බ්ලොග්
කියවන්න ගියාම ලියන්න වෙලාව මදි.ඒ මදිවට මේ මැෂින් එකත් පිස්සු නටනවා.ටයිප් කරන්න
ගියාම අකුරු එකට සෙට් වෙලා විකාරයක් වෙනවා.හයියෙන් ටයිප් කරන්න බෑ.ඒත් ඉතිං මේක
අත් ඇරලා දාන්නයෑ..කොහොම හරි ලියන්නත් එපැයි.ඒ අස්සෙ සේව් වෙනුවට පබිලිස් බටන් එක එබිලා විකාරයක් වුනා.සමා වෙන්ට ඕනෙ ඒකට.ඔන්න දැන් කතාවට.මං දැන් කාලෙකට කලින් බිත්තර කතාවක්
කීවානෙ. මේ තවත් බිත්තර කතාවක්.....
මේ
කතාවෙ පසුබිම හොයා ගෙන යන්න වෙනවා 2000 අවුරුද්දට විතර. අපි දහය වසරෙ.දන්නවානෙ ඔය කාලෙ ටික ටික
පෙම් මල් පූදින කාලෙනෙ. :D ඔන්න අපිත් එක්ක ගණිතය
පන්ති ආපු කොල්ලෙක්ටත් අපිත් එක්කම එකට හිටපු කෙල්ලෙක් ගැන පිළිබඳ සිතක් පහල
වුනා.දැන් ඉතිං අපිට තමා වදේ "අනේ සෙට් කරලා දීපල්ලකෝ" කියලා.කොල්ල අපේ
උදිතගෙ එක වසරෙ ඉදන් බොක්කක්. (උදිතව මතකයි නේද??අපිත් එක්ක සිරීපාදෙත් ගියේ.ඔන්න රහසක් එලි
කරන්නයි යන්නෙ මේ පෝස්ට් එක අස්සෙම.අර මගෙ ඔන්න ලණුවක් එකේ පැන්සල් පෙට්ටි පාර කෑවෙ…මතකනෙ…
හි හී ඒත් උදිතම තමා.)කොහොමින් කොහොම
හරි තෝල්ක මුදලිකම් කරලා කෙල්ලවත් සෙට් කරලා දුන්නා.මුන් දෙන්නා දැන් ප්‍රේම ගඟේ පීනනවා.අපි
සෙට් කරලා දීපු මඟුල නොවැ.අපිටත් ඉතිං ෆුල් හැපී තමා.
අන්තිමට
ගෙවල් වලටත් ආරංචි වෙලා,ඒත් වැඩි අවුලක් නෑ කියන
ගානට ආවා.ඔහොම කාලය ගෙවිලා අවුරුද්දක් විතර ගියා.ඔය වෙනකොට කෙල්ල ඔටෝ එකක ලිව්වත්
ලියන්නෙ නම් දෙක එකතු කරලා. සංකේතයක් එහෙමත් හදලා තිබුනා. හඳකුයි, මලකුයි. ඔහොම නැගගෙන ආපු ප්‍රේමය ඔන්න බොලේ එක
පාරම නතර වෙලා. මොකක් වෙලාද කින්ද මන්ද මුකුත් හරියට අපි දන්නෙ
නෑ. දෙන්න දෙමහල්ලෝ ආයෙත් සෙට් කරන්න කොච්චර ට්‍රයි කලත් හරි
ගියෙත් නෑ. එක අතකට මේ අහක ඉන්න අපි යෑ ලව් කරන්නෙ නේද?
උන් දෙන්නට හොදනම් අපිට මොකෝ නේද??
ඕ ලෙවෙල් ඉවර වෙලා අපි ඒ ලෙවෙල් කරන්නත් ආවා. දවසක් අපේ ඉස්කෝලෙ අපේ වයසෙම බයෝ කරන ලමයෙක් වෙන යාලුවෙක්ව හම්බ වෙන්න අපේ පන්තියට ආවා. ඇවිත් ඉන්න ගමන් මගෙ ලගටත් ඇවිත් “මේ ඔයා
*** කියලා පිරිමි ලමයෙක්ව දන්නවද?” කියලා
අර පිරිමි ලමයගෙ නම කියලා ඇහුවා. මං ඉතිං මොකෝ නොදන්නෙ. මෙච්චර උදව් කරපු එකානෙ :D. මාත් කිව්වා
“ආහ්… ඔව් ඔව් කලින් යාලු වෙලා හිටියෙත්
අපේ යාලුවෙක් එක්කනේ. දැන් නම් ඒක නෑ. ඇයි මොකක්ද සීන් එක" කියලා. අලේ බැලින්නම් මේ යකා
මේ ගෑණු ලමයගෙ ගෙවල් පැත්තෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය ගමන් පොඩි බැල්මට් පාරක් දාලා. පොඩි ටෝක්ස් ටිකකුත් දීලා. කවුද ඉතිං ඕවා දන්නෙ.
