expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Sunday, October 23, 2011

රෑ ජාමෙ හොයා ගෙන එන්නයි හදන්නෙ - චාටරයක් කෑවෙමි

                     කැම්පස් ගිය ගමන් වගේ චූටි රැග් එකක් විදිහට සින්දුවක් කියන්න සිද්ධ වුන සීන් එක මං කලින් කිව්වානෙ.ඕක අස්සෙ කමෙන්ට් එකක් විදිහට මාධව කියලා තිබුනානෙ මං සිදුවක් කියන වීඩියොවක් එයා ගාව තියෙන බව.ඉතිං ඒ වැඩෙන් වුනේ ඒක පබිලිස් කොරන්නය කියලා කස්ටියගෙන් අසන්නන්ගේ ඉල්ලීම් ලැබිච්ච එක.

                ඕනෙ එකක් කියලා මාත් මාධවට කිව්වා ඒක යූ ටියුබ් එකට දාන්නය කියලා.බුකියෙ ඉන්න කස්ටියනම් දකින්නත් ඇති.ඒත් නොදැකපු අයටත් දැක ගන්ටත් එක්කම පොස්ට් එකකුත් දාන්ට කියලා මාධව සහෝ කියපු නිසාත්, ඕක කියන්න ගිහින් වෙච්ච පොඩි සීන් කෝන් එකකුත් කියන්න ඕනෙ කියලා හිතුන නිසාත් මේ කොටන්න ගත්තෙ.



                 ඔන්න තියෙනවා වීඩියෝව.බලන්ටකො මගෙ සයිස් එක ඒ කාලෙ.මටම හිතා ගන්න බෑ මං කොහොමද දැන් ඉන්න තරමට මහත් වුනේ කියලා.:(((

                 ඔය සින්දුව මං කියන්නෙ අපේ ජුන්නො ආපු ගමන් ඒ කස්ටියව වෙල් කම් කියලා පිලිගන්න අපි සින්නො විදිහට කරන ශෝ එකේ.ඇත්තම කිව්වොත් ඕකෙ නැටුම් දෙක තුනකුයි,සින්දු ගොඩකුයි තමයි තියෙන්නෙ.හොද කටකාර කොල්ලෙක් හරි දෙන්නෙක් හරි තමයි නිවේදනයට දාන්නෙ.තව කස්ටියක් වීඩියෝ කරනවා.මගේ සින්දුව බැලුවාම තේරේවි කොහොමද කියලා වීඩි‍යෝ කිරිල්ලෙ  තරම.මොනවා වුනත් වීඩියෝ කරන අයියලාගෙ ඇහැ යන්නෙ ලස්සන නංගිලා ගාවට.ඔය වීඩියෝ එක ලොකු තිරයක දාන නිසා කස්ටියම දැක ගන්නවා කෙල්ලගෙ හැටි.

                   අපේ එකේදි ඔය නිවේදන කටයුත්ත බාර දුන්නෙ පස්ටම කටවල් දෙකකට.කට්ටාටයි,ඇනයටයි.බසාට නම හැදුනා වගේ නම් නෙවෙයි මේ නම් හැදිලා තියෙන්නෙ.මං දන්න තරමින් ඉස්කෝලෙ ඉදන් එන නම් දෙකක් මේ.ඇනයවනම් කැම්පස් එකේ ලොකු පොඩි හැමෝම දන්නවා.කට්ටාවත් සාමාන්‍යයෙන් කස්ටිය දන්නවා.ඒ නිසා මෙතන වැඩිය මුකුත් නොකිය ඉන්න එක හොදයි.:D

       කොහොමහරි එදා මට සින්දුව කියන්න තිබුනෙ තුන්වෙනියට.මේ ජීවිතේ මෙච්චර සෙන ගොඩක් මැද්දෙ තනියෙන් සින්දුවක් කියන පලවෙනි පාර.නංගිලා,මල්ලිලා හත්සීයක් විතරයි,අපේ කස්ටිය තුන්සීයක් විතරයි එකතු වුනාම හෙන සෙනඟක් නෙ.මං ඉතිං ගැහි ගැහී ඉන්න අතරෙ අරුන් දෙන්න මට කලින් හිටිය දෙන්නගෙ කාඩ් කුඩු වෙන්නම දේවල් කිව්වා.හප්පොච්චියේ...එහෙම ඒවා අහලා සින්දුත් කියන්න පුලුවන් යෑ.යාලු ෆිට් එකට ඇනයට කතා කරලා කිවා අනේ මටනම් ඔහොම මුකුත් කියන්න එපා කියලා.

