අම්මෝ....සෑහෙන කාලයක් ගිහින් මේ පැත්තට ආවෙ.කලින් පෝස්ටුවේ එකම එක කමෙන්ටුවකටවත් ප්‍රති උත්තරයක්වත් දුන්නෙ නෑ නෙ.එන්නම ඕනෙයි කියලා පුල පුලා බලා සිටි සයිබර් සැනකෙලියටවත් යන්න වුනේ නැති හැටි.චික් විතරක්. ඒ මොනවා වුනත් එන්න සිද්ද නොවුනේ පිං අතේ වැඩකට සූදානම් වුන නිසා හින්දා හිතේ කහටක් නම් නෑ.සෑහෙන කාලයක් තිස්සෙ කොහොමහරි දෙන්න ඕනෙ කියලා පුල පුලා බලාගෙන ඉදපු දෙයක්.සාංඝික දානයක්, අප්‍රේල් 21 වෙනිදා දුන්නා.
දැන් ඉතිං කට්ටියට මාර පුරස්නෙ වෙලා ඇති 21 දානෙනම් 22 එන්න බැරි මොකෝ කියලා.ඒකත් ඇත්තනම් තමයි.ඒත් ඉතිං දානෙකට ලෑස්ති වෙනවා කියන්නෙ එදා විතරක් වැඩ කරනවා නෙවෙයිනෙ අනේක විද වැඩ රාජකාරී ගොඩයි.අනික අවුරුද්ද ඉවර වුන ගමන් නෙ.
අපේ ගෙදර හදන්න පටන් ගත්තෙ මීට සෑහෙන කාලෙකට ඉස්සර වුනත් ඉවර කර ගන්න එක නම් හුගක් කල් ගියා.සල්ලි තියෙනකොට බාස්ලා නෑ,බාස්ල ඉන්නකොට සල්ලි නෑ.ඒ අස්සෙ තාත්තාත් අසනීප වුන නිසා ගේ හදන වැඩේ පස්සටම ගියා..පොඩි කන්දක භූමියේ පිහිටීමටම තමයි ගේ පැලෑන් එක අපේ තාත්තා ඇදලා තිබුනෙ.ගෙට ගෙවදිනකොට හදලා තිබුනෙ උඩම මට්ටමේ එකම එක කාමරයක් විතරයි ඒකත් ගඩොල් වලින් බැදලා විතරයි.ගෙවදීමට වැඩපු අපේ පන්සලේ ලොකු හාමුදුරුවො අහපු පලවෙනි ප්‍රශ්නෙ "මේ මොකක්ද?" කියන එක. හික්ස්....:D
සම්මාදමකට,පින්කමක ආරංචිය කියන්න ගෙදරට වඩින ලොකු හාමුදුරුවන්ට අපේ ගෙදර හරිම ප්‍රශ්නයක්.අපේ අම්මලා,තාත්තලා,ලොකු හාමුදුරුවෝ සම වයස් කට්ටිය.ඒ කාලේ ලොකු හාමුදුරුවො නෙවෙයි පොඩි හාමුදුරුවො.ඒ යාලු කම නිසාම එන එන පාරට අහනවා "මොකක්ද අප්පා මේ ගේ.මට නම් මුකුත් තේරෙන්නෙ නෑ.මොනවද මේ කණු?පොළොන්නරුවෙ ගල් කණු මතක් වෙන්නද හැදුවෙ."(අපේ ගෙදර පෝච් එකට කණු හතරයි,මැද මිදුලෙත් කණු හතරයි.අපි ගමට එන්න කලින් හිටියෙ පොළොන්නරුවෙ)
පස්සෙ පස්සෙ කෑ ගහන්න ගත්තා මේ ගේ ඉවරයක් කරලා දානයක් එහෙම දෙන්න ලෑස්ති වෙන්න නැද්ද කියලා.එන එන හැම පාරම ගේ වටේ ඇවිද ඇවිද හැම කාමරේකම විස්තර අහනවා.අන්තිමේ එක කාමරයක් ඉතුරු වෙද්දි ගේ ඉතුරු ටිකේ වැඩ ඉවරයි කියන්න පුලුවන් මට්ටමට ආවට පස්සෙ සල්ලි ටිකක් එහෙම එකතු කරගෙන දානය සඳහා හාමුදුරුවන්ට ආරාධනා කලා.ඒත් අර ඉතුරු වුන කාමරේ වැඩ එහෙමම.ඒකෙ වැඩ කටයුතු ඉවර කරන්න බාස්ගෙ අත් උදව් කාරයා හැටියත් වැඩ කරලා.හේදීම් කටයුතු,අස්පස් කීරීම් කටයුතු, තීන්ත ගෑමේ කටයුතු ආදී නේක විද වැඩ කටයුතු කරලා ඉවර වෙනකොට මං ලෙසටම හෙම්බත් වෙලා.නංගිත් උදව් කලා තමා.ඒත් වැඩි බර ලොක්කටනෙ.22වෙනිදා පඩි නැග ගන්නවත් බෑ.
