expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, November 9, 2011

෴මින්නේරි දෙවියෝ෴

                     මං පොඩි එකා කාලෙ මාව වැඩි පුරම බලාගත්තෙ අම්මගෙ මල්ලිලා.ඔය එක මාමෙක් කරපු දෙයක් මං කලිනුත් කිව්වානෙ.මං මේ කියන්න යන සිද්දිය වෙනකොට අපි පොළොන්නරුවෙ පදිංචියට ඇවිත් අපේ නගා පොඩියි එතකොට.මං තුන්වෙනි වසරෙ වගේ.අම්මයි,තාත්තයි වැඩට ගියාම අපිව බලාගන්න කාන්ති අක්කා කියලා කෙනෙක් ආවට මාමලා එක්කෙනෙක් හරි අපේ ගෙදර හිටියා අපි නවනගරෙට යනකල්.අම්මගෙ පොඩිම මල්ලි විතරයි අපිව බලන්න හිටියෙ නැත්තෙ.අනික් පස්දෙනාම මාරුවෙන් මාරුවට හිටියා.

               ඒ කාලෙ අපේ ගෙදර හිටියෙ ජයසිරි මාමා.මාමට වයස අවුරුදු විස්සක් විතර ඇති.ගෙදරට වෙලා ඉන්න බැරි,යාලුවොත් එක්ක රස්තියාදු ගහන,හිතුවක්කාර වයස.මේ අවාසනාවන්ත සිද්දිය වුනෙත් ඔය නිසාම තමයි.මාමගෙ පොඩි කාලෙ ඉදන්  යාලුවො ටික ,හිටියෙ අවිස්සාවේල්ලෙ වුනාට මෙයා මේ කාලෙ වෙනකොට පොළොන්නරුවෙත් යාලුවො හදා ගෙන හිටියා.

               ඒ අවාසනාවන්ත දවසෙ උදේම ජයසිරි මාමා අම්මටත් කියලා ගෙදරින් පිටත් වෙලා තිබුනේ යාලුවො එක්ක පොඩි ජොලියක් දාන්න කියල හිතාගෙන.ඒත් දෛවය එයාට විනෝදය හරියට ගන්න ඉඩක් ඉතුරු කලේ නෑ.


                 මින්නේරි වැව, මහසෙන් රජතුමා වැදි නායකයින්ගෙන් ඉඩම් ලබා ගෙන ඉතා කැපවීමෙන් හදපු ඉතාම ලස්සන වැවක්.මේ රජතුමා මිය පරලොව ගිහින් දෙවි කෙනෙක් විදිහට මින්නේරි වැව ආරක්ෂා කරන බව තමා මිනිස්සු විස්වාස කරන්නෙ.ඒ නිසාම මින්නේරි වැව ලඟම මේ දෙවියන් වෙනුවෙන් දේවාලයකුත් හදලා තියෙනවා.මින්නේරි දෙවියෝ,මිනිස්සු හරිම ගෞරව කරන දෙවි කෙනෙක් වුනා.

               මමත් අම්මයි,තාත්තයි එක්ක හතර,පස් වතාවක්ම ඔය දේවාලයට ගියේ පූජා පැවැත්වීම කෙසේ වෙතත් ඒ පරිසරයෙ ලස්සන පුංචි කාලෙදිත් හිතට දැනිච්ච නිසයි.නිල් කැටේට වතුර තියෙන වැවේ හුගක් අය ඔරු පදින්න දක්වන්නෙ හරිම ආසාවක්.ජයසිරි මාමත් යාලුවොත් එක්ක පොඩ්ඩක් රහමෙර පාවිච්චි කරලා මින්නේරි වැවේ ඔරු පදින්න ගිහින් තිබුනා.වැව් බන්ට් එක දිගේ යන ගමන් හරියට සිහියක් නොතිබුන මේ කට්ටිය මින්නේරි දෙවියන්ට අනම් මනම් කියමින් තමයි ගිහින් තිබුනේ.