                    මගේ අවස්තාවත් ආවා.මුන් දෙන්නා කියවන්න ගත්තා.නම එහෙම කියවලා මෙන්න යකෝ ඇනයා කියනවා "මේ අක්කා අපිට එයා ගැන මුකුත් කියන්න එපා කිව්වා.එහෙම නේද කට්ටා." කට්ටත් ජාඩියට මූඩිය වගේ කියපි "ඒත් එහෙම කරන එකත් හොද නෑ නේද.අනික් අයට වගේ සලකන්නත් එපැයි."ඊට පස්සෙ ඇනයා කියපු දේවල් ටික අහලා මට පොලව පලා ගෙන යන්න හිතුනෙ නැති එක විතරයි. "අපි වැඩිය මුකුත් කියන්න ඕනෙ නෑ හැබැයි.කියන්න යන සින්දුවෙන්ම අක්කා ගැන හිතා ගන්න.පින්න පිපෙන රෑක හොයා ගෙන යන්නයි හදන්නෙ.පිලිගන්න....."

                       හූ හඩ,විසිල් හඩ මැද්දෙ හෝල් එකේ පිටිපස්සෙම ඉදන් මූනත් රතු කරගෙන ඉස්සරට ඇවිත් තමා ඔන්න ඔය විදිහට සින්දුව කිව්වෙ.

43 comments:

  1. හරි සුන්දර මතකයක් නේද නිසූපා..කොච්චර දෙයක්ද මේ වීඩියො එක රැක ගත්ත එක...හ්ම්ම් දැන්නම් ටිකක් ඔයා මහත් වෙලා තමයි..ස්තුතියි අපිටත් ඔයාගේ සිංදුව අහන්න අවස්ථාව
    සැලසුවට.

    ReplyDelete
  2. ලස්සනට කියලා තියනවා. අහන්ට ලැබුනු දෙයත් කොච්චර එකක්ද?.:D

    ReplyDelete
  3. ඔයා ලස්සනට කියනවනේ සින්දුව...ඊට පස්සේ සින්දු කිව්වේ නැද්ද? .....වීඩියෝ කරපු සෙට් එකටනං ගානක් දෙන්නයි වටින්නේ :)

    ReplyDelete
  4. එළ එළ. . . සෘතියේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනත් හොඳට සින්දුව කිව්ව. ඒක නිසා මම දෙවෙනි වටයට තෝරනවා. ඊළඟ වටයට එද්දි පිච් එකේ තියන අඩුපාඩුකම් හදන් එන්න ඕන හරිද?

    වීඩියෝ එකේ නම් ගොඩක් අඩුපාඩු තියනවා. වීඩියෝ කරේ මාධව මල්ලිද? කමක් නෑහෑ පොඩි එවුන්නෙ. සමහරවිට වීඩියෝ කර පළවෙනි එක වෙන්න ඈතිනේද?

    මහත්වුණ එකටනම් හේතුව මම දන්නවා. ඒත් ඒක මෙතන දෑම්මොත් හෙට උදේට තර්ජනාත්මක SMS එකක් ෂුවර් තමයි. ඒක නිසා මම ඒක ලියන්නෙ නෑහෑ. මතක ඈතුව මාව හම්බවෙච්ච වෙලවක මහත්වීමට හේතුව අහගන්න.

    ReplyDelete
  5. මම නම් වීඩියෝ ටීම් එකට ෆුල් ක්‍රෙඩිට් එක දෙනවා ;)

    ReplyDelete
  6. නිසූපා අක්කා ඒ කාලෙ හරි ලස්සනයිනෙ !! (දැනුත් එහෙමයි)

    ReplyDelete
  7. සිංදුව මං ඇහුවා... මැක්සා හොඳේ... අම්මප වන් මෝ කියලා කෑගහගන්න විදියක් නෑනේ...

