expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, July 13, 2012

෴පොඩි පොඩි කතා ටිකක්෴

           නොදැනීම මාසයක් ගෙවිලා ගිහින්.ජූලි මාසෙට මෙලෝ පෝස්ට් එකක් ලිව්වෙ නෑ.ලියන එක එපා වෙලා වගේ.බ්ලොග් කියවලා විතරක් නතර වෙන්න හිතිලා.නිකමට සැක හිතලා බ්ලොගේ අතීතෙ දිහා බැලුවාම යකෝ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ මං නුකුත් ලියලා නෑ.බලා ගෙන යනකොට මගෙ නෙවෙයි වරද මාසෙ.


       කාලෙකින් ෆන් එකට බර දෙයක් නොකිව්ව හින්දා පොඩි පොඩි ෆන් කතා ටිකක් කියලා දාන්න හිතුනා.මේක සෑහෙන කාලයක් තිස්සෙ ටයිප් කර කර හිටපු එකක්.කොච්චර හිනා යයිද කියලා නම් දන්නෙ නෑ. හිනා ගියේ නැත්නම් කිචි කවා ගෙන හරි පොඩ්ඩක් හිනා වෙන්ට ඈ...මේවා ඔක්කොම මං අහපු රියල් කතා ටිකක්.

.......................................................................................................................................................................................

   ඔන්න අපේ යාලුවෙක් ගෙදර කස්ටියත් එක්ක ගිහින් පොඩි සවාරියක්.ගෙදර කස්ටිය කිව්වෙ ඉතිං අම්මයි,තාත්තයි,අක්කගෙ පවුලෙ උදවියයි.තරුණ වයස ගෙවමින් හිටියට මේ හාදයා තාම තනිකඩයි.ඇලකට ගිහින් නාලා,පීනලා එන්න තමා ගිහින් තියෙන්නෙ.ස්ත්‍රී පාර්ශවයෙ කට්ටියත් හොදට පීනන්න දන්නවලු.

    කස්ටියම පීන පීන ඉන්නවලු.ටික වෙලාවකින් අපේ යාලුවට පේනවලු අම්මා ඔලිම්පික් තරඟෙකට පීනනවා වගේ හැටට හැටේ ඇල පහළට පීනනවා.මේ මොකක් වෙලාද යකෝ මේ කියලා මූත් සද්ද නැතුව බලාගෙන හිටියලු.බැලින්නම් අම්මා ඉස්සරහින් තව මොකක්ද එකක් පාවෙවී ඇල පහළට ගහගෙන යනවලු.මොකක් කියලද හිතන්නෙ.


බොරු දත් කුට්ටම......

....................................................................................................................................................................................

මේ කතාවත් කිව්වෙ කලින් එකාම තමා.

     ඔන්න කාලයක් මෙයයි,මෙයාගෙ යාලුවයි හා ජෝඩුව(ජෝඩුවක් කිව්වෙ ගෑණු සතායි,පිරිමි සතායි හරිද) ගානෙ ඇති කරන්න ගත්තලු.උන්ට ඉන්න කූඩුවක් එහෙම හදලා කන්න බොන්න දීලා ඇති දැඩි කරනවලු.කාලයක් යද්දි දවල්ට කාල එහෙම ඉවර වෙලා හා ජෝඩු දෙකේම පිරිමි සත්තු දෙන්නා මිසින් වෙනවලු. ඉතිං යාලුවො දෙන්නා කතා වෙලා දවසක් මුන් දෙන්නා පස්සෙ ගිහිල්ලා.බලාගෙන යද්දි දෙන්නා දෙපැත්තකින් අනිත් කූඩුවට යනවා.ඒ කිව්වෙ මුන් දෙන්නා කොටු පනිනවා.



             කාලයක් තිස්සෙ ඔය වැඩේ කෙරීගෙන ගියා.ඔන්න එක දවසක් හාවො දෙන්නම එකම පාරකින් යන්න සෙට් වෙලා.මග දුරක් යනකොට දෙන්න මුන ගැහිලා.හාවො අයිතිකාරයො දෙන්නට පොර කන සද්දෙ ඇහිලා දුවලා යනකොට ආවො දෙන්න මරා ගන්නවලු.බොහොම අමාරුවෙන් දෙන්නව වෙන් කරගෙන තියෙන්නෙ.

                    එදා ඉදලා කොටු පැනිලි නෑලු.