මෙයා මගෙන් ඒ පාර විස්තර අහනවා. මාත් දන්න සකලමනාවම
කියලා දැම්මා. ආයෙ මොකෝ හංගන්නෙ කියලා. ඔහොම සතියක් දෙකක් ගියාම අර පිරිමි ලමයාගෙන් මට එනවා තර්ජනයක්. මං හැම දේම කියලා දැම්ම එකට උන්දැට කේන්ති ගිහින්. හත්වලාමෙ ඉතිං මං දන්නවයෑ මෙයා හිතන් හිටපු දේවල්. :O. මගෙන් පලි ගන්නවා කියලත් කිව්වලු. අනේ කවුද ඕවා ගනන් ගන්නෙ. නේද????
තවත්
ටික කාලයක් ඔහේ ගෙවිලා ගියා. එදා චාන්දනී මිස්ගෙ ගණන් පන්තිය
දවස. මිස් තාම පන්තියට ඇවිත් නෑ.
මුලු පන්තියටම කෙල්ලො ඉන්න ඇති 10ක් විතර. කොල්ලනම් ඒ වගේ දෙගුනෙටත් වැඩියි. ඉස්කෝලෙ ඇරිලා
ඇවිත් කස්ටියම පිස්සු
නට නට ඉන්න වෙලාව. මිස් එන්නත් වෙලාව ලං වෙලා. ඔන්න උදිත එයාගෙ සෙට් එකත් එක්කම එනවා පන්තියට. හිමින් ඔලුව උස්ස්ලා මා දිහා බලලා “අන්න
*** ඇවිත් ඔයාව හම්බ වෙන්න.” කිව්වා.
අර පිරිමි ලමයා ඇවිත් මාව හම්බ වෙන්න. “ඒ
මොකටද??” මාර ප්‍රශ්නෙ මට.”
දන්නෙ නෑ ඔයාම ගිහින් බලන්න.” ඔන්න මට හම්බ වුන උත්තරේ ඒකට.
මං ගියා මිස්ගෙ ගේට්ටුව ගාවට. මෙන්න බොලේ අර පිරිමි ලමයයි එයාගෙ යාලුවෙකුයි ඉන්නවා ඉස්සරහ. යාලුවත් අපි දන්න කියන කෙනෙක්. “මොකෝ මට එන්න කිව්වෙ?”. අදාළ පිරිමි ලමයගෙන් මට හම්බ වුනේ හිනා කටක් විතරයි. ඔය වෙනකොට මිසුත් පන්තියට ගිහින්. අනික් පිරිමි ලමයා අතක් ඉස්සුවා මගෙ ඔලුව ගාවට ගෙනිච්චා. ඔලුවට මොකක්ද වැදෙනවා දැනුනා. මෙන්න ඔලුවෙන් මොනවද බේරෙනවා. දෙයියෝ සාක්කි…. බිත්තර …..මට අර තර්ජනේ ගැන හාංකවිසියක්වත් මතක තිබුනෙ නෑ නෙ. නැත්නම් මං යයි එයාලව හම්බ වෙන්න.ගේට්ටුව ගාව ඉදන් මිස්ගෙ ගේ ඇතුලට කොහොම ගියාද කියලා මතකත් නෑ.
මං ගියා මිස්ගෙ ගේට්ටුව ගාවට. මෙන්න බොලේ අර පිරිමි ලමයයි එයාගෙ යාලුවෙකුයි ඉන්නවා ඉස්සරහ. යාලුවත් අපි දන්න කියන කෙනෙක්. “මොකෝ මට එන්න කිව්වෙ?”. අදාළ පිරිමි ලමයගෙන් මට හම්බ වුනේ හිනා කටක් විතරයි. ඔය වෙනකොට මිසුත් පන්තියට ගිහින්. අනික් පිරිමි ලමයා අතක් ඉස්සුවා මගෙ ඔලුව ගාවට ගෙනිච්චා. ඔලුවට මොකක්ද වැදෙනවා දැනුනා. මෙන්න ඔලුවෙන් මොනවද බේරෙනවා. දෙයියෝ සාක්කි…. බිත්තර …..මට අර තර්ජනේ ගැන හාංකවිසියක්වත් මතක තිබුනෙ නෑ නෙ. නැත්නම් මං යයි එයාලව හම්බ වෙන්න.ගේට්ටුව ගාව ඉදන් මිස්ගෙ ගේ ඇතුලට කොහොම ගියාද කියලා මතකත් නෑ.
