expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Saturday, January 7, 2012

බිත්තර තියෙන්නෙ කන්න විතරද???-බිත්තර කතා1

                          මුලින්ම බිත්තර යනු මොනවාද??සමහරු හොදට මේවා ගැන දන්නවා ඇති.සමහරුනම් වැඩිය දන්නෙත් නැතුව ඇති.මමත් ඔය කිව්වට වැඩිය ඕක ගැන දන්නෙ නම් නෑ.හැබැයි ඉතිං මොනවා වුනත් ඩිම්බයක් කියන්න දන්නවා ඕං.රස කර කර කන්නෙ ඩිම්බය නොවැ. :D.හුගක් අය බිත්තර කන්නෙත් නැත්තෙ ඒ කන බිත්තරේ රැක්කෙවුවොත් පැටියෙක් හම්බ වෙනවා,ඒ නිසා කනවා කියන්නෙ ප්‍රාණයක් නැති වෙනවානෙ කියලා හිතලානෙ..ඒත් මේ කඩවල් වල විකුනන කිකිළි බිත්තර වලින් මොන පැටවුද?කිකිලියෝ ඉන්නෙ තනියමනෙ.කුකුලෙක් පෙන්නවත් නෑ.ඉතිං සංසේචනය නොවුන ඩිම්බෙකින් කොහෙද පැටියෙක්.
                                         
                බිත්තර කනවට අමතරව තව ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද??? ඔව් කියමු බලන්න කට්ටිය.ඔව් ඔව් ඔය බියුටි කචල් වැඩ වලටත් ගන්නව නේද?? :D  වැඩියම ගන්නෙ කොන්ඩෙට.හිස් කබලද,කෙස්ද මන්දා නීරෝගී කරනවා කියන්නෙ.කොළඹ පැත්තෙ ඉස්කෝල වලට ගිය අයටනම් තවත් ප්‍රයෝජනයක් මතක් වෙන්න ඇති නේද?මොකක්ද???ඉස්කෝලෙ නිවාඩු දෙන දවසට ගෑණු ලමයින්ගෙ බස් වලට,වෑන් වල,ට වතුර ගහනවට අමතරව අත දිග ඇරලා විසි කරන්න.සමහරු නම් කල් තියා බිත්තර අරගෙන තියාගෙන කුණු කොරලා එහෙමලු විසි කරන්නේ.


                  කොහොම හරි එදාට ගෑණු ලමයින්ගෙ ස්කූල් බස් වල නුගේගොඩ,මහරගම පහු වෙනකල් ජනෙල් එහෙම ඔක්කොම වහගෙන යන්නේ.දොරත් වහන්න පුලුවන් එකක් තිබ්බොත් අනිවා වහනවා.හුස්ම හිර වුනත් පුලුවන්ද අප්පා බිත්තර නාන්න.අපේ ස්කූල් බස් එකේ දොර ගාව වෙන් වෙලා තිබුනේ මායි මගෙ යාලුවො තුන් දෙනාටයි තමයි.වෙන එකෙක්ටවත් ඒ හරියට එන්න දුන්නේ නෑ.ඒ කතාව පසුවට.අපි ඉන්නෙ දොර ගාව ස්ටේන්ලස් ස්ටීල් පොලු ටික අල්ලගෙන.බස් එකේ ඉස්සරහ පැත්තට වෙන්න තියෙන පොල්ල අල්ලගෙන ඉන්නෙ මම.කතාව පටන් ගත්තාම අපිටත් මෙලෝ සිහියක් නෑ.




                       මේ කියන දවස බදාදා දවසක්.අපිට බුලත්සිංහල(සර් අපි විභාගෙ ලියන්න කලින් නැති වුනා :(() සර්ගෙ කෙමිස්ට්‍රි කලාස් තිබුනේ එදාට.අන්තිම පීරියඩ් එකේ කොන්ඩෙ එහෙම පීරගෙන, පන්ති යන්න ෆුල් රෙඩි වෙ,ලා මාත් යාලුවො එක්ක කයිය එහෙම දාගෙන යනවා දැන්.බස් එක නුගේගොඩට ලං වුනා.අනුලා එකට කලින් හෝල්ට් එකේ පිරිමි ලමයි තුන් හතර දෙනෙක් ඉන්නවා දැක්කට එදානම් අපි පයිසෙකටවත් ගනන් ගත්තෙ නෑ.මොකද එදා ඉස්කෝලෙ නිවාඩු දෙන දවසක් නෙවේ නෙ.එතකොටම එකෙක්ගෙ අත ඉස්සෙනවා පෙනුනා.ඊට පස්සෙ දැක්කෙ සුදු පාට මොකක්ද එකක් අහසෙ පා වෙනවා.චොස්ස්ස්ස්......


