නොදැනීම මාසයක් ගෙවිලා ගිහින්.ජූලි මාසෙට මෙලෝ පෝස්ට් එකක් ලිව්වෙ නෑ.ලියන එක එපා වෙලා වගේ.බ්ලොග් කියවලා විතරක් නතර වෙන්න හිතිලා.නිකමට සැක හිතලා බ්ලොගේ අතීතෙ දිහා බැලුවාම යකෝ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ මං නුකුත් ලියලා නෑ.බලා ගෙන යනකොට මගෙ නෙවෙයි වරද මාසෙ.
කාලෙකින් ෆන් එකට බර දෙයක් නොකිව්ව හින්දා පොඩි පොඩි ෆන් කතා ටිකක් කියලා දාන්න හිතුනා.මේක සෑහෙන කාලයක් තිස්සෙ ටයිප් කර කර හිටපු එකක්.කොච්චර හිනා යයිද කියලා නම් දන්නෙ නෑ. හිනා ගියේ නැත්නම් කිචි කවා ගෙන හරි පොඩ්ඩක් හිනා වෙන්ට ඈ...මේවා ඔක්කොම මං අහපු රියල් කතා ටිකක්.
.......................................................................................................................................................................................
ඔන්න අපේ යාලුවෙක් ගෙදර කස්ටියත් එක්ක ගිහින් පොඩි සවාරියක්.ගෙදර කස්ටිය කිව්වෙ ඉතිං අම්මයි,තාත්තයි,අක්කගෙ පවුලෙ උදවියයි.තරුණ වයස ගෙවමින් හිටියට මේ හාදයා තාම තනිකඩයි.ඇලකට ගිහින් නාලා,පීනලා එන්න තමා ගිහින් තියෙන්නෙ.ස්ත්රී පාර්ශවයෙ කට්ටියත් හොදට පීනන්න දන්නවලු.
කස්ටියම පීන පීන ඉන්නවලු.ටික වෙලාවකින් අපේ යාලුවට පේනවලු අම්මා ඔලිම්පික් තරඟෙකට පීනනවා වගේ හැටට හැටේ ඇල පහළට පීනනවා.මේ මොකක් වෙලාද යකෝ මේ කියලා මූත් සද්ද නැතුව බලාගෙන හිටියලු.බැලින්නම් අම්මා ඉස්සරහින් තව මොකක්ද එකක් පාවෙවී ඇල පහළට ගහගෙන යනවලු.මොකක් කියලද හිතන්නෙ.
බොරු දත් කුට්ටම......
....................................................................................................................................................................................
මේ කතාවත් කිව්වෙ කලින් එකාම තමා.
ඔන්න කාලයක් මෙයයි,මෙයාගෙ යාලුවයි හා ජෝඩුව(ජෝඩුවක් කිව්වෙ ගෑණු සතායි,පිරිමි සතායි හරිද) ගානෙ ඇති කරන්න ගත්තලු.උන්ට ඉන්න කූඩුවක් එහෙම හදලා කන්න බොන්න දීලා ඇති දැඩි කරනවලු.කාලයක් යද්දි දවල්ට කාල එහෙම ඉවර වෙලා හා ජෝඩු දෙකේම පිරිමි සත්තු දෙන්නා මිසින් වෙනවලු. ඉතිං යාලුවො දෙන්නා කතා වෙලා දවසක් මුන් දෙන්නා පස්සෙ ගිහිල්ලා.බලාගෙන යද්දි දෙන්නා දෙපැත්තකින් අනිත් කූඩුවට යනවා.ඒ කිව්වෙ මුන් දෙන්නා කොටු පනිනවා.
කාලයක් තිස්සෙ ඔය වැඩේ කෙරීගෙන ගියා.ඔන්න එක දවසක් හාවො දෙන්නම එකම පාරකින් යන්න සෙට් වෙලා.මග දුරක් යනකොට දෙන්න මුන ගැහිලා.හාවො අයිතිකාරයො දෙන්නට පොර කන සද්දෙ ඇහිලා දුවලා යනකොට ආවො දෙන්න මරා ගන්නවලු.බොහොම අමාරුවෙන් දෙන්නව වෙන් කරගෙන තියෙන්නෙ.
එදා ඉදලා කොටු පැනිලි නෑලු.
........................................................................................................................................................................................
