expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Saturday, February 18, 2012

෴වැලන්ටයින් ඛේදවාචක෴

                             කොහොමද කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවාද.??? ආදරය කරන අයට විසේස දවසකුත් පහු වුනා නේද???? කොහොමද කස්ටිය සැමරුවද????මහින්ද මාමානම් ලෙසටම දුන්නා නේද තෑගි...:D කොහොම වුනත් මගේ නම් හැගීම ඕක මහ ලොකුවට හිතට අරගෙන කඩ කාරයයින්ව පෝසත් කරන්න ඕනෙ නෑ කියන එක.කඩ කාරයො මදෑයි, FM කාරයොත් ඉන්නවනෙ දැන්.ප්ලේන් එකෙන් කොහෙදෝ මන්දා දූපතකට ගෙනියනවාලු.එතනදි ජීවිතේට අමතක වෙන්නෙ නැති  අත්දැකීම් ගන්න පුලුවන්ලු,හොද කෑමක් දෙනවාලු.මරු සුරන්ගනා කතා ගොඩයි.අනේ අර සාන්ත වැලන්ටයින් තුමා හිටියානම් මොකක් කරගනියිද දන්නෙ නෑ....:D


                               අපි ඉස්කෝලෙ යන කාලෙ නම් වැඩිය විච්චූරන කලා කියලා මතකයක් නෑ ඔය වැලන්ටයින් එකට.ඒත් ඉති චෙක් කිරිල්ලනම් තිබුනා.බෑග් ඇදලා චොක්ලට්,කාඩ් එකක් හොයා ගන්න ප්‍රිෆෙක්ට අක්කලා මාරම ආසයි.ඊට පස්සෙ ඉති ඒවා එයාලගෙ සාක්කුවෙ තමා.: කොහොම හරි ඉස්කෝලෙ ඇතුලට ගෙනාවොත් කස්ටිය පුලු පුලුවන් තැන් වල හංගලා තියනවා පස්සෙ එකතු වෙලා කන්න.ඔය මොන දේ කලත් වැඩිය දුර දිග ඒවා නම් මට මතක විදිහට අහු වෙලා නෑ කවදාවත්.ඒත් ඒකට දැන් පබ්ලිසිටය වැඩි නිසා පොඩි එවුන් පවා දන්නවා 14 වෙනිදා කියන්නෙ රතු පාට හාට්, මල් පුරවගෙන කරන විකාරයක් කියලා හිතනවා ඇති.ඔය වැඩේ නිසා පුන්චි හිත් දූෂණය වෙලාද මන්දා කියලත් හිතෙනවා.....හ්ම්......





            මං මේ අද කියන්න යන කතාව ඇහුවෙ මං බෙහෙත් ගන්න යන තැන දොස්තර මහත්තයෙක්ගෙන්.දිනය හරියට 14 වෙනිදා.කලින්ම ප්ලේස් එකට ගිය නිසා තාත්තයි මායි විතරයි ඇවිත් හිටියෙ.මේ දොස්තරගෙ පොඩිම දුව යන්නෙ කොළඹ තියෙන සාමාන්‍යයෙන් ප්‍රසිද්ද බාලිකා පාසලකට.එදා දවසෙ ඒ විදුහල්පතිනිය හොදට හිතලා බලලා වෑඩක් කරලා තිබුනා.ඉස්කෝලෙ  පටන්ගෙන නමුත් මාක් කලාට පස්සෙ විදිහල්පතිනිය රෙජිස්ටර් ඔක්කොම ටික කාර්යාලයට ගෙන්නගෙන.. 

                 මොකට කියලාද හිතන්නෙ.හරියට හරි.....ආපු නැති අයගෙ නම් ටික චෙක් කරන්න.චෙක් කරලා තියෙන්නෙත් 10 වසරෙන් උඩ පන්ති වල තමා.හොදම වයසනෙ නේද??... ඒ වැඩේ ඉවර වෙලා විදුහල්පතිතුමිය  ආපු නැති ලමයින්ගෙ ගෙවල් වලට කෝල් කරලා අහලා ලමයා ඉස්කෝලෙ ආවෙ නැත්තෙ මොකෝ කියලා.එහෙම කරගෙන යද්දි එක ලමයෙක් ගෙදරින් පිටත් වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ යනවා කියලා.ඔන්න අහු වුනා හොරේ..... 


                 විදුහල්පතිතුමියත් පැලෑනක් ක්‍රියාත්මක කරලා.කෙල්ලගෙ හොදම යාලුවා ලවා කෝල් එකක් දීලා.බැලින්නම් කෙල්ලගෙ ෆෝන් එක ඕෆ්.ඒ පාර කෙල්ලගෙ කොල්ලට අරගෙන.ශේප් එකේ කතා කරලා.බැලින්නම් දෙන්නත් එක්ක හොටෙල් රූම් එකකලු.විදුහල්පතිතුමිය පොලීසියෙ ඇන්ට්‍රියකුත් දාලා පොලීසියත් එක්කම ගිහින් ගෑණු ලමයව පොලීසියට ගෙනල්ලා, ගෑණු ලමයගෙ අම්මට කතා කරලා ගිහින් ලමයව එක්කගෙන ගෙදර යන්ඩ කියලා.


                අනේ ඒ අම්මට මොනවා හිතෙන්න ඇතිද නේද??බැලින්නම් ඒ ගෑණු ලමයගෙ අක්කත් පැනලා ගිහිල්ලා.ඒ හිතේ අමාරුවට අම්මට පොඩි මානසික ආබාධයකටත් ලක් වෙලා ඉදලා තියෙන්නෙ.මදෑ කොරේ පිටට මරේ කියලා මේකත් දැනගත්තාම.:((( මොනවා හිතෙන්න ඇත්ද නේද?? දැන් විදුහල්පතිතුමිය ගන්න හදන ක්‍රියාමාර්ගෙ තමා මේ ලමයව අයින් කරලා දාන එක ඉස්කෝලෙන්.ඒත් මට මේ කතාව කියපු දොස්තර මහත්තයා ඇතුලු දෙමව්පියෝ ටිකක් කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා.මොකද මේ වගේ හේතුවකට ලමයෙක් අයින් කලාම වෙන ඉස්කෝලෙකට ගන්න තියෙන චාන්ස් එක අඩු නිසා.


                         ඒත් විදුහල්පතිතුමිය කියන කතාවත් ඇත්ත.එයා කියන්නෙ එක ලමයෙක් ඔහොම දෙයක් කරලා එයාව තියාගත්තොත් අනික් ලමයි දාස් ගානකට ඒකෙන් ලැබෙන ආදර්ශය මොකක්ද කියන එක.ඒකත් සෑහෙන ඇත්ත කතාවක්.ඉති දැන් විදුහල්පතිතුමියයි දෙමව්පියොයි එකතු වෙලා ටිකක් ගමකට වගේ වෙන්න පාසලක් හොයා දෙන්නයි යන්නෙ.

ඔන්න ඔහොමයි වැලන්ටයින්.......
 

116 comments:

  1. ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් නිසා පොඩි හිත් අපිරිසිදු වෙනවා. එතකොට මේ වගේ හෝටල් කාමර ගානේ යන කතා එහෙමත් අහන්න දකින්න වෙනවා.