                  අනේ දෙයියනේ මේ මොකද වුනේ.මගේ ඇග පුරාම බිත්තර.සුදු ගවුම ගන්න දෙයක් නෑ.ඒ මදිවට ඔලුවටත් ඉහිලා.හෆොයි...පන්ති යන්නෙ කොහොමද?(ඒ දවස් වල මං මැරුනේ නැත්නම් අනිවා පන්ති යනවා.:D) ඉස්කෝලෙ ඇරිලා යන නිසා වතුරත් නෑ වැඩිය.අයියෝ...හොද ගන්නවත් බෑ.දැම්මා වතුර සම්මාදමක් මුලු බස් එකෙන්ම.පුලුවාන් තරම් හෝද ගත්තා.ඒත් ගද නම් ඉවරයක් නෑ.දැන් කොහොමද පන්ති යන්නේ??අර කොල්ලො ටිකට #^&**^%$$^


                             මුලු ස්කූල් බස් එකම සීන් එක දන්නවා දැන්.නංගිලා සෙට් එකක්ම වට වෙලා මගෙ වටේ.ඔන්න ඒ අතරින් ඉදිරිපත් වුනා මගේ ගැලවුම්කාරි.බුලත්සිංහල සර්ගෙ ගෙවල් වලට යන පාරෙම ඉන්න නංගි කෙනෙක්.යන් කිව්වා එයාලගෙ ගෙදර.මායි සාලිකයි ගියා.නෑවා ගද යනකල්.නංගි දුන්නා එයාගෙ ඇදුමක් මට.හරි ගානට(මං ඒ කාලෙ ඇබිත්තන් ඈහ්..) නිකන් මටම මහපු එකක් වගේ. :)) ඒත් සෙරෙප්පු වලට මොකෑ කරන්නෙ.සපත්තු දාගෙන යන්නයෑ සායක් එහෙම ඇදලා.


                            අනේ ඒ නංගිගෙයි,ඇන්ටිගෙයි දෙන්නාගෙම කකුල් මට වඩා ලොකුයි.මට තියෙන්නෙ බොහොම පොඩි කකුල් දෙකක් නෙ.අදටත් සෙරෙප්පු හොයන්න හරි අමාරුයි මගෙ සයිස් එකට. :(( කොහොම හරි ඒ නංගිගෙ පරණ සෙරෙප්පු දෙකකින් ශේප් වුනා.ඒත් ඒක හීල්ස් දෙකක්.කවදා කාපු ටකරන්ද?කොරවක්කෙක් යනවා වගේ අමාරුවෙන් පන්තියට ගියා.දන්න කස්ටිය පුදුම වෙලා බලාගෙන ඉන්නවා.ඇයි අප්පා උදේ සුදු ගවුම ඇදගෙන ගිය ලමයා දැන් පාට ඇදුමක් ඇදගෙන ආවාම. :D


                           ඔයින් මෙයින් පන්තියත් ඉවර වුනා.පන්තියේ ඉදලා හෝමාගම බස් හෝල්ට් එකට යන්න අපේ සෙට් එකම පිටත් වුනා.මාත් බොහොම අමාරුවෙන් ඇවිදගෙන ටික දුරයි ගියේ කැඩුනෙ නැතෑ සෙරෙප්පුවක්.දැන් මොකැයි කරන්නෙ.අනික් එකත් ගලවලා ගත්තා අතට.මඩ,ජරාව පිරුනු,තාර පාර කෙලවර දිගේ කස්ටියත් එක්කම මම හෝමාගමට ආවා.වෙලාවට කස්ටිය හිටියෙ.නැත්නම් ලැජ්ජාවෙ බැරුවා...


