expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Thursday, February 2, 2012

නිසුපා බිසී අප්පා.......

                            සති තුනකින් විතර පෝස්ට් එකක් දැම්මෙ නෑ.මාලුවයි, කසුන් මල්ලියි අහලත් තිබුනා කෝ පෝස්ට් කියලා.අද සෑමයි,අපේ සෙට් එකේ මලයෙකුයි පුරස්න කලා කෝ පෝස්ට් කියලා.මොන පෝස්ට් ද අප්පා.කලින් පෝස්ට් එකේ කමෙන්ට් ටිකට උත්තර දුන්නෙත් නෑ නොවැ. :((((( සොරි වෙන්ට ඕනෙ.මේ දවස් වල හොදටම බිසී.බිල්ඩිම ඉවර වේගනයි යන්නේ.ඉතිං මට වැඩ ගොඩයි.බිල්ඩිමේ හැම තැනම ඇවිද ඇවිද වැරදි අඩුපාඩු හොයන්න ඕනෙ.ඒවා ලිස්ට් හදලා වැඩ කරන සෙට් එකටම යවන්න ඕනෙ.පොතක් පිරෙන්න අඩුපාඩු ලිව්වා වගේ නෙවේ ඒවා ටයිප් කරන්නත් එපැයි.එකම අදහස වාක්‍ය දෙකකින් දෙන්නත් බෑ නෙ.හයියෝ......


                                   මේ පෝස්ට් එකටත් දැන් දවස් ගානක් වයසයි.මොන දවස්ද හරියට කීවොත් සති ගා...නක් වයසයි... :))මොනවා වුනත් රාජකාරී වෙලාවෙදි රාජකාරිය කරන්න එපැයි.ඒත් ටික ටික ටයිප් කරලා මේ ටික ලියා ගත්තා.ගෙදර ගිහිනුත් ටයිප් කරලා ඉවරයක් කරගන්න බැලුවා.ඒත් දවස් ගානක් ගියානෙ.මේක අද (මේ අද කියන එක ටයිප් කරලත්  සති ගානක්....හිකිස්.....) නම් කොහොම හරි පබිලිස් කරන්න ඕනෙ ෆොටෝ කෑලි දෙක තුනකුත් අමුනලා.ෆොටෝ කීවට වැඩියත් නෑ.වැඩ කරන තැනම ෆොටෝ ටිකක්.

                              මේ සයිට් එක ප්‍රයිවෙට් කැම්පස් එකක් නේ.අම්මෝ.... මේ දවස් වල කියන්නත් බය හිතෙන වචනයක් ඒක.ජනවාරි  15 වෙනිදා  භාගෙට වැඩ ඉවර කරපු සයිට් එක විවෘත කලා.එදා පොංගල් දවසනෙ.පස්සෙ තමා මටත් හිතුනෙ විවෘත කිරීමක් කෙසේ වෙතත් තියන්න ඇත්තෙ පොංගල් උත්සවේ කියලා.මොකද මේ සයිට් එක හදන්න බර පැන දරන්න දෙමළ, නෑදෑ කම මස්සිනාලා වුන දෙන්නෙක්.හැබැයි සල්ලි ගලන්නෙ ඩුබායි පැත්තෙන්.සල්ලිවල අගයක් නෑ වගේමේ අයටනම්.මේ බිත්තියක් බදිනවා ඔන්න හෙට දිහෑ කඩලා දානවා.අනේ අපොයි...... ඔය වගේ වැඩ ගොඩයි.ඒ නාස්ති කරපු සල්ලි වලින් කාට හරි හොද ගෙයක් හදන්න තිබුනා.මොනවා කරන්නද......

                              14 වෙනිදා රෑ ලොකු පූජාවක්.මොන දේ පටන්ගන්නත් කලින් මෙහේ පූජානම් තියනවා.ඉතිං පූසාරි කෙනෙකුත් ගෙන්නලා ලොකුවට ගිනි මැල එහෙම ගහලා ගජ රාමෙට වැඩේ ගිහින් තියෙනවා.අනේ ඕවා බලන්න අපි පින් කරලා නැතුවා.රෑට ඇවිත් යන්න විදිහක් තියෙන්නත් එපැයි.පූජාව කෙරීගෙන යන අතරතුරේ හෙන මහත කිරි එළදෙනක් ගෙනත් බිල්ඩිම ඇතුලට.ඌව දැන් කොරිඩෝ දිගේ එක්කන් යනවාලු.(හින්දු අයගෙ චාරිත්‍රයක්ලු.මං වැඩිය මේ දේවල් දන්නෙ නෑ.දන්න ඉන්නවානම් කියලාම යන්න). 