........................................................................................................................................................................................

                 දැන් කාලෙකට ඉස්සෙල්ලා ස්වර්ණවාහිනී පුවත් වලට කියලා තිබුනෙ ෆෝන් වල මයිටාවෙක් ඉන්නවාය.ඌ කන ඇතුලට ගිහින් කොලනි හදා ගන්නවාය.කනේ ආබාධ හදනවාය කියලා.මේ කතාවට මහේෂ් නිෂාන්ත අයියා හොද ලිපියකුත් ලියලා තිබුනා.ඇත්තටම ෆෝන් එකේ විතරයෑ ඔය මයිටාවුන්ට ඉන්න පුලුවන් නේද?

                    මේ කතාව ගියා විතරයි රටේම මිනිස්සු ඔය ගැන කතා කරන්න ගත්තානෙ නේද? මේ තියෙන්නෙ එදාට පස්සෙ දවසෙ උදේ බස් එක එනකල් බලාගෙන ඉන්නකොට එතන හිටපු අන්කල්ලා ටිකක් කතා වුන ඒවා.

"ඔන්න ඊයෙ ස්වර්ණවාහිනියෙ කිව්ව මොක්කුද මන්දා මයිටාවෙක් ෆෝන් එක අස්සෙ ඉන්නවා කියලා."

"අනේ විකාර බං.මෙච්චර කල් ෆෝන් පාවිච්චි කලේ නැතුවයෑ."

"මේකනෙ, ඔය කන තියාගන්න තැනලුනෙ ඉන්නෙ.එතනින් කන ඇතුලට ගිහින් කන් අමාරු හදනවාලු"

"ෂුවර් එකටම ඔය දේශපාලන බුවෙක් හෙඩ් සෙට් තොගයක් ගෙනල්ලා ඇති.ඒක විකුන ගන්න තමා ඔය සූස්තරේ දාලා තියෙන්නෙ."

"ඒත් ඒවගෙත් ඉන්න පුලුවන්නෙ.අනික ඒක කන ඇතුලටම යනවානෙ."

"ඕකට කරන්න තියෙන හොදම වැඩේ දන්නවද? උදේට ගෙදරින් එන්න කලින් ෆෝන් එක ඩෙටෝල් වතුර එකක විනාඩි දහයක් දාලා තියන එක."

...........................................................................................................................................................................................

                         මේ කතාවත් ඔය මයිටා කතාව යන අස්සෙම තමා මේ කතාවත් ඇදුනෙ. දවසක් බස් එකක එක සීට් එකේ ආච්චි කෙනෙකුයි,තරුණ ගෑණු ළමයෙකුයි ඉදගෙන යනවලු. ගෑණු ළමයා ලොකු මලක් කඩ කඩලු යන්නෙ ෆෝන් එකෙන්.දන්නවානෙ ඉතිං අද කාලෙ කට්ටිය බස් වල යනකොට මල් කඩන හැටි මයික් එක කට ගාවට ගන්නවා කතා කරනවා, ආයෙ ෆෝන් එක කනට තිබ්බා කියන ටික අහ ගත්තා.ආයෙ කට ගාවට ගත්තා.මාරුවෙන් මාරුවට ඔය විදිහට තමා යන්නෙ.

                          ඔන්න මේ ගෑණු ළමයත් ඔය විදිහටම මල් කඩ කඩ යනවලු.මේ දිහා ටික වෙලාවක් මූනත් නරක් කරගෙන බලාගෙන ඉදලා කියනවලු.

"ඈහ් ළමයො,ඔය වැඩේ කරනවට වඩා නරකද දිග ෆෝන් එකක් ගත්තනම්"


බොහොම අමාරුවෙන් ඔන්න පෝස්ට් එකක් ලිව්වා.දැන් කස්ටිය දිගට හරහට ලියනවානෙ.අලුත් අලුත් බ්ලොගුත් ඇවිල්ලා.ඉතිං කියවන්න ඒවා ගොඩයි.ලියන්න හිතෙන්නෙ නෑ,කියවනවා මිසක්.


තවත් හොරු ආවො කතාවක් සමඟ,ත්‍රාසය,භීතිය,කුතුහලය ඇතිව ලඟදීම හමුවෙමු......... :D                            








70 comments:

  1. උඹව දැක්ක කල්. කොහෙද අතුරුදන් වෙලා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස්.... ඒකනෙ බං.ලිව්වෙ නැතුවට කියෙව්වා බං.පුලු පුලුවන් විදිහට කමෙන්ට් කලත් එක්ක.

