expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, October 14, 2011

෴ කියපිය සින්දුවක් ෴

              අවුරුදු හතරක් කියන්නෙ සුලු පටු කාලයක් එහෙම නෙවෙයි නේ.ඒ කාලෙ හිටියෙත් හෙනම ෆන් තැනකනේ.වෙන කොහේද ඉතිං අපේ කැම්පස් එක මිසක්..:)))) ෆන් ගත්ත,වලි දාපු,බැහැගෙන එක එක වැඩ කරපු තැන නොවැ ඉතිං කතා නම් තියෙනවා ටොන් එකක් විතර.හැම එකම ලියන්න බෑ නෙ.එහෙම වුනොත් වෙන්නෙ යාලුවො ටික තරහ වෙන එක.:)) කියන්න පුලුවන් ටික හෙමින් සැරේ කියන්න තමයි බැලුවෙ.

                  අපි කැම්පස් එකට ගියපු කාලෙ  වෙනකොට අපේ ෆැකල්ටියෙ රැග් කිරිලි එහෙම නැත්තටම නැති වෙලා.ඒත් ඉතිං පෝලිම් වල යවන ඒවානම් තිබුනා.ලග ඉන්න කොල්ලගෙයි(කෙල්ලෙක්ගෙ ලගට දාන්නෙ කොල්ලෙක්ම තමයි.ඇයි කෙල්ලො ඉන්නෙ ලාහට ගෙම්බො එකතු කරනවා වගේනෙ)වටේ ඉන්න අයගෙයි නම,ගම,ඉස්කෝලෙ මතක තියාගෙන ඉන්න ඕනෙ සින්නො අහනකොට. ඒත් සමහර වෙලාවට අමතක වෙනවානෙ.එතකොට  ලග ඉන්න උන් එක්ක පොඩි සාම සාකච්ඡාවක්  දාලා කතා වෙනවා "උඹ හිතට එන ඕනෙ එකක් කියපන්.මගෙන් ඇහුවොත් හරියි කියන්නම් "කියලා.

                     මුලින්ම ගිය දවසෙ මං ඇදගෙන ගියේ ඩෙනිම් සායක්.අක්කලා ටිකක් කියපි ඩෙනිම් සායවල් අදින්න බෑ කියලා.:(( මොනවා කරන්නද එන්න කන්න් ඩ්‍රෙස් කෝඩ් එකක් ගැන දැනගෙන හිටියෙ නෑ නෙ.කොල්ලොනම් ඉතිං කොහොමත්  ෆුල් කිට් පිටනෙ එන්නෙ.අපි සායවල් තමයි ඇදගෙන ආවෙ.කාක්ක් යනකල්ම අපිට ඩ්‍රෙස් කෝඩ් එන්න වුනා.ගෑනු ලමයිට කලිසම් තහනම්,සායවල් දනහිසට පහලට ටිකක් තියෙන්න ඕනෙ.ඩෙනිම් සායවලුත් තහනම්.හැමෝටම කාඩ්බෝඩ් ෆයිල් අතේ අරගෙන යන එකත් තහනම්.මාස ගානක් ගියාට පස්සෙ තමා ඔය නීතිය අයින් කලේ.

                   මුල සති දෙකේ වගේ අපි ඔක්කොම ඒ කිව්වෙ 700 ගානම සිවිල් එකේ ඔඩිටෝරියම් එකට රිංගවලා ඉනෝගරේශන් කියලා හැම ඩිපාර්ට්මන්ට් එකක් ගැනම කියෙව්වා.ඒකෙදිත් මුල දවස් දෙකේ විතර අයියලා අක්කලා ටික අපි පස්සෙ.ඔන්න එක දවසක් මගෙ ඉස්සරහ උදිත වාඩි වෙලා.අයියා කෙනෙක් ආවා, ඇහුවා මෙයාගෙ නම් මොකක්ද අරකද මේකද විස්තර.පොඩි කාලෙ ඉදන් යාලුවා වුන එකාගෙ නම්,ගම් මගෙන් අහන හැටි..:))) හැබැයි එයාගෙ විතරක් නෙවෙයි මං ඒ වෙනකොට වටේ අයගෙත් විස්තර දැන ගෙන හිටියෙ.හික්ස්..... "මේකිව මෙතන තියලා බෑ දැන් වෙන තැනකට මාරු කරන්න ඕනෙ" කියලා වෙන තැනකට දැම්මානෙ.

