන් පාරෙත් නවත්තගෙන බ්ලොග් ලියනවද නිසූ..

    ReplyDelete
    Replies
    1. හී හී ඒකනෙ.
      කියලා වැඩක් නෑ.හුගක් අය ඔහොම තමා.

      ඕන් බලන්නකො අල්ලගත්ත තැන.කියපු ගමන් වැරැද්ද හැදුවා.ස්තූතියි.:)
      නවත්තගෙන බ්ලොග් ලියන්නෙ නම් නෑ.බලන වෙලාවල්නම් තියෙනවා.

      Delete
  3. කඩ දෙකේ මාර තරහක් නෙවැ තිබිලා තියෙන්නේ....

    සෑම් කිව්වා වගේ අවධානයක් නැතුව ගාල කඩා ගත්ත හරක් වගේ යන එක තමා ඉතිං වැරැද්ද... පාර පනින්න දන්නේ නෑ.. ඕවර්ටේක් කරන්න දන්නේ නෑ.... බ්රේක් කරන්න නම් දන්නෙම නෑ... ( බස් වල විශේෂයෙන්ම...)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කඩවල් වල ඔහොමනෙ.බිස්නස් කඩා ගන්නවා කියලානෙ හිතන්නෙ.

      අම්මෝ සමහර බස් වල යන්න බයයි.කොයි වෙලේ ඇන ගනියිද දන්නෙ නෑ නෙ.

      Delete
  4. වාහන අනතුරු වලට ප්‍රධානතම හේතුව ලංකාවේ වාහන වැඩි වීමයි.ඒක නිසා ලංකාවට වාහන ගෙන්වීම වහාම අත්හිටවන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේකට එකඟයි තව තවත් බදු වැඩි කරන්න ඕනෙ.. එතකොට වාහන ගෙන්වන එක නවතීවි.. හයි වේ එකේ වගේ හැම පාරකම ටිකට් ගන්න ඕන.. එතකොට බොරුවට යන උන් නවතීනෙ.. :)

      Delete
    2. එතකොට ඔක්කොම හරි යයිද හරීඊඊඉ ?

      Delete
    3. හරීගෙ කාලීන වැදගත් යෝජනාව මම ස්ථිර කරමි. අපිට මේ සංකල්පය තව දුරටත් වැඩි දියුණු කරන්න පුළුවං. වාහන විතරක් නෙවෙයි, ඔය නිකරුනේ පාරවල සෙනඟ ගැවසීම නිසාත් අනතුරු වැඩිවෙනව. ඒ නිසා මිනිස්සු ගෙවල්වලින් එළියට බහිනවටත් ගානක් අයකරානම් හරි, භාණ්ඩාගාරෙත් නිකම්ම පිරේවි.

      Delete
    4. නෑ, ලංකාවට ඩීසලුයි පෙට්‍රලුයි ගේන එක තහනම් කරන්න ඕනෙ. අලුතෙන් බර කරත්ත නිශ්පාදනාගාර වැඩි වැඩියෙන් අරඹන්න ඕනෙ. හරක් නම් ප්‍රශ්නයක් නෑනෙ!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. @නිශාන් - වැඩි වෙන ජනගහනයත් එක්ක අනික් ඒවා වගේ වාහනත් වැඩි වෙන්න එපායෑ.

      @හරී - හික්ස්... ඒක තමා නේද? එතකොට ට්‍රිප් වගේ යන කට්ටිය ගෙදරට වෙලා වැඩක් පලක් කර ගන්නෙ නැතෑ.

      @මධුරංග - කරලා බලමු නේද මල්ලි. :))

      @DDT - ඒකනෙ ගෙදර ඉදලාම ඔෆිසියේ වැඩ කරන්න කීවානම් හරි. අපරාදෙනෙ ගමන් වියදමුත්.

      @dude - තහනම් කරන්න ඕනෙ නෑ අයියේ. දැන් ගේන ඒ වගෙ හැටියට කවුරුත් ගන්න එකක් නෑ. :D

      Delete
  5. මෙහෙමත් අනතුරු !!!
    අන්තිම අනතුර වෙච්ච කෙනා නම් පවු !

    ReplyDelete
    Replies
    1. තව එකක් තියෙනවා කියන්න.
      ඒකනෙ පව් කෙල්ල.