                             හෝමාගම DSI සෙරෙප්පු කඩේකින් රබර් දෙකක් ගන්න තරම් වෙලාවට අතේ සල්ලි තිබුනා.ඊට පස්සෙ කස්ටිය මට දුන්න උපදෙස වුනේ මට බිත්තර වලින් අපල නිසා පොඩ්ඩක් දොර ගාවින් අයින් වෙලා ඉන්න කියලයි.මොකද මේ සීන් එක වෙනකොටත් මං තුන් පාරක් විතර බිත්තර නාගෙන තිබුනා.හැබැයි මෙච්චර චා වෙලා නම් නෑ.කොච්චර පරිස්සම් වුනත් පව් පලදෙනකොට නවත්තන්න බෑ කියනවානෙ.ඒ වගේ ඊළග බිත්තරේනම් මං ඉල්ලලාම නා ගත්තා.ඒ කතාව ඊළගට බලාපොරොත්තු වන්න.




76 comments:

  1. මම විබහගෙට කලින් රට ගිහින් අන්තිම දවස් වල ආවේ,දෙය්යෝ බැලුව බිත්තර නම් කාවේ නෑ,ප්‍රිෆෙක්ට් අන්තිම ඕත් එකට කලිනුත් කම්ප එකක් සෙට් උන නිසා එදත් බිත්තර පර්ටියෙන් ශේප්..හි හි වාසනාව තමය ඉතින්,,

    ReplyDelete
    Replies
    1. හික්ස්..... ඒකෙත් ආතල් එකක් නැත්තෙම නෑ හැබැයි. පිලී ගද ගගහ ඉන්නකොට. දැන් මතක් වෙනකොට හිනහ යනවත් එක්ක. :D

      Delete
  2. මට මැවිලා ත් පෙනුනා..පව් අප්පා..ඔව් ඔව් කවුද දන්නේ ඔයා ගිය ආත්මේ කොල්ලොන්ට බිත්තර ගැහුවද දන්නේ නෑ නේ..:)

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා…එහෙමවත් වෙන්න ඇති.

      Delete
  3. කුකුලෙක් බිත්තරයක් දැම්මොත් කොහේට වැටේවිද ??

    ReplyDelete
    Replies
    1. බිමට තමා වෙන කොහෙටද… :P

      Delete
    2. පොඩි මෑන්,
      උඹ වගේ කුකුළෙක් වෙන්න ඕන ඉතින් බිත්තර දාන්න.
      මම කලින් ඇහුව අර මැනේජ්මන් මෝටිවෙශන් කාටූන් එක. ඒකෙ ඔක්කොම කිකිළියො දවසට බිත්තර දහය ගානෙ දාල ටර්ගට් ඇචීව් කරල. එකෙක් ඉන්නව එකක් විතරයි දාල තීන්න්නෙ. ගොවිපොළ අයිතිකාරය මූව මරන්න පිහිය අරන් එනකොට මේක කියනව, "සර් මම කුකුළ, අමාරුවෙන් ට්‍රයි කරල තමයි මේකත් දැම්මෙ" කියල. මොරාල් ඔෆ් ද ස්ටෝරි - no pressure, no productivity.

      Delete
  4. ඔන්න ඇත්තමයි කියන්නේ ඕන්.. අපි නම් ගෑල්ලමයින්ට බිත්තර ගහල නෑ ඕන්... හැබැයි ඉතින් සමහර දවස් වල නාන්නේ නැති දරුවෙක් දුටුවහම පොඩ්ඩක් උදවු කරනවනම් තමයි ඕන්... මේව මහ පවු කාර වැඩ නේද නිසූපා.. ?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අනේ. ඒත් ඉතිං බිත්තර පාරක් කෑවාම ගද යනකල් නාන්න වෙනවා නෙ. තවත් හොදයි..

      Delete
  5. ඉස්සර අපිත් ඔය බිත්තර වැඩේනම් කරනවා.. ඒත් අක්කටනම් එකම දවසේ ගොඩක් දේවල් වෙලානේ..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මල්ලි මට වෙන්නෙම ඔහොම වැඩ.

      Delete
  6. ඈහ් නිසූපා, ඒ කාලේ ඉදන්ම ඉස්සරහ පොලු අල්ලන වෑඩේ කරලා තියනව නේද ?