                            ටික වෙලාවකින් මූ කඹෙත් ඇදගෙන දුවනවාලු කොරිඩෝ එක දිගේ මහ හයියෙන් කෑ ගහගෙන.මේ කැම්පස් එකේ ටොයිලට් හා පිවිසුම් ලොබිය ඇරුනාම අනික් හැම තැනම පොලව ටෙරාසෝ කරලා හොදට පොලිශ් කරලා තියෙන්නෙ.විවෘත කිරීම නිසා පලවෙනි තට්ටුව මූන පේන තරම් දිලිසෙන්න පොලිශ් කරලා.ඉතිං මේ දුවගෙන ගිය එළදෙන හතර පය හතර කොනේ දාගෙන බිම වැටිලා ,දුවපු වේගෙට ලිස්සලා.අනේ බැලින්නම් මූ දුවලා තියෙන්නෙ මුගෙ පැටියා එලියෙ ඉදලා කෑ ගහන සද්දෙ ඇහිලා.පැටියව එලියෙනෙ තියලා තියෙන්නෙ.පස්සෙ වැඩේ හරි යන්නෙම නැති තැන පැටියත් ඇතුලෙම ගැට ගහලා.

                             ඊළඟට මහ අමුතු වැඩක් තමා කරලා තියෙන්නෙ.පිදුරු වලින් පඹයෙක් හදලා.නියම මිනිහෙක් වගේ පේන්නම හදලා තිබුනා.අත් දෙක,කකුල් දෙක, ඔලුව එහෙමත් හදලා.(මං අපේ සර්ගෙ ෆෝන් එකේ තිබුන පින්තූර දැක්කා.)ඔන්න ඊට පස්සෙ පඹයගෙ බෙල්ලට දැම්මලු තොන්ඩුවක්,තිබ්බට ඔලුවට ගිනි.ඊට පස්සෙ අර කඹෙන් ඇදගෙන මුලු බිල්ඩිම පුරාම ඇදගෙන ගියාලු.හේතුව මක්කදැයි මට හිතා ගන්නවත් බැරි වුනා.ඇස්වහ කටවහ සීන් එකක් වෙන්න ඇති කියලා තමා සර් කීවෙ.


මේ තියෙන්නෙ ඇදලා තිබුන කෝලම් රටාවක්.ලස්සනයි නේද???
                            
ඇතුල් වීමේ තැන තුබුන සැරසිල්ල


ඔය පිටසක්වල අය කුඹුරකට ගොඩ බැහැලා වගේ පේන්නෙ මේ කැම්පස් එකේ රෝස මල් වගාව.ෆොටෝව ගහන කොට මල් නැති වුනාට දැන් මල් යායයි.





                        පහුවදා කිරි උතුරුවලා එහෙම කිරි බත් දෙනවා කිව්වා.මාත් අනේ උදේටවත් කන්නෙ නැතුව (පෙරේත කමට) ගියා කිරි බත් කන්න බලාගෙන.සාමාන්‍යයෙන් කිරි උතුරුවන්නෙ උදේටනෙ.මං උදෙන්ම ගියා.අනේ මොන.... සයිට් එකම පාලුයි.වැඩ කරන අය දෙතුන් දෙනෙකුයි, ප්‍රොජෙක්ට් මැනේජරුයි හිටියා.ටික වෙලාවකින් අපේ සර්ලා ටිකත් ආවා.එයාලට කියලා තිබුනෙ 8.30ට වැඩේ පටන් ගන්නවා කියලා.ඒත් පටන් ගන්න ලකුනක්වත් නෑ.කොටින්ම සයිට් එකේ අයිතිකාරයො ටිකවත් ඇවිත් නෑ.බඩේ පනුවො බොක්සින් ගහනවා.මොනවා කරන්නද ටික වෙලාවක් ඉදලා මාලු පාන් එකක් ගෙන්න ගෙන කෑවා.