                  ඔන්න ඊට පස්සෙ ඉංගිරීසි  කෝස්  එක තමයි පටන් ගත්තෙ.ඔතනින් තමයි කට්ටිය වැඩියම සෙට් වුනේ. හැබැයි අයියලා අක්කලා අපි පස්සෙ එන එක නතර කලේ කට්ටියව කැම්පස් එක වටේ රවුමක් එහෙම එක්කන් ගිහිල්ලා,දෙතුන් දෙනෙක් ලව්වා සින්දුත් කියවලා තමයි.පොඩි පොඩි කුට්ටි කඩලා කට්ටියව රවුම ගෙනිච්චා.අන්තිමට නතර වුනේ දැන් කජු ගස් හොයා ගන්නත් අමාරු කජු කැලේ කෙලවරේ තියෙන එලිමහන් රංග පීටයේ.

                     අයියලා ටික දැන් තමයි පොඩි වදයක් දෙන්න හදන්නෙ කට්ටිය සිංදු කියන්නයි,කතා කියන්නයි වැඩ ගොඩයි.ඔය අයියලා ටික අතරෙ හිටියා අපේ මාධවගෙ ඉස්කෝලෙ යාලුවෙක්( අපි ඉතිං දෙවෙනි පාරත් විභාගෙ කරපු ඈයොනේ).එයා දන්නවා මං මාධවගෙ යාලුවෙක් කියලා.මෙයා හොරෙන්ම තව අයියෙක්ට කටු කුටු ගෑවා.ඒ අයියත් පොඩ්ඩක් වටපිට බලලා ඇගිල්ලක් දික් කලා."ඔය නංගි නැගිටලා එන්න" ඈහ්...කොයි නංගිටද දැන් එන්න කියන්නෙ.මගෙ පිටිපස්සෙන් හිටියෙත් කෙල්ලෙක්.




                    මාත් මට නෙවෙයි වගේ පිටි පස්ස හැරිලා බැලුවා.ඔන්න බොලේ කියපි."ඔය පිටි පස්ස බලන නංගිටයි කතා කලේ" කියලා.හෆෝයි....මොන ගිනි ගෙඩියක්ද දන්නෙ නෑ.ඕනෙ එකක් කියලා ගියා ඉස්සරහට බලන්න." හරි දැන් මේ නංගි සින්දුවක් කියන්න ඕනෙ". අනේ ඊසි කේස් නෙ අප්පා.....ඕක නම් මොකක්ද....:D


                       "හැබැයි කියන්න ඕනෙ යුග ගීතයක්.ඔයාම කෙනෙක් තෝරගන්න බලන්න."....දැන් ඉතිං තෝරපල්ලකො කොල්ලෙක්....හ්ම්....වෙලාවට පලවෙනි දවසෙම කතා කරපු කොල්ලෙක් හිටියා.මමත් ඉතිං නම කියලාම කතා කලා.ඔන්න තව ප්‍රශ්නයක් ඊලගට "කොහොමද නම දන්නෙ?" " පලවෙනි දවසෙ අදුරගත්තෙ අයියේ".අපොයි මේ කස්ටිය නෝන්ඩි හිනාවක් දැම්මෙ නැතෙයි.කමක් නෑ ඉතිං සින්දුව කොහොම හරි කියන්නත් එපැයි.