                  හවස වෙනකොට අපිට ඒ අසුභ ආරංචිය ආවා.මාමලා හිටපු ඔරුව වැව මැද්දෙදි පෙරලිලා.අනික් අය ඔක්කොම බේරිලා.මාමා ආගිය අතක් නෑ.ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න බැරි වුනාට තාත්තා, අම්මාගෙ හිත හදන්නත් එක්ක කියලා තිබුනේ, පීනන්න දක්ෂයෙක් වුන මාමා පීනගෙන වැව මැද තිබුන දූපතකට වෙලා ඉන්න ඉඩ තියෙන නිසා පොලීසිය දූපත් සෝදිසි කරනවා කියලයි.තාත්තව විස්වාස කරපු අම්මත්,පහුවෙනිදා සිද්දිය දැන ගෙන අඩා ගෙන අවිස්සාවේල්ලෙ ඉදන් අපේ ගෙදර ආපු ආච්චිටයි,පුංචිටයිත් කිව්වෙ "බය වෙන්න එපා එයා දූපතකට වෙලා ඉන්නවලු"කියලායි.


                   ඒත් ඒ වෙනකොට වැවේ දිය පීරමින් ජීවිතාරක්ෂයො මිනිය හොයනවා.ඒත් හම්බ වුනේ නැති තැන දැල් දාලත් හෙවුවා.ඔය විදිහට දවස් දෙකක් ගත වුනා.ඊට පස්සෙ දවසෙ උදේ ඈත් ඉදන් මිනිහෙක් කෙලින්ම ඉවුරට එනවා.ජයසිරි මාමා...... හැබැයි පණ පිටින් නම් නෙවෙයි.වතුරෙ දවස් ගානක් තිබුන නිසා මිනිය ඉදිමිලා,හොදටම විරූපී වෙලා.තැන තැන කබරයෝ කාලා.මිනිය ගොඩට එන විදිහ ෆොටෝ ගහලත් තිබුනා.මට බලන්න දුන්නෙ නැති වුනාට මං හොරෙන් කොහොම හරි බැලුවා.ඒක නම් මට ජීවිතේට අමතක වෙන්නෙ නෑ.හොල්මනක් වගේ දියෙන් උඩට මතු වෙලා තිබුන හැටි.


                 පාංශුකූලෙ වැඩ කටයුතු වැව් බන්ට් එක උඩම සිද්ද කලේ ආයෙත් තැනකට ගෙනිහින් කරන්න බැරි තරමට ඕජස් වැගිරෙන නිසයි.පෙට්ටියට මිනිය දාන්නත් සෑහෙන අමාරු වෙලා.අන්තිම වෙනකොට පිටටත් ගලලා අවසන් කටයුතු වලට සහභාගී වුන අයත් ඉදලා තියෙන්නෙ අමාරුවෙන්.


                  පෙරලුන ඔරුවෙන් බේරුන මාමාගෙ යාලුවො කියපු විදිහට ඔරුව පෙරලුන ගමන් අනික් අය ඔරුවෙ එල්ලිලා.ඒත් අපේ මාමට පීනීමෙ දක්ශතාවය තිබුන නිසා එයා එක පාර එල්ලිලා නෑ.එයා හිතන්න ඇති පීනලා ඇවිත් එල්ලෙන්න පුලුවන් වෙයි කියලා.ඒත් මත් වතුර නිසා සිහි මද වෙලා හිටපු එයාට ඒ හිතපු විදිහටම කර ගන්න බැරි වෙලා.ඇදගෙන හිටපු ඩෙනිම් කලිසමට වතුර උරාගෙන එයා ගිලිලා.ඊට පස්සෙත් මිනිය උඩට ආවෙ නැත්තෙ වැව පතුලේ ගල් අතර හිර වුන නිසා වෙන්න ඇති උඩට එන්න ඇත්තෙ කබරයින් ඇවිත් අදින්න ගත්තාම කියලා තමා පොලීසියෙන් කිව්වෙ.

