expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Wednesday, April 4, 2012

෴රෑ වැලපෙන භූතාත්ම෴

              ඊළඟ පෝස්ට් එක විදිහට  හති දාගෙන ටයිප් කලේ කක්කි කතාවක් වුනත් අද උදේ මේ සිද්දිය ඇහුවාම පමා නොකර කොටලා දාන්න ඕනෙ කියලා හිතුනා.මේ සයිබර් අවකාශයේ ඇති තරම් හොල්මන් කතා තියෙනවා.මගෙත් කාලයක් තිබුනා ඕනෑවටත් වඩා හොල්මන් ගැන හිතේ තියාගෙන බය වුන.පස්සෙ කාලයක් ආවා අපොයි ඔය බොරු කියලා හිතපු.දැන් නම් හිතන්නෙ මොනවා කිව්වත් අපි නොදකින ලෝකය හරිම ලොකුයි කියලා.අද අහන්න සිද්ද වුන කතාවත් ඒක ඔප්පු කරන්න සාධකයක් වගේ.


                       හැමදාම එකට බස් එකේ මාත් එක්කම යන එන අක්කා කෙනෙක් තමා මේ කතාව කිව්වෙ.සී.ටී.බී. බස් එකක එක ලඟ ඉදගෙන කයිය දාගෙන යනකොට කොහෙන් හරි මේ කතාවට සෙට්  වුනා.

                 භූතාත්මය ගැන කතාවට එන්න කලින් ඒ කතාවෙ පූර්විකාව නොකියා බැහැ.අවුරුදු ගානකට කලින් මේ කතාව කියපු අක්කාගෙ නැන්දව මරලා දාලා කියලා ආරංචිය ආවා.ඒ මරලා තිබුත්නෙ හරිම කෲර විදිහට,පිහියෙන් කපලා කොටලා.මේ ඝාතනය වුනේ මොන හේතුවකට කවුරු අතින්ද කියන එක අදටත් අභිරහසක්.ඒ දවස් වල ආපු ආරංචි වල හැටියට ඒ ගෑණු කෙනාගෙ දුවත් ළඟ හිටියා සහ ඒ ළමයා සිද්දිය නිසා කම්පනයට පත් වෙලා .ඒත් තාමත් මිනීමරුවා නිදැල්ලේ.සැකය යොමු වුනේ ඒ ගෑණු කෙනාගෙ ස්වාමි පුරුෂයා දිහාවට.ඒත් කිසිම සාක්ෂියක් තිබුනෙ නැති නිසාම පුරුෂයා නිදහස් වුනා.ළමයත් මුකුත් නොකිව්ව බවයි සදහන් වුනේ.

                       කොහොම හරි අන්තිමට අර ගෑණු ළමයා ඇවිත් නතර වුනේ තමුන්ගෙ ලොකු මාමාගෙ ගෙදර වුන මට මේ කතාව කියපු අක්කාගෙ ගෙදර.මඟ තොටේ යනකොට, දැන් උසස් අධ්‍යාපනය ලබන ,අර නංගිව හම්බ වුනත්  වුන දේවල් හිතේ කොනකටම තල්ලු කරලා හිනා කටක් පුරවගෙන කතා කරන නංගිගෙන් මං මොනවා කියලා අහන්නද?? අන්තිමට ඒ  ඝාතනය නොවිසදුන අභිරහස් ගනයට වැටුනා.

                          එහෙම්මම ඒ සිද්දිය යට ගියා.මේ කතාව කියන අක්කාගෙ අම්මයි තාත්තයිත් වයසයි.ලෙඩ දුක් හැදෙන කාලෙ.ඇත්තම කිව්වොත් මට ආච්චියි, සීයායි වෙන්නෙ.කාලෙ ගත වෙද්දි අපේ සීයගෙ එක කනක් ඇහෙන්නෙ නැති තත්වයක් උද්ගත වෙලා.කොච්චර බෙහෙත් ගත්තත් කිසිම සුවයක් නම් ලැබිලා නෑ.තව ටික කාලයක් යනකොට ආච්චිගෙ කකුලක් රිදිල්ලක් පටන් අරගෙන.ඒකත් සීයගෙ ලෙඩේ වගේම තමයි.කොච්චර වෙදකම් කලත් පලක් වෙලා නෑ.