හරි පුසුබයි. ඒත් ගොතපු
කොන්ඩෙ ලෙහන්න බෑනෙ. පුලු පුලුවන් විදිහට මිස්ලගෙ බාත් රූම් එකෙන් ඔලුව හේදුවා
සබනුත් ටිකක් දාලා.ඔන්න එතකොටම මිස්ගෙ අම්මත් බාත් රූම් එක හරියට ආවා.වෙලාවට වයස නිසාද කොහෙද එයාට බිත්තර ගද දැනුනෙ නෑ. :))) "ඈහ්..පුතේ ඔය කොන්ඩෙ අවුල් වෙලා නේද? පනාවක් ගේන්නද?" අම්මේ ආච්චිගෙ කටේ මසුරන් දාන්න වටිනවා ඒ කතාවට මං පැනපු ගමන් හා කිව්වා.එහෙන් මෙහෙන් කොන්ඩෙත් පීරගෙන "එක්ස්කියුස් මී මිස්" කියාගෙන පන්තියට ගියා. අර පනාවෙන් ඊට පස්සෙ පීරපු කෙනාට අබ සරණයි..:)
හෆ්ෆේ පන්තියට ගියා වගේ නෙවෙයි අහල පහල වාඩි වෙලා ඉන්න කෙල්ලො ටිකට නහය තියාගෙන ඉන්න බෑ පිළී ගඳ.වෙලාවට එකෙක් ගාව චූටි පර්ෆුයුම් කුප්පියක් තිබුනා.පන්තිය ඉවර වෙනකල් ඕක ඉවර කර කර හිටියා.ඉවර වෙලා බස් එකේ යන ගමන් තමා සිහි වුනේ යකෝ මේක උදිත දැන ගෙන ඉන්න ඇති නේද කියලා. මොනවා වුනත් තමුන්ගෙ යාලුවො දෙන්නනෙ.ඒ පාර මේකා කියනවා තර්ජනේ මට මතක ඇති කියලාලු හිතුවෙ. :S
වෙලාවට අම්මටත් ගඳ දැනුනෙ නෑ.එහෙමයි කියලා ඉතිං පහුවදාට එහෙමම ඉස්කෝලෙ යන්නයෑ.අම්මලා නිදා ගන්න යනකල් ඉදලා නාගත්ත,නැත්නම් උත්තර දීපල්ලකෝ දාහක් ප්‍රශ්න වලට.ඒ දවස් වල තාත්තත් ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ.අම්මයි නංගියි නිදා ගන්න කල් ඉදලා තමා මං පාඩම් කරන්න ගන්නෙ.කොහොම හරි එදා නානකොට පාන්දර 1ට විතර ඇති.තාත්තට රස්නෙ දෙන්න ගෙනල්ල තිබුන හීටරෙන් තමා ඔලුව වේල ගත්තෙ.
ඔන්න ඔහොම තමා නොමිලෙම මගේ කොන්ඩෙට සාත්තුවක් හම්බ වුනේ....:D
ප.ලි.
හෆ්ෆේ පන්තියට ගියා වගේ නෙවෙයි අහල පහල වාඩි වෙලා ඉන්න කෙල්ලො ටිකට නහය තියාගෙන ඉන්න බෑ පිළී ගඳ.වෙලාවට එකෙක් ගාව චූටි පර්ෆුයුම් කුප්පියක් තිබුනා.පන්තිය ඉවර වෙනකල් ඕක ඉවර කර කර හිටියා.ඉවර වෙලා බස් එකේ යන ගමන් තමා සිහි වුනේ යකෝ මේක උදිත දැන ගෙන ඉන්න ඇති නේද කියලා. මොනවා වුනත් තමුන්ගෙ යාලුවො දෙන්නනෙ.ඒ පාර මේකා කියනවා තර්ජනේ මට මතක ඇති කියලාලු හිතුවෙ. :S
වෙලාවට අම්මටත් ගඳ දැනුනෙ නෑ.එහෙමයි කියලා ඉතිං පහුවදාට එහෙමම ඉස්කෝලෙ යන්නයෑ.අම්මලා නිදා ගන්න යනකල් ඉදලා නාගත්ත,නැත්නම් උත්තර දීපල්ලකෝ දාහක් ප්‍රශ්න වලට.ඒ දවස් වල තාත්තත් ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ.අම්මයි නංගියි නිදා ගන්න කල් ඉදලා තමා මං පාඩම් කරන්න ගන්නෙ.කොහොම හරි එදා නානකොට පාන්දර 1ට විතර ඇති.තාත්තට රස්නෙ දෙන්න ගෙනල්ල තිබුන හීටරෙන් තමා ඔලුව වේල ගත්තෙ.
ඔන්න ඔහොම තමා නොමිලෙම මගේ කොන්ඩෙට සාත්තුවක් හම්බ වුනේ....:D
ප.ලි.
- එදා මිස්ට තේරෙන්නෙ නැතුව වගේ හිටියට මට දැන් හිතෙනවා.එදා මිස්ට තේරෙන්න ඇති මොකක් හරි ජල්බරියක් වෙලා තමා කියලා.ඇයි අප්පා නහය කඩා ගෙන යන පිළී ගඳ නොදැනෙන්න මිස්ගෙ නහය කුණු වෙලා නෑ නෙ.
- මේකේ අනික් කතා නායිකාවො දෙන්නම දැන් කසාද බැදලා.හැබැයි අදාළ පුද්ගලයානම් නෙවේ.අදාළ පුද්ගලයාටත් ප්‍රේමවන්තියෙක් ඉන්නවා.
