අප්පේ මට බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද? අමතකම වෙලා ගියානෙ.දැන් සතියෙ දවස් දෙකක් ඔෆිසියේ.ඒ දවස් දෙකේ නෝ ඉන්ට නෙට්.අනික් දවස් ටිකෙත් බ්ලොග් කියවලා.සයිට් එකේ වටයක් දෙකක් ගිහිල්ලා,කාලා බීලා එනකොට වෙලාව හරි.ඒත් ඉතිං එහෙමයි කියලා මේක අමතක කරලත් බෑ නෙ.මේ ඉවරයක් කරන්න යන්නෙ කාලයක් තිස්සෙ ලිය ලියා පරණ කරපු පෝස්ට් එකක්.
මං සෑහෙන කාලෙකට කලින් හොරු ගැන පෝස්ට් එකක් දැම්මනෙ. මේත් ඉතිං තවත් එක හොරු කතාවක්.
මං සෑහෙන කාලෙකට කලින් හොරු ගැන පෝස්ට් එකක් දැම්මනෙ. මේත් ඉතිං තවත් එක හොරු කතාවක්.
දිනය - 9.7.2012
වෙලාව - පස්වරු 2.30
රීන් ගාලා මගෙ ෆෝන් එක රින්ග් වෙනවා.මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්.කවදාවත් නැතුව මොකද මේ.
මම - හෙලෝ අම්මේ.....
අම්මා - මේ ඔයාගෙ වටිනා කියන දේවල් මොනවද ගෙදර තිබුනෙ.? (කලබලෙන් වගේ කතා කලේ)
මම - එහෙමකට කියලා දෙයක් නෑ.(මගේ ඉතිං එහෙමටයි කියලා දෙයක් නෑ නෙ වටිනා කියන.කනේ කරේ දාන්නෙත් ප්ලාස්ටික් කෑලිනෙ). ඇයි මොකෝ වෙලා තියෙන්නෙ.
අම්මා - ගෙදරට හොරු පැනලා.....
මම - මොකක්....???????
අම්මා - ඔව් ඔව්. මේ මං දැන් තාත්තට කතා කරන්න ඕනෙ.තියනවා.
අපොයි පස්සෙනෙ මතක් වුනේ යාලුවො මට අරගෙන දුන්න පොඩි පෙන්ඩන්ට් එකක් තියෙනවා කියලා අල්මාරියෙ.අනේ ඒක ගෙනිහින්ද දන්නෙ නෑ.ආයෙ අම්මට කෝල් කරන්න හැදුවට හැම වෙලේම එන්ගේජ්.තාත්තට කතා කලා.අඩේ පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්න කිව්වා.තාත්තාත් පිටත් වෙනවලු දැන්.අල්මාරි වල රෙදි ඔක්කොම බිමලු.අයියෝ අස් කරපල්ලකො ඉතිං.මදෑ රෙදි හෝදලා,වේලලා,නමලා ලස්සනට තියලා ආවා.දැන් අස් කරපල්ලාකො මුල ඉදලා ආයෙත්.:((((.
හොරු ආවා කියපු ගමන් මගෙත් හිතත් යකාගෙ කම්මල වගේ වෙලා.ගෙනියන්න තරම් දෙයක් නැති වුනත් එක පාර බය හිතෙන ටිකක් සාදාරණයිනෙ නේද?දඩි බිඩි ගාලා ගත්තා බෑග් එක ලඟ හිටිය එකාට සිද්දිය කිව්වා.මැරතන් දුවන්න වගේ දුවන්න ගත්තා.හෆොයි.... සයිට් එක ඇතුලෙ ටිකක් දුර ගියාම තමා මතක් වුනේ යන්න මාරු සල්ලි නෑ කියලා.සයිට් එකේ කැන්ටින් එකෙන් ඇහුවත් නෑ කියපි.අන්තිමට වෙන කෙනෙක්ගෙන් අත මාරුවට සල්ලි ඉල්ලගෙන තමා යන්න වුනේ.
බස් එකට නැගලා නගාට කෝල් එකක් ගත්තා.එයා ගියානෙ යාලුවෙක්ගෙ ගෙදර.ඒකත් වෙලාව.නැත්නම් මූ මොනවා කරගනියිද දන්නෙ නෑ.අනේ ඒකා මුකුත් දන්නෙ නෑ.ඌටත් ඉක්මනට ගෙදර යන්න කිව්වා.පවුලක් ලෙස එකට ඉන්න එපෑ කරදරේකදි නැද්ද.
මේ මල මගුල් බස් එකත් ගාටනවා.ඒ මදිවට ආමර් වීදියෙත් නවත්තගෙන ඉන්නවානෙ විනාඩි 10ක් විතර.එතකොට ඉතිං අවිස්සාවේල්ල බස් දෙකක් තුනක් ගිහින් තියෙයි.තවත් පරක්කුවක්.හප්පේ අර තියෙන්නෙ මීට කලින් ගිය බස් එක තාම නවත්තලා කලර් ලයිට් වල.බැස්සා ආපු එකෙන්.අනේ ඔන්න අර බස් එක යනවා.පුලුවන් උපරිමෙන් දුවලා පැන්නා යන බස් එකට.මදෑ ඉස්සුනා මදිනෙ. "දඩාස්".............................................
නෑ නෑ වැටුනෙ නෑ වෙලාව හොඳ නිසා. :D කකුල ෆුට් බෝඩ් එකේ වැදුනා විතරයි.ඊළඟ පිම්මෙන් ඔන්න බස් එක ඇතුලෙ.පිටිපස්සෙ සීට් එකේ මිනිස්සු කන්න වගේ බලාගෙන ඉන්නවා.ඕන් මං නම් එයාලව දැක්කෙ නෑ ලු. ;) කකුල හීරිලා තිබුනා බලද්දි.ඕවානම් මොනවද.
මේ මල මගුල් බස් එකත් ගාටනවා.ඒ මදිවට ආමර් වීදියෙත් නවත්තගෙන ඉන්නවානෙ විනාඩි 10ක් විතර.එතකොට ඉතිං අවිස්සාවේල්ල බස් දෙකක් තුනක් ගිහින් තියෙයි.තවත් පරක්කුවක්.හප්පේ අර තියෙන්නෙ මීට කලින් ගිය බස් එක තාම නවත්තලා කලර් ලයිට් වල.බැස්සා ආපු එකෙන්.අනේ ඔන්න අර බස් එක යනවා.පුලුවන් උපරිමෙන් දුවලා පැන්නා යන බස් එකට.මදෑ ඉස්සුනා මදිනෙ. "දඩාස්".............................................
