අලේ මට මාරම කම්මැලි කමක් ආවා නෙව බ්ලොගේ ලියන්න පහුගිය දවස් ටිකේ.අනේ මන්දා හේතුව කිමද කියලා.මේ අද දාන පෝස්ට් එකත් ලියන්න අරන් දැන් හුගක් කල්.ඒත් කවදාවත් ඉවර කරගන්න වුනේ නෑ.හසිත මල්ලිනම් අහලත් තිබුනා මට කතා ඇලජික් වෙලාද කියලා.ඒ වගේ දෙයක්ද මන්දා වෙලා තිබුනේ.
සදුදා ඉදන් ලියන්න ගත්තාට ලියන්න හිතුනෙ නෑ.හිතේ දෙගිඩියාවෙන් නෙව හිටියෙ,අපේ එස්.බී. මාමගෙ කොම්පීතර වැරදි නිසා.හාට් ඇටෑක් තියෙනවා නම් එහෙම මෙලහටත් කී දෙනෙක් මැරිලා ඉදියිද මන්දා.දැන්නම් ඉතිං හිතේ නිදහසේ ලියන්න පුලුවන්.කඩඉමෙන් මෙහාට පැනගන්න පුලුවන් වුනා නොවැ අපේ නංගාට.ඒ නිසා එකගිඩියාවෙන් වගේම හිතේ සතුටෙනුත් තමා දැන් ඉන්නෙ.:)))))
හෝව්........කියන්න ආවෙ මේ ගැන නෙවෙයි අප්පා... මෙන්න මං කියන්න ආපු එක.බස් කතාවක් මේකත්. :)))
අපේ HG176 බස් එක ගැන ලිව්වත් හරි ඒක නැත්තටම නැති වෙලානෙ.ඒක කැඩිලාලු. ගමන් කරන පාර වෙනස් කරන කල් ඉතිං මීපෙට දුවලා එන බස් එකක එල්ලෙන එක තමයි කරේ.අවිස්සාවේල්ලක එල්ලුනොත් ඉතිං යන්න ගියාම සෑහෙන වෙලාවක් යනවානෙ.අන්තිම දවස් ටිකේ ඉතිං එල්ලුනේම සඳමාලි කියන රත්නපුර බස් එකේ.ඒකෙ එල්ලෙන්නනම් හෝල්ට් එකේ ඉදලා හරි යන්නෙ නෑ.ඉන්න ඕනෙ ටිකක් එහායින් ෂෙඩ් එක ගාවට.එතන සාමාන්‍යයෙන් ඉන්නෙ ඕකෙ හැමදාම යන කට්ටිය.මාත් ඉතිං දවස් දෙක තුනක් තිස්සෙ ඕකෙම රිංගලා ගිය නිසා ඕකෙ නිත්‍ය සාමාජිකාවක් වගේ වුනා.
ඔන්න ඉතිං එක සදුදාවක බස් එක එනකල් බලාගෙන හිටියා.චුට්ටක් විතර පරක්කු වෙලා බස් එකත් ආවා.අපොයි... ෆුට් බෝඩ් එකේ එල්ලිලා සෙනග.වෙලාවට දෙතුන්දෙනෙක් මීපෙන් බැස්සා.ඒත් ඉතිං හිටපු සෙට් එකට රිංගන්න ඒ ඉඩ මදි.වෙලාවට කොන්දා අයියා පොල් ලොරි වල්ට පටවලා හොද පල පුරුද්දක් තිබුන කෙනෙක්.විනාඩි දෙකක් තුනක් විතර මහන්සි වෙලා කොහොම හරි මීපෙන් බස් එකට නගින්න හිටපු හැමෝම රිංගවගන්න පුලුවන් වුනා.බෑග් ටික ඉස්සරහ ඇන්ගිම උඩයි, වීදුරුවෙන් මෙහා තියෙන පොඩි ඉඩෙයි රිංගවලා.මිනිස්සුන්ව දාන්න ඉඩ තියෙන හැම තැනම රිංගෙව්වා.ෆුට් බෝඩ් එකෙන් එලියෙත් එල්ලිලා මිනිස්සු.