    ReplyDelete
  8. සිංදුව වගේම තමයි වීඩියෝ එකත් දෙකම එකවගේ නියමයි !!!!
    අපරාදේ අක්කට හොදට සිංදු කියන්න පුලුවන් හකියාවක් තියෙනවා. ඒක දියුණු කරගන්න උත්සහ කලේ නැතෙයි ?

    ReplyDelete
  9. හප්පේ සිංදුත් කියනවනේ !!! නියමයි....කැමරමන් නං එළට වැඩේ කරල තියෙන්වා.....

    ReplyDelete
  10. සිංදුව නම් හොඳයි... හරිම සුන්දර මතකයක්.නිසූ... අර වීඩියෝ කරපු කෙනා කැරකෙන පුටුවක ඉඳගෙනද වීඩියෝ කරලා තියෙන්නේ... ඒක බලද්දී අපිට කැරකිල්ල හැදෙනවා... lol

    ReplyDelete
  11. ඔන්න මම නම් කන් වල ඇඟිලි ගහගෙන නෙමෙයි සිංදුව ඇහුවෙ. අර වීඩියෝ කැමරා දිග නූලක බැඳල ජිම් එකේ වහලෙ එල්ලල ඔන්චිල්ලාව වගේ එහාට මෙහාට පැද්දුවනම් ඔයිට වඩා හොඳ වීඩියෝ එකක් අපිට බලන්න තිබුණා.
    මොනව උනත් දැන් ඒ කාලෙට වඩා ලස්සනයි වගේ. :P (පොටෝ විතරක් දැක ඇති බව කරුණාවෙන් සලකන්න) :D

    ReplyDelete
  12. කැමරා ඈංගල්ස් නම් මරු. සමහර වෙලාවට පෙන්නන්නේ කොන්ක්‍රීට් ස්ලැබ්, රූෆ් ට්‍රසස්, කොලම්ස්.

    මේ සිවිල් ඉංජිනියරිං කරපු අය වෙන්න ඇති නේද?

    ReplyDelete
  13. යන්තං මාධවට නොවඳිනා වැඳුං වැඳලා ඕක දම්ම ගත්තේ...

    මුං වීඩියෝ කරන්න ගියත් සිල්පෙට මුල් තැනද මංදා..?

    ඇත්තම කියන්න රෙකෝඩිං නං පස්ට.. කොහොම හරි මට ඔයා කියන සිංදුව මොකක්ද කියලා තේරුනේ ඒකේ අන්තිම හරියට යද්දී... මොනවා උනත් කන් දෙක බේරගෙන අහන්න පුළුවන් ආකාරයේ වොයිස් එකක් තියෙනවා...

    ReplyDelete
  14. කතන්දර කීවා වගේ කැමරා ඈංගල් නම් මරු...:DDD
    සිංදුව ලස්සනට කියලා තියෙන්නේ. බැරි වෙයිද අපේ බස් රේඩියෝවටත් සිංදු ටිකක් කියන්න...:DDDD

    ReplyDelete
  15. ෂා... අක්කා නියමෙට සිංදුව කියල තියෙනවා... :)

    ReplyDelete
  16. හප්පා.... ඒ සොඳුරු අතීතය මතක් කරල දුන්නට බොහොම ස්තූතියි.. මේ අපේ ජිම් එක නෙව.. !!! ඕක උඩට නැග්ගහම පහලින් එන හූ පාර කාගෙන ඉන්නව කියන්නේ රජ වැඩ කාරයෙක් තමා...

    ReplyDelete
  17. මං නං හිතුවේ නෑ මේක දාවියි කියලා...මාධවට ඒකේ පළවෙනි ස්තුතිය යන්න ඔන.. ඔය ලස්සනට කියලා තියෙන්නේ අක්කේ සින්දුව.. නරකද ඔය ස්ටර් එකකට ගියොත් ඊළග පාර...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මේක මං හිතන්නෙ අර වසරේ හොඳම වීඩියෝවට තේරුන එකද කොහෙද....

    හරියට සිංදුවක් කියාගන්න, චිත්‍රයක් ඇඳගන්න, කතාවක් කවියක් ලියාගන්න පුලුවන් අය හරිම වාසනාවන්තයො....