               මේ සිද්දිය වෙනකොට දෙන්නම විශ්‍රාම ගිහින් හිටියත් සීයා පුද්ගලික විදුහලක ඉගැන්වීම කලා.දවස ගානෙම එහාට මෙහාට යන එක කරදරයක් නිසා විදුහලේම නේවාසිකාගාරයේ නතර වෙලා සති අන්තයේ තමා ගෙදර ඇවිත් තියෙන්නෙ.මේ දවසෙත් සීයා ගෙදර ඉදලා නෑ.කට්ටියම නිදා ගෙන ඉන්න වෙලාවෙ මේ අක්කා එක පාරම ඇහැරිලා තිබුනේ මහ හයියෙන් ගෑණූ කෙනෙක් අඩන සද්දයක් ඇහිලයි.අර නංගියි,අක්කගෙ අම්මයි දෙන්නම හොදටම නිදාගෙන ඉදලා තියෙන්නෙ.නින්දෙන් බය වුනත් අඩුම ගානෙ දගලපු ස්වරූපයක් හරි තියෙන්න ඕනෙ නෙ කියලා කල්පනා කරපු අක්කා අදුරෙම සාලෙ වාඩි වුනාලු.




                      ටික වෙලාවකින් අර අඩන සද්දෙ ආයෙත් මතු වෙලා.සද්දය එන්නෙ එලියෙන් කියලා තේරුන අක්කා සාලෙ ජනේලෙන් එලිය බලලා.හැමදාමත් රෑට නොනිවා තියෙන බල්බ් එලියෙන් අක්කා දැක්කෙ මිදුලෙ තිබුන කොස් ගහ මුල හඩා වැටෙන ගැහැණියක්. ඒත් ඊලග මොහොතෙ ගැහැණිය එතනින් අතුරුදන් වෙලා.ඒ මොහොතෙ කට්ටියව ඇහැරවා කලබල කිරීම පලක් නැති නිසා අක්කත් නින්දට ගිහින්.

                            පසු දවසක මේ කතාව ඒ අක්කගෙ බාප්පට මේ කතාව කිව්වාම ටික වෙලාවක් කල්පනා කරපු ඒ සීයා අහලා තිබුනා " ඒ අපේ නංගි වෙන්න බැරිද?" කියලා; අර ඝාතනය වුන කාන්තාව.මේ සැකය නිසා අක්කා කලේ සාස්තර කියන තැනකට ගිය එක.එතැනින් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙ "ලගදි කවුරු හරි නෑදෑයෙක් මියගියාද?" කියලයි.උත්තරය ඔව් වුනාම කියපු විස්තරේ ඇහැවාම මාව නම් හීතල වෙලා ගියා.බැලින්නම් මිය ගිය ගෑණු කෙනාගෙ ආත්මය මේ අක්කගෙ තාත්තව ඒ කියන්නෙ තමුන්ගෙ අයියව හොයා ගෙන එනවලු.එන්නෙ එයාට වෙච්ච අසාධාරණේ කියන්නලු.






                              සාස්තර කියන කෙනා අහලා තියෙනවා මෙයාගෙ මරණය අභිරහසක් වෙලා නේද,ජීවත්ව ඉන්න කාලෙ ප්‍රශ්නයක් වුනාම කියන්නෙත් මේ අයියට නේද කියලා.ඒක දෙකමත් ඇත්ත.පරණ පුරුද්දට මෙයාට සාධාරණේ ඉටු වුනේ නැති එක ගැන හැමදාම ඇවිත් අර සීයාගෙ කනට කරලා කියනවාලු.එයාගෙන් ප්‍රතිචාරයක් නැති වෙනකොට ආච්චිගෙ කකුලෙන් ඇද ඇද එයාට කියනවලු.එයාගෙ කෙනෙක්ගෙන්ම එයාගෙ ඤාතියො නැති තැනක වුන දේ ගැන කියනවලු.