      Delete
  6. අර අම්මයි ළමයයි ගැන දුක හිතුනා....

    ReplyDelete
    Replies
    1. මටනම් ගොඩක් දුක ලමයා ගැන.

      Delete
  7. ම්ම්..මිනිස්සු සමහර වෙලාවට පාරවල් වල යන්නේ මෙලෝ සිහියකින් නෙවෙයි.. අනේ මන්දා..අපේ ගෙදරත් ඉන්නවා නාහෙට අහන්නේ නැති එක්කෙනෙක්..එයා පාරේ යන්නේ මයිකල් ෂූමාකර් එක්ක රේස් එකක් යනවා කියලා හිතාගෙන..තාත්තා නම් කියන්නේ එක සැරයක් හප්පාගෙන අතක් පයක් කඩා ගත්තොත් තමා තේරෙන්නේ කියලා.. හොඳ ලිපියක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. හි හී මල්ලි හරි,අයියා හරි වෙන්න ඇති නේද? මෝටර් සයිකල් කට්ටිය තමා අවුල. පාර එයාලගෙ වගේ යනවා.

      Delete
  8. ඕහ් මයි හෑන්ඩ් ටූ.... මගීන්ගේ කල්පනාව නැති කම වගේම රියදුරන්ගේ තරඟයත් බලපානවා....

    ReplyDelete
    Replies
    1. මුකුත් ගා ගත්තෙ නැද්ද අතේ? ඔව් ඉතිං බ්‍රේක් පාර ගහපු ගමන් ඉස්සරහ ඉන්න එකාගෙ ඇගේනෙ.

      Delete
  9. මාර්ග අනතුරුනම් මම හිතන්නෙ වැඩිහරියක්ම වෙන්නෙ නොසැලකිලිමත්කම නිසා. තත්ත්පර ගානක් ඉවසන්න බැරිව ජීවිතෙන් වන්දි ගෙවන අය හරියට ඉන්නෙ ලංකාවෙ පාරවල්වල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත.ලේසියෙන් කහ ඉරෙන් පනින්නෙ නෑ නෙ.ලඟම තැනින් පනිනවා.

      Delete
  10. අනතුරු ගැන නම් කතා කරලා වෑඩක් නැ... අදත් එකක් ඇස් දෙකෙන්ම දැක්කා.... සො සො ගොඩාක් අය කරන්නේ අර කඩේ වගේ වැඩ තමා...

    අනතුරක් උනහම වැඩියෙන්ම වටින්නේ අනතුර උන කෙනාගේ ජිවිතේ නේද කියලා මමත් පොස්ට් එකක් ලිවා කියලා මතක් උනා

    ReplyDelete
    Replies
    1. අද කාලෙ අනතුරක් දකින්න ලැබෙන්නෙ නැති දවසක් නැති තරම්නෙ.

      ඔයාත් අනතුරු වලට මූන දුන්න කෙනෙක්නෙ.:)

      Delete
  11. වාහන අනතුරු දැක්කමහම නම් ඇඟ හිරි වැටෙනවා..බොහෝමයක් වෙන්නෙ නොසැලකිල්ල නිසාම තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. මට මේකට පින්තූරයක් දාන්න හෙව්වාම ආපුව දැක්කාම බයේ බැරි වුනා. ඔලුව එක තැනක කද එක තැනක අම්මෝ..

      Delete
  12. // ඇක්සිඩන් එකෙන් වුන හානි හොද වෙලා.ඒත් අම්මා ඇදපු අතට සෑහෙන්න බෙහෙත් කරන්න වුනාලු.//

    අනේ අපොයි

    ReplyDelete
  13. අර අම්මා දෝනිට තඩිබෑවෙ පවු නේද? ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ කියන්නේ මේවට.
    ඒ මොකක් වුණත් දැන් පාරට බහින්න ඔනෙ හරි පරිස්සමින්. නැත්නම් ජීවිතේ අවදානම්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. අම්මට තේරුමක් නැතුව.
      අපොයි ඔව්.පරිස්සමින් ගියත් අනික් කෙනා පරිස්සම් නැත්නම් සුන් තමා.

      Delete
  14. //බැලින්නම් ඒ වැටිලා ඉදලා තියෙන්නෙ එහා පැත්තෙ කඩේ මුදලාලිගෙ පවුල//

    ඒ කතාව නං මරු

    අනිවා කට්ටිය ආයෙත් යාළුවෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නෙ නෑ හරියට.සමහර විට යාලු වෙන්න ඇති.