    අද කාලේ අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ දරුවෙක්ව හොදට හදාගන්න එක !!!

    කොටින්ම එෆ්. එම් මාධ්‍ය වලින්ම දෙන ප්‍රචාර වලට අහු වෙන්නෙම ඉස්කෝලේ යන පොඩි ඈයෝ !!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මල්ලි..

      මොලේ තියෙන ලොකු මිනිස්සු ඕවට වැඩිය අහු වෙන්නෙ නෑ නෙ. :)

      Delete
  2. අම්මෝ ඉස්සර මතකයි අපෙත් ඔහොම බෑග් චෙක් කොලා. අපිත් පස්සේ කාලෙක අනිත් ළමයින්ගේ බෑග් චෙක් කොලා. 14 වෙනිදා නෙමෙයි ඕක කරන්නේ 15 නැත්තම් 13 :ඩි

    ඇත්තටම අපේ ඉස්කොලවලත් ඔහොම සිදුවීම් වෙලා තියෙනවා. එත ප්‍රින්සිපල් අනුව දඩුවම් වෙනස් උනා. ඒ ගැන නම් කතා නොකර ඉන්න එක හොදයි

    ReplyDelete
    Replies
    1. අන්න මොලේ තියෙන ප්‍රිෆෙක්ට් අක්කලා. :D
      හැබැයි අවුරුදු කීපයක් කරද්දි වැඩේ මාට්ටු නේද??

      හ්ම්.... එහෙනම් කතා නොකර ඉමු..

      Delete
    2. ඔව් ඔව් එතකොට කැරෙන්නේ බෑග් වල චෙක් කරන එක නෙමෙයි, බිත්තිවල අලවලා තියෙන පෝස්ටර් එහෙම ගලවලා බලනවා. ඕවා අතුලිනුත් ලියුම් හම්බෙනවා :ඩි

      Delete
    3. හොරුන්ව පොලිසියට ගත්තහම, එලියෙ ඉන්න හොරුන්ට වැලේ වැල් නෑ... හිකිස්.......

      Delete
  3. ළමයෙක් එහෙම වෙනවා ඒකට පාදක වෙච්චි හේතු මොනවද කියලා හොයන්න ඕනේ. ගෑණු ළමයාගේ අක්කත් එහෙම දෙයක් කලා නම් ඒ නිසා අම්මා මානසික පීඩනයකට පත් වෙලා නම්.., අනිවාර්යයෙන් ම ඉන් ඇති වෙන මවකගෙන් පියකුගෙන් ලැබියයුතු සෙනෙහස ආරක්ෂාව අවධානය වෙන තැනකට විතැන් වීම හේතු කරගෙන සමහර විට දරුවාගේ ජීවිතය තුල ආදරය සෙනෙහස සම්බඳව ජීවිතය තුල රික්තකයක් හැදෙන්න ඇති.., ඒ හිඩස පුරවා ගන්නට වෙන කෙනෙකුගෙන් හෝ අර අහිමි වෙනස් සෙනෙහස හොයන්න යාම තුල මේ වගේ දේවල් වෙන්න ඉඩ කඩ ඇති වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
    අපි නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරොවෙන් කපන්නට ඉඩ නොතැබීම තුල මේ වගේ දේ වලට ඉඩකඩ ඇතිවීම යම් ලෙසකින් හරි වළක්වාගන්නට පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ..,
    හොඳ ලිපියක්..,
    ස්තූතියි.
    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකත් ඇත්ත.අම්මගෙ තාත්තගෙ ආදරේ උපරිම ලැබුනානම් මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩු බවයි මගෙත් විස්වාසය.ආදරේ හොයාගෙන ගියාට හම්බ වුනේ නියම ආදරේ නෙවෙයිනම් පසු කාලීනව එයා ඔයිටත් වඩා විදවයි.ඒ වෙනකොට අම්මලා තාත්තලා එයාගෙන් ගොඩක් දුරස් වෙලා නම් කොහේ ගිහින් නතර වෙයිද දන්නෙ නෑ.
      ස්තූතියි ඔබටත්

      Delete
  4. ඇයි දැන් හැමෝම ආදරේ පටන් ගන්න රූම් වලටම යන්නේ කියල මම කොහේද බ්ලොග් එකක දැක්කා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාරක නිකන් වත් කතා කරන්නවත් නිදහසක් නෑ නේද??

    මෙහෙ අපේ මල්ලිලගෙ ස්කෝලේ, 14 වෙනිද රෝස මල් විකුණන්න තැනක් දාලා, මලක් සත 50යි ලු. අනිවාර්යයෙන්ම හැම ලමයම මලක් අරන් ස්කෝලෙ කාට හරි දෙන්න ඕනෙලු... ඔහොම තමයි මේහෙ වැලන්ටයින් සමරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි.ඒත් කතා කරන්න දැන්නම් හම්බ වෙන්නම ඕනෙ නෑ නේ.ෆොන් තියෙනවානෙ දැන් ඕනෙ පොඩි එකෙක් ගාව. :))

      හැබෑටම මොකක්ද අප්පේ ඒ ඉස්කෝලෙ.මං පත්තරේක දැක්කා මොකක්ද මන්දා රටක වැලන්ටයින්දවස තහනම් කරලා.අධිරාජයාව සිහි කරන්න කිව්වලු.

      Delete
  5. මේ සැරේ වැලන්ටයින්දා අපි දන්න කියන අවුරුදු 16ක ගෑනු ලමයෙක් පැනල ගිහින්.දැන් ඒ කොල්ලගෙ කට්ටිය එයාව භාර ගන්න බෑ කියනවලු.බැදලත් නෑ.බදින්නත් බෑනේ.ඔන්න වෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං අනාගතේ... දන්න හැමෝම දැන් බලන්නෙ මේ පැනල ගිය කෙල්ලෙක් කියලානෙ.බදින්න වයස සම්පූර්නවත් නම් තව කමක් නෑ.

      Delete
  6. ප්‍රින්සිපල් නෝනා ගත්ත ක්‍රියාමර්ගය එයගෙ පැත්තෙන් හරි වෙන්න පුළුවන් ඒ උනාට ගත්ත ස්පීඩ් එක වැඩියි. වැලන්ටයින් දවසට විතරක් නෙවේ පනින එකා කොහොමටත් පනිනවානේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි පනින එකාටනම් දවසක් කියල විශේෂයක් නෑ තමයි.ඔය ලමයා වෙන පාසලකට ගියත් කට්ටිය හොයනවානෙ ඇයි මෙයා කලින් එකෙන් අයින් වුනේ කියලා.

      Delete
  7. මදෑ කොළා.