කෑම උයන පිහින වැඩ ටිකනම් ඉතිං නෑයො ටික එකතු වුනාම කිසිම ගින්නක් නෑ,ලිපේ තියෙන ගින්දර විතරයි.තාත්තගෙ ඔෆීසියෙ ඩ්‍රයිවර් අන්කල් කෙනෙකුත් ඇවිත් නෑදෑයෙක් වගේ උදව් පදව් කලා මදිවට කිරි හට්ටිත් අරන් ආවා.කොස් අරන් එන්න බාර දුන්න අපේ ගෙදර වඩු වැඩ කරපු බාස් මාමා දානෙ දවසෙ උදේ කොස් අරගෙන ආවෙ සුද්ද කරලා,හෝදලා,කපලා ඔක්කොම කරලයි.
ඔය හැමෝගෙම සහයෝගය මැද්දෙ දානෙ වැඩ කටයුතු ටිකනම් හොදටම කෙරුනා.පොඩි හමුදුරුවන් වහන්සේලා වලදන්න කැමති දේවල් අහලා,ඒ උන්නාන්සෙලාට අත්‍යාවශම වෙන දේවල් පිරිකර විදිහට ලෑස්ති කරලා දීපු නිසා මං හිතන්නෙ පොඩි හාමුදුරුවන් වහන්සේලත් හරිම සතුටු වෙන්න ඇති.ලොකු හාමුදුරුවොනම් හරිම හිත සතුටින් තමා ආපසු වැඩියෙ.පන්සලෙන් ගෙනාපු බඩු ටික ආපහු ගෙනිහින් දෙන්න ගියාමත් හරි සතුටින් කතා කරලා තිබුනා.ඉතිං තව මුකුත් ඕනෙ නෑ නේද?
ඔන්න බලාගන්න පින්තූරු ටිකකුත්.
කන්ද නැගි විඩා නිවමින් |
පොඩි ස්වාමීන් වහන්සේලාටනම් දැන්මම බඩගිනි වෙලා වගේ. |
මෙන්න අතුරුපස |
ගෙදර උදවිය ඇතුලු නෑදෑයෝ |
මුලු සාලෙම පිරිලා |
කතාවකින් ලගදිම හම්බවෙමු.........
මෙච්චර හිතවත් ලොකු හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් දාලා නැහැනේ. ඒක නෙමෙයි අක්කේ පොඩි හාමුදුරුවන්ට මොනවද දුන්නේ ඔච්චර සතුටු වෙන්න ???
ReplyDeleteඔන්න මල්ලි ඒ අඩුපාඩුව හැදුවා. ලොකු හාමුදුරුවො කියපු විදිහට පොඩි හාමුදුරුවො උදේට බලාගෙන ඉන්නෙ කිරි බොන්න.ඉතිං කිරි පිටි පැකට්,එල්ලගෙන යන බෑග් සහ සල්ලි දුන්නා.පන්ති යන්න සල්ලි ඕනෙයි කිව්වා.අතුරුපසට දීපුවා පේනවානෙ.තව මීකිරියි,අයිස්ක්‍රීමුයි තිබ්බා.මහණ වුනත් පොඩි වයසනෙ.
Deleteහොඳා හොඳා. ලොකු හාමුදුරුවන්ට වැඩි වයසක් නැහැනේ. හරියට තරුණ පාටයි :)
Deleteඅතුරුපසට දීපුවා දැක්කාම නම් අපිටත් දානෙට වඩින්න නෙමෙයි එන්න හිතෙනවා :D
ලොකු හාමුදුරුවො අපේ අම්මලාගෙ වයසෙ.