- මගෙ ඔලුවට බිත්තරේ අත ඇරිය කොල්ල ගැනනම් මට සෑහෙන කාලයක් යනකල් හිතේ කේන්තියක් තිබුනා.කැම්පස් එකේදි සින්නෙක් විදිහට හම්බ වෙලා ටික කලක් යනකොට කේන්තිය අඩු වුනා. :)
අපොයි අක්කටනම් බිත්තර වලින් සෑහෙන අපලයක් තියනවා කේන්දරේ බලා ගත්තොත් මොකද?
ReplyDeleteහික්ස්..... මෙච්චරයි බිත්තර කතා.දැන් අපලෙ ඉවරයි...:)
ReplyDeleteහයියෝ සල්ලි ඔය හම්බුවෙලා තියෙන්නේ ඔම්ලට් එකක්....මට මේක කියවද්දි මතක් වුනේ අපේ ඉස්කෝලේ කෙල්ලෙක්ට තක්කලි ප්‍රහාරයක් වැදිච්ච එක ඇඟ පුරාවටම... මෙන්න බොලේ මේකි පහුවදා මාකට් එකෙන් කුණු තක්කලි ගෙනල්ලා ගහපු කොල්ලෙක්ගේ මූණේම ඇතිල්ලුවා අපිට පණ යන්න හිනා....බැලින්නම් අනික් එවුන්ටත් අඹ සරණයි.තනි කෙල්ලෙක් කොල්ලෝ හතර දෙනෙක්ට ගේම දීලා තැන් හතරකදි...ඊට පස්සේ තමයි කුණු බිත්තර ඔම්ලට් එක හම්බුනේ කෙල්ලට..මට මැවිලා පේනවා අක්කා හිටිය හැටි අර රබර් ගඳ නිකන් එනවා එනවා වගේනේ....(ඔයාට එකයි අර කෙල්ලට 5ක්ද කොහේදෝ වැදුණා මුළු ඇඟටම ආයේ හොදි ඕන්නෑ)
ReplyDeleteඅක්කට රිටන් එක දෙන්න හිතුනෙම නැද්ද ඉතින්
කියලා වැඩක් නෑ හොද ඔම්ලට් එක....
Deleteඅප්පේ ඔහොමත් කරනවද අහිංසක කෙල්ලන්ට. :O වෙලාවට මං රිටන් දෙන්න නොගියෙ. එහෙම වුනානම් ඊළගට මොනවා කරයිද දන්නෙ නෑ.
හිතුනෙම නෑ නේන්නම්.මොනවා වුනත් යාලුවො දෙන්නෙක්නෙ.රිටන් එක දෙන්න ගිහින් අනික් යාලුවො ටිකෙනුත් කන්න වුනොත්.:)
අක්කිට මාර ඉවසිමක්නේ තියෙන්නේ මට ඔහොම උනානම් මං ඔක්කෝම දමල ගහල ගෙදර ගිහින් දහ පාරක් වත් නාලා.. හොද වෙලාවට මං බිත්තර කාලා නෑ. දැන් ඉතින් හෙට කන්න වෙයිද දන්නෙ නෑ හික්ස්...........
ReplyDeleteහී හී....ඉවසීමනම් හොදට තියෙනවා තමා.අනික පොත් ටික පන්තියෙ තියෙද්දි කොහොම යන්නද??මිසුත් පන්තියේ නේ.
Deleteපරිස්සමින් එහෙනම් අද... :))
නංගි හිත හදා ගෙන තියන විදිය හරිම හොඳයි..."කොණ්ඩෙට නොමිලේ සාත්තුවක්" :))
ReplyDeleteහික්ස්... වෙන මොනවා කරන්ටද අක්කා එහෙමවත් හිත හදා ගන්නවා මිසක..:))
Deleteනාන කාමර එහෙම තියෙන, ගෙදරක පන්තියක් හින්දම හොඳා. කොහොමද ඔය පහසුකම්, නැති තැනක පන්තියක් වුනා නං, සනීපෙ ? :-)
ReplyDeleteහෆොයි වෙලාවට එහෙම පන්ති සෙට් වුනේම නෑ ඔබා මාමෙ.නැත්නම් වතුර බෝතල් පිහිට තමා..:))
Deleteමාර පලිගැනිල්ල නේ, හිකිස් !!
ReplyDeleteඒකනෙ..බලන්නකො...
Deleteබූඩිගේ වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් දාන්න බැරියෝ :(
ReplyDeleteඒ මොකද අනේ...:(((
Deleteමට නම් ඔය කරපුදේට රිටර්න් එක දෙනකම් නින්ද යන්නෙ නෑ.ආය කොල්ලො කියල බලන්නෙ නෑ මම නම්.
ReplyDeleteහප්පේ අක්කගෙ සැර... මං නම් සද්දෙ වහලා හිටියා..
Deleteඕකනෙ කියන්නෙ නිසූ ප්‍රේම කතාවල අහල පහල සිටීමෙන් ප්‍රේමයත් මිතුරාත් දෙකම නැතිවේ කියලා..