    අපේ හොඳ වෙලාවටද , නරක වෙලාවටද, මන්ද අපි ඉස්කෝලෙ යන කාලේ වැලා ලංකා භූමියට ගොඩ බැහැල හිටියෙ නෑ...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. මං නම් හිතන්නෙ හොද වෙලාවට ඔබා මාමෙ.නැත්නම් ඔබා මාමත් කීයක් වියදම් කරයිද ඔබී නැන්දට තෑගි දෙන්න.. :D

      Delete
  8. මහින්ද මාමා නම් හොදට වැලන්ටයින් දුන්නනේ අක්කේ..ඒ හින්දා වෙනම කියලා සමරන්න ඕන නැහැ , සමරන අයට :D
    ඔය මෑතකදීත් ඉස්කෝලෙකින් ළමයෙක් අයින් කරන්න ගිහින් ලොකු කරදරයක් උනා මතකද , ඔය දේවල් කරනකොට ගොඩක් හිතලා බලලා කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මල්ලි ඒවානම්.තාමත් තෑගි හම්බ වෙනවානෙ. :)))

      හ්ම්... අනේ මන්දා මේවා නම් කොහෙ කෙලවර කරයිද කියලා.ලමයගෙ අනාගතේ මොනවා වෙයිද දන්නෙ නෑ. :(

      Delete
  9. විදුහල්පතිය ගත්තු පියවර දරුණු වැඩියි. කෙල්ලෙක් එක්ක කාමරේකට නොගියත් වෙනැ කේස් එකකට කට් කරල මාට්ටු වෙලා ඉස්කෝලෙන් අස් කරපු එකෙක් හැටියටයි මම කියන්නෙ. ඔයිට වඩා සධාරනව හිතන්න ඕන. වැරැද්දට දෙන දඬුවම කෙනෙක් හදන්න මිස නැති කරන්න දෙන එකක් නොවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත.ඒ ලමයට මොනවා හිතෙනවා ඇද්ද.හරි මග පෙන්වීමක් නැති නිසා වෙන්න ඇති එහෙම දෙයක් වුනෙත්.පවඋල් පසුබිමත් බලලා සාදාරණ තීන්දුවක් ගන්න තිබුනා.

      Delete
  10. දැන් කාලේ හැදෙන එවුන් ගැන කතා කරලා වැඩක් නෑ. කිසිම ඉවසීමක් නෑ. උන්ට ඕනේ ඉක්මනට විඳලා... ඊට වැඩිය ඉක්මනට විඳවන්න ගන්න...

    නියම ලිපියක්.

    (අම්මපා මේකි ඉඳලා ඉඳලා ලිව්වොත් මෙහෙම එකක් තමා)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාලුවෝ... ගෙදර තත්වෙත් එක්ක වුන දෙයක් වෙන්න පුලුවන්.කොල්ලත් ඒ වයසෙ වෙන්න ඇති නෙ.

      (එහෙම තමා ඉතිං අහන දකින දේවල් නොවැ ලියන්නෙ. :D )

      Delete
  11. අද කාලෙ ආදරේ කරනවා කියන්නෙ ඉතින් ඔය හෝටල්කාමර වලට ගිහින් අඹුසැමියො විදියට හැසිරෙන එකනෙ..ඒ පැත්තෙන් බැලුවොත් නම් වැඩේ අනුමත කරන්න බෑ මට නම්..10 , 11 වසර කියන්නෙ ඉතින් පොඩි ළමයි නේද? අනේ මන්දා ඉතින් කාලෙ වෙනස් තාලෙ වෙනස් නේ අද කාලෙ ! :DD

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකනම් අනුමත කරන්න බෑ තමයි වෙනි අයියා... ඒත් කොහෙන්ද වැරදුනේ කියලත් හොයලා බලන්න වටිනවා.පොඩියි නේන්නම් ආදරය කරන්න ගත්තත් මේ වගේ දෙයක්...
      මේ තාලයනම් වෙනස් වෙයි.ඒත් තව කාලයක් යයි කියලයි මට හිතෙන්නෙ...

      Delete
  12. ඒ කෙල්ල කරපු වැඩේ වැරදියි තමයි. ඒ වුනාට ඔය වගේ දඬුවමක් දෙනවා කියන්නේ වැරදි වැඩක් කියලයි මම හිතන්නේ. ඔය වයසට වෙන වෙනස්කම් එක්ක ඔය වගේ දේකට පෙළඹෙනවා කියන්නේ ජීව විද්‍යාත්මක අතින් පොඩි සාධාරණයක් තියනවා. ඒ වෙලාවේ කරන්න තිබුනේ වැරැද්ද තේරුම් කරලා දීල වෙන මොකක් හරි දඬුවමක් දෙන එක මිසක් ඉස්කෝලෙන් අස් කරන එක නෙමෙයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි මෙතනදිනම් කසුන් සමග.

      Delete
    2. ඔව් ඒකනම් ඇත්ත. ඒ පවුලෙ ප්‍රශ්නත් එක්ක ගත්තාම ඒ කෙල්ලට විතරක් බනින්න බෑ.ජීව විද්‍යාත්මක අතින් නම් සාදරණයි තමයි.ඒත් ඉතිං දන්නවානෙ වෙන කොහේ හරි ගියා වගේ නෙවෙයි රූම් එකක් කිව්වාම ටිකක් බරපතලයි නෙ.ඒත් මටත් හිතෙන්නෙ මේ වෙලාවෙ විදුහල්පතිතුමියට කරන්න මීට වඩා ගොඩක් දේවල් තිබුනා කියලයි.

      Delete
  13. දුක්සීන් එකක් නේද. මොනව කරන්නද කෙල්ලත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. දුක තමයි.කෙල්ලත් වැරදි තමයි.ඒත් කෙල්ල විතරක් නෙවෙයි...

      Delete
  14. ඔන්න දැන් ළමයි දියුණුවෙලා තියෙන හැටි.... හැබැයි දියුණුව අනිත් පැත්තට.

    ReplyDelete
    Replies
    1. ලමයින්ට විතරක් බැනලා හරි යන්නෙ නෑ නේද?? දැන් තරගකාරී ජීවිතෙත් එක්ක අම්මලා තාත්තලාට ලමයි ගැන බලන්න වෙලාව නැති වෙලා.

      Delete
  15. පොඩි එවුන් .. හපොයි.ලඟින්ම හිටියේ නැත්තන් ඉවරයි.ටීවී වල පෙන්නන එව්වගෙන් මොලයට විෂබීජ දෙනවා.එලියට බැස්සම උන්ව ගිල ගන්න කස්ටිය ලෑස්ති වෙලා ඉන්නවා.

    මේ පැත්තේ ඉස්කෝලෙක, තුන වසරේ කොලු පැට්ටෙක් තමන්ගේ පන්තියේම කෙලි පැටික්කීයකට සෙනෙහෙ කොලයක් දීල මාට්ටු වෙලා තිබුනා.එව්වනම් නොතේරුම් කමට, කියමු.

    ඇත්තටම විසේ ගහන කාලෙට, දැන් උන් කරන ඒවා, අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හොඳම දේ යන්තම් උන්ට අවුරුදු 11-12 වෙන කොට අදාළ සියළු දේ,ආදීනව වගේම ඉවසීමේ ප්‍රතිපල ගැන කියා දීල ජීවිතයට ඉලක්කයක් ලබා දීම. ඒත් මදි....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.දැන් ගොඩක් ඉස්කෝල ගාවම තමා ඔය එක ජාති විකුනන්නෙ.ලමයි අහු වෙනවානෙ ටක් ගාලා.

