සමා වෙන්ට ඕනේ කස්ටියට මාව මේ දවස් වල වැඩිය පේන්නෙ නෑ කියලා හිතුනානම්.මේ දවස් වල වැඩ රාජකාරී බොහොමයි අප්පා.රස්සාව කොරන්ටත් එපැයි.නැත්නම් ඩොන්ගට ගෙවන්න සල්ලි කොයින්ද.එතකොට ඉතිං බ්ලොග් කෙරුවාවත් හබක්.
මං ඉතිං ගිය පාර පෝස්ට් එකෙන් කැම්පස් කෙරුවාවල් කියන්න පටන් ගත්තානෙ.මේ තියෙන්නෙ අපේ එකෙක්ට නමක් වැටුන හැටි.අපේ කස්ටියට ජේස්ට උතුමන්ගෙන් නම් වර ලබා ගන්න තරම් පිනක් තිබුනේ නෑ නොවැ.
ඉතිං ඉදලා හිටලා එකෙක් කරපු වැඩක් හරි, නමම පොඩ්ඩක් එහාට මෙහාට හරි කරලා තමයි නම් වැටුනේ.
ඉතිං ඉදලා හිටලා එකෙක් කරපු වැඩක් හරි, නමම පොඩ්ඩක් එහාට මෙහාට හරි කරලා තමයි නම් වැටුනේ.
මේ සිද්දිය වෙනකොට අපි කැම්පස් ගියා විතරයි කිව්ව හැකි.ඉංජිනේරු විෂයන් වල ලෙක්චර්ස් පටන් ගන්න කලින් තියෙන ඉන්ගිරීසි කෝස් එකේ අවසාන කාලෙ තමයි අපි හිටියෙ.ඕකට පස්සෙ ඉතිං කස්ටිය වෙන් වෙනවා කියන එක අහන්නත් දෙයක්ද.ඇයි ඉතිං පස් එක්ක වැඩ කරන අයයි,රෙදි එක්ක වැඩ කරන අයයි, ප්‍රවාහන අයයි අපෙන් වෙන් වෙනවානෙ.
ඉතිං කස්ටියටම ඕනෙ වුනා ට්‍රිපක් කාරිය ගිහිල්ලා යාලු ෆිට් එක වැඩි කොරගන්න.අපි නොදකින පුර හඳක් බලන්න තමා හිතුවෙ.හික්ස්....කොහෙද ඉතිං වෙන හන්තානෙ මිසක්.මට ඉතිං ඔය සංවිදාන වැඩ කිවාම බැහැල කරන්න හිතෙන ගතියක් තියෙනවා නෙ.අනේ මන්දා කොහෙන් ආපු එකක් ද කියලා.ඉතිං මට තමා බාර වුනේ සල්ලි ගනුදෙනු ටික සහ ලමයින්ගෙන් එන යන නැති අය මාක් කරගෙන ඉන්න වැඩ.මාටියා එහෙමනම් ගැහුවෙ නෑ හරිද.ගානට නූලට ගනන් බේරලා අය වැය වාර්තාවකුත් හැදුවා..:D
දැන් ඉතිං යන්න බස් එකකුත් හොයා ගන්න එපැයි.පාරෙ බස් එකේ යන්නයෑ.කස්ටිය කතා වුනා ඉන්ගිරීසි පන්තියෙන් පස්සෙ කැම්පස් එක ඉස්සරහ පාර වෙන මෝල්පේ පාර දිගේ ඇවිදගෙන ගිහින් බස් තියෙයි කියලා හිතන තැන් වලින් ගනන් මිනුම් අහලා බලන්න.ඔය නඩේට ඉතින් ඒ වෙනකොට ෆිට් වෙලා හිටපු කොල්ලො පහලොවක් විතරයි(සංවිදායක මන්ඩලේ කස්ටියත් ඇතුලුව),මායි (මාත් මන්ඩලේ එකෙක්නෙ) තමයි අයත් වුනේ.