ReplyDeleteඒකනම් සහතික ඇත්ත අක්කා.. වෙලාවට මිතුරා නැති වුනේ නෑ..:)
Deleteඔයාට නම් ඒ කාලෙ බිත්තර වලින් හෙන අපලයක් තිබිලද කොහෙද... හික්...හික්...හික්... පිළී ගඳ ගහ ගහ හිටිය කියන්නෙ...ආපෝ....
ReplyDeleteමාත් ඔය ඉස්කෝලෙ යන කාලෙ කිහිප සැරයක් එකෙක්කෙනා අහනකොට ගෙඩිය පිටින් දෙන්න ගිහින් යාළුවො මැදට පැනල කොළේ වහල තියෙනවා... ඒ කියන්නෙ මාත් මේ වගේ සංග්‍රහ වලින් ගැලවෙන්නැති ඒක හින්දා.... හපොයි දෙයියනේ... මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ....
ඔව් අක්කා.ඉස්කූල් බස් එකට ගහන කොට නූලෙන් බේරුන අවස්තාත් ගොඩයි.දැන් නම් හිනා යනවා.:))
Deleteවෙලාවට අක්කට එහෙම යාලුවො හිටියෙ.මට නම් ඔය වුනාමයි.අක්කත් එහෙනම් නූලෙන් බේරිලා තියෙන්නෙ.වෙලාව හොදයි අක්කගෙ. :)
ශා නියම සාත්තුවක්නෙ හම්බවෙලා තියෙන්නෙ . මෙක කියවද්දි මටත් කතාවක් මතක් උනා බිග් මැච් කාලෙ
ReplyDeleteනොමිලේ සාත්තුව... :))) ලියමුකො බලන්න.... :))
Deleteමං හිතුවෙ අක්ක කොන්ඩෙට දෙන බිත්තර සත්කාරයක් ගැන ලියල කියල. ඔය හම්බෙල තියෙන්නෙ නියම සත්කාරයක්.......:))))
ReplyDeleteඅනේ නෑ පිස්ස මලේ... ඕව වැඩිය මං දන්නෙ නැතෝ... හොදම සත්කාරක් ලැබුනා.. :))
Deleteඔය හම්බ වෙලා තියෙන්නේ... :)
ReplyDeleteඌ කරපු දේනම් හරි පහත් වැඩක්
පස්සේ කාලෙකවත් ඌ ඒ ගැන සමාව ඉල්ලුවේ නැද්ද
හික්ස්..... හම්බුනා හම්බුනා....:))
Deleteහ්ම්.... නෑ නෙ.දැන් නම් මතකත් නැතුව ඇති.
කතා නායිකාවෝ දෙන්නම බැඳලා? හෑ ඒ කවුද කතා නායකයෝ දෙන්නා?
ReplyDeleteකතා නායකයො දෙන්නා තාම තනිකඩයි... ඉස්සෙල්ලා යාලු වෙලා හිටපු කෙල්ලයි,කොල්ලා බැල්මට් දාපු කෙල්ලයි දෙන්නම් බැදලා.
Deleteමගේ බ්ලොග් එකේ නං ඉස්සෙල්ල වතාවෙත් පෙන්නුව
ReplyDeleteඒ වැරදුන පාරනෙ ඔබා මාමෙ...:)ඔක්කොම ලියපු එක පෙන්නුවෙ නෑ.
Deleteඅනේ අක්කගේ කොන්ඩේ හොදට ඇදෙන්න ඇති නේද? අපරාදේ සතියකට වරක් එහෙම උදව්වක් කරන කෙනෙක් අපිට හොයා ගන්න නෑ නේ.
ReplyDeleteඇදෙන්න ඇති කිව්වෙ වැවෙන එක ගැනද???...නෑ නංගි එහෙම වුනේ නෑ නෙ..:((
Deleteඑහම වුනොත් නම් හොදට වැවෙයි...:))
එතකොට අනේ ඇදෙනවා කියන එකත් මේ අපේ ගාල්ලේ බාෂාවෙ වචනයක්ද? ෂිකේ නානවා කියලා මෙහෙමත් නානවද?
Deleteබිත්තරේ කාල බේරුනා මදැයි... මාළුව නහින්නෙ කට හින්දයි කියනවනෙ... :)
ReplyDeleteඒකනම් ඇත්ත අප්පා. ආයෙත් නම් ඒ වගෙ වැඩ කලේ නෑ. :))
Deleteෂික්... බිත්තර රෝල්ස් අරන්දෙන්න වටින information ටිකක් දුන්න ඔයාට කරලා තියන දේ,
ReplyDeleteඒකනෙ බලන්නකෝ.....:((
Deleteමෙයාට බිත්තර වලින් අපලයි වගේ... මේ කෝකටත් පරිස්සමෙන්.. කොහොමද අද ගෙදර යද්දි කුණු බිත්තරයක් සෙට් උනොත් හික් හික් හික්...