                මොනවා වුනත් අන්තිමට ගම් වැසියන් අතර කතාව ගියේ මින්නේරි දෙවියන්ට කල අපහාසය නිසා ඒ වගේ අවාසනාවන්ත මරණයක් වුනා කියලා.පීනන්න පුලුවන්කම තිබියදිත් එහෙම දෙයක් වුනේ ඒ වෙලාවෙ හරි සිහියක් නොතිබුන නිසයි.මේ බ්ලොග් කියවන් ආදරණීය මල්ලිලා,අයියලාටත් මේ කියන්නෙ හරි සිහියක් නැතුව වැව් වලට,ගඟවල් වලට බහින්න එපා.

43 comments:

  1. වැව් වල ගංගා වල මරණ හුඟක් වෙන්නෙ ඔය බීමත්ව වතුරට බහින නිසා. මේ ළඟදිත් එහෙ වැවේ ඔහොම මරණයක් උනා.

    ReplyDelete
  2. ඔහොම තමයි ජීවිතේ...
    ගොඩක් වෙලාවට අපේ අධි තක්සේරුව නිසා යම් යම් වැරදීම් වෙනවා, සමහර ඒවා හදාගන්න පුළුවන් උනත් සමහර ඒවා කවදාවත් හදන්න බැහැ.

    ජයසිරි මාමාට නිවන් සුව....!

    ReplyDelete
  3. කතාව කියවන් යද්දී ඇත්තටම දුක හිතුනා අක්කේ.. කොච්චර දක්ෂ උනත් සමහර වෙලාවට කලබල උනාම පීනන්න බැරි වෙනවා..

    ReplyDelete
  4. //හරි සිහියක් නැතුව වැව් වලට,ගඟවල් වලට බහින්න එපා.//

    ඒක නම් ඇත්ත තමා...
    වතුරට බහිනකොට විතරක් නෙවේ..දැන් කාලේ හැම තැනම ඉන්න ඕනා ඔය විදියට තමා...

    ReplyDelete
  5. හොඳ අවවාදයක්! ස්තූතියි! :)

    ReplyDelete
  6. අයියෝ..අවාසනාවට ඇත්ත කතාවක් වගේ..
    මත් වතුරට ජීවිතේ බිලිගන්න පුළුවන් එකට තවත් උදාහරණයක්..

    ReplyDelete
  7. වතුර වලට බහිනවා වගේම එක දෙයකුත් තේරුම් ගත්තා අක්කෝ.. ඩෙනිම් ඇදන් වතුරට නම් බහින්නේ නැ ආයේ... ගමේ අය කියපු කථාව ඇත්ත වෙන්නත් පුලුවන් නේද??
    කොහොමත් බිවහම සිහිය නැතිවෙනවාලුනේ.. තාම එහෙම අත්දැකිම් නැති නිසා ඒ ගැන නම් මම දන්නේ නැ ඔන්න

    ReplyDelete
  8. ආදර්ශය - බීමෙන් පසු දියට බැසීමෙන් වලකින්න.

    ඕක ඒ මාමගේ වෙලාව අක්කේ. වෙලාව ආවම අපි කාටත් යන්න වෙනවා. පීනන්න කොච්චර දක්ෂයෙක් උනත් වෙලාව ආවම දියේ ගිලිලා මැරෙනවා.

    ReplyDelete
  9. කනගා‍ටුයි ජයසිරි මාමට වෙච්ච දේ ගැන..හොද ආදර්ශයක් ගන්න පුළුවන් සිද්දියක්...ඒත් රහමෙර ගත්තම ඉතින් මින්නේරි දෙවියෝ ආවත් මචං කියලනේ කථා කරන්නේ....

    ReplyDelete
  10. මේ වගේ දෙයක් නම් දරා ගන්න හරිම අමාරුයි...ඔයා මේ කතාව කියපු එක හොඳයි නංගි. කී දෙන්නම් ඔය වගේ හේතු නිසා නිරපරාදේ මැරෙනවද?...අපි දැක්කා මා කෙළි ඇල්ල ළඟ අපේ කැම්පස් එකෙනුත් දැන්වීමක් ගහල තියෙන්නෙ, එතන කැම්පස් ළමයි පුදුම විදියට මැරෙනවලු. ඒ ඔක්කොටම හේතුව රහ මෙර..

