expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, November 18, 2011

මාරු සල්ලි කමුද???

                  පිට පිට දුක හිතෙන කතා දෙකක් ලියපු නිසා ටිකක් විතර හිනා යන කතාවක් ලියන්න හිතුනා.දේවා මල්ලිගෙ මෙන්න මේ පෝස්ට් එක නිසා මේක ලියන්න ඕනෙ කියලා හිතුනා.මේ සීන් එක සිද්ද වුනේ නංගිගෙ විභාගය ඉවර වූ ප්‍රීතිය නිමිත්තෙන් පවුලේ කස්ටිය එකතු වෙලා වැවුරුකන්නල,වෙහෙර හේන,කතරගම වන්දනා මාන කරගෙන එන්න ගියපු වෙලාවෙ.ඔය ගමන යන්න කෝච්චියට නගින්න මරදානෙන් බස් එකෙන් බහින්න යද්දි තමයි මං කොන්දොස්තරගෙන් අර සහතිකේ ලබා ගත්තේ.
                  
 
                  අපි ගෙදරින් ගමනක් යනකොට ඔය මගදි හප හප යන්න කෑම ටික එහෙම ගෙදරින්ම හදාගෙන තමයි යන්නේ.කඩෙන් ගේනවට වඩා බඩු ෂුවර් නෙ.ඔන්න මේ පාරත් කෑම හදාගෙන යන්න අඩුම කුඩුම ටික මට කියලා අම්මා ගෙන්න ගත්තා.ඔය අස්සෙ ඉතිං ජෙලටීන් පැකට් එකකුත් තිබුනා.මොකටද අපේ ප්‍රියතම කෑමක් වෙන මාස්මෙලෝස් හදන්න.හැබෑට මේ නම දැම්මේ කවුද මන්දා.සර්ච් කොරලා බැලුවට හම්බ වුනේ නෑ නෙ.තව පොල්,රටඉඳි එහෙම දාලා රුලං එහෙමත් හදාගෙන ගියා.


                   වෙනදට හදන්නෙ ග්‍රෑම්25ක  පැකට් එකකින්ලු.කවුද දන්නෙ ඕවා.:D මං ග්‍රෑම් 100 පැකට් දෙකක්ම ගෙනත්.ඕන් ඉතිං මාත් වැඩට ගියපු දවසක අම්මා නංගිවත් අඩගහගෙන හදන්න පටන් අරගෙන.අම්මටත් මේකෙ ප්‍රමානෙ ගැන ලොකු අයිඩියා එකක් ඇවිත් නෑ.ඒක නිසා පැකට් එකක් දෙකට බෙදලා පාට දෙකක් එහෙම දාලා හදලා භාජනේට දාන්න යනකොට බොලේ එක භාජනයක් මදිලු හදපු ටික දාන්න.ඒ පාර දඩිබිඩි ගාලා වෙනදා කේක් හදන රවුම් භාජනෙත් හෝදලා අරගෙන ඒකටත් දාලා.තව පරක්කු වුනානම් මිශ්‍ර කරපු එකේම ගල් වෙනවා.

                   පාට දෙක එකපාර දාපු නිසා මිශ්‍ර වෙලා අමුතු පාටක් හැදිලා.සීනිත් ටිකක් වැඩි වෙලා.කේක් දාන භාජනේ උස නිසා මාස් මෙලෝස් කෑල්ලක් අඟල් දෙකක් විතර උසයි.කන්න ගියාම වරුවක්  තිස්සෙ කන්න පුලුවන්.අපරාදෙ කියන්න බෑ දෙකක් තුනක් කෑවාම බඩත් පිරෙනවා.ගානට මත් වෙලත් යනවා.ඔය හදපු මහ ගොඩම ඔතාගෙන අරගෙන ගියා.ගමන් යනකොට කොයි වෙලෙත් බඩේ පනුවො දගලගත්ත ගමන් නේ.