Deleteදැන් ඉතිං ඉවරයිනේ..:D
හම් හම්...ඒකනම් හොඳ වැඩක්.....ගෙයක් හැදුවාම අනිවාර්යෙන්ම දානයක් දෙන්න කියනවා නේද...
ReplyDeleteඒ ඇයි?
කොහොමෙන් කොහොම හරි දැන් අංග සම්පුර්ණව ගේ හදාගත්තනේ නේද අක්කා....
නිවසේ හැමදාම සතුට සමගිය පවතීවා...!!!
අනේ මන්දා නංගි. හාමුදුරුවො කිව්වෙනම් පිරිතකුත් කියලා දානයක් දුන්නානම් තවත් හොදයි කියලා.ඒත් එච්චර දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
Deleteතව ගෙයි එලියෙ වැඩ ටිකක් තියෙනවා නංගි.
බොහෝම ස්තූතියි...:)))
පොඩි පොඩි වැඩ ඉතින් කොයි ගෙදරත් තියනවනේ...එවා හෙමින් සැරේ කරගන්න පුළුවන්නේ.....
Deleteගේ නං ලස්සන පාටයි! :)
ReplyDeleteඅපේම වැඩ තමා ඉතිං...
Deleteඅපේ කොම්පැනියෙත් තිබ්බ ගිය ඉරිද දානයක්. හාමුදුරුවො 21 නමකට. වාර්ෂිකව පවත්වන එකක්. ඒකටත් ආව පොඩි හාමුදුරුවො දෙනමක්. එ දෙන්න එතන ඉඳගෙනත් දඟලනව. එක නමක් මට කියනව අනිත් එක්කෙනාව පෙන්නල, "මෙයාගෙ ෆොටෝ එකක් ගන්න" කියල. මමත් ඉතින් ගත්ත. (මම සහ තවත් සුපවයිසර් කෙනෙක් තමා ෆොටෝගැෆර්ස්ල).
ReplyDeleteෆොටෝ එකේ ඔයා වැහිලනෙ අය්යො.
ප.ලි.: මේක දාල තියෙන කැටගරිය හරි නෑනෙ. මොනව උනත් දානයක් ගැනනෙ. (වල්පල්)
ෆොටෝ ඔක්කොම ඇදිල ගිහිල්ලනෙ, තව ටිකක් සයිස් අඩු කරල දාන්න. එතකොට හරියාවි.
අපේ දානෙට වැඩිය එක පොඩි හාමුදුරු නමක් ලොකු හමුදුරුවො බණ දේශනා කරන අතරෙ වටාපතෙන් මූන වහගෙන හොදටම නිදි.පව් කියලා හිතුනා.
Deleteකමක් නෑ අනේ දැකපු නැති කෙනෙක් නෙවෙයිනෙ.
ඔන්න අඩුපාඩු ටික හැදුවා.මේක දාන්න ඕනෙ කැටගරියක් හිතාගන්න බැරි වුනා.
අළුත් ගෙදරට සුභ පැතුම්..ගෙදර ලස්සනයි..විශේෂයෙන් තීන්ත තේරීම..
ReplyDeleteගෙදරක ඔය වගේ වැඩක් සෙට් වුනාම ඇවිදලම පණයනවා අප්පා..අර කම්මලේ බල්ලා වෙගේ කරන වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ..
පිංඅතේ වැඩක් කරලම ඉන්න එක හොදයි තමයි. පලවෙනි පිංතූරෙ හැටියට බොහොම නිස්කලංක තැනක්.
ReplyDeleteඒක තමයි.....
Deleteඔව් ඔව් බොහෝම නිස්කලංක කැලයක් මැද ගෙයක්.... :D
මේ සිද්දියනම් ඉතින් මම කලින්ම දන්නවනේ.. පින්තූර ටිකත් දැම්ම එකනම් හොදයි.. දැන් එතකොට අළුත් ගෙදර අපිට පාටියක් දෙන්නේ කවද්ද?
ReplyDeleteඒකනේ මං ඔයාට කිව්වානෙ.....
Deleteපාටි දාන්න කලින් ඔයා ලංකාවට එන්නකෝ...පස්සෙ බැරියෑ.