    ReplyDelete
  11. හිතුමතේ කරපු වැඩක් නිසා ජිවිතෙන් වන්දි ගෙවන්න වෙලා.. සමහර දේවල් මිනිස්සු විශ්වාශ නොකලාට ඒවාගේ ලොකු ඇත්තක් තියනවා.. හිතුමතේ නිසුගේ නැවතුමට ගොඩ වැදුන පලවෙනි අවස්ථාව වෙන්න ඕනා

    ReplyDelete
  12. ගංගා වැව්වල ගිලී මිය යන බොහෝ දෙනෙක් ඔය වගේ මත්පැන් ගෙන, අසිහියෙන් සිටීම නිසාත්, ප්‍රදේශයේ අය එපා කියද්දි අනතුරුදායක තැන්වල නාන්නට යාම නිසාත් තමයි ඒ දේවලට මුහුණ පාන්නෙ. ඇයි මිනිස්සු මෙච්චර මේ ගැන කියද්දිත් ඒකම ආපහු කරන්නෙ? මත්පැන් ගැනීමත්, අනතුරුදායක දේ කිරීමත් වීරකම් කියලා හිතන තරමට මෝඩ නිසා වෙන්නැති.

    ReplyDelete
  13. හැමෝටම හිතන්න දෙයක් ඉතිරි කරපු කතාවක්...!!!

    ReplyDelete
  14. ඔව් අප්පේ ගොඩක් අය අනුරාධපුරේ එහෙම ආවම වැව් වලට බහිනව නාන්න.පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ.සමහරු ජීවිතත් නැතිකරගන්නව මේවගේ බීලා නාන්න ගිහින්.

    පව් අර මනුස්සයා.අපරාදේ ජීවිතයක් නැත් උනා.

    ReplyDelete
  15. අම්මෝ ගිලිල මැරෙනව කියන එක නම් මැරෙන විදි වලින් භයානකම එක.. මම හිතන විදියට.

    ReplyDelete
  16. ඒක නම් අපේ කට්ටියි කරන ලොකු වැරද්දක් අක්කේ. කඳු නගින්න, දිය ඇලි බලන්න, නාන්න යන්නේ බීල තමයි. මෝඩ කම තමයි ඉතින් වෙන දෙයක් නෙමෙයි.

    ReplyDelete
  17. මං නම් ආදර්ශමත් ලොකු මාමා කෙනෙක් :D

    ReplyDelete
  18. ඔව්. බීමත් කම කියන්නෙ කොයි විදිහකින් හරි විනාශයට මුලක්. ඉතින් ඒක ගැන නම් අතිශයින්ම හිතන්න ඕනෙ. තමුන්ට මොන හැකියාවන් දැනුම තිබුනත් අවස්ථානුකූලව ඒ හැකියාව දැනුම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන් කියන එකත් හොදට හිතේ තියාගන්න ඕනෙ.

    ReplyDelete
  19. මාමනම් පව් නිසූ, මොනවා කරන්නද ...... ඔහොම තමයි ජීවිතේ, කොයි වෙලාවෙද කීයන්න බෑ.

    මමත් එක පාරක් ඔය විදියට බීලා, මැනික් ගඟේ නාන්න ගිහින් මැරෙන්නෙ නැතුව ගොඩ ආවා. එදායින් පස්සෙ බිව්වට අනික් එව්වො ගැනත් කල්පනාවෙන් ඉන්නෙ. ඒ උනාට ඉතින් බිව්වම සිහියක් පතක් නැහැනේ.... කොයි වෙලේක හරි මැරෙයි.

    ReplyDelete
  20. අනිත් එක, බිව්වට පස්සෙ මලත් සැපයිනේ.............

    ReplyDelete
  21. බොහොම හොඳ අවවාදයක් භාවිතාවෙන්ම ලැබෙන කතාවක්. ඇත්තටම මෙහෙම ජීවිත කීයක් නැතිවෙනවද මේ මත්පැන් හා නොමනා ක්‍රියා නිසා

    ReplyDelete
  22. @පිණිබිඳු - ඔව් අනේ.අපි එහේ හිටපු ටිකට සෑහෙන්න එහෙම ඒවා ඇහුවා.පරාක්‍රම සමූද්‍රයේ ඒවා තමා වැඩිය.මට මතකයි ගෑනු කෙනෙක්ව මරලා ගල ගැට ගහල වැවට දාලා තියෙනකොට හම්බ වුන එකක්.