කමක් නෑ ඉතිං මෙහෙම ගියාට ගොඩගමින් හරි උඩට යාගන්න පුලුවන් වෙයි නේ කියලා පුට් බෝඩ් පඩියකට වෙලා අමාරුවෙන් අත පය තියාගෙන ගියා.හෆොයි ඔන්න කෙනෙක් කෑ ගැහුවෙ නැතෑ බහිනවා කියලා.දැන් ඉතිං බැහැලා ඉඩ දීපන්කො.ඉඩ දුන්නා වගේ නෙවෙයි ආයෙත් නගින්නත් එපැයි.අපොයි..බැහැලා තියෙන්නෙ ක්ෂෘද්ර ජීවියො ටිකක්ද කොහෙද?බැස්සට, බහින්න ඉඩ දීපු කට්ටියට තාම ඉඩ නෑ.අන්තිමට නැග ගත්තාම මට ඉන්න වුනේ තිවංක පිලිමෙ වගේ.තැන් තුනකින් විතර ඇද වෙලා.
කකුල් දෙක එක තැනක,කකුල් දෙකට එහායින් මගෙ යෙහෙලියක්.ඉනෙන් නැවිලා එයාගෙ එහා පැත්තෙන් තමා මගෙ ඇගේ ඉතුරු ටික.මොනවා වුනත් ඔලුව නම් කෙලින්. :D ගොඩගමින් නැවැත්තුවාම යාන්තම කද කෙලින් කොර ගත්තා.ඔහොම ගිහින් බස් එක ආවා පනාගොඩ හරියට.ඔන්න එතකොට කොන්දා කෑ ගහන්න ගත්තා "කෑම්ප් එක ගාව බහින අය ඉස්සරහට එන්න" කියලා. මෙච්චර වෙලා කර උඩත් කට්ටිය තියාගෙන යන්න පුලුවන් උපරිම වේගෙන් ගියපු ඩ්‍රයිවර් කියනවා "අනේ ඔය ආමි එකේ කට්ටියක් ඇති පොඩ්ඩක් බහින්න ඉඩ දෙන්න." කියලා.කට්ටියම බලාගෙන හිටියත් කවුරුත් බහින්න ආවෙ නෑ.
ට්‍රැෆික් මහා ගොඩක ඉදලා සෑහෙන්න පරක්කු වෙලා බස් එක ටික ටික කිරුළපනට ලං වුනා.මිනිස්සු දෙන්නෙක් බහින්න දොර ලග.එක්කෙනෙක් තඩි බෑග් එකක් උස්සගෙන,අනික් කෙනාගෙ අතේ මුකුත්ම නෑ.දෙන්නා අදුනන පාටක් පේන්නත් නෑ.මං කලිනුත් කීවනෙ මේක රත්නපුරේ ඉදන් එන එකක් කියලා.ඉතිං මේ බස් වලට තදියම හොදටම වැඩියි.හරියට නවත්තන්නෙත් නැතුව ඇද්දුවෙ නැතෑ.ඉස්සරහින් හිටපු මනුස්සයා කෑ ගහලා නවත්තගෙන දඩ බඩ ගාලා බැහැගත්තා බෑග් එකත් එක්කම, අනික් කෙනා තාම එතන.දැන් ඉතිං සෙනග අඩු වෙලා වුනාට මංතුමී හිටියෙ තාම හිටගෙන. සෝ සෑඩ් කීවලු. :((((
ඔහොම චුට්ට දුරක් ගියාම අර අනික් කෙනා ඩ්‍රයිවර් ලගට කිට්ටු කලා "මේ මට තිඹිරිගස්යායෙ බහින්න ඕනෙ" කිව්ව.ඒත් එයාට නැගිටගෙන ඉන්න බැරි තත්වයක් තමා පෙන්න තිබුනෙ.කතා කලෙත් බොහෝම හෙමින් ඇහෙන නෑහෙන ගානට.බස් එකේ කොන්දා ඉස්සරහට එනකොට අර කෙනා නිකන් වැටෙන්න වගේ ඉන්නවා දැක්කා.ඒ පාර කොන්දා කෑ ගැහුවා "මෙයාට සීට් එකක් දෙන්න" කියලා.ඒ පාර ඉස්සරහින් සීට් එකක් හම්බ වුනා.ඒත් මෙයා ඉදගන්නෙ නෑ."මං බහිනවා තිඹිරිගස් යායෙ."කිය කිය ඉන්නවා.බැරිම තැන කොන්දා කීවා "ඔයා ආබාදිතයි නේද? ඉදගන්න,ඉදගන්න එතනට ආපුවාම බස්සවන්නම්".කොහොම හරි බලෙන්ම ඉන්දෙව්වා.