                     මං මෙයාගෙන් ඇහුවා ඔයා දන්නවද දම් පාටින් ලා සඳ බැස යනවා සින්දුව කියලා.මේ යකා කියපි නෑ කියලා.මං කිව්වා එහෙනම් ඔයා දන්න සින්ව්වක් කියන්නකෝ කියලා.අනේ මෙයා කියනවා "මං කියන්න තරම් සින්දු දන්නෙ නෑ නෙ"කියලා.අයියලා ටිකටත් ප්‍රශ්නෙ මොකක්ද මුන් දෙන්නා කුටු කුටු ගාන්නෙ කියලා.මං අයියලටත් කිව්වා සීන් එක.මේ ගොල්ලො කිව්වෙ නැද්ද මට තනියම සින්දුව කියන්න කියලා.කොල්ලට බලාගෙන ඉන්න කිව්වා.


                   මං බය වෙයි ඕවට.කිව්වා සින්දුව ඉවර වෙනකල්ම.ඔන්න ඔහොමයි කැම්පස් ජීවිතේ පලවෙනි සින්දුව කිව්වෙ. :))))


                  


                     

55 comments:

  1. මමත් සින්දු කියන්න අහු උනා. මම කිව්වෙ කවිය ඔබ සින්දුව. ඕකට රැප් කරන්නත් එකෙක්ව දැම්මා. පුදුම අමාරුවෙන් සින්දුව කිව්වෙ අර යකාගෙ රැප් කිරිල්ලට හිනා යනවා. කවිය ඔබ.... ඕ යේ කවිය කවිය ඔබ...

    ReplyDelete
  2. හික් හික්. මේ මාව අල්ලගන්නෙපා ඕවට. මට මතක නෑනෙ ඔය කිව්ව එකාව. ගීත්, අසංක, ඉසුරු, තමින්ද???

    ReplyDelete
  3. "අන්තිමට නතර වුනේ දැන් කජු ගස් හොයා ගන්නත් අමාරු කජු කැලේ "
    දැන් කජුගස් ටික නැද්ද?

    ReplyDelete
  4. රැග් කරන කාලෙ උපරිම ෆන් ගන්න පුළුවන් සින්දු අහලා තමයි.
    මටත් සෙට් වෙලා තියනවා කවි සින්දු කරන්න. “සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් “ කවිය ප්‍රියා සූරියසේනගේ ආදරණීය නේරංජනා තාලෙට කියන්න.! පස්සෙ තමා මීටර් වුනේ ඒ සිනුදුවේ තාලෙට ඕනම සින්දුවතක් කියන්න පුළුවන් කියලා...

    ReplyDelete
  5. හික් හික් මරු නේ ඔයවගේ රැග් නම් කමක් නෑ.අමානුසික ඒවා නැතුව.

    ReplyDelete
  6. ඔහොම රැග් නම් ඉතිං කොහොමත් ෆන්.. :D

    ReplyDelete
  7. කියලා වැඩක් නැහැ. අවුරුදු 23 පෙර අතීතයට ගියා, නංගී ඔබේ ලිපියෙන්. මට වුනේ මරු වැඩක් මම සිංදු කිව්ව එක්කෙනා දැන් ඉන්නෙ අපේ ගෙදර. මගේ දුවගේ අම්මා තමයි ඒ. මගේ ප්‍රිය බිරින්දෑ අපේ වෙදහාමිනේ. අපිත් කිව්වේ දම් පාටින් ලා සඳ බැස යනවා තමයි.

    ReplyDelete
  8. මදැයි තෝරගත්ත පාට්නර්.... :) දැන් එතකොට මොකද්ද කියපු සින්දුව???

    ReplyDelete
  9. ඔයාලගේ රැග් එක හොදයි. අපට නම් මාස 6ක් තිබ්බා රග් එක. ඒක මරු. මාරම කට්ටක්. හොස්ටල් වලත් රැග් එක තිබ්බා. ඒ කාලේ නම් ඉක්මනටම සිකුරාදා වෙනකන් බලාගෙන හිටියේ. ඇයි ඉතින් සිකුරාදට ගෙදර යන්න දෙනවානේ.