සතුටු හිතෙන පෝස්ට් එකක් . කෙනෙක් අලුත් ගෙයක් හැදුවා කිව්වම මට හිතට හිතට හරිම සතුටක් එනවා .
ReplyDeleteඅලුත් කිව්වට අලුත්ම නෑ අක්කා.අවුරුදු 12ක් විතර ගියා ඉවර කර ගන්න....:)))
Deleteakka mata pashnayak tiye ai oyage pvt dewa blog ekaka share karanne ? ahapu pashne waradida manda??
ReplyDeleteකෙනෙකුගේ සතුටක් හොඳ වැඩක් දිහා සතුටු සිතින් බලන්න පුරුදු වෙන්න මල්ලි...ඔය වගේ කමෙන්ට්ස් දැම්මාම අපිට හිතෙන්නෙ ඔයා කුහකයෙක් කියල...
Deleteකාගෙවත් බ්ලොග්වල අන්තර්ගතය ගැන තමුන්නාන්සේ කරදර වියයුතු නොවේ
DeletePersonal blogs
The personal blog, an ongoing diary or commentary by an individual, is the traditional, most common blog. Personal bloggers usually take pride in their blog posts, even if their blog is never read. Blogs often become more than a way to just communicate; they become a way to reflect on life, or works of art. Blogging can have a sentimental quality. Few personal blogs rise to fame and the mainstream but some personal blogs quickly garner an extensive following. One type of personal blog, referred to as a microblog, is extremely detailed and seeks to capture a moment in time. Some sites, such as Twitter, allow bloggers to share thoughts and feelings instantaneously with friends and family, and are much faster than emailing or writing.
http://en.wikipedia.org/wiki/Blog
@1 ඇනෝ - නංගි/මල්ලි මං මේක මෙහෙම ලියන්න එක හේතුවක් තමයි 22 සැනකෙලියට යන්න බැරි වුන එක ගැන හැමෝටම එක පාර හේතුව කියන එකකානික මට මේක ඇත්තටම ප්‍රයිවට් දෙයක් හැටියට දැනෙන්නෙ නෑ. මගෙ අතිශය පෞද්ගලික දේවල් මෙතන ලියන්නෙත් නෑ. :D මොනවා වුනත් බ්ලොග් එකක් කියන්නෙ හරියට ගත්තොත් ඩයරියක් වගේනෙ.
Delete@වින්චැට්කිරිල්ලි - ගනන් ගන්න එපා නගේ... :D
@2 ඇනෝ - විස්තරේනම් සහතික ඇත්ත..ස්තූතියි...:))
ow akke oyaa harii . meka maraa post eka..man meka kiyawala hoda deyak hitata gatta..oyala kamathi widihata onna comment ekak dunna mokatada neda attatama danena de kiyala pora talk ahaganne....
Deletepatta lipiya ahh meka sindiyen blog kiyawanna ena ayata godath wadagath onna harine math pita kahuwa :P
අනේ පිට කහන්න නම් ඕනෙ නැතෝ.......ඔයාට ගැලපෙන්නෙ නැත්නම් නොකියවා ගියාට කමක් නෑ....මං හැම වෙලේම එකම විදිහෙ ඒවා ලියන්නෙ නෑ.වැදගත් කියලා හිතෙන දෙයක් තිබ්බ දවසට කියවලා යන්න....:))))
Deleteමේකෙත් හංගලා වගේ මට දානෙකදි වැදගත් වෙන කරුණු ටිකක් ලිව්වා.ටිකක් මග ඇරිලා.දැන් කරන්න දෙයක් නෑ ඉතිං.
ගෙයක් හදල දාල සල්ලි නාස්ති කරනවට වඩා මේවගේ දේවල් කරන එක කොච්චර හොඳයිද අක්කේ....ඔයාගේ ගේ ගොඩක් ලස්සනයි හොඳේ.
ReplyDeleteඇත්තට හරියට දානයක් දුන්නාම දැනෙන සතුට කියන්න වචන නෑ....
Deleteස්තූතියි මල්ලි....