නෑ නෑ වැටුනෙ නෑ වෙලාව හොඳ නිසා. :D කකුල ෆුට් බෝඩ් එකේ වැදුනා විතරයි.ඊළඟ පිම්මෙන් ඔන්න බස් එක ඇතුලෙ.පිටිපස්සෙ සීට් එකේ මිනිස්සු කන්න වගේ බලාගෙන ඉන්නවා.ඕන් මං නම් එයාලව දැක්කෙ නෑ ලු. ;) කකුල හීරිලා තිබුනා බලද්දි.ඕවානම් මොනවද.
ඔහොම බාදා මැද්දෙ ගෙදර යනකොට මඟදි තාත්තා යනවා අපේ මාමා කෙනෙක් එක්ක පොලීසි.කෝල් කරලා කිව්වට මොකෙක්වත් ඇවිත් නෑ.ඔක්කොටම හපන් මං මේ දෙමෝලෙන් පිටි කොටන්නා වගේ ගැහි ගැහී යද්දි අපේ තාත්තා වෙනද වගේම ෆුල් සොමියෙ.නැති වුනේ මොනවද කියලා දන්නෙත් නෑ"බලන්නකො චූටි දූ මේ හොරා ගේ ඇතුලෙ රවුම් ගහලා තියෙන්නෙ කඩලා තිබුන රඹුටන් ටිකටත් වැඩේ දිදීනෙ.ඌ අපිට පින් දිදී කන්න ඇති. හෙ හෙ හෙ..... මේ අපි යනවා එහෙනම්.පොලීසිය එනකොට මං කෝල් කරන්නම්"
ගෙදර යනකොට බාප්පගෙ භාර්යාවයි,පුතණ්ඩියයි අපේ ගෙදර. අම්මයි,නංගියි ත් එයාලා එක්ක කයිය.අලේ ඒ දෙන්නත් අර ඉන්නෙ සොමියෙ.කවුරු හරි දැක්කානම් හිතයි හොරු පැනලා තියෙන්නෙ අපේ අල්ලපු ගෙදරට කියලා.:)))) බැලින්නම් රත්තරන් බඩු ටික බැංකුවේ,ගෙදර සල්ලි තිබිලා නෑ.හැබැයි මගේ යාලුවො දීපු පෙන්ඩන්ඩ් එකයි,තව තෝඩු දෙකකුයි නම් මිසින්.
ගේ පුරා පොඩි සර්ච් පාරක් දැම්මා.හපෝ රෙදි ටික කඳු කඳු ගහලා බිම.මගේ පරණ ලැප් කට්ටත් එලියට ඇදලා.හොරාටත් තේරිලා ඒක වැඩක් නෑ කියලා.තාත්තගෙ පරණම පරණ කැමරා වගයක් ලස්සනට වගේ එලියෙ තියලා තිබුනා.ඒවත් එහෙමම.වෙන එකක් තියා ඩිජි කැම් එකත් යස අගේට තියෙනවා.ගේ පුරාම රඹුටන් ලෙලි.වැස්සට ඉහලගෙන ආපු කුඩේ කඩාගෙන ආපු ජනේල ගාව.ජනේලෙන් ඇතුල පැනපු තැන මඩ අඩියක්. එලියෙ ටැංකිය ගාව ලිස්සපු අඩි පාරක්.ශුවර් එකටම අම්මා අපු පාර බය වෙලා දුවලා.
ඔන්න දැන් තමා අම්මගෙන් කතාව අහගන්න පුලුවන් වුනේ.අම්මා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඔනකොට අපේ බලු තඩියා එලියෙ ඉදලා.අම්මා ඉතිං ඌත් එක්ක කතා කරලා එහෙම යතුර හොයා ගෙන දොර ඇරලා.දොර ඇරපු ගමන් අපේ කෑම කාමරේ පේනවා.අම්මට හිතිලා තියෙන්න කලින් දවසෙ ඇරපු ජනේලෙ වහලා නෑ කියලයි.ටිකකින් තමා තේරිලා තියෙන්නෙ යකෝ කෝ ග්‍රිල් එක කියලා.ඔන්න එතකොට තමා මීටරේ වැඩ කරලා තියෙන්නෙ හෙට හොරු පැනලා කියලා.පිලිවෙලින් කාමර ටික බලාගෙන ගිහින් කුස්සියෙන් ගෙයින් එලියට බැහැලා කඩපු ජනේල ගාවට ආපු අම්මා අපේ පල්ලෙහා ගෙදර අයට කතා කරලා.
ඊට පස්සෙ ඉතිං අහළපහළ අයත් ඇවිත් පශ්චාත් පරීක්ෂණ එහෙම පවත්වලා තමා තාත්තට නිවුස් දීලා තියෙන්නෙ.මං එනකොටනම් ගම මැද්දෙ ඉන්න නෑයොත් ඇවිත් ගිහින්.ඕපා දූප ටික මට මිස් වෙලානෙ. :D අන්තිම නිගමනේ තමා අම්මා ගෙට එන සද්දෙ ඇහිලා බය වුන හොරා
ඔන්න තාත්තත් එක්කම පොලීසිය ආවා.සිවිල් පිට හයදෙනෙක් විතර ආවා.ඔන්න එතැන් සිට කතාව දෙබසින්.
පොලීසිය - කෝ කොහෙන්ද ගෙට ඇවිත් තියෙන්න?
අම්මා - අර තියෙන්නෙ අර ජනේලෙන් තමා ඇවිත් තියෙන්නෙ.
පොලීසිය - ග්‍රිල් එකත් ගලවගෙන ඇවිත් තියෙන්නෙ.මොනවද ගෙනිහින් තියෙන්නෙ.(ගේ ඇතුලෙ රවුමක් යන ගමන්)
තාත්තා - ලොකු දුවගෙ පෙන්ඩන්ට් එකකුයි,තව පොඩි තෝඩු දෙකකුයි.
පොලීසිය - පවුම් කීයද පෙන්ඩන්ට් එක.
මම - දන්නෙ නෑ යාලුවො ගෙනත් දුන්නෙ.
පොලීසිය - බලමු ගිහින් ජනේලෙ ගාව. (ජනේල ගාවට ගේ වටෙන් ගිහින් රඹුටන් ගස් දැක) කෝ මේ කෙක්ක? ආහ් මේ තියෙන්නෙ.
පොලිසීයෙ ලොක්කා - අන්න අර ගෙඩිය කඩා දෙන්න.ඒක හොදට ඉදිලා.(ජනේලෙ දිහාත් සුට්ටක් විතර බලලා)මෙහෙ තීන්ත ගාන්න එහෙම කවුරුත් ආවද?
තාත්තා - අනේ නෑ අපිමනෙ තීන්ත ගෑවෙ.
පොලීසිය - හ්ම්... එතකොට රඹුටන් කඩන්න කවුරුත් ආවද?