                           ඔය දේවල් දැන ගෙන ගෙදර ඇවිත් කිව්වාම අක්කගෙ අම්මා කියලා තියෙනවා මෙච්චර කල් අක්ක බය වෙයි කියලා, නොකියපු කතාවක්.එක දවසක් දවල්, එයා උය උයා ඉන්න කොට කවුරු හරි මිදුලෙ ඇවිදින බව දැකලා හිතලා තියෙනවා මේ මොකද තමුන්ගෙ දුව ගෙට එන්නෙ නැතුව යන්නෙ කියලා.එලියට බැහැලා බලනකොට දුව නොවන බවත් අදුරගෙන.කොන්ඩය කඩා ගත් ගැහැණු කෙනෙක් ඇවිදිනවලු.ඒ සැනෙන්ම අතුරුදහන් වෙලා.


                         මේ නිසාම මේ අක්කලා දාන මාන කරලා මිය ගිය ආත්මයට පින් පමුනුවලා.ඒත් තාමත් සීයගෙයි,ආච්චිගෙයි ලෙඩ නම් හොද වෙලා නෑ.

50 comments:

  1. අපිනම් දන්නෙ නෑ ඕවා....

    ReplyDelete
  2. කොහොම වුනත් ඒ ගෑණු කෙනාගෙ ආත්මයට ශාන්තියක් වෙන්න පිං පමුනවපු එකනම් හොඳයි..තමන්ගෙ කෙනෙක් වුනත් මිය ගියාට පස්සෙ ආයෙ දැක්කම කොච්චර හිත ගැස්සෙනව ඇතිද..එහෙම බලද්දි මේ කතාවෙ කියන ඒ මුලු පවුලම හරි නිර්භීතයිනෙ..

    මේ දවස්වල වැඩිපුර කියවන්නෙ හොල්මන් කතා.. :(
    දෙවනි පින්තූරය තියෙන ෆිල්ම් එකනම් මම බලල තියෙනවා..

    ReplyDelete
  3. ඒ කියන්නේ ඒවා බොරු නෙමේ

    ReplyDelete
  4. ම් ම්ම් .. මම ටිකක් ඕව විශ්වාස කරනවා අඩුයි, විශ්වාස කරන්නේ නෑ කිව්වොත් තමා හරි , එත් අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියලනම් විශ්වාස කරනවා , එත් ඒ හොල්මන් / මිය ගිය අයගේ ආත්ම ද කියල දන්නේ නෑ. හැබැයි මම පොඩි කාලේ ඉඳලා අහපු සිදුවීමක් තියෙනවා, තවම මට හිතා ගන්න බැරි ..

    දවසක් මගේ අම්මා දැකල තිබුන එයාගේ මල්ලි අපේ ගෙදර ගේට්ටුවෙන් එනවා (හරියටම 29 නොවැ 1989) , අම්මා අපිටත් කිව්වා අන්න මාමා එනවා කියලා. එත් කවුරුවත් ආවේ නෑ, අම්මා කිව්වා ආවමයි , එයා දැක්ක මාමා එනවා කියලා.ඒ වෙලාවේ මමයි / අයියයි හිටියේත් ගෙදර (අපි පොඩි කොල්ලෝ ). එත් ඊට පය දෙකකට පස්සේ අම්මගේ ලොකු මල්ලි හදිසියේම පණිවිඩයක් අරගෙන ආව (ඒ දවස් වල අපේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන් එකක් වත් නෑ ) පොඩි මාමා නැති උන කියලා. (එකත් ඝාතනයක් එයාගේ ප්‍රිය බිරිද විසින් දුන් කොන්ට්‍රාත්තුවකට ) , මාමාව මරල තියෙන්නේ අම්මා එයා අපේ ගෙදර එනවා දැක්ක වෙලාවට ආසන්න වෙලාවක.