                       කොහොම හරි මේ දවස් දෙකේ ට්‍රිප් එකේ අපි රෑ ගත කලේ කතරගම තිබුන වාරිමාර්ගෙ නිවාසෙක.දන්නවානෙ ඉතිං තාත්තා වාරිමාර්ගෙ නිසා ඔය වගේ තැන් තමා සෙට් වෙන්නෙ කියලා.ඔන්න පහුවදා උදේ කට්ටියම නැගිටලා ලෑස්ති වෙන වෙලාව.තාත්තාත් නිදි මත වක් කර කර ඇදුම් අදිනවා.මමත් ඇදුම් ඇද ඇද ඉන්නවා.අම්මානම් ඇදුම් ඇඳලා ඉවර කරලා හෑන්ඩ් බෑග් එක ඇද ඇද ඉන්නවා.නංගි බාත් රූම් එකේ.ඔය ඉන්න ගමන් හදිස්සියෙන් වගේ අපේ අම්මා "මේ ඒයි බලන්නකෝ මාරු සල්ලි ඉවර වෙලානෙ"

                    නිදි මත ඇස් දෙක උස්සලා බලපු තාත්තා " මොකක්ද...?"   අම්මා "ඊයෙ මාරු කරගෙන ආපු සල්ලි ඉවර වෙලානෙ."   තාත්තාගෙ කට ඇරුනා."ඈහ් ඒ කොහොමද එහෙම වෙන්නෙ.ඊයෙත් ගොඩක් තිබුනානෙ."ඒ වුනාට ඉවර වෙලානෙ ."අම්මා කියනවා.ටික වෙලාවක් තුෂ්නිම්භූත වෙලා බලා හිටපු තාත්තා මං දිහාට හැරිලා "ඈහ් චූටි දූ ඊයෙ ඔක්කොම කාලා ඉවර කලාද.කොහොමද ඉවර කලේ?"


                                     ඔන්න දැන් ඇස් දෙක උඩ යවා ගන්න චාන්ස් එක ආවෙ අම්මටයි,මටයි .ඇයි දෙයියනේ මාරු සල්ලි කන්නෙ කොහොමද? "මොනවද කාලා ඉවර කලාද අහන්නේ?"මං ඇහුවා."ඇයි මාස්මෙලෝස්.මේ අම්මා කියන්නෙ ඉවරයි කියලා." :D :D :D


......................................................................................................................


ප.ලි.
එවෙලේ ඉදන් ගෙදර එනකල් අපි මාස්මෙලෝස් වෙනුවට අපි කෑවෙ මාරු සල්ලිලු.

49 comments:

  1. මාර මාරු සල්ලි කෑමක් !!!
    කීබෝඩ් එකේ කෙල වක්කර වක්කර මේ පෝස්ට් එක කියෙව්වා. මාත් මාරම මනාපයි ඔය මාෂ්මෙලෝෂ් කන්න. ගෙදර ඉන්නකන්ම කීය කීය හරි ගෙනිහින් කඩෙන් මාෂ්මෙලෝෂ් කනවා !!!

    ReplyDelete
  2. hikz... :D maru salli kanna math mara asai..
    dan meka dakka nisa hetama thaththata kiyala genna ganna onei..

    ReplyDelete
  3. ade nisupo. meka api danne na newa. :D :D :D
    anthimata masmelos thahanam wachane unada??? :D

    ReplyDelete
  4. ඒ කියන්නෙ නිසූ තාත්තට ඇහිලා තියෙන්නෙ " මාරු කාසි " කියන එක මාස් මෙලෝස් වගේද ??

    ReplyDelete
  5. @මධුරංග - හපොයි…මල්ලි..කී බෝඩ් එක ඉවර ඇති.
    මාත් පොඩි කාලෙ ඉදලා ආසම කෑමක්. ඇගිල්ලක එකක් රිංගවගෙන වටේට කන එක තමයි නියම ක්රිමේ.:)))

    @Red Riding Hood - කඩෙන් ගන්න වෙලා හදාගෙනම කන්න කෝ අනේ. ඕනෙ නම් රෙසිපිය දෙන්නම්.මහ වෙලාවක් යන්නෙ නෑ හදන්න.


