expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Monday, December 5, 2011

මාරු සල්ලි හදමු...... (මාස්මෙලෝ)

              මගේ මාරු සල්ලි පෝස්ට් එක කියවපු කස්ටිය ඉල්ලුවා නේ මාස්මෙලෝ හදන රෙසිපිය එහෙම.ඉතිං තවත් ප්‍රමාද කරන්නෙ එහෙම නැතුව මේ කියන්න හදන්නෙ ඒවා හදන විදිහ.හදලා බලලා හොදට ආවද කියන්නකෝ.

මෙන්න අවශ්‍ය කරන ද්‍රවය ටික.
  • සීනි ග්‍රෑම් 500
  • ජෙලටීන් ග්‍රෑම් 25
  • වැනිලා චූට්ටක්
  • අයිසිං ෂුගර් ටිකක්
  • කලරින් ස්වල්පයක්



              ඔන්න මුලින්ම වතුර බෝතල් කාලක් අරගෙන නටවන්න.බෙර ගහලා එහෙම නෙවෙයි,ලිපේ තියලා බුබුලු දාන විදිහට හරිද?මේ උනූ වතුරට සීනි ටික දාලා හොදට දිය කර ගන්න.මේ සීනි ගන්න කොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න.කස්ටිය දන්නවානෙ සුදු සීනි,රතු සීනි කියලා ජාති දෙකක සීනි තියෙන බව.පිරිසිදු කරපු සුදු සීනි වලට වඩා රතු සීනි වල පැණි රස වැඩියි.ඉතිං ඒවා පාවිච්චි කලොත් පැණි රස ගතිය වැඩි වුන මාස්මෙලෝ කන්න පුලුවන්.අපිටත් වුනේ ඒ වැඩේ තමයි.:)) පැණි රසට වැඩි මනාපයක් නැති කට්ටිය සීනි පොඩ්ඩක් අඩු කරලා බලන්න.  

             මේක දිය වෙන අතරේ ජෙල්ටීන් ටික ටිකක් විතර උණු  වතුරෙ දිය කර ගන්න.මේකෙ කෑලි බෑලි ඉතුරු වෙන්නෙ නැති වෙන්න හොදට දිය කරගන්න ඕනෙ.ඊට පස්සෙ මේ දිය කරපු ජෙලටීන් ටික දාන්න අර සීනි දිය කරන ලිප උඩ තියෙන භාජනේට.හැබැයි ගින්දර දානකොට පරිස්සමින්.වැඩිය ගින්දර දාලා සීනි ටික කැරමල් කර ගත්තොත් මාෂ්මෙලෝ කෙසේ වෙතත් වෙන මොනවා හරිනම් හදා ගන්න පුලුවන් වේවි.හ්ම්.... කැරමෙලෝ වගේ නමක් කොහොම වෙයිද ඒකට...:D


                 ඔය ලිපේ තියෙන එක හැදි ගගා ඉන්නකොට ටික වෙලාවකින් අතට දැනේවි උකු වේගෙන එනවා.එතකොට මිශ්‍රණය ලිපෙන් බා ගන්න.දැන්කරන්න තියෙන්නෙ මේක හොදට ගහ ගන්න එක.ඒ කිව්වෙ බීටරේකින් වගේ.හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි.හැබැයි ඉතිං එතකොට ජුජුබ්ස් කනවා වගේ දැනෙයි.ජුජුබ්ස් හදන්නෙත් මේ වගේ තමා.අපි හැදුවට හරි ගියේනම් නෑ.


                බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොද ඩම් දාලා බීට් කරන්න(බීට් ගෙඩියක් එහෙම නෙවෙයි).ඇත්තටම හොදට හුලං ඇතුලට ගියේ නැත්නම් මෙලෝ රසක් නැති වේවි.මේකට විතරක් නෙවෙයි හුලං නැතුව හැදුවොත් අයිස්ක්‍රීම්,පාන් වගේම ඔය සිසිල් බීමත් මෙලෝ රහක් නෑ.කාබන් ඩයොක්සයිඩ් ටික අයින් වෙච්ච බීම  බීපු කෙනෙක් මං කියන්නෙ ඇත්ත කියලා පිලිගනීවි.මේක ටිකක් පෙන ගතියට ආවාම වැනිලා බිංදුවකුයි,කලරිං කැමති පාටකින් ටිකකුයි දාලා (මං නම් කැමතිම පාට රෝස පාට ඕං) මිශ්‍ර කරලා බටර් චුටිත්තක් ගා ගත්ත තැටියක දාලා රස්නෙ නැත්නම් ෆ්‍රිජ් එකේ දාන්න හයි වෙනකල්.