දැන් කාලෙකට ඉස්සෙල්ලා ස්වර්ණවාහිනී පුවත් වලට කියලා තිබුනෙ ෆෝන් වල මයිටාවෙක් ඉන්නවාය.ඌ කන ඇතුලට ගිහින් කොලනි හදා ගන්නවාය.කනේ ආබාධ හදනවාය කියලා.මේ කතාවට මහේෂ් නිෂාන්ත අයියා හොද ලිපියකුත් ලියලා තිබුනා.ඇත්තටම ෆෝන් එකේ විතරයෑ ඔය මයිටාවුන්ට ඉන්න පුලුවන් නේද?
මේ කතාව ගියා විතරයි රටේම මිනිස්සු ඔය ගැන කතා කරන්න ගත්තානෙ නේද? මේ තියෙන්නෙ එදාට පස්සෙ දවසෙ උදේ බස් එක එනකල් බලාගෙන ඉන්නකොට එතන හිටපු අන්කල්ලා ටිකක් කතා වුන ඒවා.
"ඔන්න ඊයෙ ස්වර්ණවාහිනියෙ කිව්ව මොක්කුද මන්දා මයිටාවෙක් ෆෝන් එක අස්සෙ ඉන්නවා කියලා."
"අනේ විකාර බං.මෙච්චර කල් ෆෝන් පාවිච්චි කලේ නැතුවයෑ."
"මේකනෙ, ඔය කන තියාගන්න තැනලුනෙ ඉන්නෙ.එතනින් කන ඇතුලට ගිහින් කන් අමාරු හදනවාලු"
"ෂුවර් එකටම ඔය දේශපාලන බුවෙක් හෙඩ් සෙට් තොගයක් ගෙනල්ලා ඇති.ඒක විකුන ගන්න තමා ඔය සූස්තරේ දාලා තියෙන්නෙ."
"ඒත් ඒවගෙත් ඉන්න පුලුවන්නෙ.අනික ඒක කන ඇතුලටම යනවානෙ."
"ඕකට කරන්න තියෙන හොදම වැඩේ දන්නවද? උදේට ගෙදරින් එන්න කලින් ෆෝන් එක ඩෙටෝල් වතුර එකක විනාඩි දහයක් දාලා තියන එක."
...........................................................................................................................................................................................
මේ කතාවත් ඔය මයිටා කතාව යන අස්සෙම තමා මේ කතාවත් ඇදුනෙ. දවසක් බස් එකක එක සීට් එකේ ආච්චි කෙනෙකුයි,තරුණ ගෑණු ළමයෙකුයි ඉදගෙන යනවලු. ගෑණු ළමයා ලොකු මලක් කඩ කඩලු යන්නෙ ෆෝන් එකෙන්.දන්නවානෙ ඉතිං අද කාලෙ කට්ටිය බස් වල යනකොට මල් කඩන හැටි මයික් එක කට ගාවට ගන්නවා කතා කරනවා, ආයෙ ෆෝන් එක කනට තිබ්බා කියන ටික අහ ගත්තා.ආයෙ කට ගාවට ගත්තා.මාරුවෙන් මාරුවට ඔය විදිහට තමා යන්නෙ.
ඔන්න මේ ගෑණු ළමයත් ඔය විදිහටම මල් කඩ කඩ යනවලු.මේ දිහා ටික වෙලාවක් මූනත් නරක් කරගෙන බලාගෙන ඉදලා කියනවලු.
"ඈහ් ළමයො,ඔය වැඩේ කරනවට වඩා නරකද දිග ෆෝන් එකක් ගත්තනම්"
බොහොම අමාරුවෙන් ඔන්න පෝස්ට් එකක් ලිව්වා.දැන් කස්ටිය දිගට හරහට ලියනවානෙ.අලුත් අලුත් බ්ලොගුත් ඇවිල්ලා.ඉතිං කියවන්න ඒවා ගොඩයි.ලියන්න හිතෙන්නෙ නෑ,කියවනවා මිසක්.
තවත් හොරු ආවො කතාවක් සමඟ,ත්රාසය,භීතිය,කුතුහලය ඇතිව ලඟදීම හමුවෙමු......... :D

උඹව දැක්ක කල්. කොහෙද අතුරුදන් වෙලා හිටියෙ.
ReplyDeleteහික්ස්.... ඒකනෙ බං.ලිව්වෙ නැතුවට කියෙව්වා බං.පුලු පුලුවන් විදිහට කමෙන්ට් කලත් එක්ක.
Deleteමරු කතා සෙට් එක..