      අඩේ මොනවද දන්නෙ නෑ සෙනෙහෙ කොලේ ලියලා තිබුනේ.

      හුගක් අම්මලා තාත්තලා ඕවා ගැන විවෘතව කතා කරන්න ලැජ්ජා වෙනවානෙ.ඕකයි ඔක්කොටම මුල.

      Delete
  16. ජිවිතේ විනාශ කරනොගෙන ඉගෙන ගන්න කොට ඉගෙන ගන්න සාමාන්‍ය බුද්ධියක් විශේෂයෙන්ම ගැණු ළමයෙක්ට තියෙන්න ඕන . ඔය ඉතින් වැලන්ටයින් දා චෙක් කරපු නිසානේ . අනික් දවස්වලත් ඕව වෙනවා ඇති .කොයිකත් පමණ දැන බාර ගන්න ඕනේ . වැලන්ටයින් වුනත් එහෙම තමයි . ඉස්කෝලෙන් අස් කිරීම හොඳ දෙයක්ද මන් දන්නේ නැහැ . වරක් ළමයෙක් ගෙල වැල ලා ගත්ත නේ . විදුහල් පතිනියත් අසරණ වෙනවා මේ දේ වලදී . කොහොම කියල දඬුවම් දෙන්නද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා අක්කා.ඒත් වෙලාවක් එනවානෙ ඔය ඔක්කොම සිහියට එන්නෙ නැති.කියන්න බෑ නේද.. අනික් දවස් වලත් කොච්චර යනවා ඇතිද කියලා.අපේ තාත්තා කිව්වා කෙල්ලෙකුයි කොල්ලෙකුය් ඉස්කෝලෙටම ඇවිත් ඇදුම් මාරු කරලා ගියපු කතාවක්. අනේ මන්දා මේවානම්.

      අස් කිරීම කරන්න කලින් තව ටිකක් හොයලා බලන්න තිබුනා කියලයි මං හිතන්නෙ.අපිත් මේ ප්‍රශ්නෙ අගක් මුලක් දන්නෙ නෑ නෙ.

      Delete
  17. ඒ කෙල්ලව වෙන ස්කෝලෙකට දාලා කරන්නෙත් වැරද්දක් ඒ ස්කොලේ ළමයිනුත් මෙයාව ආදර්ශයට ගත්තොත්????.අපිත් පොඩි කාලේ ඔය දවසට ස්කෝලේ අයියලාගේ බෑග් ශුද්ද කරනවා.:D

    ReplyDelete
    Replies
    1. ආදර්ශයට ගැනීම කෙසේ වෙතත් මෙයාව පහත් කරන වැඩේ නම් සිද්ද වෙයි.
      ඒ කියන්නෙ ඒ කාලෙ හොදට චොක්ලට් එහෙම කන්න ඇති නේද??

      Delete
  18. අනේ අපොයි පොඩි එවුන්ට වෙලා තියෙන දෙයක්...

    ගෑණු ළමයින්ගේ ඉස්කෝලවලද ඔය වැලන්ටයින් බෑග් චෙක් කිරිලි තියෙන්නෙ...

    අපේ එව්වල තිබ්බෙ නෑනෙ..චෙක් කිරිලි තිබ්බත් වැලන්ටයින් විශේෂ කියලා එකක් තිබ්බෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ හොදටම මනස දූෂණය වෙලා.

      අනේ දන්නෙ නෑ ඒකනම්. අපේ එක මිශ්‍ර එකක් නෙවේනෙ.

      Delete
  19. දීපු දන්ඩනය නම් සැර වැඩියි තමා . විදිහල් පතිනියට තිබුනා ඒ ගෙදර වටපිටාව ගැන හිතලා බලලා ළමයට පොඩි සහනයක් දෙන්න . අර මානසික ආබාඬයකින් පෙලෙන අම්මගේ අසනීපය මේකෙන් දෙගුන වෙන්නැති . ළමයා ලොකු වරදක් කලා තමයි ..ඉතින් දැන් ඉස්කෝලෙත් නැති නම් ඒ ළමයා යහ මගට ගන්න ඉන්නෙ කවුද ?

    ගොඩක් හොඳ පෝස්ට් එකක් ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත මල්ලි.ඒ අම්මා කොහොම ඉවසනවා ඇත්ද කියලා මට හිතා ගන්න බෑ.වෙන ඉස්කෝලයක් හොයලා දෙනවා කියලා තමා කියලා තියෙන්නෙ.අනික් අතට මේක ප්‍රසිද්ද වුනාම ඒ ඉස්කෝලෙම ඉන්නත් බෑ නෙ නේද??

      ස්තූතියි..

      Delete
  20. මොකුත් නොකියමි! (කියල කියල අැති වෙලා නිසා ;))

    හැබැයි මමත් එදා හොර ගමණක් ගියා... (නෑ නෑ එක්කෙනෙක් නෙවෙයි 25කට අධික සෙට් එකක් එක්ක :D )

    ReplyDelete
    Replies
    1. ඈහ්.... කියලා කියලා ඇති වෙලා කිව්වා.. :O

      අඩේ 25ක් විතර ගියානම් හොර ගමනක්මත් නෙවෙයි නේද??

      Delete
  21. එදා වැල ඉන්ටයිම් වැටුන නම් මේ කිසි කරදරයක් නැහැ නොවැ :((

    ඇත්තටම පව් මේ විකාර නිසා ලමයි දූෂණය වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේද සෑමෝ....

      තමුන්ගෙ වාසිය විතරක් බලනකොට වෙන වැඩ තමා ඕවා..

      Delete
  22. අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරලා ඒ ඒ වයසට ගැලපෙන විදියේ ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන.. කුතුහලේ නිසානෙ ඔහොම කරන්න හිතෙන්නේ... දෙගොල්ලොම අසරණයි....

    ReplyDelete
    Replies
    1. ලිංගික අද්‍යාපනය පොතේ විතරනෙ තියෙන්නෙ.එකයි නංගි ලොකුම අවුල.

      Delete
  23. මන් ගත කරපු අමාරුම දවස අක්කේ.... මතක් කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ එහෙමද?? ඒ මොකෑ..???

      Delete
  24. මේ මම රහස් ඈ.... නම වෙනස් වුනාට මම.....

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා ඔයා කියලා.. :D

      Delete
  25. වැලන්ටයින් කතාව පැත්තක තියන්න... විදුහල්පති තුමිය තමන්ගේ පාසලේ කීර්තිය වෙනුවෙන්.. තමන්ගෙ අභිමානය පෙන්වීම වෙනුවෙන්... ළමයෙකුගෙ ජීවිත්යක් විනාස කරා...

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇත්තටම පාසල ගැන හිතලා ගත්ත තීරණයක් කියලා තමා මටත් හිතෙන්නේ...

      Delete
  26. ගෑනු ලමය කල දේ හරි කියන්න බැහැ....ඒත් විදුහල්පතිනිය කරල තියෙන්නෙ ටිකක් එයාගෙ බලය පෙන්වන විදියෙ වැඩක්....ඒ ලමයගෙ අම්ම ගැනවත් හිතල බලන්න තිබුන සාධාරනව...හොර වැඩ කරන උන් කෝමත් කරනව..ඒත් දැන් ඕක ඉස්කෝලෙයි හතර වටේමයි ප්‍රසිද්ද කලේ කවුද? විදුහල්පතිනිය නේද?ලැජ්ජාවට ඒකෙල්ල කොල්ල එක්ක පැනලා ගියොත්..එයාගෙ අක්ක වගේ....ඊට පස්සෙ..????

