ඉස්කෝලෙ නිවාඩුත් හමබ වුනා නොවැ ගිය සිකුරාදා.මං නම් ඉස්කෝලෙ යන්නෙ නෑ.ඒත් අපේ අම්මා තාම ඉස්කෝලෙ යනවානෙ.ඉගෙන ගන්න එහෙම නෙවෙයි හරිද.... උගන්නන්න.අම්මාගෙ විෂය තමයි විද්‍යාව.ඉතිං ඉස්කෝලෙ ලමයින්ගෙ දොස්තර වගේ ඉන්නෙ අම්මා තමයි.යන්තම් ඔලුව රිදිල්ලක් ආවත් අම්මගෙන් තමා අහන්නෙ.විද්‍යාව කීවාම ඔක්කොම දන්නවා කියලා හිතේ.අම්මත් ඉතිං පුලු පුලුවන් විදිහට උපදෙස් දෙනවාලු.
ගිය සතියෙ සිකුරාදා ඉස්කෝලෙ අන්තිම දවසෙනෙ.ඔය වගේ දවස් වලට වෙන වැඩ කිඩ කස්ටියට තාම මතක ඇතිනෙ.වතුර ගහගන්නවා,පිරිමි ලමයිනම් ගෑණු ලමයින්ගෙ ස්කූල් බස් වලට බිත්තර ගහනවා(ඔය බිත්තර පාරවල් මටත් වැදිලා තියෙනවා.ඒ කතා පසුවට),වෑන් එහෙම නවත්තලා පාර්ටි දානවා වැඩ ගොඩයි.දැන් දැන් මේවට මත් වතුරත් එක් වෙලා නේද???? එදා පත්තරේ හෙඩ් ලයින් එකත් මත් පැන් ඉස්කෝලෙ ගෙනත් අහු වුන සීන් එකක්ලු.
ඔය අන්තිම දවසට ඉතිං මෙලෝ වැඩක් කෙරෙන්නෙ නෑ නෙ විවිධ ප්‍රසංග තියනවා මිසක්.අම්මලාගෙ ඉස්කෝලෙත් දෙමව්පියො ලමයි ඔක්කොම එකතු වෙලා උත්සවේ පවත්වන්න ගජරාමෙට ලෑස්තියලු.ඔය අතරෙ අම්මත් විද්‍යාගාරෙ පැත්තෙ ඉදලා ආවලු ඔපීසිය පැත්තට.වෙනදටනම් ඉතිං එකක් පිටිපස්සෙ එකක් පන්ති වල ලමයි එන නිසා අම්මාට විද්යාගාරෙන් එලියට යන්න වෙන්නෙ ඉදලා හිටලා.ඔපීසිය පැත්තට එනකොට මෙන්න නවය වසරෙ පිරිමි ලමයෙක් ඉන්නවාලු ඇස් දෙක ඉදිමිලා කදුලු වක් කර කර.
අම්මා බය වෙලා මොකෙකහරි සතෙක් විදලා කියලා.ඇහුවාම නෑ කිව්වාලු.ඊලගට ඉතිං ඔය වගේ දෙයක් එක පාර වෙන්නෙ මොනවා හරි ආසාත්මිකතාවක් ආවාමනෙ.සිංහලෙන් කිව්වොත් ඇලජික්.අපේ අම්මා ඉතිං මගේ ඇලජික් දැකලා දැකලාම ටුක් ගාලා ඕවා අදුරගන්නවා.:D . අපේ අම්මා ප්‍රශ්න අහන්න පටන් අරගෙන."මොනවද උදේට කෑවෙ?". අනේ බැලින්නම් මේ ලමයා උදේට කාලත් නෑ."මොනව හරි බිව්වද?".ඒත් නෑලු.
වැඩේ හරියන්නෙ නෑ නෙ මේ ලමයව ගෙදර යවමු කියලා ප්‍රින්සිපල් කියලා.දැන් ගෙදර යවන්නත් ලමයෙක් හොයා ගත්තාලු.ඒත් ඉතිං අම්මට කල්පනා වෙලා තියෙනවා මේ ලමයගෙ පවුලේ විස්තර.මං ඉස්සෙල්ලාත් කිව්වා වගේ මේ ඉස්කෝලෙ ලමයි ගොඩකගෙ අම්මලා තාත්තාලා නෑ නෙ.මෙයාගෙනම් තාත්තා ඉන්නවා.ඒත් වැඩට ගිහින් ඉතිං තාත්තා එනකල් ඉන්නෙ නැන්දා කෙනෙක් ගාව.ඒ නැන්දත් මහත, හෙමින් වැඩ කරන කෙනෙක්ලු.මේ ලමයව ගෙදර ඇරියොත් තව සෑහෙන වෙලාවකට බෙහෙත් කෙරෙන්නෙත් නැති වෙන බව අම්මට තේරුනාලු.
ප්‍රින්සිපල්ව ලගට කැදවපු අම්මා කියලා තියෙනවා "සර් මේකනම් බලාගෙන ඉන්න හොද තත්වයක් නෙවෙයි.ඔය එලියෙන් ඉදිමෙනවා වගේම ඇතුලෙනුත් ඉදිමෙනවා.එතකොට හුස්ම ගන්න එහෙමත් බැරි වෙනවා.දැන්මම ඉස්පිරිතාලෙ ගෙනියන්න.ඉස්කෝලෙ ඇදුමට තැනකුත් තියෙනවානෙ." කියලා.වෙලාවට ප්‍රින්සිපලුත් ඒක තේරුම් අරගෙන තව සර් කෙනෙකුත් එක්ක ඉස්පිරිතාලෙට යවලා.