ReplyDeleteඔළුව කඩාගෙන වැඩ අස්සෙ ඉඳලා හිටලා මේ වගේ පොස්ට් එකක් දකින එක වටිනවා..
නිසුගේ රයිටර්ස් බ්ලොක්ද මොකද්ද එක තාම හොඳ වෙලා නැද්ද..?
ස්තූතියි අක්කා.එච්චර රසවත් කියලා හිතුනෙ නම් නෑ.
Deleteතාම හොද වෙලා නෑ වගේ. :) ඉස්සරහට තව වැඩි වෙයිද දන්නෙ නෑ.
හිකිස්....එළ එළ...
ReplyDeleteතැන්කූ වේවා....
Deleteආ.හ් , මකුලු දැල් කඩලා තියෙන්නෙ......
ReplyDeleteහික්ස්... ඔව් ඔව් බ්ලොගයක් තියෙන බව මතක් වුනා.
Deleteහා කතාව තේරුනේ නෑනෙ
ReplyDeleteහාවො දෙන්න දෙන්නගෙ වයිෆ්ලා දෙන්නා මාරු කරගන්නවා දවල් කෑමෙන් පස්සෙ. දැන් තේරුනාද??
Deleteදැන්නෙ පත්තු වුනේ.. මට කලින් හිතුනෙ හා ජෝඩු දෙක එකට ඉන්නවා කියලා.. එක හාවෙක් හොර හාවියක් බලන්න යද්දි ඒ හාවිගෙ හාවා මුගෙම ගෙට රිංගනවා.. ඒකත් මරු වැඩේ.. බලන් යද්දි හාවොයි හාවියොයි ඔක්කොම වල්..
Deleteඒක තමා කාලෙකට පස්සේ !!!
ReplyDeleteඅම්බෝ ඇති යන්තන් කාලෙකට පස්සේ හරි බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනා. හික්ස් :)
කාලෙකට පස්සේ මරු කතා සෙට් එක !
ඒකනෙ මල්ලි.ඒ වුනාට මං ඒ පැත්තෙනම් ආවා ගියා හොදේ.
Deleteස්තූතියි ස්තූතියි....
හලි හලි
ReplyDeleteතැන්කෝ තැන්කෝ....
Deleteහික් හික් හික්...
ReplyDeleteයකෝ හාවොත් කොටු පයිනවනේ බලන් ගිහාම... ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකනෙ රජෝ.මාත් අහලා තිබුනෙම නෑ.
Deleteඅනේ බොහොම පිං.මට එසේම වේවා..:D
කතා ටික හොඳයි .. අර හාවෝ දෙන්න තමා හාවෝ දෙන්න... මං හිතන් හිටියේ හාවෝ කියන්නේ හරි අහිංසක ජාතියක් කියල.. දැන් බලද්දී වල් හාවොත් ඉන්නවනේ...
ReplyDeleteතැන්කූ...
Deleteනෑ නෑ හාවො අහිංසකම නෑලු.උන් රණ්ඩු වෙන්න ගත්තාම බල්ලො හපා ගන්නවා වගේලු.වල් කමත් එහෙමම තමා.. :D
ඔන්න මට නම් කිති කවාගන්න ඕන වුණේ නෑ. හිනා ගියා හොඳට. මට වැඩියෙන්ම හිනා ගියෙ නිසූ මල් කඩනවා බලාගෙන හිටිය ආච්චි නිසූ ට කිවුව එකට.
ReplyDeleteබලාගෙන ගියාම හාව කියන්නෙත් අහිංසක සතෙක් නෙමේනෙ අප්පා. අද කාලෙ හාවෙක්වවත් විශ්වාස කරන්න පුළුවන්ද මේ විදියට
හපොයි හපොයි...ඒ මම නෙවෙයි.මගෙ ෆෝන් එක ටිකක් දිගයි.අනික ඔය කනින් කටට,කටින් කනට වැඩේ මට පෙන්නන්න බැරි වැඩක්.
Deleteඔව් ඔව් හාවා අහිංසක නැත...
අන්තිම එක පට්ට.. :)
ReplyDeleteකම්මැලි නැතුව ලියන්න දරුවෝ :)
ස්තූතියි.........
Deleteඅනේ මොනවා කිව්වත් කම්මැලියිනෙ. :((
හිනා කතා ටික නම් මරු.. කම්මැලි නැතුව ලියන්ඩ අප්පා.. මොකද්ද ආයි හොරු පැන්නද ගෙදරට ? අනේ පව් හොරු !