                                      සර්ලා ටිකටත් දැන් ඇති වෙලා.වෙන වැඩත් තියාගෙන මේකට ආවාම 10 විතර වෙනකල් මුකුත්ම කලේ නැතිකොට.බැලින්නම් ඉතිං ඒ කට්ටියගෙ ගෙවල් වල චාරිත්‍ර ටිකත් කරලා එපැයි එන්න.බලන්නකො ඉතිං අපිට ඕක හාංකවිසියක්වත් මතක් වුනේ නෑ නෙ.බොස්ලා ටික ආවා වාහන පෙලකින්.පස්සෙ ආවා හොද ලස්සනට දිලිසෙන කලු පාට කාර් එකක්. ඒකෙ ආවෙ ලොකුම ලොක්කා.ඒත් එක්කම සරස්වතී දේවියගෙයි,ලක්ෂ්මී දේවියගෙයි,ගණ දෙවියොගෙයි ලස්සන පින්තූර ටිකක්,ඉටි රූප වගේ කෙල්ලො ටිකක් අතේ බිල්ඩින් එක ඇතුලට ආවා.ඒ පින්තූර ටික ඊට පස්සෙ කෙලින්ම ගිහින් ඇල්ලුවා එළදෙනගෙ මූන ඉස්සරහින්.ඌ ඒක දිහා බලනකල් ඒක අල්ලගෙන හිටියා. ඌත් රත්තරං පාටට දිලිසුන පින්තූර දිහා හොදට බලල අහක බලා ගත්තා.


මේ ඉන්නෙ පින්තූර උස්සගෙන ආව කස්ටිය සහ පූජාව කෙරෙන් විදිහ

                             පින්තූර ටික ස්ථාන ගත කරලා එතනත් පොඩි පූජාවක් කලා.ඔය උඩ පින්තූරෙ තියෙන ලොකු පින්තූරෙ ඉන්නෙ මෙහෙ කට්ටිය අදහන ආගමික නායකයෙක්ලු.කවුද,කින්ද,මන්ද කියලා අහන්න ඔට්ටු නෑ ඔන්න.මං දන්නෙ නෑ ඕව.ඒ පින්තූරෙ යටින් තමා දෙවියො කට්ටියගෙ පින්තූර තිබ්බෙ.කොහොමින් කොහොම හරි ඔන්න  කිරි උතුරවන්න වෙලාව ලං වෙනවා.පූසාරි ඇවිත් ලිප් ගල් තුන උඩ පොඩි හැඩතලයක් දැම්මා.එළදෙනගෙ අයිති කාරයා ආවා ඌ ගාවට තඩි මුට්ටියකුත් අරගෙන.බුරුස්...බුරුස් ගගා කිරි දොවනවා දැන් උතුරවන්න.පැටියා මර හඬ දෙනවා.ඇයි අප්පා උගෙ කිරි ටික ඌ ඉන්දැද්දිම හොරකන් කරනවා වගේනෙ.කොච්චර දෙවුවත් අර මුට්ටියට සෑහෙන්න හම්බ වුනේ නම් නෑ.
කිරි උතුරවන්නයි ලෑස්ති වෙන්නෙ.

                         ඉතිං වුනේ මොකක්ද....??? කිරි ටික රත් වේගෙන එනකොට කිරි මදි වෙලා උතුරන්නෙ නැති වෙයි කියලා හිතපු  ලොකු මහත්තැන්ලා ටික කඩේ තියෙන අර ලොකු කිරි පැකට් ගෙනල්ලා දාපු එක.ඒ මදිවට ඒවා ඩිෆ්‍රිසර් එකක දාලාද කොහෙද අයිස් කැට වෙලා.හලේ.....තවත් වෙලා ගියා උතුරන්න ඉතිං.උතුරපු ගමන් උස්සගෙන ගියා මුට්ටිය.මං ඉතිං හිතුවෙ අපේ කට්ටිය කිරි උතුරවපු ගමන් ගේ වටේ ඉහිනවානෙ.ඒක කොරන්ට තමා යන්නෙ කියලා.අනේ බැලින්නම් කිරිබත් උයන්නෙ ඒකෙන්ලු නෙ.අනේ මදෑ කිරිබත් කන්න හිටියා....:((( 

                              දවාලටත් කන්න දෙන්නෙ පොංගල් බත්ලු.මං ඒක කන්ටත් මනාපයක් නෑ නොවැ.බිස්කට් ටිකකුයි,කිරි තේ කෝප්පෙකෙනුයි,රස කරපු එළකිරි කෝප්පෙකෙනුයි මගෙ බඩ සන්තර්පනය කොරගෙන බාගෙට හාමතේ ගෙදර ගියා...:((( පහුවදා එනකොට පොංගල් බත් මහ ගොඩක් මුට්ටියෙම නරක් වෙලා තිබුනා. 