ඇත්තටම ලමයට තව ජීවත් වෙන්න චාන්ස් එක තිබුන නිසා බේරුනා.දොස්තරලා කියලා තියෙනවා තව විනාඩි 15ක් පරක්කු වුනානම් ඉවරයි කියලා.කොහොමහරි ඉස්පිරිතාලෙදි තමා මෙයාට මෙහෙම වෙන්න හේතුව දැන ගත්තෙ.දොස්තරලා බය කරලා අහද්දි මෙයා කියලා තියෙනවා බීපුවා ගැන.බලද්දි මෙයයි තව ලමයි තුන්දෙනෙකුයි කසිප්පු ස්ප්‍රීට්, ස්ප්‍රයිට් වලින් සැන්ඩි කරලා බෝතලේක දාලා අරන් ඇවිත් බීලා.ඇයි ඉතිං අන්තිම දවසනෙ.ඒත් ඉතිං මෙච්චර දෙයක් වෙනකනුත් මොකද වුනේ කියලා කියලා නෑ නෙ.
අනික් කට්ටියවත් දැන ගත්ත නිසා ඒ අයගෙන් ප්‍රශ්න කරලා බෝතලෙත් හොයා ගත්තාලු.බැලින්නම් කිසම පාටක් නැති දියරයක් තියෙනවාලු නහය කඩාගෙන යන ස්ප්රිට් සුවදත් එක්ක.බඩවැල් ඉතුරුද දන්නෙත් නෑ කියලා හිතුනලු අම්මටනම්.අනික් තුන්දෙනාටනම් කිසි අවුලක් වෙලා නෑ.ඒ තුන්දෙනා උදේටත් කාල නිසා මුකුත් වෙලා නැතුව වෙන්නත් පුලුවන්.
ඒත් මටනම් හිතෙන්නෙ මෙයාට විතරක් ආසාත්මිකතාව එන්න ඇති කියලයි.ඇත්තටම දොස්තරලා කියන විදිහට ඕනෑම දෙයක්, ඕනෑම කෙනෙකුට, ඕනෑම වෙලාවක ආසාත්මික වෙන්න පුලුවන්.කොටින්ම ගංගාවල, ඇල දොලවල් වල වතුර වුනත්.මොකද ඒවගෙ මොනවා තියෙනවාද කියලා අපි දන්නෙ නෑ නෙ.අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලමයෙක්ගෙ ඇග පුරාම තඩි පලු ආවා අපි ට්‍රිප් එකක් ගිය වෙලාවක වැවක නාලා.මටනම් ඉස්සර අන්නාසි ඇලජික්.ඒත් දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් ඒක නෑ.මට තාම මතකයි ඉස්සර ඇග පුරා පලු ආවාම අම්මයි තාත්තයි පොල් කොල පුච්චලා ඒවගෙ දුම වැදෙන විදිහට මාව උඩට කරලා අල්ලගෙන ඉන්න විදිහ.දැන්නම් අර පිරිටන් පෙත්ත තමා උදව්වට ඉන්නෙ. :)))
ඉතිං කාටත් කියන්න තියෙන්නෙ ඇස් ඉදිමෙන, ඇග ඉදිමෙන තත්වයක් ආවොත් ටක් ගාලා දොස්තර කෙනෙක් ගාවට යන්න.ඊට පස්සෙ කාපු, බීපු, අල්ලපු දේවල් සහ දුමක් වගේ දේකට මැදි වුනානම් මතක් කරගෙන ආයෙත් ඒ වගේ දේවල් වලට මුහුන දෙන එකෙන් වැලකෙන්න.නැත්නම් ජීවිතේ කොයි වෙලේද කියන්න බෑ.ඒත් ඉතිං යන්න තියෙනවානම් යන්නම වෙනවා.
ප්‍රින්සිපල්ව ලගට කැදවපු අම්මා කියලා තියෙනවා "සර් මේකනම් බලාගෙන ඉන්න හොද තත්වයක් නෙවෙයි.ඔය එලියෙන් ඉදිමෙනවා වගේම ඇතුලෙනුත් ඉදිමෙනවා.එතකොට හුස්ම ගන්න එහෙමත් බැරි වෙනවා.දැන්මම ඉස්පිරිතාලෙ ගෙනියන්න.ඉස්කෝලෙ ඇදුමට තැනකුත් තියෙනවානෙ." කියලා.වෙලාවට ප්‍රින්සිපලුත් ඒක තේරුම් අරගෙන තව සර් කෙනෙකුත් එක්ක ඉස්පිරිතාලෙට යවලා.