    මොනා උනත් ඒ කාලේ ඉවර වෙලා කැම්පස් මතක් කරන්නත් තියෙන්නේ ඔය ටිකම තමා. ඕවා රහ කර කර ඉන්නවා.

    ReplyDelete
  10. මොරටුවේ රැග් එක නෑනේ...
    ඒත් අපිව ඩිපාට්මන්ට් කැඩුවට පස්සෙ දීපු වෙල්කම් එකේ සිය දෙනාම ඉස්සරහට අරන් මොනවා හරි කෙරෙව්වා...
    මම ඉස්සර වෙලාම සින්දුවක් කියල ශේප් වුනා.:D

    ReplyDelete
  11. හිකිස්.. කැම්පස් ජීවිතේ රහම කාලේ තමයි රැග් කාලේ, රැග් කනකොට වහ වගේ වුනාට ඊට පස්සේ මතක් කරන්න තියෙන්නේ ඕක විතරයි. අපිටත් තිබුනා ඔය කට්ටියව අදුනගන්න එක. මම දවසක් වැරදිලා බංකුවක වාඩි වෙලා හිටිය සීන්නෙක්ගෙන්ම අහපි "ඔයාගේ නම මොකක්ද කියලා" එතනින එහාට වුන දේ ඉතින් කියන්න ඕනේ නෑනේ.. හී හී... හැබැයි මම ඒක අහපු විදියට ඒ අයියගේ නම් හිනාව බකස් ගාලා එලියේ..

    ReplyDelete
  12. අහා! සුන්දර සරසවි මතක සටහන්!

    ReplyDelete
  13. හරිම සුන්දර කාලයක් නේද? මගේ හිතෙත් බයක් නොතිබුනා නෙවේ යන්න කලින් එක එකා කියන ඒවා අහලා... ඒ වුනත් බොහොම ටික කාලෙකින් ඇත්ත තත්වය තේරුනා :) පස්සෙ පස්සෙ අපි පැනලා යන්නෙ වාත වෙන්න...

    ReplyDelete
  14. අනේ ඇත්තටම අපිට රැුග් නං දුන්නා මදි නොකියන්න.මොනා කරන්නද කෑවා හොදට.
    දවසක් නෝටිටත් සෙට් උනා මාර නෑමක්.
    ජේෂ්ඨ උත්තමයෙක් කීවා සිංදුවක් කියන්න ඕනි කියලා හයියෙන් කැ ගහපන් කියලා.ආයෙත් ඉතිං ඉබ්බා දියේ දානකොට එපා කිවලූ. කෑ ගැහුවු උපරිම සද්දෙන්.
    සිංදු කීම කෙසේ වෙතත්.... අනේ මං පවූ.....ඌ.........................

    ReplyDelete
  15. හික් හික්.. එල එල.. දම පාටින් ලා සද බස යනවා....

    ජය..වේවා..

    ReplyDelete
  16. අනේ අපේ සුන්දර රැග් එක :) ඇයි ඔයාලට මුල්ම දවසේ බුදුන් වන්දවලා කිරිබත් දුන්නේ නැද්ද? ඔක්කොම කාපිය කියලා. මමත් කැමතිම ඉංග්‍රීසි කෝස් එක කාලෙට. වැඩි වැඩකුත් නැහැ. පන්තියම එකතු වෙලා ඕමි ගහපු එක තමයි කරේ..:)) ඔයාලගේ බැච් එක එද්දී අපේ අයියලා ටිකත් ගියා නංගිලා බලන්න හි හිහ්....

    ReplyDelete
  17. ඈයි එදා කට්ටිය යවා ගන්න බෑරුවද සින්නො හිටියේ?

    ReplyDelete
  18. @සයුරි:
    ඔව් ඔව් බුදුන් වැන්ද මුලින්ම, ඊට පස්සෙ දෙන්න දෙන්න එකට කන්න දුන්න කිරිබත්. ඉතින් කෑව.