ඔන්න ඔහොමයි විවෘත කිරීම සිද්ද වුනේ.......


මේ දැන් ලැබුන ආරංචියේ විදිහට මාර්තු 10 තවත් විවෘත කිරීමක්....... :D








83 comments:

  1. අහ්....එළනේ වැඩ ටික....

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කරන්නෙ කියන එක තමා දන්නෙ නැත්තෙ... :(((

      Delete
  2. චාරිත්‍ර වාරිත්‍ර රාශියක්නෙ! :)

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා මග ඇරුනා මල්ලි....

      Delete
  3. ඔන්න අක්කේ...මාත් ආවා මේ පැත්තට.....හින්දු දෙමළ අයගේ තියෙන්නේ අමුතු අමුතු චාරිත්‍ර තමා...(අපේ චාරිත්‍ර බලන් හිටියොත් එයාල අපිට කියන්නෙත් ඕක තමා...හික්ස්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි මේ පැත්තට ආට...
      ඒක ඇත්ත එක එක ජන වර්ගයන් වල එකිනෙකට වෙනස් චාරිත්‍ර කොච්චර තියෙනවාද???

      Delete
  4. ඒක තමා පහුගිය ටිකේ අක්කා දකින්නවත් හිටියේ නැත්තේ. මාත් මේ ටිකේ බිසී නෙව. වැඩ ගොඩක් තියෙනවා කරන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්..... එහෙනම් ඔයත් හොදට වැඩ කරගෙන යන්ට....

      Delete
  5. අලේ ඔන්න පලවෙනියටම කමෙන්ටුව මගෙන්

    අර කොහෙදෝ කියලත් තියෙයිනේ රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් කියලා.10 වෙනිදා විවෘත කිරීමත් හොදටම කරන්න හම්බේවායි කියලා සුබ පතනවා ඕං.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ එක කීවාට 5නේ :( නෝන්ඩිඩ මන්දා.

      Delete
    2. නෝන්ඩි නැතුව?
      henryblogwalker the Dude

      Delete
    3. @අපේ කනියා - කමක් නෑ අනේ ඊලග පාර බලමුකෝ.....:D

      ඒකනම් ඇත්ත.ස්තූතියි කනියා..මගේ එකම බලාපොරොත්තුව මේ සයිට් එක එදාටවත් වැඩ ඉවර කරයි කියලා....:(

      @Dude -පව් අනේ...

      Delete
  6. එක එක සංස්කෘතීන් වල ඇති වෙනස. හරිම ලස්සනයි මේවා බලාගෙන ඉන්න එක. මම නම් ආසයි මේ දේවල් දැක ගන්න. සංස්කෘතික විවිධත්වයට අපි ගරු කරනව නම් මේ ලෝකෙ හරිම ලස්සන තැනක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියා.කවුරු හරි මේවායින් වෙන දේත් කියනවානම් මං ආසයි...

      Delete
  7. බලමු කවුරුහරි කියයිද කියලා ඕවායින් කෙරෙන්නෙ මොකක්ද කියලා..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. මාත් මේ බලාගෙන ඉන්නෙ ඒක වෙනකල්... :))

      Delete
  8. api oya pics dakka bukiye dala tiyanawa .

    ReplyDelete
    Replies
    1. ඒකෙ තවත් පොටෝ දැම්මානෙ... :)))

      Delete
  9. උපාදි කඩ වහා හකුලා ගනිවු... !!!

    ReplyDelete
  10. හේ හේ දෙමල ඔය වගේ චාරිත්‍ර මමත් දැකලා තියෙනවා අක්කේ

    ReplyDelete
    Replies
    1. තේරුම තමා දන්නෙ නැත්තෙ නංගි...:((

      Delete
  11. මාර්තු 10 යද්දි අක්ක බඩ පැලෙන්න කාල යන්න...:D අදයි ආවෙ මුලින්ම ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ස්තූතියි.... ඔව් ඔව් 10 යනකොට හොදට කාල යන්න ඕනෙ
      :D

      Delete
  12. මාර්තු දහය එකට දැන්මම පොස්ට් එක ඩ්‍රාෆ්ට් කරන්න බලන්න (මෙ පොස්ට් එකෙ හෙඩිමෙ හැටියට බිසීනේ)


    …ප.ලි මම වැඩිය කොමෙන්ට් දානෙනම් නෑ ඒත් හුගක් වෙලාවට මෙ පැත්තෙ කරක්ගහනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බිසී නම් තමා..ඒත් කොහොම කොහොම හරි ලියන්නත් ඕනෙ...