නංගි මට හෙමින් - ඇයි අර මංජු මාමා ආවෙ. (මංජු මාමා කියන්නෙ අපේ ගෙදර වඩු වැඩ කරන්න එන අපට හිතවත් වඩු මහතෙක්.ගෙදර කවුරුත් නැහැ කියලා හිතලා දවල් වරුවක ඇවිත් රඹුටන් කඩාගෙන ගිහින්.නංගී ගේ ඇතුලෙ ඉදන් බලන් ඉදලා.තව ටිකෙන් පොලීසියෙන් හොද සංග්‍රහයක් හම්බ වෙනවා.:D )
මම - පිස්සුද මංජු මාමා එහෙම කරනවයෑ.
පොලීසිය - කවුද ඒ???? (මදෑ ඇහිලා)
තාත්තා - නෑ නෑ ඒ අපි දන්න කෙනෙක්. එයා එහෙම කෙනෙක් නෙවේ.(වෙලාවට ඒක පිළිගත්තා)
මේ වෙනකොට අපේ රඹුටන් ගස් වලින් ගෙඩි පනහක් හැටක් පොලිසි අන්කල්ලගෙ බඩේ(හෝව් වැරදුනා අයියලත් හිටියනෙ) මදෑ වුන දේ ගේ ඇතුලෙ තිබුන ඒවට හොරා වැඩේ දුන්නා.ගහේ තිබ්බ ඒවට පොලීසිය වැඩේ දුන්නා.කාට කියන්නද මේ දුක.
පොලීසියෙ ලොක්කා - මේ, මේ මහත්තයලව පොලීසියෙ රස්තියාදු නොකර මෙහේදිම පැමිණිල්ල ලියාගෙන යමු නේද? (කොහොමද රඹුටන් වල බලේ)
ඔය වෙනකොට අම්මාතාත්තාගෙයි,නංගිගෙයි,මගෙයි විස්තර පස් පාරක් විතර අහලා.
යන්න හදනකොට තමයි පොලිස් මාමලට කුඩේ මතක් වෙන්නෙ."ආහ් අපි කුඩේ අරන් යන්නම්. ඔය ෂුවර් එකට කුඩු කාරයෙක් වෙන්න ඇති.අපිට දවස් දෙක තුනක් දෙන්නකෝ."
අනේ මන්දා ඒ දවස් දෙක තුන තාම ගෙවෙනවා..... :D
කතාව දිග වැඩි වුනා.මේ කතාවෙන් කියන්න ඕනෙ වුන ටික කියන්න තව පෝස්ට් එකක් දාන්න වෙයි වගේ.කමක් නෑ එතකල් පසුබිම් කතාව කියවලා අදහසක් ගන්නකෝ.පුලුවන් ඉක්මනට ඒකත් දාන්නම්.
අපේ ගෙදරට හොරු ආවොත් හොරුන්ට එපා වෙයි මගේ අල්මාරිය දැකලා. මොකද ඒක අරින 1වෙනි කෙනාගේ ඇග උඩට නාය වනවා වගේ ඇදුම් ටික වැටෙනවනේ :D
ReplyDeleteකොකටත් කියලා ගෙදර පළතුරු ගස් 2, 3ක් වවා ගන්න එක හොදා. හොරාගේ අරමුණ වෙනස් කරන්න වගේම පොලීසියෙන් උදව් ගන්නත් ඒ ක්‍රමේ හොදයි :D
අක්කට හම්බවුණ ප්‍රසන්ට් එක නැතිවුණ එක ගැනනම් දුකයි..........
අපේ ගෙදරනම් නංගිගෙයි,මගෙයි රෙදි තියෙන්නෙ එකම අල්මාරියෙ.මගෙ පිළිවෙළට නමලා තිබුනට නංගිගෙ එහෙම නෑ.හැබැයි වැටෙන්නෙත් නෑ.එකකට එකක් හොදට ප්‍රෙස් වෙලා තියෙන්නෙ. :D
Deleteනෑ නෑ හොරාගෙ අරමුණනම් වෙනස් වෙලා නෑ.හැබැයි කකා හිටපු නිසා වැඩේ කරගන්න පරක්කු වෙන්න ඇති.
හ්ම්... මොනවා කරන්නද.:(
රඹුටන් කන්න ආපු හොරෙක්ද කොහෙද? කෞතුකාගාරය කැඩුව කුඩුකාරයා වෙන්න බැරිද?
ReplyDeleteකෞතුකාගාරය කැඩුව අය :P
Delete@හරී - නෑ නෑ රත්තරන් බඩු ටාගට් කරගෙන ආපු එකෙක්.හ්ම්... කොහොමද දන්නෙ නෑ.
Delete@හසිත - ඒක තමා නම්බු දීලා කතා කරන්න එපායෑ නේද... :))
අපරාදේ...............හොරා ගෙදරට එන කොට ඔයත් ගෙදර හිටියනම් තමයි හරි.එයා ආයෙත් කොහේවත් හොරකමේ යන එකක් නෑ.යාළුවෝ කිව්වේ කැම්පස් එකේ අයද? ඉස්සර අපේ කැම්පස් එකේ හිටපු අය එච්චර ත්යාගශීලිද? :O
ReplyDeleteඒ මොකෝ අප්පෙ එහෙම කියන්නෙ.මං දැක්කාම හොරු බය වෙනවදදැහෙම ලුක් එකක්ද මට තියෙන්නෙ.
Deleteකැම්පස් එකේ අය තමා. :) ඔයා කියන තරම් ඉස්සර අය නෙවෙයි අපි.තාම අවුරුදු දෙකයි අවුට් වෙලා.මොකෝ මෙහෙම අහන්නෙ?
ලුක් එක හොඳයි අක්කේ.මහ රැජිණ වගේ.අවුට් වෙලා අවුරුදු දෙකක්ද? එහෙනන් දැන් කොණ්ඩෙත් සුදු වෙලා ඇති.නෑ ඉතිං නිකමට ඇහුවේ.දැන් කැම්පස් එකේ අය ඉන්නේ කන්න මිසක් දෙන්න නෙමෙයිනේ....
Deleteහික්.හොද වෙලාවට හොරා ආව වෙලාවේ ඔයා ගෙදර නොහිටියේ නැත්නම් ඔයාව උස්සගෙන යයි...
ReplyDeleteනිකමට හරි මගේ කාමරේට හොරෙක් පැන්නොත් හොරාට පිස්සු හැදෙනවා...
මාව උස්සන් යන්න....???? හිතුව මදි හොරා. :D කන්ටේනර් එකක් ගේන්න වෙයි එහෙනම්.
Deleteඒ තරම් පිලීවෙළයිද කාමරේ??
එක දවසක් අපිටත් ඔය අත්දැකීම ලැබුන..අම්ම උදේ උයන්න කුස්සියට එද්දී එකෙක් ගේ ඇතුලට ඇවිල්ල..පාන්දර 4ta විතර..අම්මට හුදු..අම්ම ක ගැහුව සද්දෙට අපි ඇදෙන බිම..බඩුත් අරන් දුවගෙන ඇවිත් හෝරාව අල්ලගන්න බැලුවට ඌ මිසින්..හැබැයි ආය නම් එකෙක්වත් ආවේ නෑ...මම නම් කියන්නේ හොරුන්ට දුටු තැනදී බද කට පුර සලකන්න ඕනේ..මොකද පොලිසි ගියත් ඕකුන් එලියට ඇවිත් කරන්නෙම හොරකම..