බහුතර කස්ටිය බෝඩ් වෙලත් හිටියෙ ඔය පාරෙම තමා.(අපේ පිණිබිඳුවත් ඔය පාරෙ බෝඩින් හොය හොයා ගියයි කියලා තිබුනෙ) ඉතිං හවසට බස් නවත්තලා තියෙන ගෙවල් වලින් තමා අහ අහ ගියේ.ඒත් හිතට සැටිස් වෙන්න එකක් සෙට් වුනේ නැති නිසා දිගටම ගියා.කයිය දාගෙන යන නිසා මහන්සියකුත් නෑ නෙ.ඔහොම සෑහෙන දුරක් ගියාට පස්සෙ අපේ එකෙක් ගෙයක් පෙන්නලා කියනවා."ඒ මචං අර ගෙදර බස් තියෙයිද දන්නෙ නෑ" කියලා.
අහන්නෙ නැතුව දැන ගන්න අපිට දිවැස් නෑ නේ."උඹම අහපන්" කියලා.පොරව ඉස්සරට දාලා අපි පොඩ්ඩක් පස්සට වෙලා හිටියා.ගෙදර සාලෙට වෙලා ඇන්ටි කෙනෙකුයි,අන්කල් කෙනෙකුයි බත් කනවා.වෙලාවත් එකහමාරට විතර ඇති.ඔන්න වුන කතාව
අපේ එකා - ඇන්ටි මෙහේ බස් තියෙනවැයි.
ඇන්ටි - අනේ ඔව් පුතේ තිබිලා ඉවර වුනා නෙ.
ඒ කතාවෙන් අපිනම් ෆුල් තක්කු මුක්කු.ඇයි යකෝ බස් එකක් එක පාර ඉවර වෙන්න කොහොමද????? අපේ එකානම් තවත් ප්‍රශ්න අහනවා.
අපේ එකා - කොහොමද ඇන්ටි ගනන් එහෙම?
ඇන්ටි - රුපියල් පනහයි පුතේ එකක්.ඔක්කොම ඉවර වුනානෙ.(කට්ටිය දිහා බලමින්) ඕනෙ නම් ටක් ගාල උයලා දෙන්නම්....
අනේ අපොයි......:D එදා පටන් ඉතිං අපේ එකා බසා වුනා.....
![]() |
මේ හන්තානෙ කන්ද උඩදි කස්ටිය |

බසී කියලා නමක් කාටවත්ම වැටුනේ නැත්ද ?
ReplyDeleteඇත්තටම ඇන්ටි ඒ මොනවා කියලා හිතුවද දන්නේ නෑ නේද?...:D
ReplyDelete@ඉඳුනිල් - නෑ නෙ කාටවත් වැටුනේ නෑ.::D
ReplyDelete@Podi Kumarihami - බත් කියලා අනේ වෙන මොනවා කියලා හිතන්නද.බස් බත් වගේ ඇහිලා.
ReplyDeleteනිසුපා ත් අර කොල්ලෝ සෙට් එකත එක්ක කොල්ලෙක් වගේ යන්න ඇති.. හික් හික්,,,
ReplyDeleteජය..
අඩේ බසාගෙ නම වැටුනු හැටි අදනෙ දැනගත්තෙ. අපේ ගෲප් එකෙත්නෙ හිටියෙ. :D
ReplyDeleteඒක නෙමෛයි, පරණ පෝස්ට් එකේ මගෙ අන්තිම කමෙන්ට් එක බැලුවොත් නිපුසගෙ ගීතයට සවන්දෙන්න පුළුවන්. :)
බස් කියලා අහපු එක බත් කියලා ඇහිලා. කොහෙද ඉතින් ඒ ඇන්ටිට උයන එකමනේ සිහියට තියෙන්නේ !!!
ReplyDeleteමේ ට්‍රිප් එකට මාධව අයියා එහෙම ගියේ නැද්ද ? අපිත් පලවෙනි අවුරුද්දේ හන්තානේ නැග්ගා !!! ඒක නම් මරුම ගමනක්. වැස්සත් ටිකක් තිබ්බා. ඒ මදිවට කූඩැල්ලෝ !!!!