    ReplyDelete
    Replies
    1. I recently heard a similar story. It happend to a good friend who is now living down under. He went into the toilet in the morning to see his motherinlaw in the toilet. He has come out from the toilet but was bit upset to see her as she had nver visited her at their home in Australia.
      Later in the day they received the news that his MIL has passed away in North central province in Sri Lanka; alomost at the same time he saw her. I do not know how to explain this but this shows something which is not explainable as to science what I know.

      Delete
  5. හොල්මන් ගැන නම් මම විස්වාස කරනවා අක්කේ. ජීවත් වෙලා ඉන්නකොට ගොඩක් සමීප අය මැරුණට පස්සෙත් සමහර වෙලාවට අත ඇරලා යන්න බෑ කියලා අහලා තියනවා.

    ReplyDelete
  6. හොද වෙලාවට මම මේක මහ දවාලේ කියෙවුවේ.. හොල්මන් කියන දේ පොඩි ඇත්තක් නැත්තෙමත් නෑ..

    ReplyDelete
  7. "පරණ පුරුද්දට මෙයාට සාධාරණේ ඉටු වුනේ නැති එක ගැන හැමදාම ඇවිත් අර සීයාගෙ කනට කරලා කියනවාලු.එයාගෙන් ප්‍රතිචාරයක් නැති වෙනකොට ආච්චිගෙ කකුලෙන් ඇද ඇද එයාට කියනවලු."

    මේ ටික කිව්වෙ සාස්තර කියන කෙනාද?

    ReplyDelete
  8. හපොයි අහනකොටත් බයේ බෑ.

    ReplyDelete
  9. ඉතින් මරණෙ අභිරහස විසඳුනේ නැද්ද

    ReplyDelete
  10. හොල්මන් කරන්නෙ මැරිච්ච මිනිස්සු නෙමේ.ජීවත්වෙන මිනිස්සු.

    ReplyDelete
  11. භයානකයි නේන්නං. දැක්ක නේද යුක්තිය ඉටු නොවුනම වෙන හාණිය.

    ReplyDelete
  12. .ජීවිතේට හොල්මනක් දැකල නැතිඋන් වැඩිහරියක් ඉන්න නිසා comment දාල චා වෙන්න බෑ. මම හොල්මනක් ගැන comment එකක් දාපුවම ඔබා මාම ඇහුවේ ගැල්ළමයෙක්ද බන් කියල

    ReplyDelete
  13. අනේ මන්දා ඉස්සර නම් මේවා විස්වාස කළේ නෑ. අපි දන්නේ නැති හැම දේම බොරු කියලා බැහැර කරන්ට බෑනේ. දැන් නම් නොදන්නා බව දන්නවා..... :D

    ReplyDelete
  14. අපේ මනස නිතරම සෙලවෙන ස්වභාවයේ තියෙන්නෙ. භූතාත්ම ඒ නිසා තමයි සෙලවෙන මනස යන අරුතින් හොල්මන් යන පදය හැදෙන්නෙ.

    ඒ කොහොම වුණත් අවතාර, හොල්මන් කයල දෙයක් නැහැයි කියල මම ප්රසතික්ෂේප තරන්නෙ නහැ. ස්වභාවයෙන්ම අපි ජීවත්වන පරිසරයේ අපේ පියවි ඇසට නොපෙනෙන බලවේග තියෙනවා. අවස්ථානූකූලව ඒ බලවේග ඇතැම් අයට පේනවා සමහර සිද්ධීන් එක්ක.