ඇත්තටම ලමයට තව ජීවත් වෙන්න චාන්ස් එක තිබුන නිසා බේරුනා.දොස්තරලා කියලා තියෙනවා තව විනාඩි 15ක් පරක්කු වුනානම් ඉවරයි කියලා.කොහොමහරි ඉස්පිරිතාලෙදි තමා මෙයාට මෙහෙම වෙන්න හේතුව දැන ගත්තෙ.දොස්තරලා බය කරලා අහද්දි මෙයා කියලා තියෙනවා බීපුවා ගැන.බලද්දි මෙයයි තව ලමයි තුන්දෙනෙකුයි කසිප්පු ස්ප්‍රීට්, ස්ප්‍රයිට් වලින් සැන්ඩි කරලා බෝතලේක දාලා අරන් ඇවිත් බීලා.ඇයි ඉතිං අන්තිම දවසනෙ.ඒත් ඉතිං මෙච්චර දෙයක් වෙනකනුත් මොකද වුනේ කියලා කියලා නෑ නෙ.
අනික් කට්ටියවත් දැන ගත්ත නිසා ඒ අයගෙන් ප්‍රශ්න කරලා බෝතලෙත් හොයා ගත්තාලු.බැලින්නම් කිසම පාටක් නැති දියරයක් තියෙනවාලු නහය කඩාගෙන යන ස්ප්රිට් සුවදත් එක්ක.බඩවැල් ඉතුරුද දන්නෙත් නෑ කියලා හිතුනලු අම්මටනම්.අනික් තුන්දෙනාටනම් කිසි අවුලක් වෙලා නෑ.ඒ තුන්දෙනා උදේටත් කාල නිසා මුකුත් වෙලා නැතුව වෙන්නත් පුලුවන්.
ඒත් මටනම් හිතෙන්නෙ මෙයාට විතරක් ආසාත්මිකතාව එන්න ඇති කියලයි.ඇත්තටම දොස්තරලා කියන විදිහට ඕනෑම දෙයක්, ඕනෑම කෙනෙකුට, ඕනෑම වෙලාවක ආසාත්මික වෙන්න පුලුවන්.කොටින්ම ගංගාවල, ඇල දොලවල් වල වතුර වුනත්.මොකද ඒවගෙ මොනවා තියෙනවාද කියලා අපි දන්නෙ නෑ නෙ.අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලමයෙක්ගෙ ඇග පුරාම තඩි පලු ආවා අපි ට්‍රිප් එකක් ගිය වෙලාවක වැවක නාලා.මටනම් ඉස්සර අන්නාසි ඇලජික්.ඒත් දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් ඒක නෑ.මට තාම මතකයි ඉස්සර ඇග පුරා පලු ආවාම අම්මයි තාත්තයි පොල් කොල පුච්චලා ඒවගෙ දුම වැදෙන විදිහට මාව උඩට කරලා අල්ලගෙන ඉන්න විදිහ.දැන්නම් අර පිරිටන් පෙත්ත තමා උදව්වට ඉන්නෙ. :)))
ඉතිං කාටත් කියන්න තියෙන්නෙ ඇස් ඉදිමෙන, ඇග ඉදිමෙන තත්වයක් ආවොත් ටක් ගාලා දොස්තර කෙනෙක් ගාවට යන්න.ඊට පස්සෙ කාපු, බීපු, අල්ලපු දේවල් සහ දුමක් වගේ දේකට මැදි වුනානම් මතක් කරගෙන ආයෙත් ඒ වගේ දේවල් වලට මුහුන දෙන එකෙන් වැලකෙන්න.නැත්නම් ජීවිතේ කොයි වෙලේද කියන්න බෑ.ඒත් ඉතිං යන්න තියෙනවානම් යන්නම වෙනවා.
හ්ම්ම්..ලෙඩක් හැදුනම ගනන් ගන්නේ නැති අයට හොද පාඩම්!!
ReplyDeleteඉස්කොලෙටත් ජරාව අරන් එන දන කොල්ලෝ ගැන නම මුකුත් කියල වැඩකක් නැත..
නියමිත වෙලාවට ක්‍රියාත්මක වුණ නිසා ඒ ළමයා බේරුණා. අනේ වාසනාවන්!
ReplyDeleteවිද්‍යාව මිස්ලා කොහොමත් හොදයී. මගේ පාසල් ජීවිතෙත් අම්මා විද්‍යාව මිස් තමයී.
ReplyDeleteමටනම් දෙවියන්ගේ පිහිටෙන් තාම කිසිම ඇලජික් එකක් නැහැ. එත් කියන්න බහ ඉදිරියට ...
ReplyDeleteදෙයි හාමුදුරුවං ගෙ පිහිටෙං කනබොන දේවල් නං අැලජික් නෑ මට. :D
ReplyDeleteමුන් මාර ළමයිනේ.... අඩු ගානෙ මරණ බය එනකොටවත් කියන්න එපායෙ මොනාද කෑවෙ බිව්වෙ කියලා. අපිටත් ඉතින් ඔහොම එව්වා වෙනවා මේ කීයෙ පන්තියෙද?
ReplyDeleteඊලඟ මගේ ලිපි කීපෙම මේ ගැන යන්නේ. මහා භ්‍යානක තත්ත්වයක්. අම්මා නියම විද්‍යා ගුරුවරියක්. එහෙම අය තමයි ලෝකය තනන්නේ. ඇයට දීර්ගායු.
ReplyDeleteඅම්මෝ මටත් ඇලජික් වෙන කෑම වර්ග නම් කීපයක්ම තියෙනවා. එත් ඇලජික් කියන්නේ උගුර කසනවා විතරයි. මේ වගේ දෙයක් නම් තාම වෙලා නෑ... :) හැබැයි ඉතින් කාට කාටත් ඕව හොඳ පාඩම්...