ReplyDeleteආ.. නැතිවූ බඩු සම්බන්දව අපගේ බලවත් ශෝකය..
අවවාදය : වටිනා කියන දේවල් බැංකුවේ තබන්න(රන් ආබරණ - උකස් කිරීම මෙයින් අදහස් කෙරේ )
අම්මා බේරුනා මදෑ.ඌ මුකුත් ආයුදයක් ගේන්න නැතුව ඇති.ආයෙත් අහලා හොදට සලකලා යවන්න ඕනෙ.අපිට ඒ පාට් එක මිස් වුනානෙ.ඊළඟ කොටසින් ඒ ගැන කියන්න ඕනෙ.
Deleteහ්ම්.... වෙලාවට බඩු ගොඩක් බේරුන නිසා වැඩි ශෝකයක් නැත.
ඔව් ඔව් ඒක එක අවවාදයක්.
හොඳ වෙලාවට නිසූලගෙ ගෙදරට පැන්නේ.. හොරාට පෙන්ඩන්ට් එකකුයි කරාඹු දෙකකුයි හරි හම්බ උනා..අපේ ගෙදරට පැන්නනම් එහෙම හොරා තවදවසක් ඇවිථ් ගෙදරින් මොනා හරි තියල යනවා..
ReplyDeleteඒ ටික හරි හම්බ වුනේ හොරාගෙ වාසනාවට.ශෝක්නෙ එහෙනම් හොරෙක් පනින්න කියලා ප්‍රාර්ථනා කරන්නද?
Deleteබලු තඩියා සැර නැතිව ඇති... නැත්නම් හොරා එන්නේ කොහොමද උගෙන් බේරිලා.. කොහොම උනත් ජීවිත හානියක් වෙන්නෙ නැතිව බේරුනු එක හොඳයි. ඉක්මනින් හොරු අල්ලාගනීවිද ?
ReplyDeleteසැර නෑ නොවෙන්නම්. ඌට සමහර විට ඇහෙන්නත් නැතුව ඇති.ඌ වැඩි හරියක් බුදි.ඒ නිසා දැන් තව කෙනෙක් ගෙනාවා.
Deleteකොහේ අල්ලන්නද අක්කේ.රත්තරන් බඩු දානයක් දුන්න කියලා තමා හිතන්න වෙන්නෙ.
රබුටන් වල පලවිපාක විදින පොරක් හොයාගත්තානම් වැඩේ ලේසියි
ReplyDeleteඅපොයි පල විපාක විදින්න තරන් කාල නෑ.මං කනවා දවසකට ඊට වඩා.
Deleteඇති යාන්තන් මේයැයිට බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා කියලා මතක් උනා.
ReplyDeleteඒක නෙමේ,
අර හොරා තාම ට්‍රේනින් ද මන්දා... !
අර ඇඳුන් ටික අස් කරන්ඩ මාර කට්ටක් කන්ඩ එපැයි.. මට හිතෙන්නේ හොරා අල්මාරිය ඇරිය ගමන් ඇඳුම් ගොඩම හොරාගේ ඇඟ උඩට කඩන් වැටෙන්ඩ ඇති. ඒ බය උන පාර ඌ අතට අහුවෙච්ච මොනාහරි දෙයක් අරගෙන දුවන්ඩ ඇති ... හික්ස් :)
හික්ස්.... ඒකෙනෙ මල්ලි...
Deleteහ්ම්.. එහෙමම හිතන්න බෑ බලන්නකො ඊළඟ කොටස.
අපෝ අස් කරලා කොහෙද. ඇදලා දාලා.මගෙ සාරි එහෙමනම් දිග ඇරලත් නෑ.නමලා තිබුන විදිහටම අරගෙන බිමට දාලා.නෑ නෑ එහෙම නෑ මගෙ රෙදි ටික නම්.:)))
ලොකුම හොරු ඉන්නේ පොලොසියේ..ඔකුන් දෙගොල්ලොම එකතුවෙලා හොරකංකරන ප්‍රොජෙට් කොරන්නේ
ReplyDeleteඕක දන්න නිසාම අපේ පුංචිනම් බය වුනා පොලීසිය එනවටත්.
Deleteලොකුම හොරු ඉන්නේ පොලොසියේ..ඔකුන් දෙගොල්ලොම එකතුවෙලා හොරකංකරන ප්‍රොජෙට් කොරන්නේ
ReplyDeleteඕක ඉතින් දෙපාරක් කියන්ඩ ඕන යෑ...
Delete'කනේ ගෙඩියා'
ReplyDeleteඌ වෙන්න ඇති
ඌ නෙවෙයි අපේ ගමේ එකෙක්ලු..
Deleteනියමයි නිසූ.........
ReplyDeleteකියවන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකම්ම මගෙ කට කනේ.
හොරු ගැන නම් අත්දැකීම් එමටයි. අපේ ගෙදරට මේ වෙද්දි 5 පාරක් හොරු ඇවිත් තියෙනව. ඇයි ඉතින් දවල්ට හොරුන්ට එන්න එන්න කියලා වගේ අපේ ගෙදර කවුරුත් නෑනෙ. හතර දෙනාම ඉස්කෝලෙ යනවනෙ ඒ කාලෙ.
පළවෙනි වතාවෙ ආව හොරු තිබුණ සියලුම දේවල් අරන් ගියා, නැත්තටම නැති වෙන්න. නැන්දා සී අයි ඩී නිසා අපේ ගෙදරට ආවෙ පොලිසියෙන් නෙමේ, සී අයි ඩී එකෙන්. හී හී... ඒත් අනේ එක කාසියක් වත් හම්බුනෙත් නෑ, කවුද හොරු කියල දන්නෙත් නෑ. එක ෆින්ගර් ප්‍රින්ට් එකක් වත් හම්බුනේ නෑ. හොරු අපේම වතුර අරන් සෙරම ප්‍රින්ට්ස් මකලා ගිහින් තිබුණා. අන්තිමට හම්බුණ එකම එක ප්‍රින්ට් එක අප්පච්චිගෙ....
ඊට පස්සෙ ආව හොරු හතර දෙනාම පව්,මොකද ඒ වෙද්දි ගෙනියන්න මොකුත් ඉතුරු වෙලා තිබුණේ නෑ.
හික්ස්.... මං හිතුවෙ නෑ අප්පා එච්චර හිනා යයි කියලා.
Deleteඅම්මෝ... ගෙදර මුකුත් ඉතුරු වුනාද? සිඳුගෙ අම්මයි,තාත්තයි ටීචර්ලා වගේ.