ඊට පස්සෙත් ප්‍රශ්න ගොඩයි."ඔයා බෑග් එකක් ගෙනාවෙ නැද්ද?". "ගෙනාවා.ඒක යාලුවා අරගෙන බැස්සා."බැලින්නම් අර ඉස්සෙල්ලා කිරුලපනෙන් බැහැලා තියෙන්නෙ යාලුවා.එතකොට මෙයාගෙ බෑග් එකත් අරගෙන එයා වෙන තැනකින් බැහැලා තියෙන්නෙ??? අනේ මන්දා එයා යාලුවෙක් වගේනම් ඒ වෙලාවෙ මට පෙනුනෙ නෑ.අනේ මෙයාගෙ බඩු ටිකටත් විදලාද?? මේක ඇහුනාම ඇත්තටම මෙයාට බහින්න ඕනෙ තිඹිරිගස් යායෙන්ද කියන ප්‍රශ්නෙත් ආවා.ඇහුවාම කියන්නෙම එතනින් තමා බහින්න ඕනෙ කියලා.පොඩ්ඩක් විතර සිහි කල්පනාවත් අඩු පාටක් තමා තිබුනෙ. :(
බැලින්නම් එයා යන්නෙ රණවිරුවන්ට අදාල රෝහලකට.එයා රණවිරුවෙක්.බස් එකේ කට්ටිය කීවා යාලුවට කෝල් එකක් දීලා බලන්න කියලා.එතකොට තමාට මෙයා දන්නෙ ෆෝන් එකත් නැති වෙලා කියලා.වටේ පිටේ කට්ටිය නොම්බරේ අහගෙන රින්ග් කරලා බැලුවට වැඩ නෑ.කවුරු හරි ඒකත් උස්සලා.පව් අප්පා..:((( ඔය අස්සෙ බස් එක තිඹිරිගස්යායටත් ආවා.බස් එකේ තැන් තැන් වලින් උස හැන්ඩි කොල්ලො ටිකක් නැගිටලා එනවා.ඒත් දෙයියනේ හුගක් අයගෙ එක කකුලක් නෑ,නැත්නම් කකුල් තිබුනට හසුරව ගන්න බෑ.:(((( රණවිරුවන්ට අදාල රෝහල තවත් රණවිරුවෝ ටිකක්.
අර රණවිරුවවත් මේ කට්ටියටම බාර දුන්නා පරිස්සමින් අරගෙන යන්න කියලා.එයාලා බැස්සට පස්සෙත් කොන්දා ඉස්සරහ තිබුන තඩි බෑග් එකක් අරගෙන මුලු බස් එකෙන්ම අයිතිකාරයෙක් ඉන්නවද කියලා බැලුවෙ අර රණවිරුවගෙ බෑග් එක ඒකද බලන්න.ඒත් ඒක එයාගෙ නෙවෙයි.
මොනවා වුනත් ඒ වෙලාවෙ බස් එකේ කට්ටිය හරිම අනුකම්පාවෙන් උදව් කලා.සුනිල් එදිරිසිංහ මත්මයාගෙ මේ සින්දුව මෙහෙම වෙනස් වුනොත් හොදයි කියලා හිතුනා මට....