    ReplyDelete
  19. නිසුප සිංදු කියපු විඩියෝ හිටං තියෙනවලුනෙ. ;) (මයෙ ගාව)

    ReplyDelete
  20. අඩේ ශුවර් නෑ ඒක තියේද කියල, හිටපල්ලකො බලන්ට.

    ReplyDelete
  21. තියෙනව තියෙනව, නිසුපගෙ ලස්සන නැටුමකුත් තියෙනවය කියන්නෙ. :)
    නිසුපො, කස්ටියටම බලාගන්න දාමුද ඒව?

    ReplyDelete
  22. EFSU එක ගැන කියන්න තියන වචන මේකෙ ලියන්න බැරි නිසා මම නිකං ඉන්නව.

    ReplyDelete
  23. අපේ නම් ඒ දවස්වල තිබ්බ රැග් කියල යන්තම් කියන්න පුළුවන් ඒවත් දැන් නැහැ. හැබැයි ඒව නම් ටිකක් තියෙන්නම ඕනෙ. නැත්නම් කිසි ගතියක් නැහැ.

    ReplyDelete
  24. අතීතය මතක් කරවන එකමයි මේ ලමයගෙ වැඩේ.. මම සින්දු කියන්න අහුවුනේ නැහැ. හැබැයි එකපාරක් කී බොර්ඩි ගැහැව්වා. :D

    ReplyDelete
  25. දැන් ඉතිං ඔය සින්දුව ඉවර වෙද්දී කී දෙනෙකුට සුළු හා මධ්‍ය පරිමාණ අනතුරු වෙලා තිබුනද..? කී දෙනෙක් බරපතල තත්වයෙන් රෝහල්ගත කලාද..?

    @මාධව...

    දාන්න සුදා ඔය කියන වීඩීයෝව...

    ReplyDelete
  26. ඔන්න අපිට ලොකු ඔය අත්දැකිම් නම් නැ නොවැ.. හිකිස් ඔන්න විඩියෝව බලන්න දත කට මැදගෙන කට්ටිය සෙට් වෙලාලු

    ReplyDelete
  27. එහෙම බෑනෙ. ප්‍රධාන නිළියගෙ අවසර නැතිව ඕව දාල මට හිරේ යන්න උනොත් එහෙම.
    අන්න දැන් ගාමිනී ෆිල්ම් එක ලඟ තියාගත්තු උන්වත් අල්ලනව කියන්නෙ. :D

    ReplyDelete
  28. මෙයා තමයි මේ රැග් කතා පටන් අරන් තියෙන්නෙ... අන්න අරෙ තවත් කට්ටිය ඒපාර ලියනවා

    ReplyDelete
  29. @මාධව...

    හරි හරි මචෝ මේ අපි ඉන්නේ එහෙම අවුලක් උනොත් ඒවට කර ගහන්න තමා... බය නැතිව දාන්නකෝ..අනික ඔය නිශ්ශබ්දතාවයෙන් පලවෙන අනුවැතියවලුත් තියෙනවනේ... දැන් නිසූපා නගාට ඇහැකිද "අනේ මාධව දාන්න මෙයා ශය වීඩියෝ එක" කියලා අණ බෙර ගහලා කියන්න..බැහැනේ..ගෑණු දැරිවියෝ එහෙම කියන්නේ නැහැ..ඒ හින්දා මචෝ බය නැතිව දාහං... මොනවා හරි ගේමක් සෙට් උනොත් අපි බලා ගන්නං.. ඕනනං හත විමසුවක් දාමු..මං දන්නවා මේ අයගෙන් වැඩි කැමැත්ත ඕක දානවට... අනික ඉතිං කෙනෙකුගේ සහජ හැකියාවල් ඔප් නංවන්න අපි අත හිත දෙන්ට එපැයි..මොකද නරක චේතනාවකින් කරන දෙයක්යෑ..මේක තනිකරම පිරිසිදු චේතනාවක්.. මේ නිසූපා නංගිගේ සැඟවී ඇති කලා කුසලතා එළීයට අරගන්න අරමුණ මිස ඕවා බලලා අපි ඇද කුද කියන එකක්යෑ.. උඹ දාහං කොල්ලෝ...