      Delete
  2. මරු කතා සෙට් එක..
    ඔළුව කඩාගෙන වැඩ අස්සෙ ඉඳලා හිටලා මේ වගේ පොස්ට් එකක් දකින එක වටිනවා..

    නිසුගේ රයිටර්ස් බ්ලොක්ද මොකද්ද එක තාම හොඳ වෙලා නැද්ද..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා.එච්චර රසවත් කියලා හිතුනෙ නම් නෑ.

      තාම හොද වෙලා නෑ වගේ. :) ඉස්සරහට තව වැඩි වෙයිද දන්නෙ නෑ.

      Delete
  3. ආ.හ් , මකුලු දැල් කඩලා තියෙන්නෙ......

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඔව් ඔව් බ්ලොගයක් තියෙන බව මතක් වුනා.

      Delete
  4. හා කතාව තේරුනේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. හාවො දෙන්න දෙන්නගෙ වයිෆ්ලා දෙන්නා මාරු කරගන්නවා දවල් කෑමෙන් පස්සෙ. දැන් තේරුනාද??

      Delete
    2. දැන්නෙ පත්තු වුනේ.. මට කලින් හිතුනෙ හා ජෝඩු දෙක එකට ඉන්නවා කියලා.. එක හාවෙක් හොර හාවියක් බලන්න යද්දි ඒ හාවිගෙ හාවා මුගෙම ගෙට රිංගනවා.. ඒකත් මරු වැඩේ.. බලන් යද්දි හාවොයි හාවියොයි ඔක්කොම වල්..

      Delete
  5. ඒක තමා කාලෙකට පස්සේ !!!
    අම්බෝ ඇති යන්තන් කාලෙකට පස්සේ හරි බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනා. හික්ස් :)
    කාලෙකට පස්සේ මරු කතා සෙට් එක !

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි.ඒ වුනාට මං ඒ පැත්තෙනම් ආවා ගියා හොදේ.
      ස්තූතියි ස්තූතියි....

      Delete
  6. හික් හික් හික්...

    යකෝ හාවොත් කොටු පයිනවනේ බලන් ගිහාම... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රජෝ.මාත් අහලා තිබුනෙම නෑ.

      අනේ බොහොම පිං.මට එසේම වේවා..:D

      Delete
  7. කතා ටික හොඳයි .. අර හාවෝ දෙන්න තමා හාවෝ දෙන්න... මං හිතන් හිටියේ හාවෝ කියන්නේ හරි අහිංසක ජාතියක් කියල.. දැන් බලද්දී වල් හාවොත් ඉන්නවනේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ...
      නෑ නෑ හාවො අහිංසකම නෑලු.උන් රණ්ඩු වෙන්න ගත්තාම බල්ලො හපා ගන්නවා වගේලු.වල් කමත් එහෙමම තමා.. :D

      Delete
  8. ඔන්න මට නම් කිති කවාගන්න ඕන වුණේ නෑ. හිනා ගියා හොඳට. මට වැඩියෙන්ම හිනා ගියෙ නිසූ මල් කඩනවා බලාගෙන හිටිය ආච්චි නිසූ ට කිවුව එකට.

    බලාගෙන ගියාම හාව කියන්නෙත් අහිංසක සතෙක් නෙමේනෙ අප්පා. අද කාලෙ හාවෙක්වවත් විශ්වාස කරන්න පුළුවන්ද මේ විදියට

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි...ඒ මම නෙවෙයි.මගෙ ෆෝන් එක ටිකක් දිගයි.අනික ඔය කනින් කටට,කටින් කනට වැඩේ මට පෙන්නන්න බැරි වැඩක්.

      ඔව් ඔව් හාවා අහිංසක නැත...

      Delete
  9. අන්තිම එක පට්ට.. :)

    කම්මැලි නැතුව ලියන්න දරුවෝ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.........

      අනේ මොනවා කිව්වත් කම්මැලියිනෙ. :((

      Delete
  10. හිනා කතා ටික නම් මරු.. කම්මැලි නැතුව ලියන්ඩ අප්පා.. මොකද්ද ආයි හොරු පැන්නද ගෙදරට ? අනේ පව් හොරු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා.කිව්වට කම්මැලිනම් මොකෝ කරන්නෙ.