    ReplyDelete
    Replies
    1. ඔව් ගෑණු ලමය හරි නෑ නම් තමයි.තව ටිකක් හොයලා බලලා වැඩ කරන්න තිබ්බා කියලා තමා මාත් හිතන්නෙ විදුහල්පතිතුමියට.
      ප්‍රසිද්ද කිරීම ගැන නම් කියලා වැඩක් නෑ.මාත් මෙතන ඉස්කෝලෙ නම නොකියපු නිසා හොදයි.අර දොස්තර මට ඉතිං කිව්වෙ ඉස්කෝලෙ නමත් එක්කමනෙ.

      Delete
  27. විදුහල්පතිනියගේ තර්කය හරි උනත් ගන්න හදන තීරණේ නම් දරුණු වැඩියි.. අස්වීම් සහතිකේ ඔය හේතුව රතු පෑනෙන් ලිවුවම ඒ ළමයගේ අනාගතේ එතනින්ම විනාසයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මල්ලි... දැනටම මොනවා වෙලාද දන්නෙ නෑ...

      Delete
  28. ඒ ළමයා කරපු දේ වැරදි තමයි. ඒත් විදුහල්පතිනිය කරපු දේත් වැරදියි. ඒ ළමය කරපු දේ ගැන ඉස්කොලෙටම පබ්ලිසිටි දුන්නේ මොකටද? ළමයි ඉස්කෝලේ යවන්නේ ඉගෙනගන්න වගේම වැරදි හදාගන්න යි. ඒ ළමයට ඔය වගේ දෙයක් කරන්න හේතු උණු දේවල් හොයල දෙමව්පියනුත් එක්ක පුද්ගලිකව අවවාද කරා නම් මීට වඩා හොඳයි. දැන් ඒ ළමය සමාජෙට මුණ දෙන්නේ කොහොමද? නරක ළමයෙක් හැටියට එයා හංවඩු ගැහිලා ඉවරයිනේ දැන්. විදුහල්පතිනි ඉස්කෝලේ ගැන වැඩිපුරත් ළමයා ගැන අඩුවෙනුත් හිතල කියල මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මේකට මාත් එකඟයි....

      Delete
    2. මාත් හිතන්නෙ එහෙම තමා වෙන්න ඕනෙ. ඉස්කෝලෙන් අයින් කරන වැඩෙන් හැමෝම ඒ දේ ගැන දැන ගත්තානෙ.ඒ නිසා එයාට සමාජෙට මූන දෙන්න බැරුව ඇති.යන්න කලින් හිතන්න තිබුන එකනම් ඇත්ත. ඒත් සත්‍ය පෙන්නෙ නෑ නෙ ඔහොම වෙලාවට..

      Delete
  29. මට දුක ඒ අම්මා ගැන...

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බෑ ඒ අම්මා කොහොම ඉන්නවා ඇතිද කියලා.

      Delete
  30. ලමය වැරදි..ඒත් ලමය වැරද්ද කලේ නිසි මඟ පෙන්වීමක් ජිවිතේට නොලැබීම නිසා..ඒතකොට වෙන්න ඕනි ඒ ලමය ගෙ වැරදුන තැන හොයල හදන එක මිසක් තවත් පහලට ඇදල දාන එක නෙවෙ..කොච්චර මොඩ ද මේ විදුහල්පතිනිය කියල විතරයි මට හිතුනේ..හරි පුදුම ඉස්කොලෙ පොත මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්.... මොකක් කරන්නද නේද??? වැරදුන තැන හදන්න කවුරුත් නැති වෙයිද දන්නෙ නෑ..

      Delete
  31. හෆ්ෆා.. අපෙත් ඉස්සර ඉස්කෝලෙ ඔහොමයි..ඒත් අපේ කට්ට කෙල්ලො ටික කරන්නෙ එදාට ඔය කිසි දෙයක් ඉස්කෝලෙ ගේන්නෙ නෑ.. ඔය 8,9 පංති වල ළමයි තමා අහුවෙන්නෙ අනං මනං තියාගෙන..

    ප්‍රින්සිපල් ගෙ දඬුවම සැර වැඩියි.. එදා දවසට ඔහොම චෙක් කරලා එක ළ්මයෙක් අහු වුනාට, වෙන දවස් වලත් ඕනෙ තරම් ඔහොම දේවල් වෙනවා ඇතිනෙ.. ඒවාට මොනා කරන්නද??

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ නෙ අපේ ඉස්කෝලෙ අහු වුනාද නැද්ද කියලා.අහු වෙන්න නම් ඇති. නැති වෙන්න බෑ..

      ලමයින්ට ආදරේ මදි මේ සාමාජෙ දුවන දිවිල්ලත් එක්ක. :(

      Delete
  32. ඕක නරක වැඩක් වුනත් ඒ නරක වැඩ කරන එක තරුණ තරුණියන්ගෙ වැරැද්ද නෙවෙයි. වැඩිහිටියන් විසින් මෙහෙයවන ජන මාධ්යත වල වැරැද්ද. ආදරේ කරන එක මේ මානව සංහතියෙ කවදා නම් ඉඳලා තිබිච්ච එකක්ද? ඒ වුනාට දැන් මේ බෝවෙලා තියෙන ගුරු දිනය, වැඩිහිටි දිනය, වැලන්ටයින් දිනය ආදී මෙකී නොකී දින සේරම හැදිල තියෙන්නෙ අපට අපේ යුතුකම් අමතක වෙන නිසා නේද?
    හැම පුද්ගලයෙකුටම විශේෂ දවස් තියෙනවා. ඒ විශේෂ දවසට විශේෂ සැළකිල්ලක් කරන්න පුළුවනි. ඒ වුනත් එකම ප්ර්ශ්නය ඒ දවස අමතක වෙන එක.
    නැත්තං පෙම්වතුන්ට පුළුවනි අවුරුද්දට දවස් දෙකක් චොකලට් හුවමාරු කරගන්න දෙන්නගේ උපන් දින දෙකට. ගුරු දිනයක් මොනවටද, ගුරුවරයගේ උපන් දිනයට නැත්නම් ඉස්කෝලෙ නිවාඩු දෙන දවසට ඔය උපහාර ඔක්කොම කරන්න පුළුවනි.
    නොදරුවන් වරදට පොළඹවන වැඩිහිටියන්ට දෙන දඬුවම මොකක්ද?
    ඒ වගේම දෙමව්පියන්ට මේ වගේ සදාකාලික වූ මානසික පීඩනයක් ඇති වන ආකාරයට දඬුවම දෙන එකත් විදුහල්පතිවරයකුගෙ වගකීමක්.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මන්දා සහෝ.. දෙමව්පියෝ,වැඩිහිටියෝ,ලමයි ඔක්කොම දැන් යන්නෙ තරගෙක. එතකොට ඉතිං සෑහෙන දේවල් මග හැරිලා ජීවිතෙන්.කවදා මේවා තේරුම් යයිද මන්දා..

