expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Monday, May 14, 2012

ආදර ඔබා මාමේ......

                                 ඊයෙ හවස අහම්බෙන් නංගි ඔන්ලයින් ගිහින් ඉන්න වෙලාවෙ එතනට ගියාම බ්ලොග් රෝලෙ උඩින්ම දැක්කෙ අඩවි රජාගෙ පෝස්ට් එක.ශුවර් එකටම විහිලුවක් වෙන්න ඇති කියලා හිතුවට ඊට පහල බ්ලොග් පෝස්ට් එකත් එහෙමම දෙයක් කියලා මාතෘකාව දාලා තිබුන නිසා මගෙ කටින් ඉබේම පිට වුනේ "ඈහ් ඔබා මාමා නැති වෙලාද?" කියන එකයි.නංගි දුන්න උත්තරේ වුනේ "ඔව් ඇයි ඔයා දන්නෙ නැද්ද ?"කියන එකයි.ඒ වෙලාවෙ හිතට දැනුනෙ මහම බර හැගීමක්.හරිම මූසල හැගීමක්.ලඟින්ම හිටපු කෙනෙක් නැති වුනාම හිතට දැනෙන හිස් බවක්. කවදාවත් දැකලා නැති,කතා කරලා නැති කෙනෙක් ගැන මෙච්චර බැදීමක් කොහොම ඇති වුනාද මන්දා.අන්ක්‍ර්ජාලයේ බ්ලොග් හරහා ඇති වුන ඒ බැදීම මෙහෙම ඇති වුනා කියන්න බෑ. 

                              මේ ශොක් එකත් හිතා තියාගෙන ගිහින් අම්මට කිව්වෙ "අම්මෙ අනේ අපේ බ්ලොග් ලියන කෙනෙක් නැති වෙලා." කියලා.අම්මා ඇහුවා "මක් වෙලාද?" කියලා.ඒ වෙනකොටත් ඔබා මාමා අපිව දාලා ගියේ මොන හේතුවක් නිසාද කියලා මං හරියටම දැන ගෙන හිටියෙ නෑ.ඉතිං මගෙ උත්තරේ වුනේ "වයසට වෙන්න ඇති" කියලයි.බ්ලොග් කියන දේ ගැන වැඩි දැනුමක් නැති අම්මා "මං හිතුවෙ මේ බ්ලොග් ලියන කෙනෙක් කිව්වාම ඔයාලගෙ වයසෙ විතර කෙනෙක් කියලා."කිව්වාම මං හිතුවෙත් ශරීරය මොන තරම් වයසට ගියත් ඔබා මාමගෙ හිත අපි තරම්ම සමහර විට අපිටත් වඩා තරුණයි නේද කියලා.

                               ඔබා මාමාව හම්බ වෙන්න තිබුන එකම චාන්ස් එකත් මිස් වුනා.දැන් ඉතිං පරක්කු වැඩියි.:(((

                                  වැඩිය අටුවා ටීකා ඕනෙ නැහැ.මොකද මේ බ්ලොග් අවකාශයම ඔබා මාමා මොන වගේ කෙනෙක්ද කියන්න දන්නවා.මේ වගේ වෙලාවක වෙන පෝස්ට් එකක් දාන්න හිත දුන්නෙ නෑ මාමෙ ඔබව සිහි නොකර.......

නිවන් දක්නා තෙක්ම අපි අතරම ඉපදිලා අපිව හිනස්සලා,ඔවදන් දීලා යන්න හේතු වාසනා වේවා මාමේ.අවසන ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්නට ලැබේවා......


කිසියම් පින්කමක් ඔබා මාමා වෙනුවෙන් සිද්ද වෙනවානම් දන්වන්න. එන්න උපරිම උත්සාහයක් යොදනවා.

33 comments:

  1. රූපය දිරයි නම නොදිරයි..ජීවිතය අනිත්‍යයි..

    ReplyDelete
  2. වෙන පෝස්ටුවක් දාන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සෑමො...

      මොනවා කරන්නද වෙලාව ආවාම යන්න වෙනවානෙ නේද??? :(((

      Delete
  3. පිතත් තවම හිතා ගන්න බැහැ. ඒත් ඒ සිද්ද වෙලා ඉවරයි.

    ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නම් අසරණයෝ....

      Delete
  4. නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
    Replies
    1. නොදුටු වුනත් කොච්චර සමීප වුනාද හිතට නේද??

      Delete
  5. ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කියන්නද නේද අක්කේ....

      Delete
  6. මමත් හිතේ කැකෑරුන වේදනාව යන්න ඊයෙම දැම්මා පෝස්ටුවක්..

    ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මලේ.ඔයාගෙ පෝස්ට් එක තමා මං මුලින්ම දැක්කේ...

      Delete
  7. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    ඉතින් සොඳුරු ඔබා මාමේ... ඔබ අද නිසළ වුනත් , ඔබ මතකය සැමදා අප සිත්තුල සදා රැදෙනු ඇත.. ඔබට නිවන් සුව..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත තොටියෝ....

      ඉන්න ඕනෙ මිනිස්සුම තමා කලින්ම යන්නෙ.මේ ආත්මෙ නොවුනත් ගිය ආත්මෙ කරපු දෙයක් නිසා වෙන්න ඇති.