ReplyDeleteවෙලාවට දැන් අපලෙ ඉවරයි. :))) ඔයින් පස්සෙ එකක්වත් සෙට් වුනේ නෑ.මන් බයේ හිටියෙ ඔයා කියපු නිසාම සෙට් වුනොත් කියලා.
Deleteඅලේ.. මටත් ඔය පෝස්ට් එක බලන්න ආවට බැරිවුනානෙ.. දැන් තමා හලි..:D
ReplyDeleteහික්ස්ස්.. අහෝ ඛේදයකි!!! යාලුවෝ නිසා බිත්තර සාත්තුවක් ලැබිලා.. ඊයා හෆ්ෆා.. ගද එද්දි කොහොම ඉන්න ඇද්ද...
කලින් දවසක වැරදිලා පබ්ලිශ් වුනා නංගි.ඒ නිසා වෙන්න ඇති බලන්න බැරි වුනේ.:))
Deleteඛේදයක්දත් අහනවා.දැන් නම් ගානක් නෑ.
මට වඩා මට දුක හිතුනෙ වටේ හිටපු සෙට් එක ගැන.කොච්චර දුකක් විදින්න ඇද්ද...
බිත්තර්ත් එක්ක අක්කගේ මොකක් හරි තරහක් තියෙනවද?
ReplyDeleteමට මේක අප්ඩේට් වෙලා නෑනේ.. පස්සේ දාපු මගපෙන්වීමෙන් තමයි ආවේ.. මට පේන්නේ අක්කා එක්කත් ගූගල් දෙයියෝ කෝප වෙලා වගේ..
බිත්තර මාත් එක්ක තරහයිද කොහෙද මල්ලි...:)))
Deleteඒකනෙ..මං බැලුවා කට්ටිය නැත්තෙ මොකද කියලා.ඒ වගේ මල්ලි.සමහර වෙලාවට කමෙන්ට් බොක්ස් එක දෙන්නෙත් නෑ.:(
ඉතින් අක්කා ගේම අතඇරියද?
ReplyDeleteදෙන්නනේ තිබුනේ හොඳවයින් රිටර්න් එකක්..
මටත් ඔය වගේ වොර්නින් ගොඩක් ඇවිත් තියෙනවා, යාලුවොන්ට උදව් කරන්න ගිහින්. ඒත් ඉතින් ඒ වොර්නින් ඔක්කොම පුස් වෙඩි වගේ.. හිකිස්..
ඔව් නෙ.අතඇරියා.රිටන් එක දෙන්න ගිහින් ආයෙ ගේමක් සෙට් වුනොත්...:))
Deleteවෙලාවට ඒවා පුස් ඒවා වුනේ.. නැත්නම් මොන වගේ දේවල් සෙට් වෙයිද දන්නෙ නෑ...:)))
කේලම් කියන්න ගියාට හොද වැඩේ :)
ReplyDeleteහික්ස්...... ඒකනෙ... :)
Deleteජැනට් නැන්ද කීව බිත්තර දාන එකත් හොදයි කියලා.. ඒ කිව්වෙ කිකිලි දාන විදිහට නෙවේ..
ReplyDeleteඔලුවට දාන්න කියල කීවේ..
;)
ඔව් ඔව් බිත්තර කොන්ඩෙට හොදයි නේන්නම්.කොන්ඩෙ දිස්නෙ ගහනවාලු...:))
Deleteබිත්තර නිසූපා....!!!
ReplyDeleteඅනේ මේ මාලුවෝ.....:P
DeletePantene Pro V වලත් ඔය බිත්තරනේ තියෙනවා කියන්නේ.. හිකිස්...
ReplyDeleteඒක හින්දා අවුලක් නෑ නේ අක්කේ..ෆ්‍රී ඔෆ් චාර්ජ් විටමින් හම්බු වෙලා ;)
හිකිස්... ඒකනම් ඇත්ත.ඒත් ඉතිං Pantene සුවදයි නෙ.බිත්තර වල ගද තම අවුල...
Deleteනැත්නම් කිසි පුස්නයක් නෑ...
බිත්තර නෙමෙයි නිල් වතුර පාරක මතකයක් නම් තියේ හෙහ් හෙහ්
ReplyDeleteහී හී..මාත් නිල් වතුර කාලා තියෙනවා.පන්තියක් ඉවර වෙන දවසක.
Deleteමම දාපු කමෙන්ට් ඒක කෝ.
ReplyDeleteඔයාගෙ කමෙන්ට් එකක් ආවෙ නෑ නෙ. මේක විතරයි ආවෙ...o_O
Deleteඑහෙනං ඒ කමෙන්ට් එක ඕනේ නැහැ කියල හිතුනා.
Deleteඅලේ මොනවද අනේ කිව්වෙ???