      කමෙන්ට් නොදැම්මත් එනවානෙ..තැන්කූ ඒකට..:D

      Delete
  13. කන්න බොන්න ගියාම ‍බ්ලොග් අමතකයි නෙවැ..

    "මහත කිරි එළදෙනක්" කියල පටන් ගනිද්දි මම හිතුවෙ මහත කෙල්ලෙක් ගැන කියන්න යනව කියල.

    ReplyDelete
    Replies
    1. මුණ බලාගෙන ඔහොමත් කියනවද බන් මනුස්සයෙකුට. :)

      Delete
    2. සමහර ආගමික චාරිත්‍ර අපිට නිකන් ග්‍රීක් වගේ.
      ඒත් ඉතින් වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපන් කියල කියන්නේ නිකන් නෙමෙයිනේ.

      ඉදි කිරීම් අංශය කියන්න මහ එපා කරපු අංශයක් කියලයි මමනම් අහල තියෙන්නේ.
      මේ කියන පුද්ගලික වී විද්‍යාලය තියෙන්නේ කොහෙද

      Delete
    3. @sAm (සෑම්)- ඕන් බලමුකෝ කියපු කතාව්ක හැටි... කෙල්ලොම තමා...:P

      @ලොකු පුතා - ඒක නේන්නම්...:(

      කියලා වැඩක් නෑ.එදා දවසෙම සයිට් එක පුරාම මොනවද බජන් වගේ ගීත වගයකුත් දාලා තිබුනා..

      ඉදි කිරීම් එපා වෙන්නෙ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාමයි.කියන දේ නෙවෙයි නෙ කරන්නෙ..
      මේක තියෙන්නෙ මට්ටක්කුලියේ.

      Delete
    4. @ලොකු පුතා - නැහැ මචං අම්ම කිව්ව ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලා..

      @ නිසු - නිකංම කොල්ලො නෙවේ...කැත කෙල්ලන්ව ලස්සන කරන කොල්ලෝ හරිය ?
      ;)

      Delete
  14. පාලකයිනි..!
    නිදහස් අද්යපනයට වින කරන
    උපාදි කඩ වහ අකුලා ගනිව්.

    ReplyDelete
    Replies
    1. හයියෙන් කෑ ගහලා බලන්න මල්ලි..මේකනම් ලේසියකට අකුලන එකක් නම් නැහැ.

      Delete
  15. කවදාවත් අහල නැති චාරිත්තර ටිකක් :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා අක්කා.මේවගෙ තේරුම් කියලා දෙන්න තාම දෙමල කෙනෙක් මේ පැත්තට ගොඩ වෙලා නෑ නෙ.

      Delete
  16. ඔන්න අක්කේ ඊළග තියෙන උත්සව් දවසටනම් පෙරේතකමට නොකා යනවා එහෙම නෙමෙයි.. එදාටත් වෙන්නේ මේ ටිකම තමයි.. ඒ නිසා කාලම යන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මල්ලි.එදාටනම් කාලම යන්න ඕනෙ.මට තියෙන ප්‍රශ්නෙ එදාටවත් ඕකෙ වැඩ ඉවර කරයි ද කියන එකයි. :(

      Delete
  17. හිකිස්‌ හිකිස්‌....,,,, අක්කට සෑහෙන්න බිසී වෙන්ටැති කෑම බීම හම්බෙන වෙලාවට නේ... පොංගල් බත් කියන්නේ අර ගොඩක් ජාති දාලා හදන පැණිරස එක නේද? මම නම් කොච්චර පිරිසිදුවට හැදුවත් ජීවිතේට ඒවා කන්නෙම නෑ.. ආසා හිතෙන්නෙ නෑනේ පැණිරස බත් කන්ට !!!

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ ඒ කෑමනම් මන් අතින්වත් ඇල්ලුවෙ නෑ.
      ඔව් ඔව් පොංගල් බත් කියන්නෙ ඒවට තමා.මාත් කැමති නැත්තෙ ඒ පැනි රසටම තමා. :))
      ඉඹුල් කිරි බත් වලටත් මගෙ වැඩි මනාපයක් නෑ නෙ.