:D ඇන්ටි බලන්ඩ ඇති ටක් ගාලා බතක් උයල දීලා ගානක් ගන්ඩ.
ReplyDeleteහයියෝ..හයියෝ...බස් බත් :D
ReplyDeleteහෙලෝ නිසූපා! ඔයාගෙ නම දැකලා අහම්බයකින් තමයි මෙතැනට ආවෙ. මම මේ බ්ලොග් ලෝකෙට අලුත්... ඇත්තම කියන්න, ඔයාලගෙ බ්ලොග්ස් දැක්කාම තමයි මටත් හිතුනෙ ලියන්න... ඔයාගෙ බ්ලොග්ස් මම කියවගෙන යනවා... එ වගේම follow කරනවා.. මාවත් follow කරයි කියලා හිතනවා..
ReplyDeleteඅපිත් ගිය හන්තානෙ English Course එක ඉවර වෙලා.... නියම සිදුවීම් ටිකක් උනා, දවසක කියන්නම්...
නිපූසා'...හි..හී... මම නෙවෙයි, ඔය මාධව කියල තියෙන්නෙ...LMFAO...
අඩේ අෆරාදේ නිසු අක්කා ඕක ගිහින් ඇහුවා නම් නිකන්ම බසී කියලා දගන්න තිබ්බානේ චෑ....:ඩි
ReplyDeleteහිකිස්.. මරු කථාව.. ඇත්තටම මොකක් කියලද අර ඇන්ටි හිතලා තියෙන්නේ.. අපේ බැජ් එකෙත් ඉන්නවා බසා කියලා එක්කෙනෙක්,. එයාට නම් ඒ නම වැටුනේ නම බස්නායක නිසා...
ReplyDeleteහත් දවසකින් බත් දැකලා නැති විදියෙ සෙට් එකක් ඇවිල්ලා ඇහුවාම ඉතිං ඇන්ටි වෙන මොනවා හිතන්නද???
ReplyDeleteඑක්කෝ ඇන්ටිගේ කන් දෙකේ දෝසයක්... නැත්තං බසාගේ ව්‍යාවහාරයේ දෝසයක්... කොහොමද කට්ටියටම බත් උයලා දුන්නනම් එහෙම සනීපේ....
ReplyDeleteහන්තානෙ පළවෙනි පාර ගිහින් රස රහස හොයාගත්තෙ. කෙල්ලොන්ගෙ කූඩැල්ලො එල්ලුනාම ගලවන්න කෙල්ලො එන එකක්යැ? පස්සෙ ගියෙම එහෙ ඒ හින්දද මන්ද!
ReplyDeleteහි හි ඒක නම් මරු. පොඩි එවුනුත් ඔහොමනෙ..."බස්" එකට කියන්නේ "බත්" එක කියලා.
ReplyDeleteඅපිත් ඉංග්‍රීසි කෝර්ස් ඉවර වෙලා හන්තානේ තමයි ගියේ.
හිහි බස් එකක් 50යි බත් ආන්ටි පව්
ReplyDeleteබත් ආන්ටිගෙ කනේ දෝසයක් ද කොහෙද හිහ්
ReplyDeletegd
ReplyDeleteමට ඒත් එකපාරම හිතාගන්න බැරි උනා ඒ ඇන්ටි මොකක් ගැනද කිව්වේ කියලා.. පස්සේනේ තේරුනේ වෙච්ච දේ... කොහොම හරි ඇන්ටිගේ අවුලෙන් අහක හිටපු කොල්ලෙක නම වැටුනේ...
ReplyDeleteman danna kellek innawa!~ eekitat kiyanne basa kiyala! habai ee bath cse nemei! surname 1 basnayake nisa! mmm! nice story akki! :)
ReplyDeleteමරු! අනේ පව් බසා~
ReplyDeleteකැම්පස් එකේ කාඩ් එක වැටුන නිධාන කතා නම් හරිම ලස්සනයි !
ReplyDeleteකැම්පස් එක ඉස්සරහින් පිළියන්දල මෝල්පේ පාරට යනකොටම දකුණු අත පැත්තේ තිබුන නිමල් අයියගේ පොටෝකොපි කඩේ මතකද?