               බැලුවාම මතුපිට දිස්න ගහනවානම් අන්න ගානට ඇවිල්ලා.ඇගිල්ලෙන් පොඩ්ඩක් අල්ලලා බැලුවාම ඇගිලි පාර නැත්නම් හොදටම ගොඩ.ඊට පස්සෙ ඉතිං කෑලි කපලා.වටේටම අයිසිං ෂුගර් තවරලා කන තරමක් කාලා ඉතුරු හරිය පස්සෙ කන්න තියා ගන්න.අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.ඔන්න මාස්මෙලෝත් හැදුවා.මොනවා වුනත් හරිම ලේසි කෑමක් හදන්න. :))))

48 comments:

  1. ම්... අද දවසට දෙවෙනි රෙසිපිය නේ! ...
    මීගමු වාසී අපට ඉදිරි දිනවල ඔ්ව ඔ්න වෙනවනෙ ඉතිං... ගොඩක් ස්තූතියි අක්කො! :) :) :)

    ReplyDelete
  2. දිල් නාසි ගුරං... මෙය ඒ පාර ඩෙසර්ට් එකටද මන්ද මාස් මෙලෝස්... හික් හික්...

    රෙසිපිය ගෑනු දැරිවිට යවන්න ඕනි...

    ReplyDelete
  3. හිහ්..
    මොකෝ මේ කට්ටියම කෑම හදන ඒවම දාන්නේ ආ...!!!!

    ReplyDelete
  4. යමීඊඉඉඉඉ....!!!! මම මාරම අඅස කෑමක්නෙ..හදලා බලන්න ඕනෙ...මාරු කාසි :D හිකිස්ස්ස්ස්ස්ස්ස්

    ReplyDelete
  5. ඒ හැටි බය වෙන්න දෙයක් නැ ඕක හදලා බඩ අප්සට් උනොත් මෙන්න විසදුම
    http://freeanushka.blogspot.com/2011/07/blog-post_06.html

    :D :D :D :D

    ReplyDelete
  6. අඩේ ලේසිනේ මම් හදලා කියන්නම්කො.බබත් ගොඩක් ආසයි මේව කන්න.මම් පින්තූරත් දාන්නම් හදලා.ස්තූතියි නිශූපා:)

    ReplyDelete
  7. හරි ෂෝක්..බීටරයක් තියනවා නම් වැඩේ ලේසියි වගේ...තැන්කූ හොඳේ මාරු සල්ලි රෙසිපියට..

    ReplyDelete
  8. හදනවමයි මම, ඔව් හෙටම :)))

    ReplyDelete
  9. කඩේ තියන ඒවායේ වටේට තවරලා තියෙන්නේ පාන් පිටි නේද? ස්තුතියි රෙසිපියට :)

    ReplyDelete
  10. අපේ දිල් අක්කගේ බත් කාලා කට දැවිල්ල හදාගෙන ඉද්දි නිසූපා අක්කා මාස්මෙලෝස් හදලා.. අපේ අක්කලා ටික අපි වගේ මල්ලිලට කොච්චර ආදරේද බලාගෙන යනකොට..

    ReplyDelete
  11. අඩේ මේ සති අන්තයේ මටයි මල්ලිටයි සෑහෙන වඩක් තියෙනවා එහෙනම්. මායි මල්ලියි ලෑස්ති උනේ පැස්ටා හදන්නෙයි කියලා. පස්ටා වගේ යෑ මාස් මෙලෝස් කියන්නේ. මම් ආසම කෑමක් නේ. කදලා බලලා ගුණාගුන කියන්නම් අක්කේ.

    අක්කට ගොඩක් ස්තූතියි ඈ.

    ReplyDelete
  12. හා එහෙනම් ගැල්ලමයි හදල අපිටත් කෑල්ලක් එවන්න බලන්න...

    ReplyDelete
  13. ඕන්න ඔය මාස් මෙලෝස් කිලෝ 2-3ක්ම හදලා පෝස්ට් එකක් දමන්න නංගි එන්න ඕනි දිහාව .. අපි සෙට් එක එන්නම් කාලා යන්න..