      අපොයි ඔයා කවදද සාස්තර කියන්න පටන් ගත්තෙ. :O

      Delete
  11. හික්z මරු මරු.
    :)) හිනා ගියෝ..........

    ReplyDelete
    Replies
    1. හිනා ගියා නම් එච්චරයි.....

      Delete
  12. අක්කා කම්මැලි වෙලාද වැඩ වැඩි වෙලාද? කුරුලෑ කැඩුවට පස්සෙ ඔය අවමද මන්දා?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්......... කාලයක් වැඩ වැඩි වුනා,කාලයක් කම්මැලි වුනා. ඔව් ඔව් ඒකට පස්සෙ මේ ආවමයි.

      Delete
  13. මං නම් ඔය ඇහුවමයි හාවෝ කොටු පනින කේස් එකක්....

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ඇහුවාමයි මාලුවෝ...

      Delete
  14. හාවොත් කොටු පනිනවා එහෙනම්..  හාවොන්ටත් ගිය කලක් හැබෑට. කවුද මේවට වග කියන්නේ?

    මේවට හිනාවෙන්න කිතිකවාගන්න නම් ඕන වුනේ නෑ... කතා ටික හොඳයි. බ්ලොග් කියවලා විතරක් නවතින්න එපා මේවගේ ඒවා තව ලියන්න. මමත් දැක්ක ඔයා එක දවසක් තොටුපොළ පැත්තෙත් සක්මක් කරලා තියනවා  :-)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කවුරු වග කියන්නද කියලා. :))

      එහෙනම් එච්චරයි.මටනම් හිතුනෙ වැඩිය හිනා යන්නෙ නැති වෙයි කියලා.අනේ ලියනවට වඩා කියවන එක ශෝක් නෙ. ඉතිං කියවලා නතර වෙන්න හිතෙනවා. ඔව් ඔව් ඒ පැත්තෙ ආවා නේන්නම්. :))

      Delete
  15. පළවෙනි කතාවට ඇත්තටම හිනා ගියා.:)

    දෙවෙනි කතාව:ඇත්තටම බලන් ගියාම හාවොත් කොටු පනිනවා නොවැ. :/

    තුන්වෙනි හතර වෙනි කතා ටිකක් හොඳයි හිනත් ගියා ටිකක් කිචිත් කවා ගත්තා :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ වගේ කමෙන්ට් එකක් දැම්මට.මටත් හිතෙන්නෙ ඔය ටිකමයි.. :)))

      Delete
  16. හා කතාව මට තේරුනෙත් නැහැ. මටත් දන කම්මැලි කම ඔලුවට ගහලා වටේ ඒවා කියව කියව යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න උඩ හරීට කිව්වා.කියවලා බලන්න ඔයාටත් තේරෙයි.ඒකනෙ ලියනවට වඩා ඒක ජොලි. :)

      Delete
  17. මට මැවිලා පේනවා අම්මා දත් කුට්ටම පස්සෙන් පීනනවා :D

    ReplyDelete
    Replies
    1. හි හි..නියමයි අක්කේ..:)

      Delete
    2. මාත් ආසම ඒකට... :D

      Delete
  18. මේ ඇවිත් තියෙන්නේ මේ පැත්තේ.. :)

    මයිටාවන්ට ඩෙටෝල් වැඩේ හොදයි වගේ.. කෙනෙක් මේ ටිකේ මයිටාවන්ට බයේ.. කියන්න ඕන ඩෙටෝල් දාන්න කියල..

    ReplyDelete
    Replies
    1. කියන්න ඔනි නැ මම ඔන්න දැක්කා :P

      Delete
    2. හික්ස් ඔන්න එයාම ඇවිත් කියවලා ඔයාට රිප්ලයි එකකුත් දාලා.

      Delete
  19. අන්තිම කතාව කියවද්දි මට මතක් වුනේ මගේ යාළුවෙක්ව... එයා කෝල් කරද්දිත් එහෙමමයි...
    කතා ටික නම් මරු

    ReplyDelete
    Replies
    1. හී හී.. ඔව් නේද නංගි දැන් හුගක් අය බස් වල යද්දි ඔහොමම තමා කතා කරන්නෙ.