ReplyDelete@Gayan Rupasinghe - හික්ස්.... ඒ වගේ තමයි..;))
ReplyDelete@මාධව - ඒක නේන්නම් අපි දෙන්නම ඉතිං A3 නේ.:))
@මධුරංග - ඒක තමා මල්ලි.
නෑ මාධව ගියේ නෑ.එයා වෙන ඉන්ග්‍රිසි පන්තියක හිටියේ. අපි ගිය දවසෙත් ටිකක් වැස්සා.කූඩැල්ලොත් හිටියා.ඒත් මොන අමාරු ආවත් ගමන නම් සුපිරි ෆන්.
@නලිනි චන්දිමා - ඒකට තමා ට්‍රයි කලේ අක්කේ.ඇයි කට්ටියත් හිටියානෙ.
@ChammA - හික්ස්.... ඒකනේ..
ReplyDelete@Miyuru - ඔන්න මාත් ඒ පැත්තෙ ගියා.වර්ඩ් වෙරිෆිකේශන් එහෙම අයින් කරලා ලියමුකෝ.කියවන්න එන්නම්.
හික්ස්...මාධව ඉතිං මගෙ පරන යාලුවෙක් නෙ.
@ප්‍රාර්ථනා - අපි බත් ගැන අහනවා කියලා හිතලා තියෙන්නෙ නංගි.ඒ පැත්තෙ ඉතිං බත් බිස්නස් බරටම යනවානෙ.
අපරාදේ කාලම එන්න තිබුනා. සල්ලි ඇහුවම බස් හොයන්න ආවේ කිව්වම ඉවරයිනේ
ReplyDelete@ගීතක - ඔව් ඉතිං මාත් ඒ කාලෙ ඇච්චෙක් වගේනෙ.දැන් තමා මහත. අයියත් කැම්පස් කාලෙ කෙට්ටුයි නේද?
ReplyDelete@prasanna86k - මං හිතන්නෙ ඇන්ටි ගෙ කනේ තමා දෝසෙ. එහෙම වුනානම් ඉතිං උයන්න යනකල් ඉදලා මාරු වෙන්නයි තිබුනේ.
@ඉන්දික උපශාන්ත - හික්ස්.... අපෙත් ඔය වැඩේ වුනනා.මගෙත් දෙපාරක් විතර අයින් කලේ අපිව ගයිඩ් කරපු අයියා.ඊලග පාරවල් වල මංම අයින් කරගත්තා.
@සයුරි - මේකනම් ඇන්ටිගෙ කනේ දෝසයක් අක්කා.අපේ එකා හරියට කිව්වා.කස්ටිසෙ සෙට් වෙලා යන්න නියම තැනනෙ ඒක.
@නදී - හික්ස්... ඒක නේන්නම් අක්කා.රුපියල් 50ට බස් එකක් දෙනවානම් මක් කරන්න බැරිද..:))
ReplyDelete@Tharinduhw122 - තැන්කූ..
@Dinesh - මොකද වුනේ කියලා කෙලින්ම කිව්වෙ නැත්තෙත් කට්ටියට තේරුම් ගන්න තමයි.එහෙම තමයි ඉතිං නම් කිය කිය වැටෙන්නෙ නෑ නෙ.:)
@මාධව - மாதவ - Madhawa - තැන්ක් යු මල්ලි.කැම්පස් එකෙන් අයින් වෙනකල් බසාගෙ නම එහෙමම තිබුනා.
@විසිතුරු - හික්ස්.... ඔව් අනේ අපි එනකල් මග දිගට හිනා වුනා.
ReplyDelete@Weni - ආයෙත් අහලා අයියා.ඒත් අපේ වැඩිය නම් වැටුනෙ නැති නිසා කතාත් අඩුයි.
@ඔබ නොදුටු ලොවක් - ඔයා කියන්නෙ හිටරු එක ගැනද?
@cjgayan -අම්මෝ...ගමම එකතු වෙලා අපිට නෙලුවොත්. කොහොම තියෙයිද...?