      Delete
  33. ඔලුව මඥ්ඤං වෙනවා මේවා කියෝලා අනාගතේ ගැන හිතද්දි!

    ReplyDelete
    Replies
    1. හ්ම්.... බය හිතෙනවා නේන්නම්

      Delete
  34. ලමයාට දෙන දඬුවම නම් පිලිගන්ට පුලුවන් දෙයක් නෙමෙයි. ආදරෙන් කියලා දීලා, වැරැද්ද තමන්ටම තේරුම්ගන්ට දෙනවා ඇර දඬුවම් කරලා ඔය වයසේ ලමයි හන්දන්ට බැරි වෙයි.

    ඒ ගෑනු ලමයා ගැන දුකයි. අර විදිහල්පතිනිය කරපු වැඩේ හරි උනත්, ඒක ක්‍රියාවට නගන විදිය හරි කියලා හිතන්ට අමාරුයි.

    මේකට ඉතින් වැලන්ටයිට බැනලා වැඩක් නෑ. මේ දේවල් ඔය දිනය නැතුවත් කට්ටිය සමරන එකක්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අක්කා.දැනටමත් දඩුවම් දීලා ඇති මං හිතන්නෙ.ඒ ලමයගෙ ජීවිතේ කොහොම කෙලවර වෙයිද දන්නෙ නෑ.

      දවසෙ වැරද්දම කියන්න අමාරුයි නෙ.

      Delete
  35. අද බොහොමයක් සමාජමය ගැටළුවලට හේතුව තමයි ඉකමණ් තීරණ හා ප්‍රඥාසම්පන්න නොවන තීරණ

    ReplyDelete
  36. මේ වගේ දේවල් වලට ළමයි අහුවෙන එක දැනට අවුරුදු දහයකට දොලහකට කලින් කාලෙදිට වැඩිය අද වැඩි වෙලා. මාධ්‍ය වලින් ඇත්තෙ එක පැත්තක් හංගල තමන්ට වාසි පැත්ත ඕනෑවට වැඩිය උළුප්පල මේ දේවල් වලට ගෙනියන ප්‍රචාරෙ තරම තමයි. දැං කාලෙ ළමයින්ව පරිස්සං කරගන්න දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් මීට වඩා මහන්සි වෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඕවගෙ දේවල් වලින් විතරක් නෙවෙයි අද ඇඩ් වලිනුත් ලමයි නරක් කරන තරම්. අරක හොදයි මේක හොදයි කිය කිය.ඒත් දුවන දිවිල්ලත් එක්ක දෙමව්පියන්ටත්,ගුරුවරුන්ටත් පරිස්සම් කරන්නත් වෙලාවක් නැති වෙලා.

      Delete
  37. අනේ පව් අර අහිංසක අම්මා.. :((

    ReplyDelete
  38. ළමයා වැරදියි නම් තමයි.. ඒත් එක අවස්ථාවක් වැරැද්ද නිවැරදි කරගන්න දුන්නා නම් තමා හොඳ.. නැත්නම් ඒ ළමයාගේ අනාගතේම ඉවරයිනේ..

    ReplyDelete
  39. ඇත්තටම ළමයෙකුට ගෙදරින් ආදරේ නොලැබුනාම මෙහෙම වෙනවා

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නෙ එතන තමයි ප්‍රධානම හේතුව තියෙන්නෙ.

      Delete
  40. සමාජයීය ප්‍රශ්නයකට එක ලමයෙකුට දඬුවම් කරල වැඩක් නෑ... ඒ ප්‍රින්සිපල් ලමයින්ගෙ අන්නගතේ ගැන නොහිතන තමංගෙ ඉස්කොලේ මෙන්න මෙහෙමයි කියල තමන්ට ලකුනු දාගන්න කෙනෙක්. අම්මල තාත්තල එකතුවෙලා එයාවයි එලවන්න ඔනෙ.......ඔය ගුරුවරු නෙමෙයි ගුරු හොරු........ ඒ ලමය අස්කරාකියල අනිත් අය හැදෙයිද.... නැත්තං මාට්‍ටු නොවෙන්න ගේම දෙන්න ට්‍රයි කරයිද....මගෙ පොවුද්ගලික මතය නං අවු.16 -18 පස්සෙ ලමයෙකුට සම්පූර්න ලිංගික නිදහස තියෙන්න ඔනෙ.. ඕව හිරකොරං බොරු නීති දාගෙන කෙහෙම්මල් සස්කෘතියක් (අපි අද කතාකොරන්නෙ හද්ද පරන සස්කෘතියක් ගැනනෙ..)අටව ඉන්න නිසානෙ ඔහොම වැඩ වෙන්නෙ... නැත්තං ඕක සාමන්ය දෙයක් වෙලා තියෙයි.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. //මගෙ පොවුද්ගලික මතය නං අවු.16 -18 පස්සෙ ලමයෙකුට සම්පූර්න ලිංගික නිදහස තියෙන්න ඔනෙ.// මේ ලිමිට් එක තව වැඩි කලොත්නම් හොදයි.බැරි වෙලාවත් ප්‍රෙග්නන්ට් වුනොත් දරා ගන්නෙවත් කොහොමද??

      තාම ලංකාව ඒ මට්ටමට ඇවිත් නෑ නෙ.ඒකට තව කල් යාවි.

      Delete
  41. සිකේ බලන්න අප්ප මුන් පොඩිකමට නෙමේ...........

    ReplyDelete
    Replies
    1. හ්ම්.... පොඩි එවුන්ගෙ වැරැද්දම නෙවෙයි අනේ..

      Delete
  42. අපෝ ඒ උනාට ප්‍රින්සිපල් කරපු වැඩේ කැතයි නේ මොකක් උනත් ලමයෙගේ අනාගතයක්නේ...

    ReplyDelete
  43. ඒ ලොක්කිටත් (විදූට) ඕන් නැති මගුලක් නෑ. ඉස්කෝලෙ බලාගෙන හිටියනම් ඉවරයි :P
    මෙන්න මේකත් ලියන්න ඕනේ, ගලන ගගක් නවත්තන්න බෑ මොනා කලත්, වැවක් හැදුවත් වාන් දාන්න වෙනවා. ඇයි මේ මිනිස්සුන්ට බැරි ප්‍රශ්න දිහා බලලා අවශ්‍යයය දේ කරන්න, සම්මතේට වැඩ කරන්නේ නැතිව. ඉස්කෝලෙන් අස්කිරිල්ල නෙමේ ඕනේ උපදේශනයක් තමා ඕන කරන්නේ. නැතිව දඩුවම නෙමේ. ලමයා කරන්නේ මොනාද කියලා හොයලා දැන ගන්න ඔච්චර මොලේ වැඩකරපු ඔය ලොක්කිට ඒකට විසදුම ඉස්කෝලෙන් අස්කරන එකද, එතකොට ඔක්කොම හරි, ඇයි එයාගේ ඉස්කෝලේ නම බේරිලානේ. අත්මාර්තකාමී මිනිස්සු !!!
    මොනා උනත් ඔය බාලිකා විදුහල් වල ජරමර ගොඩයි.
    ඔය ඉස්කෝලවල ලව් හුට පට වලට ගොඩක් කොක්ක අදින්නේ ආදරෙන් බැට කාපු අය/ තාමත් කව්රුත් සෙට් වෙච්ච නැති අය ගොඩාක් වෙලාවට ඊරිෂියාවට. සුලුතරයක් ඇති එහෙමත් නැති.
    අය්යෝ උදේ පාන්දර මේ වගේ ලොක්කියෝ ගැන අහලා බූඩිට යකා නැග්ගා. ලොක්කිට තිබුනේ ඉස්කෝලෙන් අස්කරන්න කලින් ඔහොම කලාම වෙන දේ ගැන උපදේශනයක් දෙන්න. පොරත්වය පෙන්නන්නේ නැතිව. අනිත් එක යාලු වෙලා ඉන්න කොල්ලනම් මැටි මෝලෙක්, ඇයි යකෝ ඔය වෙලාවට දෙය්යනාන්සේ කතා කලත් කව්ද බං ඇත්ත කියන්නේ !!!