    @Madhawa Habarakada - දැන් අපිට ඉස්සර වගේ කියවන්න හම්බ වෙන්නෙ නෑ නෙ අනේ..:(((
    තමා ෆොටො ටික බුකියේ දැම්මෙත් නෑ.
    ඔව් ඔව් අන්තිමට මාරු සල්ලි කමුද කියලා අපි අහනකොට තාත්තා පුදුම වෙලා බලගෙන ඉන්නවා.එයාට මතක නෑ එයා කියපු එක.


    @දිල් - ඔව් දිල් නිදි මරගාතේ තාත්තා හිතාගෙන තියෙන්නෙ එහෙම.

    @විසිතුරු | visituru - අපේ තාත්තා කිව්වොත් ඔහොමම තමා.හැබැයි මේනම් නිදිමතේ කියපු එකක්.:)

    ReplyDelete
  6. ඇත්තටම කොහොමද ඒවා හදන්නේ.මං කලා විතරි තියෙන්නේ

    ReplyDelete
  7. හික්ස් ... මාරු සල්ලි කම්මුද ඇහුවනේ... කමු කමු... :P :P
    නිසූ අක්කිගෙ තාත්තට මාරු සල්ලි , මාෂ් මෙලොස් වෙලා ඇහෙන්න තරම් නිදිමතෙන් ඉඳල තියෙන්නේ... :D

    ReplyDelete
  8. ෂුවර් එකටම තාත්තා පොඩි අඩියක් ගහලා නිදාගන්න ඇත්තේ...හොරාවගේ.....

    ReplyDelete
  9. මාත් ආස ම කෑමක් මාශ්මෙලෝ..... රෙසිපිය මටත් ඕනේ අක්කේ..

    මේ වෙච්ච සිද්ධියත් නියමයි. හිනා වුණා ඇති වෙන්න.... :D :D

    ReplyDelete
  10. පින්තුරේ දක්කමනම් කන්නම හිතුනා අප්පා...

    ReplyDelete
  11. මාරු සල්ලි තියෙන්නේ විසි කරන්ට. කන්ට නෙමේ හොඳේ. අනික් ජාතිය නම් ඉතින් කෑවට කමක් නෑ...:D

    ReplyDelete
  12. මාස්මෙලෝවලට සීනි වෑඩිවුනයි කියන්නෙ කොහොමද? මාස්මෙලෝ හදන්නෙ තනිකර සීනි වලින් විතරනෙ?

    ReplyDelete
  13. අනේ සෝයි... තාත්තටම හරියන දූලා දෙන්නා... අපරාදේ කියල වැඩක් නෑ...!

    ReplyDelete
  14. චූටි දූ.. චූටි දූ.. කියල දාල ෂේප් වෙන්න හැදුවට ඕවට වැඩේ දෙන්නෙ කවුද කියල දන්නවනෙ.

    ReplyDelete
  15. හිකිස්,.. මරු,. තාත්තත් මරු කථානේ කියන්නේ,. හෙ හෙ..

    ReplyDelete
  16. recipe eka denawa niyamai akka.. :) eth kohomada denne? blog eke danawada?

    ReplyDelete
  17. හපොයි..හිනා වෙලා පණ ගියා...
    මරු කතාව..හම්බ වෙන දවසක එහෙනම් අපිටත් මාරු සල්ලි කන්න පුළුවන්..

    ReplyDelete
  18. 1. කතරගම ගියේ මොන කෝච්චියේ ද?
    2. අක්කාට චූටි දූ කිව්වහම නංගීට කියන්නේ මොකද්ද?

    ReplyDelete
  19. තාත්තා ඉදලා තියෙන්නේ හොදටම නිදි මතේ වගේ ඒ වෙලාවේ....

    ReplyDelete
  20. තාත්තා ට උදේත් නිදි 'මත' වගෙයි!

