expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, July 27, 2011

ඔන්න ලණුවක්..

          ඔන්න බොරු කතාවක් තමා දැන් මේ කියන්න යන්නේ.  බොරු කතාවක් කියන්නේ බොරුවක් ගැන කතාවක්. මං දාපු ඉස්සෙල්ල පොස්‍ටුවේ කීවනෙ අපි කට්ටිය පළවෙනි පාර A/L කරන කොට යාලුවෙක්ගෙ ගෙදර ගිහින් පාඩම් කලා කියලා.  මේ සෙට් එකේම තමා මාධවත් (බ්ලොග් අවකාශයේ ඉන්න)හිටියේ ඒ වගේම තාමත් ඉන්නවා.

          ඒ ගෙදරම අපි සෙට් එකට පොඩි chemistry පන්තියකුත් කලා අයියා කෙනෙක් ඇවිල්ලා.මේ දවසක් අයියා එන්න ඉස්සෙල්ල වුන දෙයක්.
ඇත්තම කිව්වොත් අපිත් එක්ක පාඩම් කරන්න ආපු අක්කා කෙනෙක්ට අපේ සෙට් එකේ ඉතුරු කට්ටිය දීපු ලණුවක්.  ලණුව දෙන්න ඕනි වුන පොල් කොහු ටික හදල දුන්නේ මම. අනික් කට්ටිය හැබැයි ගානට ලණුව අඹරගෙන ගියා.

        යාලුවගෙ ගෙදර ඕවලාකාර කෑම මේසෙ තමා පන්තියට ප්‍රයොජනයට ගත්තේ. එක දවසක් අක්කගේ ප්‍රාණසම වන් chemistry පොතක් දාලා ගිහින් තිබුනා මේ යාලුවගෙ ගෙදර.ඒ වුනාට අක්කට හරියටම ෂුවර් එකක් නෑ පොත දාල ගියේ කොහේද කියලා. අක්ක වාඩි වෙලා හිටියේ අපේ ගෙදර අයිති යාලුවට හරියටම මුහුන දාලා.මේ සිද්දිය වෙනකොට මං හිටියේ කුස්සියේ.



ඔන්න පටන් ගත්ත හැටි

යාලුවා - අක්කේ ඔයාගේ පොතක් නැති වුනාද ගිය සුමානේ..
 
අක්කා -  අනේ ඔව් මල්ලි ඔයා කොහොමද දන්නේ??

යාලුවා - .............

         දැන් මෙයා හිර වෙලා. මෙයා අදහස් කලේ නම් බ්යිට් එකක් දෙන්න. ඒත් පටන් ගන්නේ කොහොමද කියල මතක් වෙන්නෙ නෑ. කුස්සියේ හිටපු මට තේරුනා වැඩේ අල වෙන්නයි යන්නේ කියලා.

        පොඩි එකාගෙ මොලේ ටිකක් speed වැඩ කෙරෙව්වා.හීන් සැරේ seen1ට එන්ටර් වුනා.

මම -  ආහ්...අක්කේ ඔයාට මතකනේ අර පොඩි එකා. මෙහෙ එන්නේ. (
යාලුවගෙ ගෙවල් අවට ඉන්න  පොඩි එකෙක් නිතරම හේ එනවා. අපි පංතිය කරනකොටත් සමහර දාට පොඩි එකා එහේට එනවා).එයා පොත දැකල අරන් ගිහින්නේ.

ඔන්න දැන් තමා වැඩේ පටන් ගන්නෙ

යාලුවා - ඔව් අක්කේ මට ඔයාට කියන්න බැරුව හිටියේ....මේ.........
 
අක්කා - ඇයි ඇයි මල්ලි...(හොඳටම බය වෙලා දැන්)
 
යාලුවා- (මාධවට පොත පෙන්නන ගමන්) මේ බලපන් බං මං කොහොමද අක්කට මෙහෙම පොත දෙන්නේ.
 
මාධව - ඒක නේන්නම් බං


           මාධවත් දන්නෙ නෑ ඊලඟට මොකද වෙන්නෙ කියලා. එයත් වැල යන අතටම මැස්ස ගැහුවා.වටේ ඉන්න අපේ අනික් කට්ටියත් පෝර දානවා.

අක්කා - අනේ මල්ලි මගේ organic chemistry ඔක්කොම තිබුනෙ 
කේ.මොකද ඒකට වෙලා තියෙන්නෙ?

යාලුවා - ඒකා පොත පුරාම බලි ඇදලනේ

අක්කා - (සැනසුම් සුසුමක් හෙලමින්)..එහෙනම් කමක් නෑ කියවන්න පුලුවන් ඇතිනේ.

යාලුවා - ඒ වුනාට අක්කේ එයා පි‍ටුත් ඉරලා...
 