    කරන්න දෙයක් නෑ ලෝකෙ හැටි මෙහෙමයි !

    ReplyDelete
    Replies
    1. ලංවෙවෙ මොකක් හරි සිස්ටම් එකක් හදන්න පුලුවන් නම් හොදයි.ඇත්තටම අපේ රටේ හොද උපදේශන සේවාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.හැම ඉස්කෝලෙකම ඔහොම සේවාවක් දෙන්න ඕනෙ.ඒ වගේම ලමයින්ට බය නැතුව ගිහින් කතා කරන්න කියලා බය නැති කරන්නත් ඔනෙ.කැම්පස් වලනම් තියෙනවානෙ.එහෙම ඒවා තිබුනා නම් ඔය වගේ දේවල් වෙන්න කලින්ම නවත්තගන්න තිබුනා.
      බාලිකා විදුහල් වල ජරමර ගොඩ වෙන්නෙ වැරදුනොත් වැරදුනාමයි කියලා හිතන නිසා වෙන්ට ඕනෙ.මොනවා කරන්නටද වෙනස් කරන්න පුලුවන්නම් හොදයි මේ සිස්ටම් එක.

      Delete
  44. මම හිතන්නෙ නෑ ඔකට විසදුම ඉස්කොලෙන් අස්කිරිල්ල කියලා..කෙනෙක් අතින් වැරුද්දක් උනු පලියට ඒ ළමයගෙ මුළු ජීවිතෙන්ම ඒකට පලි අරගෙන හරියන්නෙ නෑ.

    ReplyDelete
  45. සමහර විට ඔය ළමයා සියදිවි හානි කරගනීවි.. එක්කො කවදාවවගත් මකන්න බැරි කැලැලක් එක්ක මානසිකව විදව විදව ජීවත් වේවි..
    ඕකට දඩුවම් කරන්න තිබ්බෙ කොල්ලට.. !!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දෙයකට කවදාවත් කොල්ලන්ට දඬුවම් දෙන්නේ නෑ බනියෝ මිශ්‍ර පාසලක වුනත් එච්චරයි...කොල්ලයි කෙල්ලයි ඉස්කෝලේ කාමරේක ඩෙඟා නටලා අහුවුනත් කෙල්ලවයි අස් කරන්නේ කොල්ලා තාමත් ඉස්කෝලේ වගේ වැඩ වෙන්නේ හැම තැනම එහෙමයි...

      Delete
    2. මොනවා වෙයිද දන්නෙ නෑ බනියෝ.ඒත් ඔය වගේ වෙලාවට කොල්ලෙක් අස් කරපු කතවක් මං නම් අහලාම නෑ.:((

      Delete
  46. මේ වගේ වෙලාවල්වලට තමා හිතන්නෙ ගුරුවරු ළමයි විදිහට ඉඳලා නැති එකේ අඩුව..
    එහෙනම් මේ ප්‍රශ්නෙට මීට වඩා හොඳ විසඳුමක් මතක් වෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්... මං නම් හිතන්නෙ ඒගොල්ලන්ගෙ කාලෙ මෙහෙම වුනේ නැති නිසා හරිම බරපතල විදිහට කල්පනා කරලා බරපතල තීන්දුවක් ගන්න එකෙයි වරද තියෙන්නෙ කියලා.සමාජය වෙනස් වෙන බව තේරුම් ගන්න අමාරු කමයි ඒ.

      Delete
  47. ඉතිං අර කෙල්ල තියන්න වටින්නේ නැහැ නේ.අක්කා පැනල ගියපු නිසා අම්මට ඒ වගේ දෙයක් වුනානම් මේ කෙල්ල දෑන ගන්න ඕන නේ අම්මගේ හිත හැදෙන විදියට ජිවත් වෙන්න.මට සිරාවට මල පැනල ඉන්නේ ඒ කෙල්ලත් එක්ක.

    ගුරුවරියත් ඉතිං පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් එහෙම තමා.ඒත් අම්මා මුල ඉදලාම මෙයාට සලකලා නැත්නම් අම්මා ගැන මෙයාට ආදරයක් නැතුව හිටියද දන්නෙත් නෑ.ඒ නොලැබුන ආදරේ හෙව්වද දන්නෙ නෑ නෙ.

      Delete
  48. අපෙත් විදුහල්පතිනියගෙ තීරණේ ඕකම තමයි අක්කේ.. ඒ විතරක් නෙමෙයි පිරිමි ළමයෙක් එක්ක නිලඇඳුමෙන් කතා කරන්නවත් අපිට තහනම් පාරෙදි.. ‍අපේ අයියා යන්නෙත් පාරෙන් එහා පැත්තෙ.. :D කතා කරලා අහුවුණොතින් ඒ වෙලාවෙම ටයි එකයි බැජ් එකයි ගලවගත්තා ගෙදර යැව්වා.. ඒ අවුරුදු ගාණට කී දෙනෙක් එහෙම ගෙදර යවන්න ඇතිද.. ඒ ගැන නම් දුකයි..

    ReplyDelete
    Replies
    1. මාර කෙලියක්නේ තමන්ගේ අයියා එක්කවත් කතා කරන්න බැරිනම්.... මට මතක් වෙනවා මේ පැත්තේ තියෙන ආටි.. බාලිකාව ඕකත් ඔහොම්මයි.හැබැයි මමනම් අතෑරියේ නෑ නංගි දැක්ක තැන කතා කරනවා.එහෙම එළියට දාන්න බෑනේ ඒක ළමා අයිතිවාසිකම් වලට පටහැණි නැද්ද...ඔන්න ඇ‍ඟේ මාළු නටනවා මේවා දකිද්දි

      Delete
    2. අප්පෙ.... එච්චරට බයානකද??ඒක මාර වැඩක්නෙ.අයියා එක්කවත් කතා කරන්න බැද??? :(( කිසි වරදක් නොකරනෙ දඩුවම් ලබනවානෙ.