පින් අතේ වැඩක් නේන්නම් අක්කා කරලා තියෙන්නේ.. ඒත් 22ත් ආවා නම් හරිනේ. අපරාදේ... ගේ තියෙන්නේ කන්දක් උඩද.. ශෝක් අනේ.. :):)
ReplyDeleteමොනවා කරන්නද නගේ ඇදෙන් නැගිට ගන්න බැරි වුනා මහන්සියට.අපරාදේ එන්න බැරි වුන එකනම්..:((
Deleteපොඩි කන්දක් උඩ... ශෝක් තමා අකුනු ගහනකොට... O_o
වෙසක් එකත් අල්ලලා පිං කමක් කරලා... හොඳ වැඩක්...
ReplyDeleteවෙසක් එක විතරක් නෙවෙය් මාලුවෝ. ආච්චිලා,සීයලව සිහි කරලා දුන්නෙ...
Deleteගේ නම් මනරම් පරිසරයක තියෙන බව පේනවා.. හතර අතේ ගහකොළ පිරිලා..
ReplyDeleteසුන්දර නිවසක්. මාත් සුබ පතනවා නව නිවසටත් සියළු දෙනාටත්.
කියල වැඩක් නෑ. කැලයක් මැද. :D
Deleteඔව් ඔව් හතර වටින්ම ගහ කොළ තමා.මාධව කියලා තියෙනවා වගේම කැලයක් මැද...ස්තූතියි සුභ පැතුමට...
Deleteඅද තමා ගොඩවැදුනේ මේ පැත්තට... සතුටුයි ඉස්සෙල්ලාම කමෙන්ට් එක පිං කමකට සුභපතන්න ලැබිච්ච එක ගැන,,,
ReplyDeleteසාදු සාදු සාදු!!!!
*********************************************************
ඔයා ගේ හදපු විස්තර කිව්වහම මමත් හිතාගත්තා... ලොකුවෙලා කන්දක් උඩ ගෙයක් හදනවා කියලා :ඩ්
ස්තූතියි මේ පැත්තෙ ආවට. මී ගොඩයා මීගොඩ පැත්තෙ කෙනෙක්ද??
Deleteකන්දක් උඩ ගෙයක් හදලා අකුණු සන්නායකයකුත් හයි කරගන්න. :D
අපොයි මීගොඩ කියන්නේ මගෙ උපන් ගමම තමා මීගොඩිනුත් ටිකක් ඇතුලට වෙන්න තියන සුන්දර දුප්පත් ගම්මානයක් .... හැබැයි වැඩිකල් ඉන්න උනේ ගමෙන් පිට
Deleteහරි ලස්සන තැනක වගේ ගේ තියෙන්නේ...ගේත් ලස්සනයි :)
ReplyDeleteඔව් අක්කේ කැලයක් මැද වගේ... ගේ පැලෑන ඉතිං තාත්තගෙ තමා...ස්තූතියි...
Deleteඒක තමා. අපිත් බැලුවා නිසුපා අක්කා ඒවිය කියලා. අඩුම තරමේ අක්කා නැතත් නංගි හරි සයිබර් සැණකෙලියට ඒවි කියලා. :) ඒත් කොයි ??
ReplyDeleteපින් අතේ වැඩ වලට මාත් මනාපයි. :)
හැබෑට..කවුද දැන් ඔය අපි?? නංගිව මට එවන්න තිබුනා නේද?? අපරාදේ....
Deleteමටත් හිතුනා ඔයා බෞද්ධයා එහෙම අහන නිසා..:)) හොද ලමයා...
අල්ල ගන්ට තමා උන්නේ? තව ටික දවසක් බලල ලංකාදීපේවත් දාන්න හිටියේ ආ ගිය අතක් නෑ කියලා...
ReplyDeleteහික්ස්.... ඔන්න ආවා... සයිබරයේ ආගිය අතක් නෑ කියලා දාන්න තිබුනෙ...
Deleteලස්සන ගෙදරක්..:)
ReplyDeleteවැඩෙත් ලස්සනට වෙලා තියනවා..
ස්තූතියි....
Deleteඔයා ගොඩගමද??? එහෙනම් ලඟ පාත නෙ..
21 අපේ නැන්දගේ අවුරුද්දෙ බණ - 22 දානෙ, මම බණ වැඩේට සහභාගි වෙලා 22 අවුරුදු උත්සවයට ගියා...වැඩ දෙකම කෙරුණා. ඔයාටත් අවශ්‍යනම් එන්න තිබුණා...:(
ReplyDeleteපොටෝ වල පේන විදියටනම් ගේ භෞතික පැත්තට නෙවෙයි අධ්‍යාත්මික පැත්තටයි බර....නිස්කලංකව ජීවත් වෙන්න පුළුවන් වෙයි.