      Delete
  18. එළදෙනගෙයි පැටියගෙයි පින්තුරයක් දැම්ම නං අගේ කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒකනෙ මාමෙ මට ඒ පින්තූරෙ ගන්ට බැරි වෙලා නොව..:(((

      Delete
  19. ඒක තමා මාත් බැලුවෙ මොකෝ සද්ද නැත්තෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... කාලෙකින් මේ පැත්තෙ එන්න හම්බ වුනේ..

      Delete
  20. එයාල හින්දු ආගම නෙවේද අදහන්නෙ නිසූපා? මං එහෙම ඇහුවෙ අර පින්තූරෙ නිකම් පවුලෙ කාගෙ හරි පින්තූරයක් වගේ මට පේන නිසා.... මගේ ඇස් දෙකේ දෝසයක්ද මන්දා...
    හයියෝ... අර එළදෙන හතර ගාතෙ දාල වැටුනු හැටි මට මැවිලා පේනවා.... අයිතිකාරයටත් එහෙම වෙන්නයි තිබ්බෙ.... මං හිටිය නම් හිනාවෙලාම කවුරු හරි ඇදල එළියට දානව.... :D :D
    නිසූපා ගියේ අර කොරවක්ක වගේ හෙම නෙවේ නේද...? ගියා නම් හෙම...... :O
    අනේ පව් වහු පැටිය....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අක්කේ කොහොමද කියලා.අහලා බලන්නයෑ.මොකක්ද කියලා.

      අයිති කාරයා කිවෙ බිල්ඩිම අයිති කෙනාද?? එයත් හොද සයිස් තමා. :D
      නෑ නෑ කොරවක්කා වගේ නෙවෙයි.දැන් චූටි හීල් එකක් දාන්න පුලුවන්..:)

      වහු පැටියා පව් නේන්නම්..

      Delete
  21. ආ.. මාත් දැක්ක බුකියෙ ෆෝටෝ ටික.. ඔන්න බලන්න ඔයා කෑවෙ නැති හින්ද බත් මුට්ටියම ඉතුරුවෙලා... හික්.

    ReplyDelete
    Replies
    1. ඕන් බලන්න මං බත් මුට්ටියක් කයි කියලා හිතුවද....?? :P

      Delete
  22. අර කලින් කොමෙන්ට් එකක කිව්වා වගෙ අපි කාටත් වෙනස් සංස්කෘතික ලක්ෂණ පේන්නෙ අමුතුවට තමයි. අපේ චාරිත්‍රත් අපිට හරිම සාමාන්‍යයිනෙ. මරු විස්තරේ!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ඒත් මටනම් හිතෙන්නෙ විස්තර මදි මේකට. මොනවා කරන්නද... :((

      Delete
  23. වගකීම් වැඩි වෙනකොට බිසී වෙනවා නෙහ්!!! :D :D
    ඉඳලා හිටලා හරි පෝස්ට් එකක් දාන එක හොඳයි අක්කියෝ....

    දෙමළ චාරිත්‍ර ගැන අහලා තිබුණ ට, අද තමයි විස්තර ඇතු ව දැනගත්තේ.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. හ්ම්..... වගකීම් වැඩි ගතියනම් ඉස්සර් ඉදන් තිබුනා නංගෝ.දැන් තමා වැඩත් වෙඩි වෙලා තියෙන්නෙ.කොහොමහරි පෝස්ට් හතරක්වත් මාසෙකට දාන්න ඕනෙ.

      විස්තර තව මදි වගේ අනේ මටනම්..:(

      Delete
  24. Replies
    1. නිසුපා නම් වැඩ කරන්නෙ මට්ටකුලියෙ සයිට් එකක. නිෂූෆා ගැනනම් නොදනිමි...

      Delete
  25. හලෝ බිසි නිසූපා....
    පින්තූරවල ඔයා ඉන්නවද? :D

    ReplyDelete
    Replies
    1. බිසී නිසුපා ෆොටෝ වල නෑ අනේ..එයානෙ ෆොටෝ ගැහුවෙ..:D

      Delete
  26. ලංකාවෙ සංස්කෘතික විවිධත්වය තමයි නේද.

    මල් පිපුණට පස්සෙ අර රෝස යායෙ ෆොටෝ එකකුත් දාන්ට ඈ..

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ...ඒකත් කොච්චර ලස්සනද නේද...