    ReplyDelete
  7. අපරාදේ අක්කට තිබ්බේ පස්සේ දවසක රිටර්න් එක දෙන්න...

    ReplyDelete
    Replies
    1. අලේ දන්නෙ නෑ නෙ කවුද ගැහුවෙ කියලා.

      Delete
  8. //අදටත් සෙරෙප්පු හොයන්න හරි අමාරුයි මගෙ සයිස් එකට//

    හෑ.......තාත්තට සෙරෙප්පු සපත්තු කඩයක්ම තියෙද්දිත්?

    ReplyDelete
    Replies
    1. කොහේද ඔබා මාමෙ අපේ තාත්තගෙ සෙරෙප්පු කඩේ තියෙන්නෙ මං දන්නෙත් නෑ නෙ.:O

      Delete
  9. අපේ කොල්ලො ටික දවසක් අහිංසක විදියට අර ඔබා මාමගේ අම්මා ගිය ඉස්කෝලේ ගෑල්ළමයිගෙ බස් එකට වතුර ගහද්දි පිටිපස්සේ ඉඳල ඔලුව එලියට දාපු මිස් කෙනෙක් විරෝධය පල කලේ දරුණු විධියට.

    පහුවදා මුහුණු ආවරණ කරගත් නාඳුනන කොලු පිරිසක් පාර අවහිර කරලා බසය ගොඩ වෙලා මිස් ළඟටම ගිහින් කිතුල් ඇට මිශ්‍ර කරපු වතුරෙන් නාවලා තිබුනා..

    --------------
    බිත්තර ගැන කියනවනම්, සංසේචනය වෙනවානම් වෙන්නේ කටුව හැදෙන්න කලින්. කලාතුරකින් බාගෙට වැඩුණු කළලය කඩේ බිත්තර වල තියෙන වෙලාවල් තියෙනවා.
    --------------
    මෙන්න මේ බිත්තරේ http://www.blogcdn.com/www.slashfood.com/media/2009/04/ostrich2.jpg , ලොකුම දිම්භය වගේම, ලොකුම ජීවී සෛලය

    ReplyDelete
    Replies
    1. - ඔබා මාමෙගෙ අම්ම ගියේ කොහේ ඉස්කෝලෙට අප්පා. මිස් පවු මොනවා වුනත් එයා තමුන් උගන්නන ලමයි ගැනනෙ හිතලා තියෙන්නෙ.

      ස්තූතියි බිත්තරේ ගැන විස්තර කිව්වට. :))))

      Delete
  10. බිත්තරේ කීවාම අර පොදු ප්‍රශ්නය මතක් උනා. දෙය්යෝ ඉස්සල්ලාම මැවුවේ කුකුළද? බිත්තරේද? නැත්නම් කිකිළිද? :D

    ReplyDelete
    Replies
    1. අනේ මං නම් දන්නේ නෑ. දෙයියන්ගෙන්ම තමා අහලා බලන්න වෙන්නේ

      Delete
  11. අර කොල්ලො ටිකට #^&**^%$$^
    :-)

    ReplyDelete
    Replies
    1. නැතුව වෙන මක් කියන්නද?

      Delete
  12. බිත්තර කහ මදේ හිස කෙස්වලට බොහෝම හොඳයිනේ නිසූපා..ගනන් ගන්න එපා සුදු මද ටිකක් කලවමේ වැදුනා කියලා අවුලක් නැහැ..ඔයාගේ ඔය නීල වර්ණ දිගු කේෂ කලාපයේ රහස ඒ බිත්තර සාත්තුව වෙන්ට ඇති මයෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මගේ කේෂ කලාපෙ හැටි දැන ගත්තෙ කොහොමද අයියා. මගේ කොන්ඩෙ ඔය කියන ගති ගුන ටික නෑ නෙ. දුක තමා. :(( . ගුන වුනත් ගද ගහ ගහ පන්ති යන්නෙ කොහොමද?

      Delete
  13. කවුරු වුනත් ඒ කොල්ලන්ට පින්....නා ගන්න අවස්තාවක් දුන්නට.......