    @ලොකු පුතා - ඒකනම් ඇත්ත අයියා.ජයසිරි මාමට වැරදුනා.මොනවා කරන්නද?

    @Dinesh - ඒකනෙ මල්ලි.ඒ වෙලාවෙ සිහියෙනුත් නෙවෙයි නෙ ඉදලා තියෙන්නෙ.

    @චතූ - ඒක ඇත්ත අද කාලෙ කොහේ ගියත් එහෙම යන්න ඕනෙ.පාරක ගියත් එහෙම තමා.

    ReplyDelete
  23. බීපුවම කරන්න ඕන හොඳම දේ තමයි වැව් ඉවුරේ ගලක් උඩ ඉඳගෙන ජල තලාව දෙස බලාගෙන ඉන්න එක.

    ReplyDelete
  24. අන්තිමට දීල තියෙන අවවාදය හරිම වැදගත්.
    පීනන්න දන්නා කෙනෙකුට වුනත්, කලකින් එවැනි ශරීරෙ වෙහෙසෙන ව්‍යායාමයක් කරල නැත්තන් ලේසියෙන් කකුල් වල මස් පෙරලීමක් (ක්රෑම්ප්) හැදෙන්න ලේසියෙන් ඉඩ තියෙනවා. ක්රෑම්ප් එකක් ආවොත් කෝමටවත් පීනන්න බැහැ.

    ReplyDelete
  25. @තනි අලියා - බොහොම ස්තූතියි.

    @රූ- ඔව් අක්කා අවාසනාවට ඇත්ත කතාවක්නම් තමයි. හ්ම්… බීලා වාහන එලවලත් කීදෙනෙක් ජීවිත නැති කරගන්නවද?


    @දේවා ගේ අඩවිය - ඔව් මල්ලො.හිතන්නකො ඩෙනිම් හෝදන්න ගියාමත් අපි කොච්චර අමාරුවේ වැටෙනවද කියලා.හ්ම්… ඇත්ත වෙන්නත් පුලුවන්.මොනවා වුනත් ඔය කතා නිකමට හැදෙන්නෙත් නෑ නෙ.අනේ හොදයි මල්ලි අත්දැකීම් නැති තරමට හොදයි.


    @මධුරංග - මට කියන්න ඕනෙ වුනේ ඒක තමා මල්ලි.

    ඇත්ත මල්ලි වෙලාව ආවාම අපි කාටත් යන්න වෙනවා නේන්නම්. අනික අනික් හැමෝම පීනන්න දන්නෙත් නැතුව බේරුනානම් මෙයාට බේරෙන්න බැරි වුනේ මොකද?වෙලාවම තමා

    ReplyDelete
  26. @ඔබ නොදුටු ලොවක් - මේ වගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද.මට මතකයි අපේ යාලුවෙක්ගෙ මාමා කෙනෙකුත් ඔය විදිහටම මැරුනා.රහමෙර වරද තමා ඕක.සීමාවක් ඇතුලෙ ඉදන් පාවිච්චි කරනවානම් මුකුත් වෙන්නෙ නෑ.

    @සයුරි - කතාව කිව්වට අක්කා කීදෙනෙක් ඕවා මතක තියා ගන්නවා ඇද්ද.මොකද කැම්පස් ලමයි ඔය වගේ කතා අහලා නැතුවයෑ.හිතන්නකො අන්තිම විභාගෙත් කරලා අන්තිම ට්රිනප් එක ගිහින් ඔය වගේ දෙයක් වුනා කියලා.අහිංසක දෙමව්පියන් කොච්චර දුක් වේවිද?සාර්තකත්වය ලබන්න ඔන්න මෙන්න තියලා ජීවිතේ නැති වුනාම.:((

    @හිතුමතේ - ඔව්.ඒ කතාවල ඇත්තක් තියෙනවා නේන්නම්.අපිට නොපෙනෙන ලෝකයක් තියෙන බව මම නම් විස්වාස කරනවා.
    මාත් හිතන්නෙ එහෙමයි.කලින් ඔයාව මේ පැත්තෙ දැකලා නෑනෙ.සාදරයෙන් පිලිගන්නවා.