ReplyDeleteස්තූතියි අයියා.කිව්වට කම්මැලිනම් මොකෝ කරන්නෙ.
Deleteඅපොයි ඔයා කවදද සාස්තර කියන්න පටන් ගත්තෙ. :O
හික්z මරු මරු.
ReplyDelete:)) හිනා ගියෝ..........
හිනා ගියා නම් එච්චරයි.....
Deleteඅක්කා කම්මැලි වෙලාද වැඩ වැඩි වෙලාද? කුරුලෑ කැඩුවට පස්සෙ ඔය අවමද මන්දා?
ReplyDeleteම්ම්ම්ම්ම්......... කාලයක් වැඩ වැඩි වුනා,කාලයක් කම්මැලි වුනා. ඔව් ඔව් ඒකට පස්සෙ මේ ආවමයි.
Deleteමං නම් ඔය ඇහුවමයි හාවෝ කොටු පනින කේස් එකක්....
ReplyDeleteමාත් ඔය ඇහුවාමයි මාලුවෝ...
Deleteහාවොත් කොටු පනිනවා එහෙනම්.. හාවොන්ටත් ගිය කලක් හැබෑට. කවුද මේවට වග කියන්නේ?
ReplyDeleteමේවට හිනාවෙන්න කිතිකවාගන්න නම් ඕන වුනේ නෑ... කතා ටික හොඳයි. බ්ලොග් කියවලා විතරක් නවතින්න එපා මේවගේ ඒවා තව ලියන්න. මමත් දැක්ක ඔයා එක දවසක් තොටුපොළ පැත්තෙත් සක්මක් කරලා තියනවා :-)
අනේ මන්දා කවුරු වග කියන්නද කියලා. :))
Deleteඑහෙනම් එච්චරයි.මටනම් හිතුනෙ වැඩිය හිනා යන්නෙ නැති වෙයි කියලා.අනේ ලියනවට වඩා කියවන එක ශෝක් නෙ. ඉතිං කියවලා නතර වෙන්න හිතෙනවා. ඔව් ඔව් ඒ පැත්තෙ ආවා නේන්නම්. :))
පළවෙනි කතාවට ඇත්තටම හිනා ගියා.:)
ReplyDeleteදෙවෙනි කතාව:ඇත්තටම බලන් ගියාම හාවොත් කොටු පනිනවා නොවැ. :/
තුන්වෙනි හතර වෙනි කතා ටිකක් හොඳයි හිනත් ගියා ටිකක් කිචිත් කවා ගත්තා :D
ස්තූතියි මේ වගේ කමෙන්ට් එකක් දැම්මට.මටත් හිතෙන්නෙ ඔය ටිකමයි.. :)))
Deleteහා කතාව මට තේරුනෙත් නැහැ. මටත් දන කම්මැලි කම ඔලුවට ගහලා වටේ ඒවා කියව කියව යන්නේ.
ReplyDeleteඔන්න උඩ හරීට කිව්වා.කියවලා බලන්න ඔයාටත් තේරෙයි.ඒකනෙ ලියනවට වඩා ඒක ජොලි. :)
Deleteමට මැවිලා පේනවා අම්මා දත් කුට්ටම පස්සෙන් පීනනවා :D
ReplyDeleteහි හි..නියමයි අක්කේ..:)
Deleteමාත් ආසම ඒකට... :D
Deleteමේ ඇවිත් තියෙන්නේ මේ පැත්තේ.. :)
ReplyDeleteමයිටාවන්ට ඩෙටෝල් වැඩේ හොදයි වගේ.. කෙනෙක් මේ ටිකේ මයිටාවන්ට බයේ.. කියන්න ඕන ඩෙටෝල් දාන්න කියල..
කියන්න ඔනි නැ මම ඔන්න දැක්කා :P
Deleteහික්ස් ඔන්න එයාම ඇවිත් කියවලා ඔයාට රිප්ලයි එකකුත් දාලා.
Deleteඅන්තිම කතාව කියවද්දි මට මතක් වුනේ මගේ යාළුවෙක්ව... එයා කෝල් කරද්දිත් එහෙමමයි...
ReplyDeleteකතා ටික නම් මරු
හී හී.. ඔව් නේද නංගි දැන් හුගක් අය බස් වල යද්දි ඔහොමම තමා කතා කරන්නෙ.
Deleteකොටු පනින හාවෝ ගැන ඇහුවමයි.