    ReplyDelete
    Replies
    1. අපොයි....මං නානවානෙ...හිතුවද නාන්නෙ නෑ කියලා

      Delete
  14. මං මේ නිකමට වගේ (රහසින්) අහන්නේ, අක්කි ඒ කාලේ කොල්ලොත් එක්ක වැලි ද?
    අම්මියෝ... මාත් ඉස්කෝලේ යන දවස් වල බිත්තරයක් කාල ගෙදර එයි කියල අපේ අම්මි හැමදාම හිතුවා. මොකෝ මං හැමදාම කොල්ලෙක් එක්ක වලියක් දාගන්නවා. ඒත් වාසනාවකට එහෙම වුනේ නම් නෑ. :DD

    ඒ වුනාට ඔය නිල්, බිත්තර, ගෝල්ඩ් ඩස්ට්, වතුර කොහොමත් පාවිච්චි වෙනවනේ ඔය දවස් වලට. ඇයි තක්කාලි. කඩවල් වලට නම් සරුයි ඕන්.... :)))

    @පොඩ්ඩා : පත්තරේට..

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ අනේ. මොන වලිද. මට වැඩිය හිටියෙත් පිරිමි යාලුවො. :)
      ඔය බස් වලට ගහන බිත්තර එකෙක්ට කියලා නෙවෙයි නෙ ගහන්නෙ. ඕනෙ එකෙක්ට වැදීයන් කියලානෙ. ඒකෙනෙ මටත් වැදුනේ.

      Delete
  15. අපි නං ඉස්කෝලෙ යන කාලෙ බො‍රැල්ලෙ හෝල්ට් එකෙයි.. ටවුන් හෝල් එකේ පබ් එකගාවයි ෆැන්ටබ් එකගාවයි තව නුගේ ගොඩ බලපොකුන පාර ගාව ඉස්සර ස්වීට් හවුස් එක ඉස්සරහ හෝල්ට් එකෙයි ගෑනු ලමයින්ගේ ස්කූල් බස් වලට බිත්තර ගහලම නෑ....අනෙ අප්පේ..... කිචි කිචි ගගා හෝල් සේල් කඩ ඇරගෙන අපිටත් නෝන්ඩි දාගෙන යන ඒ සූටි සුන්දර කෙලි පැටික්කියො ටික දැක්කහම කොහොමද අයියෝ හිතකිං බිත්තරයක් විසික් කොරන්නෙ..... අතිං මිසක්..... ඕව පවු වැඩ... දහම් පාසලෙත් කිව්ව.....

    ඔයාට ඕක සිද්ද උන කාලෙද මන්ද... අපිටත් ආරංචියක් ආව හෝමාගම පැත්තෙ ලයිට් වයර් එකේ කොරවක්ක යනව වගේ කෙල්ලෙක් යනව දැක්ක කියල.....බිත්තර සාරු පෙරාගෙන.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. හික්ස් හොදටම පේනවා බිත්තර විසික් කොරලා නැති බව.

      හැබෑට ඔයාලට ආරංචිය ආවද. පුදුමයි නේ. මොකද මගෙ යාලුවො ටික මාව වට කරගෙනනෙ ගියේ. :D

      Delete
  16. පොඩි මෑන්,

    දැකල තීනවද අර මැනේජ්මන්ට් මෝටිවේශන් කර්ටූන් එක.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අයියේ..?? අපිටත් කියන්නකෝ…

      Delete
  17. හිකිස්....මටත් මැවිල පෙනුනා....හෆෝයි..........

    ReplyDelete
    Replies
    1. මැවිලා පෙනේවි රූපේ…. :)

      Delete
  18. පොඩි මෑන්,
    කුකුලෙක් බිත්තරයක් දැම්මොත් ඉතිං වැටෙන්නෙ පත්තරේට තමා.
    ..........

    නිසූපා,
    අන්න බලන්ඩ සෙට් එකක තියෙන වැදගත් කම. නංගිලා සෙට් එක හිටියෙ නැත්තං හරිනේ......

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මං සෙට් වල වටිනාකම මදියි නොකියන්න දන්නවා. ඊලගට එකත් උත්තරේ දීලම යන්නකෝ.

      Delete
  19. පොඩි කුමාරිහාමී,
    ඕකට හරිම උත්තරයකුත් තිබේ. ඒත් මම හිතන්නෙ මැව්වෙ කිකිලි කියලා.... ඇයි කියලා කියන්ඩ පුලුවන්ද?