    ඔබේ කතාවත් ඒවගේ. බුද්ධ දර්ශනය තුළ බුදුහාමුදුරුවො නිරන්තරයෙන් මනුෂ්යා , දේව, සහ භූතාත්ම ගැන පැහැදිලි කරල දීලා තියෙනවා. ඒ අනුව මේ දේවල් පිළිගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මටත් වචන කීපයක් එකතු කරන්නට හිතුනා.. මනෝ විද්‍යවෙ පාවිච්චි වන වචන දෙකක් තමා Illusion සහ Delusion. මින් Illusion යනු ඔබ කියූ පරිදි සෙලවුනු මනසකින් යමක් විග්‍රහ කරන්නට යාමේදි වන අත්වැරද්දක්.. එය ඕනැම අයෙක්ට වෙන්න පුලුවන්. කනත්තක් ලගින් යනකොට සුලගේ ශබ්දය කෙදිරිල්ලක් විදියට ඇහෙන්න පුලුවනි. මැජික් කියන්නෙත් ඔය වගේ දෙයක්.. හිත රැවටීමක්. අර Illusionist කියලා චිත්‍රපටකුත් තියෙන්නෙ
      හැබැයි Delusion කියනනෙ ඉතාම දැඩිව වැරදි මතයක එල්බ ගැනීමක සිටිමක්.උදා:කවුරුහරි කෙනෙක් තමන්ව මරන්නට එනවා යැයි දැඩිව එල්බගෙන සිටීම. එක නම් මානසික රෝග තත්වයක්.. අර ගරිල්ලා මාකටින්,Beautiful mind වගේ ෆිල්ම් වල තියෙන්නෙ... කඩ්ඩෙන්ම කියනවා නම්
      "An illusion is a perceptual disturbance,
      while a delusion is a belief disturbance."

      මනසේ සියලුම දේ වෛද්‍ය විද්‍යවෙන් 100% පැහැදීලි කරන්නට බැහැ කියන එකත් මම පිලිගන්නවා

      Delete
  15. මේ වගේ දේවල්වලට අපේ හිතේ තියන දේවල් අනිවාර්යයෙන් බලපානවා..ඒත් මනස හෙල්ලෙන නිසා විතරක් හොල්මන් පේනවා කියන එක ඔප්පු කරන්න බෑනෙ...

    ReplyDelete
  16. ඔන්න හොල්මනක් මං ඉස්සරහට එනව කියල හිතමු..ඉතිං මං බයවෙන්නෙ නෑ...එතකොට හොල්මනට ලැජ්ජ හිතිල යයි..තමුන් ලග තියෙන මොට ආයුධයකින් හරි පහරදෙන්න තරම් ඝටක් ගන්න පුලුවං නං හොල්මං වලට බයවෙන්න දෙයක් නෑ....

    ReplyDelete
  17. හම්මියෝ මට නම් බය හිතුනා.

    ReplyDelete
  18. අපේ පැත්තේ එකෙක්ව මරලා තිබ්බා බෝක්කුවක.. ඒ පැත්තේ රෑට යන්න බයයි අපි තවම..

    ඇයි අපිව බය කරන්නේ ???

    ReplyDelete
  19. අම්බෝ....අනේ ඒ ගෑනු කෙනා ගැන මටනම් දුකයි...:(

    ReplyDelete
  20. අඩේ අක්කෙ....දැන් දැක්කෙ..රෑට හීනෙනුත් බය වෙයිද මන්දා
    :ඕ

    ReplyDelete
  21. මහ ලොකුවට මාත් කියවන්න ගත්තට බයත් හිතෙනවානේ...

    ReplyDelete
  22. අනේ මන්දා.. මමත් ඔය වගේ අපේ අම්මාගේ පන්තියේ ළමයෙක්වයි එයාගේ තාත්තවයි මරපු කතාවක් අහලා තියෙනවා. ඊට පස්සේ දවසක් ඒ ළමයයි තාත්තයි උදේ පාන්දරක් ළමයට ඉස්කෝලෙ යන්න කෑම ගන්න හැමදාම යන කඩේට ඇවිත් කඩේ ලෑල්ලට තට්‍ටු කරලා මුදලාලිගෙන් කෑම ඉල්ලන්න වගේ බලන් හිටියලු..
    ඔය හැමදේකම ඇත්තකුත් තියෙනවා අක්කේ.. ඒත් සමහර වෙලාවට ඒවට හේතු වෙන්නේ අපේ හිත තමා මම හිතන විදියට...

    ReplyDelete
  23. මොනවා හරි සතයක් තියෙනවා මම දැකල නැහැ ඒත් ගොඩාක් දෙනෙක් දැකල තියෙනවා වැඩි හරියක් බොරු වෙන්න ඇති.