"හදවතින් අපි මව්බිමෙහි ඔබ
තනිකලේ නැත කිසි දිනේ"
හ්ම්ම් හරිම සංවේදී සටහනක් ...
ReplyDeleteරණවිරුවන්ට මගේ ප්‍රණාමය...
හදවතින් අපි මව්බිමෙහි ඔබ
ReplyDeleteතනිකලේ නැත කිසි දිනේ ............ හරියට හරි
මොකද්ද හලෝ මේ ටොපික් එක.... කොහේ ඉන්න සඳමාලියෙක්ද.
ReplyDelete"හදවතින් අපි මව්බිමෙහි ඔබ
ReplyDeleteතනිකලේ නැත කිසි දිනේ"
බස් වල වෘත්තීය ගැට කපන්නන් වගේම ෆෝන් හොරුනුත් ඉන්නවා. සමහරු පාට් ටයිම් හැටියට කරනවා . (ඒ කියන්නේ ඔබ කියන නිත්‍ය සාමාජිකයින් අතරත් මොවුන් ඉන්නවා). කාගේ හරි දෙයක් අනාරක්ෂිතව තිබෙනවා දැක්කොත් උස්සන වෘත්තීය නොවන හොරුන් පිරිසකුත් ඉන්න බව කවුරුත් දන්නවා..
ReplyDeleteඔය හැම දෙනා අතරම පිරිමි මගීන් වසඟයට අරගෙන නොදැනෙන්න ෆෝන්, පර්ස් උස්සන නංගිලා ටිකකුත් ඉන්නවා.. ඒකෙ විලෝමයත් සත්‍ය ඇති මම දන්නේ නැහැ.
කොන්දොස්තරලා අතලොස්සකුත් මේ දේවල් නොකරනවා නොවේ. රත්නපුර බස් නැවතුම් පොලේ ප්‍රධාන ෆෝන් කල්ලියේ මුලිකයත් බස් නැවතුමේම සේවකයෙක්. මගේ වතාවක් නැති වුනු ෆෝන් එක සොරකම් කර තිබුනේ ඔහු. (විකුණලා තිබුනේ මගේ මිතුරෙක්ද වෙන උගේ මිතුරෙකුට)
ඔය කාට වුනත්, රණ විරුවෙක් කියල දැන ගැනීම තමන්ගේ වැඩේට බාධාවක් නොවෙයි..
කියන්න වදන් නෑ... දකින්නම ඕනි රිදෙන්න. මේ වගේ දෙයක් ලිව්වට ස්තූතියි නංගි
ReplyDeleteහ්ම්ම්ම් ගොඩක් දුක හිතුනා නිසූ... අපේ මිනිස්සු තාමත් හොඳයි එයාට බෑග් එකයි යාළුවාවයි හම්බ වෙන්න ඇති නේද..
ReplyDeleteඔක්කොම හරි "සදමාලි" කියන්නෙ?
ReplyDeleteමෙහෙමත් මිනිස්සු !!!!
ReplyDeleteපවු අර මනුස්සයාගේ බෑග් එකත් අරගෙන බැහැලා ගිහින්.
පහු ගිය දවස් වල රණවිරුවන් ගැන මිනිස්සුන්ගේ හිතේ තිබුණු හැගීම දැන් දැන් බෝර්ඩ් ලැලි වලට සිමා වෙලා වගේ කියලත් හිතනවා. මොනවා උනත් රණවිරු සහෝදරයින්ව කවදාවත් අමතක කරන්න බෑ.
ReplyDeleteපිං සිද්ද වෙන වැඩ...
ReplyDeleteමම බැලුව හරිය....
ReplyDeleteඅයියෝ අර බෑග් එක අරගෙන බැහැල තියෙන්නේ හොරෙක්ද එතකොට...
ReplyDeleteමාත් යන්නේ ඔය බස් එකෙනෙ අක්කෙ.....
ReplyDeleteඅපේ ප්‍රණාමය තවමත් ඔවුන්ට හිමිවිය යුතුයි..!!!!
බැග් එකට විදලද??