    ReplyDelete
  14. අම්මට කියලා ට්‍රයි එකක් දීලා බලන්න ඕනෙ..තැන්කු කිව්වා රෙසපියට..

    ReplyDelete
  15. me, oka tawa rasawath karaganna barida, carbon dioxide gas eka wenamama bubulanaya karala??? :D

    ReplyDelete
  16. දුවට හදලා දෙන්න ඕනේ....... ස්තුතියි නංගි රෙසපියට

    ReplyDelete
  17. මම කරන්නෙ කලරින් වෙනුවට චොක්ලට් කුඩු එකතු කරනවා බීට් කරද්දිම. මාර රහයි. ලේයර් එකක් චොක්ලට් සහ අනිත් එක සුදු පාටට තියාගන්න. කරල බලන්නකො.

    ReplyDelete
  18. මම හදලා බලන්නම්. හැබැයි ගිය සෙනසුරාදත් වර්ණගේ කිසස් හදන්න ගිහින් හම්බානට නෝනඩියක් කාලා ඉන්නේ මේ සෙනසුරාද මේක හදලා ඒ නෝනඩියෙන් ගැල වෙන්න පුළුවන් වුනොත් මං ගොඩ. ස්තූතියි අකික්යෝ

    ReplyDelete
  19. මාරු සල්ලි කාල දිරවන්න පුළුවන් වෙයි නේද අක්කි ෂුවර් එකටම?? හිකිස්.. තැන්කු වේවා.. :P :P

    ReplyDelete
  20. අපි නොදන්න 'මාෂ් මෙලෝස්'. හැබැයි කෑව කාලයක් මතක නෑ. කඩේ ඒවා නං කන්ඩ හිතෙන් නෑ. ඔබීට රෙසිපිය පෙන්නල බලන්න ඕනෙ එයත් හදන්නෙ මෙහෙමද කියල

    ReplyDelete
  21. අපේ අම්මට කියන්න ඕනේ මේ පෝස්ට් එක pdf කරගෙන ගිහිං... හැබැයි එහා පැත්තේ ඩිස්පැන්සරිය ඇරලා තියෙන වෙලාවක තමා හදන්න ඕනේ...

    ReplyDelete
  22. ඔන්න ඔහේ කඩේ තියෙන එකක්ම කනවා. හිරේ ගිය කාලෙක හදාගෙන කනවා :))

    ReplyDelete
  23. ගෙදර ගියාම කියලා බලන්න ඕනේ...කොහෙද මේවට වෙලාවක් එතකොට....

    ReplyDelete
  24. අම්මට කියලා හදාගෙන කන්නත් හිතුනා ඒත් ....මොකටද ඔච්චර වියදම් කරලා කෑවට ඔවුවා අන්තිමේට යන්නේ එකම තැනට නේ :)

    ReplyDelete
  25. අපොයි ඔයාට කෑම හදන්ටත් පුලුවන්ද? ඊරිසියාවේ බෑ. :D:D

    ReplyDelete
  26. @තනි අලියා - හී හී… ඔව් මල්ලි මං මේක ටයිප් කර කර ඉන්නකොට තමා දිලුත් නාසි ගුරානි ගැන දාලා තිබුනේ.

    @පිස්සා පලාමල්ල - ඒකෙනෙ ඒවා කාලා සැර යවා ගන්න මේක හොදයි. :))

    @චතූ...... - මේකනම් මගේ අර පෝස්ට් එක නිසායි ලියන්න වුනේ.

    @හිතුවක්කාරි - හදලා බලන්නකො නංගා මාරු කාසි…හික්ස්…

    ReplyDelete
  27. @Bunny - ඇයි ක්රිබමිරාජ ගුලි තියෙනවා නම් ඒත් හරි..:))

    @නදී - ලේසියි නේන්නම්. එහෙනම් හදලා බලලා කියන්නකෝ. මගෙ නම නම් නිසුපා.

    @රූ.... - ලේසියි ලේසියි අක්කා. යු ආර් වෙල්කම්. :))

    @වර්ණා - හැදුවද දැන්…???