      Delete
  49. වැලන්ටයින් වගේ අපේ රටේ ළමුන්ගේ මනස විකෘති කරන දේවල් නම් රටෙන් තුරන් විය යුතුයි. මොනවා වුණත් විදුහල්පති තුමිය නුවණ කල්පනා කරල තියෙන වැඩේ නම් මම ඉහළින් අගය කරනවා. අනික් අතට දුන්න දඬුවමත් නියමයි. එතකොටයි අනිත් පාසලේ දරුවො හදාගන්න පුළුවන්. ඒ තින් මේ සිදුවෙමින් පවතින ඛේදවාචක දුරු කිරීමට ගුරුවරු ගන්නා වෙහෙස ප්‍රසංශනීයයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ හොයා ගත්ත එකනම් හොදයි.ඒත් හොයන්නෙ බලන්නෙ නැතුව දීපු දඩුවමනම් සැරයි මට හිතෙන විදිහටනම්. අනික විදුහල්පතිතුමියට වුනත් හැමදාම චෙක් කර කර ඉන්න බෑ නෙ. ගුරුවරු වෙහෙසක් ගන්න ඕනෙ නිවැරදි කරගන්න.ඒත් වැරදෙන්න කලින්.

      Delete
  50. මොනා උනත් මේ හෝටල් ගානේ යන්න ප්‍රභල සාධක කීපයක් බලපානවා මූලිකම එක තමයි නිදහසේ කතා බහ කරන්න හරි තැනක් නැති එක... මල් වත්තට ගියත් විසිල් ගහලා කට්ටිය එලවනවා බෙන්ච් වල ඉඳන් කතා කරන්න කියලා ඉතිං හැමෝටම පේන්න කතා කරන්න හරි ආදරේ කරන්න හරි පුළුවන්නම් ගෙදරටම යනවනේ අම්මා තාත්තගේ අවසරේ ඇතිව....

    මම දන්න යාළුවෙක් මට කිව්වා හරියට කතා කරන්න නැති නිසා නිදහසේ ඉන්න රූම් යනවා කියලා නමුත් අන්තිමේ දෙන්නගේ සම්බන්දේ නැවතුනා රූම් කෙරුවාවෙන් පස්සේ...කොයි තරම් අධිෂ්ඨානෙන් ගියත් හැඟීම් ඉස්සර වෙනවා කියන එක ඇත්තක් ඒකට කාටවත් දොස් කියන්න බෑ දෙන්නම වැරදියි... අනේ මන්දා කැම්පස් වල වගේ වත් බැරිනම් සාමාන්‍ය නිදහසක් හරි දෙනවනම් එකක්...

    වැලන්ටයින් ගැන නම් මම විරුද්ධයි මොකද ඒක කිසිම වැදගැම්මකට නැති දවසක්.මමත් ආදරේ කරනවා ඒත් මට මගේ ආදරීව හම්බුවෙන හැම දවසක්ම වැදගත් වැලන්ටයින් කියලා වෙනසක් නෑ.ඒක ආදරවන්තයින්ව සූරා කන කඩ කාරයන්ගෙයි.ළමා මනස දූෂණය කරන සංස්කෘතික විරෝධීන්ගෙයි දවසක්..

    ReplyDelete
    Replies
    1. //වැලන්ටයින් ගැන නම් මම විරුද්ධයි මොකද ඒක කිසිම වැදගැම්මකට නැති දවසක්.මමත් ආදරේ කරනවා ඒත් මට මගේ ආදරීව හම්බුවෙන හැම දවසක්ම වැදගත්// මේක නම් ඇත්ත මල්ලි.:) ඒත් මේ කඩ කාරයො නිසා වැලන්ටයින් දවස ර්රි ලොකු එකක් වෙලානෙ.

      කතා කරන්න තැනක් නෑ කියලා රූම් එකකට ගියත් එලියට එනකොට දන්න කෙනෙක් දැක්කොත් එතනම ඉවරනෙ.මුකුත් වුනේ නැතත් එහෙමනෙ හිතන්නෙ .මං දන්නෙ නම් නෑ මල් වත්තෙ එහෙම කොහොමද වෙන්නෙ කියලා.:)

      Delete
  51. මගේ යාළුවෙක් පොඩි බිස්නස් එකක් කරනවා බොල්ගෙඩ ගඟ අයිනේ හොටේල් එකක්..වැලන්ටයින් කාලෙටලු බිස්නස් වැඩිම කබානා වලට...පැය ගානටලු රෙන්ට් කරන්නේ ..ඒ කාලෙනං එහෙම නෑ දවසම ඉඳලා එන්නේ අපි...

    ReplyDelete
    Replies
    1. හ්ම්..... කියලා වැඩක් නෑ.දවසෙම ඉන්නත් බෑ නෙ.දැන් තියෙන වැඩත් එක්ක නේද??

      Delete
  52. වැලන්ටයින් ගැනනම් මගෙත් සුභවාදී හැගීමක් නැහැ.එත් ඉතින් ඒ සුන්දර වස්තුව දකින හැම දවසම මට වැලන්ටයින් තමා .ඇත්තම කිව්වොත් ඒක පාර්ශවික වැලන්ටයින් එක මාර රහයි.හැබැයි ඔය හෝටල් ගානෙ යන එකට මමනම් කැමතිම නැහැ.හදිස්සියෙවත් වත්මන් එක නොකෙරුනොත්.රෙද්දක් ඇදනෙන අනාගත කෙනෙක් ගැන හිතන්න බයයින්ය් හිහ්

    ReplyDelete
    Replies
    1. සුන්දර වස්තු කීවෙ මොන වගේ ඒවටද?? :))
      මටනම් ඒක පාර්ශවික වැලන්ටයින් වල කිසිම රහක් නෑ.අනික් එකා දන්නෙත් නැතුව මොකටද වැලන්ටයින්.
      අන්න එතන තමා කොස්ස තියෙන්නේ.විශේෂයෙන් මේ වගේ පොඩි වයසකදි ඕකම දිගටම කෙරෙයිද කියලා ශුවර් නෑ නෙ.

      Delete
  53. වැලන්ටයින් වලටනම් මගේ කැමැත්තක් නැහැ.අක්ක කිව්වා වගේ කඩකාරයෝ පොසත් කරනවා අපේ අතේ තියෙන සල්ලි ටිකත් වියදම් කරගෙන.
    විදුහල්පතිගේ වැරද්දකුත් නැහැ, ඒත් ළමයගේ අම්මා පව්. :(

    ReplyDelete
  54. මෝඩ වැඩ මොකටද එක දවසක්....අර දිනේශ් අයියා කියලා තිබ්බා වැලන්ටයින් දවසේ එයාලගේ ෆාමසියේ වැඩියෙන්ම විකුනුනේ උපත් පාලන කොපු කියලා

    ReplyDelete
  55. //කොන්ඩෙට සාත්තුවක් - බිත්තර කතා 2//

    මේ පෝස්ට් එකට මොකද වුනේ ?

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා ඔබා මාමෙ.වැරදීමකින් පබිලිස් වුනා නොවැ කලින්..සමා වෙන්ට..:)

      Delete
  56. වයසේ වැරැද්ද තමා. ඒත් වයසේ වැරැද්ද කියලා ඒ වයස පහුකරලා ආපු උදවිය වැරදි තීරණ ගන්න හොඳ නැහැ

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...