    ReplyDelete
  20. ඊලඟට බිත්තර සීරිස් එකක්ම කියවන්න පුලුවන් වගේ...

    අර ගෑනු ලමයගෙ ඇදුම තාම ගෙනිහින් දුන්නේ නෑ නේද???

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තව එකයි.

      ඊලග සතියෙම හෝදලා මැදලා ගෙනිහින් දුන්නා. :)

      Delete
  21. මට කතාව මැවි මැවි පෙනුනා. අක්කටත් මාර මාර වැඩ නේ වෙලා තියෙන්නේ. හික්ස් :)
    අපිට නම් ඔය බිත්තර කතා නෑ. නිල් වතුර තමා !
    ඒවා නෑවම ආයේ සර්ට් එක අපුල්ලන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි….මට වුනොත් ඔහොම තමා.
      නිල් වතුර නම් කමක් නෑ. පොඩ්ඩක් නිල් පාට වෙන එක විතරනේ. ඒ වගේද බිත්තර ගද…

      Delete
  22. හික්ස්ස්ස්ස්ස්ස්ස්.. මටත් පෙනුනා මැවිලා රූපේ!!! හිකි හිකි.. මගෙත් දවසක් බිත්තරයක් කන ගාවින් ගියා නරිලන්දෙ ලඟදි... හෆ්ෆොච්චියේ අනූනවයෙන් බේරුනේ එදානම්...නිල් වතුරෙන් නම් නාල තියෙනවා.. දවසක් අපේ ස්කූල් බස් එකේ දොරක් නැතිව තියෙද්දි, ඇතුළටම නැගලා දුන්නානෙ බිත්තර පාරක්.. පවු අසරන නංගිලා..වෙලාවට හිතූ බේරුනා.:D

    අක්කානම් කාලා තියෙන්නෙ නියම කට්ටක්!!! කියලා වැඩක් නෑ සුපර්!!!:D හිකිස්ස්ස්ස්..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බිත්තර පාරක් කාලාම බලන්න ඕනෙ ඒකෙ ආතල් එක. :D. අපරාදෙ මිස් වුනේ. කොහොමද ඔයාටත් එදා පාරක් වැදුනා නම්…:)))

      Delete
  23. අප්පේ කවදා නාපු බිත්තරද අප්පා...... අයියෝ සල්ලි...... ඔන්න එකටත් එක්ක අපි ගහන්නෙම මඩ වතුර වලින්නෙ අප්පා... මටනම් තාම තියෙන්නේ ඒ පුරුද්ද හින්දද කොහෙදෝ ගහන්නෙම මඩ...

    ReplyDelete
    Replies
    1. අප්පේ මඩ වලට වඩා බිත්තර හොදා.මඩ වල මොනවා තියෙනවාද දන්නෙ නෑ නෙ...වැඩිය මඩ ගහන්නත් එපා.පව් නෙ මඩ වැදෙන කට්ටිය...

      Delete
  24. අප්පේ..... මතක් කරන්න එපා... අපිත් ඇති තරම් ඔය කුණු බිත්තරයි, පාට වතුරයි නාලා තියෙනවා.....

    හැබැයි දැන් මතක් වෙනකොට නම් හිනාත් යනවා......

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඒකනෙ දැන් මතක් වෙනකොට හිනා යනවා නේද???? ඒ දවස් වලනම් ඔහොම එකක් වුනාම තරහෙ බෑ.පුපුර පුපුර ඉන්නවානෙ දවස් ගානක්...:D

      Delete
  25. හේහේහේ.. බිත්තර කතා.. ඔව් ඔව්.. ස්කෝලෙ අනිතිම දවසට බස්ස්ටෑන්ඩ් එක අවට කඩවල් කුණුබිත්තර තියාගෙන ඉන්නවා.. :D බිත්තර ගහන්න උදව් කරලා තියෙනවා.. ඒත් තවම බිත්තර නාලා නැතෝ.. :D

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මෙන්න මෙයා බිත්තර ගහන්න උදව් කලාලු..... අපිටත් බිත්තර විසි කරලා තියෙනවාද දන්නෙ නෑ.කාට හරි කියලා එකක් ඔලුවටම ගහන්නද...:)))))