මමත් ගාල්ලේ කතා කියලා මෙහේදී අනන්තවත් නෝන්ඩි වෙලා තියෙනවා.
ReplyDeleteඒ වෙලාවට මම බේරෙන්න කියන්නේ ඒක අපේකම කියලා.
මරැ ඈ....
ReplyDeleteහිකිස් ඔය කථාව මෙහෙම කිවට ඇත්තටම උනේ බසි කියලා ඔයාට නම වැටුන එකනේ නේද?? එතන ඉස්සරහට ගිහින් කථා කරන්න ගටක් තිබුනේ ඔයාට විතරයිනේ නේද???
ReplyDeleteරසසින් කියන්නකෝ ඔව් නේද??
දැන් එතකොට උඹට වැටිච්ච නම මොකද්ද. පින්තූරෙ නම් සෑහෙන්න අඳුනන මූණු ගොඩක් තියෙනවනෙ බොලේ. දැක්කටත් සතුටුයි කට්ටිය.
ReplyDeleteඔන්න මාත් මේ පැත්තෙ ආවා නඟා, ඔයාගෙන් බ්ලොග් එකේ ලින්ක් එක ඉල්ලුවට හම්බ උනේ නැහැනෙ, දේවා මලයා තමා දුන්නෙ ...
ReplyDeleteමේ ඒක නෙමේ මම ඇහුවමයි උයලා බස් දෙන්න පුලුවන් කතාවක්, කොහොම උනත් මරු කාඩ් එක "බසා"
හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්... ,මරුනෙ අක්කි... ඇන්ටිත් මරු..
ReplyDeleteහප්පේ ඔය මෝල්පේ පාරේ ඉන්න ඇන්ටිල නම් ගෙදර උයල තියන බත් එකත් විකුනල හරි සල්ලි ගනි... ඒ වගේම තමයි ඒ ඇන්ටිලගේ කටත්....
ReplyDeleteපොටෝ එකේ කට්ටිය නම් වැඩිය මතක නෑ නංගි.
@batti - ඔයා හොයා ගත්තා නේද බසාත් ඔය පැත්තෙ කියලා...:D
ReplyDelete@බස්සා - තැන්කූ ඈ...:))
@දේවා ගේ අඩවිය - අනේ අම්මෙ රහසින් වුනත් කියන්න තියෙන්නෙ නෑ කියලා තමයි මලේ.කොල්ලො ගොඩක් ඉන්නකොට මං මොකටැයි කතා කරන්න යන්නෙ නේද..:D
@පිණිබිඳු - අනේ මං දන්න තරමින් මට නමක් තිබුනෙ නෑ බං.අපේ උන් ටික චූටි නගා හරි මොකක් හරි කියන්න හැදුවා.වෙලාවට දිගටම තිබුනෙ නෑ නැත්නම් දැන් ගැල පෙන්නෙ නෑ නෙ.
එකම කැන්ටින් යික පාවිච්චි කරනකොට කස්ටිය නිතර දෙවේලෙ දකින්න් එක අහන්නත් දෙයක්ද.
@පන්සල් හංදිය - ස්තූතියි අයියා මේ පැත්තෙ ආවට.මං අදනෙ ආපහු මේ පැත්තෙ ආවෙ.මං දැක්කා ඔයා මගෙ බ්ලොග් එකේ ලින්ක් එක ඉල්ලලා තියෙනවා.දේවා මල්ලි ඒක දීලා තියෙනවා දැක්ක නිසා ආයෙත් කමෙන්ට් කරන්න ගියේ නේ.
ReplyDeleteඅපි කැම්පස් එකෙන් අවුට් වෙනකල්ම ඔය කාඩ් එක තිබුනා.
@හිතුවක්කාරි - ඇන්ටිගෙ ටැපලිල්ල තමා ටැපලිල්ල....:)))
@නදුන් උයන - ඒකනම් කියලා වැඩක් නෑ අයියා...අයියා අපිට වඩා ගොඩක් සීනියර්ද?
මරු බස් හෙවිල්ල...
ReplyDeleteඅන්තිමට එකක් හොයා ගත්තා..:))
ReplyDelete