ReplyDeleteෂෝයි අම්මෙක්නේ. මේ ලමයි කරන වැඩ අප්පා. මොනවා හරි උනානම් ඉතින් ටීචර්ස්ලා පිටිනුත් සමහරවිට යයි.
ReplyDeleteකෝකටත් ලමයි දැනුවත් කරවන එකත් හොඳයි.
ඉස්සරනං කසිප්පු පෙරුවෙ පළතුරු දාලා.... වරකා දූරියන්.. කෙසෙල් එහෙම දැන්නං ඔය ස්පිරිට් එක් තනුක කරලා තමයි දෙන්නෙ... කඩුගන්නාව පැත්තෙ හතක් අටක් මැරුණානෙව ඔ්කෙන්...
ReplyDeleteඅපිනම් ඉස්කොලෙදි කසිප්පු පෙරුවා... ලැබ් එකේ...
අපේ යාලුවෙක් හිටියා ඉස්සො ඇලජික්. ඉස්සො කාපුවාම ඇඟ පුරා පලු. ඉස්සො බත් එකක් එහෙම හම්බුනොත් ඒකි දුවනවා.
ReplyDeleteමාත් අන්තිම දවසට ඉස්කෝලේ යන්න හරි ආසයි ඒ දවස්වල. ඉස්කෝලේ පාටි දාල ඊට පස්සේ මග දිගට වෑන් එකෙත් පාටි. සුමනදිසි එකෙන් තමයි ගොඩ වෙලාවට කන්නේ :D
ReplyDeleteඅම්මෝ දැන් ළමයි කසිප්පුත් බොනවද? ඔය ඇලජික් දේවල් දැනගන්න මොකද්ද ටෙස්ට් එකක් තියෙනවලු නේද? සමහර අයට කිරි ඇලජික් නේ. රටකජු කෑවම මැරෙන අයත් ඉන්නවා...
හ්ම්ම්.. ඔය පසුබිම් විස්තර වලින්ම පුලුවන් කියනවා 60%ක් සිද්ධි වලදී ලෙඩෙ මොකක්ද කියලා හොයාගන්න! ඒ නිසා කාට හැංගුවත් දොස්තරලට විස්තර හංගන්න නරකයි!
ReplyDeleteවෙලාවට බේත් කරපු නිසා බේරුණා...
ReplyDeleteහ්ම්ම්. යන්තම් ළමය බේරුනු එකට ස්තුති කරන්න ඕනෙ. ගොං වඩ කරල අමාරුවෙ වැටෙනව. :(
ReplyDeleteමටත් ඔය ඇලජික් කියන ඒව නම් නෑනෙ.
නිපුසගෙ අන්නාසි ඇලජික් එක ගැන නමපි හොඳට දන්නව. :D :D :D
අපේ හාමිනේට කිසිම ඇවිදින සතෙකුගෙ මසක් කන්න බෑ ඇලජික්. පීනණ සහ ඉගිලෙන එව්වනං ඕන එකක්. ක්විල් ගෙ ඉඳ කළුකුමා දක්වා කනව. ඒත් එළුමස් කෑල්ලක් තියා නිකං හොද්දෙ රස බැලුවත් ඇති හිපපොටේමස් වෙලා හුස්මගන්න බැරිවෙලා මල කෙලියක් වෙන්න....ඇත්තටම පිරිටන් තමයි අපෙත් පිහිට. මටනං ඇලජික් පිඟන් හරි මේසෙයි පුටුයි හරි කෑවොත් තමයි...:D
ReplyDeleteතියන්න වටින්නෙ නෑ...ඔච්චර දෙයක් වෙලත් සද්ද නැතුව උන්නු එකනෙ වැඩේ කියන්නෙ...
ReplyDeleteඔය වයසට ලොකුයි කියලා හිතෙන වැඩ කරන්න ආසයිනේ. මොනා හරි පාවිච්චි කලාම හෙන පොරක් වෙනවා කියලයි හිතේ හරිම කණගාටුයි මත දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ, හරියට නිකං පිරිමියෙක්නම් ඒවා කරන්න ඕනි වගේ අදහසක්/සම්මතයක් තියෙන්නේ. හුජ්ජ කොල්ලෝ පොරවල් වෙන්න හදන්නේ ඔය වගේ දේවල් වලින්.
ReplyDeleteතව ටිකක් නාන්න ගිහින් මැරෙනවා. තව ක්‍රම සහ විධි බොහොමයි...
ඔබේ මවට ප්‍රණාමය..
හප්පා දැන් ඉන්නේ ළමයි නෙමෙයිනේ...තාත්තලානේ...
ReplyDeleteමොනවද දෙයියනේ ඇලජික් කියන්නේ..මොන දේ ගිල්ලත් මේ වෙනකල් මට ඔයින් එකක් ඇවිත් නැහැනේ...
ReplyDeleteඒක නෙවෙයි ලොකුම අවුල..අම්මට හරි කාටවත්ම ඕකා ගාවින් සුවඳවත් දැනුනේ නැද්ද..අඩුම ගානේ නිකං වැවෙනවා වගේ ගතියක්වත්..