    @නලිනි චන්දිමා - කියලා වැඩක් නෑ අක්කා.ඔය මැරෙන අයත් ඊට කලින් කොච්චර ඔය වගේ කතා අහලා ඇද්ද.මත්පැන් ගත්තාම හොද සිහිය නෑ නෙ.මේ කරන දේ මේ මතක නෑ.

    ReplyDelete
  27. @prasanna86k - ඔව් මාලුවෝ.ඒත් කී දෙනෙක් ඕවා ගැන හිතයිද?

    @නදී - නොදන්න තැන් වලනම් බීලා නැතත් නාන එක හරි නෑ අක්කා.

    @පැණි දොඩම් - කවුද දන්නෙ.එක අතකට අමාරු ඇති තමා හුස්ම ගන්න බැරි වෙනවා.

    කාලෙකින් වගේ.ලගදි පෝස්ට් එකක් දැක්කෙත් නෑ.

    @Kasun - මෝඩකමට බේත් නෑ කියන්නෙ නිකන් නෙවෙයි නේ මල්ලි.

    ReplyDelete
  28. @Bunny - අනේ හොදයි.දිගටම එසේම වේවා..:D

    @Madhawa Habarakada - ඔව් මාධව.මත්පැන් වලින් තීරණ ගැනීම පරක්කු කරනවානෙ.මත්පැන් නොබිව්වත් කලබල වුනොත් ඒත් වෙන්නෙ ඔය වැඩේම තමයි.

    @uwiniran - ජීවිතේ හැටිනම් තමයි.කොයි වෙලේද කියන්න බෑ.ඒත් සිහි නුවනින් ඉන්නවානම් තව කල් ඉන්න පුලුවන්.

    ඕක තමා වැඩේ.ඔහොම හිතනවානම් ඉතිං මොනවා කරන්නද? :(((

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්ර - මෙතනනම් මෙයාගෙ ක්රි යාව නිසා මෙයාටම දඩුවම් ලැබුනා.ඒත් අහිංසක ජීවිත කොච්චරක්නම් බීමත් රියදුරෝ නිසා නැති වෙනවද මල්ලි.

    ReplyDelete
  29. @Anonymous - ඒකනම් ඇත්ත. එතකොට කාටවත් කරදරයක් නෑ.

    @Observer - ඒක ඇත්ත මාමෙ.මාත් පීන්නන් පුරුදු වෙන දවස් වල මටත් ක්‍රෑම්ප් ආවා.මගෙ නම් වෙන්නෙ කකුලෙ ඇගිලි අනික් පැත්තට යන එක.වෙලාවට පූල් වල ඉන්නෙ.ඒ නිසා අයිනකට ගිහින් හරි යනකල් ඉන්නවා.දැන් යාන්තමට පීනනවා.

    ReplyDelete
  30. ඕවා පාවිච්චි කර කල හැකි එක වැඩේ ඔහේ වාඩි වී කල්පනා කිරීම හෝ දෙඩවීම පමණි.

    ඒ බව නොදන්නන් හෝ නොපිළිගන්නා අයට ඉහත ආකාරයේ ප්‍රශ්න ඇති වේ. තමන්ට පමණක් නොව අනිත් අයටද ප්‍රශ්න ඇති වේ (උදා: වැඩි වී රිය පැදවීම නිසා).

    ඒ ගැන උදාහරන නිමක් නැත.

    ReplyDelete
  31. බීලා ඔරු පදින්න ගියෝතින් නම් ආයේ ගොඩට ඒමේ සම්භාවිතාව බොහෝම අඩු අගයක් තමා තියෙන්නේ .

    ඔවු ගොඩ දෙනෙක් ඔය කට වරද්දගන්න එක කරනවා අපේ පැත්තේ විහාරයකට ගිහිං ඔහොම කට වරද්දගත් කෙනෙකුට පන්නගෙන ආපු අලියෙක් වැඩේ දුන්නා . ඕවායේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ ඒත් මම කරන්නේ ඒ වගේ තැනකදී කට පරිස්සම් කරගෙන ඉන්න එක . ඇත්ත චුණත් බොරු වුණත් එතකොට හිතට සැනසීමයි .