    ReplyDelete
  28. @සයුරි - ඔව් ඔව්. ඕවගෙ අයිසිං ෂුගර් ගෑවොත් ඉතිං ගිනි ගානට දේවි. :))

    @Dinesh - මල්ලිලාට අක්කලා කොහොමත් ආදරෙයි නෙ මල්ලි.

    @මධුරංග - හරි හරි හදලා බලන්නකෝ. මාත් මේ සතිඅන්තෙ කුකීස් හදන්නයි ඉන්නෙ. ඕනෙනම් ඒකත් දාන්නම් පොටෝත් එක්කම. හැබැයි ඉතිං හරි ගියොත් තමයි ඒකත්. :D

    @පැණි දොඩම් - එහෙනම් ඇඩ්‍රස් එක කියලා බලන්නකෝ. තැපැල් කරලා එවන්නම්.

    ReplyDelete
  29. @Weni - අයියට සීනි කම්මල අයිතියි කියලා දැනගෙන හිටියේ නෑ නෙ. සීනි ටික එවුවාම හදලා කියන්නම්කෝ..

    @cjgayan - හීහී හදලා බලන්නකෝ. හැබැයි වැරදුනොත් මං නෑ හොදේ…:)))

    @Madhawa Habarakada - හපොයි මේ සිසිල් බීම කියලා හිතුවද? හොයලා බලන්න ඕනෙ ඒකනම්

    @RanDil - හදලා දෙන්න අක්කේ. මං ඉස්සර පොඩි කාලෙ කෑවෙ ඇගිල්ලෙ ගහලා අයිස් පලම් වගේ.

    ReplyDelete
  30. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් විතර බිසි උන නිසා අද තමයි මේක බලන්න උනේ.
    මේක හදන්න ගියහම මෙන්න මට ඇති උන ප්‍රශ්න. කරුණා කරල මට මෙන්න මේ ටික පැහැදිළි කරල දෙන්න. :D
    1. ග්‍රෑම් 500 සහ 25 නම් ප්‍රශ්නයක් නැත. ඒත් චුට්ටක් ටිකක් සහ ස්වල්පයක් යනු කොපමණ ප්‍රමාණයක් ද?
    2. බෙර ගැහුවහම්ත් වතුර නටවන්න පුලුවන්ද? දන්නෙ නැති නිසා යි අහන්නෙ.

    බී.ටී.ඩබ්.
    "මං නම් කැමතිම රෝස පාටට" පරණ ඇඩ් එකක් මතක් කරල හිනැස්සුවට තැන්කූ....

    ReplyDelete
  31. recipe එක හොඩයි.එග්ග් egg white තිබුන නම් තවත් නියමයි.
    අන්තිමට icing sugar + corn flour mix එකක කවලම් කර ගන්න.එතකොට ගොඩක් කල් තියගන්න පුලුවන්.සීනි උනු කරන විට 121c වලට ගන්න බලන්න.thermometer එකක් නෑතිනම් fork එකක් බවිතා කරන්න පුලුවනි.recipe එක ඔනනම් කියන්න.

    ReplyDelete
  32. අම්මේ මගේ බඩ රිදෙනවෝ....

    කාලෙකින් අවේ අක්කේ..... නියමයි,,,..

    ජය..

    ReplyDelete
  33. හැදුවා. බුල්ටෝ වගේ උනානේ. අම්මි කියුවා පදම වරදිලු මගේ, ලිපේ ගොඩාක් වෙලා තිබ්බා.

    @ බට්ටි
    මගේ කිසස් හදලා නොන්ඩි උනාද හිකිස්‌.

    ReplyDelete
  34. නෝනට කියන්න ඕනැ පොඩි උන්ට හදා දෙන්න කියලා .....

    ReplyDelete
  35. බට්ටි - හදලා බැලුවද නංගි. මං මේ සති අන්තයේ කුකීස් හැදුවා. ඒකනම් නැගලා ආවා. දාපු දේවල් වල හැටියට රසත් නියමයි. :))))

    @Ice (අයේෂා කුලතුංග) - පුලුවන් පුලුවන් කාලම බලන්නකෝ…. :))))

    @Tharinduhw122 - තැන්කූ…

    @Observer - අහලා බලන්නකෝ ඔබා මාමේ. වෙනසක් තියෙනවානම් කියන්නකෝ අපිටත් දැන ගන්න.