ReplyDeleteමටත් පොඩි කාලේ අන්නාසි ඇලර්ජික්... ඒකට පොඩි කෙමක් කලාට පස්සේ එක හරි ගියා.. දැං නම් අන්නාසි කොච්චර කෑවත් එහෙම වෙන්නේ නෑ..
ReplyDeleteඒ මලයා ස්ප්රිට් එක බීලා. ස්ප්රිට් බිව්වම ඔහොම තමා. බඩ වැල් දිය වෙලා ඉතුරු උනොත් මදෑ.ස්ප්රිට් ටික බෙලෙක් කෝප්පයකට දාලා පත්තර කොළයක් පත්තු කරලා කෝප්පේ යටින් අල්ලලා රත් කරලා බිව්වා නම් ඉවරයි නේ. ටිකක් විතර වෙලා රත් කරන්න ඕනා. :)
ReplyDeleteඅනේ හැබෑට දැන් හැදෙන එවුන්...අපි නං ඉස්කෝලෙ යන කාලේ ඔහොම නෑ...හරියට බෝ පැලෑටි වගේ...
ReplyDeleteඅම්ම සිහි බුද්ධියෙන් වැඩ කරපු නිසා කොල්ල බේරුනා එහෙනං, ජීවිතයක් බේර ගන්නව කියන්නෙ ලේසි කෙළියක් නෙමේ ඇත්තටම.
හම්මේ !ඔය කිව්වමයි මතක්වුනේ,මේ ලඟදි හිසේ කැක්කුමට බෙහෙත් අරන් ඇවිත් රෑ කමෙන් පස්සේ බෙහෙත් බිව්වා.ටික වෙලාවකින් එක ඇහැක නගනයක් වගේ ඇවිත්.අනෙක් ඇහැත් අමුතුයි කියල ටික වෙලාවකින් තේරුණා.මන් පිපින්නා පෙති දෙකක් තියන් නිදිය ගත්ත.උදේ නැගිටිද්දී ගොඩාක් සනීපයි.එත් දැන් තම තේරෙන්නේ අසද්මිකතාවක් කියල.
ReplyDeleteබොහොම ස්තුතියි නිසු.
ඒක නම් හොඳ පාඩමක්...!
ReplyDeleteඅම්මට (එදා) අහු උනේ දුවද ????
ReplyDeleteනිසූගෙ අම්මට නම් ගොඩක් පින් සිද්ද වෙන්නැති ඒ කරපු උදව්වට..
ReplyDeleteඇලජික් කතා අහද්දි මතක්වුනේ බෙහෙත් ඇලජික් අය ඒක පර්ස් එකේ වගේ ලියල දාලා තියා ගන්න එක හොඳයි නැත්නම් හදිසියකට කියන්න විදිහක්වත් නැතිවුනොත්
මේක මහ පුදුම කාලයක්... ළමයි අවුරුද්ද ඉවර කරන්නේ සත්තු වගේ... :(
ReplyDeleteඉස්සර අපි වෑන් එකේ යද්දි නම් පොඩියට පාටියකුත් දාල, කෑම්ප් එකේ පන්සලටත් ගිහින් තමයි නිවාඩුව පටන් ගන්නේ... ඔන්න ඉතින් ටිකක් ලොකු උනහම - ස්කූල් බස් යද්දි වතුර පාරක් නම් ගැහුව තමයි, අනිත් වෑන් වලට...
ඒත් මුන් දැන් කරන ඒව ඇහුවහම අපිටත් දුකයි.... වැරැද්ද කොහේද කියල හිතාගන්නවත් බෑ...
අම්මට නම් ගොඩක් පින්සිද්ද වෙනව කරල තියන වැඩේට...
නිසූප කලින්ම නිදාගෙන වගේ, කෝ කලින් දාපු කොමෙන්ට් එක?
ReplyDeleteහප්පේ වෙලාවට මට ඔය බීම ඇලජික් නැත්තේ..ගෙදර ගිහිල්ලත් හමාරයි,වැඩට ගිහිල්ලත් හමාරයි එහෙනං.....
ReplyDelete** මං නම් ඉස්කෝලෙ යන්නෙ නෑ.ඒත් අපේ තාත්තා තාම ඉස්කෝලෙ යනවානෙ.ඉගෙන ගන්න එහෙම නෙවෙයි හරිද.... උගන්නන්න.තාත්තගෙ විෂය තමයි ගණිතය...
ReplyDelete-සෑම්ටත් එකම සිංදුව නිසූ..-
අපේ ඇගේ තියෙන immune system එක ක්‍රියා කරන විදියට තමා මේ වගේ ඇලජික් කේස් එන්නේ.. ඒක දිග කතාවක්. මම පත්තරේක දැක්කා කිරි පිටි ඇලජික් ලමයෙක්ට අල්ලපු ගෙදරකින් කැවුම් දෙකක් පත්තර පිටුවක ඔතලා දීලා. ඒකේ කිරි පිටි ගැවිලා තිබාලා මේ ලමයට anaphylactic shock එකක් ඇවිත් මිය ගිහින්..
තමන්ගේ ඇලජීස් කලින් හදුනාගෙන ඉන්න එක තමා හොද
නොදකින පැත්තක් කියවෙන - වටිනා පෝස්ටුවක්.. නිසූට ජය..