      Delete
  20. කොටු පනින හාවෝ ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ඇහුවාමයි..... :))

      Delete
  21. ලස්සන කතා සෙට් එක හික් හික්...........  :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි..... :)))

      Delete
  22. හි හි..අක්කත් අතුරුදහන් වෙලානේ ඉදලා තියෙන්නේ !! xD

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මලේ. ලියන්ඩ මහා කම්මැලිකමක් හිතට ආවනෙ. :D

      Delete
  23. කතා සෙට්එක කියමයි. මේවට කියන්නේ යාං හෑල්ලක් කියවනවා කියලා. බලන් ගියාම මොන හාවත් වල්ම තමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. ඔව් ඔව් මේක යාං හෑල්ලක් තමා. :))
      ඔය කිව්වෙ අපේ බනියා ගැන හිතලද??? :D

      Delete
  24. වල් හාවෝ :D කාලෙකින් අක්කාගේ පෝස්ටුවක් දැක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාසෙකටත් වඩා සද්ද නැතුව හිටියා.

      Delete
  25. හා කතාව මරු.ඔයා දන්නවද වැඩක්? අපේ අක්කි කෙනෙක් කිව්ව ලංකාවෙ එයාලගෙ ගෙදර පූසයි අනෙක් ගෙදර පූසයි (දෙන්නම කොල්ලො ඈ.)මොකක්දෝ හොර වැඩක් කරනව එයාගෙ අතටම අහු උනාලු....

    ReplyDelete
    Replies
    1. අපොයි පූසෝ..... හරි නරකයිනෙ.පූසියො ඉදලා නැද්ද??ඕන් බලමුකො ඒකෙත් හැටි..:/

      Delete
  26. යකඩෝ..හාවෙක් කොටු පනින කතාවක් ඇහුවමයි..අනිච්චේ දුක්කේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපි හිතන්නෙ මිනිස්සු විතරයි කොටු පනින්නෙ කියලානෙ. :)

      Delete
  27. හම්මෝ..මෙන්න ඇවිත්!!!! ඇති යාන්තම් අක්කට මතක් වුනා... මරු කතා ටික.. හාවන්ට ගිය කලනම්.....:D

    ReplyDelete
    Replies
    1. හික්ස්.... ඔව් ඔව්..මෙහෙම එකක් තියෙන බව මතක් වුනා. :D
      ඒකනෙ...

      Delete
  28. හාවො කොටු පැන්නා එහෙමනම්.... ඔය මල් කඩ කඩ ගිය න0ගි ගේ නම නිසුපා එහෙම නෙමේ නේද අක්කා....

    ආයේ මාස ගනන් ඉන්නේ නැතුව එන්න හොදේ

    ReplyDelete
    Replies
    1. පැනලා නේන්නම්.
      අපොයි නෑ.මං එහෙම මල් කඩන්නෙ නෑ නෙ මල්ලි. :D මං ආසම නැති වැඩක් ඒක.

      හ්ම්... බලමුකො කම්මැලිකම අතඇරලා නේද....

      Delete
  29. එළ එළ.....කාලෙකින් මේ පැත්තේ ආවේ...

    ReplyDelete
  30. අන්තිම කතාව නම් මරු. :D දිග ෆෝන් එකක් ගන්න එක. :D :D :D

    ReplyDelete
  31. හිකීස්.... හාවන්ගේ කතාව් තේරුනේ දෙපාරක් කියෙව්වට පස්සෙ , බැලින්නම් මෙ හා ජෝඩු දෙකක් නොවැ

    ReplyDelete
  32. අපේ දුමී අයියත් දත් කතා සෙට් එකක් දාල තිබ්බේ .. අර ෆොන් එක ඩෙටොල් වතුරේ ඔබන එකතමා මරු. අනික ඔය ෆොන් එක වොකි ටොකි එකක් කොරගන්න උන් මටත් පෙන්ඩ බෑ ඔඇක්...

    ඇත්ත ලියන්නේ නැතුව ඉන්න කොට ලියන්න කම්මැලී හැබැ දුවේ එහේම කියල හරියන්නෑ මාසෙට එකක් හරි ලියන්ඩ ඔන හරිය

    ReplyDelete
  33. හී හී..මරු අක්කෝ..
    අන්තිම එක තමා නියමම..:) :)

    ReplyDelete
  34. සෑම අයියා කිව්වා වගේ අන්තිම ඒක මැක්සා

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...