අක්කා - අනේ මල්ලී.........(දැන් අක්කට ඇඩෙන්නත් වගෙයි)

යාලුවා - මොකද දැන් කරන්නෙ අක්කේ.

අක්කා - මොනව කරන්නද මල්ලි තියෙන ටිකවත් දෙන්න ඉතිං. 

         අපේ යාලුවත් බොහොම බය පක්ෂපාත සහිතව පොත දුන්නා. අක්කා පොත පෙරලුවා.

සල බලාං.......

            අක්කාගේ පැන්සල්,
පෑන් දාපු පර්ස් එක ඇවිත් අපේ යාලුවගේ මුණේ. ඊට පිටිපස්සෙන් ආපු ඒකේ තිබුන පැන්සල්,පෑන්,අඩිරූල්, මකන තවත් ප්‍රහාරයක් දුන්නා....:)))))

11 comments:

  1. අනේ අපේ මාධවට පාරක් වැදුනේ නැද්ද...?

    මරු කතාව... අර සලාං බලාං ගෑවේ ඒ අක්කාගේ පෙන්සිල් කේස් එකේ සාස්පං, පිහි, ඈලුමිනියම් මුට්ට එහෙම තිවුනද..? :D

    ReplyDelete
  2. අම්මෝ මෙයාලත් දෙන්නේ මාරම බයිට් තමයි. අක්කා පැන්සල් පෙට්ටියෙන් ගහලා බේරුන එක හොදයි. බැරිවෙලවකවත් ප්ලාස්ටික් පුටුවක් උස්සලා ගැහුවනම් මෙයාලට දුවන්න පාරේ ඉඩ මදි වෙයි.

    හික්ස්. නියම කතාව !!!!! කතාව මට මැවිලා පේන්න ගත්තා.

    ReplyDelete
  3. කියන්නත් බෑ. එයාට තරහ යන විදිහට තරහ ගියා නම් ප්ලාස්ටික් නෙමෙයි, ඒ මේසෙට තිබ්බෙ පට්ට බර ලී පුටු. ඒකක් උස්සල ගහනව. :D :D :D

    ReplyDelete
  4. @Prasanna: අපි එහෙම ගුටිකන කොල්ලො නෙමෙයි හරිය. :D :D :D

    ReplyDelete
  5. mara kathawane hinayanawa ambanaka:D :D

    ReplyDelete
  6. අයියෝ අපරාදෙ එතකොට ගුටි කෑවෙ නිසූ නෙමෙයිද. මම කට ඇරන් කියෙව්වෙ එහෙම සීන් එකක් බලන්න. අයියෝ.......

    ReplyDelete
  7. ඔව් ඔව්. ඔය කරන දස වැඩ වලට දවසක අම්බාන් 2,3ක කනව මේකි. :D :D :D

    ReplyDelete
  8. නියමෙට ලියල තියෙනවා... ඇත්තම කියනවනම් මට හුගක් වෙලා යනකල්ම හිනාව නවත්ත ගන්න බැරි වුණා නේ. මේ සීන් එක වෙච්ච දවසෙවත් මෙච්චර හිනා වුණේ නැහැනෙ.

    මීට
    අර පැන්සල් පෙට්ටි පාර කාපු යාලුවා

    ReplyDelete
  9. @prasanna86k - නෑ නෑ මාධවට පාරක් වැදුනේ නෑ. එයා sup එක දුන්න විතරනේ..
    අනේ මට දාන්න වෙන සද්දයක් හිතුනේ නෑ නෙ.

    @මධුරංග - හොඳ වෙලාවට තිබුනේ ලී පු‍ටු මාධව කියපු විදිහටම.

    @මාධව - අයියා ඉඳගන්න පු‍ටුව විතරයි ඉතුරු වෙලා තිබුනේ. ඒක තිබුනේ දුර හොඳ වෙලාවට.:D

    @rasika - බොහෝම ස්තූතියි... :))

    @පිණිබිඳු - හූ හූ...හොඳ වැඩේ...ඔහොම ඉන්න අනේ ඉස්සරහට මං කාපු ඒවත් ලියන්නම්. ඒවා දැක්කම හිතෙයි මේවා මොනවද කියල :))

    @මාධව - ආයෙත් අහල.... ;)

    ReplyDelete
  10. @ අපේ යාලුවා - බොහෝම ස්තුතියි හොඳේ.....සීන් එක වුන දවසෙ ඔයා හිනා වෙන එක හරි නෑ නේ...ඔයාටනේ පාර වැදුනේ.. :D

    ReplyDelete
  11. අනේ හිනා උනාට කමක් නෑ. ඕක කරන විහිළු වලට සමහර වෙලාවට ඕකව මරන්න වටින්නෙ. :D :D :D

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...