      Delete
  8. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  9. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  10. සිනාසුනාට රිදෙන්නෙ නැති මුහුණක් තිබුණ සොඳුරු මිනිසෙක්....නිහතමානි මිතුරෙක්.....වැඩිහිටියෙක් තමයි, ඒත් වියපත් නොවූ තරුණයෙක්...

    ඔබා අයියේ, ඔබට සුබ රාත්‍රියක්....!!!

    ReplyDelete
  11. ඔබා මාමාට නිවන්සුව ලැබේවා...!

    ReplyDelete
  12. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  13. මම ඔබා මාමාගේ බොලොග් එක මුල්ම වතාවට කියෙව්වේ සිකුරාදා ඒ එයාගේ අන්තිම පෝස්ට් එක..ඔබා මාමාගේ කමෙන්ට්ස් දැකලා තිබ්බට එයා ජීවත්ව ඉන්න කාලේ එයාට කමෙන්ට එකක් දාන්න තරම් මම වාසනාවන්ත වුනේ නෑ...සිකුරාදා ලැබ් එකේ අඩවි රජා එක්ක ඔබා මාමාගේ අන්තිම පෝස්ට් එක බලපු හැටි මට කවදාවත් අමතක වෙන්නෑ..එදා ගෙදර ගිහින් ඔබා මමා ෆලෝ කරනවා කියලා හිතාගෙන හිටියත්...ඉරිදා අහම්බෙන් අඩවි රජාගේ බුකියේ සුදු කොඩිය දකිනකම් ඒ දේ කරගන්නවත් මට බැරි උනා...හිතාගන්න බැරි උනා ගහක් ගලක් වගේ හිටියි මනුස්සයට මොකද උනේ කියලා....මේ වගේ අකල් මරණයක් මතු සසරේ කිසිදා අත් නොවේවා තියලා පතනවා හදවතින්ම....ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  14. ඔබා!!! ඔබට නිවන් සුව!

    ReplyDelete
  15. ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  16. කියලා වැඩක් නෑ මල්ලි.කොහොම හිතන්නද.අසනීප වෙලා හිටියා කියලවත් දන්නවා නම් හිතාගන්න තිබුනා.එක පාරටම ගහෙන් ගෙඩි එන්න වගේ වුනාම..

    මට තාමත් හිතෙනවා කමෙන්ට් අතර ආයෙත් ඔබා මාමගෙ කමෙන්ට් එකකුත් වැටෙයි කියලා... :((

    ReplyDelete
  17. සෑහෙන්න දුකයි.පරණ පෝස්ට් කියවද්දි ඔබා මාමා දාපු කොමෙන්ට් දකිනකොට තාම මේ දේ හිතාගන්න බෑ.එදා අවුරුදු උත්සවේදි ඔබා මාමා හිනාවෙවි කතා කරපු විදිය මතක් වෙනවා හැමෝටම එහෙම දැනෙනවා ඇති.... ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  18. අපි හැමෝගෙම ප්‍රාර්ථනය ඒකයි....

    ReplyDelete
  19. මට නම් තාමත් හීනයක් වගේ. කවදාවත් දැකලා නොතිබුනත් කතාකරලා නොතිබුනත් ළඟම නෑයෙකුට දුක් වෙනවා වගෙ හිත නැවතිලා. අනෙ මේ දවස්වල දාපු කමෙන්ට් ටික ඔබා මාමට දකින්න පුලුවන්නම් ....... ඔබට නිවන් සැප ඔබා මාමේ !!!...

    ReplyDelete
  20. මටත් මුකුත් ලියන්න හිතෙන්නේ නැහැ . හරිම පුදුමයි . අපිව මෙච්චර සංවේදී කරන්න ඔහුට තිබුන බලය

    ReplyDelete
  21. හ්ම්... ඔහොම තමයි ඉතිං....

    ReplyDelete
  22. ඔබා මාමට නිවන් සුව.... ඇත්තටම පොස්ට් එකක් දාන්න මට මේක තවම පිලිගන්න බැරිව ඉන්නේ.... ඔබා මාමේ එන්න ආයෙමත් අපි අතරටම

    ReplyDelete
  23. කවර දාවත් හමු නොවූ
    වචනයක් හෝ නොම දෙඩූ
    තවත් සුන්දර මිනිස් පුරුකක්
    වෙන් වුණා මා හද දිනූ..!

    ReplyDelete
  24. ජිවිතේ හරිම පුදුම දෙයක් , ජීවිතේට හැබැහින් දැකල නැති, වචනයක් කතා කරලා නැති කෙනෙක්, අපේ හිත් වලට මෙච්චර ලඟින් ඉදලා, අපිට නොදැනීම. ඒක තමා ඔබා මාමාගේ තිබුන ලොකුම හැකියාව.

    ReplyDelete
  25. අදහන්න බැරි උනත් ඒක ඇත්තක්.. නිවන් සුව පතනවා ඇරෙන්න වෙන අපිට කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  26. අපි බ්ලොග් වලට එද්දී ඔබා මාමා යන්න ගිහින්.. මොනවා කරන්නද..ඔබා මාමාව ෆලොව් කරන්න විතරයි මට පුළුවන් :(

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...