ඔය කේස් එකෙන් ඇස්වලට සෑහෙන බලපෑමක් වෙන්නත් පුළුවන්. අම්මට පින්සිද්ධ වෙන්න ඔයිං ගියා මදැයි.
ReplyDeleteමාත් කාලයක් තිස්සෙ හොයනව මට ඇලජික් වෙන දෙයක්. තාම ලැබුනෙ නෑ.
හොඳ වෙලාවට මමත් විද්‍යා ටීචර් කෙනෙක් ම හොයා ගත්තෙ.....:)
ReplyDeleteදරුවන් ගැන දෙමව්පියෝ මීට වඩා හිතන්න ඕනෙ.. එයාල කරන්නේ කියන්නේ මොනවද කියලා විමසිල්ලෙන් ඉන්න ඕනෙ.. තව ටිකෙන් ලොකු විනාශයක් වෙන්නේ.. ඒ ළමයගේ ජීවිතේ බේරුන එක නම් ලොකු දෙයක්...
ReplyDeleteඑල කොල්ලො තුන් දෙනෙක්නේ නිසූ...
ReplyDeleteඅපිත් ඉස්කෝලෙ යන කාලේ පඩත්තර වැඩ කලා තමා, ඒත් ඒක ක්‍රමේකට කලේ, කසිප්පු ස්ප්‍රීට් බොන්නම ඕනනං ඒකට හරියන ගානට වතුර කලවම් කරලා බොන්න එපැයි, නොදන්න මඟුල් කරන්න ගිහිං තව පොඩ්ඩෙන් මුලු ජීවිතේම ඉවරයි ......
ReplyDeleteඅපරාදේ කියන්නේ අක්කේ මට නම් කිසිම කෑමක් ඇලජික් නෑ. ඕන ජරාවක් ඔට්ටුයි.:)
ReplyDeleteඔයාගෙ අම්මත් විද්‍යා ගුරුවරියක් එහෙනම්.... :D
ReplyDeleteමට ජම්බු කන්න බෑ... පුංචි කාලෙ නම් කිසිම කරදරයක් නැතිව කෑවා... ඊට පස්සෙ ටික ටික උගුර ඉදිමෙන්න පටන් ගත්තා... දැන් ජම්බු ගහක කොළයක්වත් අල්ලන්න බෑ... ඇල්ලුවොත් අතේ ඇඟිලිත් ඉදිමෙනවා....
හපොයි බීලා තියෙවන ජාතියට ඇලජික් නොවේයෑ
ReplyDelete@ගිනි කුරුල්ලා - කියලා වැඩක් නෑ. ගනන් ගන්නෙ නැතුව හිටියනම් ඉතිං දැන් පාවෙවී ඉන්න තිබුනා. මොනවා කරන්නද ඒ හුග දෙනෙක්ගෙ අම්මලා තාත්තලා නෑ උපදෙසක් දෙන්නවත්.
ReplyDelete@විසිතුරු | visituru - ඒක ඇත්ත. නැත්නම් ඉවරයි. :)))
@බට්ටි - හ්ම්…හැමෝම එහෙමත් නෑ බට්ටි. මිනිසුන් විවිධාකාරයිනෙ.
@වර්ණා - අපොයි ඔව් ඕවා කියන්න බෑ අනේ. මේ දැන් කිසි ප්‍රශ්නයක් නැති දෙයක් පස්සෙ ඇලජික් වෙන්න පුලුවන්.
@තනි අලියා - බලාගෙන අලියො. කොයි වෙලේ ඇලජික් වෙයිද දන්නෙ නෑ නොවැ.
ReplyDelete@සංජු - ඒක නේන්නම්. ඒත් ඉතිං මැරෙන තත්වයට ඇවිත් කියලා හිතන්න නැතුව ඇති. මේ 9 පන්තිය අක්කේ.
@වෙද ගෙදර මහ වෙදනා - ඒක හොදයි අයියේ. අපේ හුගක් අය මේක එච්චර ගනන් ගන්නෙ නෑ මට හිතෙන විදිහට. ඒකයි හුගක් බයානක තත්ව ඇති වෙන්නෙ.
ස්තූතියි අයියේ.
@Ice (අයේෂා කුලතුංග) - උගුර කසනවා විතරනම් ඉතිං ලොකු අවුලක් නෑ නෙ. හැබැයි ඉදිමුනොත්නම් කාලත් හමාරයි..
@Podi Kumarihami - ඔව් සමහර විට ටීචර් පිටින් යයි තමයි. ඇයි අර කොහෙද ට්‍රිප් එකක් ගිහින් ලමයෙක් හිලකට ඇගිල්ල දාලා අදින කොට ඇගිල්ල ගැලවිලා ඇවිත් ඒකට බැනුම් ඇහුවෙත් ටීචර්ලානෙ.
ReplyDelete@නරකයා... - දැන් එහෙම පලතුරු දැම්මානම් ඕවා විකුනගන්න වෙන එකක් නෑ නෙ. ස්පිරිට් එක කොච්චර සැර ඇතිද, නේද??