පව් ඒ මනුස්සයා:(
ReplyDeleteශිරාවට සදමාලි කියන නමක් මමත් දැක්කේ නෑ නේ..එක කොහොමද මේකට සෙට් වෙන් නේ.. :) යාළුවෙක් නම් බෑග් එක අරන් බැස්සේ, කෑ ගහලා හරි අර රණවිරුවා ව බස්ස ගන්න ඔනේ නේ..:O ඒ වේලාවේ බස්සේකම ඇති වුණු ඇදුණුම් කමක් ද දන්නේ නෑ... ::O මොනවා උනත් සංවේදි කතාවක්.. :(
ReplyDeleteohoma gihin thama konda kedenne.
ReplyDeletefatta post ekak... niyanay nisu...
රට දැය වෙනුවෙන් දිවි පිදු ආබාධිත වු ජාතියේ දරුවන්ට මගේ ප්‍රණාමය..
ReplyDeleteලියන එක ඇලජික් කියන එක මටත් අදාල වෙලා... කොහොමද මන්දා ඒකෙන් මිදෙන්නේ
රයිටර් බ්ලොක්ස්... රයිටර් බ්ලොක්ස්...
ReplyDelete@වර්ණා - අපි හැමෝගේම ප්රයණාමය….
ReplyDelete@තනි අලියා - ඒක තමා මල්ලි.
@පැණි දොඩම් - ඔන්න කියවලා තියෙන හැටි. මේ ඔක්කොම වුනේ සඳමාලි ඇතුලෙ තමා. :D බස් එකේ නම හලෝ.
@මහි - ඔව් නගේ…:))
@ඉඳුනිල් - නිත්යෙ සාමාජිකයො විතරක් නෙවෙයි. සාමාන්යන අයත් යනවා. ඒත් ඉතිං ඔහොම අය වැහි වැහැලානෙ. මං දැකලා තියෙනවා සමහර ගෑණු ලමයි බෑග් එකේ එලියෙ පොකට් වල ෆෝන් දාගෙන යනවා. කොහොම පරිස්සම් කරගන්නවද මන්දා.
ReplyDeleteහැබෑව නංගියෙක් බලපු ගමන් සමහර අයට සිහිය නැති වෙනවානෙ. විලෝමයනම් කොහොමද දන්නෙ නෑ.
අපොයි බයානකයිනෙ අනේ කොන්දාලත් එහෙම කරනවානම්. වැඩිය සැක නොකරන කෙනෙක්නෙ ඒ.
ඒත් සමහරු ඉන්න පුලුවන් සරදියෙල් වගේ අය. එහෙම අයටනම් ගන්න හිතෙන්නෙ නැති වෙයි.
@සංජු - මං මේක වුන දවසෙ ඉදලාම ලියන්න ඕනෙ කියලා හිතුවෙ අක්කා.
@චතුරංග ජයවර්ධන - හලේ බස් එක අනේ. උඩින්ම කියලා තියෙන්නෙ.
@මධුරංග - ඇත්තටම යාලුවද දන්නෙ නෑ මල්ලි. මෙයාට ඒක කියන්නවත් තේරුමක් නෑ වගේ පෙනුනෙ. මොලයටත් හානි වෙලාදෝ කියලා හිතුනා.:(((
@sAm sRi - හ්ම්…. ඔව් අපි හැමෝම එයාලා කරපු දේවල් මතක තියාගෙන ඉන්න එක හොදයි.
ReplyDelete@බස්සා - ස්තූතියි සහෝ….
@සයුරි - දන්නෙ නෑ අක්කේ. ඇත්තටම යාලුවෙක්ද දන්නෙත් නෑ.
@රහස් පරික්ෂකයා - අනේ ඔයාව දන්නවානම් කතා කරන්නත් තිබුනා.
ඔව් ඒක ඇත්ත.බෑග් එකට විදලාද කියලානම් දන්නෙ නෑ මල්ලි.ඇත්තටම යාලුවද දන්නෙ නෑ.