    ReplyDelete
  20. නියමයි අක්කේ. ලබන පාරවත් සුපිරි තරැවක් වෙන්න දැම්මොත් නරකද

    ReplyDelete
  21. වීඩියෝ කිරිල්ල එක්සලන්ට්... මගෙ බෙල්ල ගැලවුනේ නැතුව විතරයි...

    ReplyDelete
  22. ඔයා ලස්සනට සින්දුව කියනව.
    ඒකාලේ ඔයා ගොඩක් කෙට්ටුයිනේ.

    ReplyDelete
  23. සින්දුව හොඳට ගායනා කරනවා. වීඩියෝ කරපු කෙනා කලන්ත අල්ලලා වැටෙන්න ඇති වීඩියෝ කරලා ඉවර වෙන කොට !

    ReplyDelete
  24. ආයුබෝවන් නිසූපා..

    අදමයි මේ පැත්තෙ ආවෙ.. අපූරු වීඩියෝ එකක්නෙ... සිංදුව හොඳයි...වීඩියෝ එක රෝලකෝස්ටර් එකක යනගමන් ෂූට් කරල තියෙන්නෙ...

    ReplyDelete
  25. "අපි වැඩිය මුකුත් කියන්න ඕනෙ නෑ හැබැයි.කියන්න යන සින්දුවෙන්ම අක්කා ගැන හිතා ගන්න.පින්න පිපෙන රෑක හොයා ගෙන යන්නයි හදන්නෙ.පිලිගන්න....."

    හික් නියම හදුන්වා දීම..

    ReplyDelete
  26. @Gimhani - ඔව් අනේ.මං කියපු හුගක් සින්දු වල වීඩියෝ මං ගාව නැහැ.සමහර ඒවා වීඩියෝ කලෙත් නෑ.දැන් නම් හරි දුකයි ඒ ගැන.:(
    ටිකක් නෙවෙයි ගොඩක් මහත් වෙලා.මමත් ස්තූතියි කියනවා ඇහුවට.

    @Podi Kumarihami - ස්තූතියි කුමාරිහාමි. තව ඉස්සරහට කියන්න හිතා ගෙනත් ඉන්නවා.

    @සයුරි - ස්තූතියි අක්කා. කිවවා කිව්වා.අවස්තාවක් ලැබෙන හැම වෙලේම කොහොම හරි සහබාගි වුනා.

    @නවින්ද්‍ර අල්පෝන්සු - හික්ස්..ස්තූතියි අයියේ.ලයිව් කියනකොට පොඩි පොඩි අවුල් එනවානෙ.:)
    වීඩියෝ කලේ මාධව නෙවෙයි . කවුද කලේ කියලා මතක නෑ.මං හිතන්නෙ මේක ඕනෑවට එපාවට වීඩියෝ කරලා තියෙන්නෙ.ප්‍රධාන එක මේක නෙවෙයි.

    ReplyDelete
  27. @ChammA - හික්ස්...වීඩියෝ කලේ කවුද කියලා දන්නෙ නෑ නෙ.නැත්නම් කියන්න තිබුනා.

    @විසිතුරු - ස්තූතියි මල්ලි....:)))))))

    @prasanna86k - තැන්කූ තැන්කූ. කෝල් එකක් දීලා කෑගැහුවානම් හරිනෙ.

    @මධුරංග - දියුණු කරගන්න පුළුවන් උපරිමේ කරනවා මල්ලි.හරි ආතල් වීඩියෝව නේද? :D

    ReplyDelete
  28. @ඔබ නොදු‍ටු ලොවක්..... - හප්පේ ඔව් ඔව් කියනවා නේන්නම්.කියලා වැඩක් නෑ ඒකනම්.

    @AnithKona - ස්තූතියි අනේ. කැම්පස් මතකයන් හරිම සුන්දරයි නේන්නම්.මටත් මුලින්ම වීඩියෝව බැලුවාම තදත් වුනා.

    @Enemy - හික්ස්... ඒකත් ඇත්ත තමා.එහෙම වුනානම් ස්ටේජ් එක පැද්දි පැද්දි හරි පෙනෙයි නේ.
    තැන්කූ ඈ... අහන්න ඕනෙ ඉතිං මාව දැකලා තියෙන අයගෙන් තමයි මාධව වගේ.