ReplyDeleteමාත් ඔය ඇහුවාමයි..... :))
Deleteලස්සන කතා සෙට් එක හික් හික්........... :)
ReplyDeleteස්තූතියි නංගි..... :)))
Deleteහි හි..අක්කත් අතුරුදහන් වෙලානේ ඉදලා තියෙන්නේ !! xD
ReplyDeleteඔව් ඔව් මලේ. ලියන්ඩ මහා කම්මැලිකමක් හිතට ආවනෙ. :D
Deleteකතා සෙට්එක කියමයි. මේවට කියන්නේ යාං හෑල්ලක් කියවනවා කියලා. බලන් ගියාම මොන හාවත් වල්ම තමයි
ReplyDeleteස්තූතියි අයියා. ඔව් ඔව් මේක යාං හෑල්ලක් තමා. :))
Deleteඔය කිව්වෙ අපේ බනියා ගැන හිතලද??? :D
වල් හාවෝ :D කාලෙකින් අක්කාගේ පෝස්ටුවක් දැක්කේ
ReplyDeleteඔව් ඔව් මාසෙකටත් වඩා සද්ද නැතුව හිටියා.
Deleteහා කතාව මරු.ඔයා දන්නවද වැඩක්? අපේ අක්කි කෙනෙක් කිව්ව ලංකාවෙ එයාලගෙ ගෙදර පූසයි අනෙක් ගෙදර පූසයි (දෙන්නම කොල්ලො ඈ.)මොකක්දෝ හොර වැඩක් කරනව එයාගෙ අතටම අහු උනාලු....
ReplyDeleteඅපොයි පූසෝ..... හරි නරකයිනෙ.පූසියො ඉදලා නැද්ද??ඕන් බලමුකො ඒකෙත් හැටි..:/
Deleteයකඩෝ..හාවෙක් කොටු පනින කතාවක් ඇහුවමයි..අනිච්චේ දුක්කේ
ReplyDeleteඒකනෙ අපි හිතන්නෙ මිනිස්සු විතරයි කොටු පනින්නෙ කියලානෙ. :)
Deleteහම්මෝ..මෙන්න ඇවිත්!!!! ඇති යාන්තම් අක්කට මතක් වුනා... මරු කතා ටික.. හාවන්ට ගිය කලනම්.....:D
ReplyDeleteහික්ස්.... ඔව් ඔව්..මෙහෙම එකක් තියෙන බව මතක් වුනා. :D
Deleteඒකනෙ...
හාවො කොටු පැන්නා එහෙමනම්.... ඔය මල් කඩ කඩ ගිය න0ගි ගේ නම නිසුපා එහෙම නෙමේ නේද අක්කා....
ReplyDeleteආයේ මාස ගනන් ඉන්නේ නැතුව එන්න හොදේ
පැනලා නේන්නම්.
Deleteඅපොයි නෑ.මං එහෙම මල් කඩන්නෙ නෑ නෙ මල්ලි. :D මං ආසම නැති වැඩක් ඒක.
හ්ම්... බලමුකො කම්මැලිකම අතඇරලා නේද....
එළ එළ.....කාලෙකින් මේ පැත්තේ ආවේ...
ReplyDeleteඅපූරු කතා ටික
ReplyDeleteඅන්තිම කතාව නම් මරු. :D දිග ෆෝන් එකක් ගන්න එක. :D :D :D
ReplyDeleteහිකීස්.... හාවන්ගේ කතාව් තේරුනේ දෙපාරක් කියෙව්වට පස්සෙ , බැලින්නම් මෙ හා ජෝඩු දෙකක් නොවැ
ReplyDeleteඅපේ දුමී අයියත් දත් කතා සෙට් එකක් දාල තිබ්බේ .. අර ෆොන් එක ඩෙටොල් වතුරේ ඔබන එකතමා මරු. අනික ඔය ෆොන් එක වොකි ටොකි එකක් කොරගන්න උන් මටත් පෙන්ඩ බෑ ඔඇක්...
ReplyDeleteඇත්ත ලියන්නේ නැතුව ඉන්න කොට ලියන්න කම්මැලී හැබැ දුවේ එහේම කියල හරියන්නෑ මාසෙට එකක් හරි ලියන්ඩ ඔන හරිය
හී හී..මරු අක්කෝ..
ReplyDeleteඅන්තිම එක තමා නියමම..:) :)
සෑම අයියා කිව්වා වගේ අන්තිම ඒක මැක්සා
ReplyDelete