අප්පේ මාර හොරු ටිකක්නෙ.සී.අයි.ඩී. එකෙනුත් හොයාගන්න බැරි වුනා කිව්වාම.බල්ලෙක්වත් ගෙනත් හොයාගන්න බැරි වුනාද? අපේ හොරාගෙත් ගේඇතුලෙ නම් එච්චර ප්‍රින්ට්ස් නැතුව ඇති.ඒ විස්තර ඊළඟ කොටසින්.
රඹුටන් හොරෙක් නේ. මගේ කබඩ් එක ඇරියොත් නම් හොරාට පිස්සු හැදෙයි.. එච්චරට පිළිවෙළයි ඒක.
ReplyDeleteරඹුටන් නෙවේ රත්තරන් ටාගට් කරගෙන ඇවිත් තියෙන්නෙ.එහෙනම් හොදයිනෙ.හොරාට යන්නත් මතක නැති වෙයි. :D
Delete"බැලින්නම් රත්තරන් බඩු ටික බැංකුවේ"
ReplyDeleteමොකක්ද බැංකුව? මොකක්ද ශාඛාව ? පවුම් කීයද ? :-p
ඒවා රහස්...:P
Deleteහොරු පැන්න ගෙදරට පොලීසියෙන් පැනලා රඹුටන් කෑවා වගේ...
ReplyDeleteපව් දෙයියනේ මේ ගෙදර අසරණ මිනිස්සු..
නියම ප්‍රස්ථාව පිරුළ... :D
Deleteකියලා වැඩක් නෑ අයියා..... :'((
රඹුටන් ගහ කපලා දාන්න..
ReplyDeleteගස් පහක් තියෙනවා.එතකොට අපි කන්නෙ නැද්ද?
Deleteඑහෙනම් ගස් 5ම කපන්න. රඹුටන් වගේද ගෙදර බඩු!! හොරු රඹුටන් තියෙන කාලෙක ආවොත් රඹුටන් කකා පොතු ගේ ඇතුලේ දාන්නැතුව වැඩේ කරගෙන යැයි.ඊට පස්සේ පොලිසිය එයි. එයාලත් ඔය රඹුටන් ගස්වටේ කැරකෙන්නේ නැතුව වැඩේ කරයි.රඹුටන් ඕනෙමනම් ටවුන් එකෙන් ගෙනත් කන්න පුළුවන්නේ. :)
Deleteපොලිසියට දවස් දෙක තුනක් කියන්නේ සදාතනික කාලයක් නිසූ :)
ReplyDeleteකියලා වැඩක් නෑ අක්කෙ.දැන් හොදටම තේරෙනවා.
Deleteපොලීසිය එක්ක හොරු අල්ලද්දි ඔහොම තමා. අංජනමක් බැලුවනම් දැනටම හොරා අල්ලගෙන.
ReplyDeleteහ්ම්.... හරියට කියන තැනකුත් වෙන්න එපෑ.
Deleteඅනේ ඉතින් අපේ සරණෙට ඉන්න පොලීසියනෙ ඔය. හැබැයි හොරා ස්මාර්ට් හොරෙක් වගේ. ඕන කරන ටික විතරක් අරන් ගිහින් තියෙන්නෙ..
ReplyDeleteකියලා වැඩක් නෑ ළිහිණී.ඔව් ඔව්.මුකුත් බර දේවල්,විද්‍යුත් උපකරණ ගෙනියන්න අදහසක් තිබිලා නෑ.රත්තරන් තමා ටාගට් කරලා තියෙන්නෙ.
Deleteමදැයි ඔයිං ගියා ....
ReplyDeleteඔව් අප්පා...
Deleteපණ පලයං පෙරේදා කිව්වලු.ලස්සනට කතාව ලියල තියනවා.ආසයි කියවන්න.
ReplyDeleteපණ ගියා රෙදි නවන්න ගිහින්.ස්තූතියි.මේ පැත්තෙ ආවටත් ස්තූතියි.
Deleteඅයියෝ..පොලිසියට නොකීව නම් අඩුම ගානෙ ඉතුරු රඹුටන් ගෙඩි ටික වත් බේරගන්න තිබ්බ...
ReplyDeleteඒ ගොල්ලො කෑවට තව ඉතුරු වුනා.ගස් පහක් නෙ.:D
Deleteමටත් දුක අර රඹුටන් ටික ගැන.. මම හිතන්නේ පොලීසිය මේ හොරකම ඉන්වෙස්ටිගේට් කොරන්න තව කීපපාරක්ම ඒවි (ගහේ රඹුටන් ටික ඉවර වෙනකම්)
ReplyDeleteනෑ නෑ අයියේ ආයෙ පැත්ත පළාතෙ ආවෙ නෑ.හොරා ගැන කිසිම සද්දයක් නෑ.
Deleteගෙදරකට හොරෙක් පැන්නත් එකයි - නයෙක් රිංගුවත් එකයි මළ වදේ.... :D
ReplyDeleteඅපොයි නයා රිංගුවොත් ඊට වඩා වදේ.ඌ හැංගුනොත් එහෙම.:D
Deleteරඹුටන් තියෙන කම් පොලෝසියේ “අයියලා“ ටික ආපහු හොරකමේ එයි... බලාගෙන...
ReplyDeleteඅපේ කට්ටියකටත් ඔය වගේ වැඩක් උනා.... කට්ටිය මඟුල් ගෙදරක ගිය දවසක හොරෙක් පැනලා.... ඔක්කොම ඇදලා බලලා ඉමිටේෂන් බඩු ටික ඇදලා දාලා ඩීවීඩී ප්ලෙයර් එක උස්සන් ගිහිල්ලා.. රත්තරන් බඩු ටික ලේන්සුවක ඔතලා සාලේ මේසෙ උඩ තිබිලා තියෙන්නේ ... ඒ ටික හොරා දැකලා නෑ... හි හි....
ඒකත් සුවර් නෑ තමා.ඒ දවස් වල ලියුම් කාරයයි,ලයිට් බිල් කාරයයි දෙන්නම රඹුටන් ටිකකට වැඩේ දීලා.
Deleteඔයාලගෙ වෙලාව තමා.:))))
ආන්න මට දැනුයි වැඩේ මීටර් උනේ...මොකද මේ දිවියන්ට බොහෝම ලැදි කියාල...හෙහ්, හෙහ්, හොරුංගෙං රඹුටං ටික රැකගන්ට නෙවද?
ReplyDelete*****************************
ආයෙම ෆෝන් එක රිං වෙනවා...මොකද මන්ද.... මහ කරදරයක්නෙ මේක..ආහ්...ගෙදරින්...
අම්මා - ලොකු දුව මේ... හරි වැඩේනෙ උනේ..