      Delete
  15. අක්කා ..ඔහොම තමයි ඉතින් කොල්ලො වුනාම...

    ReplyDelete
    Replies
    1. ඈහ්...කොල්ලො වුනාම කිව්වෙ???

      Delete
  16. අපි අන්තිම වතාවට ලංකාවට ගිය වෙලේ ගුවන් හමුදා මූලස්ථානය ඉස්සරහදි එක පාරම මහා හයියෙන් බෝම්බයක් පුපුරනව වගේ සද්දයක් ආව..අයියෝ බුදු අම්මෝ කිව්ව ඇහුනා.. ත්‍රිවිල් එකක් උඩුකුරු උනා රියදුරා ඒක යට..මට ඒ දර්ශනය තාමත් අමතක කරන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ.... මමත් පොඩි කාලෙ දැක්කා කෝච්චියට අහු වුන කෙනෙක්.තාම මතකයි ඒක. :((

      Delete
  17. හි හි..හිනත් ගියෝ......

    ReplyDelete
  18. සමහර අනතුරු නම් බලන්න බෑ කොහොමත්ම..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මල්ලි. සිහි නැති වෙලා වැටෙන සයිස්.

      Delete
  19. සමහර මිනිස්සු නහින්නේ අති පණ්ඩිතකම නිසා. ඔබ දන්නවද දැනට කාලෙකට ඉහත එක මෝස්තරයක් තිබුනා මෝටර් සයිකල් පදින ජැකට් එක ඉස්සරහ පස්ස මාරු කරලා අඳින්නේ. ඒ කියන්නේ සිප් එක තියෙන්නේ පිටේ. මෙහෙම කලේ වැස්සේ යනකොට සිප් එක අතරින් වතුර එන නිසාලු. ඔන්න එක මෝටර් සයිකල් කාරයෙක් රාත්‍රී කාලයේදී මෙහෙම ගිහින් ඈත ගම්බද පලාතක දී පාර ලිස්සලා පෙරලුනා. හෙල්මට් එක ගැලවෙලා විසිවුනා. මොකද හරියට පටිය දාලා නැහැ. බයිසිකල්කරුට සිහිය නැතිවුනා. ගමේ මිනිස්සු දුවගෙන ආවා. බලනකොට ඔලුව අනික් පැත්තට කැරකිලා. මිනිස්සු බොහොම අමාරුවෙන් ඔලුව නියම පැත්තට කරකුවා. බයිසිකල්කරු මලා. හේතුව මොකක්ද. අර මිනිස්සු මෙයාගේ ජැකට් එක ඇඳිල්ල තේරුම්ගත්තේ වැරදියට. එයාලා හිතුවේ මෙයාගේ ඔලුව අංශක 180 ක් අනික් පැත්තට හැරිලා කියලයි. :)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපොයි මං හිතුවෙ ඒක බොරුවක් කියලානෙ.ඒක ඇත්තද එතකොට? :O

      Delete
    2. මේ ජැකට් එක පැත්ත මාරු කලේ වැඩිපුරම සිප් එක කැඩුනම අළුත් එකක් ගන්න වියදම් කරන්න බැරි කමට සහ ජැකට් එකේ සිප් එක හොඳට තිබ්බත් අස්සෙන් පපුවට හුළං වදින එක නවත්තන්න. ඕක කලේ ගොඩක් කොල්ලො නෙමෙයි කොලු වයස පනින අංකල්ල.

      Delete
  20. රිය අනතුරු අවම කර ගන්න පාරේ යන හැමෝගෙම අවධානය වැදගත්..මේ අනතුරු වුනාට පස්සෙ වටේ ඉන්න අය ඒ ගැන ක්‍රියාත්මක වෙන විදිහත් දැනගෙන ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අද නැත්තෙත් ඒකනෙ අක්කේ.සමහරු කරන්න ඕනෙ මොනවද කියල දන්නෙ නෑ නෙ.හුගක් වෙලාවට ලං වෙන්නෙත් නෑ නෙ.