Deleteඅපොයි දරුණු ප්‍රතිප්‍රහාරයක් නේ ලැබිලා තියෙන්නේ. මම හිතුවා මේ අක්ක බියුටි කචල් සීන් එකක් කරන්න ගිය කතාවක් කියලා.:D
ReplyDeleteකියලා වැඩක් නෑ මල්ලි.නියම යාලුවො.මොන බ්යුටි කචල්ද..(කොහොමත් කචල් තමා..;) )
Deleteදැන් නම් ලංකාවේ බිත්තර හරි ගණන් කියල කව්ද කිව්වා.
ReplyDeleteබලන්න, ඒ අතින් ඒ ළමය ඔයාට කොයි තරම් උදව්වක්ද කරලා තියෙන්නේ? නොමිලේම සාත්තුවක් දීලනේ. එයාට තෑන්ක් කරන්න බිත්තර රොටියක්වත් කටේ එබුවේ නැද්ද?? :D
මේ ඉස්සර කාලෙ අක්කෙ. ඒ කාලෙ නම් ගනන් නැද්ද කොහෙද එච්චර...
Deleteබිත්තර රොයටියක් ඔබන එක හොද වැඩියි වගේ.
හෆොයි ඇති ඔයිං ගියා , මේ පිලිබදව මුකුත්ම නොකියමි (මං මේ ලගදි අපේ අක්කිගෙ යාලුවෙක් ට සැගව සිට බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා , මේ ගෑනි මාව කියල දැනගෙන හොදවයින් 2 ක මට කියල දුන්නා)
ReplyDeleteඅනේ අනේ පොඩ්ඩත් කරලා තියෙනව වැඩ. අක්කගෙ යාලුවන්ට ඔහොම දේවල් කරන ගියේ මොකටද?? ගෙදරට ආරංචිය ගියේ නැද්ද??
Deleteඅපරාදේ.. ජුන්ඩෙක් විදියට හම්බ උණා නම් පොඩි වාත කෑල්ලක් දෙන්න තිබුණා නේ...
ReplyDeleteඈහ්... තේරුනේ නෑ වගේ.....
Deleteහප්පා ලව් වලට සපෝට් කරන්න ගියාම ඔහොම තමයි අක්කෙ. බිත්තර පාරක් කාල බේරුනා මදැයි.
ReplyDeleteකියලා වැඩක් නෑ මල්ලි.ආයෙත් ඔහොම දෙයක් කරන්නෙ නෑ.තව මොනවා කන්න වෙයිද දන්නෙ නෑ නෙ..
Deleteඔව්නේ අක්කා.. ඔයාගේ පෝස්ට් එක මම කියවන්න හදන හැම වෙලේම පේජ් නොට් ෆවුන්ඩ් තමා වැටුණේ... ඔන්න ආව...
ReplyDeleteබිත්තර ගෑවම හරි සුවඳයි නේ.. ආසාවෙන් ඉන්න ඇත්තේ අක්කා.. හයියෝ... ගෙදර පන්තිය නිසා හොඳට ගියා....
ඇති යන්තම්.. මට තේරුනා මොකක් හරි අවුලක් තමා කියලා..:))
Deleteකියලා වැඩක් නෑ මරු සුවද..:)) හරි ආසාවෙන් හිටියෙ. ගෙදර කිව්වෙ මිස්ගෙ ගෙදර.බස් දෙකක යන්න ඕනෙ ගෙදර යන්න.
අපෝ ඔය කාලේ කොල්ලන්ට තිබුන ලොකුම ආයුධේ තමයි බිත්තර . මොකක්දෝ හුටපටෙකට අපේ ස්කුල් බස් එකටත් වෙස්ලි එක ලඟදි බිත්තර ගැහුවා . අහිංසක අපිටත් වැදුනනේ
ReplyDeleteකියලා වැඩක් නෑ..කුනු කරලා ගහන්නෙ නැතුව ෆ්‍රෙශ් ඒවා ගහපුවාගෙන් හොදට ගියා. නැත්නම් කොහොම වෙයිද ගද.
Deleteමේ පෝස්ට් එක මුලින්ම නොට් ෆවුන්ඩ් කියලා ආවා දවස් දෙකතුකන්ම, දැන් නම් හරි දෙවනිපාර දාපු පෝස්ට් එකේ ලින්ක් එකෙන් එන්න පුළුවන්.
ReplyDeleteකමක් නෑ බිත්රයක් නේ හිසට ප්‍රෝටීන් පාරක්. ගල් ගෙඩියක් නොවී බිත්තරයක් වෙච්ච එක ලොකු දෙයක්. කොහොමටත් යාලුවා බේරගත්තානේ.
ඇති යන්තම්.මට හැබැයි ඉස්සෙල්ලා වැරදිලා පබ්ලිශ් වුනා.ඒක නිසා වෙන්න ඇති කලින් නොට් ෆවුන්ඩ් කියලා ආවෙ.
Deleteහ්ම්... ඔව් හැබැයි ගල් ගෙඩියක් නොවුන එක ලොකු දෙයක් තමා. :D නැත්නම් ලේ පෙරාගෙන පන්තියට යන්න වෙන්නෙ.
ටික කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. නිසුප බිත්තර කතමයි කියන්නෙ නේද?