@පිණිබිඳු... - මට එක පාරක් ෆෝමලීන් දාපු කරවල කාලා තොල ඉදිමුනා නොවැ. අපොයි…
@niroshini - කියලා වැඩක් නෑ ඉතිං. දැන් ඒ කාලෙ ඉවරයි නේ. (
හ්ම්…. ටෙස්ට් එකෙත් මං හිතන්නෙ කන්න දීලම වෙන්න ඇති බලනවා ඇත්තෙ. වෙන ඒ ගැන දන්නෙ නෑ නෙ. කිරි ඇලජික් වුන ඉස්කෝලෙ ගෑණු ලමයෙක් මැරිලා තිබුනා මතකද?
@Sabith - ඒක ඇත්ත. පස්සෙ දුක් වෙන්න වේවි නැත්නම්.
ReplyDelete@හිතුවක්කාරි - ඒකනම් ඇත්ත. නැත්නම් ඉවරයි.
@Madhawa Habarakada - කියලා වැඩක් නෑ මාධව.
මේ දැන් ඒක හොදයි හරිද… :P
@ඉන්දික උපශාන්ත - අනේ අම්මෝ…මටනම් එහෙම එකක් නෑ. ඒත් මං ඇවිදින මස් නම් කන්නෙ නෑ. පිරිටන් තමා සරල පිහිට. දරුණු වුනානම් ඒක මදි වේවි නේද?
@දිල් - මටත් ඒකමයි හිතුනේ. ඒත් ඉතිං කිව්වාම ඒකට දඩුවම් හම්බ වෙනවානෙ. ඒකට බය වෙන්න ඇති.
ReplyDelete@ඉඳුනිල් - ඒක ඇත්ත. පොර වෙන්න ගිහින් ජීවිතේ නැති කර ගන්න අය කොච්චර ඇද්ද??
ස්තූතියි.
@සයුරි - කියලා වැඩක් නෑ අක්කේ…
@මාරයාගේ හෝරාව - හපොයි මාරයා අයියේ බලාගෙන කවදා හරි ආවොත් එහෙම ඔය කන කෑමෙ හැටියට. වැඩිය බොන්න නැතුව ඇති අයියා. ඇලජික් අයට ගෑවුනත් ඇතිනේ.
@Dinesh - මොකක්ද අප්පේ ඒ කෙම අපිටත් කියන්නකෝ. මටත් ඉස්සර ඇලජික් දැන්නම් නෑ හැබැයි. මං දැන් කරන්නෙ හොදට වතුර බොන එක. හුගක් ලෙඩ අඩු වෙනවා ඒකෙන්.
ReplyDelete@මධුරංග - හ්ම්…. එතකොට මොකද වෙන්නෙ මල්ලි. රත් කරන්න ඉතුරු වෙයිද එකෙක්. ඕවා වහා ගිනි ගන්නා සුලුයි නේ.
@Observer - හැබෑට මාමෙ. පේනවා ඒ බව නම්.: D ඒකනම් ඇත්ත. අම්මා අරහෙම කිව්වෙ නැත්නම් මගදිම ඉවරයි. කලින් නිදා ගත්තා නේන්නම්. කොහොමත් ගෙදරදි වැඩි ඉන්ටර්නෙට් බාවිතයක් නෑ නෙ මාමෙ.
@වසිලිස්සා - අම්මෝ බෙහෙත් ගද්දි හුගක් පරිස්සම් වෙන්න ඕනෙ. ඒ පෙත්තෙ ජාතිය මතක තියා ගන්න. ආයෙත් බෙහෙත් ගන්න ගියාම මට මේ බෙහෙත් පෙත්ත බීලා මෙහෙම වුනා කියන්න. අපේ කැම්පස් එකේ ලමයෙක් හිටියා පැනඩෝල් ඇලජික්. එයාත් එක පාරක් හොස්පිටල් ගිහින් තමා ගොඩ ගත්තෙ.
යකෝ මෙහෙමත් පොඩි එවුන්.... අනේ කාලේ වනේ වාසේ කිව්වලු....
ReplyDelete@ Miyuru,
ReplyDeleteජම්බු ගහෙන් වැටුනට පස්සෙ වෙන්නැති ජම්බු ඇලජික් වුනේ
@prasanna86k -ඔව් මාලුවො ඒකනම් ඇත්ත.
ReplyDelete@Tharinduhw122 - ඔය අහන්නෙ මං ගැනද?
@නදුන් උයන - අපිනම් වෑන් එකේදිත් වතුර ගහ ගත්තා. සමහර දවස් වලට කෑම්ප් එකට යන්න බෑ හොදටම නාලා.
දැන් හුගක් දේවල් රුවිතෙට යන්නෙ අයියේ. ඒකයි වැඩේ. :(((
@ඔබ නොදුටු ලොවක්..... - හික්ස්… වෙලාවට එහෙනම්. බැරි වෙලාවත් ඇලජික් වුනොත් දුවලා යන්න ඉස්පිරිතාලෙකට.
@!sAm (සෑම්) - හික්ස්… එහෙමද?
ReplyDeleteඔය කතාව මේ වෙලාවෙ අපේ අම්මටත් මතක් වෙලා. කොටින්ම කිව්වොත් අපේ කිවිසුමත් එහෙම ක්‍රියාවක් නෙ. මේ ගැන දිගට කියන්න තිබුනා. ඒත් ඊට වඩා මෙහෙම උපදෙසක් දෙන එක හොදයි කියලා හිතුනා.
ස්තූතියි සෑම්.