      ගත්තා ගත්තා බුකියටම දාන්නම්...:))

      Delete
  27. ඊලඟ දවසෙනම් කාලම යන්න අක්කෙ..;) හ්ම්ම්.. සමහර චාර්ත්‍ර අපිට හරි පුදුමයක් තමයි!! ඉඳලා හිටලා හරි පෝස්ට් එකක් දාන්න අක්කි.. වැඩ කටයුතු හොදින් කරගන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... ඊළග දවසෙනම් කාලම යනවා.කොහොමහරි මාසෙකට පෝස්ට් හතරක්වත් දාන්න ට්‍රයි කරන්න ඕනෙ නගො... බලමුකෝ..

      Delete
  28. සංස්කෘතික විවිධත්වය තමයි... විස්තර දැනගත්ත එක වටිනවා.. දෙමල අය අපේ ගෙට ගෙවිදිල්ලකට ආවොත් එයාලටත් පේන්නේ ඔයා විස්තර කරල තියන විදිහට තමයි.. නමුත් මේ පෙරදිග චාරිත්‍ර ගොඩක් එකවගේ එකටම යන දේවල්. ඔයා අර කිරි ගන්න එක ගැන නොසතුටින් කතා කලාට, හින්දු මිනිස්සු කිසිම කෙනෙක් හරක් මස් කන්නේ නෑ.. ඒ අතින් ඒ මිනිස්සු හරි ඉහලයි..

    ඒක නෙවෙයි, නිදහස් අධ්‍යාපනය විනාස කරන්න හදනව කියල, ඔයාටත් විරුද්ධව මහා බ්ලොග් පෙලපාලියක් යන්න කට්ටිය ලෑස්ති වෙනව කියල ආරංචියි... :පී

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ විවිධත්වය තමා.කිරි ගන්න එකට මං නොසතුටින් කතා කලේ නෑ.එහෙනම් ඉතිං අපි කිරි පිටි හදන්න ගන්නෙත් පැටවුන්ට තියෙන කිරි නෙ.:)))

      පෙලපාලි ගියාට කොරන්නට දෙයක් නෑ.මේක මගෙ රස්සාව නොවෑ.

      Delete
  29. අලේ අප්පා... කොහොම හරි ට්‍රයි කරලා කමෙන්ට් එකක් දන්න බලන්නේ... හිකිස්

    ඔයා බිසි කියලා ඉතින් මම නම් දන්නවානේ...

    කොහොමත් අක්කෝ 10 වෙනිදාට හොදට කාලා යන්නකෝ..

    බිසි උනාට කමක් නැ මාසෙකට සැරයක් දෙසැරයක් මේ පැත්තේ කැරකිලා යන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් ඔයාට කමෙන්ට් බොක්ස් එක පේන්නෙ නෑ කිව්වනෙ නේද???

      ඒකනෙ මල්ලි.මොනවා කරන්නද???? 10 වෙනිදානම් අනිවා කාලා යනවා.බලමුකො පෝස්ට් හතරක්වත් මාසෙකට දාගන්න. :))

      Delete
  30. මරු... මරු... අනේ නිසූ රෝස මල් පිපිලා තියෙන ෆොටෝ එකකුත් දාන්න...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටිකනම් ගත්තා.බුකියෙම දාන්නම්...:))

      Delete
  31. පින්තුර වල ඉන්න කෙල්ලො නං slim & sexy වගේ

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔබා මාමටත් පේන ඒවා...ඔව් ඔව් එහෙම තමා...:D

      Delete
  32. හප්පේ... ඔක්කොටම කලින් හරියට වැඩ කරලා ඉවර කරගන්නකො..
    වෙලාවට කන්න. නැත්තන් කෙට්ටුවෙයි.. ;) :DD

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ සයිට් එක ඉවර වෙනකල් මං මේ බලාගෙන ඉන්නෙ.:((
      අප්පේ කෙට්ටු වෙන්න තමා මේ දගලන්නෙ.තාම කෙට්ටු වෙන පාටක් නෑනෙ...

      Delete
  33. කලින් කියෙව්වට කමෙන්ට් එකක් දාන්න වුනේ නෑ අක්කා. මාත් පහුගිය දවස් වල ගොඩක්ම බිසී. දැන් තමයි විවේකී සුවයෙන් ඉන්නේ. කිරිබත් කන්න ගිහින් බැරි වුන එක නම් පව් වැඩේ. :D ආහ් වැරදි මූණ වැටුනේ, :( මේක එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා මල්ලි බිසී කියලා වැඩිය පෝස්ට් එහෙම වැටුනෙ නැති නිසා.
      ඒකනෙ මං මේ බැලුවා ඔයා මට හිනා වෙනවද කියලා.වෙලාවට එදා හාමත් වුනේ නැ.නැත්නම් ගැස් තමා....