මම - මොකද අම්මෙ?....( මේ අම්මත් කියන්ට තියන එක කියන්නෙ නෑනෙ එක පාරට ..තරහත් එනවා )
අම්මා - මේ දැන් ටිකකට ඉස්සරවෙලා පොලීසියෙන් ආවනෙ,
මම - අඩේ හොරු අල්ලලද? මගෙ පෙන්ඩන්ට් එක තියනව කිව්වද?
අම්මා - ඔයා මේ කෙහෙල්මලක් කතාකරනව...උං අල්ලපු හොරෙක් නෑ...ඔන්න ඇවිල්ල අපිට හොඳටම බැණල ගියා...
මම - ඈ.හ්...බැනල ගියා..ඒ මොකද? ( මගෙ කට ඇරිච්ච විදිහට මටම ලැජ්ජයි...විජහට කට වහගත්ත කවුරුවත් දකින්ට කලියෙං )
අම්මා - කවුද මේ නිසුපා කියන්නෙ?...ඔහෙගෙ ලොකු දුව නේද?...මොනවද එයා මේ ලියල තියෙන්නෙ අපි ගැන...පොලීසිය ආවෙ හොරු අල්ලන්ට නෙවෙයිලු...රඹුටන් කන්ට කියල ලියල තියෙන්නෙ...ඔන්න ඔහොම කිව්වෙ ඒ ගොල්ල...
මම - ඈ.....( ආයෙම කට ඇරුනා...මමම වහ ගත්තා )
අම්මා - ඈ ලොකු දුව මට ඇත්ත කියන්ට...ඔයා එහෙම පොලිසිය ගැන කොහෙවත් ලිව්වද?
මම - මේ ...අම්මෙ ...මේ....නෑ..අම්මෙ .මේ..ඔව් අම්මෙ..නෑ..නෑ..එහෙම මොකවත් මම ලිව්වෙ නෑ ( මදැයි, දෙයියෝ සාක්කි, බොලොග්ගෙකේ මොනව හරි ලියන්ට ඕනය කියල මේ කෙහෙල්මලක් ලියල මම වැටිච්චි හෙයියම්මාරුවක මහත..මටම හොඳවයින් ටොක්කක් ඇණ ගන්ට හිතෙන්නෙ මේ වෙලාවට තමයි )
අම්මා - ආ...එහෙම මොකවත් ලිව්වෙ නැත්නම් කමක් නෑ...මම ඒත් පොලීසියෙ අයට කිව්වෙත් ඒකම තමයි...එහෙම වෙන්න බෑ රාළහාමි...අපි ඔය දරුවො හදල තියෙන්නෙ බොහොම ගරු ගාම්බීර විදිහට...ඔය තැං තැං වල පොලීසිය රඹුටං කාපු කතා කිය කිය ඇවිදින්නෙ නෑ අපේ දරුවො..ඔන්න ඔහොමයි මම කිව්වෙ
මම - ආ..ඒක හොඳයි .....( වෙන මොනව කියන්ටද?...)
අම්මා - ඒකනෙ ලොකු දුව බයවෙන්ට ඕන නෑනෙ ඔයා එහෙම දෙයක් කරල නැත්නම්...ඔයාට පොලීසියට එන්ටත් කියල කිව්ව කට උත්තරයක් ගන්ට....අද හවස එන ගමන් පොලීසියට ගිහිල්ලම එන්ට එහෙනං..
මම - ඈ ( අයෙම මයෙ කට ඇරුන..මෙ ගමන නම් වහ ගන්ටවත් මතක් උනේ නෑ)
@රවී,
Delete++++++++++++++++++++++
රවියා නියමයි.......ජයෙන් ජය
Deleteඅනෙ අම්මේ රවී අයියේ බොලාගෙ කමෙන්ටුව කතාවක්නෙ. :O
Deleteහැබැයි එකක් අපේ අම්මා මට කියන්නෙ ලොකු දුව කියලානම් නෙවෙයි. :))) හා පුලුවන් නම් කියමු බලන්න? අපේ අම්මා දන්නවෝ මං බ්ලොගක් කරනවා කියලා.
හැබැයි කතාවනම් නියමයි.
අම්ම කියන්නෙ චූටි දූ කියලනෙ...හෙහ්, හෙහ් මොකෝ බොල මම නොදන්නෙ?...මම හිතලමයි ලොකු දූ කියල ලිව්වෙ....
Deleteපොලෝසියෙ එවුන්ට ටාගට් කවර් කිරිල්ල නිසා බොලොග් බලන්ට වෙලාවක් නැති නිසාම උඹ බේරුණයි කියල හිතාගං....අනික අනේ මේ ඔයාල ගැන නෙවෙයි ලිව්වෙ කියලවත් බේරෙන්ට පුළුවං විදිහට නෙවෙයි නෙව ලියල තියෙන්නෙ...හෙහ්, හෙහ්,
උඹ දන්නවද ආරක්ෂක අංශ අපකීර්තියට ලක්වන ලෙස සාවද්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 32 (අ ) (ආ ) ( ඉ ) වගන්තිය අනුව වැටෙන්නෙ චේතනාන්විත සාපරාධී අපරාධ ගණයට...සෙල්ලමක් නෙවෙයි හොඳද?..ඇප රහිතව කෙලින්ම තුම්මාසයක් රිමාන්ඩ්...ඊට පස්සෙ අවම දඬුවම වසර පහක් බලපතල වැඩ ඇතුව මහ උළු ගෙදර...
/ මේ කතාවෙන් කියන්න ඕනෙ වුන ටික කියන්න තව පෝස්ට් එකක් දාන්න වෙයි වගේ. /
ආයෙම ලියන්න කලින් කල්පනා කරපං ටිකක් හොඳද?...ආයෙ අනේ අයියෙ උඹල දැනගෙනත් මට කිව්වෙ නෑනෙ කියල නාහෙං අඬන්නෙ නැතුව...හරිය?
@ රූ සහ Naleen,
ස්තූතියි.... :)
අප්පේ ඒක කොහෙන්ද හොයා ගත්තෙ.ශුවර් එකටම මගෙ පෝස්ට් ටික අවුස්සලා බලලා වගේ.:D
Deleteමං වැරැද්දක් කිව්වයෑ බං අය්යෙ.මන් කිව්වෙ සහසුද්දෙන් ඇත්ත නොවෑ.හා කියමු බලන්න මං බැනලා තියෙනවද කියලා කොහේවත්. :D නෑ නෙ....
සාවද්‍ය නොවේ නිසා ප්‍රශ්නයක් නෑ නෙ.හිරේ යන්න වෙන එකක් නෑ.
හී හී...ඊළඟ එකේ පොලීසිය නැත...