@රාජ් - ඒකනම් ඇත්තතාපේ අම්මත් දැන් ජීවිතයක් බේරගෙන තියෙනවා.
හම්බ වෙන්නෙ නැති තරමට හොදයි..:)))
@Enemy - හැබැයි පරිස්සමින් ලෙඩ වලට බෙහෙත් ගන්නෙ නැතුවෙ එයාම දොස්තර වෙන්න හදයිද දන්නෙ නෑ. :D
@උදයංග ලක්මාල් - මොනවා කරන්නද උදයංග අම්මලගෙ ඉස්කෝලෙ හුගක් ලමයින්ගෙ අම්මලා තාත්තලා නෑ. ඉන්නෙ බොහෝ විට ආච්චිලා, සීයලා ගාව හරි නෑදෑ කෙනෙක් හරි ගාව.
@uwiniran - එල…..???? ජීවිතේ නැතිවුනානම් එලය තේරේවි.
ReplyDelete@පන්සල් හංදිය - ඒක නේන්නම් ඔයාලා වගේ අයගෙන් අහගන්නවත් තිබුනානෙ එහෙනම් නේද? ;))
එයාගෙ විතරක් නෙවෙයිනෙ අනික් ලමයින්ටත් ඕක බල පානවානෙ ඊට පස්සෙ.
@Kasun -හික්ස්… අපේ කැම්පස් එකෙන් දෙන දේවල් වලට ඇලජික් නැත්නම් ඉතිං ගොඩ තමා. :)))
@Miyuru - ඔව් අනේ…ඔයාගෙත් එහෙමද අක්කේ???
අප්පච්චියේ…එච්චර දරුණුද??? මටනම් ඔච්චර දරුණුවට ඇවිත් නෑ.
@සුදු හංසි - අනික් අයට ඇලජික් වෙලා නෑ වෙලාවට.
ReplyDelete@පැණි දොඩම් - දැන් වෙන්නෙ ඔය වගේ දේවල් තමා. ටික ටික සමාජය පිරිහෙනවා.
@Observer - හික්ස්… අනේ අනේ ඔබා මාමටත් හිතෙන දේවල්…. :)))
ලොකු පරපුරෙන් පොඩි පරපුර දැන් දායාද වෙන්නේ මත් රකුසා තමා වැඩිපුරම :(
ReplyDeleteමටත් දෙයියනේ කියලා ඇලජික් වෙලා තියෙන්නේ එකම එක වතාවයි
ReplyDeleteමම මුලින්ම රට ආපු කාලේ ඒක දවසක උදේ මගේ මුණයි, පපුවයි රතුවෙලා ඇලජික් තත්ත්වයක් ඇති උනා
ඒත් වෙනදට වැඩිය විශේෂ දෙයක් කෑවේ නැහැ
නමුත් ඊට කලින් දවසේ රෑ මස් වර්ගයක් කෑවා, ඇත්තටම මොනවද කියල හරියටම දන්නේ නැහැ. "බීෆ්" කියල තමයි කඩෙන් දුන්නේ
ඒ වගේම මම වැඩ කරන්නේ ලැබ් එකක නිසා කෙමිකල් එකකින් උනා කියලත් පොඩි සැකයක් ආවා.
ඊට පස්සේ බෝඩිමට ඇවිත් බෙහෙත් අරගත්තට පස්සේ හරි ගියා
අපේ කම්පැනි එකේ Health & Safety first නිසා මට දවස දෙකක් නිවාඩුත් ලැබුනා ඒ පිහිටෙන්
පස්සේ කීප වතාවක්ම මම බීෆ් කෑවත් ඇලජික් උනේ නැහැ, එතන ඉඳල වෙනදාටත් වැඩිය කෙමිකල් එක්ක ගැටුනත් තාම අර එදා උනා වගේ කවදාවත් ඇලජික් උනේ නැහැ
බලන්නකො අද කාලෙ ළමයි දියුණු වෙලා තියෙන තරම.. කසිප්පු ස්ප්‍රයිට්.. විපරීත සමාජෙ ලමයිත් විපරීත වෙලා..
ReplyDeleteඅම්මේ.... මේ පොඩි එවුන් වයසට ද වැඩ???
ReplyDeleteමට නම් ඔය මුකුත් ඇලජික් නැ ඔනි එකක් කතැහැකි.. අපේ ලොක් අක්කට නම් අන්නාසී හා තක්කාලි ඇලජික් :D :D
ReplyDeleteමට මේ දවස්වල ඉන්ටර්නෙට් ඇලජික් අක්කණ්ඩ්..ඒකට බෙහෙතක් ක්වුවනං..හිතේ ලෙඩකුත් තියනවා....
ReplyDeleteඅයෙ කෂිප්පු ගත්තේ මොකටද ඒ ළමයි..රෙඩ්බුල් කෑන් 2ක් 3ක් ගත්තනං ඉවරනේ...
මොනව උනත්, තමංගෙ දුර්වලතා ගැන තමං දැනං ඉන්න ඕනෙ බව මතක් කරන පෝස්ට් එකක්..ජය!
මට නම් හැමදේම ඇලජික්....
ReplyDeleteකෝ අලුත් කතා ??? අක්කාටත් කතා ඇලජික්ද :))
ReplyDeleteවිද්දියා ටීචර්ගෙන් වෙදකම් කරවගන්න?
ReplyDelete