      Delete
  21. මාත් ෆුට් බයිසිකල් කට්ටක් පාරහරහා ධාවනය කර මොටර් සයිකල් කරුවෙකු බිම පෙරළු වෙමි හැබැ මගේ බයිසිකලේ නම් අටපට්ටම් උනා අර මොටො බයික් හාදයො දෙන්නත් කකුල අල්ලං බිම ඉඳගෙන ඉඳලා යන්ට ගියා මමත් ඉතින් බයිසිකලේ කර පින්නාගෙන ගෙදර ගියා බැනුමකුත් ඇහුවා

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයින් ගියා මදෑ.බැනුම් අහලා නිකන් හිටියද?නැත්නම් ආයෙ පැදිලි තහනම් කලාද?
      මාත් පහ වසරෙදි බයිසිකලෙන් ඉස්කෝලෙ ගිහින් ගේ ලං වෙනකොට පාර හරහා දාලා තව පොඩ්ඩෙන් මොටෝ සයිකලේකට අඩ තියනවා.බැනුම් ගොඩයි.ඒට පස්සෙ පාරෙ බයිසිකල් පැදීම තහනම්.

      Delete
  22. හ්ම්ම්ම්ම්.......... අනේ මන්දා අපේ අම්මාගෙත් තියෙන්නෙ ඩෙන්ජරස් ඩ්‍රරයිවින් තමයි.... හික් හික්.....

    ReplyDelete
    Replies
    1. අපොයි...ඔයාගෙත් එහෙමද?? දිනේෂ් මලයට පරිස්සම් වෙන්න කියන්න වෙයි.:D

      Delete
  23. අපේ පැත්තෙ මෑතක් වෙතුරුම පාර හුගක් පටුයි, වාහන වැඩියි.
    මේ පාරෙ වංගුවකින් හදිසියේ මතුවුන බස්එකේ හැපෙනවට පාර අයිනට දාන්න ගිය වේගයෙන් ආපු බයික් කාරයෙක් කාණුවට විසිවෙලා කණ්ඩියේ තිබුණ ගල්කුලක හැප්පුනා. මිනිහා නිවැරදි විදියට හෙල්මට් එක දාලයි තිබුනෙ. ඒත් එයාගෙ ඇස්වලින් ඉහල ඔළුවෙ කොටස හෙල්මට් එක ඇතුලෙ, ඒක තිබුනෙ සිරුරට අඩි කීපයක් එහායින්...මේ දර්ශනය දැකපු හුග දෙනෙකු ක්ලාන්ත වුනා. සෑහෙන කාලයක් කම්පනයෙන් මිදෙන්නත් බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ වෙලාව තමා.නිවැරදි විදිහට ගිහිල්ලත් අනතුරෙන් බේරෙන්න බැරි වෙලා.වේගෙ වැඩි නිසා වෙන්නත් ඇති.ඒ වගේ එකක් පියවි ඇස් දෙකෙන් දැකලා ක්ලාන්ත නොවී ඉදියිද? :((

      Delete
  24. ලොකු අනතුරක් ඇත්තටම දැකලා නැතත් අපේ ප්‍රථමාධාර පංතියේ නම් ලොකු අනතුරු ටිකක් ෆොටෝස් ටිකක් දවසක් පෙන්නුවා. අක්කාට මේ පෝස්ට් එකට දාන්න ෆොටෝස් හොයද්දී හම්බුණු ජාතියේ ඒවාම තමා ඉතින්....

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒවා දැක්කාම එපා වුනා.බොහොම අමාරුවෙන් හොද ලේ එහෙම නැති ෆොටෝවක් හොයාගත්තෙ.

      Delete
  25. "ඒකෙන් වුනේ අතර මගදි මාර්ග අනතුරු දෙකක්ම දැක බලා ගැනීමෙ වාසනාව උදා වුන එක"

    හපොයි නිසු අක්කේ, ඇක්සිඩන්ට් එකක් දැක බලා ගැනීම වාසනාවක් නෙමියෝ.

    ගොඩක් අනතුරු වෙන්නේ නොසැලකිල්ල. අනික පත්තරේක ගිය ලිපියකට අනුව "රියදුරු අසුන මතින් පිරිමිකම පෙන්වීමට යාම නිසා"

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේන්නම්.හැබැයි ඒ අනතුරු එකක්වත් බයානක නෑ.ඒ නිසා ටිකක් විතර වාසනාවක් තමා.