යුද්දේ නැති වුනත් රණවිරුවෝ අපි වෙනුවෙන් කරපු කැප වීම අපි කාටවත් කවදාවත් අමතක කරන්න පුළුවන් දෙයක් කියලා මම නම් හිතන්නෑ.
ReplyDelete@න දී - ඔව් අනේ..:((
ReplyDelete@චතුමිතු - අනේ නංගියෝ හරියට කියවලා එන්නකෝ. සඳමාලි කිව්වෙ බස් එකේ නම අප්පා…මටත් ඒ වෙලේ හිතුනෙ ඔය විදිහටම තමා. යාලුවෙක් නෙවෙයිනම් ඒ බෑග් එක ආයෙත් හම්බ වෙන්නත් නැතුව ඇති.
@prasanna86k - හිකිස්.. … ඔව් බං මාලුවෝ ඒකත් එක හේතුවක් තමා.
තැන්කූ ආ…. මං ඔයාගෙ පෝස්ට් හැමදාම කියවනවා හරිද? කමෙන්ට් කරන්න බැරි වුනාට..:(((
@දේවා ගේ අඩවිය - අපි ඔක්කොගෙම මල්ලි.
කියලා වැඩක් නෑ මල්ලි. ලියපුවා කියව කියව ඉන්න එක විතරයි කරන්න හිතෙන්නේ.
@පොඩි මෑන් - හ්ම්….. ඒ වගේ අප්පා… ඒත් මං මහ ලොකු රයිටර් කෙනෙක් නෙවෙයි නේ.
රාගම ඉස්පිරිතාලෙ ගාව තියෙනව 'රණවිරු' රෝහලක්, අපි ලංකාවට එන හැම වතාවකම ගිහින් බලල පුළුවන් උදව්වක් කරනව.
ReplyDelete@ පැණි දොඩන්,
තාම 'සඳ මාලි' හොයනවද?
අනේ අම්මො.. අක්කිගෙ කම්මැළිකම..:p
ReplyDeleteහරිම දුකයි හැබැයි... අපේ රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවො කොයිතර්ම් නම් ඉන්නවද ආබාධිත වුනු..:(
දුක්බර සටහනක් අක්කි
ගොඩක්ම සංවේදී සටහනක් අක්කේ. ඒත් දැන් ගොඩක් දෙනෙක්ට ඒ අය ගැන මතකවත් නෑ.
ReplyDeleteඅපේ මිනිස්සුන්ගේ වැඩ ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑ..
ReplyDeleteයුද්දෙදි ආබාධිත වුණ සොල්දාදුවෙක් වුණත් හැම වෙලාවම ඔහු හිතන්නෙ හැම වෙලාවෙම තමන් තාමත් ජවසම්පන්නයි කියලා.ඇතැම් වෙලාවට බස් එකක, දුම්රියක, සීට් එකක් ඉල්ලන් නැත්තෙ ඒකයි.හදිස්සියේ කවුරු හරි දැකලා සීට් එකක් දුන්නොත් හැර අපිවත් දන්නෙ නෑ බැහැල යනතෙක්.
ReplyDeleteආබාධිත සොල්දාදුවෙකුට පිහිටවෙලා ලැබෙන සතුට වඩා සතුටක් තවත් නැහැ.
/* අලේ මට මාරම කම්මැලි කමක් ආවා නෙව බ්ලොගේ ලියන්න පහුගිය දවස් ටිකේ.
ReplyDelete*/
කාට කාටත් ඔය රයිටර්ස් බ්ලොක් එක එනවා!
ගොඩාක් අයට එයාලාව අමතක කරලා, ඒ වගේ ම එයාලා ව අමතක කරවන විදියේ වැඩත් ඒ සමහරු නොකරනවා නෙවෙයි, ඒත් සමස්තය එහෙම නෑ කියලා අපි මතක තියාගන්නෝන!
ReplyDeleteහොරෙක්ට නම ඉතින් රන විරුවත් එකයි රජතුමත් එකයි හොරාගේ වැඩේ හොරවැඩ කිරීම ..