සුබ පැතුම්...!!
(ඒක නෙවෙයි ඔයාලා පාදුක්ක පැත්තෙ ද...?)
මොනවා කරන්නද ඇදෙන් නැගිට ගන්නවත් බැරි තරමට මහන්සියේ හිටියෙ.
Deleteඔව්... නිස්කලංකව ඉන්න පුලුවන්.වටේ පිටේ තියෙන්නෙම ගස්.
ස්තූතියි...
ඔව් ඔව් ඒ පැත්තෙ තමා. ඔයාලත් ඒ පැත්තෙද??
අර දානෙට සකස් කරලා තිබුනු පිඟන් ටික දැක්කාම....පව් සිද්ධවෙන හන්දා කියන්නේ නෑ.:)
ReplyDeleteපින්තූරවලින් කතාව ඔක්කොම කියලා. සිත පිරෙනවා.
ස්තූතියි ඔයාගේ හිතේ සතුට අපි එක්ක බෙදා ගත්තට.:)
යම්..යම්..යම්....(මං මොකුත් කිව්වෙ නෑ..)
Deleteකියන්න එපා එහෙනම්... :D ස්තූතියි සතුට බෙදා ගන්න ආවට....
Delete@වින්චැට්කිරිල්ලි. - නෑ නෑ මුකුත් කියලා නෑ...හික්ස්....
අර පොඩි සාදුල දැක්කහම දුකක් හිතුනා.... කිසිදෙයක් නොතේරෙන පුන්චි එවුන්ගෙ සුන්දර ලමාකාලෙ අහිමි කරල නේදකියල.....
ReplyDeleteX-Porter
පොඩි කාලෙම මහණ කරගන්නෙ තරුණ වෙලා මහණ කරගත්තාම ඒ ජීවන රටාවට හැඩ ගැහෙන්න අමාරු නිසාලු.අපේ පන්සලේ හුගක් පොඩි අයව මහණ කරගෙන තියෙන්නෙ ඒ අය දුප්පත් නිසයි.දුප්පත් වුනාට ඉගෙන ගන්න දක්ෂ නිසා ලොකු හාමුදුරුවො උගන්නනවා.ඒත් ඔය ගොඩක් දෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.
Deleteපිං කරන්නත් පිං කරන්න ඕනේ.... ඒ කියන්නෙ ඔයා පිං කරල තියෙනවා...
ReplyDeleteහ්ම්.... ඇත්ත ඇත්ත ගිය ආත්මෙ පිං කරලා තියෙනවා.මේ ආත්මෙත් කරන්න එපැයි...
Deleteශා..හොද වැඩක් අක්කි!!! දානයක් එහෙම දුන්නම හිතට හරි සැහැල්ලුයිනෙ.. හොද දෙයක් කලා කියලා හිත සතුටින් පිරෙනවා.. අපේ ගෙදරත් දාන දුනාම මට එහෙම දැනිලා තියෙනවා.. අපි හැබැයි අර පළතුරු දුන්නෙ පිඟන් වලට නෙවෙයි.. වට්ටි වලට පැක් කරල. ඒත් සම්ප්‍රදායික ක්‍රමය ඔහොම තමා..:)
ReplyDeleteඔව් නංගි දීලා ඉවර වුනාම මොන තරම් මහන්සිය තිබ්බත් හිතට එන්න සතුටක්.....
Deleteඔය පිගන් ගෙනාවෙ පන්සලෙන්ම තමයි.ඒවා හෝදලා කරලා අහුරලා දුන්නා.වැඩි ටික සිලි කවර වලට දාලා අරන් යන්න දුන්නා...