      හ්ම්... ඒකත් ඇත්ත වගේ. :D

      Delete
  26. හෆ්ෆා...අර ෆොටෝ නම් නොදාපු එකමයි හොඳ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙනම් මේක බලන අය එහෙමම ආපහු යනවා.

      Delete
  27. මම නම් හිතන්නේ හොඳම වැඩේ තමා නිදාගෙන යන එක...:)

    ReplyDelete
    Replies
    1. ඈහ්.... ඔයා කියන්නෙ මම නිදාගන්න එක ගැනද නැත්නම් ඩ්‍රයිවර්ලා ගැනද??

      Delete
  28. මමනං බයික් කෑල්ල පදින්නේ හෙන පරිස්සමට :0

    ReplyDelete
    Replies
    1. අන්න හොද රජා.රට වැසියන්ට ආදර්ශයක් වෙන්න එපෑ.

      Delete
  29. හිකිස්.. මමනන් ඉතින් ටිලිං ටිලිං පයිං ගමන් තමයි ඈ

    ReplyDelete
    Replies
    1. පයින් ගියත් අද කාලෙ බේරෙන්නෙ අමාරුයි මහත්තයෝ..

      Delete
  30. ඔක්කොමත් හරි, ඔහොම එකක් දැක්කම සෑහෙන කාලෙකට අමතක කරන්න බැරුව හිතින් විඳවන එක තමයි වැඩේ.....

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒකනම් ඇත්ත මියුරු අක්කේ.මාත් කාලෙකට කලින් කෝච්චියකට අහු වුන කෙනෙක්ව දැක්කා.තාම ඒක මතකයි.ඊට පස්සෙනම් දැකලා නෑ.

      Delete
  31. මම නම් අනතුරු ගැන සුපිරි ෆොටෝ ටිකක් දාල ලිපියක් ලිව්වා දැන් ටිකක් කල්....

    ReplyDelete
  32. පරක්කු වුනාට සමාවෙන්නෝ....:(

    හෆ්ෆා.. මමනම් හරිම බයයි ඔය අනතුරු වුනු තැන් වලට යන්න, ඒවා බලන්න.. :( මම ඇහෙන් දැකලා නැහැ එහෙම ලොකු අනතුරක්නම්.. ඒත් දවසක් පාර පනින්න යද්දිඇන්ටි කෙනෙක් මගෙ ඉස්සරහාම ත්‍රීවීල් එහෙක හැප්පුනා. වෙලාවට ඒ ඇන්ටි බිම පෙරලුනා විතරයි..හීරීම් ඇර තුවාලයක් නෑ ලොකු...

    ReplyDelete
  33. මමනම් ඔය අනතුරු ඇහැට දැකලත් තියෙනවා. පොඩි පොඩි අනතුරු 3කට විතර මූණ දීලත් තියෙනවා..

    ReplyDelete
  34. මම වැඩියෙන් දැකලා තියෙන්නේ කෝච්චි අනතුරු තමා.ඒවා ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ.අක්ක නොදැම්ම පින්තූරවලටත් වඩා අන්තයි...

    ReplyDelete
  35. හ්ම්ම් අනතුරු. :(
    එක පාරක් මමයි තාත්තයි බයික් එකේ යනකොට ඉස්සරහින් ගිය තඩි ලොරියක් එක පාර බ්‍රේක් කරල අපි දෙන්න ගිහිල්ල වැදිල මාව විසි වෙලා වැටුන, ලොකු අමාරුවක් උනේ නෑ.
    නිසුපට මතකයිනෙ එක පාරක් අපි දානෙ ගෙදරක යනකොට මට වෙච්ච සිද්දිය? බයික් කාරයෙක් අමුනගෙන ගියේ මාව. මමත් ඇදිල ගිහිල්ල බයික් එක උඩ දොයි. :)

    අපේ ගේ ඉස්සරහ එහෙම කොච්චර අනතුරු වෙලා තියෙනවද, ලොකු වංගුවක්නෙ තියෙන්නෙ. දඩ ලොරියක් පාරෙන් පැනල ලයිට් කණුවක හැප්පුනා, ඇම්බ්‍යුලන්ස් එකකුත් ඒ ලයිට් කණුවෙම හැප්පුනා. (මේ අවුරුද්දෙ උනු දෙකක්)

    ReplyDelete
  36. ෂෝක් කතා දෙක.වැඩියෙන්ම ආස පළවෙනි කතාවට.