ReplyDeleteසඳමාලි බස් එකේ නම් ආයේ යන්ඩ එපා අනේ
රනවිරුවන්ගේ අගේ කස්ටියට දැන් ටික ටික මතක නැති වේගෙනයි එන්නේ ..
කියල වැඩක්නෑ ඔබා.. මම සඳමාලි හෙව්ව හැමතැනම...
ReplyDeleteඇත්තටම හරිම දුක හිතෙන සිද්දියක්... අද අපේ රටේ මේ වගේ තරුණ කොල්ලො මොනතරම් කියල ඉන්නවද..... කාලකණ්ණි යුද්දෙ අපට ඉතුරු කරල තියෙන්නෙ ඕව තමා....
ReplyDeleteහරිම සංවේදී කතාවක් නගේ..බස්වල යනකොට මේ වගේ සොරකම් නම් අප්‍රමාණයි..
ReplyDeleteදුක හිතෙන කතාවක්.
ReplyDeleteසඳමාලි කීවේ බස් එකට නේද?...:D
රට රැකගන්න ගිහින් එහෙමඋනාට රටේම්නිස්සු එයාලව රැකගන්නෙනැ,(යුද්දෙ ඉවරනිසාද දන්නෙනැ)
ReplyDeleteමේ වගේ සිද්දි අනන්තයි දැන්..යුද්දේ කාලේ තිබ්බ ගෞරවය දැන් නෑ ...
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා...
පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
ReplyDeleteනෙළුම් විලක් සේ සුවද සැදේවා!
වසන්තයක් සේ දිවි සරු වේවා!
මේ නව වසරේ කිරි ඉතිරේවා!
සඳමාලි හොයල හොයල අන්තිමට කමෙන්ට් වල ඉන්නව දැක්ක :D
ReplyDeleteඅනේ...........
ReplyDeleteතවම යුද්ධේ ඉවර වෙලා අවුරුදු කීපයයි..ඒත් තව දශකයක් දෙකක් යනකොට තත්වේ ගැන හිතලවත් බලන්න පුළුවන්ද..?
ReplyDeleteදැන් යුද්ධේ ඉවරයිනේ නගේ . . . දැන් එයාලගෙන් අපිට වැඩක් නෑනේ . . ඒක දන්න නිසානේ ලොක්ක යුද්දෙට නායකත්වය දුන්නු පොරක්වත් හිර ගෙදරම දාලා අයින් කරලම දැම්මේ . . . අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා හිතල රටේ ජනාදිපති දුන්නු ආදර්ශය හිතට අරන් අපිත් සොල්දාදුවන්ව අමතක කලාම හිතට සැපයි . . .
ReplyDelete@බට්ටි - ඕව කියන්න බෑ බට්ටි. ඉවර වුන ගමන් අමතක වුන අයත් ඉන්නෙ ඕනෙ තරම්…
ReplyDelete@හිතුවක්කාරි - ඔව් අනේ පුදුම කම්මැලි කමක්.
මොනවා කරන්නද හිතූ නගේ. වෙලා තියෙන්නෙ ඕක තමා.
@Kasun - කියලා වැඩක් නෑ මල්ලි. තව කල් යනකොට මොනවා වෙයිද…..
@Dinesh - ඇත්ත මල්ලි. හරි දුකයි.
සඳමාලිය ගැන නං කතා කරල වැඩක් නෑ සඳුද උදේට...ඔයිට එහා ඔය වෙලාවට මදුශාන් කියන ලදරම ආවම. ඒක දවසක් හරියට ගියොත් අනිත් දවසෙ කොට උඩ....
ReplyDeleteකොහොම උනත් සංවේදී සටහනක් අක්කෝ. අපේ මිනිස්සු වෙන මොන දේට නැතත් රණවිරුවන්ට තාමත් සලකනවා෴
මොනවා වුණත් ඇත්ත කතාව යුද්දේ කාලේ අපේ කට්ටිය කරේ තියාගෙන හිටපු රණවිරුවාව දැන් බිමට අත ඇරලා හුඟක් කල් :(
ReplyDelete