      Delete
  26. දෙයියංගෙ පිහිටෙං මටනං ඉතිං බඩට යනබිත්තර තමා! :D

    ReplyDelete
    Replies
    1. දැන් නම් මටත් බඩට යන බිත්තර විතරයි මල්ලි...:D

      Delete
  27. මට පෙන්නේ නිසූ, ඔයා වචන පාවිච්චි කරද්දී නම් හොඳටම නාගන්නවා වගෙයි....!!! :D

    ReplyDelete
  28. ගමේ විදිහට කිව්වොත් "මහ අසමජ්ජාති කොල්ලො ටිකක්,කොලුකමට කරපු වැඩන්".......

    ReplyDelete
  29. පවු අනේ නිසූ

    අපේ පැත්තේ උදවිය ඉතින් බිත්තරයක් දාන්න කිකිලියෙක් විඳින දුක දන්න නිසාමද කොහෙද බිත්තර වලින් ගහගන්නේ නෑ නිවාඩු දෙන දාට ඉතින් නිල් වතුර තමා ගහ ගන්නේ .

    අපි බිත්තර වලට ජොලියට කියන නම දන්නවාද ?

    "එග්තර"

    ReplyDelete
  30. මොකක්ද අප්පා ඔය බස් එකේ ඉස්සරහ පැත්තට වෙන්න තියෙන අපි නොදන්න පොල්ල....

    ReplyDelete
  31. කොල්ලො සාමාන්‍යයෙන් ඔහොම ගහන්නේ ටිකක් විතර ලොකු සීන් එකේ ඉන්න කෙල්ලන්ට නේද බොල.. ඒ කියන්නේ නිසූත් ඒ කාලේ ලොකු සීන් ද? :)

    ReplyDelete
  32. අම්මට සිරි. ඉඳල ඉඳල එහෙනං දැම්මා බ්ත්තරේකුත් ඈ :D

    ReplyDelete
  33. [කොළඹ පැත්තෙ ඉස්කෝල වලට ගිය අයටනම් තවත් ප්‍රයෝජනයක් මතක් වෙන්න ඇති නේද?මොකක්ද???ඉස්කෝලෙ නිවාඩු දෙන දවසට ගෑණු ලමයින්ගෙ බස් වලට,වෑන් වල,ට වතුර ගහනවට අමතරව අත දිග ඇරලා විසි කරන්න.සමහරු නම් කල් තියා බිත්තර අරගෙන තියාගෙන කුණු කොරලා එහෙමලු විසි කරන්නේ.]

    සමහර දාට බිත්තර 100 - 200 හුවමාරු වෙනවා ඉස්කෝල අතර වලි හුවමාරු උණාම. හැබැයි ගෑණු ළමයින්ට බිත්තර ගහන පුරුද්ද නම් අපිට තිබුණෙ නෑ.

    ReplyDelete
  34. හපොයි,මටත් මැවිලා පේනවා අප්පා..ඒ දවස්වල කුණු තක්කාලි,බිත්තර,නිල් කුඩු වලට තිබුනේ මාර ඉල්ලුමක්නේ..

    ReplyDelete
  35. අක්කටත් මාර දෙවල් නේ වෙන්නේ... බිත්තර ගැන ඩ්කියන දේවල්.. හි හි :D

    ReplyDelete
  36. hmmmmmmmmmmmmmmmmmmmmmmmmmm biththarada?

    ReplyDelete
  37. අම්මෝ ඉස්කෝලෙ වාරෙ අන්තිම දවස ගැන නම් කියල වැඩක් නෑ. මම නම් අයිස් පලම් දියකරපු වතුර පැකට් එකකිනුත් කාලා තියෙනවා.

    ReplyDelete
  38. ඒක තමයී මෙයා ඉංජිනේරුවෙක් වුනේ. අපිනම් ඉතිං ආයේ සුමානෙකටවත් පන්ති යන්නේ නෑ. හි හි :D

    ReplyDelete
  39. මැවිලා පෙනුනා මට හික් හික්.

    ReplyDelete
  40. අපි හැමෝම ඔය බිත්තර පාරවල් කාපු නිසාම ඕක අමතක නොවෙන සිද්දියක්.වැඩිපුරම ස්පෝර්ට් මීට් කාලෙදී තමා..