    ReplyDelete
  36. @ගෝල්ඩ් ෆිෂ් - හී හී එහෙම අවුල් එන්නෙ නෑ මාලුවෝ… මං නම් මේවා සෙට් වෙන්න කලින්ම කටේ දාගන්නවා.

    @Hasitha - හිරේ ගිය කාලෙකනම් තව දේවල් හදා ගෙන කන්න බැරියෑ.

    @ඔබ නොදු‍ටු ලොවක්..... - නිවාඩු දවසක හදලා බලන්න.

    @හිස් අහස - ඔව් ඉතිං කොහෙන් ගියත් බඩට තමා. ඒත් ගෙඩර හැදුවාම කොලිටි වැඩියි නේ. :)))

    ReplyDelete
  37. @Podi Kumarihami - අනේ ඇයි අනේ මට ඉරිසියා කරන්නෙ. ඔය චුට්ටක් විතර හදන්න පුලුවන්.. :D

    @Enemy - ඔන්න එහෙනම් මෙහෙම කියමුකෝ.
    1) වැනිලා චුට්ටක් කිවාම කෑම හදන අය දන්නවා බින්දු දෙකක් විතර ඇති කියලා. අයිසිං ෂුගර් නම් ඉතිං මාස්මෙලෝස් ගාන ගැන හිතලා තමා ගන්න ඕනෙ. වැඩි වුනොත් නිකන් කන්න බැරි යෑ. කලරින්නම් ඔයාම හිතාගන්න. කලු පාටට කන්න ඕනෙ නම් වැඩි පුර දැම්මාම හරි… :D
    2) හික්ස්….. අපේ තාත්තා තමා ඔය කතාව කියන්නේ. බෙරයක් ගෙදර නැති නිසා ගහලා බැලුවෙනම් නෑ.
    මටත් ඇඩ් එක මතක් වුනා.

    @charith - බොහොම ස්තූතියි මේ උපදෙස් ටිකට. ෆොර්ක් එකකින් උෂ්ණත්වය මනින්නෙ කොහොමද?? දැන ගන්න එක හොදයි වගේ. :)))

    @Gayan Rupasinghe - ඒ මොකෝ බඩ රිදෙන්නෙ. මේක කියෙව්වාම බඩ රිදෙනවාද..:O

    ReplyDelete
  38. @වර්ණා - අයියෝ….සීනි රත් වෙලා වැඩි වෙන්න ඇති එහෙනම්. බලන්න උඩ චරිත් කියලා තියෙනවා 121C වලට ගන්න කියලා. කන්න බැරි වුනාද ඉතිං.?

    @පන්සල් හංදිය - මගෙත් පොඩි කාලෙ ඉදන් ආස කෑමක්.

    ReplyDelete
  39. සීනි boil වෙනකොට fork එක සීනි එක ඈතුලට දාල අරගෙන fork එකෙ කෙලවරට කටින් පිබින්න.එතකොට සීනි එක 121 ට අවිල්ල නම් bubbles ඒවි.
    හරියට සබන් බෝල වගෙ.bubbles එනකම් දිගටම කරන්න.පුරුදු වෙනකොට නියම වෙලාවට බලන්න හැකියාව ලැබේවි.
    තව ඔනනම් ඇගිල්ලෙන් අල්ලලත් බලන්න පුලුවන්.
    හැබැයි පුරුදු නැතුව එක කරන්න බැ...

    ReplyDelete
    Replies
    1. මාස්මෙලෝ pudding hadana widiya liyanna.

      Delete
    2. ස්තූතියි මුල ඇනෝට (චරිත් වෙන්න ඇති නේද) ...

      දෙවෙනි ඇනො මං ඒක හදන හැටි දන්නෙ නෑ නෙ. :((

      Delete
  40. අනේ නංගියේ උඹ මම කසාද බදින්න දවසක් හරි කලින් මේ පෝස්ට් එක දැම්මනම්.... :(

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අප්පේ.... තනියම හදලා බලන්ටද??

      Delete
  41. මාස්මෙලෝ බඩගිනියි.....

    ReplyDelete
  42. මේ ඔයාගෙ මාස්මෙලෝ හැදුවා මං ;) පස්සෙ නමකුත් දැම්මා සීනි අළුවා කියලා :(

    ReplyDelete
    Replies
    1. අප්පේ...එච්චර අප්සෙට් වුනාද අක්කේ...:((

      Delete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...