    ReplyDelete
  21. මේ පින්තූරෙ තියන මාස්මිලෝස් ටික දැක්කහම මට කාගෙන කගෙන යන්න හිතුනා.:D මම හරිම පෙරේතයි එවා කන්න..
    හික්ස්ස්ස්ස්..මාරු සල්ලි!!! නියම නම

    ReplyDelete
  22. මං මාරු සල්ලි කන්නෙ නෑ අනේ. :D
    තාත්තා මාෂ් මෙලෝස් ටික ගැනම කල්පනා කර කර ඉඳල වගෙයි. පව්. කොච්චර දුක හිතෙන්න ඇද්ද?

    ReplyDelete
  23. අඩේ මමත් ආසම කෑමක් ඔය මාරු සල්ලි :D

    ReplyDelete
  24. ඔන්න එහෙනම් ආයෙත් අපි කට්ටිය සෙට් වුණොත් මාරු සල්ලි කමු.. :D

    ReplyDelete
  25. අපෙ අප්පු මාමලෑ කඩේ නම් මාස් මෙලෝ තිබ්බා බොටල් එකක් පිරෙන්න . මේ කතාව බලලා මටත් මෙවුවා කන්න ආසා හිතුන නිසා .හෙට දිහෑට එහේ ගිහිං රුපියල් තිහක විතර එවුවා කාලේ එන්ඩ ඕන සිරාවට මම මෙවුවා අවුරුදු දෙහෙකින් විතර කෑවේ නෑ නෙව ..

    ReplyDelete
  26. @අසරණයා - හ්ම්.. … ඔහොම ඉන්නකෝ බලන්න. ඊලග එකෙන් කියන්නම්… :)))

    @Ice (අයේෂා කුලතුංග) - ඒ වගේ නංගි. මදුරුවො කෑවලු නින්ද ගියේ නැතිලු ඒ නිසා. කොහොමත් අපේ තාත්තට නිදි මත සාමාන්‍යයෙන් වැඩියි.

    @ඔබ නොදු‍ටු ලොවක්..... - හප්පේ…. අපේ තාත්තා එහෙම අඩි ගහන කෙනෙක් නෙවෙයි. :P

    @මහි - හරි හරි ඔහොම ඉන්නකෝ රෙසිපිය මෙතනම දාන්නම් එහෙනම්.

    ReplyDelete
  27. @සයුරි - කන්ට කන්ට අක්කා. හදාගෙනම කන්නකෝ

    @Podi Kumarihami - මාරු සල්ලි විසි කලාම බස් වලට දෙන්නෙ මොනවද අප්පා..

    @නවින්ද්‍ර අල්පෝන්සු - ඔන්න කිව්වා කතාවක්. හා හා ඔයා සීනි වලින් විතරක් හදලා බලන්නකෝ…:D

    @ගෝල්ඩ් ෆිෂ් - එහෙම නේන්නම් ඉන්න ඕනෙ. :P

    ReplyDelete
  28. @පැණි දොඩම් - හී හී…ඔව් ඔව් ඉතිං කන්න ගියාම ඔය වගේ ඒවා වැඩිය කන්නෙ මේ චූටි දූ බව දෙන්නාම දන්නවා.

    @ප්‍රාර්ථනා - අපේ තාත්තා කොහොමත් මරු කතා කියන ජොලි පොරක්..:))

    @Red Riding Hood - හ්ම්…. මෙතනම දාන්නම්කො නංගි එහෙනම්.

    @රූ.... - හී හී… හා අක්කේ. එහෙනම් සෙට් වෙන දවසක හදා ගෙන එන්නම්කො.

    ReplyDelete
  29. @Enemy – 1. සොරි වේවා. මාතරට කෝච්චියේ ගිහින් එතැන් සිට බස් එකේ ගියේ. සොරි හොදේ.
    2. අක්කා චූටි දූ නම් නංගි චූටි පුතා වෙයි… :D

    @Dinesh - කියලා වැඩක් නෑ මල්ලි. නැත්නම් කොහොමද මාස් මෙලෝස් , මාරු සල්ලි කියලා ඇහෙන්නේ.