ආහ් මමත් ඔය පින්කමට එන්නම් කියලානේ උන්නේ.,.. ඒත් ඉතින් වෙඩිමකට වැඩ කරන්න උන නිසා එක මග හැරුනනේ... තරහ නැනේ.. ආහ්.. ඉතින් ඔන්න මගේ සුභ පැතුම්... 22 එන්න බැරි තරම් අමාරුවෙන් කියලා කිව නිසා ඊලග එකකදිවත් මුන ගැහෙමුකෝ
ReplyDeleteෂා... කන්ද උඩ තියන ලස්සන ගෙයක් වගේ... ගෙදර තියන තැනට වටේටම ලස්සනට පේනව ඇති නේද? ගෙදර දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා මමත් සුබ පතනවා
ReplyDeleteඔව් ඔව් පොඩි කන්දක් උඩ තමා තියෙන්නෙ.වටේටම ලස්සනට පහලින් තියෙන ගෙවල් ටික පේනවා. :D
Deleteස්තූතියි තොටියෝ....
සෝක් ගේ පොඩ්ඩ. දවාලක ඇවිති නිවී සැනසිල්ලේ බත් ඩිංගක් කාල යන්ට මරු.
ReplyDeleteසියළු පැතුම් ඉටුවේවා.. ජයෙන් ජය.. !!
හික්ස්.... එන්න එන්න...හංවැල්ල පැත්තෙ ආපු වෙලාවක එන්න.... ;))
Deleteස්තූතියි....
මේ සුන්දර නව නිවස සතුට සමාදානය සමෘධිය රජයන කැදැල්ලක්ම වේවා!
ReplyDelete(ඔය බත් ටිකක් කාලා යන්න සෑමාට කතා කරන දවසට අපිටත් මතක් කරන්න නිසූ ඈ!! ඌයි ම්මයි එක පැත්තෙ ඉන්න හන්ද එක වාහනේ ආවැකි.) No Dots, No D's, No P's, Full Sira!!
henryblogwalker the full serious Dude
ස්තූතියි ස්තූතියි......
Delete(කියන්නම් කියන්නම්. ඒත් මං කිව්වෙ හංවැල්ලෙ එන ගමන් එන්න කියලා.ඌ කැමති වෙයිද දන්නෙ නෑ .:)) අහලා බලන්න)
දේවා මල්ලි - ආහ් මමත් ඔය පින්කමට එන්නම් කියලානේ උන්නේ.,.. ඒත් ඉතින් වෙඩිමකට වැඩ කරන්න උන නිසා එක මග හැරුනනේ... තරහ නැනේ.. ආහ්.. ඉතින් ඔන්න මගේ සුභ පැතුම්... 22 එන්න බැරි තරම් අමාරුවෙන් කියලා කිව නිසා ඊලග එකකදිවත් මුන ගැහෙමුකෝ
ReplyDeleteඔයාගෙ කමෙන්ට් එක මේල් එකේනෙ තිබුනෙ.....
තරහ නෑ මල්ලි.ආයෙ දවසක එන්න බැරියෑ.ස්තූතියි සුභ පැතුමට.
Deleteඒකනෙ ඔයා මැසේජ් කරනකොටත් මං හොදටම නිදිනෙ.ඊළග එකේදිවත් බලමු.
පොඩි හාමුදුරුවන්ට අර අතුරු පස්වල වැඩිහරිය පාර්සල් කරලා දුන්නා නේද නිසූ....
ReplyDeleteඅපේ පුංචි පන්සල විවෘත්ත කරපු දවසේත් මම අපේ පන්සලේ චූටි හාමුදුරුවන්ට දුන්නේ ඒ තැග්ග :D
ඔව් ඔව්...කල් තියාගන්න පුලුවන් ඒවා තමා පළතුරු වලට අමතරව දුන්නෙ.
Deleteමහණ වුනත් තමා පොඩි වයසනෙ.
nage,jayen jaya...mamath lankaavata avahama issallama karanne oyadee,
ReplyDeleteස්තූතියි..... හාමුදුරුවො කැමති දේවල් දෙන්න. උන්වහන්සේලා වැඩිපුර වලදන තරමට අපෙත් හිත සතුටුයි.
Deleteගේත් ලස්සනට හදලානේ ඇස්වහ කටවහ නොවැදේවා!
ReplyDeleteස්තූතියි..... ගෙදර අය එකතු වුනාම කල නොහැක්කක් නැත වෙනවානෙ.
Deleteමම පොඩි කාලේ හාමුදුරුවන්ට දානේ හරි පිරිකරක් හරි පූජා කරන්න ගියාම පුදුම විදිහට බයයි අප්පා .. අද වෙනකොට නම් ඒ බය ගිහින් .. දානේ නම් පිලිවෙලකට දීලා තියන හැඩයි ..