/ අපේ තාත්තා වෙනද වගේම ෆුල් සොමියෙ.නැති වුනේ මොනවද කියලා දන්නෙත් නෑ"බලන්නකො චූටි දූ මේ හොරා ගේ ඇතුලෙ රවුම් ගහලා තියෙන්නෙ..... /
Deleteආය පරණ පෝස්ට් ඇද ඇද බලන්ට දෙයක් නෑ බං...මේ තියෙන්නෙ තාත්ත උඹට කතාකරන විදිහ මේකෙම ලියල...තාත්තයි අම්මයි බොට කතා කොරන්ට නම් දෙකක් බාවිතා කරන්ට තියෙන්නෙ බොහෝම අඩු සම්බාවිතාවයක් නිසා අම්මත් කියන්නෙ එහෙමම වෙන්ට ඇති කියල මම උපකල්පනය කලා....එච්චරයි....:) :)
අම්මා බයානක වැඩක් කරලා තියෙන්නේ... හොරු පැනලා කියලා දැනගත්තනම් ආයේ පිලිවෙලින් කාමර ටික බලාගෙන යන්න කලින් කෑගහලා පිරිමි කවුරුහරි එකතුකරගන්න එකයි හොඳ මම හිතන්නේ... නිකං හරි ඒ පැනපු එකෙක් කාමරේක හිටියනම් සමහරවිට මේ කතාව මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න තිබ්බා... ඇති ඔයින් ගියා... :)
ReplyDeleteමාත් ඒකනම් කිව්වා.කොහේ හරි හැංගිලා ඉදලා අම්මට මොනවා හරි කලානම්. අම්මට බය හිතුනෙ නෑ ලු.කොහොමත් අපේ ගෙදර තියෙන විදිහට කාමරෙන් කාමරේට යනකොට වටේම පේනවා.කෑගහලා ගෙන්න ගන්න නම් අම්ම එන වෙලාවට පිරිමි නෑ ළගපාත.කෝල් කරලාම තමා ගෙන්න ගන්න වෙන්නෙ.
Deleteඅයියෝ සල්ලි.....කොහොම උනත් රසවත් හොරෙක් අහු උනා නම් ඉන්න කියලා හිස් බඩ යවන්නේ නැතුව දවල් කෑමත් දීලම යවන්න තිබ්බා. කොහෙද ඒකට වත් මේකට ගානත් තිබිල නෑනේ...නැතිවු වටිනා කියන රත්රන් බඩු වෙනුවෙන් අවංකෙම්ම සෝකය ඈහ්....පරිස්සමෙන්....
ReplyDeleteසල්ලි තිබුනෙ නැතෝ.... ස්තූතියි.ඒකනෙ හොරා යන්නම ගිහින් දවල් කෑමට ඉන්නෙ නැතුව්. :D
Deleteහ්ම්.... මක් කරන්නද
මම හිතන්නේ රඹුටන් නොතිබුනා නම් අදත් හොරෙක් පැනපු නැති ගෙදරක් ඕක....හී හී :)
ReplyDeleteඅපෝ නෑ. හොරා නියනක් එහෙම අරගෙන ඇවිත් තිබුනෙ ජනේලෙ කඩන්න.:)
Deleteඒ කියන්නේ රඹුටන් ගහත් වැවිමත් පලදායක වැඩක්. මාත් හිටවනවා අදම රඹුටන් ගහක්.. :D.. පොලිස් අයියලත් ආවද අයියෝ.... හි හි..
ReplyDeleteපලදායක වැඩක් නේන්නම්.හුගක් වෙලාවට ගෙඩි හැදෙනවානෙ. :D
Deleteඅයියලා දෙන්නෙක් විතර ආවා. :))
හොරු පැන්නට ගෙදර අය කලබල වෙච්ච නැති එක හොඳයි. තාත්තා මාරයිනේ. මීට පස්සේ ඉදුණු රඹුටන් ගෙදර අය කාලා, ඉතුරු ටික ගේ ඇතුලේ වට්ටියක දාලා තියන්ට.:)
ReplyDeleteකියලා තියන විදිය ලස්සනයි. එක දිගට කියවාගෙන ගියා. ඉතුරු ටික නිවාඩු දවස් දෙකේ දාන්ට.
අපේ තාත්තා කවදත් වගේ එහෙමයි.අසනීප වෙලා හිටිය කාලෙත් විහිලු කර කර හිටියෙ.ඉදුන රඹූටන් ඔක්කොම අපිට කන්න බෑ.ගොඩක් තියෙනවා. :))
Deleteස්තූතියි පොඩ්ඩි.සති අන්තෙ ගෙදර වැඩ මිසක් කොම්පුටරේ පැත්තටවත් එන්නෙ නෑ.ඒ දවස් දෙකෙයි,රෑටයි කොපුටරේ නංගි අරක් ගෙන.
චැහ් තව කාලාන්තරයක් ඉන්න වෙයිද ?
ReplyDeleteනෑ නෑ.සිකුරාදටවත් දාන්නම්.
Deleteපොලීසිය; හොරු සමග හෙලුවෙන්..... !!!
ReplyDeleteසහතික ඇත්ත....
Deleteරඹුටන් තමයි කොස්සට හිටියේ. අක්කේ හොරා ඇල්ලුවදෝ............
ReplyDeleteනෑ මල්ලි තාම නෑ.අල්ල ගන්න එකකුත් නෑ.
Deleteඔවැනි පොලිස් මාමලාද සිටිති...උන් ඉතිං දෙපාර්තමේන්තුවේ නමද රඹුටන් සමග එදා ගිලින්නට ඇතිය.
ReplyDeleteමගේ සැකය යොමුවෙන්නෙත් නිවසේ පිහිටීම පිළිබද හොදින් දන්න අසල්වැසියෙකු කෙරෙහිය. අපේ පළාතේ කුඩ්ඩෙක් බෙහෙතකට හොයා ගන්න නැති නිසා කිසිදු හොරකමක්ද නැතිය. කුඩ්ඩෝ කුඩු තිබහට තම මවගේ ඇදුම් පවා විකිණූ අවස්ථා මා අසා තිබේ.
හ්ම්.... ටිකක් විතර ගිල්ලා තමා.
Deleteඅසල්වැසියෙක්ම නෙවෙ අපේ ගමේම කියලා තමා පස්සෙ හිතුවෙ. කුඩ්ඩො හොයන්නෙ ලේසියෙන් විකුන ගන්න පුලුවන් ඒවානෙ.
ඔය මතක් වෙල තියෙන්නෙ බ්ලොගක් තියෙනව කියල.
ReplyDeleteදැන් ටික කාලෙක ඉඳල හොරු වැහි වැහැල. මේ පැත්තෙත් ඔය ගෙවල්වලට පැනපු කතා එමටයි. හොරු අහුවෙච්ච කතාවක් නම් තාමත් ඇහුවෙ නෑ. ඒ අතින් උන් වෘත්තීය හොරු.
මමත් අපේ ගෙදර රඹුටන් ගහක් වවන්න ඕන. කවද හරි ගෙදරට හොරු පැන්න දවසට එන පොලිස් කාරයොන්ට කවන්න.
හී හී මතක් වුනා නේන්නම්.