ReplyDeleteටිකක් කියවගෙන යනකොට තමා තේරුනේ මේ කියන්නෙ කවුරු ගැනද කියල.
මගෙ 1 වසරෙ ඉඳල හිටපු යෙහෙලියක් හා 4 වසරෙ ඉඳල හිටපු යාළුවෙක් ගැන කතාවනෙ. :D
අම්මෝ කාලෙකින් දැක්කෙ. නෑ නෑ මේ අන්තිම එක.
Deleteහික්ස්.... බිත්තරේ ඔලුවට අත ඇරපු එකාවත් මතක් වුනාද?? :D
ඔයා ඉතිං මේ අයව පොඩි කාලෙ ඉදලා දන්නවානෙ. මං දැන ගත්තෙ මෙහාට ආවට පස්සෙන
හෙහ් අනේ පව් අෆ්ෆා..
ReplyDeleteඒකනෙ අනේ...:(
Deleteකට වැඩි ලව් වලට උදලු දාන කෙල්ලන්ට හොද වැඩේ.. සාධු සාධු,,
ReplyDeleteඔන්න කිව්වා… එකක් සෙට් කරලා තමා වැඩේ වුනේ… :P
Deleteඇත්තම කිව්වොත් මට මුලදිම කම්මැලි හිතුනා කියවන්න මාතෘකාව දැක්කාම. මොකද කෙලි බොග් (සොරි, බ්ලොග්) එකක ඔලුවට බිත්තර සාත්තුවක් දෙන බියුටි කචල් රෙසිපියක් වෙන්න ඇති කියලා.
ReplyDeleteපස්සෙනෙ මීටර් වුනේ.
අරූ මහ ආධුනිකයෙක් නිසූපා. මම නම් කරන්නෙ ටෝච් එකක් අරගෙන සුදු බිත්තරවලට පිටිපස්සෙන් ගහලා ස්කෑන් කරලා හොයාගන්නවා කලු පැල්ලමක් තියෙන එකක්. ඒකෙන් ගහන්නෙ ඔයාට ඈත ඉඳලා. මොකද ඒක explode වෙලා මගෙ ඇඟටත් වීසිවෙන නිසා. කරන බලු වැඩේ උනත් හරියට කරන්න ඕනෙ.
දැන් නිසූපා මට බනින එක නවත්තන්නකො. දැන් ඔයාට පුලුවන්නෙ ඔය විදියට රිටර්න් එක දෙන්න. තව සිස්ටම් ඕනෙ තරම්. ඕනෙ නම් කියන්න.
henryblogwalker the Dude
වෙලාවට මාතෘකාව විතරක් කියවන්නෙ නැතුව පෝස්ට් එකම කියෙව්වෙ.බියුටි කචල් නම් මේකෙ ලියවෙන්නෙ නෑ.
Deleteකලු පැල්ලමක් තියෙන ඒවගෙන් මොකෝ වෙන්නෙ.තේරෙන්නෙ නෑ නෙ.
බැන්නෙ නම් නැතෝ.හිනා ගියෝ.අනෙ අම්මෝ රිටන් දෙන්න දැන් ප්‍රධාන පිරිමි චරිතය රටෙත් නෑ. බිත්තරේ ඔලුවට අත ඇරපු එකානම් ඉන්නවා.ඒත් හම්බ වෙන්නෙ නෑ. අපොයි වෙන සිස්ටම් ඕනෙ නැතෝ...
හපොයි ඉන්ජෙක් නේද? කුණු බිත්තරවලට පිටිපස්සෙන හොඳට එලිය තියෙන ටෝච් එකක් ගහලා බැලුවම කහ මදේ කලු පැල්ලමක් වගෙ පේන්නෙ. මේක කරන්න පුලුවන් සුදු කට්ට තියෙන බිත්තර වලට විතරයි.
Deletehenryblogwalker the Dude
අම්මො පව්කාර ගුරා ඒ කාලේ අහිංසක කෙල්ලො කීදෙනෙක්ට බීත්තර ගැහුවද
Deleteහිකිස්...... මට නම් මේක ගොඩාක් මිස් වෙලා.. මොකද මන්දා.... අනේ මන්දා අක්කාටත් වෙන වෑඩ.... ඒත් ඔහොම දේවල් නොවුන එහෙම කාලයකිනුත් වෑඩක් නෑනේ නේද?
ReplyDeleteදෑන් ඔය මල් පුදින්නේ නෑද්ද?
ඒ මොකෝ ඒ??? කමක් නෑ දැන් ආවා නෙ. ඒකනම් ඇත්ත මල්ලි.මතක් වෙනකොට දැන් හිනා යනවා.
Deleteමොන මල්ද අනේ අහන්නෙ??
චී චී චී වැඩේ කැතයි. කෙල්ලන්ට ඔහොමත් බිත්තර ගහනවද ???
ReplyDeleteනංගි මට බ්ලොග් එක මිස් වෙනවා මොකද මන්දා
ReplyDelete