    ReplyDelete
  24. මට හිතෙන්නෙ මෙහෙමයි... අපේ සිත සලිත වෙලා තියන වෙලාවකට බාහිර ඇති සමහර දේවල් හොල්මන් කියලා පෙනෙන්නට පුලුවන්.. උදාහරනයක් විදියට අත්තක සෙවනැල්ලම් පවා මිනිස් රුවක් ලෙස දකින්න පුලුවන්..
    … මට හමුවෙලා තියනව වයස 10 ක විතර ගැහැණු ළමයෙක් ,එයාට පෙනවලු දෙවිවරු ඇවිල්ල කතා කරනව.. අවසානයෙ ගෙදර අය පොඩි දේවාලක් ගෙදරම හදාල දිල. ඒ දිරිමත් කිරීම් වලින් වෙලා තියෙන්නෙ තව ලෙඩේ වැඩි උන එක.. දෙවියො නරයන්ගෙන් ඉගෙන ගන්නට එපා කියනව කියල ඒ ළමය ඉස්කෝලෙ යන්නෙත් නෑලු.දරුවගෙ වාසනාවට නුවණැති ගුරුවරයෙක් ඇයව රෝහලට යොමුකරල තිබුන

    ReplyDelete
  25. තවත් එක් සත්‍ය කථාවක් නේද..?

    ReplyDelete
  26. අනේ මන්ද ඇස් 2න් දකිනකම් ඕව ගැන විශ්වාසයක් නැත........

    ReplyDelete
  27. මේ වගේ දැවෙන ආත්ම තියනවා. තමන්ට සාධාරණයක් ඉස්ටකරගන්න. ඒ වගේම ජීවත් වෙලා හිටපු කාලේ තමන්ගේ හතුරන්ගෙන් පලිගන්න මේ ආත්ම ගොඩක් උත්සාහ කරනවා. මේ ආත්ම වලට පින් පමුනුවල සුගතියට පත් කරන එක මියගිය අයගේ නෑදෑන්ගේ යුතුකමක්.. මම ගොඩක් ආස මාතෘකාවක්. කියවන්න දැනගන්න. පුලුවන්නම් මේවගේ ඇත්ත කතා තව ලියන්න.

    ReplyDelete
  28. අනේ මංදා අක්කේ..
    ඔවා බොරු කියන්නත් බෑ
    ඔක අහල බය හිතුනද ඔයාට..?

    ReplyDelete
  29. අම්මෝ.. බයේ බෑ.. වෙලාවට දවල් කියෙව්වෙ..:D

    ReplyDelete
  30. සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නේ නැති වුණත් භූත කතාවක් නිසා කමෙන්ට් එකක් දාන්වා.මේක නියම කතාවක්නේ.මට හරි ආසයි මේ සිද්ධියේ අලුත්ම විස්තරය දැනගන්න.කොහොමත් නීතියෙන් ගැලවුණත් අවතාරවලින් ගැලවෙන්න බෑනේ......

    ps:අක්කියෝ....ඔයා අපේ සින්නියක්නේ.මමත් UOM - CPE

    ReplyDelete
  31. දැන් වෙලාව මහ ‍රැ 12.15යි අක්කෝ.... බලන්නකෝ අක්කෝ ඔයාත් බය කරන වැඩමනේ කරන්නේ.... මොකට ඒ අක්කා එක්ක කතාවට ගියාද?

    මම නම් අක්කේ ඒවා ගොඩාක් විශ්වාස කරන්නේ නැ.. ඒත් නැ කියලා පිලිගන්නේ නැ... සමහර දේවල් ඇත්ත වෙන්න පුලුවන්..

