expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, July 21, 2011

ආයෙත් ආවෝ.......

         හ්ම්......ගොඩා...ක් කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තේ ආවෙ. තව ටික කාලයක් ගියානම් එහෙම බ්ලොග් එක වැහිලම යන්න තිබුන තරමට වල් වැවිලා. මෙ පැත්තට ආපු නැති මාස 2 ජීවිතේ ටිකක් වෙනස් වුනා. ඉස්සෙල්ලා වැඩ කර කර හිටපු තැනින් අයින් වෙලා මාස දෙකක්ම ගෙදරට වෙලා හරිම නිදහසේ හිටිය. එත් මේ 13 වෙනිදා ඉදන් අයෙත් වැඩට යන නිසා නිදහස පොඩ්ඩක් විතර අඩුයි. එත් මේක site එකක්. මං කරපු field එකට වැඩිය අදාලත්වයක් නැති වුනත් මෙතනින් මට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙයි කියලා හිතනවා.  ඒ වගේම මෙතන හරි නිදහස්. කවුරුත් මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. site එකට යන ගමන නම් ටිකක් කරදරයි. මට්ටක්කුලියේ තමා තියෙන්නේ. බස් 3ක යන්න ඕනේ. ගෙදර යන කොට පාන් කියා ගන්න බෑ.


          දැන් ඒ කතා ඇති.අද කතාවට බහිමුකෝ.

මං මගේ ඉස්සෙල්ලා කතාවේ කිව්වනේ අපි හිටිය පැත්ත ගැන වගේම කවුරු කවුරුද එහේ හිටියෙ කියලා. අම්මාගේ තනියට හිටියේ අම්මාගෙම මල්ලි කියලත් මං කිව්වනෙ. මේ story එක එයාගෙ යටිකුට්‍ටු වැඩක් ගැන.






           අම්මා ගුරුවරියක් බව මං කලින් පොස්‍ටුවේ කියලා නෑ කියලා මට අදනේ තේරුනේ. කියවපු අයට අපි ගුරු නිවාසෙක ඉන්නේ ඇයි කියල ප්‍රශ්නයක් ආවානම් සමා වෙන්ට ඕනෙ.

          ඉතිං අපේ මාමට ඒ වෙනකොට වැඩි වයසක් නැ. පොඩි එකෙක්. පොඩි කිව්වට පොඩිමත් නෙමෙයි. 7 වසරේ විතරලු. මොනව වුනත් අපේ මාමා එච්චරම bright පොරක් නෙවෙයි ලු. ඉතිං හැමදාම විභාග වලදි අරන් තියෙන්නේ අඩු ලකුනු. 

          ඔන්න එක පාරක් මෙයා විභාගෙට තිබුන හැම විශයකටම වැඩියෙන් ලකුණු අරගෙන. දැන් අපේ අම්මට මාරම ප්‍රශ්නෙ මෙහෙම වුනේ කොහොමද කියලා. අම්මා කරලා තියෙන්නෙ විදුහල්පතිතුමාටත් කාරණේ කියලා මාමාවත් අඬගහගෙන ප්‍රශ්න කරපු එක. අහනව අහනවා කොහොමද මේ පාර  විතරක් මෙහෙම ලකුණු ගත්තේ කියලා. මොන....මාමා කියන්නෙම පාඩම් කරලයි ලකුනු ගත්තේ කියලලු. අම්මා දන්නවනෙ ඉතිං පුතයගෙ පාඩම් කිරීමෙ තරම. ඉස්කෝලෙ වත්ත වටේම  තියන ගස් වල නැග නැග එවායේ තියෙන ගෙඩි වලට වග කිය කිය ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නොකරන වග.

          අම්මා දිගටම අහල අහල බැරිම තැන වේවැලටත් පොඩ්ඩක් කතා කෙරුවා
තමා මෙයා ඇත්ත වමාරල තියෙන්නෙ. ගුරු නිවසේ තියෙන්නේ ඉතිං ඉස්කෝලෙමනේ. ප්‍රශ්න පත්තර තිබිල තියෙන්නේ විදුහල්පති කාමරයේ. මේකේ කොහොමහරි එක පැත්තක උඩටම යනකල් බිත්ති බැදලා තිබිල නෑ. දවසෙම  ඉස්කෝලෙ ඉන්න අපේ මාමා හොරෙන්ම ඔය බිත්තිය උඩින් පැනල ප්‍රශ්න පත්තර ටික බලලා මුකුත් වුනේ නැති ගානට මාරු වෙලා. ඉතිං ප්‍රශ්නෙ දන්න මනුස්සයට හරියට උත්තර දෙන්න හරියට පාඩම් කරන්නම ඕනේම නෑනේ. එහෙම තමයි අපෙ මාමා ලකුණු වැඩියෙන් අරන් තියෙන්නෙ. 

තව මේ වගේ දෙයක් මගේ යාලුවෙක්ටත් වුනා. ඒ කතාව පස්සෙ කියන්නම් කෝ..

ප.ලි. 
මේ බ්ලොග් එකේ තව ගොඩක් දෙවල් හදන්න තියෙනවා. බොහෝම ඉක්මනට ඒ අඩුපාඩු ටිකත් හදා ගන්න බලන්නම්කෝ.. :D

8 comments:

  1. ඔන්න මමත් මේ පැත්තෙ ආවා නිසූ කවුද බලන්න... නවත්තන්න එපා දිගටම ලියන්න... ජය වේවා!

    ReplyDelete
  2. මාමා යස වැඩනේ කරල තියෙන්නෙ.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින කරන්නකො.කමෙන්ට් කරන්න ලේසි වෙන්න.

    ReplyDelete
  3. මාම නම් එල කිරි ඩයල් එකක් තමයි. :D :D :D

    ReplyDelete
  4. @විසිතුරු -කොහෝම හරි ලියනවා විසිතුරු..බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට.

    @නදී - බොහෝම ස්තූතියි අක්කේ මේ පැත්තේ ආවට. මාමා නියමෙට වැඩේ කරලා.

    ඔන්න අයින් කලා..:))

    @මාධව - ඒකනේ

    ReplyDelete
  5. ඔන්න මමත් ආවා නිසූගේ කතා බලන්න.. එහෙම තමා ඉතින් හොඳ ලමයි උනහම ඉස්කෝල වත්තේ නිකන් තියන ගස්වලට වගකියන්නත් එපැයි.. නැත්තම් අපරාදෙනේ :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ආවට.ඒ වගේම සමා වෙන්න රිප්ලයි පහු වුනාට.කියලා වැඩක් නෑ අන්න හොද ලමයි..:)))

      Delete
  6. මාමත් යකාගේ මනුස්සයෙක් නේ. නියම වැඩ තමයි කරලා තියෙන්නේ. :)
    හොද වෙලාවට කලින් ලිපිය නොකියවා මේක කියෙව්වේ නැත්නම් අම්මා ටීචර් කෙනෙක් කියලා මම අහන්න තිබුනා. :)

    ReplyDelete
    Replies
    1. පොඩිකමටද වැඩ නේද??
      වෙලාවට මල්ලි මේක කලින්ම කියෙව්වෙ....:)))

      Delete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...