    බිත්තර ගාපුවම ලස්සන වෙනවා කියලා අහලා තිබ්බ නිසාද දන්නේ නෑ.අපි දන්න ඇංටි කෙනෙක් හිටියා නාන්නේම බිත්තර ගාලා..ඇංටි අපේ ගෙදර ආවොත් මම නම් හැංගෙනවා..ඇයි යනකොට මූන ඉඹිනවා නේ...

    ReplyDelete
  41. ඕක වෙන සීන් එකක් නෙමේ.. ඔයාට නාන්න චාන්ස් එකක් අරන් දෙන්න කරපු එකක් මං නං හිතන්නෙ. මේකවත් ආදර්ශෙට අරං දිනපතා නාන්න දරුවා....

    ReplyDelete
    Replies
    1. අප්පේ.... මං නාන්නෙ නෑ කියලා හිතුවද??? මං නානවා අනේ...

      Delete
  42. සෑ.. ඒ කොල්ලො සෙට් එකට බිත්තර ඔම්ලට් එක ගානේ හදල දෙන්න හිතයි ඒ කරපු උපකාරෙට... සන්තෝසෙ බැරුවා

    ReplyDelete
  43. එල එල මේකත් බලන්න sithama.blogspot.com

    ReplyDelete
  44. හයියෝ....දෙයියනේ.....
    මමනම් ජීවිතේට බිත්තරයක් කාලනෑ...ඒත් වතුර,දිලිසෙන කුඩු,කොකාකෝලනම් නාලතියෙනව ඇතිවෙන්න....ඒකාලෙ කොච්චර ෂෝක්ද අප්ප.....

    ReplyDelete
  45. බිත්තර කියන්නෙ සල්ලි දීල අරගෙන කුණු කරල විසිකරන්න තරම් ලාබෙට තියන ජාතියක්ද? මෝඩම මෝඩ කොල්ලො සෙට් එකක්.

    ReplyDelete
  46. හොඳ වෙලාවට අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය සෙල්ලම නොතිබ්බෙ.... වලියක් ගියොත් තමයි මොකක් හරි උනොත්..... ඒත් බස්වලට නම් ගැහුවෙ නෑ..
    මට අර කොරවක්කා සීන් එක මැවිලා පේනවා....හික්ස්....

    ReplyDelete
  47. හික් හික්. මට ඔය කතාව නම් හොඳට මතකයි, ඒත් දවස ගැන නම් හරි මතකයක් නෑ, මම එදා පංති ආවද නිසුපො?

    හීල්ස් දාල මොකටද කොරවක්ක වගේ යන්නෙ, මෙයා කොහොමත් යන්නෙ ඒ වගේනෙ, නැත්තම් තාරවි වගේද මංද. ඔන්න මම කියපුව නෙමෙයි හොඳේ. :D :D :D

    මුල දවස් වල නම් පෝස්ට් එකක් දාපු ගමන් මේ පැත්තෙ ආවත්, පහු ගිය ටිකේ නම් කියවන්න, ලියන්න විවේකෙකුත් තිබ්බෙ නෑ, කියවන්න ලියන්න හිතෙන්නෙත් නෑ. (මගෙ මැසිම පට්ට ඉස්පීඩ්නෙ, ටයිප් කරල තේ එකක් එහෙම බීල ආවැකි ඒ ටික ටයිප් වෙලා ඉවර වෙනකොට. තාමත් එහෙම තමා. :D )

    ReplyDelete
  48. ඔන්න මගෙ කොමෙන්ට් අන්ඇපෲව් කොළොත් බලාගත්තැකි මගෙ හරි, හරිය. :'(

    ReplyDelete
  49. ඉස්සෙල්ල එක චූට්ටක් වැරදුනා. ඒක.
    "ඔන්න මගෙ කොමෙන්ට් අන්ඇපෲව් කොළොත් බලාගත්තැකි මගෙ හැටි. හරිය. :'("
    විය යුතුය. :)

    ReplyDelete
  50. මොකද මේ අහිංසක ළමයටම පෝරිසාද ළමයි හැමතිස්සෙම වගේ බිත්තරවලින් ගැහුවේ ???

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...