    @කතන්දර Kathandara - අනේ කවුරු වීඩියෝ කලාද කියලා දන්නෙ නෑ කතන්දර අයියේ. දන්නවානම් සම්මානයක් දෙන්න වටිනවා.

    ReplyDelete
  29. @මාරයාගේ හෝරාව - කොහොම හරි දැම්මානෙ අයියා.

    වීඩියෝව ගැන නම් කතා කරලා වැඩක් නැත.

    කමක් නෑ අන්තිමට හරි සින්දුව මොකක්ද කියලා තේරුනානෙ.තව ඒව දැම්මාම බලන්නකො.:))

    @priyantha - තැන්කූ වෙරි මච්.. කියමු කියමු දවසක...:))

    @LPS - ස්තූතියි සහෝ...මල්ලිද,නංගිද දන්නෙ නෑ නෙ.:)

    @නදුන් උයන - ආයෙත් අහලා ජිම් එක තමා. හැබැයි හූ කිව්වෙ ඔය කියපු හැදින්වීමට විතරයි.පස්සෙ ඇහුනෙ විසිල් විතරයි.අන්තිමට ඇහෙන විල්ල් එක තමා මං ජීවිත කාලෙදි ගීතයකට ලබපු ලොකුම ප්‍රතිචාරය.

    ReplyDelete
  30. @Dinesh - ස්තූතියි මල්ලි... අපොයි ස්ටාර් නම් එපා.ඕවා මහ විකාරයි. අනික ඕවාට මහන්සි වෙන්න වෙලාවකුත් නෑ.

    @Miyuru - හික් හික්.... එහෙම වෙන්ටෑ.

    අපි හැමෝටම මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා.ඒක ඔප මට්ටම් කලාම හරි.

    @batti - ස්තූතියි, අපොයි බෑ නංගි.ඒ වෙනුවට වෙන වැඩක් කරන්න හිතාගෙන ඉන්නෙ. බලමුකෝ..

    @පොඩි මෑන් - ගනන් ගන්ට එපා අනේ. ගැලවුනේ නෑ නොවැ.

    ReplyDelete
  31. @නදී - ස්තූතියි නදී.ඒකනෙ මං කිව්වෙ. ඉස්කෝලෙ කාලෙ ඔයිටත් හපන්..:))

    @Weni - ස්තූතියි අයියා.
    නෑ නෑ කලන්තෙ දැම්මෙ නෑ.කැමරාව අතේ තියාගෙන උඩ්ට, පහලට, හරහට් කොලාට ලන්තෙ දාන්නෙ නෑ නෙ.

    @සපතේරු උන්නැහේ - ස්තූතියි ආවට.සාදරයෙන් පිලිගන්නවා ඔන්න.වීඩියෝව කරපු එකාට දැගල්ල්ල වැඩි වෙලාද කොහෙද.

    @cjgayan - ඔව් අප්පා මට එපා වුනා ඒක ඇහුවාම..:((

    ReplyDelete
  32. සින්දුවනම් ලස්සනයි..අර වගේ හැදින්වීමකට පස්සේ මෙහෙම ලස්සනට සින්දුව කියන්න පුළුවන් වුනු එක නම් මාරයි...

    ReplyDelete
  33. හික් හික්. කතා ගොඩායිනෙ. හැබැයි නිසුපො, පෝස්ට් එක කොට වැඩී.
    ළමයිනේ මම මේක විඩියෝ කළා නම් මේක සුපිරිම සුපිරි විදිහට තියෙනව. මම නොසෙල්වී ඩීන්ගෙ කතාවක් එක පාරක් විඩියෝ කළා ගල් පිළිමයක් වගේ. කවදාවත් මෙහෙම බෙල්ල කැඩෙන ඈංගල් වලින් නම් මම විඩියෝ කරන්නෙ නෑ. බලන්නාට පහසුවෙන් බලන්න පුළුවන් වෙන්නයි අපි වැඩ කරන්නෙ.
    ඩිඩියෝ කරපු එකාව නම් මටත් හරියටම මතක නෑ, මම පොඩ්ඩක් අනිත් විඩියෝ ටිකත් බලල අඳුනගන්න පුළුවන්ද බලන්නම්. ඌ ට්‍රයිපොඩ් එකට කැමරාව සෙට් කරල එක පිටින්ම තමා ඔය එහෙ මෙහෙ හරව හරව කැමරා කළේ.