      Delete
  34. දෙමළ ජනතාවගෙ චාරිත්‍ර ගැන හොඳ අත්දැකිමක්. රසවත්ව කියවන්න හිතෙන විදියට ලියල තියනවා.
    පොංගල් බත් නම් මාර රහයි. මටත් දෙමළ යාලුවෙක් ජනවාරි 15 වෙනිදා පොංගල් බත් එක්ක එව්වා. කියල වැඩක් නෑ මාර රහයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.ඒත් හරිහමන් විදිහට විස්තර දැන ගන්න වුනේ නෑ නෙ. මං කැමති නැත්තෙ පොගල් බත් එකේ පැණි රසට තමයි.ඒකනෙ එදා බඩගින්නෙ ඉන්න වුනේ...:((

      Delete
  35. ගොඩක් කාලෙකට පස්සෙනෙ මම ආවෙ. ලියපු ගොඩක් දේවල් මම කියවලත් නෑ. අක්කාටත් හොඳ වැඩේ පෙරේතකමට නොකා ගියාට. ඒ කොහොම උනත් එළදෙන නම් පව්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඔයා ගොඩ කාලෙකින් නෙ ඇවිත් තියෙන්නෙ.කියවලා බලන්නකො ඒ ටිකත්.
      මදෑ කිරිබත් කන්න ගියා..:((
      ඒකනෙ වතුරත් නැතුව ගොඩ වෙලාවක් හිටියා ඌ.

      Delete
  36. මාත් මේ ටිකේ බිසී අප්පා ඉතින් මම බැලුවා කවුද මේ තවත් බිසී එක්කෙනෙක් ඉන්නේ කියලා බැලින්නම් මම හැම බ්ලොග් එකකම වගේ කොමෙන්ට් කරනවා දැකපු නිෂුපා කියන අක්කානේ....මේ මගේ මුල්ම පැමිණිම ඔන්න.....

    මට මේ පෝස්ට් එකේ මාතෘකාව කියවද්දි හරි ෂෝක් නමක් හිතේ ඇඳුනා "නිසූ බිසී පා" මම ඔය කෑම ටෙස්ට් කොරලා නෑනේ අප්පා අපරාදේ ඔයාවත් කාලා තිබුනා නම් රස අහගන්න තිබුනා....මීට පස්සේ පාටි වලටත් කාලා යන්න එපා හොඳේ එතකොට ඉක්මන්ට කෙට්ටු වෙන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ආවට...මං කියවන බ්ලොග් වලට කොහොම හරි කමෙන්ට් එකක් දාන්න ට්‍රයි එකක් දෙනවා මම.මේ ගිනි නරියා වද දෙනවා සමහර වෙලාවට නැත්නම් මම කමෙන්ට් නොකර යන්නෙ නෑ.

      අනේ අනේ තව නම් දාන්න හදනවාද මට.ඉක්මනට කෙට්ටු වෙන්න පුලුවන් නම් හොදයි.පොංගල් බත් පැණි රසයි.මං ආස නැත්තෙ ඒකයි මල්ලි...

      Delete
  37. මේ කොහෙද ?? නිසූප වැඩ කරන්නේ උතුරු කොනේවත්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ බටහිර කොනේ.මට්ටක්කුලියෙ මේ සයිට් එක තියෙන්නෙ.

      Delete
  38. හප්පේ මාර චාරිත්‍ර ටිකක් නේ කරලා තියෙන්නේ.....

    ReplyDelete
  39. ස්තුතියි ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට. ලස්සන විස්තරේ :) අපිත් බලන් හිටියා වගේ

    ReplyDelete
  40. අර ඉටි කෙල්ලො පහන් පත්තු කරද්දි උනු උනේ එහෙම නැතෙයි? ( කෝ උන්ගෙ පින්තූරු )

    ReplyDelete
  41. හින්දු අයගේ ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර ගැන එකම රටේ වෙලත් අපි හරියට දන්නේ නැහැනේ. මෙහෙම හරි අක්කා අපිට කිව්ව එක හොඳයි. තව විස්තර හොයලා බලන්න ඕනේ

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...