Deleteඑහෙමද නැත්නම් පොලීසියටත් ගානක් යනවද දන්නෙ නෑ.
අපොයි ඔවවැයි හොරාටත් කන්න දෙන්න එපෑ.
මම හිතන්නෙ ආපු හොරාට වඩා පොලිසියේ කට්ටිය රඹුටන් කන්න ඇති
ReplyDeleteනෑ නෑ...... හොරා කෑවෙ කඩලා තිබුන ඒවානෙ.ඌ ඒවා ඔක්කොම කාලා.පොලීසිය වැඩිය කෑවෙ නෑ.
Deleteරඹුටන්වල වටිනාකම දැන් ලංකාවේ වැඩිද ??
ReplyDeleteනෑ මල්ලි.අඩු වෙලා තිබුනා කියලා තමා දන්නෙ.
Deleteහෑ හොරා මාර හොරෙක්නේ.මූ රඹුටන්ම හොරකම් කරන්න ආපු එකෙක්ද දන්නේ නැහැ.
ReplyDeleteනෑ නෑ මල්ලි.ඒම් කරගෙන ඇවිත් තියෙන්නෙම රත්තරන් බඩු වගේ.අරන් යන්න ලේසියි.විකුනන්න හරි උකස් කරන්න පුලුවන්.ගානත් වැඩියි.
Delete//අම්මට හිතිලා තියෙන්න කලින් දවසෙ ඇරපු ජනේලෙ වහලා නෑ කියලයි.ටිකකින් තමා තේරිලා තියෙන්නෙ යකෝ කෝ ග්‍රිල් එක කියලා//
ReplyDeleteමේ ටික කියවල මට හිනාවෙලා පණ ගියා... :D
හපොයි... හොරු පැන්නටත් වැඩිය හිතට අමාරු වෙන්නැත්තෙ රඹුටන් ටිකට කෙල වෙච්චි එක ගැනයි, රෙදි ටික ආපහු නවල තියන්න වෙච්චි එකටයි වෙන්න ඇති නේද නිසූපා....
රඹූටන් ටික ගැන නම් ගින්නක් නෑ අක්කේ.තව ගොඩක් ඉතුරු වුනානෙ.රෙදි ටික ගැන ඉතිං කතා කරලා වැඩක් නෑ.... :S
Deleteඅපේ ගෙවල් වලටත් හොරෙක් අාවොත් මං හිතන්නෑ අන්ද පිස්සු නොහැදී අාපහු යයි කියල!
ReplyDeleteඒ මොකෝ අප්පේ....ගෙදරද ඔයාගෙ කාමරේද?මොකද එච්චර පිළිවෙළයිද
Deleteමීට පස්සේ රඹුටන් ඉක්මනට කඩල අක්කලම කන්න.. නැත්නම් හොරුයි පොලිසියයි කාලා ඉතුරු වෙන්නේ නෑ.. අක්කලා අපේ ගෙවල් වලට ලගයි කිවුව නේද..
ReplyDeleteකෑවට ඉතුරු වෙනවා මල්ලි.ගස් පහක් නෙ. විනාඩි 45ක දුර. එන්නද??
Deleteහිකිස්...මේ ලගදි මාත් දැම්මා හොරෙක් වෙච්ච පජාත උන සීන් එකක්....
ReplyDeleteබලාගෙන ගියාම පොලිසියයි හොරයි දෙන්නම සාධාරණයි. අවුලකට තියෙන්නේ හොරා රෙදි ටික ඇදල බිම දැම්ම එක විතරයි. ඒක ආපහු අල්මාරියට දාන්න ගතවන කාලය ගැන හිතුවාම තමයි ඒකා මරන්න හිතෙන්නේ. නැත්තං හොරා වුනත් හොද එකා.
ReplyDeleteඅර කුඩේ වත් ෆින්ගර් ප්‍රින්ට් නැතිලුද! හයියෝ රඹුටං!
ReplyDeleteඅර ග්‍රිල් එක කොහොමද ගෑලෙව්වෙ? ඌ ඉස්කුරුප්පු නියනකින් ඇණ ගලවලාද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හොරු ගැන නම් මටත් හොඳ කතා ටිකක් මතක් වුනා මේ කතාව කියවද්දි..
ReplyDeleteකොහොම වුනත් ඔය හොරු ඇල්ලිල්ල බාලගිරි දෝෂය වගේ තමයි..
සිරා කින්ඩිය නිසූ අක්කි!! හෑ හෑ සිරාම සිරා... මට බැහැනෙ ඔය වගේ කින්ඩි දාන්න ..... මම දැම්මොත් ඉතින් සුදු වෑන් අපේ ගෙදරට එයි හී
ReplyDeleteආ රඹුටන් තියෙනවා නම් අපිත් හොරෙන් කාලා යන්න එනවා.
ReplyDeleteමාත් මේ රඹුටන් හිටවන්න යනෝ.... කවද හරි ඔය වගේ ඕන වුණොත් එහෙම...
ReplyDeleteමේක නම් අමූලික බොරුවක් කියලා පලවෙනි වචනෙන්ම දැනගත්තා... අද කාලෙ කාගෙද හලෝ ෆෝන් 'රීන්' ගාල රින්ග් වෙන්නෙ... මේකට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා වරද නිවැරදි කලේ නැත්නම් මම ඉතුරු ටික කියවන්නේ නැහැ...
ReplyDelete//අල්මාරි වල රෙදි ඔක්කොම බිමලු.අයියෝ අස් කරපල්ලකො ඉතිං.මදෑ රෙදි හෝදලා,වේලලා,නමලා ලස්සනට තියලා ආවා.දැන් අස් කරපල්ලාකො මුල ඉදලා ආයෙත්.:((((.//
ReplyDeleteහෙහ් හේ.. ඕකනේ කියන්නේ ඕනැවට වඩා පරිස්සම ඕනෙම නෑ කියලා.මම නම් හෝදලා වේලපු රෙදි ටික අතින් හොඳ ගුලියක් හදලා අල්මාරියට විසිකරන්නේ ඈත තියාම.හොරෙක්ට දොර අමුතුවෙන් අරින්න දෙයක් නෑ දොර ඇරලම තමා තියෙන්නේ... හොරෙක් ආවත් ඇහැක් ඇරලා බලන්නෑ ඕක දිහා එච්චරට ලස්සනයි..
පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නැ
මොනවද ඉතිං ගෙනියලා තියෙන්නේ..රඹුටං ද....
ReplyDeleteරඹුටං????
ReplyDeleteඅපේ ගෙදරටනම් කොච්චර හොරැ පැන්නත් කමක් නෑ ගමේ එවුන් මගෙ කාමරේට එන්නැත්නම් මට ඇති.
ReplyDeleteමොකද හොරා කවදාවත් කාටවත් මගෙ කාමරේ හැටි කියන්නෑනෙ......