    ReplyDelete
  30. අනේ ඇත්තමයි .. මටත් අහුවුණා සින්දු කියන්න....
    ඉට පස්සේ එකට ලයිට් ගහන්නත් වුණා...

    ReplyDelete
  31. හරි රසවත් සිදු වීම... අපට නම් මුල්ම දවස් වල මඩ නාගෙන යන්න උනේ හොඳටම වැහැලා ගලහ පාර දිගටම මඩ... පැතලි සෙරෙප්පු දාගෙන ගිහින් හොඳ කට්ටක් කෑවා මඩේ එරිලා

    ReplyDelete
  32. කට්ටන් ගේ මෝඩ ආතල්!
    හෙහ්, හෙහ්, හෙහ්.

    ReplyDelete
  33. තව කතා ටිකක් ​ලියවෙන කං කටවහගෙන ඉන්න එක හොඳයි

    ReplyDelete
  34. මොකද මේ කිසුපගෙන් කිසිම සද්දයක් නැත්තෙ???

    ReplyDelete
  35. පට්ට සීන් එකක් නොවැ. එතකොට මොකක්ද කියපු සින්දුව..
    @මාධව අර මාරයා කියපු දේ කලොත් හොඳා

    ReplyDelete
  36. මාරයයි, උඹලයි කියයි. අන්තිමට මට ගුටිකන්න උනොත් බොලල්ල නෑනෙ. මට නිපුසව අදත් හම්බුනා. අපේ ගේ ඉස්සරහින් යන ගමන් බස් එකෙන් බැහැල මට අල්ලන් තඩි බෑවොත් එහෙම. බොලල්ල ඉන්නවය මාව බේරගන්න. :)

    ReplyDelete
  37. @පිණිබිඳු - රැප් එකනම් එල බං.අපේ නගාත් හිනා වුනා ඒකට..:D හික්ස්...

    @මාධව- ඉසුරු තමයි ඔය වැඩේ කලේ. මොනවා වුනත් හොද වැඩක් නේද ;)

    @Sanjaya සිතුවිලි - නෑ නේන්නම්..:((( කජු ගස් තියා කැලයකුත් නැති ගානයි. කපලා බිල්ඩින් හදලා.

    @රූ.... - අපිටනම් සින්දු කවි කරන ඒවා තිබුනෙ නෑ.ඔරිජිනල් විදිහටම කියන්නයි තිබුනේ.අනික රැග් එකක් විදිහට නෙවෙයි මේක කරන්නෙ.
    @

    ReplyDelete
  38. @නදී - ඇත්තම කිව්වොත් රැග් කියලා නෙවෙයි මේවා දෙන්නෙ.අපිට රැග් කියලා හිතුනොත් නෑ.

    @Bunny - ආයෙත් අහලා...:D

    @වෙද ගෙදර මහ වෙදනා - අප්පට සිරි අයියා එකෙන්ම ගොඩ ගිහින් නොවෑ.දක්ෂයෙක් නෙ අයියා ඒ කියන්නෙ...:D. අපිනම් එහෙම වුනේ නෑ වෙලාවට. කොහෙද ඒකා සින්දුව දන්නෙත් නෑ නෙ.

    @ Dinesh - ඔව් අනේ.ඔය කියලා තියෙන්නෙ සින්දුවත් "දම් පාටින් ලා සඳ බැස යනවා " කියලා

    ReplyDelete
  39. @මධුරංග - අපිට රැග් කියලා තිබුනෙ නෑ මල්ලි. ඔච්චර තමා රැග් කියලාත් තිබුනේ. දැන් හිතෙනවා තව ටිකක් තිබ්බානම් කියලා..:((

    @Asanka Udara - රැග් එක නෑ. ඔච්චර තමා තිබුනේ.
    ඩිපාර්ට්මන්ට් ව්ලට දැම්මාම කරපු වැඩෙන් නම් මං නිදහස් වුනා.music එකක් දාලා අතට එන කෙනාට තමා මොනව හරි කරන්න දුන්නෙ.වෙලාවට මට අහු වුනේ නෑ.