ReplyDeleteඅප්පේ ඒ මොකෝ...හාමුදුරුවො ගිලියි කියලා හිතුවද??
Deleteඔව් හරිම සංතෝසයි.... :)))
ශා.... ලස්සන ගෙයක්..... හරිම ශෝක් අක්කා.... හැබැයි ඔයා අර කිව්වත් වගේ අකුණු වලින් පොඩි අවදානමක් තියෙනවා නේද?
ReplyDeleteස්තූතියි නංගි... ඔව් ඔව් අකුණු වලින් පොඩි නෙවෙයි ලොකු අවදානමක් තියෙනවා. විශේෂයෙන් අපි ඉන්නෙ අකුණු බෑන්ඩ් එකක වුනාම.
Deleteදන්නව නං ඇවිල්ල යනව...හෙහ්..හෙහ්.. :-))
ReplyDeleteඅපරාදෙ ඔබා මාමෙ එන්න තිබුනෙ... :)))
Deleteසුන්දර පරිසරයක් පිහිටි සුන්දර ගෙයක් බව පේනවා . ගොඩාක් සතුටුයි නිසූ .
ReplyDeleteහ්ම්... ඔව් ඔව් ගිම්...ස්තූතියි.....
Deleteගේත් ලස්සනයි...
ReplyDeleteවැඩෙත් ලස්සනයි....
මේ ලස්සන ගෙදර හැමදාම සතුට රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..
ස්තුතීයි පැතුමට නංගි....:)))
DeleteIthin akke oya ohoma okkoma full open liyana eke dawasaka liyannako mage madhu samaya kiyala post ekak... mata hondatama sure eka sindiye blog kiwawana ayata godak pryojanawath wei
ReplyDeleteහික්ස්.... අනේ ඔයා මේකට කියන්නෙ ෆුල් ඕපන් කියලද?? පව් අප්පා... බැරි වෙලාවත් මං ෆුල් ඕපන් ලිව්වොත් ඔයා එදාට මොනවා කියයිද මන්දා????
Deleteමගේ මදු සමය නේද??? එච්චරටම ප්‍රයෝජනවත් වෙයිද?? මං මේ හොද මී කිරි හට්ටියක් කිතුල් පැණිත් එක්ක කෑවා කියන එක එච්චරම ප්‍රයෝජනවත් වෙයිද??? :D
ලස්සන වට පිටාවක් ලස්සන වැඩක්.
ReplyDeleteස්තූතියි අසර්....:)))
Deleteලස්සන භූමියක පිහිටුන ලස්සන ගෙදරක්.. පළවෙනි ෆොටෝඑකෙන්ම හිතුණා.. :)
ReplyDeleteහරිම ලස්සනයි අක්කෙ.. සතුටුයි ගොඩක්..!
හැමදාම සතුට සාමය සෞභාග්‍ය ඉතිරෙන්නට හදවතින්ම සුබ පැතුම්..!!!!
හ්ම්.... ඔව් ඔව් කැලයක් මැද ගේ තියෙන්නෙ....
Deleteස්තූතියි නන්දු නගේ....
අක්කල කරපු වැඩේ නම් සුපිරි... සුබ පතනව තවත් ඔය වගෙ වැඩ කරන්න හම්බ වෙන්න කියල
ReplyDeleteගෙදර පිටට පේන විදිහ සම්පුර්ණයෙන්ම ගත්ත ප්හොටො එකක් දැම්ම නම් හොදයි කියල හිතෙන්ව
කොච්චර උත්සාහ කරාද උඹව ගෙන්න ගන්න. බැරි උනානෙ
ReplyDeleteගෙයක් හදාගත්තා කියන්නෙ ලොකු ජයක්.... තමන්ගෙ කියල ගෙයක් නැතිනම් පැල්පතක් හරි හදාගත්තහම තියෙන්නෙ පුදුම සතුටක් නිදහසක්...... මගෙන් සුභ පැතුම්..... අළුත් ගෙදර හැමදාම සතුට සෞභාග්‍ය පිරිතියෙවා.... දුක් කරදර කිසිදා නොපැමිනෙවා......ඔබට ජය...
ReplyDelete