    @කතන්දර Kathandara - ඔව් ඔව් “නිදිමත” තමා.

    @හිතුවක්කාරි - කමු කමු කස්ටිය සෙට් වෙලා කමු. ලස්සන පින්තූරෙ නේද?

    ReplyDelete
  30. @නලිනි චන්දිමා - අක්කා මාස්මෙලෝස් කන්නෙත් නැද්ද? හික්ස්… අනේ මන්දා තාත්තා සීනි කෑම වලටනම් පෙරේතයි තමයි.

    @..ChAnDiKa.. - කමුකො ඉතිං දවසක සෙට් වෙලා.

    @චතුමිතු - කමු කමු නංගි. ඇති යන්තම් ඇවිල්ලා..:)))

    @හිස් අහස - අප්පේ එච්චර කාලයක් නොකා හිටියෙ කොහොමද කන්න ආසානම්. ඇත්තටම කඩේ ඔවුවා එකක් කීයද ඈහ්..???

    ReplyDelete
  31. අඩේ මමත් ආසම කෑමක්. හැබැයි කඩේ ඒවට වඩා මම ආසත් ගෙදර හදපුවා කන්න තමා

    ReplyDelete
  32. ෂා මාස්මිලොස් නම් නියමයී.මාත් හරිම ආසයී.කටට දානවා විතරයීනේ මතක. මොනවා වෙනවද දන්නේ නෑ.

    ReplyDelete
  33. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  34. @පිණිබිඳු - හ්ම්... කඩේ ඒවා වේලිලා වැඩියි නේද??

    @බට්ටි - අප්පොච්චියේ... එච්චර ඉක්මනට කාලා දානවද??

    ReplyDelete
  35. මාත් හරි ආසයි මාස්මෙලෝස් කන්නනම්.ඒත් ඉතින් කඩෙන් ගන්න ඕනිනෙ....කවදාවත් ගැන්නවෙන්නෙනම් නෑ හිතනව මිසක්..

    ReplyDelete
  36. තාත්තත් අපේ කොම්පැනියෙ වගේ, ගියෙ වන්දනා ගමනක් වුනාට, රෑ කෑමට පෙර ටිකක් අනුමත වෙන්න ඇති.

    ReplyDelete
  37. @sithuwam - අප්පේ හිත හිත ඉන්න එපා කොහොමහරි ගන්න.

    @Observer - අපොයි ඔබා මාමෙ අපේ තාත්තා අනුමත වෙන්න නැති කෙනෙක්..:))

    ReplyDelete
  38. මට ඔබතුමීගේ මේල් එඩ්‍රස් එක එවන්න පුළුවනිනම් . මගේ මේල් එඩ්‍රස් එක viyamana.art@gmail.com

    ReplyDelete
  39. මට නම් ඉස්සර ආස ඒත් දැන් ආසවක් නැති කෑමක්.. මොන හේතුවකටද මන්ද පැණි රස ට කිසි ආසවක් නෑ නෙව..

    නිසූ ගේ බ්ලොග් එක මට නිතරම මග ඇරෙනව අප්පා

    ReplyDelete
  40. මොනාද අක්කණ්ඩි....කෙළ පෙරෙනවා....
    මාරු සල්ලි වුනත් කන්න තියෙනවනම් කමු...බඩටනේ..නැද්ද?
    මමත් මාස්මිලෝස් වලට මාාර මනාපයි...හදපු වෙලාවක එකක් දෙකක් මේල් කොරනිටෝ...

    ReplyDelete
  41. පිස්සා පලාමල්ල - ඒකත් හොදයි දියවැඩියාව එහෙම හැදෙන එකක් නෑ නොවැ.