    ReplyDelete
  40. @ප්‍රාර්ථනා - හික්ස්.... ඒ අයියට මොනව හිතුනද දන්නෙ නෑ. පව් අප්පා..ඇත්තම කිව්වොත් නංගි අපිට රැග් කියලා හරි හමන් දෙයක් තිබුනෙ නෑ.ඉස්කෝලෙ ඇහුවාම නිකම්ම නම කිව්වාම ඇයි ඒක කඩයක්ද කියලා අහපු ඒවයි,ඕ වගේ ඒවයි තමයි තිබුනේ.

    @විසිතුරු | visituru - ඔව් මල්ලි හරිම සුන්දර කාලයක් ඒක.

    @ගීතක - අපිනම් යනකොටම දැනගෙන හිටියෙ රැග් නෑ කියලා. ඒත් ඉතිං ඇතුලට ගියේ බයෙන් වගේ තමයි. ඒත් ඉතිං වැඩිය මුකුත් වුනේ නෑ නෙ.:))

    @Naughty's Impression - අපොයි වාසනාවට ඔහොම ඒවානම් සෙට් වුනේ නෑ. අනේ මන්දා රැග් නෑ වගේම තමා..

    ReplyDelete
  41. @Gayan Rupasinghe - බැහැලම ගියා වගේ තමා....හික්ස්...:))))

    @සයුරි - ඔව් අක්කා රැග් නෑ වගේ නේ ඒ වුනාට. ඔව් ඔව් කන්න දුන්නා නේන්නම්. ඔක්කොම කෑවා කොහොම හරි. අයියලා ඉතිං හැම දාම එහෙමනේ.අපේ අයත් නංගිලා ආවම දුවගෙන ගියේ බලන්න.:D

    @නවින්ද්‍ර අල්පෝන්සු -අපොයි නෑ නවීන්ද්‍ර අයියේ.ඇයි මගෙ සින්දු ඇහුවාම දුවන්න හිතෙනවා කියලා හිතුවද?:P

    @ Madhawa Habarakada - අනේ අම්මෝ නැටුමනම් එපෝ.... සින්දුවනම් තව කමක් නෑ.

    ReplyDelete
  42. @Enemy - ඒ මොකෝ ඒ අවුල..??

    @ පැණි දොඩම් - අපිටත් නෑ වගේ තමයි අනේ. මමත් පිලි ගන්නවා ටිකක් හරි රැග් එක තියෙන්න ඕනෙ කියලා.නැත්නම් කැම්පස් නෙවෙයි වගේ නේද?

    @..ChAnDiKa.. - මොනවා කරන්නද අයියා. රසවත් අතීතය අමතක කරන්න පුලුවනෑ. දැන් බලන්නකෝ කට්ටියටම අතීතය මතක් වෙලා නොවැ.

    @මාරයාගේ හෝරාව - අපොයි කාටවත් මුකුත් හානියක් වෙලා තිබුනෙ නෑ අයියේ.
    අනේ අම්මේ අයියාගෙ තර්ක විතර්ක. හොදා හොදා කට්ටිය ඕනෙ එකක් කරගන්ටකො මං නම් මුකුත් කියන්නෙ නෑ ඔන්න අයියේ..:))

    @රහස් පරික්ෂකයා - අම්මෝ අපිටනම් වුනේ සින්දු කියන්න විතරයි. වෙන මුකුත් කරන්න වුනේ නෑ නෙ.:(

    ReplyDelete
  43. @AnithKona - අපිත් මුල දවසෙ යනකොට වැස්සා. හැබැයි ධාරානිපාත වැස්සක් නෙවෙයි මල් වැස්සක්. අපිට ආශිර්වාද කරන්න වගෙයි.:)

    @කතන්දර Kathandara - කට්ටෝ කීවෙ?? තේරුනේ නෑ නෙ කතන්දර අයියා..