    ReplyDelete
  32. ඕක තමා කියන්නේ...
    අපි බොරුය කියල හිතං ඉන්න දේවල් ඇත්ත වෙනවා..
    ඇත්ත කියලා හිතං ඉන්න ඒවා බොරුවෙනවා...
    දැං බලන්න කීදෙනෙක් හිතං ඊන්නවද දෙවිවරු කියන්නේ සංකල්පයක් විතරයි කියලා....
    එතකොට , අමුර්තෙ කියන්නේ තියන සිහිය වැඩිකරන එකක් කියලා කීදෙනෙක් හිතනවද? ( බොහොමයක් අයියලා මල්ලිලා හා අන්කල්ලා.)
    පළවෙනි දේ ඇත්ත වෙලා, දෙවැනි දේ බොරු වෙන්න ටික වෙලාවයිනේ ගියේ....
    මොනව උනත් වෙච්ච දේට මගේ සාතශිය සංවේගය...
    ( අක්කණ්ඩි මම මල්ලියෙක් නෙවි නංගියෙක් ඔන්න..)

    ReplyDelete
  33. සිද්ධ වුණු දේ ගැන නම් දුකයි අක්කියෝ... :( :( ඒත් ඒ කතාවම තවත් කෙනෙක්ට ආදර්ශයක් විදියට ලියල තියන්න හිතුන එක ගොඩක් වටිනවා...

    ReplyDelete
  34. බිව්වම සමහරුන්ට අධි තක්සේරුවක් එනවනෙ වෙනදටත් වැඩිය හොඳට පීනන්න පුලුවන් කියල.... මේ විදියට කොච්චර නම් ජීවිත නැතිවෙලා ඇත්ද... මොනතරම් දැනුවත් කලත් වැඩක් නෑනෙ... හරිම කණගාටුයි....

    ReplyDelete
  35. කට්ටියම මතට ආවඩල ලිපි ලියද්දි, ඒක ෆුල් ෆන් වැඩක් කියල ලියද්දි, නිසූප මතට එරෙහිව ලියපු ලිපිය ඉතාමත් වටිනව.
    මත්වුනු අයෙක්ට ජීවිතේ නැතිවෙන්න පුන්චිම පුන්චි දිය පාරක් උනත් ඇති.. මින්නේරිය වගේ මහ වැවක් වෙන්න ඕනේ නෑ.. අපේ පාසැලේ හිටපු විදුහල්පති තුමෙකුත් මේ ආකාරයට ජීවිතෙන් සමුගත්ත, මත් වෙලා දියට බැහැල...
    නමුත් මාම වෙනුවෙන් කණගාටුව පල කරනවා ..

    ReplyDelete
  36. බහුතරයක් කොල්ලො නාන්න ගිහින් මැරෙන්නෙ දෙමව්පියන්ගෙ මෝඩ අදහස් නිසා!

    ReplyDelete
  37. @මගේ කතාව - කියලා වැඩක් නෑ. ඒත් ගොඩක් අයට මේක තේරෙන්නෙ නෑ නෙ.

    මතකද අවුරුදු කාලෙට එහෙම යන ඊගල් එකේ ඇඩ් එක ශෝක් කෙලි පොඩිත්තෙක් නැති වුන හැටි යන්නෙ. හේතුව බීමත් රියදුරෙක්ගෙ අපරීක්ෂාකාරී වාහන එලවීම.

    @හිස් අහස - ඒක නේ වෙලා තියෙන්නෙ. සිහියක් නැතුවනේ ඒ වැඩේ කියලා තියෙන්නෙ.

    අනේ මන්දා මල්ලි. සිරීපාදෙ යද්දිත් ඔහොමනෙ. අපේ අම්මලා යද්දි අම්මගෙ පුන්චි කෙනෙක් අනම් මනම් කිය කියලු නැග්ගෙ. එයාට එයාගෙ කකුල් වලින් බහින්න හම්බ වුනේ නෑලු. කකුල් ඉදිමිලා. අනික් අයට එයාව කරේ තියාගෙන එන්න වුනාලු.