    ReplyDelete
  37. මගේ ගාව තිබ්බ පොඩි කාරෙකක් මීට අවුරුදු හය හතකට කලින්. ඒකෙ බෆර් දෙකම, ඉස්සරහ ෆෙන්ඩර් දෙකම එක පැත්තක දොරවල් දෙකම සහ අනික් පැත්තෙ එක දොරක්, ඉස්සරහ සහ පසු පස වින්ඩ්ස්ක්‍රීන් කියන මෙව්ව වරකට එක බැගින් මාරුකරන්න උනා හැපිලම. විශේශය කියන්නෙ ඒකම නෙමෙයි. අපේ හාමිනේ ඉතුරු කරල මට කාරෙකක් ගන්න උනන්දු කලේ මම බයික් එක හප්පගෙන වට්ටගෙන සතියට දවසක් වත් ගෙදර උන්න නිසා :D

    ReplyDelete
  38. අනතුරුද අයියෝ මතක් කරන්නවත් එපා අනතුරු නිසා සතියක් වැලිකඩත් අදාල ආවේ අපෝ කුණු සංසාරේ දෙමල අම්මත් හොයන්නේ බලන්නේ නැතිව ගහලනේ පව් අසරණ කෙල්ල

    ReplyDelete
  39. සතියට දෙක තුනක් වත් අනතුරු නම් දකිනවා... අර කඩේ මුදලාලි වගේ ළඟට නොයා බලන් ඉන්න අය නම් ඉන්නවා තමා...ඒ ඉතින් සාක්කි කියන්න වෙයි කියලනේ...අදද කොහෙදෝ මුලින්ම මේ පැත්තේ ආවේ...

    ReplyDelete
  40. අය්යෝ අර ගැණු ළමයාගේ අත... පව්..සැලකිල්ලෙන් රිය පදවන්නෙම නැහැ දැන්...අනතුරු වලට ගොඩක්ම හේතු වෙන්නේ ඕකයි වාහන අභිබවා යන්න උත්සහ කරන එකයි..

    ReplyDelete
  41. අපේ බස් නුවර ඉදන් එද්දි කෙලගෙන එනවා! ඊයේ එක් ඇනලා! ටාටා තරු බස් එකක්නේ! ඒ නිසා හිතාගන්න පුලුවන්නේ! වින්ඩ් ස්ක්‍රීන් එක කුඩේ කුඩු!!

    ReplyDelete
  42. "අතර මගදි මාර්ග අනතුරු දෙකක්ම දැක බලා ගැනීමෙ වාසනාව උදා වුන එක."
    ඇයි අක්කෙ මෙහෙම කියන්නෙ!! ඒක වාසනාවක්ද????
    (තරහකට කිව්වෙ නෑ.දන්නව හිතල නෙවෙයි ලිව්වෙ කියල)
    අනතුරු වෙනකොට අපිට කිය කිය වෙන්නෙ නෑ නෙව.....
    කොහොම වුණත් පෝස්ට් එක සුපිරියි!!

    ReplyDelete
  43. අදමයි ආවේ මේ පැත්තේ. මාර්ග අනතුරු ගැන භයානක අත්දැකීම් දෙකක් තියවනව මට. ඊට පස්සේ නම් රිය ධාවනයෙදි විතරක් නෙවෙයි පයින් යනකොට උනත් හොඳම කල්පනාවෙන්.

    ReplyDelete
  44. ඇයි තව දවසක් නිසූපා ඩබල් දාල බයිසිකල් පැදලා....... ඒකත් ලියමුකෝ

    ReplyDelete
  45. කාලෙකින් මේ පැත්තට ආවෙ
    මමත් ඔය මාර්ග අනතුරු ගැන ලියලා තියෙනවා ඒක බලන්න පුලුවන්
    මම මෙතැනින් සිරා

    ReplyDelete
  46. අපේ රටේ අය මාර්ග නීති පිලිපදින්න නම් දන්නේ ම නැති තරම් නගේ . .

    ReplyDelete
  47. මමනම් ජීවිත කාලෙටම හරියන්න හැප්පිලා ඉන්නේ ,ඒක නිසා ඇක්සිඩන්ට් කියන්නේ මටනම් එපාම කරපු මාතෘකාවක් ....

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...