    මටත් ඔයාගෙ බ්ලොග් එක මග ඇරිලානෙ.මගෙ රීඩින් ලිස්ට් එකේ අප්ඩේට් වෙන්නෙ නෑ වගේ.මොකද මන්දා..:(((

    ඹාලු ෆිට් එක - අපොයි වැඩිය පෙරන්ට එපා.
    මාරු සල්ලි කාලා දිරවගන්න බැරි වුනොත් තමා වැඩේ හැබැයි.
    හදපු වෙලාවක එවන්නම්කෝ.

    ReplyDelete
  42. කඩේ ඒවා කන්න ගියාම මාෂ්මෙලෝස් එපා වෙනවා. වෙනදවසක ඕක හදන විදිය post එකකින් දානවද????????????????

    ReplyDelete
  43. හි හි.. මම මුලින් හිතුවේ මාරු සල්ලි කිච්චේ අර සිලලර කියලා හදන්නේ පැණි දාලා පිටි බෝල බැදලා කෑමක් ඒවා කියලා හික් හික්...

    මාස්මෙලෝස් හදද්දි හත්පොලේ ගෑවෙන එක තමා නිසු ප්‍රශ්නේ නැත්නම් හදන්න ලේසිම කෑම :) :)

    ReplyDelete
  44. මමත් මාරු සල්ලි නම් ගිලලා තියනව සතේ සතපහේ ඒවා.මේ මාස්මෙලෝස් හදන හැටි පොස්ට් එකක් දාකූ අම්මගෙන් අහගෙන.:)

    ReplyDelete
  45. කෝ අලේ මම් ඊයෙ රෑ මේකට දාමු කොමෙන්ට් එක?:O

    පුලුවන් නම් මාස්මෙලොස් හදන හැටි දාකූ පොස්ට් එකක් අම්මගෙන් අහලා:)

    ReplyDelete
  46. මාස්මිලෝස් හිස්ට්‍රිය නෙට් එකේ තිබ්බේ මෙහෙමයි.. ට්‍රාන්ස්ලේට් කලේ නැහැ.. මාස්මිලෝ ගහේ කොටසකින් තමා මුලින්ම බෙහෙතක් විදියට හදගෙන තියෙන්නේ.. දැන් ගහේ කෑලිත් නැහැ.. බිස්නස් එකක් යන්නේ.. The marshmallow probably first came into being as a medicinal substance, since the mucilaginous extracts comes from the root of the marshmallow plant, Althaea officinalis, which were used as a remedy for sore throats. Concoctions of other parts of the marshmallow plant had medical uses as well.[2] The root has been used since Egyptian antiquity in a honey-sweetened confection useful in the treatment of sore throat.[1] The later French version of the recipe, called pâte de guimauve (or "guimauve" for short), included an egg white meringue and was often flavored with rose water. Pâte de guimauve more closely resembles contemporary commercially available marshmallows, which no longer contain any marshmallow plant..

    ReplyDelete
  47. @Suri -ඉන්න ඉන්න.ඊලගටවත් ඒක දාන්නම්.


    @සුදු හංසි - හ්ම්…මං ඒවා කාලා නෑ නෙ.
    හත්පොලේ ගෑවුනාට කමක් නෑ අනේ.ඒ ටිකටත් වැඩේ දෙත හැකිනෙ. :D

    @නදී - ඔන්න ඉස්සෙල්ල කමෙන්ට් එකත් තියෙනවා.මට ඉතිං කමෙන්ට් පබ්ලිශ් කරන්න වෙන්නෙ උදේටනෙ. ඉන්න දාන්නම්. :))

    @Chanaka Aruna Munasinghe - හ්ම්…. :D :D :D :D


    @sAm (සෑම්) - අප්පා ඒ මොකක්ද ඒ ගහහැහෙම ගහක් ඇහුවමයි.අපේ රටේ නම් නෑ වෙන්ට ඇති.
    දැන් ඉතිං ඒක බෙහෙතක් නෙවෙයි නේ.හොදට සීනි දාපු කෑමක් නෙ.

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...