    නිසුපාගෙ තව සිංදු තියෙනව. නමුත් මගෙ ලඟ නම් නෑ. (අර නැටුම හැරුනුකොට) ඒව එයාට හොයාගන්න බෑලුනෙ. මම කීව කොම්පියුටරේ 5S කරන්න කියල. :D
    ඒවත් ලැබුණු විට අපි ප්‍රසිද්ධ කරමු. :)

    මේ පෝස්ට් එකෙන් පස්සෙ නිසුපගෙ විඩියෝ එක බලල තියෙනව 90 දෙනෙක් වගේ. :) (පෝස්ට් එකට ඉස්සෙල්ල 45දෙනෙක් වගේ.)

    ReplyDelete
  34. මම හිතන්නෙ සිවිල් එකක් නම් නෙමෙයි විඩියෝ කලේ.
    අනිත් එක, මේක Uncut version එකනෙ. :)

    ReplyDelete
  35. සින්දුව කලින් අහල නැති හන්දද මන්ද, තේරුනේම නැහැ. මාරයාගෙන් වත් අහල බලන්න ඕනෙ, අන්තිම හරියෙදි තේරුනා කියල කොමෙන්ට් කරල තියෙන නිසා

    ReplyDelete
  36. ලස්සනට සිංදු කියනවා...සොරි සොරි..ගායනා කරනවා නොවැ!

    ReplyDelete
  37. හප්පා.... නිසූ ගායිකාවක්නේ... දෙවැනි වටේට යන්න සුදුසුකම් තියෙනවා.... වීඩියෝ කලේ කව්ද හැබෑට... අනේ අප්පේ..... හික් හික්....

    ReplyDelete
  38. @රූ.... - හී හී තැන්කූ අක්කා.මොනවා කරන්නද කියන්නම එපැයි.අනික් අයටත් ඔය සෙතේම තමයි වුනේ.

    @මාධව - පෝස්ට් එක ටිකක් කොටයි තමයි.මොනවා කරන්නද තව කියන්න දෙයකුත් නෑ නෙ ඕකෙ.
    සින්දු ටික හොයා ගත්තාම ප්‍රසිද්ද කරන්න බැරියෑ..:)))

    @ Observer - අයියෝ ඔබා මාමා තේරුනෙම නැද්ද අප්පා. විස්තරේ කියෙව්වාමවත් සින්දුව මොකක්ද කියලා හිතගන්න බැරි වුනාද.
    මේ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ "පින්න පිපෙන රෑ යාමේ" සින්දුවනෙ.

    @Sabith - හික්ස්...තැන්කූ ඈහ්...:))

    @පිස්සා පලාමල්ල - තැන්කූ තැන්කූ...බලමුකො දෙවෙනි වටයට ගිහින් නේද...:))
    වීඩියෝ කලෙත් අපේ උන්ම තමයි.

    ReplyDelete
  39. තේරෙන්නෙ කොහොමද, කවදාවත් අහල නැති සිදුවක්නෙ හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  40. ගෙදර ගිහිං තමා සිංදුව බලන්න වෙන්නෙ .....
    ඇත්තටම කැම්පස් ජීවිතෙත් මාර ෆන් නේ .....

    ReplyDelete
  41. අම්මෝ කවුද ගීත කෝකිලාවි...... සුපර් ස්ටාර් යන්න ඕනේ එක්කෙනෙක්නේ :))

    ReplyDelete
  42. @Observer - අපොයි එහෙමද??

    @පන්සල් හන්දිය - කියලා වැඩක් නෑ.මටනම් ඉස්කෝලෙට වඩා ෆන් තැන ඒක.

    @Hasitha - අනේ අම්මෝ සුපර් ස්ටාර් යන්නනම් බැරියෝ....

    ReplyDelete
  43. අප්පටසිරි ! අපේ අයියත් මේකෙ ඉන්නේ... බේස් ගිටාර් එක කරේ බැඳගෙන... මූන නම් පෙනුනේ එක පාරයි...

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...