    කොහොම උනත් කාටවත් අසාධාරණයක් කරන්න නම් හොද නැ.. ඒත් ඇයි එයා වැරද්ද කරපු කෙනා එක්ක මුකුත් නැත්තේ

    ReplyDelete
  32. මම තාම ඇස්දෙකට හොල්මනක් දැකල නැහැ
    ඒ නිසා මේ වගේ කතා ඇත්තද බොරුද කියල කියන්න මම දන්නේ නැහැ
    ඒත් අපිට නොපෙනෙන කිරණ පරාසය ගොඩක් වැඩි නිසා අපිට නොපෙනුණු පමණින් යමක් නැහැ කියල කියන්නත් මම ඉක්මන් වෙන්නේ නැහැ... :(

    ReplyDelete
  33. මට නම් බය හිතුනෙ නැහැ..මේ වගේ කතා අහන්න මම නම් ආශයි..හොල්මන් කියන්නෙ බොරුවක් නෙවේ..මනස සෙලවීමක් නෙවේ හැම අවස්තාවකදිම..

    ReplyDelete
  34. නොපෙනෙන බලවේග කියලා ජාතියක් තියනවා මට මාව විස්වාසයි . ඒත් ඔය සාත්තර කාරයෝ පේන බලන මිනිස්සු වැඩි හරියක් කියන්නේ පට්ටපල් බොරු . ..

    ReplyDelete
  35. හම්මෝ ... හිරි ගඩුත් පිපුන,,, කියවගෙන යද්දි....

    ReplyDelete
  36. මේ බය කරන්න එන්න එපා හරිය.....

    ReplyDelete
  37. අපි නොදකින ලෝකයක් තියෙනවා ... කොයි තරම් දියුණු සමාජයක් තිබුනත් තවමත් මෙවැනි දේ සිදුවෙන බැවින් .. නොපෙනෙන බලවේග ගැන කියන කථා බොරුයි කියල බැහැර කරන්න බැහැ

    ReplyDelete
  38. හොඳ වෙලාවට මේක දවල් කියෙව්වෙ.... අම්මෝ...

    ReplyDelete
  39. හිහිහී.. හොල්මන්කතා කියවන්න ‍හොඳ වෙලාව.. රෑ 11.20යි :D
    අපට නොපෙනෙන ලෝක, අභිරහස් තවමත් මේ විශ්වයේ තියෙනවා..

    ReplyDelete
  40. මම් වොෂ් රුම් ගිහින් එන්නම් !!! :)

    මම් අහලා තියෙනවා ඔය පෙරේතයෝ භූතාත්ම සමහර වෙලාවට නිධන් එහෙම වලදාලා තියෙන තැන් පෙන්වනවා කියලා. එහෙම හම්බ උනා නම් මරු !!1

    ReplyDelete
  41. සැනසීමක් ලබන්න හොල්මන් වුණත් කැමති ඇතිනේ :D

    ReplyDelete
  42. Close කරපු නැති html ටැග් එකක් තියෙනවා අක්කේ. ඒකයි අර කෝඩ් එක උඩ පේන්නේ. ඒක හදන්න.

    expr:class='"loading" + data:blog.mobileClass'>

    මට හිතෙන විදිහට ඔය ලයින් එක ඉස්සරහට '<' ඔය ළකුණ දැම්මම හරි යයි !!! පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.

    ReplyDelete
  43. කමෙන්ට්ස් කියෙවුවෙ නැහැ තාම... අද අපේ ලොකු දූගෙ ඇහැකුත් එය වගේ ඉඳිමිලා තිබ්බා.. කදුළු නම් නැහැ.. ඇහැට මොකුත් වෙලාත් නැහැ.. ඇහැ උඩ ඉඳිමිලා.. ඇහැ අරින්න බැහැ.. ඇල්ලුවම රිදෙනවාළු.. ඉතිං උදේ අවිස්සාවේල්ල රෝහලට ගියා.. පිරිටන් පැනඩෝල් එක්ක තව කරලක් දුන්නා රෑට බොන්න.. ඒ ඇවිත් මේ බලද්දි තමා මේ ලියමන දැක්කේ.. ඒකත් මාරයි..

    ReplyDelete
  44. අක්කේ වැරදි පෝස්ට් එකකටද මන්දා කමෙන්ට් කරලා තියෙන්නෙ??

    ReplyDelete
  45. We lived in a house that some others have seen some images. This is in Trincomalee. Some times I have lived alone when my wife was away but have not seen any even if I was cooking meet in the middle of the night with oil. But I will not say all these are not true....

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...