    @ඹාලු ෆිට් එක - හපොයි කවුද අප්පා අමුර්තෙ සිහිය වැඩි කරනවා කිව්වෙ. :O
    මොනවා වුනත් දෙවියෝ කියන සංකල්පය එක පාරම බැහැර කරන්න අමාරුයි තමයි. ඒත් ඒ අයට අපිට උදව් කරන්න පුලුවන්ද කියන එකනම් ප්ර්ශ්නයක්.
    සොරි සොරි අනේ නමේ හැටියටයි කියන දේවල් වල විදිහටයි මං හිතුවෙ මල්ලෙක් කියලා. :)))

    @Ice (අයේෂා කුලතුංග) - ස්තූතියි නංගි. ඒත් කී දෙනෙක් මේවා තේරුම් ගනියිද කියන එකයි ප්‍රශ්නෙ.:((

    @Miyuru - ඒක තමයි අක්කේ වැඩේ. කොච්චර දේවල් දැන ගෙන හිටියත් බීපු ගමන් ඕවා අමතකයි. ඊට පස්සෙ වෙන වැඩර් කෙනෙක් නෑ වගේ නෙ හැසිරෙන්නෙ.

    @නදුන් උයන - මම තනිකරම එරෙහි නෑ අයියෙ. සිහි බුද්දිය තියාගෙන ටිකක් බිව්වට කමක් නෑ බොන්න ඕනෙමනම්. සමරුන්ව හදන්න හරිම අමාරුයි නෙ අයියෙ. මොනවා කරන්නද ඒ වගේ වෙලාවට.:((

    @ඉන්දික උපශාන්ත - ඒ කිව්වෙ අයියේ තේරුනේ නෑ නෙ. :O

    ReplyDelete
  38. ඒකනම් හරි දුක හිතෙන කතාවක්. මොනව උනත් පාවිචියෙන් පස්සේ වතුරට බහින එකනම් නුවනට හුරු නෑ. ඒත් ඉතින් ඔය සති අන්තවල මූදුවෙරලට ගියාට පස්සේ පේනව කට්ටිය ගොඩ දෙනෙක් වතුරට බහින්නේ පදමට අරන්.

    ReplyDelete
  39. හොඳට නරකට දෙකට කටමය............

    ReplyDelete
  40. ගොඩක් දුක හිතෙන් සිදුවීමක්!!!

    මේ වගේ සිද්ධි කොයි තරම් නම් වෙනව ද? ඒත් ගොඩ දෙනෙක් ඒවලින් පාඩම් ඉගෙන ගන්නේ නෑ.

    අක්කා අන්තිම ට දුන්නු අවවාදය නම් ගොඩක් වටිනවා.........

    ReplyDelete
  41. අහත්දිත් බය හිතෙනවා.. කොහොම උනත් අනතුරක් කිය කිය එන්නෙ නෑනෙ. පරෙස්සම් වෙන එක තමයි හොඳම දේ.

    ReplyDelete
  42. @readmyeye - අපොයි ඔව් මුහුදට බහින්නෙත් ඔහොම බීලා තමා අන්තිමට ගහගෙන යන කල් දන්නෙ නෑ. අනේ මන්දා තේරෙන්නෙ නැද්ද කියලා.

    @විසිතුරු | visituru - ඒක නම් ඇත්ත මල්ලි.

    @මහි - එහෙම පාඩමක් ඉගෙන ගන්නවා නම් මේ වෙනකොට බීලා ගිලිලා මැරෙන සිද්දි නැති වෙලා ගොඩක් කල් නංගි. ඒත් එහෙම වෙලා නෑ නෙ.

    @හංසි - ඒක ඇත්ත හංසි.

    ReplyDelete
  43. සිහියක් නැතුව ගංගා, වැව්, පොකුණුවලට බහින්න එපා කියනවාටත් වඩා සිහිය නැති කරගන්න එපා කියලා කියන එක තමා වටින්නේ අක්කේ

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...