    @prasanna86k - ඒ මොකෝ අනේ ඒ???

    @cjgayan - ඔය කියලා තියෙන්නෙ අයියා දම් පාටින් ලා සඳ බැස යනවා කියල.:))

    ReplyDelete
  44. නිසුපාගේ අවසරය පරිදි සිංදුව පමණක් ඔබටඉදිරි කාලයේදී නැරඹීමට හැකියාව ලැබේවි.

    ReplyDelete
  45. @මාධව...

    ඕක අහලා අපේ කන්වලටත් අළුතින් අමතර කොටස් දාන්න වෙන එකක් නැහැ නේද..?

    ReplyDelete
  46. අඩේ එහෙම කියන්නෙපා. අපේ කෙල්ලට තියෙන්නෙ හරිම සුවීට් වොයිස් එකක් මෙයා. :D

    ReplyDelete
  47. අර පොර ඔයා එක්ක සින්දුව කියල නැත්තේ දුකට...
    යුග ගීයක් කියන්න කිව්වම ඔච්චර දුක හිතෙන සින්දුවක් කියපු එක වැරදියි... කියන්න තිබ්බේ අර "දෙන්න ප්‍රියේ දෑතට ඔයා දෑත" වගේ සින්දුවක්.. :P

    ReplyDelete
  48. @මාධව - ස්වීට් නම් මන්දා...:)))

    @Grey - අපොයි මං දන්න සින්දුවක් වෙන්නත් එපැයි.නැත්නම් මං කියන්නෙ කොහොමද..මට ඉතිං මුලින්ම මතක් වුනේ ඕක තමයි.:D

    ReplyDelete
  49. ඔන්න දැන් ඔබ සියළුදෙනාටම පුළුවන්, අපේ ප්‍රසිද්ධ ගායිකා නිසුපා හෙට්ටිවත්ත විසින් ගායනා කරනු ලැබූ ගීතයක් නරඹන්නට.
    මෙන්න ලින්ක් එක.
    http://www.youtube.com/watch?v=0Ly1BCRTkpI&feature=feedu

    ගිහිල්ල බලල කොමෙන්ට් එකක් එහෙමත් දාන්නල හොඳේ. :) අපේ ගායිකාවට දිරිගැන්වීමක් වශයෙන්.

    අනාගතයේදී තවත් ගීත දකින්නට ඔබට හැකි වේවි කියල තමා මේ ගායිකාව පසුගියදා පැවැත්වූ බ්ලොග්පත් සාකච්ඡාවකදී පැවසුවේ.

    ReplyDelete
  50. මොන සුවීට්ද කෑගහන්න පටන් ගත්තම. :D

    විහිළුවක් කළේ. :)

    ReplyDelete
  51. තැන්කූ මාධව... හිතුව තරං අප්සෙට් නැහැ..:D
    පොඩි අවුලකට තිබුනේ ටිකක් වෙලා ගියා කියන්නේ මොකක්ද කියලා හරියටම හොයා ගන්න...:D

    ReplyDelete
  52. මොනා කරන්නද, විඩියෝ කරපු උන්ට තමා ඒකට තෑන්ක් කරන්න ඕනෙ. :D

    ReplyDelete
  53. අපෙත් බැච් එකේ කෙල්ලෙක් ඉන්නවා ඒ දවස්වල රැග් සීසන් එකේදී අයියලත් එක්ක ගේමටමයි කතාව. අයියලාව රැග් කරන සයිස් :)) දවසක් ඒ කෙල්ලගේ යාලුවෙක්ගෙන් සින්නෝ අහලා තිබ්බලු නංගි ඒකිට මොලේ අමාරුවක් තියෙනවාද කියලා :))

    ReplyDelete
  54. Thank you for taking us back to those days 30yrs back at the same UOM which was much different (meaning much smaller)I think our whole back was smaller than what you indicated for civil only. Anyway it was a great time...there are so many nice stories...some people trying to rag even super seniors as they are not much present in the campus....

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...